යෙදුමෙන් කියවන්න

33. අරණවිහාරඤාණං

33. අරණවිහාරඤාණං

33. අරණවිහාර ඥානය

කථං දස‍්සනාධිපතෙය්‍යං සන‍්තො ච විහාරාධිගමො පණිතාධිමුත‍්තතා පඤ‍්ඤා අරණවිහාරෙ ඤාණං’

කිසෙයින් දර්‍ශනාධිපතිභාවය ද ශාන්තවිහාරාධිගමය ද ප්‍රණීතාදිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥාන වෙයි යත්:

දස‍්සනාධිපතෙය්‍යන‍්ති අනිච‍්චානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, දුක‍්ඛානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, අනත‍්තානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, රූපෙ අනිච‍්චානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, රූපෙ දුක‍්ඛානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, රූපෙ අනත‍්තානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ -පෙ- චක‍්ඛුස‍්මිං -පෙ- ජරාමරණෙ අනිච‍්චානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, ජරාමරණෙ දුක‍්ඛානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං, ජරාමරණෙ අනත‍්තානුපස‍්සනා දස‍්සනාධිපතෙය්‍යං.

දස්සනාධිපතෙය්‍යං යනු: අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි දුක්ඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි.

සන‍්තො ච විහාරාධිගමොති සුඤ‍්ඤතො විහාරො සන‍්තො විහාරාධිගමො, අනිමිත‍්තො විහාරො සන‍්තො විහාරාධිගමො, අප‍්පණිහිතො විහාරො සන‍්තො විහාරාධිගමො.

සන්තෝ ච විහාරාධිගමො යනු: ශුන්‍යතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අනිමිත්තාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අප්‍රණිහිතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වේ.

පණිතාධිමුත‍්තතාති සුඤ‍්ඤතො අධිමුත‍්තතා පණිතාධිමුත‍්තතා, අනිමිත‍්තො අධිමුත‍්තතා පණිතාධිමුත‍්තතා, අප‍්පණිහිතෙ අධිමුත‍්තතා පණීතාධිමුත‍්තතා.

පණීතාධිමුත්තතා යනු: ශුන්‍යතඵලසමාපත්තියෙහි (පූර්‍වභාගප්‍රඥා වශයෙන්) අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අනිමිත්තඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අප්‍රණිහිතඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වේ.

අරණවිහාරොති පඨමං ඣානං අරණවිහාරො, දුතියං ඣානං අරණවිහාරො, තතියං ඣානං අරණවිහාරො. චතුත්‍ථං ඣානං අරණවිහාරො, ආකාසානඤ‍්චායතනසමාපත‍්ති අරණවිහාරො -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්ති අරණවිහාරො.

අරණවිහාරො යනු: (අර්‍හත්ඵලසමාපත්තියට සමවදිනු කැමැත්තහුගේ විදර්‍ශනාවට අරමුණු වූ) ප්‍රථමධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තිය අරණවිහාර නම් වෙයි ... නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිය අරණවිහාර නම් වේ.

අරණවිහාරොති කෙනට‍්ඨෙන අරණවිහාරො: පඨමෙන ඣානෙන නීවරණෙ හරතීති අරණවිහාරො, දුතියෙන ඣානෙන විතක‍්කවිචාරෙ හරතීති අරණවිහාරො, තතියෙන ඣානෙන පීතිං හරතීති අරණවිහාරො, චතුත්‍ථෙන ඣානෙන සුඛදුක‍්ඛෙ හරතීති අරණවිහාරො, ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා රූපසඤ‍්ඤං පටිඝසඤ‍්ඤං නානත‍්තසඤ‍්ඤං හරතීති අරණවිහාරො, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං හරතීති අරණවිහාරො, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං හරතීති අරණවිහාරො, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතන සඤ‍්ඤං හරතීති අරණවිහාරො. අයං අරණවිහාරො.

අරණවිහාරො යනු කවර අරුතෙකින් අරණවිහාර වේ ද යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. මේ අරණවිහාර යි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘දස‍්සනාධිපතෙය්‍යං සන‍්තො ච විහාරාධිගමො පණීතාධිමුත‍්තතා පඤ‍්ඤා අරණවිහාරෙ ඤාණං’.

ඒ අරණවිහාරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දස්සනාධිපතෙය්‍යං සන්තෝ ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරේ ඤාණං’ යී.

අරණවිහාරඤාණනිද‍්දෙසො.

අරණවිහාරඥාන නිර්දේශ යි.