17. චරියානානත්තඤාණං
17. චරියානානත්තඤාණං.
17. චර්ය්යානානාත්ව ඥානය
කථං චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං.
කිසෙයින් චර්ය්යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි යත්:
චරියාති තිස්සො චරියායො: විඤ්ඤාණචරියා, අඤ්ඤාණචරියා, ඤාණචරියා.
චර්ය්යා යනු චර්ය්යා තුනෙකි: විඥානචර්‍ය්‍යා යැ අඥානචර්‍ය්‍යා යැ ඥාන චර්ය්යා යි.
කතමා විඤ්ඤාණචරියා:
විඥානචර්‍ය්‍යා කවර යත්:
රූපෙසු දස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා රූපෙසු දස්සනත්ථො චක්ඛුවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, රූපෙසු දිට්ඨත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, රූපෙසු අභිනිරොපිතත්තා විපාකමනො විඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
රූපවිෂයෙහි රූපදර්ශනය සඳහා පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි දර්ශනය මැ අර්ත්ථ කොට ඇති (කුශලවිපාක වූ හෝ අකුශලවිපාක වූ හෝ) චක්ෂුර්විඥානය විඥානචර්‍ය්‍යා යැ, රූපවිෂයෙහි (චක්ෂුර්විඥානයෙන් රූපාලම්බනය) දුටු බැවින් පැවැති අරමුණට නඟන කුශලාකුශලවිපාකසම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
සද්දෙසු සවනත්ථාය ආජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, සද්දෙසු සවනත්ථො සොතවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, සද්දෙසු සුතත්තා අභිනිරොපනා විපාක මනොධාතු විඤ්ඤාණචරියා, සද්දෙසු අභිනිරොපිතත්තා විපාක මනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා,
ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය මැ අර්ත්ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ශ්‍රෝත්‍රවිඥානය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි (ශ්‍රොත්‍රවිඥානයෙන් ශබ්දාලම්බනය) අසනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ශබ්දාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ගන්ධෙසු ඝායනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ගන්ධෙසු ඝායනත්ථො ඝානවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ගන්ධෙසු ඝායිතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ගන්ධෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය මැ අර්ත්ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ඝ්‍රාණවිඥානය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි (ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධාලම්බනය) ආඝ්‍රාණය කළ බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ගන්‍ධාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
රසෙසු සායනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රසෙසු සායනත්ථො ජිව්හා විඤ්ඤාණං විඤ්ඤාණචරියා, රසෙසු සායිතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, රසෙසු අභිනිරොපිතත්තා විපකමනෙ විඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
රසාලම්බනයෙහි රසවිඳීම පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි රසවිඳීම මැ අර්ත්ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි (ජිහ්වාවිඥානයෙන් රසාලම්බනය) විඳුනාලද බැවින් අරමුණට නඟන කුශලාකුශල විපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රසාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ඵොට්ඨබ්බෙසු ඵුසනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු ඵුසනත්ථො කායවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු ඵුට්ඨත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්ශය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්ශය මැ අර්ත්ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි (කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය) ස්පර්ශ කරනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ධම්මෙසු විජානනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ධම්මෙසු විජානනත්ථො මනොවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ධම්මෙසු විඤ්ඤාණතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ධම්මෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
ධර්‍මාලම්බනයෙහි විජානනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි ආලම්බනය දැනගැනීම මැ අර්ත්ථ කොට ඇති මනෝවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි (මනෝවිඥානයෙන් ධර්මාලම්බනය) දන්නා බැවින් අරමුණට නඟන විපාකමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ධර්‍මාලම්බනයෙහි අභිනිරොපිත බැවින් විපාකමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යි.
විඤ්ඤාණධාතු කෙනට්ඨෙන විඤ්ඤාණචරියා.
විඤ්ඤාණචරියා යනු: කවර අරුතෙකින් විඥානචර්‍ය්‍යා වී ද යත්:
නීරාගා චරතීති විඤ්ඤාණචරියා, නිද්දෙසා චරතීති විඤ්ඤාණචරියා, නිම්මොහා චරතීති විඤ්ඤාණචරියා, නිම්මානා චරතීති විඤ්ඤාණචරියා, නිද්දිට්ඨි චරතීති විඤ්ඤාණචරියා, නිඋද්ධච්චා චරතීති විඤ්ඤාණචරියා, නිබ්බිවිකිච්ඡා චරතීති විඤ්ඤාණචරියා, නානුසයා චරතීති විඤ්ඤාණචරියා, රාගවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දොසවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, මොහවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, මානවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දිට්ඨිවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, උද්ධච්චවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, විචිකිච්ඡාවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අනුසයවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, විඤ්ඤාතෙ චරතීති විඤ්ඤාණචරියා විඤ්ඤාණස්ස එවරූපා චරියා හොතීති විඤ්ඤාණචරියා, පකතිපරිසුද්ධමිදං චිත්තං නික්කිලෙසට්ඨෙනාති විඤ්ඤාණචරියා, අයං විඤ්ඤාණචරියා.
රාග රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මාන රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, රාගයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මානයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටියෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍යයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සායෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශයයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කුශලකර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අකුශලකර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සාවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනවද්යකර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කෘෂ්ණකර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, (හිරිඔතප් සඞ්ඛ්‍යාත) ශුක්ලකර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛොදය ඇති කර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛොදය ඇති කර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛවිපාක වූ කර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛවිපාක වූ කර්මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විඥාතයෙහි (විඥානයෙන් දැනගත් අරමුණෙහි) හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, උක්තප්‍රකාර විඤ්ඤාණයාගේ මෙබඳු වූ චර්ය්යා වේ නු යි විඤ්ඤාණචරියා නමු. රාගාදි කෙලෙස් නැති බැවින් මේ සිත පියවින් පිරිසුදු නු යි විඤ්ඤාණචරියා නමු. මේ විඥානචර්‍ය්‍යා යි.
කතමා අඤ්ඤාණචරියා:
අඥානචර්‍ය්‍යා කවර යත්:
මනාපියෙසු රූපෙසු රාගස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රාගස්ස ජවනා අඤ්ඤාණචරියා අමනාපියෙසු රූපෙසු දොසස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දොසස්ස ජවනා අඤ්ඤාණචරියා, තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්ථුස්මිං මොහස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මොහස්ස ජවනා අඤ්ඤාණචරියා, විනිබන්ධස්ස මානස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මානස්ස ජවනා අඤ්ඤාණචරියා, පරාමට්ඨාය දිට්ඨියා ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දිට්ඨියා ජවනා අඤ්ඤාණචරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චස්ස ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, උද්ධච්චස්ස ජවනා අඤ්ඤාණචරියා, අනිට්ඨඞ්ගතාය විචිකිච්ඡාය ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, විචිකිච්ඡාය ජවනා අඤ්ඤාණචරියා, ථාමගතස්ස අනුසයස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනුසයස්ස ජවනා අඤ්ඤාණචරියා.
මනවඩන රූපයන්හි (සන්තති වශයෙන්) රාගයාගේ ජවනය පිණිස පැවැති (චක්ෂූර්ද්වාරයෙහි අයෝනිසෝමනසිකාර වූ ) ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. අමනෝඥ වූ රූපයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. එ දෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා රූපාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි (විචිකිත්සා ඖද්ධත්‍ය වශයෙන්) මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්ජන ක්‍රියාව්‍යාකෘත මනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. (උන්නති වශයෙන්) විනිබන්ධ වැ සිටි මානගේ ජවනය පිණිස පැවති ආවර්ජනක්රියාව්යාකෘතමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ. මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. (රූපාලම්බනයෙහි) වික්ෂෙපබවට ගිය ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්ජනක්රියාව්යාකෘතමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. අනුශයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
මනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු රාගස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රාගස්ස ජවනා අඤ්ඤාණචරියා, අමනාපියෙසු ධම්මෙසු දොසස්ස ජවනත්ථාය ආවජ්ජනකිරිබ්යාකතා විඤ්ඤාණචරියා, දොසස්ස ජවනා අඤ්ඤාණචරියා, තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්ථුස්මිං මොහස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මොහස්ස ජවනා අඤ්ඤාණචරියා, විනිබන්ධනස්ස මානස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මානස්ස ජවනා අඤ්ඤාණචරියා, පරාමට්ඨාය දිට්ඨියා ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දිට්ඨියා ජවනා අඤ්ඤාණචරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, උද්ධච්චස්ස ජවනා අඤ්ඤාණචරියා, අනිට්ඨඞ්ගතාය විචිකිච්ඡාය ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, විචිකිච්ඡාය ජවනා අඤ්ඤාණචරියා, ථාමගතස්ස අනුසයස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනුසයස්ස ජවනා අඤ්ඤාණචරියා.
මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන (රූපාදි වූ හෝ ධර්මාලම්බන වූ හෝ) ධර්මයන්හි රාගයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අමනෝඥ වූ ධර්මයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. එදෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා ධර්මාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. විනිබන්ධ වූ මානයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. වික්ෂේපයට පැමිණි ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අනිෂ්ඨාවට ගිය විචිකිත්සාවගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ අනුශයයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
අඤ්ඤාණචරියාති කෙනට්ඨෙන අඤ්ඤාණචරියා:
අඤ්ඤාණචරියා යනු: කුමක් හෙයින් අඥානචර්‍ය්‍යා වී ද යත්:
සරාගා චරතීති අඤ්ඤාණචරියා, සදොසා චරතීති අඤ්ඤාණචරියා, සමොහා චරතීති අඤ්ඤාණචරියා, සමානා චරතීති අඤ්ඤාණචරියා, සදිට්ඨි චරතීති අඤ්ඤාණචරියා, සඋද්ධච්චා චරතීති අඤ්ඤාණචරියා, සවිචිකිච්ඡා චරතීති අඤ්ඤාණචරියා සානුසසා චරතීති අඤ්ඤාණචරියා, රාගසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දොසසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, මොහසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, මානසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දිට්ඨිසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, උද්ධච්ච සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, විචිකිච්ඡා සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, අනුසයසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, කුසලෙහි කම්මෙහි විප්පපයුත්තා චරතීති අඤ්ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, සුඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි සම්පයුත්තා අඤ්ඤාතෙ චරතීති අඤ්ඤාණචරියා, අඤ්ඤාණස්ස එවරූපා චරියා හොතීති අඤ්ඤාණචරියා, අයං අඤ්ඤාණචරියා.
රාගසහිත වැ හැසිරේ නු යි අඥානචර්ය්යාද ද්වේෂ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මෝහ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සහිත වැ හැසිරේ නුයි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ රාගසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ද්වේෂසම්ප්රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මොහසම්ප්රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්යසම්ප්රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ. කුශලකර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අකුශලකර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සාවද්යකර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනවද්‍යකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ කෘෂ්ණකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛොදය ඇති කර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛොදය ඇති කර්මයන් සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛවිපාක වූ කර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛවිපාක වු කර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ (යථාස්වභාවයෙන්) අඥාත වූ ආලම්බනයෙහි හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ උක්තප්‍රකාර වූ අඥානයාගේ මෙබඳු වූ චර්ය්යා වේ නු යි අඥානචර්‍ය්‍යා නමු. මේ අඥානචර්‍ය්‍යා යි.
කතමා ඤාණචරියා.
ඥානචර්‍ය්‍යා කවර යත්:
අනිච්චානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනත්ථාය -පෙ- විරාගානුපස්සනත්ථාය -පෙ- නිරොධානුපස්සනත්ථාය -පෙ- පටිනිස්සග්ගානුපස්සනත්ථාය -පෙ- ඛයානුපස්සනත්ථාය -පෙ- වයානුපස්සනත්ථාය -පෙ- විපරිනාමානුපස්සනත්ථාය -පෙ- අනිමිත්තානුපස්සනත්ථාය -පෙ- අප්පනිහිතානුපස්සනත්ථාය -පෙ- සුඤ්ඤතානුපස්සනත්ථාය -පෙ- අධිපඤ්ඤාධම්මානුපස්සනත්ථාය -පෙ- යථාභූතඤාණ දස්සනත්ථාය -පෙ- ආදීනවානුපස්සනත්ථාය -පෙ- පටිසඞ්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, පටිසඞ්ඛානුපස්සනා ඤාණවිරියා, විවට්ටානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමිමග්ගො ඤාණචරියා, සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අනාගාමිමග්ගො ඤාණචරියා, අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අරහත්තමග්ගො ඤාණචරියා අරහත්තඵලසමාපත්ති ඤාණචරියා.
අනිත්‍යානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනිත්‍යානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. දුඃඛානුදර්ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දුඃඛානුදර්ශනය ඥානචර්‍ය්‍යා යි. අනාත්මානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනාත්මානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. නිර්වේදානුදර්‍ශනය පිණිස විරාගානුදර්‍ශනය පිණිස ... නිරෝධානුදර්ශනය පිණිස ... පටිනිස්සග්ගානුදර්ශනය පිණිස ... ක්‍ෂයානුදර්‍ශනය පිණිස ... ව්‍යයානුදර්‍ශනය පිණිස ... විපරිණාමානුදර්‍ශනය පිණිස … අනිමිත්තානුදර්‍ශනය පිණිස ... අප්‍රණිහිතානුදර්‍ශනය පිණිස ... ශූන්‍යතානුදර්‍ශනය පිණිස ... අධිප්රඥාධර්මානුදර්ශනය පිණිස … යථාභූතඥානදර්‍ශනය පිණිස ... ආදීනවානුදර්‍ශනය පිණිස ... පටිසඞ්ඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ පටිසඞ්ඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. විවට්ටානානුදර්ශනය ඥානචර්‍ය්‍යා යැ ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීමාර්ගය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීමාර්ගය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අර්හත්වමාර්ගය ඥානචර්‍ය්‍යා යැ අර්හත්වඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි.
ඤාණචරියා කෙනට්ඨෙන ඤාණචරියා.
ඥානචර්‍ය්‍යා යනු: කවර අරුතෙකින් ඥානචර්‍ය්‍යා වෙයි යත්:
නීරාගා චරතීති ඤාණචරියා, නිද්දොසා චරතීති ඤාණචරියා, නිම්මොහා චරතීති ඤාණචරියා, නිම්මානා චරතීති ඤාණචරියා, නිද්දිට්ඨි චරතීති ඤාණචරියා, නිඋද්ධච්චා චරතීති ඤාණචරියා, නිබ්බිවිකිච්ඡා චරතීති ඤාණචරියා, නානුසයා චරතීති ඤාණචරියා, රාගවිප්පයුත්තා චරතීති ඤාණචරියා, දොසවිප්පයුත්තා චරතීති ඤාණචරියා, මොහවිප්පයුත්තා චරතීති ඤාණචරියා, මානවිප්පයුත්තා චරතීති ඤාණචරියා, දිට්ඨිවිප්පයුත්තා චරතීති ඤාණචරියා, උද්ධච්චවිප්පයුත්තා චරතීති ඤාණචරියා, විචිකිච්ඡාවිප්පයුත්තා චරතීති ඤාණචරියා, අනුසයවිප්පයුත්තා චරතීති ඤාණචරියා, කුසලෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා සුඛුද්රයෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, ඤාතෙ චරතීති ඤාණචරියා, ඤාණස්ස එවරූපා චරියා හොතීති ඤාණචරියා, අයං ඤාණචරියා.
රාග රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මාන රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, රාගයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මානයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටියෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍යයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සායෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශයයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කුශලකර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අකුශලකර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සාවද්‍යකර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කෘෂ්ණකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛොදයකර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛොදයකර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛවිපාක වූ කර්මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛවිපාක වූ කර්මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, යථාස්වභාවය වූ ඥානාලම්බනයෙහි හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, උක්තප්‍රකාර වූ ඥානයාගේ මෙබඳු වු චර්‍ය්‍යාව වේ නු යි ඥානචර්‍ය්‍යා යැ. මේ ඥානචර්‍ය්‍යා යි.
අඤ්ඤා විඤ්ඤාණචරියා, අඤ්ඤා අඤ්ඤාණචරියා, අඤ්ඤා ඤාණචරියාති තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං.
විඥානචර්ය්යාව අනෙකක, අඥානචර්ය්යාව අනෙකක, ඥානචර්ය්යාව අනෙකකැ’යි ඒ චර්‍ය්‍යානානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තේඤාණං’යි.
චරියානානත්තඤාණනිද්දෙසො.
චර්ය්යානානාත්වඥානනිර්දේශ යි.