යෙදුමෙන් කියවන්න

20-24. ඤාණපඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

20-24. ඤාණපඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා

20-24. පඤ්චක ඤාණ නිර්දේශ වර්ණනාව

ඤාණපඤ‍්චකනිද‍්දෙසෙ තෙසං පඤ‍්චන‍්නං ඤාණානං අනුපුබ‍්බසම‍්බන්‍ධසබ‍්භාවතො එකතොව පුච‍්ඡාවිස‍්සජ‍්ජනානි කතානි. අභිඤ‍්ඤාතා හොන‍්තීති ධම‍්මසභාවලක‍්ඛණජානනවසෙන සුට‍්ඨු ඤාතා හොන‍්ති. ඤාතා හොන‍්තීති ඤාතපරිඤ‍්ඤාවසෙන සභාවතො ඤාතත‍්තා ඤාතා නාම හොන‍්ති. යෙන ඤාණෙන තෙ ධම‍්මා ඤාතා හොන‍්ති, තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤාති සම‍්බන්‍ධො. ඉමිනාව නයෙන සෙසඤාණානිපි යොජෙතබ‍්බානි. පරිඤ‍්ඤාතා හොන‍්තීති සාමඤ‍්ඤලක‍්ඛණවසෙන සමන‍්තතො ඤාතා හොන‍්ති. තීරිතා හොන‍්තීති තීරණපරිඤ‍්ඤාවසෙන අනිච‍්චාදිතො උපපරික‍්ඛිතා සමාපිතා නාම හොන‍්ති. පහීනා හොන‍්තීති අනිච‍්චානුපස‍්සනාදිනා ඤාණෙන නිච‍්චසඤ‍්ඤාදයො භඞ‍්ගානුපස‍්සනතො පට‍්ඨාය පහීනා හොන‍්ති. පරිච‍්චත‍්තා හොන‍්තීති පහානවසෙනෙව ඡඩ‍්ඩිතා නාම හොන‍්ති. භාවිතා හොන‍්තීති වඩ‍්ඪිතා පරිභාවිතා ච හොන‍්ති. එකරසා හොන‍්තීති සකිච‍්චසාධනපටිපක‍්ඛපහානෙන එකකිච‍්චා හොන‍්ති, පච‍්චනීකතො වා විමුත‍්තිවසෙන විමුත‍්තිරසෙන එකරසා හොන‍්ති. සච‍්ඡිකතා හොන‍්තීති පටිලාභවසෙන ඵලධම‍්මො පටිවෙධවසෙන නිබ‍්බානධම‍්මොති පච‍්චක‍්ඛකතා හොන‍්ති. ඵස‍්සිතා හොන‍්තීති පටිලාභඵුසනෙන පටිවෙධඵුසනෙන ච ඵස‍්සිතා අනුභූතා හොන‍්ති. ඉමානි පඤ‍්ච ඤාණානි හෙට‍්ඨා සුතමයඤාණවසෙන වුත‍්තානි, ඉධ සකිච‍්චසාධනවසෙන.

ඤාණ පඤ්චක නිර්දේශයෙහි, ඒ පස්වැදෑරුම් ඤාණයන්ගේ අනුපිළිවෙල සම්බන්ධය යෙදෙන හෙයින් එකටම විමසීම්, විසඳුම් කරන ලදහ. අභිඤ්ඤාතා හොන්ති යනු ධර්ම, ස්වභාව, ලක්‍ෂණ, දැනීම් වශයෙන් මනාව දන්නේ වෙති. ඤාත පරිඥා වශයෙන් ස්වබාව වශයෙන් දැනගත් හෙයින් දත්තාහු නම් වෙති. යම් ඤාණයකින් ඒ ධර්ම දැනගත්තාහු වෙත්ද? එය ඤාතාර්ථයෙන් ඤාණයයි දැනගැනීම් අර්ථයෙන් ප්‍රඥායි සම්බන්ධයි. මෙම ක්‍රමයෙන් සෙසු ඤාණයන්ද යෙදිය යුත්තාහ. පරිඤ්ඤාතා හොන්ති යනු සමාන ලක්‍ෂණ වශයෙන්, හාත්පසින් දැනගත්තාහු, තීරණය කළාහු වෙති. තීරණ පරිඥා වශයෙන්, අනිත්‍යාදී වශයෙන් මනාව පරීක්‍ෂා කරනලදුයේ සමාප්ත කරන ලද්දාහු වෙති. පහීණා හොන්ති යනු අනිත්‍යානු පස්සනාදී ඤාණයෙන් නිත්‍ය සංඥාදීහු භංගානුපස්සනාවෙහි පටන් ප්‍රහීණ වෙති. පරිච්චත්තා හොන්ති යනු ප්‍රහාණ වශයෙන් අත්හැර දමන ලද්දාහු වෙති. භාවිතා හොන්ති යනු වඩන ලද්දාහු, මනාකොට වඩන ලද්දාහු වෙති. එකරසා හොන්ති යනු ස්වකෘත්‍ය සාධනයෙහි ප්‍රතිපක්‍ෂතා ප්‍රහාණයෙන් එක් කෘත්‍ය වෙති. විරුද්ධ වශයෙන් හෝ විමුක්ති වශයෙන්, විමුක්ති රසයෙන් එක්රස වෙති. සච්ඡිකතා හොන්ති යනු ප්‍රතිලාභ වශයෙන් ඵලධර්මද, ප්‍රතිවේධ වශයෙන් නිර්වාණ ධර්මයද ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු වෙති. ඵස්සිතා හොන්ති යනු ප්‍රතිලාභ ස්පර්ශයෙන්ද, ප්‍රතිවේධ ස්පර්ශයෙන්ද ස්පර්ශ කරන ලද්දාහු අනුභව කරන ලද්දාහු වෙති. පඤ්ච ඤාණයන් යට ශ්‍රැතමය ඤාණ වශයෙන් යූ.සේයි. මෙහි ස්වකෘත්‍ය වශයෙනි.

ඤාණපඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ්චක ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.