25-28. පටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
25-28. පටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා
25-28. ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශ වර්ණනාව
පටිසම්භිදාඤාණනිද්දෙසෙ යස්මා ධම්මෙ අවුත්තෙ තස්ස කිච්චං න සක්කා වත්තුං, තස්මා උද්දිට්ඨානං පටිපාටිං අනාදියිත්වා පඨමං ධම්මා නිද්දිට්ඨා. ධම්මාදීනං අත්ථා වුත්තායෙව. සද්ධින්ද්රියං ධම්මොතිආදීහි ධම්මසද්දපරියාපන්නෙ ධම්මෙ වත්වා නානත්තසද්දස්ස අත්ථං දස්සෙන්තො අඤ්ඤො සද්ධින්ද්රියං ධම්මොතිආදිමාහ. “අඤ්ඤො ධම්මො”ති හි වුත්තෙ ධම්මානං නානත්තං දස්සිතං හොති. පටිවිදිතාති අභිමුඛභාවෙන විදිතා පාකටා නාම හොන්ති. තෙන පටිසම්භිදාපදස්ස අත්ථො වුත්තො. අධිමොක්ඛට්ඨො අත්ථොතිආදීහි තෙසං සද්ධාදීනං අධිමුච්චනාදිකිච්චං අත්ථො නාමාති දස්සෙති. සන්දස්සෙතුන්ති පරං ඤාපෙතුකාමස්ස පරං සන්දස්සෙතුං. පරස්ස පන වචනං සුණන්තස්සාපි ලබ්භතියෙව. බ්යඤ්ජනනිරුත්තාභිලාපාති නාමබ්යඤ්ජනං නාමනිරුත්ති නාමාභිලාපො. නාමඤ්හි අත්ථං බ්යඤ්ජයතීති බ්යඤ්ජනං, “සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්තී”ති (සං· නි· 3.79) එවං නිද්ධාරෙත්වා සහෙතුකං කත්වා වුච්චමානත්තා නිරුත්ති, අභිලපීයති එතෙන අත්ථොති අභිලාපොති වුච්චති.
ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශයෙහි, ධර්මයන් නොකී කල්හි, එහි කෘත්‍යය කියන්ට නොහැක. එහෙයින් දක්වන ලද පිළිවෙල නොගෙන, පළමුව ධර්ම විස්තර කළාහුය අර්ථ යූ.සේයි. සද්ධින්ද්රියං ධම්මොති ආදීන්හි ධර්ම ශබ්දයෙහි ඇතුළත් ධර්මයන් කියා, නානත්ත ශබ්දයෙහි අර්ථ දක්වන්නේ ‘අඤ්ඤො සද්ධින්ද්රිය ධම්මොයිං ආදිය වදාළහ. අන් ධර්මයැයි කී කල්හි ධර්මයන්ගේ නානාප්‍රකාර බව දක්වන ලද්දේ වේ. පටිවිදිතා අභිමුඛ භාවයෙන් දන්නා ලද්දාහු, ප්‍රකට වූවාහු නම් වෙති. ඉන් ප්‍රතිසම්භිදා පදයෙහි අර්ථ යූ.සේයි. අධිමොක්ඛට්ඨො අත්ථො ආදීන්හි ඒ ශ්‍රද්ධාදීන්ගේ ස්ථිර ලෙස පිහිටීම් ආදී කෘත්‍යයන් අර්ථ නමැයි දක්වයි. සන්දස්සෙතුං යනු අන්‍යයාට හඟවනු කැමැත්තහුගේ අන්‍යයාට පෙන්වන්ට, පරස්ස යන වචනය අසන්නහුටද ලැබේමය. බ්‍යඤ්ජන නිරුත්තාභිලාපා යනු නාම ව්‍යංජනය, නාම නිරුක්තිය, නාම වචනය; නාමය වනාහි අර්ථය ප්‍රකාශ කෙරේනුයි ව්‍යංජනයි. හේතුවකින් හටගත් දෑ රැස්කෙරෙත්. මහණෙනි, එහෙයින් සංස්කාර යැයි කියති. මෙසේ වෙන්කොට හේතු සහිතව කියනු ලබන හෙයින් නිරුක්තියි. එයින් අර්ථය කියැවේනුයි අභිලාප නම් වේ.
නාමඤ්ච නාමෙතං චතුබ්බිධං – සාමඤ්ඤනාමං, ගුණනාමං, කිත්තිමනාමං, ඔපපාතිකනාමන්ති. තත්ථ පඨමකප්පිකෙසු මහාජනෙන සම්මන්නිත්වා ඨපිතත්තා “මහාසම්මතො”ති රඤ්ඤො නාමං සාමඤ්ඤනාමං. යං සන්ධාය වුත්තං “මහාජනසම්මතොති ඛො, වාසෙට්ඨ, ‘මහාසම්මතො මහාසම්මතො’ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බත්ත”න්ති (දී· නි· 3.131). “ධම්මකථිකො පංසුකූලිකො විනයධරො තිපිටකධරො සද්ධො සතො”ති එවරූපං ගුණතො ආගතනාමං ගුණනාමං. “භගවා අරහං සම්මාසම්බුද්ධො”තිආදීනිපි තථාගතස්ස අනෙකානි නාමසතානි ගුණනාමානෙව. තෙන වුත්තං –
ඒ නාමයද සිව් ආකාරයහ. සාමඤ්ඤනාම, ගුණ නාම, සාදන ලද නාම, ඕපපාතික නාම වශයෙනි. එහි ප්‍රථම කල්පිකයින් අතරෙහි මහජනයා විසින් සම්මතකොට පිහිටුවාගත් හෙයින් මහා සම්මත යැයි වූ රජුගේ නාමය සමානච්ඡන්දයෙන් කළ හෙයින් සාමඤ්ඤ නාමයි. යමක් සඳහා කියන ලද්දේද? වාසෙට්ඨය, මහජනයා විසින් සම්මත හෙයින් මහා සම්මත යැයිම ප්‍රථම අක්ෂර බන්ධනය විය. ධර්මකථික, පංසුකූලික, විනයධර, ත්‍රිපිටකධර, සැදැහැවතා සත්පුරුෂයා ආදී මෙබඳු ගුණ වශයෙන් ආවා වූ නාමයන් ගුණනාමයි. භගවා, අරහං, සම්මා සම්බුද්ධ ආදී වූ තථාගතයන් වහන්සේගේ නොයෙක් සියගණන් නාම, ගුණ නාමයෝමය. එහෙයින් යූ.සේයි. මහර්ෂීන් වහන්සේට ගුණ සහිත නාමයෝ අසංඛෙය්යහ.
“අසඞ්ඛ්යෙය්යානි නාමානි, සගුණෙන මහෙසිනො; ගුණෙහි නාමමුද්ධෙය්යං, අපි නාමසහස්සතො”ති.
අසංඛෙය්‍යානි නාමානි - සගුණෙන මහෙසිනො, ගුණෙහි නාමං උද්ධෙය්ය - අපි නාම සහස්සතො’ති
ගුණයන් ඇතුළත්කොට, නාමයන් උදුරා දක්වන්නේ නම් එය දහසකින් වත් නිමකළ නොහැකිය.
යං පන ජාතස්ස කුමාරකස්ස නාමග්ගහණදිවසෙ දක්ඛිණෙය්යානං සක්කාරං කත්වා සමීපෙ ඨිතා ඤාතකා කප්පෙත්වා පකප්පෙත්වා “අයං අසුකො නාමා”ති නාමං කරොන්ති, ඉදං කිත්තිමනාමං. යා පන පුරිමපඤ්ඤත්ති අපරපඤ්ඤත්තියං පතති, පුරිමවොහාරො පච්ඡිමවොහාරෙ පතති. සෙය්යථිදං, පුරිමකප්පෙපි චන්දො චන්දොයෙව නාම, එතරහිපි චන්දොයෙව. අතීතෙ සූරියො, සමුද්දො, පථවී, පබ්බතො පබ්බතොයෙව නාම, එතරහිපි පබ්බතොයෙවාති, ඉදං ඔපපාතිකනාමං. ඉදං චතුබ්බිධම්පි නාමං එකං නාමමෙව හොති , තං ලොකසඞ්කෙතමත්තසිද්ධං පරමත්ථතො අවිජ්ජමානං. අඤ්ඤෙ පන “නාමං නාම අත්ථජොතකො සද්දො”ති වදන්ති. බලබොජ්ඣඞ්ගමග්ගඞ්ගානං වුත්තනයානුසාරෙනෙව අත්ථො වෙදිතබ්බො.
උපන් කුමරුට නම් ගන්වන දිනයෙහි, දක්ෂිණාර්හ්යයන්ට සත්කාර කොට, සමීපයෙහි සිටි ඤාතීහු, කල්පනාකොට, විශේෂයෙන් කල්පනාකොට, මෙතෙම අසවලා නමැයි නම් කරත්. මෙය සාදන ලද නාමයයි. යම් පළමු ප්රඥප්තිය පසු ප්රඥප්තියට වැටේද? පළමු ව්‍යවහාරය පසු ව්‍යවහාරයට වැටේද? ඒ කවරේද යත්? පළමු කල්පයෙහිද චන්ද්‍රයා චන්ද්රයාමය, දැනුදු චන්ද්රයාමය. අතීතයෙහි සූර්යයා, සමුද්‍රය, පෘථුවිය, පර්වතය පර්වතයම නම් වේ. දැනුදු පර්වතයමය. මෙය ඕපපාතික නාමයයි. මේ සිව්වැදෑරුම් නාමය එක් නාමයම වේ. එය ලෝක සංකේත සිද්ධ වූවකි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමානයි. අනෙක් අය, නාමය නම් අර්ථය බබළවන ශබ්දයයි කියති. ඵලබොජ්ඣංග මාර්ගාංගයන්ගේ අර්ථ කියන ලද ක්‍රම අනුසාරයෙන්ම දතයුතුය.
පටිසම්භිදාඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.