16. ගොචරනානත්තඤාණං
16. ගොචරනානත්තඤාණං
16. ගෝචරනානාත්ව ඥානය
කථං බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං.
කිසෙයින් බාහිරවිෂයයන් පිරිසිඳදැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන වෙයි යත්:
කථං බහිද්ධා ධම්මෙ වවත්ථෙති: රූපෙ බහිද්ධා වවත්ථෙති, සද්දෙ බහිද්ධා වවත්ථෙති, ගන්ධෙ බහිද්ධා වවත්ථෙති, රසෙ බහිද්ධා වවත්ථෙති, ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති, ධම්මෙ බහිද්ධා වවත්ථෙති.
කිසෙයින් බාහිරධර්මයන් නිශ්චය කෙරෙයි යත්: අධ්‍යාත්මයෙන් බාහිර වූ රූපායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ස්ප්රෂ්ටව්යධර්මයන් නිශ්චය කෙරෙයි. (භවාඞ්ගමනස්සම්ප්රයුක්ත) වූ බාහිර ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
කථං රූපෙ බහිද්ධා වවත්ථෙති: රූපා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, රූපා තණ්හා සම්භූතා’ති වවත්ථෙති, ‘රූපා කම්මසම්භූතා’ති වවත්ථෙති, ‘රූපා ආහාරසම්භූතා’ති වවත්ථෙති, ‘රූපා චතුන්නං මහාභූතානං උපාදාය’ති වවත්ථෙති, ‘රූපා උප්පන්නා’ති වවත්ථෙති, ‘රූපා සමුදාගතා’ති වවත්ථෙති, රූපා අහුත්වා සම්භූතා හුත්වා න භවිස්සන්තී’ති වවත්ථෙති, රූපෙ අන්තවන්තතො වවත්ථෙති, ‘රූපා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ‘රූපා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති,
කිසෙයින් බාහිරරූපයන් නිශ්චය කෙරෙයි යත්: රූපායතනධර්මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ කර්‍මහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ ආහාරහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (අද්ධාවශයෙන් සන්තතිඛණ වශයෙන්) උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (උදයෙන් පෙර) නො තිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි, රූපයෝ අස්ථිරයහ, අශාශ්වතයහ, විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරේ.
රූපෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො, අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති, නො සමුදෙති: පටිනිස්සජ්ජති නො ආදියති, අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං ජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං රූපෙ බහිද්ධා වවත්ථෙති.
රූපායතනධර්‍මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර රූපායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කථං සද්දෙ බහිද්ධා වවත්ථෙති සද්දා චතුන්නං මහාභූතානං උපාදායාති, වවත්ථෙති, ‘සද්දා චතුන්නං මහාභූතානං උපාදායාති වවත්ථෙති, ‘සද්දා උප්පන්නා’ති වවත්ථෙති, සද්දා සමුදාගතා’ති වවත්ථෙති ‘සද්දා අහුත්වා සම්භූතා, හුත්වා න භවිස්සන්තීති වවත්ථෙති, සද්දෙ අන්තවන්තතො වවත්ථෙති, ‘සද්දා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, සද්දා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති.
කිසෙයින් බාහිර ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ශබ්දයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (අධ්වාවශයෙන් ඛණසන්තති වශයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දායතන ධර්මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අස්ථිරයහ. අශාශ්වතයහ විපරිණාමස්වභාවහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
සද්දෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, -පෙ- එවං සද්දෙ බහිද්ධා වවත්ථෙති.
කථං ගන්ධෙ බහිද්ධා වවත්ථෙති: ‘ගන්ධා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ගන්ධා තණ්හාසම්භූතා’ත වවත්ථෙති, -පෙ- එවං ගන්ධෙ බහිද්ධා වවත්ථෙති.
කිසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ගන්ධයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ගන්ධයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කථං රසෙ බහිද්ධා වවත්ථෙති: ‘රසා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘රසා තණ්හාසම්භූතාති වවත්ථෙති, -පෙ- එවං රසෙ බහිද්ධා වවත්ථෙති.
කිසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: රසයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි රසයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කථං ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති: ‘ඵොට්ඨබ්බා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති: ඵොට්ඨබ්බා තණ්හාසම්භූතාති වවත්ථෙති, ‘ඵොට්ඨබ්බා කම්මසම්භූතා’ති වවත්ථෙති, ඵොට්ඨබ්බා ආහාරසම්භූතාති, වවත්ථෙති, ඵොට්ඨබ්බා උප්පන්නා’ති වවත්ථෙති, ඵොට්ඨබ්බා සමුදාගතාති වවත්ථෙති -පෙ- එවං ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති.
කිසෙයින් බාහිර වූ ස්ප්රෂ්ටව්යධර්මයන් නිශ්චය කෙරෙයි යත්: ස්ප්රෂ්ටව්යායතනධර්මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ ආහාර හේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ (අද්ධාවශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ස්ප්රෂ්ටව්යායතනධර්මයන් නිශ්චය කෙරේ.
කථං ධම්මෙ බහිද්ධා වවත්ථෙති: ‘ධම්මා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ධම්මා තණ්හාසම්භූතා’ති වවත්ථෙති, ධම්මා කම්ම සම්භූතා’ති වවත්ථෙති, ධම්මා ආහාරසම්භූති’ති වවත්ථෙති, ධම්මා චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, ධම්මා උප්පන්නා’ති වවත්ථෙති, ධම්මා සමුදාගතා’ති වවත්ථෙති, ‘ධම්මා අහුත්වා සම්භූතාති, හුත්වා න භවිස්සන්තී’ති වවත්ථෙති, ධම්මෙ අන්තවන්තතො වවත්ථෙති, ධම්මා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ධම්මා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති.
කිසෙයින් ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ධර්මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ධර්මයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ ආහාරහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ (අද්ධා වශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ, තිබී (ව්‍යයයෙන් මත්තෙහි) නොවන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ධර්මයෝ අස්ථිරයහ අශාශ්වතයහ. විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ධර්මයෝ අනිත්‍යයහ. ප්‍රත්‍යයොත්පන්නයහ. ප්‍රතීත්‍යසමුත්පන්නයහ ... ක්‍ෂයස්වභාවයහ. ව්‍යයස්වභාවයහ. විරාගස්වභාවයහ. නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි.
ධම්මෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො: දුක්ඛතො වවතෙති නො සුඛතො: අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති නො සමුදෙති: පටිනිස්සජ්ජති නො ආදියති, -පෙ- අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං ධම්මෙ බහිද්ධා වවත්ථෙති.
ධර්මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි. ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි. සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. ... අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. විරාගයට පැමිණෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර වු ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: ‘බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං’
ඒ ගෝචරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගෝචරනානත්තේ ඤාණං’යි.
ගොචරනානත්තඤාණනිද්දෙසො
ගෝචරනානාත්‍වඥාන නිර්දේශ යි.