යෙදුමෙන් කියවන්න

14. පච‍්චවෙක‍්ඛණඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

14. පච‍්චවෙක‍්ඛණඤාණනිද‍්දෙසවණ‍්ණනා

14. ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ නිර්දේශ වර්ණනාව

පච‍්චවෙක‍්ඛණඤාණනිද‍්දෙසෙ මග‍්ගක‍්ඛණෙයෙව හෙතුට‍්ඨෙන පඨමං මග‍්ගඞ‍්ගානි විසුං විසුං වත්‍වා පුන මග‍්ගඞ‍්ගභූතෙ ච අමග‍්ගඞ‍්ගභූතෙ ච ධම‍්මෙ “බුජ‍්ඣනට‍්ඨෙන බොධී”ති ලද‍්ධනාමස‍්ස අරියස‍්ස අඞ‍්ගභාවෙන බොජ‍්ඣඞ‍්ගෙ විසුං දස‍්සෙසි. සතිධම‍්මවිචයවීරියසමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගා හි මග‍්ගඞ‍්ගානෙව, පීතිපස‍්සද‍්ධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගා අමග‍්ගඞ‍්ගානි. පුන බලවසෙන ඉන්‍ද්‍රියවසෙන ච විසුං නිද‍්දිට‍්ඨෙසු සද‍්ධා එව අමග‍්ගඞ‍්ගභූතා. පුන මග‍්ගක‍්ඛණෙ ජාතෙයෙව ධම‍්මෙ රාසිවසෙන දස‍්සෙන‍්තො ආධිපතෙය්‍යට‍්ඨෙනාතිආදිමාහ. තත්‍ථ උපට‍්ඨානට‍්ඨෙන සතිපට‍්ඨානාති එකාව නිබ‍්බානාරම‍්මණා සති කායවෙදනාචිත‍්තධම‍්මෙසු සුභසුඛනිච‍්චඅත‍්තසඤ‍්ඤාපහානකිච‍්චසාධනවසෙන චත‍්තාරො සතිපට‍්ඨානා නාම. නිබ‍්බානාරම‍්මණං එකමෙව වීරියං උප‍්පන‍්නානුප‍්පන‍්නානං අකුසලානං පහානානුප‍්පත‍්තිකිච‍්චස‍්ස, අනුප‍්පන‍්නුප‍්පන‍්නානං කුසලානං උප‍්පාදට‍්ඨිතිකිච‍්චස‍්ස සාධනවසෙන චත‍්තාරො සම‍්මප‍්පධානා නාම.

ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ නිර්දේශයෙහි, මාර්ගක්‍ෂණයෙහිම, හේතු අර්ථයෙන් පළමුව මාර්ගාංගයන් වෙන් වෙන්ව කියා, නැවත මාර්ගාංග වූද, මාර්ගාංග නුවූද ධර්මයන්, අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියැයි ලද නම් ඇති ආර්යයාගේ අංගභාවයෙන් බොජ්ඣංග මාර්ගාංගමය. ප්‍රීති, පස්සද්ධි, උපෙක්‍ෂා, සම්බොජ්ඣංග මාර්ගාංග නොවූවාහුය. නැවත බල වශයෙන්ද, ඉන්‍ද්‍රිය වශයෙන්ද, වෙනම දක්වන ලද, ශ්‍රද්ධාවම අමාර්ගාංග වූවාහුය. නැවත මාර්ගක්‍ෂණයෙහි හටගත්තා වූම ධර්මයන් රාශි වශයෙන්, දක්වන්නේ ‘ආධිපතෙය්‍යට්ඨෙන’ ආදිය වදාළහ. එහි උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා යනු තනි නිර්වාණාරම්මණ වූවාහු, කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි, සුභ, සුඛ නිත්‍ය ආත්ම සංඥා ප්‍රහාණ කෘත්‍ය සාධක වශයෙන් සිව් සතිපට්ඨාන නමැ. නිර්වාණාරම්මණ එකක්ම වූ වීර්යය උපන්නා වූද, නූපන්නා වූද අකුසලයන්ගේ, ප්‍රහාණ, නූපදීම් කෘත්‍යයාගේද, නූපන්නා වූ හෝ උපන්නා වූ කුසලයන්ගේ උත්පාද, ස්ථිති කෘත්‍යයාගේ සිදුකිරීම් වශයෙන් සිව් සම්‍යක් ප්‍රධන් නමැ.

තථට‍්ඨෙන සච‍්චාති දුක‍්ඛභාවාදීසු අවිසංවාදකට‍්ඨෙන චත‍්තාරි අරියසච‍්චානි. එතානෙව චෙත්‍ථ පටිවෙධට‍්ඨෙන තදා සමුදාගතානි, “අමතොගධං නිබ‍්බාන”න‍්ති විසුං වුත‍්තං නිබ‍්බානඤ‍්ච, සෙසා පන ධම‍්මා පටිලාභට‍්ඨෙන තදා සමුදාගතා. “තථට‍්ඨෙන සච‍්චා තදා සමුදාගතා”ති වචනතො මග‍්ගඵලපරියොසානෙ අවස‍්සං චත‍්තාරි සච‍්චානි පච‍්චවෙක‍්ඛතීති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං. “කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී”ති (දී· නි· 1.248) වචනතො ච “දුක‍්ඛං මෙ පරිඤ‍්ඤාතං, සමුදයො මෙ පහීනො, නිරොධො මෙ සච‍්ඡිකතො, මග‍්ගො ච මෙ භාවිතො”ති පච‍්චවෙක‍්ඛණං වුත‍්තමෙව හොති. තථා පච‍්චවෙක‍්ඛණං යුජ‍්ජති ච. සමුදයොති චෙත්‍ථ තංතංමග‍්ගවජ‍්ඣොයෙව වෙදිතබ‍්බො. එත්‍ථ වුත‍්තසමුදයපච‍්චවෙක‍්ඛණවසෙනෙව අට‍්ඨකථායං දුවිධං කිලෙසපච‍්චවෙක‍්ඛණං මග‍්ගඵලනිබ‍්බානපච‍්චවෙක‍්ඛණානි ඉධ සරූපෙනෙව ආගතානීති වුත‍්තානි. කෙවලං දුක‍්ඛපච‍්චවෙක‍්ඛණමෙව න වුත‍්තං. කිඤ‍්චාපි න වුත‍්තං, අථ ඛො පාඨසබ‍්භාවතො යුත‍්තිසබ‍්භාවතො ච ගහෙතබ‍්බමෙව. සච‍්චපටිවෙධත්‍ථඤ‍්හි පටිපන‍්නස‍්ස නිට‍්ඨිතෙ සච‍්චපටිවෙධෙ සයං කතකිච‍්චපච‍්චවෙක‍්ඛණං යුත‍්තමෙවාති. අවික‍්ඛෙපට‍්ඨෙන සමථොතිආදි මග‍්ගසම‍්පයුත‍්තෙ එව සමථවිපස‍්සනාධම‍්මෙ එකරසට‍්ඨෙන අනතිවත‍්තනට‍්ඨෙන ච දස‍්සෙතුං වුත‍්තං. සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධීති සම‍්මාවාචාකම‍්මන‍්තාජීවා එව. අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධීති සම‍්මාසමාධි එව. දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධීති සම‍්මාදිට‍්ඨියෙව. විමුත‍්තට‍්ඨෙනාති සමුච‍්ඡෙදවසෙන මග‍්ගවජ‍්ඣකිලෙසෙහි මුච‍්චනට‍්ඨෙන, නිබ‍්බානාරම‍්මණෙ වා අධිමුච‍්චනට‍්ඨෙන. විමොක‍්ඛොති සමුච‍්ඡෙදවිමොක‍්ඛො, අරියමග‍්ගොයෙව. පටිවෙධට‍්ඨෙන විජ‍්ජාති සච‍්චපටිවෙධට‍්ඨෙන විජ‍්ජා, සම‍්මාදිට‍්ඨියෙව. පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්තීති මග‍්ගවජ‍්ඣකිලෙසානං පජහනට‍්ඨෙන තතො මුච‍්චනතො විමුත‍්ති, අරියමග‍්ගොයෙව. සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙ ඤාණන‍්ති කිලෙසසමුච‍්ඡින්‍දනට‍්ඨෙන කිලෙසක‍්ඛයකරෙ අරියමග‍්ගෙ ඤාණං, සම‍්මාදිට‍්ඨියෙව.

තථට්ඨෙන සච්චා යනු දුක්භාවාදීන්හි බොරු නොවීම් අර්ථයෙන් සිව් අරිසස් ඒවාම මෙහි ප්‍රතිවේධාර්ථයෙන්, ඒ මාර්ග-ඵල ලක්‍ෂණයෙහි ප්‍රතිලාභ ප්‍රතිවේධ වශයෙන් පැමිණි, නිවනට බැසගත් නිර්වාණයයි වෙන්ව කියන ලද නිර්වාණයද, සෙසු ධර්ම ප්‍රතිලාභාර්ථයෙන් ඒ මාර්ග ඵල ලක්‍ෂණයෙහි ප්‍රතිලාභ ප්‍රතිවේධ වශයෙන් පැමිණියාහු සත්‍යාර්ථයෙන් සත්‍යය. තදා සමුදාගතා යන වචනයෙන් මාර්ගඵල අවසානයෙහි, ඒකාන්තයෙන් සිව්සස් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේයයි, මෙහි නිෂ්ඨාවට යායුතුය. ‘කළයුත්ත කරන ලදි. මතු ආත්මභාවය සඳහා අන් කිසිවක් නැතැයි දනී යන වචනයෙන්, මා විසින් දුක් නිරෝධය අවබෝධ කරන ලද්දේය. මාර්ගයද මා විසින් වඩන ලද්දේයයි ප්‍රත්‍යවේක්‍ෂණ කියන ලද්දේම වේ. එසේ ප්‍රත්‍යවේක්‍ෂණය යෙදේ. මෙහි සමුදය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු දැයම දතයුතුය. මෙහි කියන ලද සමුදය ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්ම අට්ඨකථාවන්හි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණය, මාර්ගඵල නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණයයි දෙවදෑරුම්ය. මෙහි ස්වරූපයෙන්ම ගෙනඑන ලදැයි යූ.සේයි. හුදෙක් දුක් ප්‍රත්‍යවේක්‍ෂාවම නොකියන ලදි. කිසිසේත් නොකියන ලදි. තවද, වාක්‍ය හටගැනීමෙන්ද, යුක්ති යෙදෙන හෙයින්ද ගතයුතුමය. සත්‍යය ප්‍රතිවේධාර්ථයෙහි පිළිපන්නහුට, සත්‍යය ප්‍රතිවේධය නිමිකල්හි, තමා කළකිස ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යෙදේමය. අවික්‍ෂෙපාර්ථයෙන් සමථයයි ආදී මාර්ග සම්ප්‍රයුක්ත වූම සමථ විදර්ශනා ධර්මයන් ඒක රසාර්ථයෙන්ද, නොඉක්මවීම් අර්ථයෙන්ද දක්වන්ට යූ.සේයි. සංවරට්ඨෙන සීල විසුද්ධි යනු සම්‍යග් වාචා, සම්‍යග් කර්මාන්ත, සම්‍යග් ආජීවයන්මය. අවික්ඛෙපට්ඨෙන චිත්ත විසුද්ධි යනු සම්‍යග් සමාධියමය. දස්සනට්ඨෙන දිට්ඨි විසුද්ධි යනු සම්‍යග් දෘෂ්ටියමය. විමුත්තට්ඨෙන යනු මුළුමනින් නැසීම් වශයෙන් මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් මිදීම් අර්ථයෙන්, නිර්වාණාරම්මණයෙහි ස්ථිර ලෙස පිහිටීම් අර්ථයෙන් විමොක්ඛො යනු කෙලෙසුන් මනාසේ නැසීම් වශයෙන් මිදුණු ආර්ය මාර්ගයමය. පවිවෙධට්ඨෙන විජ්ජා යනු සත්‍යය ප්‍රතිවේධාර්ථයෙන් විද්‍යාවයි. සම්‍යග් දෘෂ්ටියමය. පරිච්චාගට්ඨෙන විමුත්ති යනු මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගේ දුරලීම් අර්ථයෙන්, ඉන් මිදෙන හෙයින් විමුක්තියි. ආර්ය මාර්ගයමය.

ඡන්‍දාදයො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. කෙවලඤ‍්හෙත්‍ථ මග‍්ගක‍්ඛණෙයෙව මග‍්ගස‍්ස ආදිමජ‍්ඣපරියොසානාකාරෙන දස‍්සිතා. විමුත‍්තීති චෙත්‍ථ මග‍්ගවිමුත‍්තියෙව. “තථට‍්ඨෙන සච‍්චා”ති එත්‍ථ ගහිතම‍්පි ච නිබ‍්බානං ඉධ පරියොසානභාවදස‍්සනත්‍ථං පුන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඵලක‍්ඛණෙපි එසෙව නයො. එත්‍ථ පන හෙතුට‍්ඨෙන මග‍්ගොති ඵලමග‍්ගභාවෙනෙව. සම‍්මප‍්පධානාති මග‍්ගක‍්ඛණෙ චතුකිච‍්චසාධකස‍්ස වීරියකිච‍්චස‍්ස ඵලස‍්ස උප‍්පාදක‍්ඛණෙ සිද‍්ධත‍්තා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අඤ‍්ඤථා හි ඵලක‍්ඛණෙ සම‍්මප‍්පධානා එව න ලබ‍්භන‍්ති. වුත‍්තඤ‍්හි මග‍්ගක‍්ඛණෙ සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මෙ උද‍්ධරන‍්තෙන ථෙරෙන “ඵලක‍්ඛණෙ ඨපෙත්‍වා චත‍්තාරො සම‍්මප‍්පධානෙ අවසෙසා තෙත‍්තිංස ධම‍්මා ලබ‍්භන‍්තී”ති. එවමෙව පටිවෙධකිච‍්චාදිසිද‍්ධිවසෙන සච‍්චාදීනිපි යථායොගං වෙදිතබ‍්බානි. විමොක‍්ඛොති ච ඵලවිමොක‍්ඛො. විමුත‍්තීති ඵලවිමුත‍්ති. පටිප‍්පස‍්සද‍්ධට‍්ඨෙන අනුප‍්පාදෙ ඤාණං වුත‍්තත්‍ථමෙව. වුට‍්ඨහිත්‍වාති අන‍්තරා වුට‍්ඨානාභාවා ඵලාවසානෙන එවං වුත‍්තං. ඉමෙ ධම‍්මා තදා සමුදාගතාති ඉමෙ වුත‍්තප‍්පකාරා ධම‍්මා මග‍්ගක‍්ඛණෙ ඵලක‍්ඛණෙ ච සමුදාගතාති පච‍්චවෙක‍්ඛතීති ඉති-සද‍්දං පාඨසෙසං කත්‍වා සම‍්බන්‍ධො වෙදිතබ‍්බො.

සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං යනු කෙලෙස් විනාශ කරන අර්ථයෙන් කෙලෙස් ක්‍ෂය කරන ආර්ය මාර්ග ඤාණයයි. සම්‍යග් දෘෂ්ටියමය. ඡන්‍දාදීහු යට කියන ලද අයුරින්ම දතයුත්තාහ. හුදෙක් මෙහි මාර්ගක්‍ෂණයෙහිම මාර්ගයාගේ මුල, මැද, අග ආකාරයෙන් දක්වන ලදහ. විමුත්ති යන මෙහි මාර්ග විමුක්තියමය. සත්‍යාර්ථයෙන් සත්‍යයි. මෙහි නිර්වාණය ගන්නා ලද්දේම වේ. මෙහි අවසන් බව දැක්වීම සඳහා නැවත කියන ලදැයි දතයුතුය. ඵල ලක්‍ෂණයෙහිද එම ක්‍රමයමැයි. මෙහි වනාහි, හෙතට්ඨෙන මග්ගො යනු ඵල මාර්ග භාවයෙන්ම, සම්මප්පධානානි යනු මාර්ග ක්‍ෂණයෙහි, සිව්කිස් සාධක වීර්ය කෘත්‍ය ඵලයෙහි, උපදනා ක්‍ෂණයෙහි සිද්ධ හෙයින් යයි යූ.සේයි. අන් ආකාරයකින් ඵල ලක්‍ෂණයෙහි සම්‍යක් ප්‍රධානයෝ නොලබත්මය. මාර්ග ක්‍ෂණයෙහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් උදුරා දක්වන තෙරුන් විසින් යූ.සේයි. ඵල ලක්‍ෂණයෙහි සතර සම්‍යක් ප්‍රධානයන් හැර සෙසු තෙතිස් ධර්ම ලබතියි එපරිද්දෙන්ම ප්‍රතිවේධ කෘත්‍යාදිය සිදුවීම් වශයෙන්, සත්‍යාදීන්ද සුදුසු පරිදි දතයුත්තාහ. විමොක්ඛො යනු ඵල විමෝක්‍ෂයයි. විමුත්ති යනු ඵල විමුක්තියයි. සන්සිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය කියන ලද අර්ථයමය. වුට්ඨහිත්‍වා යනු අතරෙහි නැගිටීම් අභාවයෙන් ඵල වශයෙන් යූ.සේයි. ඉම ධම්මා තදා සමුදාගතා යනු මේ කියන ලද ධර්මයන් මාර්ගක්‍ෂණයෙහිද ඵල ක්‍ෂණයෙහිද, හටගත්තාහු යයි ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ.

පච‍්චවෙක‍්ඛණඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.