6
6.
6.
කාමා භි චිත්‍රා මධුරා මනොරමා විරුප රූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
විසිතුරු වූ මධුර වූ (බාලජනයන්ගේ) සිත් අලවන්නා වූ කාමයෝ විවිධස්වභාවයෙන් සිත අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
කාමා හි චිත්‍රා මධුරා මනොරමාති ‘කාමාති’ උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. චිත්රාති නානාවණ්ණා රූපා නානාවණ්ණා සද්දා නානා වණ්ණා ගන්ධා නානා වණ්ණා රසා නානා වණ්ණා ඵොට්ඨබ්බා. ඉට්ඨා ‘කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.
කාමා හි චිත්‍රා මධුරා මනෝරමා- ‘කාමා’ යනු: උද්දාන විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාම යැ ක්ලේශකාම යැ යි. මොහු ‘වස්තු කාමයෝ’යි කියනු ලැබෙති ... මොහු ‘ක්ලේශකාමයෝ’ යි කියනු ලැබෙත්. චිත්‍රා යනු: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ නන්වැදෑරුම් වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.
මධුරාති: වුත්තං හෙතං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොත විඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා, රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං මීල්හ සුඛං පුථුජ්ජනසුඛං අනරියසුඛං, න සෙවිතබ්බං න භාවෙතබ්බං න බහුලීකාතබ්බං, භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමී”ති කාමා හි චිත්‍රා මධුරා. මනොරමාති ‘මනො’ති ‘යං චිත්තං -පෙ- තජ්ජාමනො විඤ්ඤාණධාතු, මනො රමෙන්ති ථොමෙන්ති තොසෙන්ති පහාසෙන්තී’ති ‘කාමා හි චිත්‍රා මධුරා මනොරමා’.
මධුරා- යනු: මෙ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: ‘මහණෙනි. මේ කාමගුණයෝ පස් දෙනෙක් වෙති: කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ යැ. කනින් දතයුතු ශබ්දයෝ යැ.- නැහැයෙන් දතයුතු ගන්ධයෝ යැ- දිවින් දතයුතු රසයෝ යැ.- ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණවූ කයින් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදීද මෙ සුවය නො සෙවිය යුතු නො වැඩිය යුතු පුනපුනා නො වැඩියයුතු කාම සුව යැ මීළඟ සුව යැ පුහුදුන්සුව යැ අනාර්‍ය්‍ය සුව යැයි කියනු ලැබේ. තෙල සුවයට බියවියයුතු යැ යි කියමි’. ‘කාමා හි චිත්‍රා මධුරා’ යනු වේ. මනෝරමා- ‘මනෝ’ යනු: ‘යම් සිතෙක් ... තජ්ජාමනොවිඤ්ඤාණධාතුවක් වේ ද, එයයි. සිත අලවති පසසති තුටු කෙරෙති පිනවත් නුයි ‘කාම හි චිත්‍රා මධුරා මනෝරමා’ යනු වේ.
විරූපරූපෙන මථෙන්ති චිත්තන්ති: නානාවණ්ණෙහි රූපෙහි -පෙ- නානාවණ්ණෙහි ඵොට්ඨබ්බෙහි චිත්තං මථෙන්ති තොසෙන්ති පහාසෙන්තී’ති “විරූපරූපෙන මථෙන්ති චිත්තං”.
විරූපරූපෙන මථෙන්ති චිත්තං යනු; නන්වැදෑරුම් වූ රූපයෙන්..... නන්වැදෑරුම් වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත අලළති තුටු කෙරෙති ප්රහර්ෂ කෙරෙත් නුයි ‘විරූපරූපෙන මථෙන්ති චිත්තං’ යනු වේ.
ආදීනවං කාමගුණෙසු දිස්වාති:-වුත්තං හෙතං භගවතා: ‘කො ච භික්ඛවෙ කාමානං ආදීනවො: ඉධ භික්ඛවෙ, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති: යදි මුද්දාය යදි ගණනාය යදි සඞ්ඛානෙන යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාය මීයමානො අයං භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං නාමානමෙව හෙතු.
ආදිනවං කාමගුණෙසු දිස්වා යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරැයත්: මහණෙනි, මෙ ලොව කුල පුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේවයි ගණනින් වේවයි පිණ්ඩගණනින් වේවයි කෘෂිකර්මයෙන් වේවයි වෙණෙදහමින් වේවයි ගවයන් රැකීමෙන් වේවයි ධනුශ්ශිල්පයෙන් වේවයි රාජසේවායෙන් වේවයි එක්තරා ශිල්පයෙකින් වේවයි ශීතයට පෙරටු වැ උෂ්ණයට පෙරටු වැ මැසි මදුරු වා අව් පහසින් පෙළෙමින් සාපවසින් මැරෙමින් දිවි රකි. මහණෙනි, මේ කාමයන් ගේ ප්රත්යක්ෂ ආදීනව යැ. කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධ යි.”
තස්ස චෙ භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප්ඵජ්ජන්ති සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති මොඝං වත මෙ උට්ඨානං අඵලො වත මෙ වායාමො ති. අයම්පි භික්ඛවෙ, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
මහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නො නිපයෙත් නම් ශෝක කෙරෙයි ක්ලාන්ත වෙයි වැලපෙයි උර පැහැර හඬයි. එකත්නෙන් මාගේ උත්සාහය සිස් යැ එකත්නෙන් මාගේ වෑයම අඵල යැයි සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන්ගේ ප්රත්යක්ෂ ආදීනව වෙයි කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධ යි.
තස්ස චෙ භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං න චොරා හරෙය්යුං න අග්ගි ඩහෙය්ය න උදකං වහෙය්ය න අප්පියා දායාදා හරෙය්යුන්ති. තස්ස එවං ආරක්ඛයතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති චොරා වා හරන්ති අග්ගි වා ඩහති උදකං වා වහති අප්පියා වා දායාදා හරන්ති. සො සොචති -පෙ- සම්මොහං ආපජ්ජති යම්පි මෙ අහොසි තම්පි නො නත්ථී’ති. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු -පෙ- කාමානමෙව හෙතු.
මහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නිපයෙත් නම් හෙ තෙමෙ කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හරනාහු ද, සොරු නො හරනා හු ද, ගින්න නො දවා ද, ජලය වහනය නො කෙරේ ද, අප්‍රියදායාදයෝ නො හරනාහු දැ යි ඒ භෝගයන් ගේ ආරක්ෂාව කරුණු කොට දුක් දොම්නස් විඳී. මෙසෙයින් රක්ෂණ ගෝපන කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගෙන යති, සොරු හෝ ගෙන යති, ගින්න හෝ දවයි, ජලය හෝ උල්පවා ගෙන යයි, අප්‍රියදායාදයෝ හෝ ගෙන යති. හෙතෙම ශෝක කෙරෙයි ... මට යමකුත් වී නම් එ ද නැතැ’යි විසංඥ බවට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන් ගේ සාංදෘෂ්ටික ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති ...කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
පුන ච පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති ඛත්තියා’පි ඛත්තියෙහි විවදන්ති බ්රාහ්මණා’පි බ්රාහ්මණෙහි විවදන්ති ගහපතී’පි ගහපතීහි විවදන්ති මාතා’පි පුත්තෙන විවදති පුත්තො’පි මාතරා විවදති පිතා’පි පුත්තෙන විවදති පුත්තො’පි පිතරා විවදති භාතා’පි භාගිනියා විවදති භගිනී’පි භාතරා විවදති සහායො’පි සහායෙන විවදති, තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහි’පි උපක්කමන්ති ලෙඩ්ඩුහි’පි උපක්කමන්ති දණ්ඩෙහි’පි උපක්කමන්ති සත්ථෙහි’පි උපක්කමන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට රජවරු ද රජුන් හා සමග විවාද කෙරෙති ක්ෂත්රියයෝ ද ක්ෂත්රියයන් හා සමග විවාද කෙරෙති, බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙති, ගෘහපතියෝ ද ගෘහපතියන් හා සමග විවාද කෙරෙති, මව ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද මව හා සමග විවාද කෙරෙයි, පියා ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද පියා හා සමග විවාද කෙරෙයි, බෑයා ද බූන හා සමග විවාද කෙරෙයි, බූන ද බෑයා හා සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා සමග විවාද කෙරේ. ඔහු එහි කලහ- විග්රහ- විවාදයට පැමිණියාහු උනුනට අතිනුදු පහර දෙති. කැටිනුදු පහර දෙති, දඩිනුදු පහර දෙති, සැතිනුදු පහර දෙති, ඔහු එහි දී මරණයට ද පැමිණෙති, මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන්ගේ සාංදෘෂ්ටික ආදිනවයෙකි, කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
පුන ච පරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා උභතො බ්යළ්හං සංගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානාසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතන්තෙසු. තෙ තත්ථ උසූහි’පි විජ්ඣන්ති, සත්තීහි’පි විජ්ඣන්ති, අසිනා’පි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණ මත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන දෙපසැ රැස් වැ සරයනුදු විඳිනු ලබන කල්හි සැත්දු විඳිනු ලබන කල්හි කඩු දු සිසාරනු ලබන කල්හි යුදට පිවිසෙති. ඔහු එහි සැරයෙනුදු විදුනා ලැබෙති සැතිනුදු විදුනා ලැබෙති අසිපතිනුදු හිස සිඳුනා ලැබෙති ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්රත්යක්ෂ ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
පුන ච පරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා අද්දාවලෙපනා උපකාරියො පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති සත්තීහිපි විජ්ඣන්ති. පක්කට්ඨියාපි ඔසිඤ්චන්ති අභිවග්ගෙනපි ඔමද්දන්ති අසිනාපි සීසං ඡින්දන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන සරයනුදු විදිනු ලබන කල්හි සැතුදු විදිනු ලබන කල්හි අසිපතුදු සිසාරන කල්හි තෙල් කලල් වැකි පවුරු පා වෙත දිව යෙති. ඔහු සඞ්ග්‍රාමයෙහි සරයෙනුදු විදුනා ලැබෙති, සැතිනුදු විදුනා ලැබෙති, (ඔවුනට) කකාළ ගොමිනුදු ඉස්ති, අහිවර්ග නම් යතුරිනුදු මඩිති, කඩුයෙනුදු හිස සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්රත්යක්ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
පුන චපරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු, සන්ධිම්පි ඡින්දන්ති නිල්ලොපම්පි හරන්ති එකාගාරිකම්පි කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනරාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති කසාහිපි තාළෙන්ති වෙත්තෙහිපි තාළෙන්ති අද්ධදණ්ඩුකෙහිපි තාළෙන්ති හත්ථම්පි ඡින්දන්ති -පෙ- අසිනාපි සීසං ඡින්දන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං අයම්පි භික්ඛවෙ, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට ගෘහසන්‍ධිදු සිඳුති, මහාවිලෝප ද කෙරෙති, ඒකාගාරික කමුදු කෙරෙති, කඩපළාසොරකමුදුකෙරෙති, වීරඹුසොරකමුදු කෙරෙත්, රජවරු ඔහු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළති වේවැලිනුදු තළති මුගුරිනුදු තළති අතුදු සිඳුති ... අසිපතින් හිස්දු සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්රත්යක්ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
පුන චපරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සම්පරායිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.”
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කයින් දුසිරිත් කෙරෙති, වචනයෙන් දුසිරිත් කෙරෙති, මනසින් දුසිරිත් කෙරෙත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදිත්, මහණෙනි, මෙ ද කාමයන් ගේ සාම්පරායික ආදීනව වූ කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
ආදීනවං කාමගුණෙසු දිස්වාති කාමගුණෙසු ආදීනවං දිස්වා, පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
ආදිනවං කාමගුණෙසු දිස්වා යනු: කාමගුණයෙහි ආදීනව දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘ආදීනවං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“කාමා හි චිත්‍රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“කාමා හි චිත්‍රා -පෙ- ඒකෝ වරෙ ඛග්ගවිසාණකප්පො” යි.