යෙදුමෙන් කියවන්න

15. වත්‍ථුනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

15. වත්‍ථුනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා

15. වත්‍ථුනානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව

වත්‍ථුනානත‍්තඤාණනිද‍්දෙසෙ චක‍්ඛුං අජ‍්ඣත‍්තං වවත්‍ථෙතීති අජ‍්ඣත‍්තභූතං චක‍්ඛුං වවත්‍ථපෙති. යථා සො චක‍්ඛුං වවත්‍ථපෙති, තථා වත‍්තුකාමො කථං චක‍්ඛුං අජ‍්ඣත‍්තං වවත්‍ථෙතීති පුච‍්ඡිත්‍වා පුන චක‍්ඛු අවිජ‍්ජාසම‍්භූතන‍්ති වවත්‍ථෙතීතිආදිනා වවත්‍ථාපනාකාරං දස‍්සෙති. තත්‍ථ අවිජ‍්ජාතණ‍්හා අතීතා උපත්‍ථම‍්භකහෙතුයො, කම‍්මං අතීතං ජනකහෙතු, ආහාරො ඉදානි උපත්‍ථම‍්භකහෙතු. එතෙන චක‍්ඛූපත්‍ථම‍්භකානි උතුචිත‍්තානි ගහිතානෙව හොන‍්ති. චතුන‍්නං මහාභූතානං උපාදායාති උපයොගත්‍ථෙ සාමිවචනං, චත‍්තාරි මහාභූතානි උපාදියිත්‍වා පවත‍්තන‍්ති අත්‍ථො. එතෙන පසාදචක‍්ඛුභාවො දස‍්සිතො හොති, සසම‍්භාරභාවො පටික‍්ඛිත‍්තො. උප‍්පන‍්නන‍්ති අද‍්ධාවසෙන, සන‍්තතිඛණවසෙන වා පච‍්චුප‍්පන‍්නං. සමුදාගතන‍්ති හෙතුතො සමුට‍්ඨිතං. එත‍්තාවතා විපස‍්සනාපුබ‍්බභාගෙ චක‍්ඛුවවත්‍ථානං දස‍්සිතං. අහුත්‍වා සම‍්භූතන‍්තිආදීහි අනිච‍්චානුපස‍්සනා. පුබ‍්බෙ උදයා අවිජ‍්ජමානතො අහුත්‍වා සම‍්භූතං, උද‍්ධං වයා අභාවතො හුත්‍වා න භවිස‍්සති. අන‍්තවන‍්තතොති අන‍්තො අස‍්ස අත්‍ථීති අන‍්තවා, අන‍්තවා එව අන‍්තවන‍්තො යථා “සතිමන‍්තො, ගතිමන‍්තො, ධිතිමන‍්තො ච යො ඉසී”ති (ථෙරගා· 1052). තතො අන‍්තවන‍්තතො, භඞ‍්ගවිජ‍්ජමානතොති අත්‍ථො. අද‍්ධුවන‍්ති සබ‍්බාවත්‍ථානිපාතිතාය, ථිරභාවස‍්ස ච අභාවතාය න ථිරං. අසස‍්සතන‍්ති න නිච‍්චං. විපරිණාමධම‍්මන‍්ති ජරාය චෙව මරණෙන චාති ද‍්වෙධා විපරිණාමපකතිකං. චක‍්ඛු අනිච‍්චන‍්තිආදීනි චක‍්ඛුං අනිච‍්චතොතිආදීනි ච වුත‍්තත්‍ථානි. මනොති ඉධ භවඞ‍්ගමනස‍්ස අධිප‍්පෙතත‍්තා අවිජ‍්ජාසම‍්භූතොතිආදි යුජ‍්ජතියෙව. ආහාරසම‍්භූතොති එත්‍ථ සම‍්පයුත‍්තඵස‍්සාහාරමනොසඤ‍්චෙතනාහාරවසෙන වෙදිතබ‍්බං. උප‍්පන‍්නොති ච අද‍්ධාසන‍්තතිවසෙන.

වස්තු නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, චක්ඛුං අජ්ඣත්තං වවත්‍ථෙති යනු අධ්‍යාත්ම වූ ඇස පිරිසිඳ දනී. යම්සේ හෙතෙම පිරිසිඳ දනීද? එසේ කියනු කැමැත්තේ, ‘කථං චක්ඛුං අජ්ඣත්තං වවත්‍ථෙති’යි විචාරා නැවත ඇස අවිද්‍යාවෙන් හටගත්තේ යැයි නිශ්චය කරයි ආදියෙන් නිශ්චය කරන ආකාරය දැක්වීය. එහි අවිද්‍යා, තෘෂ්ණා, අතීත උපස්ථම්භක හේතුයි. කර්මය අතීත උපදවන හේතුයි. ආහාරය වර්තමාන උපස්ථම්භක හේතුයි. එයින් ඇසට උපස්ථම්භක වූ සෘතු චිත්තයන් ගන්නා ලද්දේම වෙති. චතුන්නං මහාභූතානං උපාදාය යනු ද්විතියාර්ථයෙහි ෂෂ්ඨයි. සතර මහා භූතයන් දැඩිසේ ගෙන පවතිත් යන අර්ථයි. එයින් ප්‍රසාද චක්‍ෂුභාවය දක්වන ලද්දේ වේ. සසම්භාර භාවය ප්‍රතික්‍ෂෙප කරන ලදි. උප්පන්නං යනු කාල, නොකඩවා පැවතීම් ක්‍ෂණ වශයෙන් උපන්, සමුදාගතං යනු හේතුයෙන් හටගත්, මෙතෙකින් විදර්ශනා පූර්වභාග චක්‍ෂු ව්‍යවස්ථානය දක්වන ලදි. අහුත්‍වා සම්භූතං ආදීන්හි අනිත්‍යානු පස්සනාවෙන් ඇස, හටගැනීමෙන් පෙර අවිද්‍යමානත්‍වයෙන් නොවී හටගති. ව්‍යයයෙන් මත්තෙහි අභාව හෙයින්, තිබී නොවන්නේය. අන්තවන්තතො අන්තය මෙයට ඇත්තේනුයි - අන්තවායි. අන්තවත් වූයේම අන්තවන්තොයි. සතිමන්තො, ගතිමන්තො, ධිමන්තො ආදිය මෙනි. ඒ අන්තවත් භාවයෙන්, අවසානය විද්‍යමාන හෙයින් අද්ධුවං යනු සියලු අවස්ථාවන් බිඳවැටෙන හෙයින් ස්ථිරභාවය නොමැති හෙයින් ස්ථිර නොවේ. අසස්සතං යනු නිත්‍ය නොවේ. විපරිණාමධම්මං යනු ජරායෙන්ද, මරණයෙන්ද යන දෙයාකාරයෙන් වෙනස්වීම ස්වභාවකොට ඇත. ‘චක්ඛුං අනිච්චං, චක්ඛුං අනිච්චතො’ ආදිය කියන ලද අර්ථයි. මනො යන්නෙන් භවංග මනස අදහස් කරන ලද හෙයින්, අවිජ්ජා සම්භූතො ආදිය යෝග්‍යයි. ආහාර සම්භූතො යන මෙහි එකට යෙදුණු ස්පර්ශාහාර, මනො සඤ්චෙතනාහාර වශයෙන් දතයුතුය. උප්පන්නො යනු කාල හා සන්තති වශයෙන්.

වත්‍ථුනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

වත්‍ථුනානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනා නිමි.