19. ධම්මානානත්තඤාණං
19. ධම්මානානත්තඤාණං.
19. ධර්මනානාත්ව ඥානය
කථං නවධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං:
කිසෙයින් නවධර්මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන වෙයි යත්:
කථං ධම්මෙ වවත්ථෙති: කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති, රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. අපරියාපන්නෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
කිසෙයින් ධර්මයන් ව්‍යවස්ථා කෙරේ ද යත්: කාමාවචර ධර්මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අරූපාවචර ධර්මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි.
කථං කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: දස කුසලකම්මපථෙ කුසලතො වවත්ථෙති, දස අකුසලකම්මපථෙ අකුසලතො වවත්ථෙති, රූපඤ්ච විපාකඤ්ච කිරියඤ්ච අබ්යාකතතො වවත්ථෙති. එවං කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
කිසෙයින් කාමාවචරධර්මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ ද යත්: දශකුශලකර්මපථයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, දශ අකුශල කර්මපථයන් අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපය ද විපාකය ද ක්‍රියාව ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් කාමාවචරධර්මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කථං රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති: අබ්යාකතතො වවත්ථෙති: ඉධට්ඨස්ස චත්තාරි ඣානානි කුසලතො වවත්ථෙති, තත්රූපපන්නස්ස චත්තාරි ඣානානි අබ්යාකතතො වවත්ථෙති. එවං රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
කිසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස්ලොවැ සිටියහුගේ සතර ධ්‍යානයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, (විපාක වශයෙන්) එ බඹලොවැ උපන්නහුගේ සතර විපාකධ්යානයන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, මෙසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කථං අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: ඉධට්ඨස්ස චතස්සො අරූපාවචරසමාපත්තියො කුසලතො වවත්ථෙති, තත්රූපපන්නස්ස චතස්සො අරූපාවචරසමාපත්තියො අබ්යාකතතො වවත්ථෙති. එවං අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
කිසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස් ලොවැ සිටියහුගේ සතර අරූපාවචරසමාපත්තීන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, ඒ අරූතලයෙහි උපන්නහුගේ සතර විපාක අරූපාවචරසමාපත්තීන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කථං අපරියාපන්නො ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: චත්තාරො අරියමග්ගෙ කුසලතො වවත්ථෙති, චත්තාරි ච සාමඤ්ඤඵලානි නිබ්බානඤ්ච අබ්යාකතතො වවත්ථෙති. එවං අපරියාපන්නො ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. එවං ධම්මෙ වවත්ථෙති.
කිසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: සතර ආර්ය්යමාර්ගයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. සතර ශ්‍රාමණ්‍යඵලයන් ද නිර්වාණය ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් ධර්මයන් ව්‍යවස්ථා කෙරේ.
නව පාමොජ්ජමූලකා ධම්මා: අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති පස්සති, යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ-
ප්රාමෝද්යමූලධර්මයෝ නව දෙනෙකි: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සන්හුන් දරථ ඇත්තේ වෙයි. නිවුණුකය ඇත්තේ චෛතසික සුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (උදයව්යයඥානාදි වශයෙන් සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ සංස්කාරයන්හි උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංසාකාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. දුඃඛ වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... අනාත්ම වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ...
රූපං අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති පස්සති, යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. ඉමෙ නව පාමොජ්ජමූලකා ධම්මා.
රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්ෂුස ... ජරාමරණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකාය සන්හුන් දරථ ඇත්තේ වෙයි. සැහැල්ලු වූ කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංස්කාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. මොහු නවදෙන ප්රාමෝද්යමූලකධර්මයෝ යි.
නව යොනිසොමනසිකාරමූලකා ධම්මා: අනිච්චතො යොනිසො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායොපස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
යොනිසොමනසිකාරමූලකධර්මයෝ නව දෙනෙකි: අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහු ගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත අරමුණෙහි සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
දුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
දුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
අනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං දුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං දුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං අනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ නව යොනිසොමනසිකාරමූලකා ධම්මා.
අනාත්ම විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... රූපය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය දුඃඛ විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්ෂුස .. ජරාමරණය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ජරාමරණය දුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... ජරාමරණය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනැගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යි යථාස්වභාවයෙන් දැනගනී. මොහු නවදෙන යොනිසොමනසිකාරමූලකධර්මයෝ යි.
නව නානත්තා: ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානත්තං, වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං, පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං. ඉමෙ නවනානත්තා.
නානාත්වයෝ නවදෙනෙකි: ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්වය උපදී. සංකල්පනානාත්වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. මොහු නව නානාත්වයෝ යි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘නව ධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං.’
ඒ ධර්මනානාත්වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නව ධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තේ ඤාණං’යි.
ධම්මනානත්තඤාණනිද්දෙසො.
ධර්මනානාත්වඥානනිර්දේශ යි.