17. චරියානානත්තඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
17. චරියානානත්තඤාණනිද්දෙසවණ්ණනා
17. චර්යා නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව
චරියානානත්තඤාණනිද්දෙසෙ විඤ්ඤාණචරියාතිආදීසු ආරම්මණෙ චරතීති චරියා, විඤ්ඤාණමෙව චරියා විඤ්ඤාණචරියා. අඤ්ඤාණෙන චරණං , අඤ්ඤාණෙන වා චරති, අඤ්ඤාතෙ වා චරති, අඤ්ඤාණස්ස වා චරණන්ති අඤ්ඤාණචරියා. ඤාණමෙව චරියා, ඤාණෙන වා චරියා, ඤාණෙන වා චරති, ඤාතෙ වා චරති, ඤාණස්ස වා චරණන්ති ඤාණචරියා. දස්සනත්ථායාති රූපදස්සනත්ථාය පවත්තා. ආවජ්ජනකිරියාබ්යාකතාති භවඞ්ගසන්තානතො අපනෙත්වා රූපාරම්මණෙ චිත්තසන්තානං ආවජ්ජෙති නාමෙතීති ආවජ්ජනං, විපාකාභාවතො කරණමත්තන්ති කිරියා, කුසලාකුසලවසෙන න බ්යාකතාති අබ්යාකතා. දස්සනට්ඨොති පස්සන්ති තෙන, සයං වා පස්සති, දස්සනමත්තමෙව වා තන්ති දස්සනං, දස්සනමෙව අත්ථො දස්සනට්ඨො. චක්ඛුවිඤ්ඤාණන්ති කුසලවිපාකං වා අකුසලවිපාකං වා. දිට්ඨත්තාති අදිට්ඨෙ සම්පටිච්ඡනස්ස අභාවතො චක්ඛුවිඤ්ඤාණෙන රූපාරම්මණස්ස දිට්ඨත්තා. අභිනිරොපනා විපාකමනොධාතූති දිට්ඨාරම්මණමෙව ආරොහතීති අතිනිරොපනා, උභයවිපාකා සම්පටිච්ඡනමනොධාතු. අභිනිරොපිතත්තාති රූපාරම්මණං අභිරුළ්හත්තා. විපාකමනොවිඤ්ඤාණධාතූති උභයවිපාකා සන්තීරණමනොවිඤ්ඤාණධාතු. එස නයො සොතද්වාරාදීසුපි. සන්තීරණානන්තරං වොට්ඨබ්බනෙ අවුත්තෙපි අට්ඨකථාචරියෙහි වුත්තත්තා ලබ්භතීති ගහෙතබ්බං. විජානනත්ථායාති ධම්මාරම්මණස්ස චෙව රූපාදිආරම්මණස්ස ච විජානනත්ථාය. ආවජ්ජනකිරියාබ්යාකතාති මනොද්වාරාවජ්ජනචිත්තං. විජානනට්ඨොති තදනන්තරජවනවසෙන ආරම්මණස්ස විජානනමෙව අත්ථො, න අඤ්ඤො. උපරි අකුසලජවනානං විපස්සනාමග්ගඵලජවනානඤ්ච විසුං වුත්තත්තා සෙසජවනානි ඉධ ගහෙතබ්බානි සියුං. “කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා”තිආදිවචනතො (පටි· ම· 1.70) පන හසිතුප්පාදචිත්තජවනමෙව ගහෙතබ්බං. ඡසු ද්වාරෙසු අහෙතුකානංයෙව චිත්තානං වුත්තත්තා ද්වෙ ආවජ්ජනානි ද්වෙ පඤ්චවිඤ්ඤාණානි ද්වෙ සම්පටිච්ඡනානි තීණි සන්තීරණානි එකං හසිතුප්පාදචිත්තන්ති අට්ඨාරස අහෙතුකචිත්තානියෙව විඤ්ඤාණචරියාති වෙදිතබ්බානි.
චර්යා නානත්ව ඤාණ නිර්දේශයෙහි, විඤ්ඤාණචරියා ආදීන්හි අරමුණෙහි හැසිරේනුයි චර්යායි. විඤ්ඤාණයම චර්යා වූයේනුයි විඤ්ඤාණ චර්යායි. නොදැන්මෙන් හැසිරීම, නොදැන්මෙන් හැසිරෙයි හෝ දත් දෑහි හැසිරීම හෝ අඥානයන්ගේ හැසිරීම හෝ අඤ්ඤාණචරියායි. ඤාණයම චර්යාව වූයේ ඤාණචරියායි. ඤාණයෙන් හෝ හැසිරෙයි. දත් දෑහි හෝ හැසිරේ. ඤාණයාගේ හැසිරීම නුයි ඤාණ චර්යායි. දස්සනත්ථාය යනු රූප දර්ශනය සඳහා පැවති. ආවජ්ජන කිරියා බ්යාකතා යනු භවංග චිත්ත පරම්පරාවෙන් ඉවත්කොට, රූපාරම්මණයෙහි, සිත් පරම්පරාව ආවර්ජනා කෙරෙයි නමයිනුයි ආවජ්ජනංයි. විපාක අභාවයෙන් කිරීම් මාත්‍ර යනුයි කිරියායි. කුසල් අකුසල් වශයෙන් ප්‍රකාශ නොකළේනුයි අබ්යාකතයි. දස්සනත්ථො යනු එයින් දකිති. තෙමේ හෝ දකියි. දර්ශන මාත්‍රයම හෝ එයනුයි දස්සනංයි. දර්ශනයම අර්ථය දස්සනත්ථොයි. චක්ඛු විඤ්ඤාණං යනු කුසල විපාක හෝ අකුසල විපාක. දිට්ඨත්තා යනු නොදක්නා ලද්දෙහි ප්‍රතිග්‍රහණයෙහි අභාවය හෙයින් චක්ෂුර් විඤ්ඤාණයෙන් රූපාරම්මණයෙහි දිටි බැවින්. අභිනිරොපනා විපාක මනොධාතු යනු දිටි අරමුණෙහිම නගීනුයි > අභිනිරෝපනායි. ද්වි විපාක සම්පටිච්ඡන මනෝධාතුයි. අභිනිරොපිතත්තා යනු රූපාරම්මණයෙහි නැගි හෙයින් විපාක මනො විඤ්ඤාණ ධාතු යනු ද්වි විපාක සන්තීරණ මනෝ විඤ්ඤාණ ධාතුයි. සෝතද්වාරාදීන්හිද එම ක්‍රමයමැයි. සන්තීරණාන්තරව වොත්ථපන නොකියන ලද්දේද අටුවා ඇදුරන් විසින් කියන ලද හෙයින් ලැබෙතියි ගතයුතුය. විජානනත්ථාය යනු ධර්මාරම්මණයෙහිද, රූපාදී ආරම්මණයාගේ දැනගැනීම සඳහා. ආවජ්ජන කිරියා බ්යාකතා යනු මනෝද්වාරාවර්ජන සිතයි. විජානනත්ථො යනු ඉන් අනතුරුව ජවන වශයෙන් ආරම්මණයාගේ දැනගන්නා වූම අර්ථයයි. අනෙකක් නොවේ. මත්තෙහි අකුසල ජවනයන්ගේද, විදර්ශනා මාර්ගඵල ජවනයන්ගේද, වෙන්ව කියන ලද හෙයින් සෙසු ජවනයෝ මෙහි ගතයුතු වන්නාහුය. ‘කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණ චරියා’ ආදී වචනයෙන් හසිතෝත්පාද චිත්ත ජවනයම ගතයුතුය. ෂට් ද්වාරයන්හි අහේතුක චිත්තයන් කියන ලද හෙයිාන් ආවර්ජන ද්වයද, දෙපස් විඤ්ඤාණයන්ද, සම්පටිච්ඡන ද්වයයද, සන්තීරණත්රයද, එක් හසිතෝත්පාද සිතද යන අටළොස් අහේතුක සිත්ම විඤ්ඤාණචරියා යැයි දතයුත්තාහ.
ඉදානි විසයවිජානනමත්තට්ඨෙන විඤ්ඤාණචරියාති දස්සෙතුං නීරාගා චරතීතිආදිමාහ, විඤ්ඤාණඤ්හි රාගාදිසම්පයොගෙ සද්ධාදිසම්පයොගෙ ච අවත්ථන්තරං පාපුණාති, තෙසු අසති සකාවත්ථායමෙව තිට්ඨති. තස්මා නීරාගාදිවචනෙන තෙසං වුත්තවිඤ්ඤාණානං විඤ්ඤාණකිච්චමත්තං දස්සෙති. නත්ථි එතිස්සා රාගොති නීරාගා. නිරාගාති රස්සං කත්වාපි පඨන්ති . සො පන රජ්ජනවසෙන රාගො. ඉතරෙසු දුස්සනවසෙන දොසො. මුය්හනවසෙන මොහො. මඤ්ඤනවසෙන මානො. විපරීතදස්සනවසෙන දිට්ඨි. උද්ධතභාවො, අවූපසන්තභාවො වා උද්ධච්චං. විචිකිච්ඡා වුත්තත්ථා. අනුසෙන්තීති අනුසයා. “නිරනුසයා”ති වත්තබ්බෙ නානුසයාති වුත්තං, සොයෙවත්ථො. පරියුට්ඨානප්පත්තානමෙවෙත්ථ අභාවො වෙදිතබ්බො. න හි විඤ්ඤාණචරියා පහීනානුසයානංයෙව වුත්තා. යා ච නීරාගාදිනාමා, සා රාගාදීහි විප්පයුත්තාව නාම හොතීති පරියායන්තරදස්සනත්ථං රාගවිප්පයුත්තාතිආදිමාහ. පුන අඤ්ඤෙහි ච විප්පයුත්තතං දස්සෙතුං කුසලෙහි කම්මෙහීතිආදිමාහ. කුසලානියෙව රාගාදිවජ්ජාභාවා අනවජ්ජානි. පරිසුද්ධභාවකරෙහි හිරිඔත්තප්පෙහි යුත්තත්තා සුක්කානි. පවත්තිසුඛත්තා සුඛො උදයො උප්පත්ති එතෙසන්ති සුඛුද්රයානි, සුඛවිපාකත්තා වා සුඛො උදයො වඩ්ඪි එතෙසන්ති සුඛුද්රයානි. වුත්තවිපක්ඛෙන අකුසලානි යොජෙතබ්බානි. විඤ්ඤාතෙ චරතීති විඤ්ඤාණෙන විඤ්ඤායමානං ආරම්මණං විඤ්ඤාතං නාම, තස්මිං විඤ්ඤාතෙ ආරම්මණෙ. කිං වුත්තං හොති? නීලවණ්ණයොගතො නීලවත්ථං විය විඤ්ඤාණයොගතො විඤ්ඤාතං විඤ්ඤාණං නාම හොති, තස්මිං විඤ්ඤාණෙ චරතීති විඤ්ඤාණචරියාති වුත්තං හොති. විඤ්ඤාණස්ස එවරූපා චරියා හොතීති වුත්තප්පකාරස්ස විඤ්ඤාණස්ස වුත්තප්පකාරා චරියා හොතීති අත්ථො. “විඤ්ඤාණස්ස චරියා”ති ච වොහාරවසෙන වුච්චති, විඤ්ඤාණතො පන විසුං චරියා නත්ථි. පකතිපරිසුද්ධමිදං චිත්තං නික්කිලෙසට්ඨෙනාති ඉදං වුත්තප්පකාරං චිත්තං රාගාදිකිලෙසාභාවෙන පකතියා එව පරිසුද්ධං. තස්මා විජානනමත්තමෙව චරියාති විඤ්ඤාණචරියාති වුත්තං හොති. නික්ලෙසට්ඨෙනාතිපි පාඨො.
දැන් අරමුණ දැනගැනීම් මාත්රාර්ථයෙන් විඤ්ඤාණ චර්යායැයි නීරාගා චරතී ආදිය වදාළහ. විඤ්ඤාණය වනාහි, රාගාදීන්ගේ එක්වීමෙහිද, ශ්‍රද්ධාදීන්ගේ එක්වීමෙහිද පැතිර මැඩීමට පමුණුවයි. ඒවා නැතිකල්හි ස්වකීය අවස්ථායෙහිම සිටී, එහෙයින් නිරාගාදී වචනයෙන් ඒ කියන ලද විඤ්ඤාණයන්ගේ විඤ්ඤාණ කෘත්‍ය මාත්‍රය දක්වයි. එයට රාගය නැත්තේ යයි නීරාගායි. එය වනාහි ඇලීම් වශයෙන් රාගොයි. අනෙක්වාහි දූෂ්‍යවීම් වශයෙන් දොසොයි. මුළාවීම් වශයෙන් මොහොයි හැඟීම් වශයෙන් මානොයි. විපර්යාස වූ දර්ශන වශයෙන් දිට්ඨියි. උඩට එසවූ, නොසන්සුන් බව උද්ධච්චංයි. අත්නොහැර පවතිත්නුයි අනුසයායි. නිරනුසයායි කිවයුතු කල්හි නානුසයායි යූ.සේයි. අර්ථය එකමය. මෙහි නැගී සිටීමට පත්වූවන්ගේම අභාවය දතයුතුය. විඤ්ඤාණචර්යාව ප්‍රහීණ වූ අනුසයන්ගේම වශයෙන් නොකියන ලදී. යම් නිරාගාදීහු කාම, රාග සහිතාදියෙන් වෙන් වූයේම නම් වේයයි, පිළිවෙල අන්තරය දක්වන්ට ‘රාග විප්පයුත්තා’ ආදිය වදාළහ. නැවත අන්‍යයන්ගෙන්ද වෙන්වීම් ස්වභාවය දක්වන්ට ‘කුසලෙහි කම්මෙහි’ ආදිය වදාළහ. කුසලයන්ම රාගදී දෝෂයන් නොමැති හෙයින් අනවජ්ජානියි. පිරිසිදු බව හටගන්වන හිරි ඔත්තප්පයන්ගෙන් යුක්ත බැවින් සුක්කානියි. පැවැත්ම සුව හෙයින්, සුව හටගැන්ම, ඉපැත්ම මේවාටනුයි සුඛුද්රයානියි. සුවවිපාක හෙයින් හෝ සුව හටගැන්ම වර්ධනය මේවාටනුයි සුඛුද්රයානියි. කියන ලද්දට විරුද්ධාකාරයෙන් අකුසලයන් යෙදිය යුත්තාහ. විඤ්ඤාතෙ චරති යනු විඤ්ඤාණයෙන් අවබෝධ කරනු ලබන අරමුණ විඤ්ඤාත නමැ. ඒ අවබෝධ කළ අරමුණෙහි, කුමක් කියන ලද්දේ වේද? නිල් වර්ණ යෙදීමෙන් නිල් වස්ත්‍රය මෙන්, විඤ්ඤාණ යෝගයෙන් අවබෝධ කරන ලද්දේ විඤ්ඤාණ නමැ. ඒ අවබෝධයෙහි හැසිරේනුයි විඤ්ඤාණ චරියායි යූ.සේයි. විඤ්ඤාණස්ස එවරූපා චරියාහොති යනු කියන ලද ආකාර ඇති විඤ්ඤාණයට කියන ලද ආකාර චර්යා වේයයි අර්ථයි. ‘විඤ්ඤාණයාගේ චර්යායයි’ ව්‍යවහාර වශයෙන් කියනු ලැබේ. විඤ්ඤාණයෙන් වෙන්වූ චර්යා නැත. පකති පරිසුද්ධමිදං චිත්තං නික්කිලෙසට්ඨෙන යනු මේ කියන ලද ආකාර ඇති සිත රාගාදී කෙලෙස් අභාවයෙන් ප්‍රකෘතියෙන්ම පිරිසිදුය. එහෙයින් දැනගන්නා මාත්‍රයම චර්යාව යැයි විඤ්ඤාණ චරියායි යූ.සේයි. නික්කිලෙසට්ඨෙන යනු ද පාඨයි.
අඤ්ඤාණචරියාය මනාපියෙසූති මනසි අප්පෙන්ති පසීදන්ති, මනං වා අප්පායන්ති වඩ්ඪෙන්තීති මනාපානි, මනාපානියෙව මනාපියානි. තෙසු මනාපියෙසු. තානි පන ඉට්ඨානි වා හොන්තු අනිට්ඨානි වා, ගහණවසෙන මනාපියානි. න හි ඉට්ඨස්මිංයෙව රාගො අනිට්ඨස්මිංයෙව දොසො උප්පජ්ජති. රාගස්ස ජවනත්ථායාති සන්තතිවසෙන රාගස්ස ජවනත්ථාය පවත්තා. ආවජ්ජනකිරියාබ්යාකතාති චක්ඛුද්වාරෙ අයොනිසො මනසිකාරභූතා ආවජ්ජනකිරියාබ්යාකතා මනොධාතු. රාගස්ස ජවනාති යෙභුය්යෙන සත්තක්ඛත්තුං රාගස්ස පවත්ති, පුනප්පුනං පවත්තො රාගොයෙව. අඤ්ඤාණචරියාති අඤ්ඤාණෙන රාගස්ස සම්භවතො අඤ්ඤාණෙන රාගස්ස චරියාති වුත්තං හොති. සෙසෙසුපි එසෙව නයො. තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්ථුස්මින්ති රාගදොසවසෙන සමපෙක්ඛනවිරහිතෙ රූපාරම්මණසඞ්ඛාතෙ වත්ථුස්මිං. මොහස්ස ජවනත්ථායාති විචිකිච්ඡාඋද්ධච්චවසෙන මොහස්ස ජවනත්ථාය. අඤ්ඤාණචරියාති අඤ්ඤාණස්සෙව චරියා, න අඤ්ඤස්ස. විනිබන්ධස්සාතිආදීනි මානාදීනං සභාවවචනානි. තත්ථ විනිබන්ධස්සාති උන්නතිවසෙන විනිබන්ධිත්වා ඨිතස්ස. පරාමට්ඨායාති රූපස්ස අනිච්චභාවාදිං අතික්කමිත්වා පරතො නිච්චභාවාදිං ආමට්ඨාය ගහිතාය. වික්ඛෙපගතස්සාති රූපාරම්මණෙ වික්ඛිත්තභාවං ගතස්ස. අනිට්ඨඞ්ගතායාති අසන්නිට්ඨානභාවං ගතාය. ථාමගතස්සාති බලප්පත්තස්ස. ධම්මෙසූති රූපාදීසු වා ධම්මාරම්මණභූතෙසු වා ධම්මෙසු.
අඤ්ඤාණ චරියාය මනාපිකෙසු යනු සිතෙහි පැමිණෙති. පහදිති. සිත හෝ පමුණුවති. වඩත්නුයි මනාපානියි. එම මනාප දෑහි; ඒවා ප්‍රිය වූයේ හෝ වේවා අප්‍රිය වූයේ හෝ වේවා ග්‍රහණ වශයෙන් මනාප වූවාහු වෙති. කැමති දෑහි පමණක් රාගයද, අකමැති දෑහි පමණක් ද්වේෂයද උපදිනුයේ නොවේ. රාගස්ස ජවනත්ථාය යනු නොකඩවා පැවතීම් වශයෙන් රාගයාගේ ජවනය සඳහා පැවැති. ආවජ්ජන කිරියාබ්යාකතා යනු චක්ෂු ද්වාරයෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් හටගත්, ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත මනෝධාතුයි. රාගස්ස ජවනා යනු බොහෝසෙයින් සත්වරක් රාගයෙහි පැවැත්ම, නැවත නැවත පැවති රාගයම අඥාන චර්යාව යයිද, නොදැනීමෙන් වන රාගයෙහි චර්යාව යැයිද යූ.සේයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්ථුස්මිං යනු රාග ද්වේෂ වශයෙන් සලකා බැලීම් විරහිත රූපාරම්මණ සංඛ්‍යාත වස්තුයෙහි, මොහස්ස ජවනත්ථාය, විචිකිච්ඡා, උද්ධච්ච වශයෙන් මෝහයෙහි ජවනය සඳහා, අඤ්ඤාණ චරියා යනු නුනුවණෙහිම චර්යාවයි. අනෙකක් නොවේ. විනිබන්ධස්ස යනාදිය මානාදීන්ගේ ස්වභාව හඟවන වචනයෝය. එහි විනිබන්ධස්ස යනු ඉහළ නැගීම් වශයෙන් බැඳී සිටි මානයාගේ; පරාමට්ඨාය යනු රූපයාගේ අනිත්යභාවාදිය ඉක්මවා මත්තෙහි නිත්‍ය භාවාදිය ස්පර්ශකොට ගන්නා ලද්දෙහි, වික්ඛෙපගතස්ස යනු රූපාරම්මණයෙහි වික්ෂෙපභාවයට ගියාවූ. අනිට්ඨංගතාය සනිටුහන් නොකිරීම් ස්වභාවයට පත් - ථාමගතස්ස යනු ඵලප්‍රාප්ත. ධම්මෙසු රූපාදීන්හි හෝ ධර්මාරම්මණ වූ ධර්මයන්හි.
යස්මා රාගාදයො අඤ්ඤාණෙන හොන්ති, තස්මා රාගාදිසම්පයොගෙන අඤ්ඤාණං විසෙසෙන්තො සරාගා චරතීතිආදිමාහ. තත්ථ සරාගා චරතීති මොහමානදිට්ඨිමානානුසයදිට්ඨානුසයඅවිජ්ජානුසයජවනවසෙන චරියා වෙදිතබ්බා. සදොසා චරතීති මොහඅවිජ්ජානුසයජවනවසෙන. සමොහා චරතීති රාගදොසමානදිට්ඨිඋද්ධච්චවිචිකිච්ඡානුසයජවනවසෙන. සමානා චරතීති රාගමොහකාමරාගභවරාගාවිජ්ජානුසයජවනවසෙන. සදිට්ඨි චරතීති රාගමොහකාමරාගාවිජ්ජානුසයජවනවසෙන. සඋද්ධච්චා චරති සවිචිකිච්ඡා චරතීති මොහඅවිජ්ජානුසයජවනවසෙන. සානුසයා චරතීති එත්ථාපි වුත්තනයෙනෙව එකෙකං අනුසයං මූලං කත්වා තස්මිං චිත්තෙ ලබ්භමානකසෙසානුසයවසෙන සානුසයතා යොජෙතබ්බා. රාගසම්පයුත්තාතිආදි සරාගාදිවෙවචනමෙව. සා එව හි චරියා සම්පයොගවසෙන සහ රාගාදීහි වත්තතීති සරාගාදිආදීනි නාමානි ලභති. රාගාදීහි සමං එකුප්පාදෙකනිරොධෙකවත්ථෙකාරම්මණාදීහි පකාරෙහි යුත්තාති රාගසම්පයුත්තානීතිආදීනි නාමානි ලභති. සායෙව ච යස්මා කුසලාදීහි කම්මෙහි විප්පයුත්තා, අකුසලාදීහි කම්මෙහි සම්පයුත්තා, තස්මාපි අඤ්ඤාණචරියාති දස්සෙතුං කුසලෙහි කම්මෙහීතිආදිමාහ. තත්ථ අඤ්ඤාතෙති මොහස්ස අඤ්ඤාණලක්ඛණත්තා යථාසභාවෙන අඤ්ඤාතෙ ආරම්මණෙ. සෙසං වුත්තත්ථමෙව.
රාගාදීහු නොදැනීමෙන් වෙත්ද? එහෙයින් රාගාදී සම්ප්‍රයෝගයෙන් නොදැනීම විශේෂයෙන් දක්වන්නේ, ‘සරාගා චරති’ ආදිය වදාළහ. එහි සරාගා චරති යනු මෝහ, මාන, දෘෂ්ටි අනුසයන්ගේද, අවිද්යානුස ජවන වශයෙන් චර්යා දතයුත්තාහ. සදොසා චරති යනු මෝහ, අවිද්‍යානුසය ජවන වශයෙන්, සමොහා චරති යනු රාග, ද්වේෂ, මාන, දෘෂ්ටි, උද්ධච්ච, විචිකිච්ඡා, අනුසය වශයෙන් සමානා චරති යනු රාග, මෝහ, කාම, රාග, භවරාග, අවිද්‍යානුසය ජවන වශයෙන් සදිට්ඨි චරති යනු රාග, මෝහ, කාමරාග, අවිද්‍යානුසය ජවන වශයෙන් ස උද්ධච්චා සවිචිකිච්ඡා චරති යනු මෝහ, අවිද්‍යානුසය ජවන වශයෙන්, සානුසයා චරති යන මෙහිද කියන ලද ක්‍රමයෙන්ම එක් එක් අනුසය මුල්කොට, එම සිතෙහි ලැබෙන සෙසු අනුසය වශයෙන්, අනුසයතාව යෙදිය යුත්තාහ. සරාගාදී සම්ප්‍රයුත්තා ආදිය සරාගාදි බවට සමානාර්ථයි. එයම චර්යා සම්ප්‍රයෝග වශයෙන්, රාගාදීන් සමග පවතීනුයි සරාගා ආදී නම් ලබයි. රාගාදීන් හා සමව එක්ව ඉපැත්ම, එක්ව නිරෝධය එක් වස්තුව, එක්ව අරමුණු ගැනීම් ආදී ආකාරයන්ගෙන් යුක්ත වූවාහු රාග සම්පයුත්තානි ආදි නාමයන් ලබයි. එයම යම් කුසල් ක්‍රියාවන්ගෙන් වෙන්ව, අකුසල් කර්මයන් හා එක්වීද? එහෙයින්ද අඥාන චර්යාව යැයි දක්වන්ට, ‘කුසලෙහි කම්මෙහි’ ආදිය වදාළහ. එහි අඤ්ඤාතෙ යනු මෝහයෙහි අඥාන ලක්ෂණ හෙයින්, යථා ස්වභාවයෙන් නොදත් අරමුණුවල, සෙස්ස කියන ලද අර්ථයමය.
ඤාණචරියායං යස්මා විවට්ටනානුපස්සනාදීනං අනන්තරපච්චයභූතා ආවජ්ජනකිරියාබ්යාකතා නත්ථි, තස්මා තෙසං අත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතං අවත්වා විවට්ටනානුපස්සනාදයොව වුත්තා. අනුලොමඤාණත්ථාය එව හි ආවජ්ජනා හොති, තතො විවට්ටනානුපස්සනාමග්ගඵලානි. ඵලසමාපත්තීති චෙත්ථ මග්ගානන්තරජා වා හොතු කාලන්තරජා වා, උභොපි අධිප්පෙතා. නීරාගා චරතීතිආදීසු රාගාදීනං පටිපක්ඛවසෙන නීරාගාදිතා වෙදිතබ්බා, විඤ්ඤාණචරියායං රාගාදීනං අභාවමත්තට්ඨෙන. ඤාතෙති යථාසභාවතො ඤාතෙ. අඤ්ඤා විඤ්ඤාණචරියාතිආදීහි තිස්සන්නං චරියානං අඤ්ඤමඤ්ඤමසම්මිස්සතං දස්සෙති. විඤ්ඤාණකිච්චමත්තවසෙන හි අහෙතුකචිත්තුප්පාදා විඤ්ඤාණචරියා, අඤ්ඤාණකිච්චවතං ද්වාදසන්නං අකුසලචිත්තුප්පාදානං වසෙනෙව අඤ්ඤාණචරියා, විසෙසෙන ඤාණකිච්චකාරීනං විපස්සනාමග්ගඵලානං වසෙන ඤාණචරියා. එවමිමා අඤ්ඤමඤ්ඤමසම්මිස්සා ච, විපස්සනං ඨපෙත්වා සහෙතුකකාමාවචරකිරියාකුසලා ච, සහෙතුකකාමාවචරවිපාකා ච, රූපාවචරාරූපාවචරකුසලාබ්යාකතා ච තීහි චරියාහි විනිමුත්තාති වෙදිතබ්බා. නිබ්බානාරම්මණාය විවට්ටනානුපස්සනාය ඤාණචරියාය නිද්දිට්ඨත්තා නිබ්බානමග්ගඵලපච්චවෙක්ඛණභූතානි සෙක්ඛාසෙක්ඛානං පච්චවෙක්ඛණඤාණානි ඤාණචරියාය සඞ්ගහිතානීති වෙදිතබ්බානි. තානිපි හි විසෙසෙන ඤාණකිච්චකරානෙවාති.
ඤාත චර්යාවෙහි, විවට්ටානුපස්සනාදීන්ට, අනන්තර ප්‍රත්‍යය වූ ආවර්ජන ක්‍රියා අව්‍යාකත නැත. ඒ සඳහා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත නොකියා විවට්ටානුපස්සනාදීන්ම කියන ලදි. අනුලෝම ඤාණය සඳහාම ආවර්ජන වේ. ඉන්පසු විවට්ටානුපස්සනා මාර්ගඵලයි. ඵල සමාපත්ති යන මෙහි මාර්ගානන්තරව හටගත් හෝ, කාලාන්තරව හටගත් හෝ යන ද්වයයම අදහස් කරන ලදහ. නිරාගාචරති ආදීන්හි රාගාදීන්ට ප්රතිපක්ෂ වශයෙන් නිරාගාදිතව දතයුත්තාහ. විඤ්ඤාණ චර්යායෙහි, රාගාදීන්ගේ අභාවමාත්‍ර අර්ථයෙන්, ඤාතෙ යනු යථා ස්වභාවයෙන් දත්, ඤාත, අඤ්ඤාත, විඤ්ඤාත ආදී ත්‍රිවිධ චර්යාවන්හි ඔවුනොවුන්ගේ සම්මිශ්‍රණය දක්වයි. විඤ්ඤාණ කෘත්‍ය මාත්‍ර වශයෙන් අහේතුක චිත්තොත්පාද, විඤ්ඤාණ චර්යාව අඥාන කෘත්‍යවත් වූයේ, දොළොස් අකුසල චිත්තොත්පාදයන්ගේ වශයෙන්ම, අඥාන චර්යා, විශේෂයෙන්ද, ඤාණ කෘත්යකාරී විදර්ශනා මාර්ගඵලයන්ගේ වශයෙන් ඤාණ චර්යාවද, මෙසේ මෙහි ඔවුනොවුන් සම්මිශ්ර විදර්ශනාව හැර, සහේතුක කාමාවචර ක්‍රියා කුසල්ද, සහේතුකා කාමාවචර විපාකද, රූපාවචර කුසල අව්‍යාකෘතද, ත්‍රිවිධ චර්යාවන්ගෙන් විනිර්මුක්ත යැයි දතයුත්තාහ. නිර්වාණාරම්මණ, විවට්ටානුපස්සනාවෙන් ඤාණ චර්යාව දක්වන ලද හෙයින් නිර්වාණ මාර්ගඵල ප්රත්යවේක්ෂණ වූ, ශෛක්ෂ අශෛක්‍ෂයන්ගේ ප්රත්යවේක්ෂා ඤාණ ඤාණ චර්යාවෙහි සංග්‍රහ කරන ලදැයි දතයුත්තාහ. එවාද, විශේෂයෙන් ඤාණ කෘත්යකාරකමය.
චරියානානත්තඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
චර්යා නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.