යෙදුමෙන් කියවන්න

19. ධම‍්මනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

19. ධම‍්මනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා

19. ධර්ම නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව

ධම‍්මනානත‍්තඤාණනිද‍්දෙසෙ කම‍්මපථෙති කම‍්මානි ච තානි පථා ච අපායගමනායාති කම‍්මපථා, තෙ කම‍්මපථෙ. දස කුසලකම‍්මපථා නාම පාණාතිපාතා අදින‍්නාදානා කාමෙසුමිච‍්ඡාචාරා වෙරමණීති තීණි කායසුචරිතානි, මුසාවාදා පිසුණාය වාචාය ඵරුසාය වාචාය සම‍්ඵප‍්පලාපා වෙරමණීති චත‍්තාරි වචීසුචරිතානි, අනභිජ‍්ඣා අබ්‍යාපාදො සම‍්මාදිට‍්ඨීති තීණි මනොසුචරිතානි. දස අකුසලකම‍්මපථා නාම පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසුමිච‍්ඡාචාරොති තීණි කායදුච‍්චරිතානි, මුසාවාදො පිසුණා වාචා ඵරුසා වාචා සම‍්ඵප‍්පලාපොති චත‍්තාරි වචීදුච‍්චරිතානි, අභිජ‍්ඣා බ්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨීති තීණි මනොදුච‍්චරිතානි. කුසලාකුසලාපි ච පටිසන්‍ධිජනකායෙව කම‍්මපථාති වුත‍්තා, වුත‍්තාවසෙසා පටිසන්‍ධිජනනෙ අනෙකන‍්ති කත‍්තා කම‍්මපථාති න වුත‍්තා. ඔළාරිකකුසලාකුසලගහණෙනෙව සෙසකුසලාකුසලාපි ගහිතාති වෙදිතබ‍්බා. රූපන‍්ති භූතොපාදායභෙදතො අට‍්ඨවීසතිවිධං රූපං. විපාකන‍්ති කාමාවචරකුසලවිපාකානං සොළසන‍්නං, අකුසලවිපාකානං සත‍්තන‍්නඤ‍්ච වසෙන තෙවීසතිවිධං විපාකං. කිරියන‍්ති තිණ‍්ණමහෙතුකකිරියානං, අට‍්ඨන‍්නං සහෙතුකකිරියානඤ‍්ච වසෙන එකාදසවිධං කාමාවචරකිරියං. විපාකාභාවතො කිරියාමත‍්තාති කිරියා. එත‍්තාවතා කාමාවචරමෙව රූපාබ්‍යාකතවිපාකාබ්‍යාකතකිරියාබ්‍යාකතවසෙන වුත‍්තං.

ධර්ම නානත්‍ව නිර්දේශයෙහි, කම්මපථෙ යනු කර්මද ඒවාම අපාගමනට මාර්ගනුයි කර්මපථයි. ඒ කර්මපථයන්, දස කුසල කර්මපථනම්; ප්‍රාණඝාත, අදින්නාදාන, කාමයන්හි වරදවා හැසිරීම යන ත්‍රයයෙන් වෙන්වීම කාය සුචරිතයි. මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, ඵරුසවචනයෙන්, හිස්වචන කථා කිරීමෙන් වැළැක්ම යන සතර වාග් සුචරිතයි. අනභිධ්‍යා, අව්‍යාපාද, සම්‍යක් දෘෂ්ටි යන ත්‍රයය මනෝ සුචරිතයි. දස අකුසල කර්මපථ නම්; ප්‍රාණඝාත, අදින්නාදාන, කාමයන්හි වරදවා හැසිරීම යන ත්‍රයය කාය දුශ්චරිතයි. මුසාවාද, කේළාම්, ඵරුසවචන, හිස්වචන කථා කිරීම යන සතර වාග් දුශ්චරිතයි. අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන ත්‍රයය මනෝ දුශ්චරිතයි. කුසල් අකුසල්හි ප්‍රතිසන්‍ධිජනක වූයේම කර්මපථයයි යූ.සේයි. ඉතිරි ප්‍රතිසන්‍ධි ඇතිකරලීමෙහි ඒකාන්තයෙන් ප්‍රබලතාවක් නොමැතියේ කර්මපථයයි නොකියන ලදි. දස කුසල් අකුසල් ග්‍රහණයෙන්ම සෙසු කුසල් අකුසල් ගන්නා ලදැයි දතයුත්තාහ. රූපං යනු භූත-උපාදාය භේදයෙන් අටවිසි වැදෑරුම් රූප වේ. විපාකං යනු කාමාවචර කුසලවිපාක සොළොසද, අකුසල විපාක සතද වශයෙන් තෙවිසි වැදෑරුම් විපාක වේ. කිරියං ත්‍රිවිධ අහේතුක ක්‍රියාවන්ද අටවැදෑරුම් සහේතුක ක්‍රියාවන්ගේද වශයෙන් එකොළොස් වැදෑරුම් ක්‍රියා විපාක අභාවයෙන් ක්‍රියා මාත්‍රයමනුයි ක්‍රියායි. මෙපමණෙකින් කාමාවචරම රූප අව්‍යාකෘත, විපාක අව්‍යාකෘත වශයෙන් යූ.සේයි.

ඉධට‍්ඨස‍්සාති ඉමස‍්මිං ලොකෙ ඨිතස‍්ස. යෙභුය්‍යෙන මනුස‍්සලොකෙ ඣානභාවනාසබ‍්භාවතො මනුස‍්සලොකවසෙන වුත‍්තං, ඣානානි පන කදාචි කරහචි දෙවලොකෙපි ලබ‍්භන‍්ති, රූපීබ්‍රහ‍්මලොකෙපි තත්‍රූපපත‍්තිකහෙට‍්ඨූපපත‍්තිකඋපරූපපත‍්තිකානං වසෙන ලබ‍්භන‍්ති. සුද‍්ධාවාසෙ පන අරූපාවචරෙ ච හෙට‍්ඨූපපත‍්තිකා නත්‍ථි. රූපාරූපාවචරෙසු අභාවිතජ‍්ඣානා හෙට‍්ඨා නිබ‍්බත‍්තමානා කාමාවචරසුගතියංයෙව නිබ‍්බත‍්තන‍්ති, න දුග‍්ගතියං. තත්‍රූපපන‍්නස‍්සාති විපාකවසෙන බ්‍රහ‍්මලොකෙ උපපන‍්නස‍්ස පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන වත‍්තමානානි චත‍්තාරි විපාකජ‍්ඣානානි. රූපාරූපාවචරජ‍්ඣානසමාපත‍්තීසු කිරියාබ්‍යාකතානි න වුත‍්තානි. කිඤ‍්චාපි න වුත‍්තානි, අථ ඛො කුසලෙහි සමානපවත‍්තිත‍්තා කුසලෙසු වුත‍්තෙසු වුත‍්තානෙව හොන‍්තීති වෙදිතබ‍්බානි. යථා පට‍්ඨානෙ “කුසලාකුසලෙ නිරුද‍්ධෙ විපාකො තදාරම‍්මණතා උප‍්පජ‍්ජතී”ති (පට‍්ඨා· 1.1.406, 409) කුසලජවනග‍්ගහණෙනෙව කිරියජවනං සඞ‍්ගහිතං, එවමිධාපි දට‍්ඨබ‍්බං. සාමඤ‍්ඤඵලානීති චත‍්තාරි සාමඤ‍්ඤඵලානි. එතෙන ලොකුත‍්තරවිපාකාබ්‍යාකතං වුත‍්තං. නිබ‍්බානන‍්ති නිබ‍්බානාබ්‍යාකතං.

ඉධට්ඨස්ස මෙලොව සිටියහුගේ, බොහෝසෙයින් මිනිස් ලොව, ධ්‍යාන භාවනා, සාධනයෙන් මිනිස්ලෝ වශයෙන් යූ.සේයි. ධ්‍යාන වනාහි සමහරවිට දිව්‍යලෝකයන්හිද ලැබෙත්. රූපී බඹලොවෙහිද, එහි උපදින, යට උපදින, මතු මත්තෙහි ඉපදීම් වශයෙන් ලැබෙත්. අරූපාවචරයන්හි සුද්ධාවාසයෙන් යට උත්පත්ති නැත. රූපාවචර, අරූපාවචරයන්හි, දියුණු නොකළ ධ්‍යාන සහිත වූවාහු යට උපදිනු ලබන්නාහු කාමාවචර සුගතියෙහිම උපදිති. දුගතියෙහි නූපදිති. තත්‍රෑපපන්නස්ස යනු විපාක වශයෙන් බඹලොව උපන්නහුගේ ප්‍රතිසන්‍ධිභවංග, චුති වශයෙන් පවත්නා සතර විපාක ධ්‍යානයන් රූපාවචර, අරූපාවචර ධ්‍යාන සමවත්හි ක්‍රියා අව්‍යාකෘත නොකියන ලදි. කිසිසේත් නොකියන ලදි. තවද, කුසලයන් හා සමාන පැවතුම් හෙයින් කුසලයන් කී කල්හි කියන ලද්දේම වෙත්යයි දතයුත්තාහ. පට්ඨානයහෙි, කුසලා කුසලයන් නිරුද්ධ කල්හි විපාකය තදාරම්මණතාවයෙන් උපදී. කුසල් ජවන් ග්‍රහණයෙන්ම ක්‍රියා ජවනය සංගෘහිතයි. මෙහිද එසේයයි දතයුතුය. සාමඤ්ඤඵලානි යනු සතර මාර්ගඵල, ඉන් ලෝකෝත්තර විපාක අව්‍යාකෘත යූ.සේයි. නිබ්බාණං යනු නිර්වාණා ව්‍යාකෘතයයි.

පාමොජ‍්ජමූලකාති පාමොජ‍්ජං මූලං ආදි එතෙසන‍්ති පාමොජ‍්ජමූලකා, පාමොජ‍්ජාදිකාති අත්‍ථො. පාමොජ‍්ජෙන හි සමාගතානෙව හොන‍්ති. අනිච‍්චතො මනසිකරොතො පාමොජ‍්ජං ජායතීති එත්‍ථ යොනිසොමනසිකරොතොයෙව පාමොජ‍්ජං ජායති, න අයොනිසොමනසිකරොතො. අයොනිසොමනසිකරොතො කුසලුප‍්පත‍්තියෙව නත්‍ථි, පගෙව විපස‍්සනා. කස‍්මා සරූපෙන වුත‍්තන‍්ති චෙ? පාමොජ‍්ජස‍්ස බලවභාවදස‍්සනත්‍ථං. පාමොජ‍්ජෙ හි අසති පන‍්තෙසු ච සෙනාසනෙසු අධිකුසලෙසු ච ධම‍්මෙසු අරති උක‍්කණ‍්ඨිතා උප‍්පජ‍්ජති. එවං සති භාවනායෙව උක‍්කමති. පාමොජ‍්ජෙ පන සති අරතිඅභාවතො භාවනාපාරිපූරිං ගච‍්ඡති. යොනිසොමනසිකාරස‍්ස පන මූලභාවෙන භාවනාය බහූපකාරත‍්තං දස‍්සෙතුං උපරි නවකං වක‍්ඛති.

පාමුජ්ජ මූලකා යනු ප්‍රමෝද්‍යය. මුල්වූයේ ආරම්භය වූයේ, ඒවාටනුයි ප්‍රමෝද්‍ය මූලිකයි. ප්‍රමෝදය ආදිකොට ඇත්තේය යන අර්ථයි. ප්‍රමෝද්‍යයෙන් එක්රැස් වූයේම වෙති. අනිච්චතො මනසිකරොතො පාමුජ්ජං ජායති මෙහි නුවණින් මෙනෙහි කරන්නා හටම ප්‍රමෝදය හටගනී. නුනුවණින් මෙනෙහි කරන්නාට නොවේ. නුනුවණින් මෙනෙහි කරන්නාහට කුසල් ඉපැත්මක් කැලම නැත. විදර්ශනා ගැන කියනුම කවරේද? කුමක් හෙයින් ස්වරූපයෙන් කියන ලදද යත්? ප්‍රමෝද්‍යයාගේ බලවත්භාවය දැක්වීම සඳහායි. ප්‍රමෝදය නොමැති කල්හි, විවේකස්ථානයන්හි පිහිටි සෙනසුන්හිද, අධිකුසල් දම්හිද නොඇල්ම කළකිරීම උපදී. මෙසේ ඇතිකල්හි, භාවනා මාර්ගයෙන් පිටපනී. ප්‍රමෝදය ඇතිකල්හි නොඇල්ම නොමැති හෙයින් භාවනාව පරිපූර්ණත්වයට යේ. නුවණින් මෙනෙහි කිරීම මූලික භාවයෙන් ගත් කල්හි භාවනාවට බොහෝ උපකාරවත් බව දක්වන්ට මතු නවකය කියයි.

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානත”න‍්ති. (ධ· ප· 374) –

යතො යතො සම්මසති - ඛන්‍ධානං උදයබ්බයං, ලභතී පීතිපාමොජ්ජං - අමතං තං විජානතං

යම්කලෙක පටන් ස්කන්ධයන්ගේ උදය-ව්‍යය සම්මර්ශනය කෙරේද? ඉන් නිවන් අවබෝධ කරන ප්‍රීති ප්‍රමෝද්‍යය ලබයි,

වචනතො විපස‍්සකස‍්ස විපස‍්සනාපච‍්චයා පාමොජ‍්ජං උප‍්පජ‍්ජති. ඉධ පන කලාපසම‍්මසනපච‍්චයා පාමොජ‍්ජං ගහෙතබ‍්බං. පමුදිතස‍්ස භාවො පාමොජ‍්ජං, දුබ‍්බලා පීති. ආදිකම‍්මත්‍ථෙ ප-කාරො දට‍්ඨබ‍්බො. පමුදිතස‍්සාති තෙන පාමොජ‍්ජෙන පමුදිතස‍්ස තුට‍්ඨස‍්ස. පමොදිතස‍්සාතිපි පාඨො. සොයෙවත්‍ථො. පීතීති බලවපීති. පීතිමනස‍්සාති පීතියුත‍්තමනස‍්ස. යුත‍්තසද‍්දස‍්ස ලොපො දට‍්ඨබ‍්බො යථා අස‍්සරථොති . කායොති නාමකායො, රූපකායෙන සහ වා. පස‍්සම‍්භතීති වූපසන‍්තදරථො හොති. පස‍්සද‍්ධකායොති උභයපස‍්සද‍්ධියොගෙන නිබ‍්බුතකායො. සුඛං වෙදෙතීති චෙතසිකං සුඛං වින්‍දති, කායිකසුඛෙන සහ වා. සුඛිනොති සුඛසමඞ‍්ගිස‍්ස. චිත‍්තං සමාධියතීති චිත‍්තං සමං ආධියති, එකග‍්ගං හොති. සමාහිතෙ චිත‍්තෙති භාවෙනභාවලක‍්ඛණත්‍ථෙ භුම‍්මවචනං. චිත‍්තසමාහිතභාවෙන හි යථාභූතජානනං ලක‍්ඛීයති. යථාභූතං පජානාතීති උදයබ‍්බයඤාණාදිවසෙන සඞ‍්ඛාරං යථාසභාවං ජානාති. පස‍්සතීති තංයෙව චක‍්ඛුනා දිට‍්ඨං විය ඵුටං කත්‍වා පඤ‍්ඤාචක‍්ඛුනා පස‍්සති. නිබ‍්බින්‍දතීති නවවිධවිපස‍්සනාඤාණයොගෙන සඞ‍්ඛාරෙසු උක‍්කණ‍්ඨති. නිබ‍්බින්‍දං විරජ‍්ජතීති තං විපස‍්සනං සිඛං පාපෙන‍්තො මග‍්ගඤාණයොගෙන සඞ‍්ඛාරෙහි විරත‍්තො හොති. විරාගා විමුච‍්චතීති විරාගසඞ‍්ඛාතමග‍්ගහෙතු ඵලවිමුත‍්තියා නිබ‍්බානෙ අධිමොක‍්ඛෙන විමුච‍්චති. කෙසුචි පන පොත්‍ථකෙසු ඉමස‍්මිං වාරෙ “සමාහිතෙන චිත‍්තෙන ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාතී”තිආදි සච‍්චනයො ලිඛිතො, සොපි ච කෙසුචි පොත්‍ථකෙසු “ඉදං දුක‍්ඛන‍්ති යොනිසො මනසි කරොතී”තිආදිනා නයෙන ලිඛිතො. වාරද‍්වයෙපි බ්‍යඤ‍්ජනතොයෙව විසෙසො, න අත්‍ථතො. “නිබ‍්බින්‍දං විරජ‍්ජතී”ති හි මග‍්ගඤාණස‍්ස වුත‍්තත‍්තා මග‍්ගඤාණෙ ච සිද‍්ධෙ චතුසච‍්චාභිසමයකිච‍්චං සිද‍්ධමෙව හොති. තස‍්මා චතුසච‍්චනයෙන වුත‍්තවාරොපි ඉමිනා වාරෙන අත්‍ථතො අවිසිට‍්ඨොයෙව.

යන වචනයෙන් විදර්ශකයාට විදර්ශනා ප්‍රත්‍යයෙන් ප්‍රමෝද්‍යය උපදියි. මෙහි කලාප සම්මර්ශන ප්‍රත්‍යයෙන් වන ප්‍රමෝද්‍යය ගතයුතුය. ප්‍රමුදිතයාගේ ස්වභාවය ප්‍රමෝද්‍යයයි. දුර්වල ප්‍රීතිය, ආදී කර්මාර්ථයෙහි ‘ප’ කාරය දතයුතුය. පමුදිතස්ස යනු ඒ ප්‍රමෝදයෙන් ප්‍රමුදිත වූවහුට, සතුටු වූවහුට, පමොදිතස්ස යයිද පාඨයි. අර්ථය එයමය. පීති යනු බලවත් ප්‍රීතියයි. පීතිමනස්ස යනු ප්‍රීති යුත් සිත් ඇත්තහුගේ, යුත්ත ශබ්දයාගේ ලෝපය දතයුතුය. අශ්වරථය යම්සේද එසේය. කායො යනු නාමකයයි. රූප කය සමග හෝ, පස්සම්භති යනු සන්සුන්දාහ ඇත්තේ වේ. පස්සද්ධ කායො යනු ද්විවිධ සන්සිඳීම් යෝගයෙන් නිවුණු සිරුරැතියේ. සුඛං වෙදෙති යනු චෛතසික සුව විඳියි. කායික සුවය සමග හෝ. සුඛිනො යනු සුව යුක්තහුගේ, චිත්තං සමාධියති යනු සිත සමව පවත්වයි. එකඟ වේ. සමාහිතෙ චිත්තෙ යන වැඩීමෙහි වැඩීම් ලත්‍ෂණාර්ථයෙහි සත්තමීයි. චිත්ත සමාධි භාවයෙන් තත්වාකාර දැනීම ලක්‍ෂ්‍ය කරයි. (දක්වයි) යථාභූතං ජානාති යනු උදයව්‍යය ඤාණාදී වශයෙන් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දනී. පස්සති යනු එයම ඇසින් දුටුවාසේ, පතළකොට ප්‍රඥා චක්‍ෂුසින් දකියි. නිබ්බින්‍දති යනු නව වැදෑරුම් විදර්ශනා ඤාණ යෝගයෙන් සංස්කාරයන්හි කළකිරේ. නිබ්බින්‍දං විරජ්ජති යනු ඒ විදර්ශනාව මස්තකප්‍රාප්ත කරනුයේ, මාර්ග ඤාණ යෝගයෙන් සංස්කාරයන්හි නොඇලුණේ වේ. විරාගා විමුච්චති යනු විරාග සංඛ්‍යාත මාර්ග හේතුඵල විමුක්තියෙන් නිර්වාණයෙහි අධිමෝක්‍ෂයෙන් මිදෙයි. සමහර පොත්වල මෙම කරුණෙහිදී, තැන්පත් සිතින් මෙය දුකයයි තත්වාකාරයෙන් දනී ආදී සත්‍ය නය ලියන ලදි. එයද සමහර පොත්වල, මෙය දුකයයි නුවණින් මෙනෙහි කරයි, ආදී ක්‍රමයෙන් ලියන ලදි. වාර ද්වයෙහිම අක්‍ෂරයෙහිම වෙනසයි. අර්ථ වශයෙන් නැත. නිබ්බින්‍දං විරජ්ජති යනු මාර්ග ඤාණයාගේ වශයෙන් කියන ලද හෙයින්, මාර්ග ඤාණයෙහි සිද්ධ වූ සිව්සස් අවබෝධ කෘත්‍යය සිදුවූයේම වේ. එහෙයින් සිව්සස් නයින් කියන ලද වාරයද, මෙම වාරයෙන් අර්ථ වශයෙන් ඉතිරි වූයේමය.

ඉදානි අනිච‍්චතොතිආදීහි ආරම‍්මණස‍්ස අවිසෙසෙත්‍වා වුත‍්තත‍්තා ආරම‍්මණං විසෙසෙන‍්තො රූපං අනිච‍්චතො මනසි කරොතීතිආදිමාහ. යොනිසොමනසිකාරමූලකාති යොනිසොමනසිකාරො මූලං පතිට‍්ඨා එතෙසන‍්ති යොනිසොමනසිකාරමූලකා. යොනිසොමනසිකාරං මුඤ‍්චිත්‍වායෙව හි පාමොජ‍්ජාදයො නව න හොන‍්ති. සමාහිතෙන චිත‍්තෙනාති කාරණභූතෙන චිත‍්තෙන. යථාභූතං පජානාතීති පඤ‍්ඤාය පජානාති. “ඉදං දුක‍්ඛන‍්ති යොනිසො මනසි කරොතී”ති වුච‍්චමානෙ අනුස‍්සවවසෙන පුබ‍්බභාගසච‍්චානුබොධොපි සඞ‍්ගය‍්හති. යොනිසොමනසිකාරොති ච උපායෙන මනසිකාරො.

දැන් අනිච්චතො ආදීන්හි අරමුණ ගැන විශේෂයක් නොදක්වා කියන ලද හෙයින්, අරමුණ විශේෂයෙන් දක්වන්නේ, රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි ආදිය වදාළහ. යොනිසො මනසිකාර මූලකා යනු නුවණින් මෙනෙහි කිරීම මුල් වූයේ, ආධාර වූයේ ඒවාටනුයි - යොනිසො මනසිකාර මූලකායි. නුවණින් මෙනෙහි කිරීම අත්හැර ප්‍රමෝද්‍යාදී නවය නොවෙත්. සමාහිතෙන චිත්තෙන හේතුභූත වූ සිතින්, යථාභූතං පජානාති යනු ප්‍රඥාවෙන් දැනගනී. මෙය දුකයයි නුවණින් මෙනෙහි කරයි යයි කියනු ලබන කල්හි අනුසුව වශයෙන් පූර්වභාග සත්‍යානුබෝධයද සංග්‍රහ වේ. යොනිසො මනසිකාර යනු නිසි අයුරින් මෙනෙහි කිරීමයි.

ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තන‍්ති චක‍්ඛාදිධාතුනානත‍්තං පටිච‍්ච චක‍්ඛුසම‍්ඵස‍්සාදිනානත‍්තං උප‍්පජ‍්ජතීති අත්‍ථො. ඵස‍්සනානත‍්තං පටිච‍්චාති චක‍්ඛුසම‍්ඵස‍්සාදිනානත‍්තං පටිච‍්ච. වෙදනානානත‍්තන‍්ති චක‍්ඛුසම‍්ඵස‍්සජාදිවෙදනානානත‍්තං . සඤ‍්ඤානානත‍්තන‍්ති කාමසඤ‍්ඤාදිනානත‍්තං. සඞ‍්කප‍්පනානත‍්තන‍්ති කාමසඞ‍්කප‍්පාදිනානත‍්තං. ඡන්‍දනානත‍්තන‍්ති සඞ‍්කප‍්පනානත‍්තතාය රූපෙ ඡන්‍දො සද‍්දෙ ඡන්‍දොති එවං ඡන්‍දනානත‍්තං උප‍්පජ‍්ජති. පරිළාහනානත‍්තන‍්ති ඡන්‍දනානත‍්තතාය රූපපරිළාහො සද‍්දපරිළාහොති එවං පරිළාහනානත‍්තං උප‍්පජ‍්ජති. පරියෙසනානානත‍්තන‍්ති පරිළාහනානත‍්තතාය රූපපරියෙසනාදිනානත‍්තං උප‍්පජ‍්ජති. ලාභනානත‍්තන‍්ති පරියෙසනානානත‍්තතාය රූපපටිලාභාදිනානත‍්තං උප‍්පජ‍්ජතීති.

ධාතු නානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්ස නානත්තං යනු චක්‍ෂුරාදී ධාතු නානාප්‍රකාර බව හේතුවෙන්. චක්‍ෂු ස්පර්ශාදී නානාප්‍රකාර බව හටගනී යන අර්ථයි. ස්පර්ශ නානාප්‍රකාර බව හේතුවෙන් යනු චක්‍ෂු ස්පර්ශාදී නානාප්‍රකාර බව හේතුවෙන් යන අර්ථයි. වෙදනා නානත්තං යනු චක්‍ෂු ස්පර්ශයෙන් හටගත් වේදනාවන්ගේ නානාප්‍රකාර බවයි. සඤ්ඤා නානත්තං යනු කාම සංඥාදී නානාප්‍රකාර බවයි. සංකප්ප නානත්තං යනු කාම සංකල්පාදී නානාප්‍රකාර බවයි. ඡන්‍ද නානත්තං යනු සංකල්ප නානාප්‍රකාර භාවයෙන්, රූපයෙහි කැමැත්ත ශබ්දයෙහි කැමැත්ත යයි මෙසේ කැමැත්තෙහි නානාප්‍රකාර භාවය උපදී. පරිළාහ නානත්තං යනු ඡන්‍ද නානත්වයෙන් වන රූප දාහයයි. ශබ්ද දාහයදැයි මෙසේ දාහ නානත්වය උපදී. පරියෙසනා නානත්තං යනු දාහ නානත්වයෙන් රූප සෙවීම් ආදී නානත්වය උපදී. ලාභ නානත්තං යනු සෙවීම් නානාප්‍රකාර භාවයෙන් රූප ප්‍රතිලාභ ආදී නානාප්‍රකාර බව උපදී.

ධම‍්මනානත‍්තඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ධර්ම නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.