යෙදුමෙන් කියවන්න

11. මග‍්ගඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

11. මග‍්ගඤාණනිද‍්දෙසවණ‍්ණනා

11. මාර්ගඤාණ නිර්දේශ වර්ණනාව

මග‍්ගඤාණනිද‍්දෙසෙ මිච‍්ඡාදිට‍්ඨියා වුට‍්ඨාතීති දිට‍්ඨානුසයප‍්පහානෙන සමුච‍්ඡෙදවසෙන ද‍්වාසට‍්ඨිභෙදතො මිච‍්ඡාදිට‍්ඨිතො වුට‍්ඨාති. තදනුවත‍්තකකිලෙසෙහීති මිච‍්ඡාදිට‍්ඨිසම‍්පයොගවසෙන ච මිච‍්ඡාදිට‍්ඨිඋපනිස‍්සයෙන ච උප‍්පජ‍්ජමානෙහි මිච‍්ඡාදිට‍්ඨිඅනුවත‍්තමානෙහි නානාවිධෙහි කිලෙසෙහි. තෙන තදෙකට‍්ඨකිලෙසප‍්පහානං වුත‍්තං හොති. දුවිධඤ‍්හි එකට‍්ඨං සහජෙකට‍්ඨං පහානෙකට‍්ඨඤ‍්ච. තාය දිට‍්ඨියා සහ එකස‍්මිං චිත‍්තෙ, එකස‍්මිං පුග‍්ගලෙ වා යාව පහානා ඨිතාති තදෙකට‍්ඨා. දිට‍්ඨියා හි පහීයමානාය දිට‍්ඨිසම‍්පයුත‍්තෙසු ද‍්වීසු අසඞ‍්ඛාරිකචිත‍්තෙසු තාය දිට‍්ඨියා සහජාතා ලොභො මොහො උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා, ද‍්වීසු සසඞ‍්ඛාරිකචිත‍්තෙසු තාය දිට‍්ඨියා සහජාතා ලොභො මොහො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා සහජෙකට‍්ඨවසෙන පහීයන‍්ති. දිට‍්ඨිකිලෙසෙයෙව පහීයමානෙ තෙන සහ එකස‍්මිං පුග‍්ගලෙ ඨිතා අපායගමනීයා ලොභො දොසො මොහො මානො විචිකිච‍්ඡා ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා පහානෙකට‍්ඨවසෙන පහීයන‍්ති. ඛන්‍ධෙහීති තදනුවත‍්තකෙහෙව ඛන්‍ධෙහි, තං දිට‍්ඨිං අනුවත‍්තමානෙහි සහජෙකට‍්ඨෙහි ච පහානෙකට‍්ඨෙහි ච චතූහි අරූපක‍්ඛන්‍ධෙහි, තංසමුට‍්ඨානරූපෙහි වා සහ පඤ‍්චහි ඛන්‍ධෙහි මිච‍්ඡාදිට‍්ඨිආදිකිලෙසපච‍්චයා අනාගතෙ උප‍්පජ‍්ජිතබ‍්බෙහි විපාකක‍්ඛන්‍ධෙහි. බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහීති යථාවුත‍්තකිලෙසක‍්ඛන්‍ධතො බහිභූතෙහි සබ‍්බසඞ‍්ඛාරනිමිත‍්තෙහි. මිච‍්ඡාසඞ‍්කප‍්පා වුට‍්ඨාතීති සොතාපත‍්තිමග‍්ගෙන පහාතබ‍්බෙසු චතූසු දිට‍්ඨිසම‍්පයුත‍්තෙසු, විචිකිච‍්ඡාසහගතෙ චාති පඤ‍්චසු චිත‍්තෙසු අපායගමනීයසෙසාකුසලචිත‍්තෙසු ච මිච‍්ඡාසඞ‍්කප‍්පා වුට‍්ඨාති.

මාර්ග ඤාණ නිර්දේශයෙහි, මිච්ඡා දිට්ඨියා වුට්ඨාති යනු දෘෂ්ටි අනුසය ප්‍රහාණයෙන් මුළුමනින් නැසීම් වශයෙන් තෙසැටක් භේද වූ මිථ්‍යා දෘෂ්ටියෙන් නැගිටියි. තදනුවත්තක කිලෙසෙහි යනු මිථ්‍යාදෘෂ්ටිය හා එකට යෙදීම් වශයෙන්ද, මිථ්‍යා දෘෂ්ටිය ඇසිරි කිරීමෙන්ද, උපදිනු ලබන, මිථ්‍යා දෘෂ්ටියට අනුව පවත්නා වූ නොයෙක් ආකාර කෙලෙසුන්ගෙන්, ඉන් එහා පැවති කෙලෙස් ප්‍රහාණය යූ.සේයි. එකට පැවතීම දෙයාකාරය. හටගැන්මෙන් එකට පැවැත්ම හා ප්‍රහාණයෙන් එකට පැවැත්මයි. ඒ මිථ්‍යාදෘෂ්ටිය සමග එක් සිතක හෝ එක් පුද්ගලයෙකු කෙරෙහි හෝ ප්‍රහාණය තෙක් සිටියාහුද, එය ඒ හා සිටියාහු වෙති. මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි, මිථ්‍යා දෘෂ්ටිය හා යෙදුණු අසංඛාරික දෙසිත්හි ඒ දෘෂ්ටිය හා හටගත්, ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස්ද, සසංඛාරික දෙසිත්හි, ඒ දෘෂ්ටිය හා එකට හටගත්, ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් හටගැන්මෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙති. දෘෂ්ටි කෙලෙසුන්ම ප්‍රහීණ වන කල්හි, ඒ සමග එක් පුද්ගලයෙකු කෙරෙහි පිහිටි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මෝහ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් ප්‍රහාණයෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙයි. ඛන්‍ධෙහි යනු ඒ අනුව පවත්නා ස්කන්ධයන්ගෙන්, ඒ දෘෂ්ටිය අනුව පවත්නා සහජෙකට්ඨ හා ප්‍රහාණෙකට්ඨයන්හිද, සිව් අරූප ස්කන්ධයන්හි හා ඒ හා හටගත් රූපයන්හිද, පංචස්කන්ධයන්හිද, මිථ්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් ප්‍රත්‍යයෙන් අනාගතයෙහි ඉපදිය යුතු විපාක ස්කන්ධයන්ගෙන්, බහිද්ධාච සබ්බනිමිත්තෙහි යනු කියන ලද ආකාර කෙලෙස් ස්කන්ධයන්ගෙන්, පිටත වූ සියලු සංස්කාර නිමිතිවලින් මිච්ඡා සංකප්පා වුට්ඨාති යනු සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළයුතු, සිව් දෘෂ්ටි සම්ප්‍රයුක්තයන්හි හා විචිකිච්ඡා සහගත සිතද යන පඤ්ච චිත්තයන්හිද, අපායගමනීය සෙසු අකුසල චිත්තයන්හිද වූ මිථ්‍යා සංකල්පයෙන් නැගිටියි.

මිච‍්ඡාවාචාය වුට‍්ඨාතීති මුසාවාදතො චෙව අපායගමනීයපිසුණඵරුසසම‍්ඵප‍්පලාපෙහි ච වුට‍්ඨාති . මිච‍්ඡාකම‍්මන‍්තා වුට‍්ඨාතීති පාණාතිපාතාදින‍්නාදානමිච‍්ඡාචාරෙහි වුට‍්ඨාති. මිච‍්ඡාආජීවා වුට‍්ඨාතීති කුහනා ලපනා නෙමිත‍්තිකතා නිප‍්පෙසිකතා ලාභෙනලාභංනිජිගීසනතා, ආජීවහෙතුකෙහි වා සත‍්තහිපි කායවචීකම‍්මෙහි වුට‍්ඨාති. මිච‍්ඡාවායාමමිච‍්ඡාසතිමිච‍්ඡාසමාධීහි වුට‍්ඨානං මිච‍්ඡාසඞ‍්කප‍්පවුට‍්ඨානෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. මිච‍්ඡාසතීති ච සතියා පටිපක‍්ඛාකාරෙන උප‍්පජ‍්ජමානා අකුසලචිත‍්තුප‍්පාදමත‍්තමෙව. උපරිමග‍්ගත‍්තයෙ “දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨී”තිආදීනි අට‍්ඨ මග‍්ගඞ‍්ගානි යථා පඨමජ‍්ඣානිකෙ පඨමමග‍්ගෙ ලබ‍්භන‍්ති, තථෙව ලබ‍්භන‍්ති. තත්‍ථ පඨමමග‍්ගෙ සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨිං පජහතීති සම‍්මාදිට‍්ඨි. සම‍්මාසඞ‍්කප‍්පාදයොපි මිච‍්ඡාසඞ‍්කප‍්පාදීනං පජහනට‍්ඨෙනෙව වෙදිතබ‍්බා. එවං සන‍්තෙ පඨමමග‍්ගෙනෙව ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතානං පහීනත‍්තා උපරිමග‍්ගත‍්තයෙන පහාතබ‍්බා දිට‍්ඨි නාම නත්‍ථි.

මිච්ඡා වාචාය වුට්ඨති යනු මුසාවාදයෙන්ද, අපායගමනීය, පිසුන, ඵරුස, සම්ඵප්පලාපයන්ගෙන්ද නැගිටියි. මිච්ඡා කම්මන්තා වුට්ඨාති යනු ප්‍රාණඝාත, අදින්නාදාන, මිච්ඡාචාරයන්ගෙන් නැගිටියි. මිච්ඡාජීවා වුට්ඨාති යනු නැතිගුණ පෙන්වීම, චාටුබස් කීම, ශුභාශුභ නිමිති කීම, අන් ගුණ සුණුවිසුණු කිරීම, ලාභයෙන් ලාභය සෙවීම හා ආජීව හේතුවූ සත්වැදෑරුම් කාය වාග් කර්මයන්ගෙන් නැගිටියි. මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධීන්ගෙන් නැගිටීම මිථ්‍යා සංකල්ප වුට්ඨානයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුය. මිථ්‍යා සති යනු සිහියට විරුද්ධාකාරයෙන් උපදිනු ලබන අකුසල චිත්තොත්පාද මාත්‍රයමය. මතු මාර්ගත්‍රයයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨි යනාදී අට මාර්ගයන්ගෙන්, ප්‍රථමධ්‍යානිකයෝ ප්‍රථම ධ්‍යානයෙහිදී යම්සේ ලබත්ද, එසේම ලබති. එහි ප්‍රථම මාර්ගයෙහි සම්‍යග් දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය දුරුකෙරේනුයි සම්‍යග් දෘෂ්ටියි. සම්‍යග් සංකල්පාදීහුද, මිථ්‍යා සංකල්පාදීන්ගේ දුරුකිරීමේ අර්ථයෙන්ම දතයුත්තාහ. මෙසේ ඇතිකල්හි, ප්‍රථම මාර්ගයෙන්ම දෙසැටක් දෘෂ්ටිගතයන්ගේ ප්‍රහීණ වූ හෙයින්, මතු මාර්ගත්‍රයයෙන් ප්‍රහාණය කළයුතු දෘෂ්ටියක් නම් නැත.

තත්‍ථ සම‍්මාදිට‍්ඨීති නාමං කථං හොතීති? යථා විසං අත්‍ථි වා හොතු මා වා, අගදො අගදොත්‍වෙව වුච‍්චති, එවං මිච‍්ඡාදිට‍්ඨි අත්‍ථි වා හොතු මා වා, අයං සම‍්මාදිට‍්ඨි එව නාම. යදි එවං නාමමත‍්තමෙවෙතං හොති, උපරිමග‍්ගත‍්තයෙ පන සම‍්මාදිට‍්ඨියා කිච‍්චාභාවො ආපජ‍්ජති, මග‍්ගඞ‍්ගානි න පරිපූරෙන‍්ති. තස‍්මා සම‍්මාදිට‍්ඨි සකිච‍්චකා කාතබ‍්බා, මග‍්ගඞ‍්ගානි පරිපූරෙතබ‍්බානීති. සකිච‍්චකා චෙත්‍ථ සම‍්මාදිට‍්ඨි යථාලාභනියමෙන දීපෙතබ‍්බා. උපරිමග‍්ගත‍්තයවජ‍්ඣො හි එකො මානො අත්‍ථි, සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති, සා තං මානං පජහතීති සම‍්මාදිට‍්ඨි. සොතාපත‍්තිමග‍්ගස‍්මිඤ‍්හි සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨිං පජහති. සොතාපන‍්නස‍්ස පන සකදාගාමිමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි, තං මානං පජහතීති සම‍්මාදිට‍්ඨි. තස‍්සෙව සත‍්තඅකුසලචිත‍්තසහජාතො සඞ‍්කප‍්පො අත්‍ථි, තෙහෙව චිත‍්තෙහි වාචඞ‍්ගචොපනං අත්‍ථි, කායඞ‍්ගචොපනං අත්‍ථි, පච‍්චයපරිභොගො අත්‍ථි, සහජාතවායාමො අත්‍ථි, අස‍්සතියභාවො අත්‍ථි, සහජාතචිත‍්තෙකග‍්ගතා අත්‍ථි, එතෙ මිච‍්ඡාසඞ‍්කප‍්පාදයො නාම. සකදාගාමිමග‍්ගෙ සම‍්මාසඞ‍්කප‍්පාදයො තෙසං පහානෙන සම‍්මාසඞ‍්කප‍්පාදයොති වෙදිතබ‍්බා. එවං සකදාගාමිමග‍්ගෙ අට‍්ඨඞ‍්ගානි සකිච‍්චකානි හොන‍්ති. සකදාගාමිස‍්ස අනාගාමිමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි, සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති. තස‍්සෙව සත‍්තහි චිත‍්තෙහි සහජාතා සඞ‍්කප‍්පාදයො අත්‍ථි. තෙසං පහානෙන අනාගාමිමග‍්ගෙ අට‍්ඨන‍්නං අඞ‍්ගානං සකිච‍්චකතා වෙදිතබ‍්බා. අනාගාමිස‍්ස අරහත‍්තමග‍්ගවජ‍්ඣො මානො අත්‍ථි, සො දිට‍්ඨිට‍්ඨානෙ තිට‍්ඨති. යානි පනස‍්ස පඤ‍්ච අකුසලචිත‍්තානි, තෙහි සහජාතා සඞ‍්කප‍්පාදයො අත්‍ථි. තෙසං පහානෙන අරහත‍්තමග‍්ගෙ අට‍්ඨන‍්නං අඞ‍්ගානං සකිච‍්චකතා වෙදිතබ‍්බා.

එහි ‘සම්මා දිට්ඨි’ යන නම කෙසේ වේද? යම්සේ විෂ ඇතියේ හෝ නොමැතියේ හෝ වේවා, බෙහෙත බෙහෙතමයැයි කියනු ලැබේ. මෙසේ මිථ්‍යා දෘෂ්ටිය ඇතියේ හෝ වේවා, නොමැතියේ හෝ වේවා මෙය සම්‍යග් දෘෂ්ටියම නමැ. ඉදින් එය නාම මාත්‍රයක්ම වේද? මතු මාර්ගත්‍රයයෙහි වනාහි සම්‍යග් දෘෂ්ටියෙහි කෘත්‍යය අභාවයට පැමිණේ. මාර්ගාංග සම්පූර්ණ නොකෙරේ. එහෙයින් සම්‍යග් දෘෂ්ටිය තම කෘත්‍යයන් කළයුතුය. මාර්ගාංග සම්පූර්ණ කළයුත්තාහුය. මෙහි තම කෘත්‍යයන් සම්‍යග් දෘෂ්ටි ලැබෙන අයුරින් දැක්විය යුත්තාහ. මතු මාර්ගත්‍රයයෙන් නැසිය යුතු එක් මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. ඕ ඒ මානය දුරුකරන්නීනුයි සම්‍යග් දෘෂ්ටියි. සෝවාන් මාර්ගයෙහිදී සම්‍යග් දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටිය දුරුකරයි. සෝවාන් වූවහුට, සකෘදාගාමි මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. ඒ මානය දුරුකෙරේනුයි සම්‍යග් දෘෂ්ටියි. එහිම සත් අකුසල් සිත් සමග එකට හටගත් සංකල්පයක් ඇත. ඒ සිත් සමග වාචාංග සෙලවීමක් ඇත. ශරීරාංග සෙලවීමක් ඇත. ප්‍රත්‍ය පරිභෝගය ඇත. සහජාත ව්‍යයාමය ඇත. සිහි නැති ස්වභාවය ඇත. එකට හටගත් සිතෙහි එකඟබව ඇත. ඒවා මිථ්‍යා සංකල්පාදීහු නමැ. සකෘදාගාමි මාර්ගයෙහි සම්‍යග් සංකල්පාදීහු, ඒවාහි ප්‍රහාණයෙන් සම්‍යග් සංකල්පාදීන් බවට පත්වේයයි දතයුත්තාහ. මෙසේ සකෘදාගාමි මාර්ගයෙහි අෂ්ටාංගයෝ ස්වකෘත්‍යකාරී වෙති. සකෘදාගාමීහුට අනාගාමි මාර්ගයෙන් නැසියයුතු මානය ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටියි. එහි සත් චිත්තයන් සමග එකට හටගත් සංකල්පාදීහු ඇත. ඒවාහි ප්‍රහාණයෙන් අනාගාමි මාර්ගයෙහි අෂ්ටාංගයන්ගේ තම කෘත්‍ය කරන ලදැයි දතයුත්තාහ. අනාගාමීහුට අර්හත් මාර්ග වධ්‍ය මානය ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. යම් ඒ පස්වැදෑරුම් අකුසල චිත්තයන් වන්නේද, ඒවා සමග හටගත් සංකල්පාදීහු ඇත. ඒවාහි ප්‍රහාණයෙන් අර්හත් මාර්ගයෙහි අෂ්ටාංගයන්ගේ ස්වකීය කෘත්‍ය කරන ලදැයි දතයුත්තාහ.

ඔළාරිකාති කායවචීද‍්වාරෙ වීතික‍්කමස‍්ස පච‍්චයභාවෙන ථූලභූතම‍්හා. කාමරාගසඤ‍්ඤොජනාති මෙථුනරාගසඞ‍්ඛාතා සඤ‍්ඤොජනා. සො හි කාමභවෙ සඤ‍්ඤොජෙතීති සඤ‍්ඤොජනන‍්ති වුච‍්චති. පටිඝසඤ‍්ඤොජනාති බ්‍යාපාදසඤ‍්ඤොජනා. සො හි ආරම‍්මණෙ පටිහඤ‍්ඤතීති පටිඝන‍්ති වුච‍්චති. තෙ එව ථාමගතට‍්ඨෙන සන‍්තානෙ අනුසෙන‍්තීති අනුසයා. අණුසහගතාති අණුභූතා, සුඛුමභූතාති අත්‍ථො. තබ‍්භාවෙ හි එත්‍ථ සහගතසද‍්දො. සකදාගාමිස‍්ස හි කාමරාගබ්‍යාපාදා ද‍්වීහි කාරණෙහි අණුභූතා අධිච‍්චුප‍්පත‍්තියා ච පරියුට‍්ඨානමන්‍දතාය ච. තස‍්ස හි බාලපුථුජ‍්ජනස‍්ස විය කිලෙසා අභිණ‍්හං න උප‍්පජ‍්ජන‍්ති, කදාචි කරහචි උප‍්පජ‍්ජන‍්ති. උප‍්පජ‍්ජමානා ච බාලපුථුජ‍්ජනස‍්ස විය මද‍්දන‍්තා ඵරන‍්තා ඡාදෙන‍්තා අන්‍ධඅන්‍ධං කරොන‍්තා න උප‍්පජ‍්ජන‍්ති, ද‍්වීහි පන මග‍්ගෙහි පහීනත‍්තා මන්‍දමන්‍දා තනුකාකාරා හුත්‍වා උප‍්පජ‍්ජන‍්ති, වීතික‍්කමං පාපෙතුං සමත්‍ථා න හොන‍්ති. එවං තනුභූතා අනාගාමිමග‍්ගෙන පහීයන‍්ති රූපරාගාති රූපභවෙ ඡන්‍දරාගා. අරූපරාගාති අරූපභවෙ ඡන්‍දරාගා. මානාති උන‍්නතිලක‍්ඛණා. උද‍්ධච‍්චාති අවූපසමලක‍්ඛණා. අවිජ‍්ජායාති අන්‍ධලක‍්ඛණාය. භවරාගානුසයාති රූපරාගාරූපරාගවසෙන පවත‍්තභවරාගානුසයා.

ඔළාරිකා යනු කාය වාක් ද්වාරයන්හි ව්‍යතික්‍රමණයට ප්‍රත්‍යය භාවයෙන් ස්ථුල වූ හෙයින් කාමරාග සඤ්ඤොජනා යනු මෛථුනරාග සංඛ්‍යාත සංයෝජනයෙන් එය කාමයන්හි එක්කොට බඳීනුයි සඤ්ඤොජනයයි. යූ.සේයි. පටිඝ සඤ්ඤොජනා යනු ව්‍යාපාද සංයෝජනයයි. එය අරමුණෙහි හැපේනුයි පටිඝයයි යූ.සේයි. ඒවාම ශක්තිමත් භාවයට පත් අර්ථයෙන් සන්තානයෙහි අත්නොහැර පවත්නා හෙයින් අනුසයයි. අණු සහගතා යනු ඉතා කුඩා, සියුම් වූ යන අර්ථයි. මෙහි සහගත ශබ්දය එබැව්හි යන අර්ථයි. සකෘදාගාමිහුගේ කාමරාග ව්‍යාපාද, නිරායාසයෙන් හටගැනීමෙන් නැගී සිටීම මඳ හෙයින්ද යන දෙකරුණින් සියුම් වූවාහුය. ඔහුට අඥාන පෘථග්ජනයාට මෙන් නිතර කෙලෙස් නූපදී. සමහර අවස්ථාවන්හි උපදී. උපදිනුයේද, අඥාන පෘථග්ජනයාට මෙන්, මඩින, පතුරුවන-වසන අන්ධ කරන ස්වභාවයෙන් නූපදී. දෙමගින් ප්‍රහීණ හෙයින්, මන්දමන්දව සියුම් ආකාර වී උපදී. ව්‍යතික්‍රමණයට පමුණුවන්ට සමත් නොවේ. මෙසේ තුනී වූයේ අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වේ. රූපරාගා යනු, රූපභවයෙහි ඇලීමයි. අරූපරාගා යනු, අරූප භවයන්හි ඇලීමයි. මානා උඩඟුවීම් ලක්‍ෂණයයි. උද්ධච්ච යනු නොසන්සුන් ලක්‍ෂණයයි. අවිජ්ජාය යනු, අන්ධ ලක්‍ෂණයයි. භවරාගානුසයා යනු රූපරාග අරූපරාග වශයෙන් භවයන් පිළිබඳව අප්‍රකටව පවත්නා ආශාව.

ඉදානි මග‍්ගඤාණසංවණ‍්ණනං කරොන‍්තො අජාතං ඣාපෙතීතිආදිමාහ. තත්‍ථ ච අජාතං ඣාපෙති ජාතෙන, ඣානං තෙන පවුච‍්චතීති අත‍්තනො සන‍්තානෙ පාතුභූතෙන තෙන තෙන ලොකුත‍්තරජ‍්ඣානෙන තංසමඞ‍්ගීපුග‍්ගලො අජාතමෙව තං තං කිලෙසං ඣාපෙති දහති සමුච‍්ඡින්‍දති, තෙන කාරණෙන තං ලොකුත‍්තරං ඣානන‍්ති පවුච‍්චතීති අත්‍ථො. ඣානවිමොක‍්ඛෙ කුසලතාති තස‍්මිං අරියමග‍්ගසම‍්පයුත‍්තෙ විතක‍්කාදිකෙ ඣානෙ ච විමොක‍්ඛසඞ‍්ඛාතෙ අරියමග‍්ගෙ ච අසම‍්මොහවසෙන කුසලතාය පඨමමග‍්ගෙනෙව පහීනාසු නානාදිට‍්ඨීසු න කම‍්පති. ඣානං නාම දුවිධං ආරම‍්මණූපනිජ‍්ඣානඤ‍්ච ලක‍්ඛණූපනිජ‍්ඣානඤ‍්ච. ලොකියපඨමජ‍්ඣානාදිකං කසිණාදිආරම‍්මණූපනිජ‍්ඣානට‍්ඨෙන ඣානං, විපස‍්සනාසඞ‍්ඛාරානං සභාවසාමඤ‍්ඤලක‍්ඛණූපනිජ‍්ඣානට‍්ඨෙන ඣානං, ලොකුත‍්තරං නිබ‍්බානෙ තථලක‍්ඛණූපනිජ‍්ඣානට‍්ඨෙන ඣානං. ඉධ පන ගොත්‍රභුනාපි සාධාරණං ලක‍්ඛණූපනිජ‍්ඣානට‍්ඨං අනාමසිත්‍වා අසාධාරණෙන කිලෙසඣාපනට‍්ඨෙන ඣානං වුත‍්තං. විමොක‍්ඛට‍්ඨො පනෙත්‍ථ නිබ‍්බානාරම‍්මණෙ සුට‍්ඨු අධිමුච‍්චනට‍්ඨො කිලෙසෙහි ච සුට‍්ඨු මුච‍්චනට‍්ඨො.

දැන් මාර්ග ඤාණ සංවර්ණනාව කරනුයේ, අජාතංඣාපෙති ආදිය වදාළහ. එහිද, අජාතං ඣාපෙති ජාතෙන ඣානං තෙන පවුච්චති යනු: තම සන්තානයෙහි පහළ වූ ලෝකෝත්තර ධ්‍යානයෙන් ඒ හා යුක්ත වූ පුද්ගල තෙමේ, නූපන්නා වූම ඒ ඒ කෙලෙස් දවයි. දහනය කරයි. සිඳ දමයි. ඒ කාරණයෙන් එය ලෝකෝත්තර ධ්‍යානයයි කියනු ලැබේ යයි අර්ථයි. ඣාන විමොක්ඛෙ කුසලතා යනු ඒ ආර්යමාර්ග සම්ප්‍රයුක්ත වූ විතර්කාදී ධ්‍යානයෙහිද, විමෝක්‍ෂ සංඛ්‍යාත ආර්ය මාර්ගයෙහිද, නුමුලාවීම් වශයෙන් කුසල බව හේතුකොටගෙන, ප්‍රථම මාර්ගයෙන්ම ප්‍රහීණ වූ නොයෙක් දෘෂ්ටීන්හි කම්පා නොවේ. ධ්‍යානය නම් දෙවදෑරුම්ය. ආරම්මණ උපනිධ්‍යානය, ලක්‍ෂණ උපනිධ්‍යානය වශයෙනි. ලෞකික ප්‍රථමධ්‍යානාදිය කසිණාදී අරමුණු නැවත නැවත සිතන අර්ථයෙන් ධ්‍යාන නමැ. විදර්ශනාව සංස්කාරයන්ගේ ස්වභාව සමාන ලක්‍ෂණ නැවත නැවත සිතන අර්ථයෙන් ධ්‍යාන නමැ. ලෝකෝත්තරය, නිර්වාණයෙහි සත්‍යය ලක‍්ෂණ නැවත නැවත සිතන අර්ථයෙන් ධ්‍යාන නමැ. මෙහි වනාහි ගොත්‍රභූ හා සාධාරණ වූ ලක්‍ෂණ, නැවත නැවත සිතීම් අර්ථය ස්පර්ශ නොකොට, සාධාරණ නොවූ අයුරින් කෙලෙස් දවන අර්ථයෙන් ධ්‍යානයයි යූ.සේයි. මෙහි විමොක්‍ෂාර්ථය වනාහි නිර්වාණාරම්මණයෙහි මනාව ස්ථිර ලෙස පිහිටන අර්ථයි. කෙලෙසුන්ගෙන් මනාව මිදෙන අර්ථයි.

සමාදහිත්‍වා යථා චෙ විපස‍්සතීති අප‍්පනූපචාරඛණිකසමාධීනං අඤ‍්ඤතරෙන සමාධිනා පඨමං චිත‍්තසමාධානං කත්‍වා පච‍්ඡා යථා විපස‍්සති ච. සමුච‍්චයත්‍ථො චෙ-සද‍්දො විපස‍්සනං සමුච‍්චිනොති. විපස‍්සමානො තථා චෙ සමාදහෙති විපස‍්සනා නාමෙසා ලූඛභූතා නිරස‍්සාදා, සමථො ච නාම සිනිද‍්ධභූතො සඅස‍්සාදො. තස‍්මා තාය ලූඛභූතං චිත‍්තං සිනෙහෙතුං විපස‍්සමානො තථා ච සමාදහෙ. විපස‍්සමානො පුන සමාධිං පවිසිත්‍වා චිත‍්තසමාධානඤ‍්ච තථෙව කරෙය්‍ය, යථෙව විපස‍්සනන‍්ති අත්‍ථො. ඉධ චෙ-සද‍්දො සමාදහනං සමුච‍්චිනොති. උභයත්‍ථාපි ගාථාබන්‍ධානුවත‍්තනෙන චෙ-කාරො කතො, අත්‍ථො පන ච-කාරත්‍ථො එව. විපස‍්සනා ච සමථො තදා අහූති යස‍්මා සමථවිපස‍්සනානං යුගනද‍්ධභාවෙ සති අරියමග‍්ගපාතුභාවො හොති, තස‍්මා අරියමග‍්ගජනනසමත්‍ථත‍්තා යදා තදුභයසමායොගො හොති, තදා විපස‍්සනා ච සමථො ච අහු, සමථවිපස‍්සනා භූතා නාම හොතීති අත්‍ථො. තා ච සමථවිපස‍්සනා අරියමග‍්ගාභිමුඛීකාලෙ ච මග‍්ගක‍්ඛණෙ ච සමානභාගා යුගනද‍්ධා වත‍්තරෙ සමානො සමො භාගො කොට‍්ඨාසො එතෙසන‍්ති සමානභාගා, යුගෙ නද‍්ධා වියාති යුගනද‍්ධා, අඤ‍්ඤමඤ‍්ඤං අනතිවත‍්තනට‍්ඨෙන සමධුරා සමබලාති අත්‍ථො. විත්‍ථාරො පනස‍්ස යුගනද‍්ධකථායං ආවිභවිස‍්සති.

සමාහිත්‍වා යථාචෙ විපස්සති යනු අර්පණා, උපචාර, ක්‍ෂණික, සමාධීන් අතර එක්තරා සමාධියකින් පළමුව සිත එක්තැන්කොට පසුව සුදුසු පරිදි විදර්ශනා කරයි. මෙහි ‘ච’ ශබ්දය එක් කිරීම් අර්ථයි. විදර්ශනාව එක් කරයි. විපස්සමානො තථාචෙ සමාදහෙති යනු මේ විදර්ශනා නම් රූක්‍ෂ වූයේ, ආස්වාද රහිතය. සමථය නම් සිනිඳු වූයේ ආස්වාද සහිතය. එහෙයින් විදර්ශනා කරනුයේ, එසෙයින්ම චිත්ත සමාධානයද කරන්නේය. විදර්ශනා කරනුයේ නැවත සමාධියට ප්‍රවිශ්ටව චිත්ත සමාධානය යම්සේ කරන්නේද, එසේම විදර්ශනාවද කරයි යන අර්ථයි. ගාථා ඛන්ධනයට අනුව චෙකාරය කරන ලදි. අර්ථය චකාරාර්ථය මය. විපස්සනාච සමථො තදා අහු යනු සමථ විදර්ශනාවන්ගේ එකට බැඳී පවත්නා ස්වභාවය ඇතිකල්හි ආර්ය මාර්ගය පහළවීම වේ. ආර්ය මාර්ගය ඉපදවීමට සමත් හෙයිනි. යම්කලෙක එම ක්‍රම එකට යෙදීම වේද, එකල්හි විදර්ශනාවද, සමථයද වන්නාහුය. සමථ විදර්ශනා වූවාහු නම් වෙතියි අර්ථයි. සමථ විදර්ශනා ආර්ය මාර්ගාභිමුඛ කාලයෙහිද, මාර්ගක්‍ෂණයෙහිද, සමානභාගා යුගනද්ධා වත්තරෙ යනු සමාන වූ, සමවූ භාගයක්, කොටසක් ඒවාටනුයි සමානභාග නම් වේ. වියදණ්ඩෙහි එකට බඳිනා ලද්දේ මෙන් වූයේනුයි යුගනද්ධායි. ඔවුනොවුන් නොඉක්මවන අර්ථයෙන් සම වීර්යය, සමබල යන අර්ථයි. මෙහි විස්තරය යුගනද්ධ කථායෙහි ප්‍රකට වන්නේය.

දුක‍්ඛා සඞ‍්ඛාරා සුඛො, නිරොධො ඉති දස‍්සනං. දුභතො වුට‍්ඨිතා පඤ‍්ඤා, ඵස‍්සෙති අමතං පදන‍්ති දුක‍්ඛා සඞ‍්ඛාරා, සුඛො නිරොධො නිබ‍්බානන‍්ති පටිපන‍්නස‍්ස තතො නිබ‍්බානදස‍්සනං අරියමග‍්ගඤාණං දුභතො වුට‍්ඨිතා පඤ‍්ඤා නාම. සා එව ච පඤ‍්ඤා අමතං පදං නිබ‍්බානං ආරම‍්මණඵුසනෙන ඵුසති, පටිලභතීති අත්‍ථො. නිබ‍්බානඤ‍්හි අතප‍්පකට‍්ඨෙන අමතසදිසන‍්ති අමතං, නාස‍්ස මතං මරණං වයො අත්‍ථීතිපි අමතං, පුබ‍්බභාගතො පට‍්ඨාය මහතා උස‍්සාහෙන මහතියා පටිපදාය පජ‍්ජති පටිපජ‍්ජීයතීති පදන‍්ති වුච‍්චති.

දුක්ඛා සංඛාරා සුඛො නිරොධොති දස්සනං දුභතො වුට්ඨිතා පඤ්ඤා ඵස්සෙති අමතංපදං යනු සංස්කාර දුක්ඛය. නිරෝධ සංඛ්‍යාත නිවන සුවයැයි පිළිපන්නහුට ඉන්වන නිර්වාණ දර්ශන සංඛ්‍යාත ආර්ය මාර්ග ඤාණය, දෙකින් නැගී සිටුනා ලද ප්‍රඥාව නමැ. එම ප්‍රඥා තොමෝ අමෘත පද නිර්වාණය අරමුණු ස්පර්ශයෙන් ස්පර්ශ කරයි. ලබයි යන අර්ථයි. නිර්වාණය වනාහි නොතැවෙන අර්ථයෙන් අමෘතය හා සමානනුයි අමතංයි. මළ, මැරුණු, විනාශය මෙයට නොමැත්තේනුයි අමතංයි. පූර්වභාගයෙහි පටන් මහත් උත්සාහයෙන් මතහ් ප්‍රතිපදාවෙන් පිළිපදී. පිළිපදීනුයි පදයයි යූ.සේයි.

විමොක‍්ඛචරියං ජානාතීති විමොක‍්ඛපවත‍්තිං අසම‍්මොහවසෙන ජානාති, පච‍්චවෙක‍්ඛණවසෙන ජානාති. “දුභතො වුට‍්ඨානො විමොක‍්ඛො, දුභතො වුට‍්ඨානා චත‍්තාරො විමොක‍්ඛා, දුභතො වුට‍්ඨානානං අනුලොමා චත‍්තාරො විමොක‍්ඛා, දුභතො වුට‍්ඨානපටිප‍්පස‍්සද‍්ධි චත‍්තාරො විමොක‍්ඛා”ති හි උපරි විමොක‍්ඛකථායංයෙව (පටි· ම· 1.209 ආදයො) ආගතා විමොක‍්ඛචරියා වෙදිතබ‍්බා. තෙසං විත්‍ථාරො තත්‍ථෙව ආගතො. නානත‍්තෙකත‍්තකොවිදොති තෙසං විමොක‍්ඛානං නානාභාවෙ එකභාවෙ ච කුසලො. දුභතො වුට‍්ඨානවිමොක‍්ඛවසෙන හි තෙසං එකත‍්තං, චතුඅරියමග‍්ගවසෙන නානත‍්තං, එකෙකස‍්සාපි වා අරියමග‍්ගස‍්ස අනුපස‍්සනාභෙදෙන නානත‍්තං, අරියමග‍්ගභාවෙන එකත‍්තං වෙදිතබ‍්බං. ද‍්වින‍්නං ඤාණානං කුසලතාති දස‍්සනසඞ‍්ඛාතස‍්ස ච භාවනාසඞ‍්ඛාතස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං ඤාණානං කුසලතාය. දස‍්සනන‍්ති හි සොතාපත‍්තිමග‍්ගො. සො හි පඨමං නිබ‍්බානදස‍්සනතො දස‍්සනන‍්ති වුත‍්තො. ගොත්‍රභු පන කිඤ‍්චාපි පඨමතරං නිබ‍්බානං පස‍්සති, යථා පන රඤ‍්ඤො සන‍්තිකං කෙනචිදෙව කරණීයෙන ආගතො පුරිසො දූරතොව රථිකාය චරන‍්තං හත්‍ථික‍්ඛන්‍ධගතං රාජානං දිස‍්වාපි “දිට‍්ඨො තෙ රාජා”ති පුට‍්ඨො දිස‍්වා කත‍්තබ‍්බකිච‍්චස‍්ස අකතත‍්තා “න පස‍්සාමී”ති ආහ, එවමෙව නිබ‍්බානං දිස‍්වා කත‍්තබ‍්බස‍්ස කිලෙසප‍්පහානස‍්සාභාවා න “දස‍්සන”න‍්ති වුච‍්චති. තඤ‍්හි ඤාණං මග‍්ගස‍්ස ආවජ‍්ජනට‍්ඨානෙ තිට‍්ඨති. භාවනාති සෙසමග‍්ගත‍්තයං. තඤ‍්හි පඨමමග‍්ගෙන දිට‍්ඨස‍්මිංයෙව ධම‍්මෙ භාවනාවසෙන උප‍්පජ‍්ජති, න අදිට‍්ඨපුබ‍්බං කිඤ‍්චි පස‍්සති, තස‍්මා “භාවනා”ති වුච‍්චති. හෙට‍්ඨා පන භාවනාමග‍්ගස‍්ස අපරිනිට‍්ඨිතත‍්තා “ද‍්වින‍්නං ඤාණාන”න‍්ති අවත්‍වා සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිමග‍්ගලාභිනො සන්‍ධාය “ඣානවිමොක‍්ඛෙ කුසලතා”ති වුත‍්තං, අරහත‍්තමග‍්ගලාභිනො පන භාවනාමග‍්ගස‍්ස පරිනිට‍්ඨිතත‍්තා “ද‍්වින‍්නං ඤාණානං කුසලතා”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

විමොක්ඛ චරියං ජානාති විමෝක්‍ෂ ප්‍රවෘත්තිය මුළා නොවීම් වශයෙන්, දැනගනී. ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් දැනගනී. දෙඅයුරින් නැගී සිටුනා විමෝක්‍ෂය, දෙඅයුරින් නැගී සිටුනා සිව් විමෝක්‍ෂයන්, දෙඅයුරින් නැගිටීම්වලට අනුලොම් සිව් විමෝක්‍ෂයන් දෙඅයුරින් නැගී සිටුනා සන්සිඳීම් සිව් විමෝක්‍ෂයන්දැයි, මතු විමෝක්‍ෂ කථායෙහිම පැමිණි විමෝක්‍ෂ චර්යා දතයුත්තාහ. එහි විස්තර එහිම ආයේය. නානත්තෙ එකත්ත කොවිදො යනු ඒ විමෝක්‍ෂයන්ගේ නානත්‍වයෙහිද, ඒකත්‍වයෙහිද, දක්‍ෂතාව දෙඅයුරින් නැගී සිටුනා විමෝක්‍ෂ වශයෙන් ඒවාහි ඒකත්‍වයද, චතුරාර්ය සත්‍ය මාර්ග වශයෙන් නානත්‍වයද, එක් එක් ආර්ය මාර්ගයෙහි නැවත නැවත බලන භේදයෙන් නානත්‍වයද, ආර්ය මාර්ග භාවයෙන් ඒකත්‍වයද දතයුතුය. ද්වින්නං ඤාණානං කුසලතා යනු දර්ශන සංඛ්‍යාත වූද, භාවනා සංඛයාත වූද, මේ ඤාණ ද්වයාගේ නිපුණතායෙන්; දස්සනං යනු සෝවාන් මාර්ගයයි. එය පළමුවෙන් නිර්වාණය දක්නා හෙයින් දස්සන යයි යූ.සේයි. ගෝත්‍රභූ ප්‍රථමයෙන්ම නිර්වාණය දකියි. යම්සේ වනාහි කිසියම් කළයුතු දැයක් සඳහා පැමිණි පුරුෂයා දුරින් ඇතුපිට නැගී, රථයෙහි සරණ, රජු, දිටියේ නමුත්, නුඹ රජ දිටීදැයි විමසන ලදුයේ, දැක කළයුතු කෘත්‍යය නොකළ හෙයින් නොදකිමියි කීයේය. එපරිද්දෙන්ම නිර්වාණය දැක කළයුතු කෙලෙස් ප්‍රහාණයාගේ අභාවය හෙයින් දර්ශනය නොවේයයි කියනු ලැබේ. එම ඤාණය මාර්ගයාගේ ආවර්ජන ස්ථානයෙහි සිටියි. භාවනා යනු සෙසු මාර්ගත්‍රයයි. එය ප්‍රථම මාර්ගයෙන් දුටුවා වූම ධර්මයෝ භාවනා වශයෙන් උපදිති. නොදුටුවිරූ කිසිවක් නොදකියි. එහෙයින් භාවනායයි යූ.සේයි. යට භාවනා මාර්ගයාගේ නොනිමි හෙයින් ද්වි ඤාණයන්ගේ යයි නොකියා, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි මාර්ගලාභීන් සඳහා ධ්‍යාන විමෝක්‍ෂයන්හි දක්‍ෂතාවයයි යූ.සේයි. අර්හත් මාර්ගලාභීන් භාවනා මාර්ගයාගේ නිමි හෙයින්, ද්විඤාණයන්ගේ දක්‍ෂතාවයයි. යූ.සේයි.

මග‍්ගඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

මාර්ගඤාණ නිර්දේශ වර්ණනාව නිමි.