29-31. ඤාණත‍්තයනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා
29-31. ඤාණත‍්තයනිද‍්දෙසවණ‍්ණනා
29-31. ඥානත්‍රය නිර්දේශ වර්ණනාව
ඤාණත‍්තයනිද‍්දෙසෙ නිමිත‍්තන‍්ති සඞ‍්ඛාරනිමිත‍්තං. අනිමිත‍්තෙති සඞ‍්ඛාරනිමිත‍්තපටිපක‍්ඛෙ නිබ‍්බානෙ. අධිමුත‍්තත‍්තාති තන‍්නින‍්නභාවෙන චිත‍්තස‍්ස විස‍්සට‍්ඨත‍්තා. ඵුස‍්ස ඵුස්ස වයං පස‍්සතීති සඞ‍්ඛාරනිමිත‍්තං ඤාණෙන ඵුසිත්‍වා ඵුසිත්‍වා තස‍්ස භඞ‍්ගං විපස‍්සනාඤාණෙනෙව පස‍්සති. එතෙන භඞ‍්ගානුපස‍්සනා සිද‍්ධා. සා අනිච‍්චානුපස‍්සනං සාධෙති, අනිච‍්චස‍්ස දුක‍්ඛත‍්තා සා දුක‍්ඛානුපස‍්සනං, දුක‍්ඛස‍්ස අනත‍්තත‍්තා සා අනත‍්තානුපස‍්සනන‍්ති එවමෙත්‍ථ තිස‍්සො අනුපස‍්සනා වුත‍්තා හොන‍්ති. අනිමිත‍්තො විහාරොති නිමිත‍්තං භයතො දිට‍්ඨත‍්තා සො විපස‍්සනත‍්තයවිහාරො අනිමිත‍්තවිහාරො නාම හොති. පණිධින‍්ති තණ‍්හං. අප‍්පණිහිතෙති තණ‍්හාපටිපක‍්ඛෙ නිබ‍්බානෙ. අභිනිවෙසන‍්ති අත‍්තාභිනිවෙසං. සුඤ‍්ඤතෙති අත‍්තවිරහිතෙ නිබ‍්බානෙ. සුඤ‍්ඤතොති සුඤ‍්ඤංයෙව සුඤ‍්ඤතො. පවත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වාති විපාකප‍්පවත‍්තං සඞ‍්ඛාරුපෙක‍්ඛාය අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා. සුගතිසඞ‍්ඛාතවිපාකප‍්පවත‍්තාභිනන්‍දිනො හි සත‍්තා. අයං පන ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිතුකාමො තං පවත‍්තං, සබ‍්බඤ‍්ච සඞ‍්ඛාරගතං අනිච‍්චාදිතො පස‍්සිත්‍වා අජ‍්ඣුපෙක‍්ඛතියෙව. එවඤ‍්හි දිට‍්ඨෙ ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිතුං සක‍්කොති, න අඤ‍්ඤථා. ආවජ‍්ජිත්‍වාති ආවජ‍්ජනෙන ආවජ‍්ජිත්‍වා. සමාපජ‍්ජතීති ඵලසමාපත‍්තිං පටිපජ‍්ජති. අනිමිත‍්තා සමාපත‍්තීති නිමිත‍්තං භයතො දිස‍්වා සමාපන‍්නත‍්තා අනිමිත‍්තා සමාපත‍්ති නාම. අනිමිත‍්තවිහාරසමාපත‍්තීති විපස‍්සනාවිහාරවසෙන ච ඵලසමාපත‍්තිවසෙන ච තදුභයං නාම හොති.
ඤාණත්‍රය නිර්දේශයෙහි, නිමිත්තං යනු සංස්කාර නිමිත්තයි. අනිමිත්තෙ යනු සංස්කාර නිමිත්තට ප්‍රතිපක්‍ෂ නිර්වාණයෙහි. අධිමුත්තත්තා යනු එහි නිම්නතාවයෙන් සිතෙහි හළභාවය. ඵුස්ස ඵුස්ස වයං පස්සති යනු සංස්කාර නිමිත්ත ඤාණයෙන් ස්පර්ශකොට, එහි භංගය විදර්ශනා ඤාණයෙන්ම බලයි. එයින් භංගානුපස්සනාව සිද්ධය. එය අනිත්‍යානුපස්සනාව සිදුකරයි. අනිත්‍යයාගේ දුක් බැවිනි. එය දුක්ඛානුපස්සනාවයි. දුඃඛයාගේ අනාත්ම බැවින් එය අනාත්මානුපස්සනාව යැයි මෙසේ මෙහි ත්‍රිවිධ අනුපස්සනා යූ.සේයි. අනිමිත්තො විහාරො යනු නිමිත්ත භය වශයෙන් දුටු හෙයිාන් ඒ විදර්ශනාත්‍රය විහාරය අනිමිත්ත විහාරය නම් වේ. පණිධිං යනු තෘෂ්ණාවයි. අප්පණිහිතෙ යනු තෘෂ්ණා ප්‍රතිපක්‍ෂ නිර්වාණයෙහි. අභිනිවෙසං යනු ආත්මාභිනිවේශය. සුඤ්ඤතෙ යනු ආත්ම විරහිත නිර්වාණයෙහි, සුඤ්ඤතො යනු ශූන්‍යතා වශයෙන් පවත්නා ශූන්‍යයමය. අජ්ඣුපෙක්ඛිත්‍වා යනු විපාක ප්‍රවෘත්තිය සංස්කාරෝපේක්‍ෂාවෙන් මධ්‍යස්ථව බලා, සුගති සංඛයාත විපාක ප්‍රවෘත්තියෙහි සතුටුවන්නා වූ සත්ත්වයෝ, මේ ඵල සමවතට සමවදිනු කැමැත්තාහු, ඒ පැවති සියලු සංස්කාරගතයන්, අනිත්‍යාදී වශයෙන් බලා මධ්‍යස්ථ වෙත්මය. මෙසේ දුටුකල්හි ඵලසමවතට සමවදින්ට හැකිවේ. අන් අයුරකින් නොහැකි වේ. ආවජ්ජිත්‍වා යනු ආවර්ජනයෙන් ආවර්ජනය කොට, සමාපජ්ජති යනු ඵලසමවතට පිළිපදී. (සමවදී) අනිමිත්තා සමාපත්ති යනු නිමිත්ත භය වශයෙන් දැක සමවන් හෙයින් අනිමිත්ත සමාපත්ති නම් වේ. අනිමිත්ත විහාර සමාපත්ති යනු විදර්ශනා විහාර වශයෙන්ද ඵල සමාපත්ති වශයෙන්ද යන ඒ දෙයාකාරයෙන් වෙති.
ඉදානි සඞ‍්ඛාරනිමිත‍්තමෙව විභජිත්‍වා දස‍්සෙන‍්තො රූපනිමිත‍්තන‍්තිආදිමාහ. ජරාමරණග‍්ගහණෙ වත‍්තබ‍්බං පුබ‍්බෙ වුත‍්තමෙව. “අඤ‍්ඤො අනිමිත‍්තවිහාරො”තිආදීහි වුත‍්තෙයෙව නිගමෙත්‍වා දස‍්සෙති. සඞ‍්ඛෙපෙන විහාරට‍්ඨෙ ඤාණං නාම ඵලසමාපත‍්තියා පුබ‍්බභාගෙ සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණෙ ඨිතස‍්ස විපස‍්සනාවිහාරනානත‍්තෙ ඤාණං සමාපත‍්තට‍්ඨෙ ඤාණං නාම ඵලසමාපත‍්තිනානත‍්තෙ ඤාණං. විහාරසමාපත‍්තට‍්ඨෙ ඤාණං නාම තදුභයනානත‍්තෙ ඤාණං. විපස‍්සනාවිහාරෙනෙව වීතිනාමෙතුකාමො විපස‍්සනාවිහාරමෙව පවත‍්තෙති, ඵලසමාපත‍්තිවිහාරෙනෙව වීතිනාමෙතුකාමො විපස‍්සනාපටිපාටියා උස‍්සක‍්කිත්‍වා ඵලසමාපත‍්තිවිහාරමෙව පවත‍්තෙති, තදුභයෙන වීතිනාමෙතුකාමො තදුභයං පවත‍්තෙති. එවං පුග‍්ගලාධිප‍්පායවසෙන තිවිධං ජාතං. සෙසමෙත්‍ථ වත‍්තබ‍්බං සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණවණ‍්ණනායං වුත‍්තමෙව.
දැන් සංස්කාර නිමිත්තම බෙදා දක්වන්නේ, රූප නිමිත්තං ආදිය වදාළහ. ජරා මරණ ග්‍රහණයෙහි කිවයුත්ත පෙර කියන ලද්දේමය. අනෙක් අනිමිත්ත විහාරයයි ආදීන්හි කියූ අයුරින්ම නිගමනයකොට දක්වයි. සංක්‍ෂෙපයෙන් විහාරට්ඨෙ ඤාණය නම් ඵල සමාපත්තියෙහි පූර්වභාගයෙහි වූ, සංස්කාරෝපේක්‍ෂා ඤාණයෙහි පැවති විදර්ශනා විහාර නානත්‍ව ඤාණයයි. සමාපත්‍යාර්ථයෙහි ඤාණය නම් ඵලසමාපත්ති නානත්‍වයෙහි ඤාණයයි. විහාර සමාපත්‍යාර්ථයෙහි ඤාණයනම් ඒ ද්වයයෙහි නානත්‍වයෙහි ඤාණයයි. විදර්ශනා විහාරයෙන් කල්යවනු කැමැත්තේ විදර්ශනා විහාරයම පවත්වයි. ඵලසමවත් විහාරයෙන්ම කල්යවනු කැමැත්තේ විදර්ශනා පිළිවෙලින් උත්සාහවත් වී ඵලසමවත් විහාරයම පවත්වයි. ඒ දෙඅයුරින්ම කල්යවනු කැමැත්තේ ඒ දෙකම පවත්වයි. මෙසේ පුද්ගල අධිප්‍රාය වශයෙන් ත්‍රිවිධව හටගති. මෙහි කිවයුතු සෙස්ස සංස්කාරෝපේක්‍ෂා ඤාණ වර්ණනාවෙහි කියන ලද්දේමය.
ඤාණත‍්තයනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.
ඥානත්‍රය නිර්දේශ වර්ණනාව නිමි.