යෙදුමෙන් කියවන්න

11. මග‍්ගඤාණං

11. මග‍්ගඤාණං

11. මාර්‍ග ඥානය

කථං දුභතො වුට‍්ඨාන විවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

කී සෙයින් උභතොව්‍යුත්‍ථානවිවර්‍තනයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:

සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨියා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති. තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

සෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය (දෙසැට) මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟෙයි. තදනුවර්‍තක (මිථ්‍යාදෘෂ්ටිය අනුවැ පවත්නා) ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැගේ. එයින් කියනු ලැබෙයි. ‘දුභතොවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො මිච‍්ඡාසඞ‍්කප‍්පා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති. තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

අභිනිරෝපණස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පය කෙරෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි.

පරිග‍්ගහට‍්ඨෙන සම‍්මාවාචා මිච‍්ඡාවාචාය වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

පරිග්‍රහ (සතර වාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

සමුට‍්ඨානට‍්ඨෙන සම‍්මාකම‍්මන‍්තො මිච‍්ඡාකම‍්මන‍්තා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

සමුත්‍ථාන (කාරණ) භාවයෙන් සම්‍යක්කර්‍මාන්තය (ප්‍රාණවධාදි) මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාර නිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

වොදානට‍්ඨෙන සම‍්මා ආජීවො මිච‍්ඡාආජීවො වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

පරිශුද්ධභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

පග‍්ගහට‍්ඨෙන සම‍්මාවායාමො මිච‍්ඡාවායාමා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

පරිශුද්ධභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

උපට‍්ඨානට‍්ඨෙන සම‍්මාසති මිච‍්ඡාසතියා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: ‘දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

එළඹ සිටුනා බැවින් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි මිච‍්ඡාසමාධිතො වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨාන විවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් නැඟී සිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්තයන් ගෙන් ද නැඟීසිටී, එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..

සකදාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි ඔළාරිකා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.

අනාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සමිමාසමාධි අණුසහගතා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා, අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං’.

අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුසහගත (සියුම්) වූ කාමරාගසංයෝජනයෙන් ද ප්‍රතිඝසංයෝජනයෙන් ද අණුසහගත වූ කාමරාගානුශයෙන් ද ප්‍රතිඝානුශයෙන් ද නැඟීසිටී. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.

අරහත‍්තමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද‍්ධච‍්චා අවිජ‍්ජායමානානුසයා භවරාගානුසයා අවිජ‍්ජානුසයා වුට‍්ඨාති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨාති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි වුට‍්ඨාති, තෙන වුච‍්චති: දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.

අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඹෟද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..

1. “අජාතං ඣාපෙති ජාතෙන ඣානං තෙන පවුච‍්චති ඣානවිමොක‍්ඛෙ කුසලතා නානාදිට‍්ඨිසු න කම‍්පති

1. ස්වසන්තානයෙහි උපන් ලෝකෝත්තරධ්‍යානයෙන් (තත්සමඞ්ගී පුද්ගල තෙමේ) නූපන් ක්ලේශය දවයි, එකරුණෙන් එය ධ්‍යාන යයි කියනු ලැබේ. ඒ ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්ත වූ ධ්‍යානයෙහි ද විමෝක්‍ෂ සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයෙහි ද කුශල බව හේතු කොටගෙන නානා දෘෂ්ටීන්හි කම්පා නො වේ.

2. සමාදහිත්‍වා යථා චෙ විපස‍්සති විපස‍්සමානො තථා චෙ සමාදහෙ විපස‍්සනා ච සමථො තදා අහු සමානභාගා යූගනන්‍ධා වත‍්තරෙ.

2. ආලම්බනෝපවාරක්‍ෂණිකසමාධීන් අතුරෙන් එක්තරා සමාධියකින් චිත්තසමාධානය කොට යම්සේ විදර්‍ශනා කෙරේ ද, විදර්‍ශනා කරනුයේ එසෙයින් ම චිත්තසමාධානය ද කරන්නේ ය. එකල්හි විදර්‍ශනාව ද ශමථය ද වෙති. සමභාග වූ ශමථවිදර්‍ශනාධර්‍මයෝ යුගනන්‍ධ වූවාහු පවත්නාහ.

3. දුක‍්ඛා සඞ‍්ඛාරා සුඛො නිරොධොති දස‍්සනං දුභතො වුට‍්ඨිතා පඤ‍්ඤා ඵස‍්සෙති අමතං පදං

3. සංස්කාරයෝ දුඃඛයෝ යැ, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණ සුව යැ යි දර්‍ශන සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගඥානය ‘දුභතෝ වුට්ඨානපඤ්ඤා’ නමු. (ඒ ප්‍රඥාව මැ) අමෘතපද සඞ්ඛ්‍යාත නිවන ආලම්බනස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.

4. විමොක‍්ඛචරියං ජානාති නානත‍්තෙකත‍්ත කොවිදො ද‍්වින‍්නං ඤාණානං කුසලතා නානාදිට‍්ඨිසු න කම‍්පතී”ති,

4. විමෝක්‍ෂයන්ගේ නානාත්‍වයෙහි ද ඒකත්‍වයෙහි ද නිපුණ වූයේ විමොක්‍ෂප්‍රවෘත්තිය අසම්මූඪවශයෙන් දැනගනී, දර්‍ශනසඞ්ඛ්‍යාත වූ ද භාවනාසඞ්ඛ්‍යාත වූ ද ඥානද්වයයාගේ නිපුණබව හේතු කොටගෙන ශාශ්වතාදි නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති “දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.”

ඒ මාර්‍ගඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.

මග‍්ගඤාණනිද‍්දෙසො.

මාර්‍ගඥාන නිර්දේශ යි.