20-24. ඤාණපඤ‍්චකං
20-24. ඤාණපඤ‍්චකං.
20-24. ඥානපඤ්චකය
කථං අභිඤ‍්ඤා පඤ‍්ඤා ඤාතට‍්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානපඤ‍්ඤා පරිච‍්චාගට‍්ඨෙ ඤාණං, භාවනාපඤ‍්ඤා එකරසට‍්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං:
කිසෙයින් අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථඥාන වෙයි, පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන වෙයි, ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන වෙයි, භාවනාප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන වෙයි, සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥාව ස්පර්‍ශනාර්‍ත්‍ථඥාන වෙයි යත්:
යෙ යෙ ධම‍්මා අභිඤ‍්ඤාතා හොන‍්ති තෙ තෙ ධම‍්මා ඤාතා හොන‍්ති, යෙ යෙ ධම‍්මා පරිඤ‍්ඤාතා හොන‍්ති තෙ තෙ ධම‍්මා තීරිතා හොන‍්ති, යෙ යෙ ධම‍්මා පහීන හොන‍්ති තෙ තෙ ධම‍්මා පරිච‍්චත‍්තා හොන‍්ති, යෙ යෙ ධම‍්මා භාවිතා හොන‍්ති තෙ තෙ ධම‍්මා එකරසා හොන‍්ති, යෙ යෙ ධම‍්මා සච‍්ඡිකතා හොන‍්ති තෙ තෙ ධම‍්මා ඵස‍්සිතා හොන‍්ති.
යම් යම් ධර්‍ම කෙනෙක් (ධර්‍මස්වභාවලක්‍ෂණ දැනීම් වශයෙන්) මොනොවට දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ දන්නාලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන්) හාත්පසින් දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ තීරණය කරනලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (භඞ්ගානුදර්‍ශනයෙහි පටන්) ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යක්ත වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් වඩනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ එකකෘත්‍ය වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ (ප්‍රතිලාභප්‍රතිවේධස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කරනලද්දාහු වෙත්.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා තෙන වුච‍්චති: ‘අභිඤ‍්ඤාපඤ‍්ඤා ඤාතට‍්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානපඤ‍්ඤා පරිච‍්චාගට‍්ඨෙ ඤාණං, භාවනාපඤ‍්ඤා එකරසට‍්ඨෙ ඤාණං, සච‍්ඡිකිරියා පඤ‍්ඤා ඵුසනට‍්ඨෙ ඤාණං’.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: අභිඤ්ඤපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහාණපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනාපඤ්ඤා ඒකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං’යි
ඤාණපඤ‍්චකනිද‍්දෙසො.
පඤ්චකඥානනිර්දේශ යි.