යෙදුමෙන් කියවන්න

13. විමුත‍්තිඤාණං

13. විමුත‍්තිඤාණං

13. විමුක්ති ඥානය

කථං ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්තිඤාණං:

කිසෙයින් ඒ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමුච්ඡින්න වූ උපක්ලේශයන් පසුව බැලීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන වෙයි යත්:

සොතාපත‍්තිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බත පරාමාසො, දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො, අත‍්තනො චිත‍්තස‍්ස උපක‍්කිලෙසා සම‍්මාසමුච‍්ඡින‍්නා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි උපක‍්කිලෙසෙහි සපරියුට‍්ඨානෙහි චිත‍්තං විමුත‍්තං හොති සුවිමුත‍්තං. තංවිමුත‍්ති ඤාතට‍්ඨෙන ඤාණං, පජානට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්ති ඤාණං.

ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සක්කායදාෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ (සමුච්ඡේදප්‍රහාණයෙන් අනුත්පාදනිරෝධයෙන්) මැනැවින් සිඳුනා ලද්දාහු වෙති, පර්‍ය්‍යුත්‍ථාන සහිත වූ මේ පඤ්චොපක්ලේශයන් කෙරෙන් සිත විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.

සකදාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගසඤ‍්ඤොජනං, පටිඝසඤ‍්ඤොජනං ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො අත‍්තනො චිත‍්තස‍්ස උපක‍්කිලෙසා සම‍්මා සමුච‍්ඡින‍්නා හොන‍්ති, ඉමෙහි චතූහි උපක‍්කිලෙසෙහි පරියුට‍්ඨානෙහි චිත‍්තං විමුත‍්තං හොති සුවිමුත‍්තං. තංවිමුත‍්ති ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති. ‘ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්ති ඤාණං.

සකෘදාගාමිමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ ඖදාරික කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයා ගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතරඋපක්ලේශයන් කෙරෙන් චිත්තය සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.

අනාගාමිමග‍්ගෙන අණුසහගතං අණුසහගතං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො අත‍්තනො චිත‍්තස‍්ස උපක‍්කිලෙසා සම‍්මා සමුච‍්ඡින‍්නා හොන‍්ති, ඉමෙහි චතූහි උපක‍්කිලෙසෙහි සපරියුට‍්ඨානෙහි චිත‍්තං විමුත‍්තං හොතී සුමුත‍්තං. තංවිමුත‍්ති ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති: ‘ඡින‍්නවට‍්ටමනුපසනෙ පඤ‍්ඤා විමුත‍්ති ඤාණං.

අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතර උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඥාණං” යි.

අරහත‍්තමග‍්ගෙන රූපරාගො අරූපරාගො මානො උද‍්ධච‍්චං අවිජ‍්ජා මානානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො අත‍්තනො චිත‍්තස‍්ස උපක‍්කිලෙසා සම‍්මා සමුච‍්ඡින‍්නා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි උපක‍්කිලෙසෙහි සපරියුට‍්ඨානෙහි චිත‍්තං විමුත‍්තං හොති සුවිමුත‍්තං, තංවිමුත‍්ති ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති: ‘ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්තිඤාණං.’

අර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ මානානුශය යැ භවරාගානුශය යැ අවිජ්ජානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වු මේ අට උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති: ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්තිඤාණං.

ඒ විමුක්තිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.

විමුත‍්තිඤාණනිද‍්දෙසො.

විමුක්තිඥාන නිර්දේශ යි.