5
5.
5.
එවං දුතියෙන සහා මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
මෙසෙයින් (ගණවාසය ඇති කල්හි) මට දෙ වැන්නකු හා සමග වාග්භිලාපය (දෙතිස් තිරිසන් කථා) වන්නේ යැ, (ඔහු කෙරෙහි) ඇල්ම හෝ වන්නේ යැ, ආයතිභවයෙහි තෙල බිය දැක්මින් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
එවං දුතියෙන සහා මමස්සාති තණ්හාදුතියො වා හොති, පුග්ගලදුතියො වා. කථං තණ්හාදුතියො හොති’. ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා යස්සෙසා තණ්හා අප්පහීනා සො වුච්චති තණ්හාදුතියො
එවං දුතියෙන සහා මමස්ස යනු: තෘෂ්ණාව දෙ වැනි කොට ඇත්තේ හෝ පුද්ගලයකු දෙ වැනි කොට ඇත්තේ හෝ වෙයි. කිසෙයින් ‘තණ්හාදුතිය වේ’ යැ යත්: ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ....ධර්‍මතෘෂ්ණ යි, යමක්හු විසින් තෙල තෘෂ්ණාව ප්රහාණය නො කරන ලද ද හේ ‘තණ්හාදුතිය’ යි කියනු ලැබෙයි.
“තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී”ති.
තෘෂ්ණාව දෙ වැනි කොට ඇති පුරුෂ තෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ මෙ අත්බැවින් අන් අත්බවකට පැමිණීම වූ සසර නොඉක්මවා යි.
එවං තණ්හාදුතියො වා හොති.
මෙසෙයින් ‘තණ්හාදුතිය’ නම් වෙයි.
කථං පුග්ගලදුතියො හොති: ඉධෙකච්චො න අහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්නචිත්තො එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති, තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං
කිසෙයින් ‘පුද්ගලදුතිය’ වේ යැ යත්: මෙලොවැ ඇතැමෙක් අර්ත්ථ හේතුයෙන් නො වැ කාරණහේතුයෙන් නොවැ උද්ධත වූයේ නො සන්හුන් සිත් ඇත්තේ එකකුට දෙ වැන්නෙක් හෝ වෙයි, දෙදෙනකුන්හට තෙ වැන්නෙක් හෝ වෙයි තිදෙනකුන්හට සතරවැන්නෙක් හෝ වෙයි, එහිදී බොහෝ කොට හිස් බස් තෙපලයි: හේ මෙසේයි: රාජකථා චෞරකථා මහාමාත්‍ර (මහඇමැතියන් පිළිබඳ) කථා සේනා කථා භය කථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්තුකථා යානකථා ශයනකථා මාලාකථා ගන්ධකථා ඥාතිකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා
පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං කථෙති. එවං පුග්ගලදුතියො හොතීති ‘එවං දුතියෙන සහා මමස්ස’.
පුරුෂකථා ශුරකථා වීථි පිළිබඳ කථා දියතොට (හෝ කළ දැසියන් පිළිබඳ) කථා පූර්වප්රෙත (පෙර නෑයන් පිළිබඳ) කථා නානාස්වභාව (නිරර්‍ත්‍ථක) කථා ලෝකායත කථා සමුද්‍රාඛ්‍යාන කථා වෘද්ධි-හානි මෙසේ වේ යැ යන කථා කියයි. මෙසෙයින් ‘පුද්ගලදුතිය’ වේ නුයි ‘එවං දූතියෙන සභා මමස්ස’ යනු වේ.
වාචාභිලාපො අභිසජ්ජනා වා’ති වාචාභිලාපො වුච්චති බත්තිංස තිරච්ඡානකථා. සෙය්යථීදං: රාජකථං -පෙ- ඉතිභවාභවකථං. අභිසජ්ජනා වාති ද්වෙ සජ්ජනා: තණ්හාසජ්ජනා ච දිට්ඨිසජ්ජනා ච -පෙ- අයං තණ්හාසජ්ජනා -පෙ- අයං දිට්ඨිසජ්ජනාති ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’.
වාචාභිලාපො අභිසජ්ජනා වා- ‘වාචාභිලාප’ යි දෙතිස් තිරිසන් කථා කියනු ලැබෙයි. හෙ මෙසේයි: රාජකථා යැ ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා යි. අභිසජ්ජනා වා යනු: සඞ්ග දෙකෙකි: තෘෂ්ණාසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යි ... මේ තෘෂ්ණා සඞ්ග යැ...මේ දෘෂ්ටිසඞ්ග නුයි ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’ යනු වේ.
එතං භයං ආයතිං පෙක්ඛමානොති ‘භය’න්ති ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං රාජභයං චොරභයං අග්ගිභයං උදකභයං අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයං ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං ආජීවකභයං අසිලොකභයං පරිසසාරජ්ජභයං මදනභයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උබ්බෙගො උත්රාසො. එතං භයං ආයතිං පෙක්ඛමානොති එතං භයං ආයතිං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
එතං භයං ආයති. පෙක්ඛමානො- ‘භය’ යනු; ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දිය සුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා (සුසුකා) බිය දිවි පැවැතුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැතිගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැනීම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාස යි. එතං භයං ආයති. පෙක්ඛමානො යනු: තෙල බිය ආයති භවයෙහි බලමින් දැක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් විමසම්නි නුයි ‘එතං භයං ආයතිං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ එ පසේ බුදුහු:
“එවං දුතියෙන සහා මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“එවං දුතියෙන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.