යෙදුමෙන් කියවන්න

18. භූමිනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

18. භූමිනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා

18. භූමි නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව

භූමිනානත‍්තඤාණනිද‍්දෙසෙ භූමියොති භාගා පරිච‍්ඡෙදා වා. කාමාවචරාති එත්‍ථ දුවිධො කාමො කිලෙසකාමො වත්‍ථුකාමො ච. කිලෙසකාමො ඡන්‍දරාගො, වත්‍ථුකාමො තෙභූමකවට‍්ටං. කිලෙසකාමො කාමෙතීති කාමො, වත්‍ථුකාමො කාමීයතීති කාමො. සො දුවිධො කාමො පවත‍්තිවසෙන යස‍්මිං පදෙසෙ අවචරති, සො පදෙසො කාමො එත්‍ථ අවචරතීති කාමාවචරො. සො පන පදෙසො චතුන‍්නං අපායානං, මනුස‍්සලොකස‍්ස, ඡන‍්නඤ‍්ච දෙවලොකානං වසෙන එකාදසවිධො . යථා හි යස‍්මිං පදෙසෙ සසත්‍ථා පුරිසා අවචරන‍්ති, සො විජ‍්ජමානෙසුපි අඤ‍්ඤෙසු ද‍්විපදචතුප‍්පදෙසු අවචරන‍්තෙසු තෙසං අභිලක‍්ඛිතත‍්තා “සසත්‍ථාවචරො”ති වුච‍්චති, එවං විජ‍්ජමානෙසුපි අඤ‍්ඤෙසු රූපාවචරාදීසු තත්‍ථ අවචරන‍්තෙසු තෙසං අභිලක‍්ඛිතත‍්තා අයං පදෙසො “කාමාවචරො”ත්‍වෙව වුච‍්චති. ස‍්වායං යථා රූපභවො රූපං, එවං උත‍්තරපදලොපං කත්‍වා “කාමො”ත්‍වෙව වුච‍්චති. තප‍්පටිබද‍්ධො එකෙකො ධම‍්මො ඉමස‍්මිං එකාදසවිධපදෙසසඞ‍්ඛාතෙ කාමෙ අවචරතීති කාමාවචරො. කිඤ‍්චාපි හි එත්‍ථ කෙචි ධම‍්මා රූපාරූපභවෙසුපි අවචරන‍්ති, යථා පන සඞ‍්ගාමෙ අවචරණතො “සඞ‍්ගාමාවචරො”ති ලද‍්ධනාමො නාගො නගරෙ චරන‍්තොපි “සඞ‍්ගාමාවචරො”ත්‍වෙව වුච‍්චති, ථලජලචරා ච පාණිනො අථලෙ අජලෙ ච ඨිතාපි “ථලචරා ජලචරා”ත්‍වෙව වුච‍්චන‍්ති, එවං තෙ අඤ‍්ඤත්‍ථ අවචරන‍්තාපි කාමාවචරායෙවාති වෙදිතබ‍්බා. ආරම‍්මණකරණවසෙන වා එතෙසු වුත‍්තප‍්පකාරෙසු ධම‍්මෙසු කාමො අවචරතීති කාමාවචරා. කාමඤ‍්චෙස රූපාරූපාවචරධම‍්මෙසුපි අවචරති, යථා පන “වදතීති වච‍්ඡො, මහියං සෙතීති මහිංසො”ති වුත‍්තෙ න යත‍්තකා වදන‍්ති, මහියං වා සෙන‍්ති, සබ‍්බෙසං තං නාමං හොති. එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. එත්‍ථ සබ‍්බෙ තෙ ධම‍්මෙ එකරාසිං කත්‍වා වුත‍්තභූමිසද‍්දමපෙක‍්ඛිත්‍වා කාමාවචරාති ඉත්‍ථිලිඞ‍්ගවචනං කතං. රූපාවචරාතිආදීසු රූපභවො රූපං, තස‍්මිං රූපෙ අවචරන‍්තීති රූපාවචරා. අරූපභවො අරූපං, තස‍්මිං අරූපෙ අවචරන‍්තීති අරූපාවචරා. තෙභූමකවට‍්ටෙ පරියාපන‍්නා අන‍්තොගධාති පරියාපන‍්නා, තස‍්මිං න පරියාපන‍්නාති අපරියාපන‍්නා.

භූමි නානත්‍ව නිර්දේශයෙහි, භූමියො යනු, කොටස, බෙදීම යන අර්ථයි. කාමාවචරා යනු මෙහි කාමය, ක්ලේශකාමය, වස්තුකාම යයි දෙවැදෑරුම්ය. ක්ලේශ කාමය, ඡන්දරාගයයි. වස්තුකාමය ත්‍රෛභූමික වෘත්තයයි. ක්ලේශකාමය කැමැත්තේනුයි කාමයි. වස්තුකාමය ආශා කරයි නුයි කාමයි. ඒ දෙවැදෑරුම් කාමය පැවැතීම් වශයෙන් යම් පෙදෙසක හැසිරේද, එම ප්‍රදේශය කාමයි. මෙහි හැසිරේනුයි කාමාවචරයි. එම ප්‍රදේශය, සතර අපාය, මිනිස් ලොව, සදිව් ලෝකයන්ගේ වශයෙන් එකොළොස් වැදෑරුම්ය. යම් පෙදෙසක ආයුධ සහිත මිනිස්සු හැසිරෙත්ද, අනෙකුත් දෙපා සිවුපාවුන්ගේ හැසිරීම් විද්‍යමාන කල්හි, සලකුණු කළ හෙයින් ඔවුන්ට ආයුධ සහිතයෝ යැයි කියනු ලැබේ. මෙසේ අනෙකුත්, රූපාවචරාදීන් එහි හැසිරෙන්නේ නමුදු එය කාමාවචර වශයෙන් සලකුණු කළ හෙයින් මේ ප්‍රදේශය කාමාවචරම යයි කියනු ලැබේ. ඒ මෙය රූපභවය යම්සේ රූපං වේද? මෙසේ මතු පදය ලොප්කොට කාමයයිම යූ.සේයි. ඒ හා බැඳුණු එක් එක් ධර්මය මෙම එකොළොස් ආකාර ප්‍රදේශ සංඛ්‍යාත කාමයෙහි හැසිරේනුයි කාමාවචරයි. කිසිසේත්, මෙහි සමහර ධර්ම රූපාරූප භවයන්හිද හැසිරෙත්. යම්සේ වනාහි යුදයෙහි හැසිරෙන සෙයින් සංගාමාවචරයැයි ලද නම් ඇති හස්තියා, නගරයෙහි සරන කල්හිද සංගාමාවචරමයයි කියනු ලැබේ. ගොඩදිය සරන ප්‍රාණීහු නොගොඩ, නොජලයෙහි සිටියාහුද, ගොඩසර, දියසරයයිම කියනු ලබත්. මෙසේ ඒවා අන් තැන සරන්නාහුද කාමාවචරයයිම දතයුත්තාහ. අරමුණු කිරීම් වශයෙන් හෝ ඒ කියන ලද ආකාර ධර්මයන්හි කාමය සරානුයි කාමාවචරයි. එම කාමය රූපාවචර අරූපාවචර ධර්මයන්හිද සරයි. යම්සේ වනාහි කියයිනුයි වච්ඡයි. පොළොවෙහි සයනය කෙරේනුයි මහිසොයි කී කල්හි, යම් පමණ පොළොවෙහි නිදත්ද? ඒ සියල්ලට මහිස යන ඒ නාමය නොකියති. මෙම කරුණද එසේයයි දතයුතුය. මෙහි ඒ සියලු ධර්මයන් ඒකරාශී කොට කියන ලද, භූමි ශබ්දය අපේක්‍ෂාකොට කාමාවචරායි ස්ත්‍රීලිංග වචනය කරන ලදි. රූපාවචර ආදීන්හි රූපභවය රූපයයි, එම රූපයෙහි හැසිරෙත්නුයි රූපාවචරයි. අරූපභවය අරූපයි. එම අරූපයෙහි හැසිරෙත්නුයි අරූපාවචරායි. ත්‍රෛභූමික වෘත්තයෙහි අන්තර්ගත වූවාහු, ඇතුළත් වූවාහුනුයි පරියාපන්නයි. එහි ඇතුළත් නුවූයේනුයි අපරියාපන්නායි.

කාමාවචරාදිභූමිනිද‍්දෙසෙසු හෙට‍්ඨතොති හෙට‍්ඨාභාගෙන. අවීචිනිරයන‍්ති ජාලානං වා සත‍්තානං වා වෙදනානං වා වීචි අන‍්තරං ඡිද‍්දං එත්‍ථ නත්‍ථීති අවීචි. සුඛසඞ‍්ඛාතො අයො එත්‍ථ නත්‍ථීති නිරයො, නිරතිඅත්‍ථෙනපි නිරයො. පරියන‍්තං කරිත්‍වාති තං අවීචිසඞ‍්ඛාතං නිරයං අන‍්තං කත්‍වා. උපරිතොති උපරිභාගෙන. පරනිම‍්මිතවසවත‍්තී දෙවෙති පරනිම‍්මිතෙසු කාමෙසු වසං වත‍්තනතො එවංලද‍්ධවොහාරෙ දෙවෙ. අන‍්තො කරිත්‍වාති අන‍්තො පක‍්ඛිපිත්‍වා. යං එතස‍්මිං අන‍්තරෙති යෙ එතස‍්මිං ඔකාසෙ. යන‍්ති ච ලිඞ‍්ගවචනවිපල‍්ලාසො කතො. එත්‍ථාවචරාති ඉමිනා යස‍්මා තස‍්මිං අන‍්තරෙ අඤ‍්ඤෙපි චරන‍්ති කදාචි කත්‍ථචි සම‍්භවතො, තස‍්මා තෙසං අසඞ‍්ගණ‍්හනත්‍ථං අවචරාති වුත‍්තං. තෙන යෙ එකස‍්මිං අන‍්තරෙ ඔගාළ‍්හා හුත්‍වා චරන‍්ති, සබ‍්බත්‍ථ සදා ච සම‍්භවතො, අධොභාගෙ ච චරන‍්ති අවීචිනිරයස‍්ස හෙට‍්ඨා භූතූපාදාය පවත‍්තිභාවෙන, තෙසං සඞ‍්ගහො කතො හොති. තෙ හි ඔගාළ‍්හා චරන‍්ති, අධොභාගෙ ච චරන‍්තීති අවචරා. එත්‍ථ පරියාපන‍්නාති ඉමිනා පන යස‍්මා එතෙ එත්‍ථාවචරා අඤ‍්ඤත්‍ථාපි අවචරන‍්ති, න පන තත්‍ථ පරියාපන‍්නා හොන‍්ති, තස‍්මා තෙසං අඤ‍්ඤත්‍ථාපි අවචරන‍්තානං පරිග‍්ගහො කතො හොති.

කාමාවචරාදී භූමි නිර්දේශයන්හි, හෙට්ඨතො යනු යට කොටසින්, අවීචිනිරයං යනු ගිනිදැල්වල හෝ සත්ත්වයින්ගේ හෝ වේදනාවන්ගේ හෝ රැළ අතර සිදුරක් මෙහි නැතැයි අවීචියි. සුව සංඛ්‍යාත අය මෙහි නැතැයි නිරයයි. ඇල්මක් නැත යන අර්ථයෙන්ද නිරයයි. පරියන්තං කත්‍වා යනු ඒ අවීචි සංඛ්‍යාත නිරය කෙළවරකොට, උපරිතො යනු මතු කොටසින්, පරනිම්මිත වසවත්ති දෙවෙ යනු අන්‍යයා විසින් නිර්මිත කාමවස්තූන් තම වසඟයෙහි පවත්වන හෙයින් මෙසේ ලද ව්‍යවහාර ඇති දෙවිවරුන්, අන්තො කරිත්‍වා යනු ඇතුළට දමා; යංඑතස්මිං අන්තරෙ යනු යම් ඒ අවකාශයෙහි, එත්‍වාවචරා යනු මෙයින් ඒ අතරෙහි, කිසිවිටෙක, කිසිතැනෙක හටගන්නා හෙයින් අන් තන්හිද හැසිරෙත්. එහෙයින් ඒවාහි ඇතුළත් නොකිරීම සඳහා හැසිරේයයි යූ.සේයි. එයින් ඒ අතරෙහි යමක් දැඩිව හැසිරේද? සැම තැන, සැමදා හටගන්නා හෙයින් යට කොටසෙහි හැසිරෙත්. අවීචි නිරයෙහි යට භූත-උපාදාය රූපයන්ගේ ප්‍රවෘත්ති භාවයෙන් ඒවාහි සංග්‍රහය කරන ලද්දේ වේ. ඒවාහි ගැලී හැසිරෙති, යට කොටසෙහි හැසිරෙත්නුයි අවචරයි. එත්‍ථ පරියාපන්නා යනු මෙයින් ඒවා මෙහි හැසිරෙන්නාහු අන් තන්හිද හැසිරෙත්, එහි ඇතුළත් වූවාහු නොවෙති. එහෙයින් ඒවාහි අන් තන්හිද, හැසිරෙන්නවුන්ගේ පරිග්‍රහණය කරන ලද්දේ වේ.

ඉදානි තෙ එත්‍ථ පරියාපන‍්නෙ ධම‍්මෙ රාසිසුඤ‍්ඤතාපච‍්චයභාවතො චෙව සභාවතො ච දස‍්සෙන‍්තො ඛන්‍ධධාතුආයතනාතිආදිමාහ. බ්‍රහ‍්මලොකන‍්ති පඨමජ‍්ඣානභූමිසඞ‍්ඛාතං බ්‍රහ‍්මට‍්ඨානං. අකනිට‍්ඨෙති උත‍්තමට‍්ඨෙන න කනිට‍්ඨෙ. සමාපන‍්නස‍්සාති සමාපත‍්තිං සමාපන‍්නස‍්ස. එතෙන කුසලජ‍්ඣානං වුත‍්තං. උපපන‍්නස‍්සාති විපාකවසෙන බ්‍රහ‍්මලොකෙ උපපන‍්නස‍්ස. එතෙන විපාකජ‍්ඣානං වුත‍්තං. දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්සාති දිට‍්ඨෙව ධම‍්මෙ පච‍්චක‍්ඛෙ අත‍්තභාවෙ සුඛො විහාරො දිට‍්ඨධම‍්මසුඛවිහාරො, සො අස‍්ස අත්‍ථීති දිට‍්ඨධම‍්මසුඛවිහාරී, අරහා. තස‍්ස දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස. එතෙන කිරියජ‍්ඣානං වුත‍්තං. චෙතසිකාති චෙතසි භවා චෙතසිකා, චිත‍්තසම‍්පයුත‍්තාති අත්‍ථො. ආකාසානඤ‍්චායතනූපගෙති ආකාසානඤ‍්චායතනසඞ‍්ඛාතං භවං උපගතෙ. දුතියපදෙපි එසෙව නයො. මග‍්ගාති චත‍්තාරො අරියමග‍්ගා. මග‍්ගඵලානීති චත‍්තාරි අරියමග‍්ගඵලානි. අසඞ‍්ඛතා ච ධාතූති පච‍්චයෙහි අකතා නිබ‍්බානධාතු.

දැන්, මෙහි ඇතුළත් ඒ ධර්මරාශිය ශූන්‍යතා ප්‍රත්‍යය භාවයෙන්ද, ස්වභාව වශයෙන්ද දක්වන්නේ, ස්කන්‍ධ, ධාතු ආයතන ආදිය වදාළහ. බ්‍රහ්මලොකං යනු ප්‍රථමධ්‍යාන භූමි සංඛයාත වූ බ්‍රහ්මස්ථානයයි. අකණිට්ඨෙ යනු කණිටු නොවූයේ උතුම් අර්ථයෙන්, සමාපන්නස්ස යනු සමවතට සමවන්නහුගේ, එයින් කුසල ධ්‍යානය යූ.සේයි. උප්පන්නස්ස යනු විපාක වශයෙන් බඹලොව උපන්නහුගේ එයින් විපාක ධ්‍යානය යූ.සේයි. දිට්ඨධම්ම සුඛ විහාරිස්ස යනු ඉහාත්මයෙහිම, ප්‍රත්‍යක්‍ෂ ආත්ම භාවයෙහි සුව විහරණය දිට්ඨධම්ම සුඛ විහරණයයි. එය මොහුට ඇත්තේනුයි දිට්ඨධම්ම සුඛ විහාරියි. (රහත්හුගේ) ඒ දිට්ඨධම්ම සුඛ විහාරීගේ, එයින් ක්‍රියාධ්‍යානය යූ.සේයි. චෙතසිකා යනු සිතෙහි වූයේ චෛතසිකයි. සිත හා එක්ව යෙදුණේය යන අර්ථයි. ආකාසානඤ්චායතනූපගෙ යනු ආකාසානඤ්චායතන සංඛ්‍යාත භාවයට එළඹි, දෙවන පදයෙහිද එම ක්‍රමයමැයි. මග්ගා යනු සිව් ආර්ය මාර්ගයන්ය. මග්ග ඵලානි යනු සිව් ආර්යමාර්ග ඵලයන්, අසංඛාත ධාතු යනු ප්‍රත්‍යයන්ගෙන් නොකළ නිර්වාණ ධාතුව;

අපරාපි චතස‍්සො භූමියොති එකෙකචතුක‍්කවසෙන වෙදිතබ‍්බා. චත‍්තාරො සතිපට‍්ඨානාති කායානුපස‍්සනාසතිපට‍්ඨානං වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං. තස‍්සත්‍ථො – පතිට‍්ඨාතීති පට‍්ඨානං, උපට‍්ඨාති ඔක‍්කන්‍දිත්‍වා පක‍්ඛන්‍දිත්‍වා පවත‍්තතීති අත්‍ථො. සතියෙව පට‍්ඨානං සතිපට‍්ඨානං. අථ වා සරණට‍්ඨෙන සති, උපට‍්ඨානට‍්ඨෙන පට‍්ඨානං, සති ච සා පට‍්ඨානඤ‍්චාතිපි සතිපට‍්ඨානං. ආරම‍්මණවසෙන බහුකා තා සතියොති සතිපට‍්ඨානා. චත‍්තාරො සම‍්මප‍්පධානාති අනුප‍්පන‍්නානං අකුසලානං අනුප‍්පාදාය සම‍්මප‍්පධානං, උප‍්පන‍්නානං අකුසලානං පහානාය සම‍්මප‍්පධානං, අනුප‍්පන‍්නානං කුසලානං උප‍්පාදාය සම‍්මප‍්පධානං, උප‍්පන‍්නානං කුසලානං ඨිතියා සම‍්මප‍්පධානං. පදහන‍්ති වායමන‍්ති එතෙනාති පධානං, වීරියස‍්සෙතං නාමං . සම‍්මප‍්පධානන‍්ති අවිපරීතප‍්පධානං කාරණප‍්පධානං උපායප‍්පධානං යොනිසොපධානං. එකමෙව වීරියං කිච‍්චවසෙන චතුධා කත්‍වා සම‍්මප‍්පධානාති වුත‍්තං. චත‍්තාරො ඉද‍්ධිපාදාති ඡන්‍දිද‍්ධිපාදො, චිත‍්තිද‍්ධිපාදො, වීරියිද‍්ධිපාදො, වීමංසිද‍්ධිපාදො. තස‍්සත්‍ථො වුත‍්තොයෙව. චත‍්තාරි ඣානානීති විතක‍්කවිචාරපීතිසුඛචිත‍්තෙකග‍්ගතාවසෙන පඤ‍්චඞ‍්ගිකං පඨමජ‍්ඣානං. පීතිසුඛචිත‍්තෙකග‍්ගතාවසෙන තිවඞ‍්ගිකං දුතියජ‍්ඣානං, සුඛචිත‍්තකග‍්ගතාවසෙන දුවඞ‍්ගිකං තතියජ‍්ඣානං, උපෙක‍්ඛාචිත‍්තෙකග‍්ගතාවසෙන දුවඞ‍්ගිකං චතුත්‍ථජ‍්ඣානං. ඉමානි හි අඞ‍්ගානි ආරම‍්මණූපනිජ‍්ඣානට‍්ඨෙන ඣානන‍්ති වුච‍්චන‍්ති. චතස‍්සො අප‍්පමඤ‍්ඤායොති මෙත‍්තා, කරුණා, මුදිතා, උපෙක‍්ඛා. ඵරණඅප‍්පමාණවසෙන අප‍්පමඤ‍්ඤායො. එතායො හි ආරම‍්මණවසෙන අප‍්පමාණෙ වා සත‍්තෙ ඵරන‍්ති, එකං සත‍්තම‍්පි වා අනවසෙසඵරණවසෙන ඵරන‍්තීති ඵරණඅප‍්පමාණවසෙන අප‍්පමඤ‍්ඤායොති වුච‍්චන‍්ති. චතස‍්සො අරූපසමාපත‍්තියොති ආකාසානඤ‍්චායතනසමාපත‍්ති, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්ති, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්ති. චතස‍්සො පටිසම‍්භිදා වුත‍්තත්‍ථා එව.

අපරාපි චතස්සො භූමියො යනු එකිනෙකෙහි චතුෂ්ක වශයෙන් දතයුත්තාහ. චත්තාරො සතිපට්ඨානා යනු කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයි. එහි අර්ථය, පිහිටානුයි පට්ඨානයි. වැටහේ. එහි බැසගෙන ඇතුල්වී පවතීයයි යන අර්ථයි. සිහියම පිහිටීම සතිපට්ඨානයි. නොහොත් සිහිකිරීම් අර්ථයෙන් සිහියද, වැටහෙන අර්ථයෙන් පට්ඨානයි. සිහියද එය පිහිටුවීමද සතිපට්ඨාන නම් වන්නේය. අරමුණු කිරීම් වශයෙන් එම සතීහු බොහෝ වෙත්නුයි සතිපට්ඨානයි. චත්තාරො සම්මප්පධානා යනු නූපන් අකුසලයන්ගේ නොඉපැත්ම සඳහා වන සම්‍යක් ප්‍රධානය උපන් අකුසලයන්ගේ ප්‍රහාණය සඳහා වන සම්‍යක් ප්‍රධානය නූපන් කුසලයන්ගේ ඉපැත්ම සඳහා වන සම්‍යක් ප්‍රධානය උපන් කුසලයන්ගේ ස්ථිතිය සඳහා වන සම්‍යක් ප්‍රධානය යන සතරයි. මෙය කරණකොට ගෙන, බලවත් සේ, උත්සාහ කෙරෙත්, ව්‍යායාම කෙරෙත්නුයි පධානංයි. එය වීර්යයට නාමයකි. සම්‍යක් ප්‍රධාන යනු, විපර්යාස නොවූ උත්සාහය, හේතුසහිත උත්සාහය, අභිවෘද්ධිදායක උත්සාහය, ඤාණාන්විත උත්සාහය යනාදියයි. එකක්ම වූ වීර්යය, කෘත්‍ය වශයෙන් සතරාකාර කොට සම්‍යක් ප්‍රධානයැයි යූ.සේයි. චත්තාරො ඉද්ධිපාදා යනු ඡන්‍ද, චිත්ත, වීර්යය, වීමංස යන සතරයි. එහි අර්ථ කියන ලද්දේමය. චත්තාරි ඣානාති යනු විතර්ක, විචාර, ප්‍රීති, සුව, චිත්තෙකාග්‍රතා වශයෙන් පංචාංගික ප්‍රථමධ්‍යානයයි. ප්‍රීති, සුව, චිත්තෙකාග්‍රතා වශයෙන් ත්‍රයංගික ද්විතිය ධ්‍යානයයි. සුව, චිත්තෙකාග්‍රතා වශයෙන් ද්වයංගික තෘතිය ධ්‍යානයයි. උපේක්‍ෂා, චිත්තෙකාග්‍රතා වශයෙන් ද්වයංගික චතුර්ථ ධ්‍යානයයි. මෙම අංග අරමුණ නැවත නැවත සිතීම් අර්ථයෙන් ධ්‍යානයයි යූ.සේයි. චතස්සො අප්පමඤ්ඤායො යනු මෛත්‍රී, කරුණා, මෘදුබව, උපේක්‍ෂා යන සතර පැතිරීම ප්‍රමාණාතික්‍රාන්ත වශයෙන් අප්පමඤ්ඤායොයි. ඒවා අරමුණු කිරීම් වශයෙන් ප්‍රමාණාතික්‍රාන්ත සත්ත්වයින් කෙරෙහි පතුරුවති. එක් සත්ත්වයෙකු කෙරෙහි හෝ සේස රහිතව පැතිරීම් වශයෙන් පතුරුවති යන අර්ථයෙන්ද, පැතිරීමෙහි අප්‍රමාණතා වශයෙන් අප්පමඤ්ඤායොයි කියනු ලබති. චතස්සො අරූප සමාපත්තියො යනු ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතරයි. සිව්පිළිසිඹියා කියන ලද අර්ථයමය.

චතස‍්සො පටිපදාති “දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා”ති (දී· නි· 3.311) වුත‍්තා චතස‍්සො පටිපදා. චත‍්තාරි ආරම‍්මණානීති පරිත‍්තං පරිත‍්තාරම‍්මණං, පරිත‍්තං අප‍්පමාණාරම‍්මණං, අප‍්පමාණං පරිත‍්තාරම‍්මණං, අප‍්පමාණං අප‍්පමාණාරම‍්මණන‍්ති (ධ· ස· 181 ආදයො) වුත‍්තානි චත‍්තාරි ආරම‍්මණානි. කසිණාදිආරම‍්මණානං අවවත්‍ථාපෙතබ‍්බතො ආරම‍්මණවන‍්තානි ඣානානි වුත‍්තානීති වෙදිතබ‍්බානි. චත‍්තාරො අරියවංසාති අරියා වුච‍්චන‍්ති බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච තථාගතසාවකා ච, තෙසං අරියානං වංසා තන‍්තියො පවෙණියොති අරියවංසා. කෙ පන තෙ? චීවරසන‍්තොසො පිණ‍්ඩපාතසන‍්තොසො සෙනාසනසන‍්තොසො භාවනාරාමතාති ඉමෙ චත‍්තාරො. ගිලානපච‍්චයසන‍්තොසො පිණ‍්ඩපාතසන‍්තොසෙ වුත‍්තෙ වුත‍්තොයෙව හොති. යො හි පිණ‍්ඩපාතෙ සන‍්තුට‍්ඨො, සො කථං ගිලානපච‍්චයෙ අසන‍්තුට‍්ඨො භවිස‍්සති.

චතස්සො පටිපදා යනු දුක් ප්‍රතිපදාව ඉක්මන් නොවූ අභිඥායි. දුක් ප්‍රතිපදාව වහා අභිඥායි. සුව ප්‍රතිපදාව ඉක්මන් නොවූ අභිඥායි. සුව ප්‍රතිපදාව වහා අභිඥායි කියන ලද සිව් ප්‍රතිපදාවෝය. චත්තාරි ආරම්මණානි යනු ස්වල්ප වූ ස්වල්පාරම්මණය, ස්වල්ප වූ අප්‍රමාණාරම්මණය, අප්‍රමාණ වූ ස්වල්පාරම්මණය, අප්‍රමාණ වූ අප්‍රමාණාරම්මණය යන සිව් අරමුණු, කසිණාදී අරමුණු නිශ්චය නොකළ යුතු හෙයින්, අරමුණුවල අරමුණුවත් ධ්‍යාන යූ. සේයි. චත්තාරො අරියවංසා යනු බුදු, පසේබුදු, තථාගත ශ්‍රාවකයෝ ආර්යයයි කියනු ලැබෙත්. ඒ ආර්යයන්ගේ වංශය, පෙළ, පරම්පරාවනුයි, අරියවංශයි. ඒවා කවරහුද? චීවර, පිණ්ඩපාත, සේනාසනයන්හි ලද පමණින් සතුටුවීම භාවනාවෙහි ඇලීම යන මේ සතරයි. ගිලානප්‍රත්‍යය සන්තෝෂය, පිණ්ඩපාත සන්තෝෂයෙහිම ගැබ්වේ. යමෙක් පිණ්ඩපාතයෙහි සතුටුවූයේ වේද? හෙතෙම කෙසේ ගිලාන ප්‍රත්‍යයෙහි සතුටු නොවන්නේ වන්නේද?

චත‍්තාරි සඞ‍්ගහවත්‍ථූනීති චත‍්තාරි ජනසඞ‍්ගණ‍්හනකාරණානි – දානඤ‍්ච පෙය්‍යවජ‍්ජඤ‍්ච අත්‍ථචරියා ච සමානත‍්තතා චාති ඉමානි චත‍්තාරි. දානන‍්ති යථාරහං දානං. පෙය්‍යවජ‍්ජන‍්ති යථාරහං පියවචනං. අත්‍ථචරියාති තත්‍ථ තත්‍ථ කත‍්තබ‍්බස‍්ස කරණවසෙන කත‍්තබ‍්බාකත‍්තබ‍්බානුසාසනවසෙන ච වුද‍්ධිකිරියා. සමානත‍්තතාති සහ මානෙන සමානො, සපරිමාණො සපරිගණනොති අත්‍ථො. සමානො පරස‍්ස අත‍්තා එතෙනාති සමානත‍්තො, සමානත‍්තස‍්ස භාවො සමානත‍්තතා, “අයං මයා හීනො, අයං මයා සදිසො, අයං මයා අධිකො”ති පරිගණෙත්‍වා තදනුරූපෙන උපචරණං කරණන‍්ති අත්‍ථො. “සමානසුඛදුක‍්ඛතා සමානත‍්තතා”ති ච වදන‍්ති.

චත්තාරි සංගහ වත්‍ථුනි යනු ජනසංග්‍රහකාරක කරුණු සතරකි. දානය, ප්‍රිය වූ කිවයුතු දෑ, අර්ථචරියාව, සමානාත්මතාව යන මෙම සතරයි. දානං යනු සුදුසු පරිදි දීම, පෙය්‍යවජ්ජං යනු සුදුසු පරිදි ප්‍රියවචන කථාකිරීම, අර්ථචර්යා යනු ඒ ඒ තන්හි කළයුත්තෙහි කිරීම් වශයෙන්ද කළයුතු නොකළයුතු දෑහි අනුසාසනා වශයෙන් අභිවෘද්ධිදායක කටයුතුවල යෙදවීම, සමානත්තතා යනු මැනීම් සමග වූයේ සමානයි. ප්‍රමාණ සහිත වූයේ ගණන් ගැනීම් සහිත වූයේ යන අර්ථයි. අන්‍යයාට. තෙමේ සමාන වූයේ එයිනුයි සමානත්තයි, සමානාත්මයාගේ ස්වභාවය සමානත්තතායි. මෙතෙම මට වඩා පහත්ය. මෙතෙම මා හා සමානය. මෙතෙම මට වඩා උසස් යයි ගණන් ගෙන ඊට සුදුසු අයුරින් හැසිරීම කිරීමයි අර්ථයි. සමාන සුවදුක්තාවය සමානාත්මතාවයැයි කියති.

චත‍්තාරි චක‍්කානීති එත්‍ථ චක‍්කං නාම දාරුචක‍්කං, රතනචක‍්කං, ධම‍්මචක‍්කං, ඉරියාපථචක‍්කං, සම‍්පත‍්තිචක‍්කන‍්ති පඤ‍්චවිධං. තත්‍ථ “යං පන තං, දෙව, චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහී”ති (අ· නි· 3.15) ඉදං දාරුචක‍්කං. “චක‍්කං වත‍්තයතො පරිග‍්ගහෙත්‍වා”ති (ජා· 1.13.68) ඉදං රතනචක‍්කං. “මයා පවත‍්තිතං චක‍්ක”න‍්ති (සු· නි· 562) ඉදං ධම‍්මචක‍්කං. “චතුචක‍්කං නවද‍්වාර”න‍්ති (සං· නි· 1.29) ඉදං ඉරියාපථචක‍්කං. “චත‍්තාරිමානි , භික‍්ඛවෙ, චක‍්කානි, යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සානං චතුචක‍්කං වත‍්තති. කතමානි චත‍්තාරි? පතිරූපදෙසවාසො, සප‍්පුරිසාවස‍්සයො, අත‍්තසම‍්මාපණිධි, පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතා”ති (අ· නි· 4.31) ඉදං සම‍්පත‍්තිචක‍්කං. ඉධාපි එතදෙව අධිප‍්පෙතං. තත්‍ථ පතිරූපදෙසවාසොති යත්‍ථ චතස‍්සො පරිසා සන්‍දිස‍්සන‍්ති, එවරූපෙ අනුච‍්ඡවිකෙ දෙසෙ වාසො. සප‍්පුරිසාවස‍්සයොති බුද‍්ධාදීනං සප‍්පුරිසානං අවස‍්සයනං සෙවනං භජනං. අත‍්තසම‍්මාපණිධීති අත‍්තනො සම‍්මා පතිට‍්ඨාපනං. සචෙ පුබ‍්බෙ අස‍්සද‍්ධාදීහි සමන‍්නාගතො හොති, තානි පහාය සද‍්ධාදීසු පතිට‍්ඨාපනං. පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතාති පුබ‍්බෙ උපචිතකුසලතා. ඉදමෙව චෙත්‍ථ පමාණං. යෙන හි ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන කුසලකම‍්මං කතං හොති, තදෙව කුසලං තං පුරිසං පතිරූපදෙසෙ උපනෙති, සප‍්පුරිසෙ භජාපෙති, සො එව පුග‍්ගලො අත‍්තානං සම‍්මා ඨපෙතීති.

චත්තාරි චක්කානි යන මෙහි චක්‍රය නම්, දැව චක්‍රය, රතනචක්‍රය, ධර්මචක්‍රය, ඉරියාපථ චක්‍රය, සම්පත්ති චක්‍රයයි පස්වැදෑරුම්ය. එහි ‘දේවයන් වහන්ස, යම් ආකාර වූ මෙම චක්‍රය සයමස් තෙදිනකින් නිමවිය - මෙය දැව චක්‍රයයි’ චක්‍රය පවත්වමින් පමුණුවයි මේ රත්නචක්‍රයයි. ‘මා විසින් පවත්වන ලද චක්‍රය’, මෙය ධර්මය චක්‍රයයි. ‘සිව් චක්‍ර නවද්වාර’ මෙය ඉරියව් චක්‍රයයි, යම් කරුණුවලින් යුත් දෙව් මිනිසුන්ට සිව්චක්‍ර පවතිද, මහණෙනි, මේ එම චක්‍ර සතරයි. කවර සතරෙක්ද? සුදුසු දෙස්හි විසීම, සත්පුරුෂයින්ගේ ආශ්‍රය, තම ආත්මය මනාකොට පිහිටුවා ගැනීම, පෙර කළ පින් ඇති බව, මෙය සම්පත් චක්‍රයයි. මෙහිදී එයම අදහස් කරන ලදි. එහි පතිරූප දෙස වාස යනු යම්තැනක සිව් පිරිස දක්නට ලැබෙත්ද? එබඳු සුදුසු දෙස්හි විසීමයි. සත්පුරුෂ ආශ්‍රය යනු, බුද්ධාදී සත්පුරුෂයින්ගේ ආශ්‍රය, සේවනය, භජනය, අත්ත සම්මා පණිධි යනු තමාගේ ආත්මය මනාව පිහිටුවීම, ඉදින් පෙර අශ්‍රද්ධාදීන්ගෙන් යුක්ත වූයේ වේද? ඒවා අත්හැර ශ්‍රද්ධාදීන්හි පිහිටුවීමයි. පුබ්බෙච කතපුඤ්ඤතා යනු - පෙර රැස්කරන ලද කුසල් ඇති බව, මෙහි මයෙම ප්‍රමාණවත්ය. යම් හෙයකින් ඤාණ සම්ප්‍රයුක්ත සිතෙන් කුසල කර්මයක් කරන ලද්දේ වේද? එම කුශලයම ඒ පුරුෂයා සුදුසු දේසයට එළවයි. සත්පුරුෂයන් භජනය කරවයි. එම පුද්ගලයාම මතා මනාව තබයි.

චත‍්තාරි ධම‍්මපදානීති චත‍්තාරො ධම‍්මකොට‍්ඨාසා. කතමානි චත‍්තාරි? අනභිජ‍්ඣා ධම‍්මපදං, අබ්‍යාපාදො ධම‍්මපදං, සම‍්මාසති ධම‍්මපදං, සම‍්මාසමාධි ධම‍්මපදං. අනභිජ‍්ඣා ධම‍්මපදං නාම අලොභො වා අනභිජ‍්ඣාවසෙන අධිගතජ‍්ඣානවිපස‍්සනාමග‍්ගඵලනිබ‍්බානානි වා. අබ්‍යාපාදො ධම‍්මපදං නාම අකොපො වා මෙත‍්තාසීසෙන අධිගතජ‍්ඣානාදීනි වා. සම‍්මාසති ධම‍්මපදං නාම සූපට‍්ඨිතස‍්සති වා සතිසීසෙන අධිගතජ‍්ඣානාදීනි වා. සම‍්මාසමාධි ධම‍්මපදං නාම අට‍්ඨසමාපත‍්ති වා අට‍්ඨසමාපත‍්තිසීසෙන අධිගතජ‍්ඣානාදීනි වා. දසඅසුභවසෙන වා අධිගතජ‍්ඣානාදීනි අනභිජ‍්ඣා ධම‍්මපදං, චතුබ්‍රහ‍්මවිහාරවසෙන අධිගතානි අබ්‍යාපාදො ධම‍්මපදං, දසානුස‍්සතිආහාරෙපටිකූලසඤ‍්ඤාවසෙන අධිගතානි සම‍්මාසති ධම‍්මපදං, දසකසිණආනාපානවසෙන අධිගතානි සම‍්මාසමාධි ධම‍්මපදන‍්ති. ඉමා චතස‍්සො භූමියොති එකෙකං චතුක‍්කවසෙනෙව යොජෙතබ‍්බං.

චත්තාරි ධම්මපදානි යනු සිව්දම් කොටස්, කවර සතරෙක්ද? අනභිජ්ඣා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි යන සතරයි. අනභිජ්ඣා ධර්ම පදය නම් අලෝභය හෝ අනභිජ්ඣා වශයෙන් අවබෝධ කළ ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල නිර්වාණය හෝ; අව්‍යාපාද ධර්මපදය නම් කෝප නොවීම හෝ මෛත්‍රී ශීර්ෂයෙන් අවබෝධ කළ, ධ්‍යානාදිය හෝ; සම්මා සති ධර්මපදය නම්; මනාව පිහිටි සිහිය හෝ සති ශීර්ෂයෙන් අවබෝධ කළ ධ්‍යානාදිය හෝ; සම්මා සමාධි ධර්මපදය නම්; අටසමවත් හෝ අටසමවත් ශීර්ෂයෙන් අවබෝධ කළ ධ්‍යානාදිය හෝ දස අසුභ වශයෙන් අවබෝධ කළ ධ්‍යානාදිය අනභිජ්ඣා ධර්මපදයයි. සිව්බඹ විහරණ වශයෙන් අවබෝධ කළාහු අව්‍යාපද ධර්මපදයි. දස අනුස්සති, ආහාරයෙහි පටික්කූල සංඥා වශයෙන් අවබෝධ කළාහු සම්මා සති ධර්මපදයි. දස කසිණ අනාපානාදි වශයෙන් අවබෝධය, සම්මා සති ධර්මපදයි. ඉමා චතස්සො භූමියො යනු එක එක චතුෂ්ක වශයෙන්ම යෙදිය යුතුය.

භූමිනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

භූමි නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.