10. ගොත්රභුඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
10. ගොත්රභුඤාණනිද්දෙසවණ්ණනා
10. ගෝත්‍රභූ ඤාණ නිර්දේශ වර්ණනාව
ගොත්රභුඤාණනිද්දෙසෙ අභිභුය්යතීති අභිභවති අතික්කමති. බහිද්ධා සඞ්ඛාරනිමිත්තන්ති සකසන්තානප්පවත්තඅකුසලක්ඛන්ධතො බහිද්ධාභූතං සඞ්ඛාරනිමිත්තං. ලොකිකසඞ්ඛාරා හි කිලෙසානං නිමිත්තත්තා, නිමිත්තාකාරෙන උපට්ඨානතො වා නිමිත්තන්ති වුච්චන්ති. අභිභුය්යතීති ගොත්රභූති ච පුථුජ්ජනගොත්තාභිභවනතො ගොත්රභුභාවො වුත්තො. පක්ඛන්දතීති ගොත්රභූති අරියගොත්තභාවනතො ගොත්රභුභාවො වුත්තො. අභිභුය්යිත්වා පක්ඛන්දතීති ගොත්රභූති උභො අත්ථෙ සමාසෙත්වා වුත්තං. වුට්ඨාතීති ගොත්රභූති ච විවට්ටතීති ගොත්රභූති ච මාතිකාය වුට්ඨානවිවට්ටනපදානුරූපෙන පුථුජ්ජනගොත්තාභිභවනත්ථොයෙව වුත්තො. සමථවසෙන වුත්තගොත්රභූනං පන නීවරණාදිගොත්තාභිභවනතො ගොත්රභූති, “සොතාපත්තිඵලසමාපත්තත්ථායා”තිආදීසු ඡසු සමාපත්තිවාරෙසු උප්පාදාදිගොත්තාභිභවනතො ගොත්රභූති, “සකදාගාමිමග්ගං පටිලාභත්ථායා”තිආදීසු තීසු මග්ගවාරෙසු සොතාපන්නාදිගොත්තාභිභවනතො ගොත්රභූති අත්ථො වෙදිතබ්බො. ගොත්තත්ථො චෙත්ථ බීජත්ථො. වත්තනිපකරණෙ කිර වුත්තං – ගොත්තං වුච්චති නිබ්බානං සබ්බපරිපන්ථෙහි ගුත්තත්තා, තං පටිපජ්ජතීති ගොත්රභූති, අට්ඨ සමාපත්තියොපි ගොත්තං ගොත්රභුපරිපන්ථෙහි ගුත්තත්තා, තං ගොත්තං පටිපජ්ජතීති ගොත්රභූති වුත්තං. “චතුන්නං මග්ගානංයෙව ගොත්‍රභු නිබ්බානාරම්මණං, චතස්සන්නං ඵලසමාපත්තීනං ගොත්‍රභු සඞ්ඛාරාරම්මණං ඵලසමාපත්තිනින්නත්තා”ති වදන්ති. වුත්තඤ්හෙතං විසුද්ධිමග්ගෙ – “තස්ස පවත්තානුපුබ්බවිපස්සනස්ස සඞ්ඛාරාරම්මණගොත්රභුඤාණානන්තරං ඵලසමාපත්තිවසෙන නිරොධෙ චිත්තං අප්පෙතී”ති (විසුද්ධි· 2.863). තෙනෙවෙත්ථ මග්ගවාරෙසු සොළසමං කත්වා ගහිතස්ස බහිද්ධාසඞ්ඛාරනිමිත්තපදස්ස සමාපත්තිවාරෙසු ඡට්ඨං කත්වා ගහණං න කතන්ති වෙදිතබ්බං. ඉතරථා හි මූලපදගහණෙන ගහෙතබ්බං භවෙය්ය.
ගෝත්‍රභූ ඤාණ නිර්දේශයෙහි, අභිභුය්ය යනු මැඩපවත්වයි. ඉක්මවයි. බහිද්ධා සංඛාර නිමිත්තං යනු ස්වකීය සන්තානයෙහි පවත්නා අකුසල ස්කන්ධයෙන් පිටත වූ සංස්කාර නිමිත්ත. ලෞකික සංස්කාර වනාහි, කෙලෙසුන්ට නිමිති බැවින්ද, නිමිති ආකාරයෙන් වැටහෙන හෙයින් නිමිත්ත යයි කියති. අභිභුය්යතීති ගොත්රභූ යනු පෘථග්ජන ගෝත්‍රය මැඩපවත්වන හෙයින් ගෝත්රභූභාවය යූ.සේයි. පක්ඛන්දතීති ගොත්රභූ යනු ආර්ය ගෝත්‍රය වඩන හෙයින්ද, ගෝත්රභූභාවය යූ.සේයි. අභිභුයිත්වා, පක්ඛන්දතීති ගොත්රභූ යනු අර්ථද්වය කෙටිකොට යූ.සේයි. වුට්ඨාතීති ගොත්රභූ පෙරැළේ යන ශීර්ෂ පාඨයෙහි නැගිටීම් පෙරැළීම් පදානු රූපයෙන් පෘථග්ජන ගෝත්‍රය මැඩපවත්වන අර්ථයම යූ.සේයි. සමථ වශයෙන් කියන ලද ගෝත්රභූන්ගේ වනාහි, නීවරණාදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින්ද, ගෝත්‍රභූ යනු සෝවාන්ඵල සමාපත්ති සඳහායයි ආදීන්හි ෂට් සමාපත්ති වාරයන්හි උත්පාදාදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින් ගෝත්‍රභූයි, සකෘදාගාමි මාර්ග ප්‍රතිලාභය සඳහා යයි ආදී මාර්ග වාරයන්හි සෝවාන් ආදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින් ගෝත්රභූයයි අර්ථය දතයුතුය. මෙහි ගෝත්රාර්ථයෙහි බීජාර්ථය වැටේ. ප්‍රකරණයෙහි යූ.සේයි. නිර්වාණය සියලු උවදුරුවලින් ආරක්ෂා වී ඇති හෙයින් ගෝත්‍රයයි කියනු ලැබේ. එය පිළිපදීනුයිද ගෝත්‍රභූයි. උවදුරුවලින් ආරක්ෂා වී ඇති හෙයින් අට සමවත්ද ගෝත්රයි. ඒ ගෝත්‍රයට පිළිපදී (බසී) නුයි ගෝත්‍රභූයි යූ.සේයි. සතර මාර්ගයන්හිම ගෝත්‍රභූ නිවන අරමුණුකොට ඇත. සිව්ඵල සමාපත්තීන්ගේ ගෝත්‍රභූ, සංස්කාරාරම්මණ වූයේ, ඵල සමාපත්ති ප්‍රවණතාව බැවින් යයි කියති. විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. එහි පැවති අනුපූර්ව විදර්ශනාව, සංස්කාරාරම්මණ ගෝත්‍රභූ ඤාණයන්ට අනතුරුව ඵලසමාපත්ති වශයෙන් නිරෝධයෙහි සිත පමුණුවයි. එහෙයින්ම මෙහි මාර්ග වාරයන්හි සොළොස්වෙනි කොටගත්, පිටත සංස්කාර නිමිති පදයෙහි සමාපත්ති වාරයන්හි සයවෙනි කොට ග්‍රහණය කරන ලදැයි දතයුතුය. අනෙක් අයුරින් මුල්පද ග්රහණයෙන් ගතයුතු වන්නේය.
අඤ්ඤෙ පන “යො නිබ්බානෙ පඨමාභොගො පඨමසමන්නාහාරො, අයං වුච්චති ගොත්රභූ”ති වදන්ති. තං ඵලං සන්ධාය න යුජ්ජති. පන්නරස ගොත්රභුධම්මා කුසලාති එත්ථ අරහතො අභිභවිතබ්බනීවරණාභාවතො විතක්කවිචාරාදීනං සුඛෙනෙව පහාතබ්බභාවතො ච අභිභවනට්ඨෙන ගොත්රභුනාමං නාරහන්තීති කත්වා ගොත්රභූනං අබ්යාකතතා න වුත්තාති වෙදිතබ්බා. අරහතා පන ඵලසමාපත්තිං සමාපජ්ජන්තෙන සඞ්ඛාරෙ අනභිභුය්ය සමාපජ්ජිතුං න සක්කාති “තයො ගොත්රභුධම්මා අබ්යාකතා”ති වුත්තා. කෙචි පන “අට්ඨ සමාපත්තියො නිබ්බෙධභාගියා එව ඉධ නිද්දිට්ඨා, තස්මා අට්ඨ සමාපත්තිගොත්රභූ කුසලා හොන්තී”ති වදන්ති. තථා සඞ්ඛාරුපෙක්ඛායපි වෙදිතබ්බං.
අනෙකුත් අය, නිර්වාණයෙහි, යම් ප්‍රථම සිතා බැලීමක්, ප්‍රථම එක්තැන් කිරීමක් වේද? මෙය ගෝත්රභූයයි කියනු ලැබේයයි කියති. එය ඵලය සඳහා නොයෙදේ. ‘පණ්ණරස ගොත්රභූධමමා කුසලා’ යන මෙහි රහතන් වහන්සේට මැඩපැවැත්විය යුතු නීවරණ නොමැති හෙයින් පහසුවෙන්ම විතර්ක විචාරාදීන්ගේ ප්රහාණය කළයුතු හෙයින්ද මැඩපැවැත්වීම් අර්ථයෙන් ගෝත්‍රභූ නාමය සුදුසු නොවෙත්යයි කොට ගෝත්රභූන්ට අව්යාකෘතතාවක් නොකියන ලදැයි යූ.සේයි. ඵලසමවතට සමවදින රහතන් වහන්සේ විසින් සංස්කාරයන් මැඩ නොපවත්වා සමවදින්ට නොහැකිවේනුයි ගෝත්‍රභූ ධර්මත්රය අව්යාකෘතයයි යූ.සේයි. සමහරු මෙහි නොදක්වන ලද ආර්ය මාර්ගයන්ගේ වශයෙන් අෂ්ට සමාපත්ති තියුණු අවබෝධය සහිත යයි කියති. එහෙයින් අටසමවත් ගෝත්‍රභූ කුසල් වේ යයි කියති. සංස්කාරෝපේක්ෂායෙහිද එසේමය.
සාමිසඤ්චාතිආදීසු වට්ටාමිසලොකාමිසකිලෙසාමිසානං කිලෙසාමිසෙන සාමිසං සනිකන්තිකත්තා. කිං තං? අට්ඨවිධං සමථගොත්රභුඤාණං. වට්ටාමිසන්ති චෙත්ථ තෙභූමකවට්ටමෙව. ලොකාමිසන්ති පඤ්ච කාමගුණා. කිලෙසාමිසන්ති කිලෙසා එව. නිරාමිසන්ති දසවිධං විපස්සනාගොත්රභුඤාණං අනිකන්තිකත්තා. න හි අරියා ගොත්රභුස්මිං නිකන්තිං කරොන්ති. පොත්ථකෙ “සාමිසඤ්චෙ”ති ලිඛන්ති, තං න සුන්දරතරං. එවමෙව පණිහිතඤ්ච අප්පණිහිතං සඤ්ඤුත්තඤ්ච විසඤ්ඤුත්තං වුට්ඨිතඤ්ච අවුට්ඨිතං වෙදිතබ්බං. නිකන්තිපණිධියා හි පණිහිතං පත්ථිතන්ති අත්ථො. තදභාවෙන අප්පණිහිතං . නිකන්තිසඤ්ඤොගෙනෙව සඤ්ඤුත්තං. තදභාවෙන විසඤ්ඤුත්තං. වුට්ඨිතන්ති විපස්සනාගොත්රභුඤාණමෙව. තඤ්හි නිකන්තිච්ඡෙදකත්තා වුට්ඨිතං නාම. ඉතරං අවුට්ඨිතං. බහිද්ධා වුට්ඨානත්තා වා වුට්ඨිතං. ඵලගොත්රභුපි හි නිබ්බානජ්ඣාසයවසෙන නිබ්බානාභිමුඛීභූතත්තා බහිද්ධාසඞ්ඛාරනිමිත්තා වුට්ඨිතං නාමාති වෙදිතබ්බං. හෙට්ඨාභිභවනවුට්ඨානවිවට්ටනවාරෙසුපි ඵලගොත්රභු අජ්ඣාසයවසෙන නිබ්බානාභිමුඛීභූතත්තා අභිභුය්යති වුට්ඨාති විවට්ටතීති වෙදිතබ්බං. තිණ්ණං විමොක්ඛාන පච්චයාති තිණ්ණං ලොකුත්තරවිමොක්ඛානං සමථගොත්රභු පකතූපනිස්සයපච්චයා හොන්ති, විපස්සනාගොත්රභු අනන්තරසමනන්තරූපනිස්සයපච්චයා හොන්ති. පඤ්ඤා යස්ස පරිච්චිතාති පුබ්බභාගපඤ්ඤා යස්ස පරිචිතා පරිචිණ්ණා. කුසලො විවට්ටෙ වුට්ඨානෙති අසම්මොහවසෙනෙව විවට්ටසඞ්ඛාතෙ ගොත්රභුඤාණෙ කුසලො ඡෙකො, පුබ්බභාගඤාණෙන වා කුසලො. නානාදිට්ඨීසු න කම්පතීති සමුච්ඡෙදෙන පහීනාසු නානප්පකාරාසු දිට්ඨීසු න වෙධතීති.
සාමිසං වා යනාදීන්හි වට්ටාමිස, ලොකාමිස, කිලෙසාමිසයන් අතර, කෙලෙසුන්ට ආහාර වශයෙන් සාමිසයි. තෘෂ්ණා සහිත බැවිනි. එය කිමෙක්ද? අටවැදෑරුම් සමථ ගෝත්‍රභූ ඤාණයයි. වට්ටාමිසං යනු ත්‍රෛභූමික වෘත්තමය ලොකාමිසං යනු පස්කම් ගුණයෝය. කිලෙසාමිසං යනු කෙලෙස්මය. නිරාමිසං යනු දසවැදෑරුම් ගෝත්‍රභූ ඤාණයයි. තෘෂ්ණා නොමැති හෙයිනි. ආර්යයෝ ගෝත්‍රභූ තෘෂ්ණා නොකරති. පොත්වල ‘සාමිසංචෙ’ යයි ලියති. එය සුන්දරතර නොවේ. එපරිද්දෙන්ම පණිහිත, අප්පණිහිත, සඤ්ඤුත්ත, විසඤ්ඤුත්ත, වුට්ඨිත, අවුට්ඨිත දතයුතුය. තෘෂ්ණා ප්රාර්ථනායෙහි පණිහිතං පිහිටියේ යයි අර්ථයි. එහි අභාවයෙහි අප්රණිහිතංයි තෘෂ්ණා සංයෝගයෙන්ම යුක්ත වූයේ සඤ්ඤුත්තංයි, එහි අභාවයෙන් විසඤ්ඤුතංයි. වුට්ඨිතං යනු විදර්ශනා ගෝත්‍රභූ ඤාණයමය. එය තෘෂ්ණාව සිඳින හෙයින් වුට්ඨිත නමැ. එහි අභාවය අවුට්ඨිත නමැ. පිටත නැගී සිටුනා හෙයින් හෝ වුට්ඨිතයි. ඵලගෝත්රභූහිද, නිර්වාණධ්යාශය වශයෙන් නිර්වාණාභිමුඛව වූ හෙයින්, පිටත සංස්කාර නිමිත්තෙන් නැගිටියේ නමැයි දතයුතුය. යට මැඩපැවැත්වීම් වශයෙන් නැගී සිටුනා, එයට පාරාම්මුඛ වූ හෙයින් මැඩපවත්වයි. නැගී සිටියි. පරාම්මුඛ වේයයි දතයුතුය. තිණ්ණං විමොක්ඛානං පච්චයා යනු ත්‍රිවිධ ලෝකෝත්තර විමෝක්‍ෂයන්ගේ, සමථ ගෝත්‍රභූ ද්වයට, පකති උපනිශ්‍රය ප්‍රත්‍යය වෙකි. විදර්ශනා ගෝත්‍රභූ ද්වයට අනන්තර, උපනිශ්‍රය ප්‍රත්‍යය වෙති. පඤ්ඤා යස්ස පරිචිතා යනු යමෙකුට පූර්වභාග ප්‍රඥාව පුරුදු කරන ලද්දේ, මනාව පුරුදු කරන ලද්දේ වේද? කුසලො විවට්ටෙ වුට්ඨානෙති නුමුලා වීම් වශයෙන් විවට්ට සංඛ්‍යාත ගෝත්‍රභූ ඤාණයෙහි කුසලතා ඇත්තේ, දක්ෂ වූයේ, පූර්වභාග ඤාණයෙන් හෝ නිපුණවූයේ, නානා දිට්ඨිසු න කම්පති යනු මුළුමනින් නැසීමෙන් ප්‍රහීණ වූ නානාප්‍රකාර දෘෂ්ටීන්හි කම්පා නොවේ.
ගොත්රභුඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ගෝත්‍රභූ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.