16. ගොචරනානත්තඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
16. ගොචරනානත්තඤාණනිද්දෙසවණ්ණනා
16. ගෝචර නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව
ගොචරනානත්තඤාණනිද්දෙසෙ රූපෙ බහිද්ධා වවත්ථෙතීති අජ්ඣත්තතො බහිද්ධාභූතෙ රූපායතනධම්මෙ වවත්ථපෙතීති අත්ථො. අවිජ්ජාසම්භූතාතිආදි අත්තභාවපරියාපන්නකම්මජරූපත්තා වුත්තං. ආහාරොපි හි කම්මජරූපස්ස උපත්ථම්භකපච්චයො හොති. සද්දස්ස පන උතුචිත්තසමුට්ඨානත්තා අවිජ්ජාසම්භූතාදිචතුක්කං න වුත්තං. ඵොට්ඨබ්බානං සයං මහාභූතත්තා “චතුන්නං මහාභූතානං උපාදායා”ති න වුත්තං. ධම්මාති චෙත්ථ භවඞ්ගමනොසම්පයුත්තා තයො අරූපිනො ඛන්ධා, ධම්මායතනපරියාපන්නානි සුඛුමරූපානි ච කම්මසමුට්ඨානානි, සබ්බානිපි රූපාදීනි ච. අපිච යානි යානි යෙන යෙන සමුට්ඨහන්ති, තානි තානි තෙන තෙන වෙදිතබ්බානි. ඉතරථා හි සකසන්තානපරියාපන්නාපි රූපාදයො ධම්මා සබ්බෙ න සඞ්ගණ්හෙය්යුං. යස්මා අනින්ද්රියබද්ධරූපාදයොපි විපස්සනූපගා, තස්මා තෙසං කම්මසම්භූතපදෙන සඞ්ගහො වෙදිතබ්බො. තෙපි හි සබ්බසත්තසාධාරණකම්මපච්චයඋතුසමුට්ඨානා. අඤ්ඤෙ පන “අනින්ද්රියබද්ධා රූපාදයො අවිපස්සනූපගා”ති වදන්ති. තං පන –
ගොචර නානත්ව ඤාණ නිර්දේශයෙහි, රූපෙ බහිද්ධා වවත්ථෙති යනු අධ්‍යාත්මයෙන් පිටත වූ රූපායතන ධර්මයන් නිශ්චය කෙරේ යන අර්ථයි. අවිජ්ජා සම්භූතා යන ආදිය ආත්මභාවයට ඇතුළත් කර්මජ රූපය බැවින් යයි යූ.සේයි. ආහාරයද, කර්මජ රූපයට උපස්ථම්භක ප්‍රත්‍යය වේ. ශබ්දය, සෘතු, චිත්ත සමුට්ඨාන හෙයින් අවිද්‍යාවෙන් හටගත් ආදී චතුෂ්කය නොකියන ලදි. ස්පර්ශයන්ගේ ස්වයං මහාභූත හෙයින් චතුන්නං මහාභූතානං උපාදායයි නො යූ.සේයි. ධම්මා යන මෙහි භවංග සිත හා යෙදුන ත්‍රිවිධ අරූප ස්කන්ධයන්ද, ධර්මායතනයට ඇතුළත් සියුම් රූපද කර්මයෙන් හටගත් සියලුම රූපයන්ද, තවද යම් යම් රූප යම් යම් හේතුවකින් හටගනිත්ද, ඒ ඒ රූප ඒ එ හේතුවෙන් යයි දතයුත්තාහ. අනෙක් අතට, ස්වකීය සන්තායට ඇතුළත් වූ රූපාදී සියලු ධර්මයන් ඇතුළත් නොකරන්නාහු. අනින්ද්රිය බද්ධ රූපාදීහුද විදර්ශනාවටම ඇතුළත් වූවාහුය. එහෙයින් ඒවාහි කර්මයෙන් හටගත් (යන) පදයෙහි ඇතුළත්ය. ඒවාද සියලු සත්ත්වයින්ට සාධාරණ කර්මප්රත්ය සෘතු සමුට්ඨානයි. අනෙක් ඉන්ද්රියබද්ධ නුවූ රූපාදීහු විදර්ශනාවට ඇතුළත් නුවූවාහුයයි කියති. එය
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති. (ධ· ප· 277) –
සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දතී දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා
සියලු සංස්කාර අනිත්යයෝයි. යම්කලෙක නුවණින් දකීද, එකල්හි දුකෙහි කලකිරේ. එය විසුද්ධියෙහි මාර්ගයයි (නිවනෙහි මගයි),
ආදිකාය පාළියා විරුජ්ඣති. වුත්තඤ්ච විසුද්ධිමග්ගෙ – “ඉධෙකච්චො ආදිතොව අජ්ඣත්තසඞ්ඛාරෙ අභිනිවිසිත්වා විපස්සති, යස්මා පන න සුද්ධඅජ්ඣත්තදස්සනමත්තෙනෙව මග්ගවුට්ඨානං හොති, බහිද්ධාපි දට්ඨබ්බමෙව, තස්මා පරස්ස ඛන්ධෙපි අනුපාදින්නසඞ්ඛාරෙපි අනිච්චං දුක්ඛමනත්තාති විපස්සතී”ති (විසුද්ධි· 2.784). තස්මා පරෙසං චක්ඛාදිවවත්ථානම්පි අනින්ද්රියබද්ධරූපාදිවවත්ථානම්පි ඉච්ඡිතබ්බමෙව, තස්මා තෙභූමකසඞ්ඛාරා අවිපස්සනූපගා නාම නත්ථි.
යනාදිය පෙළට විරුද්ධ වේ. විසුද්ධි මාර්ගයෙහි කියන ලදි. මේ සස්නෙහි ඇතමෙක් මුලදීම අධ්‍යාත්ම සංස්කාරයන්හි ප්රවිෂ්ටව විදර්ශනා කරයි. පිරිසිදු අධ්‍යාත්ම දර්ශන මාත්‍රයෙන්ම මාර්ග වුට්ඨානය නොවේද? පිටතද බැලිය යුතුමය. එහෙයින් තමාගේ යයි සිතා නොගත් අන්‍යයාගේ සංස්කාරයන් කෙරෙහිද, අනිත්‍ය, දුක්, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. එහෙයින් අන්‍යයාගේ චක්ෂුරාදීන්ගේ නිශ්චය, ඉන්ද්රියබද්ධ නුවූ රූපාදීන්හි නිශ්චයද කැමතිවිය යුතුමය. (කළයුතුමය) එහෙයින් ත්‍රෛභූමික සංස්කාරයන්හි විදර්ශනාවට නොඑළඹෙන්නක් නම් නැත.
ගොචරනානත්තඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ගෝචර නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.