34. නිරොධසමාපත්තිඤාණං
34. නිරොධසමාපත්තිඤාණං
34. නිරෝධසමාපත්ති ඥානය
කථං ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං:
කිසෙයින් (ශමථවිදර්‍ශනා යන) බල දෙකින් සමන්‍වාගතවන බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂෝඩශඥානචර්‍ය්‍යායෙන් නව සමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන වෙයි යත්:
ද්වීහි බලෙහිති ද්වෙ බලානි: සමථබලං, විපස්සනාබලං.
ද්වීහි බලෙහි යනු. බල දෙකෙකි: ශමථබල යැ විදර්‍ශනාබල යි.
කථං සමථබලං: නෙක්ඛම්මවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, අව්යාපාදවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, අලොකසඤ්ඤාවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං.
ශමථබලය කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තෛකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අව්‍යාපාද වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. ආලෝකසංඥා වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අවික්‍ෂේප වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි.
සමථබලන්ති කෙනට්ඨෙන සමථබලං: පඨමෙන ඣානෙන නීවරණෙ න කම්පතීති සමථබලං, දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ න කම්පතීති සමථබලං, තතියෙන ඣානෙන පීතියා න කම්පතීති සමථබලං, චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛෙ න කම්පතීති සමථබලං, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය න කම්පතීති සමථබලං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, උද්ධච්චෙ ච උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති, න චලති, න වෙධතීති සමථබලං. ඉදං සමථබලං.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල වෙයි යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෙහි (නීවරණ නිමිති කොට) නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද (ඖදත්‍යසම්ප්‍රයුක්ත) සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි නො වෙවුලා නු යි ශමථබල නමි. මේ ශමථබල යි.
කතමං විපස්සනාබලං: අනිච්චානුපස්සනා විපස්සනාබලං, දුක්ඛානුපස්සනා විපස්සනාබලං, අනත්තානුස්සනා විපස්සනාබලං, නිබ්බිදානුපස්සනා විපස්සනාබලං, විරාගානුපස්සනා විපස්සනාබලං, නිරොධානුපස්සනා විපස්සානාබලං, පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං. රූපෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, -පෙ- රූපෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං.
විදර්‍ශනාබල කවරෙ යත්: අනිත්‍යානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. දුඃඛානුදර්ශනය විදර්‍ශනාබල යැ. අනාත්මානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිර්වේදානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. විරාගානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිරෝධානුපස්සනාව විදර්‍ශනාබල යැ. පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
විපස්සනාබලන්ති කෙනට්ඨෙන විපස්සනාබලං: අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, අනත්තානුපස්සනාය අත්තසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, නිබ්බිදානුපස්සනාය නන්දියා න කම්පතීති විපස්සනාබලං, විරාගානුපස්සනාය රාගෙ න කම්පිතීති විපස්සනාබලං, නිරොධානුපස්සනාය සමුදයෙ න කම්පතීති විපස්සනාබලං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානෙ න කම්පතීති විපස්සනාබලං, අවිජ්ජාය ච අවිජ්ජාසහගතාකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති, න චලති, න වෙධතීති විපස්සනාබලං. ඉදං වුච්චති විපස්සනාබලං.
විදර්ශනාබලං යනු කවර අරැතෙකින් විදර්‍ශනාබල නම් වෙයි යත්: අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනායෙන් තෘෂ්ණායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනායෙන් රාගයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිරෝධානුපස්සනායෙන් සමුදයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, පටිනිස්ගානුපස්සනායෙන් ආදානයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි, නො සැලෙයි, නො වෙවුලා නු යි විදර්‍ශනාබල යි. මේ විදර්‍ශනාබල නම් වේ.
තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියාති කතමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා: දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා වචීසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, චතුත්ථජ්ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා කායසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, ඉමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා.
තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා යනු: කවර තුන් සංස්කාරයන්ගේ සන්හිඳීමෙනැ යත්: ද්විතීයධ්‍යානයට සමවන්හුගේ විතර්කවිචාර සඞ්ඛ්‍යාත වාක්සංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්හුගේ ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත කායසංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. සංඥාවේදයිතනිරෝධසමාපත්තියට සමවන්හුගේ සංඥාව ද වේදනාව ද යන චිත්තසංස්කාරයෝ සන්හිඳුනාහු වෙත්. මේ තුන් ආකාරයන්ගේ සන්සිඳීමෙනි.
සොළසහි ඤාණචරියාහිති කතමෙහි සොළසහි ඤාණචරියාහි: අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනා ඤාණචරියා, විරාගානුපස්සනා ඤාණචරියා, නිරොධානුපස්සනා ඤාණචරියා, පටිනිස්සග්ගානුපස්සනා ඤාණචරියා, විවට්ටානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමිමග්ගො ඤාණචරියා, සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අනාගාමිමග්ගො ඤාණචරියා, අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අරහත්තමග්ගො ඤාණචරියා. අරහත්තඵලසමාපත්ති ඤාණචරියා. ඉමෙහා සොළසහි ඤාණචරියාහි.
සොළසහි ඤාණචරියාහි යනු: කවර සොළොස් ඥානචර්‍ය්‍යායෙන යත්: අනිච්චානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, දුක්ඛානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, අනත්තානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිබ්බිදානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විරාගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිරෝධානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, පටිනිස්සග්ගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විවට්ටානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, ස්‍රෝතාපත්තිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීමාර්ගය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හන්මාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හත්ඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි. මේ සොළොස් ඥානචර්‍ය්‍යායෙනි.
නවහි සමාධිචරියාහීති කතමෙහි නවහි සමාධිචරියාහි: පඨමං ඣානං සමාධිචරියා, දුතියං ඣානං සමාධිචරියා, තතියං ඣානං සමාධිචරියා, චතුත්ථං ඣානං සමාධිචරියා, ආකාසානඤ්චායතනසමාපත්ති -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්ති -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා, පඨමං ඣානං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛං ච චිත්තෙකග්ගතා ච -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛං ච චිත්තෙකග්ගතා ච. ඉමාහි නවහි සමාධිචරියාහි.
නවහි සමාධිචරියාහි යනු: කවර නව සමාධිචර්ය්යායෙනැ යත්: ප්‍රථමධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ද්විතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, තෘතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, චතුර්‍ත්‍ථධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණනඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය සමාධිචර්‍ය්‍යා යැ. ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද (සමාධිචර්‍ය්‍යා යි.) මේ නව සමාධිචර්ය්යායෙනි.
වසීති පඤ්ච වසියො: ආවජ්ජන වසී, සමාපජ්ජනවසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛන වසී.
වසී යනු පඤ්චවශීහු යැ: ආවර්ජනවශී යැ සමාපජ්ජනවශී යැ අධිෂ්ඨානවශී යැ ව්යුත්ථානවශී යැ ප්රත්යවේක්ෂණවශී යයි.
පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති, ආවජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති ආවජ්ජනවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති, සමාපජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති සමාපජ්ජනවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං අධිට්ඨාති. අධිට්ඨානෙ දන්ධායිතත්තං නත්ථීති අධිට්ඨානා වසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං වුට්ඨාති, වුට්ඨානෙ දන්ධායිතත්තං නත්ථීති වුට්ඨානවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං පච්චවෙක්ඛති, පච්චවෙක්ඛනාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛනවසි.
ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ආවර්ජන කෙරේ ද මනෝද්වාරාවර්ජනයෙහි අවශයෙහි පවත්නා (දන්ධායිත) බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් සමවදී නම් සමවැදීමෙහි දන්ධායිත බවෙක් නැත් නු යි සමාපජ්ජනවසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් අධිෂ්ඨාන කෙරේ නම් අධිෂ්ඨානයෙහි දන්ධායිත බවෙක් නැත් නු යි අධිට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් නැඟීසිටී නම් නැඟීසිටීමෙහි දන්ධායිත බවෙක් නැත් නු යි වුට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් නැඟී යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ප්රත්යවේක්ෂා කෙරේ නම් ප්‍රත්‍යවේක්‍ෂායෙහි දන්ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛනා වසී නමි.
දුතියං ඣානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති, ආවජ්ජනාය දත්වායිතත්තං නත්ථි ආවජ්ජනවසී, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති -පෙ- අධිට්ඨාති -පෙ- වුට්ඨාති -පෙ- පච්චවෙක්ඛති. පච්චවෙක්ඛනාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛනවසී. ඉමා පඤ්චවසියො.
ද්විතීයධ්‍යානය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් ආවර්ජනා කෙරේ නම් ආවර්ජනායෙහි දන්ධායිත බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් සමවදී නම් ... අධිෂ්ඨාන කෙරේ නම් ... නැඟීසිටී නම් ... ප්රත්යවේක්ෂා කෙරේ නම් ප්රත්යවේක්ෂාවෙහි දන්ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛන වසී නම. මොහු පඤ්චවශීහු යැ.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්ඤා නිරොධ සමාපත්තියා ඤාණං’
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරෝධසමාපත්තියා ඤාණං’ යි.
නිරොධසමාපත්තිඤාණනිද්දෙසො.
නිරෝධසමාපත්තිඥාන නිර්දේශ යි.