යෙදුමෙන් කියවන්න

14. පච‍්චවෙක‍්ඛනඤාණං

14. පච‍්චවෙක‍්ඛනඤාණං

14. ප්‍රත්‍යවේක්‍ෂා ඥානය

කථං තදා සමුදාගතෙ ධම‍්මෙ පස‍්සනෙ පඤ‍්ඤා පච‍්චවෙක‍්ඛනෙ ඤාණං:

කිසෙයින් ඒ මාර්‍ග-ඵලක්‍ෂණයෙහි ප්‍රතිලාභ-ප්‍රතිවේධ වශයෙන් පැමිණි මාර්‍ගඵලධර්‍මයන් ද චතුස්සත්‍යධර්‍මයන් ද දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි යත්:

සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො තදා සමුදාගතො, පරිග‍්ගහට‍්ඨෙන සම‍්මාවාචා තදා සමුදාගතා, සමුට‍්ඨානට‍්ඨෙන සම‍්මාකම‍්මන‍්තො තදා සමුදාගතො, වොදානට‍්ඨෙන සම‍්මාආජීවො තදා සමුදාගතො, පග‍්ගහට‍්ඨෙන සම‍්මාවායාමො තදා සමුදාගතො, උපට‍්ඨානට‍්ඨෙන සම‍්මාසති තදා සමුදාගතො, අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි තදා සමුදාගතො.

ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (පරිඥාභිසමයාදි ලක්‍ෂණයෙන් චතුස්සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි (හේතුයෙන්) පහළවූ යැ, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්ප තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයෙ යැ, පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, සමුත්‍ථාන (කාරණ) භාවාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත තෙමේ ඒ මඟ කෙණෙහි සමුදාගත යැ, පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව තෙමේ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයේ යැ.

උපට‍්ඨානට‍්ඨෙන සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, පවිචයට‍්ඨෙන ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, පග‍්ගහට‍්ඨෙන විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, ඵරට‍්ඨෙන පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, උපසමට‍්ඨෙන පස‍්සිද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො, පටිසඞ‍්ඛානට‍්ඨෙන උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො තදා සමුදාගතො.

උපස්ථාන (-අරමුණට පැමිණ සිටුනා) භාවයෙන් ස්මෘතිසම්සම්බොධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ස්ඵරණාර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ.

අස‍්සද‍්ධියෙ අකම‍්පියට‍්ඨෙන සද‍්ධාබලං තදා සමුදාගතං, කොසජ‍්ජෙ අකම‍්පියට‍්ඨෙන විරියබලං තදා සමුදාගතං, පමාදෙ අකම‍්පියට‍්ඨෙන සතිබලං තදා සමුදාගතං උද‍්ධච‍්චෙ අකම‍්පියට‍්ඨෙන සමාධිබලං තදා සමුදාගතං අවිජ‍්ජාය අකම‍්පියට‍්ඨෙන පඤ‍්ඤාබලං තදා සමුදාගතං.

අශ්‍රද්ධායෙහි අචලාර්‍ත්‍ථයෙහි ශ්‍රද්ධාබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, කෞෂීද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රමාදයෙහි අචලාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය එකෙණෙහි සමුදාගත යැ, ඖද්ධත්‍යයෙහි අචලාර්‍ත්‍ථයෙන් සමාධිබලය එකෙණෙහි සමුදාගත යැ, අවිද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය එකෙණෙහි සමුදාගත යැ.

ආධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං තදාසමුදාගතං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං තදා සමුදාගතං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං තදා සමුදාගතං අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං තදා සමුදාගතං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං තදා සමුදාගතං.

අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය එකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ.

ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියා තදා සමුදාගතා, අකම‍්පියට‍්ඨෙන බලා තදා සමුදාගතා නිය්‍යානට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගා තදා සමුදාගතා, හෙතුට‍්ඨෙන මග‍්ගො තදා සමුදාගතො, උපට‍්ඨානට‍්ඨෙන සතිපට‍්ඨානා තදා සමුදාගතා, පදහනට‍්ඨෙන සම‍්මප‍්පධානා තදා සමුදාගතා, ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධිපාදා තදා සමුදාගතා, තථට‍්ඨෙන සච‍්චා තදා සමුදාගතා, අවික‍්ඛෙපට‍්ඨෙන සමථො තදා සමුදාගතො, අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා තදා සමුදාගතා, එකරසට‍්ඨෙන සමථවිපස‍්සනා තදා සමුදාගතා, අනතිවත‍්තනට‍්ඨෙන යුගනන්‍ධං තදා සමුදාගතං, සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධි තදා සමුදාගතා, අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධි තදා සමුදාගතා, දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධි තදා සමුදාගතා, විමුත‍්තට‍්ඨෙන විමොක‍්ඛා තදා සමුදාගතා, පටිවෙධට‍්ඨෙන විජ‍්ජා තදා සමුදාගතා, පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්ති තදා සමුදාගතා, සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං.

අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහු යැ, අචලභාවාර්‍ත්‍ථයෙන් බලයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් සම්බෝධ්‍යඞ්ගයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය තෙමේ එකෙණෙහි සමුදාගතය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගතයෝ යැ, සමෘද්ධිභාවයෙන් ඍද්ධිපාදයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවිසංවාදකාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය එකෙණෙහි සමුදාගත යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා තොමෝ එකෙණෙහි සමුදාගත යැ, ඒකකෘත්‍යභාවයෙන් ශමථවිදර්‍ශනා එකෙණෙහි සමුදාගත යැ, (ඔවුනොවුන්)නො ඉක්මැ පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය එකෙණෙහි සමුදාගත යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපභාවයෙන් චිත්තවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, විමුක්ත (-කෙලෙසුන් කෙරෙන් මිදුණු) බැවින් විමෝක්‍ෂයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, සත්‍ය ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව එකෙණෙහි සමුදාගත යැ, (ක්ලේශයන්ගේ) පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය එකෙණෙහි සමුදාගත යැ, ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) ඥානය එකෙණෙහි සමුදාගත යැ.

ඡන්‍දො මූලට‍්ඨෙන තදා සමුදාගතො, මනසිකාරො සමුට‍්ඨානට‍්ඨෙන තදා සමුදාගතො, ඵස‍්සො සමොධානට‍්ඨෙන තදා සමුදාගතො, වෙදනා සමොසරණට‍්ඨෙන තදා සමුදාගතා, සමාධි පමුඛට‍්ඨෙන තදා සමුදාගතො, සති ආධිපතෙය්‍යට‍්ඨෙන තදා සමුදාගතා, පඤ‍්ඤා තදුත‍්තරට‍්ඨෙන තදා සමුදාගතා, විමුත‍්ති සාරට‍්ඨෙන තදා සමුදාගතා, අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන තදා සමුදාගතං, වුට‍්ඨහිත්‍වා පච‍්චවෙක‍්ඛති. ඉමෙ ධම‍්මා තදා සමුදාගතා.

කුශලධර්‍මයන් ගේ කත්තුකම්‍යතා ඡන්‍ද තෙමේ (ප්‍රතිපත්තියට ද නිෂ්පත්තියට ද මූල හෙයින්) මූලාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත්‍ථාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ. ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යමාර්‍ග ප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයනට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්තිය (ස්ථිර හෙයින්) සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමෘත හෙයින් සත්නට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය (ශාසනයාගේ නිෂ්ඨාව හෙයින්) පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, (ඵලාවසානයෙහි) නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.

සොතාපත‍්තිඵලක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො තදා සමුදාගතො -පෙ- පටිපස‍්සද‍්ධට‍්ඨෙන අනුප‍්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්‍දො මූලට‍්ඨෙන තදා සමුදාගතො, මනසිකාරො සමුට‍්ඨානට‍්ඨෙන තදා සමුදාගතො, ඵස‍්සො සමොධානට‍්ඨෙන තදා සමුදාගතො, වෙදනා සමොසරණට‍්ඨෙන තදා සමුදාගතා, පඤ‍්ඤා තදුත‍්තරට‍්ඨෙන තදා සමුදාගතා, විමුත‍්ති සාරට‍්ඨෙන තදා සමුදාගතා, අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන තදා සමුදාගතං, වුට‍්ඨහිත්‍වා පච‍්චවෙක‍්ඛති. ඉමෙ ධම‍්මා තදා සමුදාගතා.

ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යඵලප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයන්ට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්ති තොමෝ සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලාවසානයෙහි නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.

සකදාගාමිමග‍්ගක‍්ඛණෙ -පෙ- සකදාගාමිඵලක‍්ඛණෙ -පෙ- අනාගාමිමග‍්ගක‍්ඛණෙ -පෙ- අනාගාමිඵලක‍්ඛණෙ -පෙ- අරහත‍්තමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි තදා සමුදාගතා, -පෙ- සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං. ඡන්‍දො මූලට‍්ඨෙන තදා සමුදාගතො, -පෙ- අමතගොධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන තදා සමුදාගතං, වුට‍්ඨහිත්‍වා පච‍්චවෙක‍්ඛති. ඉමෙ ධම‍්මා තදා සමුදාගතා.

සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්‍හත්ත්‍වමාර්‍ගක්‍ෂණයෙහි ... දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.

අරහත‍්තඵලක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි තදා සමුදාගතා. -පෙ- පටිප‍්පස‍්සද‍්ධට‍්ඨෙන1 අනුප‍්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්‍දො මූලට‍්ඨෙන තදා සමුදාගතො, -පෙ- අමතගොධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන තදා සමුදාගතං, වුට‍්ඨහිත්‍වා පච‍්චවෙක‍්ඛති. ඉමෙ ධම‍්මා තදා සමුදාගතා.

අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළ වූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි පහළ වූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති තදා සමුදාගතෙ ධම‍්මෙ පස‍්සනෙ පඤ‍්ඤා පච‍්චවෙක‍්ඛනෙ ඤාණං.’

ඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “තදා සමුදාගතෙ ධම්මේ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණ ඤාණං”යී.

පච‍්චිවෙක‍්ඛනඤාණනිද‍්දෙසො.

ප්‍රත්‍යවේක්‍ෂාඥානනිර්දේශ යි.