යෙදුමෙන් කියවන්න

34. නිරොධසමාපත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

34. නිරොධසමාපත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා

34. නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශ වර්ණනාව

නිරොධසමාපත‍්තිඤාණනිද‍්දෙසෙ සමථබලන‍්ති කාමච‍්ඡන්‍දාදයො පච‍්චනීකධම‍්මෙ සමෙතීති සමථො, සොයෙව අකම‍්පනීයට‍්ඨෙන බලං. අනාගාමිඅරහන‍්තානංයෙව සමාධිපටිපක‍්ඛස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස පහානෙන සමාධිස‍්මිං පරිපූරකාරිභාවප‍්පත‍්තත‍්තා තෙසංයෙව සමාධි බලප‍්පත‍්තොති කත්‍වා “සමථබල”න‍්ති වුච‍්චති, න අඤ‍්ඤෙසං. සමාධිබලන‍්තිපි පාඨො. විපස‍්සනාබලන‍්ති අනිච‍්චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම‍්මෙ පස‍්සතීති විපස‍්සනා, සායෙව අකම‍්පනීයට‍්ඨෙන බලං. තෙසංයෙව උභින‍්නං බලප‍්පත‍්තං විපස‍්සනාඤාණං. තත්‍ථ සමථබලං අනුපුබ‍්බෙන චිත‍්තසන‍්තානවූපසමනත්‍ථං නිරොධෙ ච පටිපාදනත්‍ථං, විපස‍්සනාබලං පවත‍්තෙ ආදීනවදස‍්සනත්‍ථං නිරොධෙ ච ආනිසංසදස‍්සනත්‍ථං.

නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශයෙහි, සමථ බලං යනු කාමච්ඡන්‍දාදී විරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි සමථයි. එයම කම්පා නොවන අර්ථයෙන් බලයයි. අනාගාමී රහතුන්ටම සමාධියට ප්‍රතිපක්‍ෂ කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙන් සමාධියෙහි සම්පූර්ණ භාවයට පත්හෙයින් ඔවුන්ගේම සමාධිය බලප්‍රාප්තයයි නිශ්චිතකොට සමථ බලය යැයි යූ.සේයි. අන්‍යයන්ට නොවේ. සමාධි බලය යැයිද පාඨයි. විපස්සනා බලං යනු අනිත්‍යාදී වශයෙන් විවිධ ආකාරයන්ගෙන් ධර්මයන් බලයිනුයි විදර්ශනාවම කම්පා නොවන අර්ථයෙන් බලයයි. ඒ දෙයාකාරයෙන්ම බලප්‍රාප්ත විදර්ශනා ඥානය. එහි සමථ බලය පිළිවෙලින් සිත් සතන් සන්සිඳුවීම සඳහායි. නිරෝධයෙහිද සම්පාදනය සඳහායි. විදර්ශනා බලය පැවති කල්හි ආදීනව දැක්ම සඳහාද, නිරෝධයෙහි අනුසස් දැකීම සඳහාද වේ.

නීවරණෙති නිමිත‍්තත්‍ථෙ භුම‍්මවචනං, නීවරණනිමිත‍්තං නීවරණපච‍්චයාති අත්‍ථො. කරණත්‍ථෙ වා භුම‍්මවචනං, නීවරණෙනාති අත්‍ථො. න කම‍්පතීති ඣානසමඞ‍්ගීපුග‍්ගලො. අථ වා ඣානන‍්ති ඣානඞ‍්ගානං අධිප‍්පෙතත‍්තා පඨමෙන ඣානෙන තංසම‍්පයුත‍්තසමාධි නීවරණෙ න කම‍්පති. අයමෙව චෙත්‍ථ යොජනා ගහෙතබ‍්බා. උද‍්ධච‍්චෙ චාති උද‍්ධච‍්චසහගතචිත‍්තුප‍්පාදෙ උද‍්ධච‍්චෙ ච. උද‍්ධච‍්චන‍්ති ච උද‍්ධතභාවො , තං අවූපසමලක‍්ඛණං. උද‍්ධච‍්චසහගතකිලෙසෙ චාති උද‍්ධච‍්චෙන සහගතෙ එකුප‍්පාදාදිභාවං ගතෙ උද‍්ධච‍්චසම‍්පයුත‍්තෙ මොහඅහිරිකඅනොත‍්තප‍්පකිලෙසෙ ච. ඛන්‍ධෙ චාති උද‍්ධච‍්චසම‍්පයුත‍්තචතුක‍්ඛන්‍ධෙ ච. න කම‍්පති න චලති න වෙධතීති අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි. උද‍්ධච‍්චෙ න කම‍්පති, උද‍්ධච‍්චසහගතකිලෙසෙ න චලති, උද‍්ධච‍්චසහගතක‍්ඛන්‍ධෙ න වෙධතීති යොජෙතබ‍්බං. විපස‍්සනාබලං සත‍්තන‍්නංයෙව අනුපස‍්සනානං වුත‍්තත‍්තා තාසංයෙව වසෙන විපස‍්සනාබලං පරිපුණ‍්ණං හොතීති වෙදිතබ‍්බං. අවිජ‍්ජාය චාති ද‍්වාදසසුපි අකුසලචිත‍්තුප‍්පාදෙසු අවිජ‍්ජාය ච. අවිජ‍්ජාසහගතකිලෙසෙ චාති යථායොගං අවිජ‍්ජාය සම‍්පයුත‍්තලොභදොසමානදිට‍්ඨිවිචිකිච‍්ඡාථිනඋද‍්ධච‍්චඅහිරිකඅනොත‍්තප‍්පකිලෙසෙ ච.

නීවරණෙ නිමිත්තාර්ථයෙහි සත්තමීයි. නීවරණ නිමිතිකොට නීවරණ ප්‍රත්‍යය කොටයැයි අර්ථයි. කරණාර්ථයෙහි හෝ සත්තමීයි. නීවරණයන් කරණකොට යන අර්ථයි. න කම්පති යනු ධ්‍යාන යුක්ත පුද්ගලයා නොහොත්, ධ්‍යානයයි ධ්‍යානාංගයන් අදහස් කළ හෙයින්, ප්‍රථම ධ්‍යානයෙන් ඒ හා සම්ප්‍රයුක්ත සමාධිය නීවරණයන්ගෙන් කම්පා නොවේ. මෙහි මෙයම යෙදීම ලෙස ගතයුතුය. උද්ධච්චෙ යනු, නොසන්සුන් සහගත චිත්තොත්පාදයෙහිද නොසන්සුන්කමෙහිද, උද්ධච්චං යනු එසවූ බවයි. එය නොසන්සුන් ලක්‍ෂණයි. උද්ධච්ච සහගත කිලෙසෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු, ඒකෝත්පාදාදී භාවයන්හි ඇතුළත් වූ, නොසන්සුන්කම සමග එකට යෙදුණු මෝහ, අහිරික. අනොත්තප්ප ආදී ක්ලේශයන්, ඛන්‍ධෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු සිව් ස්කන්ධයන්හි, න කම්පති නචලති නවෙධති යන අන්‍යොන්‍ය සමාන වචනයන්ය. නොසන්සුන්කමෙහි කම්පා නොවෙයි. නොසන්සුන්කම සමග එකට යෙදුණු ක්ලේශයන්හි නොසැලේ. නොසන්සුන්කම සමග එකට යෙදුණු ස්කන්ධයන්හි කම්පා නොවේයයි යෙදිය යුතුය. විදර්ශනා බලය සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් කියන ලද හෙයින් ඒවාහිම වශයෙන් විදර්ශනා බලය සම්පූර්ණ වේයයි යූ.සේයි. අවිජ්ජායච යනු දොළොස් වැදෑරුම් අකුසල චිත්තොත්පාදයන්හි අවිද්‍යාවගේ, අවිජ්ජා සහගත කිලෙසෙච යනු සුදුසු පරිදි, අවිද්‍යාව හා එකට යෙදුණු ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිච්ඡා, ථීනමිද්ධ, උද්ධච්ච, අහිරික අනොත්තප්ප යන කෙලෙස් වේ.

වචීසඞ‍්ඛාරාති විතක‍්කවිචාරා. “පුබ‍්බෙ ඛො, ආවුසො විසාඛ, විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දති, තස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො”ති (ම· නි· 1.463) වචනතො වාචං සඞ‍්ඛරොන‍්ති උප‍්පාදෙන‍්තීති වචීසඞ‍්ඛාරා. කායසඞ‍්ඛාරාති අස‍්සාසපස‍්සාසා. “අස‍්සාසපස‍්සාසා ඛො, ආවුසො විසාඛ, කායිකා එතෙ ධම‍්මා කායපටිබද‍්ධා, තස‍්මා අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො”ති (ම· නි· 1.463) වචනතො කායෙන සඞ‍්ඛරීයන‍්තීති කායසඞ‍්ඛාරා. සඤ‍්ඤාවෙදයිතනිරොධන‍්ති සඤ‍්ඤාය වෙදනාය ච නිරොධං. චිත‍්තසඞ‍්ඛාරාති සඤ‍්ඤා ච වෙදනා ච. “චෙතසිකා එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා, තස‍්මා සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරො”ති (ම· නි· 1.463) වචනතො චිත‍්තෙන සඞ‍්ඛරීයන‍්තීති චිත‍්තසඞ‍්ඛාරා.

වචීසංඛාරා යනු විතර්ක විචාරයෝය. ඇවැත්නි, විශාඛය, කලින් කල්පනාකොට, සිතාබලා පසුව වචන බිඳියි. එහෙයින් විතර්ක විචාර වචී සංඛාර වෙතියි යන වචනයෙන්, වචන රැස්කරත්. උපදවත්නුයි වචී සංඛාරයි. කායසංඛාරා යනු ආශ්වාස ප්‍රශ්වාස; ඇවැත්නි විශාඛය ආශ්වාස ප්‍රශ්වාස කායිකය. ඒ ධර්ම කය හා බැඳී පවතී. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාරයයි යන වචනයෙන් කයින් රැස්කරනු ලැබෙත්නුයි කාය සංස්කාරයි. සඤ්ඤා වෙදයිත නිරොධං යනු සංඥාවගේද වේදනාවගේද නිරෝධයයි. චිත්ත සංඛාරා යනු සංඥාවද, වේදනාවද, ඇවැත්නි විශාඛය සංඥාව චෛතසිකයකි. එම ධර්ම සිත හා බැඳී පවතී. එහෙයින් සංඥාවද, වේදනාවද චිත්ත සංස්කාරයි යන වචනයෙන් සිතෙන් රැස්කෙරේනුයි චිත්ත සංඛාරයි.

ඤාණචරියාසු අනුපස‍්සනාවසානෙ, විවට‍්ටනානුපස‍්සනාගහණෙන වා තස‍්සා ආදිභූතා චරියාකථාය ඤාණචරියාති වුත‍්තා සෙසානුපස‍්සනාපි ගහිතා හොන‍්තීති වෙදිතබ‍්බං. සොළසහි ඤාණචරියාහීති ච උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො, අනාගාමිස‍්ස පන අරහත‍්තමග‍්ගඵලවජ‍්ජාහි චුද‍්දසහිපි හොති පරිපුණ‍්ණබලත‍්තා.

ඤාණ චර්යාවන්හි, අනුපස්සනා වශයෙන් හෝ විවට්ටානුපස්සනා ග්‍රහණයෙන් හෝ එයට මුල්වූ චර්යා කථායෙහි කියන ලද, සෙසු අනුපස්සනාවෝද ගන්නා ලද්දෝ වෙත්යයි දතයුතුය. සොළසහි ඤාණචරියාහි යනු උත්කෘෂ්ට පරිච්ඡේදයෙන්, අනාගාමීහුට වනාහි අර්හත්, මාර්ග, ඵල හැර පූර්ණබව සහිත බැවින්, තුදුස් අයුරෙකින් වේ.

නවහි සමාධිචරියාහීති එත්‍ථ පඨමජ‍්ඣානාදීහි අට‍්ඨ, පඨමජ‍්ඣානාදීනං පටිලාභත්‍ථාය සබ‍්බත්‍ථ උපචාරජ‍්ඣානවසෙන එකාති නව සමාධිචරියා. බලචරියානං කිං නානත‍්තං? සමථබලෙනපි හි “නෙක‍්ඛම‍්මවසෙනා”තිආදීහි සත‍්තහි පරියායෙහි උපචාරසමාධි වුත‍්තො, පෙය්‍යාලවිත්‍ථාරතො “පඨමජ‍්ඣානවසෙනා”තිආදීහි සමසත‍්තතියා වාරෙහි යථායොගං අප‍්පනූපචාරසමාධි වුත‍්තො, සමාධිචරියායපි “පඨමං ඣාන”න‍්තිආදීහි අට‍්ඨහි පරියායෙහි අප‍්පනාසමාධි වුත‍්තො. පඨමං ඣානං පටිලාභත්‍ථායාතිආදීහි අට‍්ඨහි පරියායෙහි උපචාරසමාධි වුත‍්තොති උභයත්‍ථාපි අප‍්පනූපචාරසමාධියෙව වුත‍්තො. එවං සන‍්තෙපි අකම‍්පියට‍්ඨෙන බලානි වසීභාවට‍්ඨෙන චරියාති වෙදිතබ‍්බා. විපස‍්සනාබලෙ පන සත‍්ත අනුපස‍්සනාව “විපස‍්සනාබල”න‍්ති වුත‍්තා, ඤාණචරියාය සත‍්ත ච අනුපස‍්සනා වුත‍්තා, විවට‍්ටනානුපස‍්සනාදයො නව ච විසෙසෙත්‍වා වුත‍්තා. ඉදං නෙසං නානත‍්තං. සත‍්ත අනුපස‍්සනා පන අකම‍්පියට‍්ඨෙන බලානි වසීභාවට‍්ඨෙන චරියාති වෙදිතබ‍්බා.

නවහි සමාධි චරියාහි යන මෙහි ප්‍රථමධ්‍යානාදී අටක්ද, ප්‍රථමධ්‍යානාදීන්ගේ ප්‍රතිලාභය සඳහා හැමතැන උපචාර ධ්‍යාන වශයෙන් එකක්දැයි සමාධි චර්යා නවයකි. බල චර්යාවන්ගේ කවර නානත්වයක්ද? සමථ බලයෙහිද, නෛෂ්ක්‍රම්‍ය වශයෙන් යන ආදි සත් අයුරකින් උපචාර සමාධි යූ.සේයි. පෙය්‍යාල විස්තර වශයෙන් ප්‍රථමධ්‍යාන වශයෙන් යනාදී සමසැත්තෑ වාරයන්ගෙන් සුදුසු පරිදි අර්පණා උපචාර සමාධිය යූ.සේයි. සමාධි චර්යායෙහිද, ප්‍රථමධ්‍යානය යන ආදී අට ක්‍රමයන්ගෙන් අර්පණා සමාධිය යූ.සේයි. පඨමජ්ඣානං පටිලාභත්‍ථාය යනාදී අට ක්‍රමයන්ගෙන් උපචාර සමාධිය කියන ලදැයි දෙඅයුරකින්ම අර්පණා උපචාර සමාධියම යූ.සේයි. මෙසේ ඇතිකල්හිද, කම්පානොවන අර්ථයෙන් බලතාවන් වසී භාවාර්ථයෙන් චර්යායයි දතයුත්තාහ. විදර්ශනා බලයෙහි වනාහි සප්ත අනුපස්සනාවන්ම විදර්ශනා බලය යැයි යූ.සේයි. ඤාණ චර්යායෙහි සප්ත අනුපස්සනා යූ.සේයි. විවට්ටානුපස්සනාදී නවයද විශේෂකොට යූ.සේයි. මේ ඒවායි නානත්‍වයයි. සප්ත අනුපස්සනා කම්පා නොවන අර්ථයෙන් බලයැයිද, වසී භාවාර්ථයෙන් චර්යායැයිද දතයුත්තාහ.

“වසීභාවතා පඤ‍්ඤා”ති (පටි· ම· 1.34 මාතිකා) එත්‍ථ වුත‍්තවසියො විස‍්සජ‍්ජෙතුං වසීති පඤ‍්ච වසියොති ඉත්‍ථිලිඞ‍්ගවොහාරෙන වුත‍්තං. වසො එව වසීති වුත‍්තං හොති. පුන පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය තා වසියො විස‍්සජ‍්ජෙන‍්තො ආවජ‍්ජනවසීතිආදිමාහ. ආවජ‍්ජනාය වසො ආවජ‍්ජනවසො, සො අස‍්ස අත්‍ථීති ආවජ‍්ජනවසී. එසෙව නයො සෙසෙසු. පඨමං ඣානං යත්‍ථිච‍්ඡකන‍්ති යත්‍ථ යත්‍ථ පදෙසෙ ඉච‍්ඡති ගාමෙ වා අරඤ‍්ඤෙ වා, තත්‍ථ තත්‍ථ ආවජ‍්ජති. යදිච‍්ඡකන‍්ති යදා යදා කාලෙ සීතකාලෙ වා උණ‍්හකාලෙ වා, තදා තදා ආවජ‍්ජති. අථ වා යං යං පඨමං ඣානං ඉච‍්ඡති පථවීකසිණාරම‍්මණං වා සෙසාරම‍්මණං වා, තං තං ආවජ‍්ජති. එකෙකකසිණාරම‍්මණස‍්සාපි ඣානස‍්ස වසිතානං වුත‍්තත‍්තා පුරිමයොජනායෙව සුන්‍දරතරා. යාවතිච‍්ඡකන‍්ති යාවතකං කාලං ඉච‍්ඡති අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තං සත‍්තාහං වා, තාවතකං කාලං ආවජ‍්ජති. ආවජ‍්ජනායාති මනොද‍්වාරාවජ‍්ජනාය. දන්‍ධායිතත‍්තන‍්ති අවසවත‍්තිභාවො, අලසභාවො වා. සමාපජ‍්ජතීති පටිපජ‍්ජති, අප‍්පෙතීති අත්‍ථො. අධිට‍්ඨාතීති අන‍්තොසමාපත‍්තියං අධිකං කත්‍වා තිට‍්ඨති. වුට‍්ඨානවසියංපඨමං ඣානන‍්ති නිස‍්සක‍්කත්‍ථෙ උපයොගවචනං, පඨමජ‍්ඣානාති අත්‍ථො. පච‍්චවෙක‍්ඛතීති පච‍්චවෙක‍්ඛණජවනෙහි නිවත‍්තිත්‍වා පස‍්සති. අයමෙත්‍ථ පාළිවණ‍්ණනා.

වසීභාවතා පඤ්ඤා යන මෙහි කියන ලද වසීහු විසඳීමට වසී යනු පඤ්චවසී යැයි ස්ත්‍රී ලිඟු වහරෙන් යූ.සේයි. එයම වසීයැයි යූ.සේයි. නැවත පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් ඒ වසීහු විසඳන්නේ ආවර්ජන වසී යනු ආදිය වදාළහ. ආවර්ජනයෙහි වසිය ආවර්ජන වසියයි. එය මොහුට ඇත්තේනුයි ආවර්ජන වසීයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පඨමජ්ඣානං යත්‍ථිච්ඡකං යනු ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ යම් යම් පෙදෙසක කැමැති වේද? ඒ ඒ තන්හි ආවර්ජනා කරයි. යදිච්ඡකං යනු සීත කාලයෙහි හෝ උෂ්ණ කාලයෙහි හෝ යම් යම් කාලයෙක්හි කැමැති වේද, එකල්හි ආවර්ජනා කරයි. නොහොත් කසිණාරම්මණ හෝ සෙසු අරමුණු වූ හෝ යම් යම් ප්‍රථමධ්‍යානයක් යම්තැනක කැමැති වෙත්ද? ඒ ඒ තන්හි ආවර්ජනා කරයි. එක් එක් කසිණාරම්මණ ධ්‍යානයාගේ වසීතාවයන්ගේ වශයෙන් කියන ලද හෙයින් ප්‍රථම යෝජනාවම වඩා යහපත්ය. යාවතිච්ඡකං යනු අසුරු සණක් පමණ හෝ සත්දින්ක පමණ වූ යම්තාක් කාලයක් කැමැති වේද? එපමණ කාලයක් ආවර්ජනය කරයි. ආවජ්ජනාය යනු මනෝද්වාරාවර්ජනයෙන්, දන්‍ධායිතත්තං සිය වසයෙහි නොපවත්නා බව හෝ අලස බව, සමාපජ්ජති යනු පිළිපදී, පමුණුවයි යන අර්ථයි. අධිට්ඨාති යනු සමවත තුළ අධික කොට සිටී. වුට්ඨානවසියං පඨමජ්ඣානං යනු පංචම්‍යාර්ථයෙහි ද්විතියා වචනයි. ප්‍රථම ධ්‍යානයෙන් යයි අර්ථයි. පච්චවෙක්ඛති යනු ප්‍රත්‍යවේක්‍ෂණ ජවනයන්ගෙන් නැවතී බලයි. මේ මෙහි පාළි වර්ණනාවයි.

අයං පන අත්‍ථප‍්පකාසනා – පඨමජ‍්ඣානතො වුට‍්ඨාය විතක‍්කං ආවජ‍්ජයතො භවඞ‍්ගං උපච‍්ඡින්‍දිත්‍වා පවත‍්තාවජ‍්ජනානන‍්තරං විතක‍්කාරම‍්මණානෙව චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති, තතො ද‍්වෙ භවඞ‍්ගානි, තතො පුන විචාරාරම‍්මණං ආවජ‍්ජනං වුත‍්තනයෙනෙව ජවනානීති එවං පඤ‍්චසු ඣානඞ‍්ගෙසු යදා නිරන‍්තරං චිත‍්තං පෙසෙතුං සක‍්කොති, අථස‍්ස ආවජ‍්ජනවසී සිද‍්ධාව හොති. අයං පන මත්‍ථකප‍්පත‍්තා වසී භගවතො යමකපාටිහාරියෙව ලබ‍්භති. ඉතො පරං සීඝතරා ආවජ‍්ජනවසී නාම නත්‍ථි. අඤ‍්ඤෙසං පන අන‍්තරන‍්තරා භවඞ‍්ගවාරෙ ගණනා නත්‍ථි. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස නන්‍දොපනන්‍දදමනෙ විය සීඝං සමාපත‍්තිසමාපජ‍්ජනසමත්‍ථතා සමාපජ‍්ජනවසී නාම. අච‍්ඡරාමත‍්තං වා දසච‍්ඡරාමත‍්තං වා ඛණං සමාපත‍්තිං ඨපෙතුං සමත්‍ථතා අධිට‍්ඨානවසී නාම. තථෙව තතො ලහුං වුට‍්ඨානසමත්‍ථතා වුට‍්ඨානවසී නාම. පච‍්චවෙක‍්ඛණවසී පන ආවජ‍්ජනවසියා එව වුත‍්තා. පච‍්චවෙක‍්ඛණජවනානෙව හි තත්‍ථ ආවජ‍්ජනානන‍්තරානීති. ඉති ආවජ‍්ජනවසියා සිද‍්ධාය පච‍්චවෙක‍්ඛණවසී සිද‍්ධා හොති, අධිට‍්ඨානවසියා ච සිද‍්ධාය වුට‍්ඨානවසී සිද‍්ධා හොති. එවං සන‍්තෙපි “අයං පන මත්‍ථකප‍්පත‍්තා වසී භගවතො යමකපාටිහාරියෙව ලබ‍්භතී”ති වුත‍්තත‍්තා පාටිහාරියකාලෙ ඣානඞ‍්ගපච‍්චවෙක‍්ඛණානං අභාවතො නානාවිධවණ‍්ණාදිනිම‍්මානස‍්ස නානාකසිණවසෙන ඉජ‍්ඣනතො තංතංකසිණාරම‍්මණං ඣානං සමාපජ‍්ජිතුකාමස‍්ස යථාරුචි ලහුං තස‍්මිං කසිණෙ වුත‍්තනයෙන ආවජ‍්ජනපවත‍්තනසමත්‍ථතා ආවජ‍්ජනවසී, තදාවජ‍්ජනවීථියංයෙව තස‍්ස ඣානස‍්ස අප‍්පනාසමත්‍ථතාසමාපජ‍්ජනසමත්‍ථතා සමාපජ‍්ජනවසී. එවඤ‍්හි වුච‍්චමානෙ යුත‍්ති ච න විරුජ‍්ඣති, වසීපටිපාටි ච යථාක‍්කමෙනෙව යුජ‍්ජති. ඣානඞ‍්ගපච‍්චවෙක‍්ඛණායං පන “මත්‍ථකප‍්පත‍්තායෙව පඤ‍්ච ජවනානී”ති වුත‍්තත‍්තා වුත‍්තනයෙන සත‍්තසුපි ජවනෙසු ජවන‍්තෙසු පච‍්චවෙක‍්ඛණවසීයෙව හොති. එවං සන‍්තෙ “පඨමජ‍්ඣානං ආවජ‍්ජතී”ති වචනං න යුජ‍්ජතීති චෙ? යථා කසිණෙ පවත‍්තං ඣානං කාරණොපචාරෙන කසිණන‍්ති වුත‍්තං, තථා ඣානපච‍්චයං කසිණං “සුඛො බුද‍්ධානමුප‍්පාදො”තිආදීසු (ධ· ප· 194) විය ඵලොපචාරෙන ඣානන‍්ති වුත‍්තං. යථාපරිච‍්ඡින‍්නෙ කාලෙ ඨත්‍වා වුට‍්ඨිතස‍්ස නිද‍්දාය පබුද‍්ධස‍්ස පුන නිද‍්දොක‍්කමනෙ විය පුන ඣානොක‍්කමනෙ සතිපි අධිට‍්ඨානවසීයෙව නාම, යථාපරිච‍්ඡෙදෙන වුට‍්ඨිතස‍්ස පන වුට‍්ඨානෙයෙව අධිට‍්ඨානෙ සතිපි වුට‍්ඨානවසී නාම හොතීති අයං තෙසං විසෙසො.

මේ වනාහි අර්ථ ප්‍රකාශනයයි – ප්‍රථමධ්‍යානයෙන් නැගිටැ විතර්කය ආවර්ජන කරන කල්හි, භවංගය සිඳ, පැවැති ආවර්ජනයට අනතුරුව විතර්කාරම්මණ වූම සතරක් හෝ පහක් ජවන දුවයි. ඉන්පසු භවංග ද්වයයකි. ඉක්බිති නැවත විචාරාරම්මණ ආවර්ජනය කියන ලද අයුරින්ම ජවන වේයයි. මෙසේ පඤ්ච ධ්‍යානාංගයන්හි, යම් කලෙක නිතර සිත යවන්ට හැකි වේද? ඉක්බිති මොහුට ආවර්ජන වසී සිද්ධවූයේම වේ. මේ මස්තකප්‍රාප්ත වසිය භාග්‍යවතුන් වහන්සේට යමක ප්‍රාතිහාර්යයෙහි ලැබේ. එයට අධික සීඝ්‍රතර ආවර්ජන වසියක් නම් නැත. අන්‍යයන්ට වනාහි අතරතුර භවංග වාරයන්හි ගණනක් නැත. මහමුගලන් තෙරුන්ට, නන්දොපනන්ද දමනයෙහි මෙන් සීඝ්‍රව සමවත් සමවැදීමෙහි සමර්ථතාව සමවැදීමෙහි වසිය නමැ. අසුරු පමණ හෝ දස අසුරු පමණ හෝ ක්‍ෂණයක් සමවත තබන්ට (සමවැද සිටීමට) හැකි දක්‍ෂතාව අධිෂ්ඨාන වසී නමැ. එසේම එයටද වඩා ඉක්මන්ව නැගිටීමේ සමර්ථතාව වුට්ඨාන වසී නමැ. ප්‍රත්‍යවේක්‍ෂණ වසිය ආවර්ජන වසියෙහිම යූ.සේයි. ප්‍රත්‍යවේක්‍ෂණ ජවනයන්ම එහි ආවර්ජනාන්තරව යයි. මෙසේ ආවර්ජන වසිය සිද්ධ වූ කල්හි ප්‍රත්‍යවේක්‍ෂණ වසිය සිද්ධ වේ. අධිෂ්ඨාන වසියගේ සිද්ධ වූ කල්හි නැගිටීමේ වසිය සිද්ධ වේ. මෙසේ ඇතිකල්හිද, මේ මස්තකප්‍රාප්ත වසිය වනාහි භාග්‍යවතුන් වහන්සේට යමක ප්‍රාතිහාර්යයෙහිම ලැබේයයි කී හෙයින්, ප්‍රාතිහාර්ය කාලයෙහි, ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂණයන්ගේ අභාවයෙන් නානාවිධ වර්ණ නිර්මාණ වශයෙන් නොයෙක් ආකාර කසිණ වහයෙන් ඉටුවන හෙයින් ඒ ඒ කසිණාරම්මණ ධ්‍යානයට සමවදින කැමැත්තහුට කැමති පරිදි සැහැල්ලුවෙන් එම කසිණයෙහි, කියන ලද අයුරින් ආවර්ජන පැවැත්වීමෙහි දක්‍ෂතාව ආවර්ජන වසියයි. එම ආවර්ජන වීථියෙහිම ඒ ඒ ධ්‍යානයාගේ අර්පණා සමර්ථතාව, සමවැදීමේ සමර්ථතාව සමවැදීමේ වසියයි. මෙසේ කියනු ලබන කල්හි යුක්තියටද විරුද්ධ නොවේ. වසී පිළිවෙළද ක්‍රමානුකූලවම යෙදේ. මෙම ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂණය මස්තකප්‍රාප්ත වූයේම පස් ජවනයයි කියන ලද හෙයින් කියන ලද ක්‍රමයෙන්, සත් ජවනයන් දුවනකල්හි ප්‍රත්‍යවේක්‍ෂණ වසියම වේ. මෙසේ ඇතිකල්හි ප්‍රථමධ්‍යානය ආවර්ජන කෙරේයයි වචනය නොයෙදෙන්නේද? යම්සේ කසිණයෙහි පැවති ධ්‍යානය, ආසන්න කාරණ වශයෙන් ගෙන, කසිණයයි කියන ලද්දේද? එසේම ධ්‍යාන හේතුවූ කසිණය, බුදුවරුන්ගේ උපත සැපතකි ආදීන්හි මෙන් සමීපඵලය වශයෙන් ගෙන ධ්‍යානයයි කියන ලදි. යම්සේ පිරිසිඳි කල්හි සිට නැගිටියහුට නින්දෙන් නැගිටියහුගේ නැවත නින්දට බස්නා මෙන්, නැවත ධ්‍යානයට බැසීම ඇතිකල්හිද අධිට්ඨාන වසියම නමැ. පිරිසිඳි පරිද්දෙන් නැගිටියහුට වනාහි නැගිටීමෙහි අධිෂ්ඨානය ඇතිකල්හිද වුට්ඨානවසී නම් වේ. මේ එහි විශේෂයයි.

නිරොධසමාපත‍්තියා විභාවනත්‍ථං පන ඉදං පඤ‍්හකම‍්මං – කා නිරොධසමාපත‍්ති, කෙ තං සමාපජ‍්ජන‍්ති, කෙ න සමාපජ‍්ජන‍්ති, කත්‍ථ සමාපජ‍්ජන‍්ති, කස‍්මා සමාපජ‍්ජන‍්ති, කථඤ‍්චස‍්සා සමාපජ‍්ජනං හොති, කථං ඨානං, කථං වුට‍්ඨානං, වුට‍්ඨිතස‍්ස කින‍්නින‍්නං චිත‍්තං හොති, මතස‍්ස ච සමාපන‍්නස‍්ස ච කො විසෙසො, නිරොධසමාපත‍්ති කිං සඞ‍්ඛතා අසඞ‍්ඛතා ලොකියා ලොකුත‍්තරා නිප‍්ඵන‍්නා අනිප‍්ඵන‍්නාති?

නිරෝධ සමාපත්තියෙහි පැහැදිලි කිරීම පිණිස මේ ප්‍රශ්න කිරීමයි. නිරෝධ සමාපත්තිය කවරක් වන්නීද? කවරහු එයට සමවදිත්ද? කවරහු සමනොවදිත්ද? කවර තන්හි සමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? කෙසේ මෙහි සමවැදීම වන්නේද? සිටීම කෙසේද? නැගිටීම කෙසේද? නැගිටියහුට කවර ප්‍රවණතා සිතක් වේද? මළහුගේද සමවන්නහුගේද වෙනස කවරේද? නිරෝධ සමාපත්තිය සංඛත, අසංඛත, ලෞකික, ලෝකෝත්තර, නිෂ්පන්න, අනිෂ්පන්න අතර කුමක්ද?

තත්‍ථ කා නිරොධසමාපත‍්තීති? යා අනුපුබ‍්බනිරොධවසෙන චිත‍්තචෙතසිකානං ධම‍්මානං අප‍්පවත‍්ති.

එහි නිරෝධ සමාපත්තිය කවරක් වන්නීද? අනුපිළිවෙලින් නිරුද්ධ කිරීම් වශයෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ යම් නොපැවැත්මක් වන්නීද? එයයි.

කෙ තං සමාපජ‍්ජන‍්ති, කෙ න සමාපජ‍්ජන‍්තීති? සබ‍්බෙපි පුථුජ‍්ජනා සොතාපන‍්නා සකදාගාමිනො සුක‍්ඛවිපස‍්සකා ච අනාගාමී අරහන‍්තො න සමාපජ‍්ජන‍්ති, අට‍්ඨසමාපත‍්තිලාභිනො පන අනාගාමිනො ච ඛීණාසවා ච සමාපජ‍්ජන‍්ති.

කවරහු එයට සමවදිත්ද? කවරහු සමනොවදිත්ද? සියලු පෘථග්ජනයෝද, සෝවාන්, සකෘදාගාමිහුද, ශුෂ්ක විදර්ශකයෝද, අනාගාමි හා රහත්හුද සමනොවදිත්. අෂ්ට සමාපත්තිලාභී අනාගාමීහුද ක්‍ෂීණාශ්‍රවයෝද සමවදිති.

කත්‍ථ සමාපජ‍්ජන‍්තීති? පඤ‍්චවොකාරභවෙ. කස‍්මා? අනුපුබ‍්බසමාපත‍්තිසබ‍්භාවතො. චතුවොකාරභවෙ පන පඨමජ‍්ඣානාදීනං උප‍්පත‍්තියෙව නත්‍ථි, තස‍්මා න සක‍්කා තත්‍ථ සමාපජ‍්ජිතුං.

කවර තන්හි සමවදිත්ද? අනුපිළිවෙලින් සමවත් යෙදෙන හෙයිනි. චතුවොකාර භවයෙහි ප්‍රථමධ්‍යානාදීන්ගේ උපතක්ම නැත. එහෙයින් එහි සමවදින්ට නොහැකිය.

කස‍්මා සමාපජ‍්ජන‍්තීති? සඞ‍්ඛාරානං පවත‍්තිභෙදෙ උක‍්කණ‍්ඨිත්‍වා දිට‍්ඨෙව ධම‍්මෙ අචිත‍්තකා හුත්‍වා “නිරොධං නිබ‍්බානං පත්‍වා සුඛං විහරිස‍්සාමා”ති සමාපජ‍්ජන‍්ති.

කවර හෙයින් සමවදිත්ද? සංස්කාරයන්හි පැවතීම් බිඳීම්හි කළකිරී ඉහාත්මයෙහිම අචිත්තකව නිරෝධයට නිර්වාණයට පැමිණ සුවසේ වාසය කරන්නෙමුයි සමවදිති.

කථං චස‍්සා සමාපජ‍්ජනං හොතීති? සමථවිපස‍්සනාවසෙන උස‍්සක‍්කිත්‍වා කතපුබ‍්බකිච‍්චස‍්ස නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං නිරොධයතො එවමස‍්සා සමාපජ‍්ජනං හොති. යො හි සමථවසෙනෙව උස‍්සක‍්කති, සො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං පත්‍වා තිට‍්ඨති. යො විපස‍්සනාවසෙනෙව උස‍්සක‍්කති, සො ඵලසමාපත‍්තිං පත්‍වා තිට‍්ඨති. යො පන උභයවසෙන උස‍්සක‍්කිත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං නිරොධෙති, සො තං සමාපජ‍්ජතීති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො.

කෙසේ මෙහි සමවැදීම වන්නේද? සමථ විදර්ශනා වශයෙන්, උද්‍යොගවත්ව කරන ලද පූර්වකෘත්‍යය ඇත්තේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්ධ කරනුයේ මෙසේ මෙහි සමවැදීම වන්නේය. යමෙක් සමථ වශයෙන්ම උද්‍යෝගවත් වේද? හෙතෙම නේවසඤ්ඤානාසඤ්ඤා සමාපත්තියට පැමිණ සිටියි. යමෙක් විදර්ශනා වශයෙන්ම උද්‍යොගවත් වේද? හෙතෙම ඵල සමාපත්තියට පැමිණ සිටියි. යමෙක් වනාහි දෙපරිද්දෙන්ම උද්‍යොගවත් වේද? නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්ධ කෙරේද? හෙතෙම එයට සමවදී. මෙහි මේ සංක්‍ෂෙපයයි.

අයං පන විත්‍ථාරො – ඉධ භික‍්ඛු නිරොධං සමාපජ‍්ජිතුකාමො කතභත‍්තකිච‍්චො සුධොතහත්‍ථපාදො විවිත‍්තෙ ඔකාසෙ සුපඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො පඨමජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය තත්‍ථ සඞ‍්ඛාරෙ අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො විපස‍්සති. විපස‍්සනා පනෙසා තිවිධා හොති – සඞ‍්ඛාරපරිග‍්ගණ‍්හනකවිපස‍්සනා, ඵලසමාපත‍්තිවිපස‍්සනා, නිරොධසමාපත‍්තිවිපස‍්සනාති. තත්‍ථ සඞ‍්ඛාරපරිග‍්ගණ‍්හනකවිපස‍්සනා මන්‍දා වා හොතු තික‍්ඛා වා, මග‍්ගස‍්ස පදට‍්ඨානං හොතියෙව. ඵලසමාපත‍්තිවිපස‍්සනා තික‍්ඛාව වට‍්ටති මග‍්ගභාවනාසදිසා. නිරොධසමාපත‍්තිවිපස‍්සනා පන නාතිමන්‍දා නාතිතික‍්ඛා වට‍්ටති. තස‍්මා එස නාතිමන්‍දාය නාතිතික‍්ඛාය විපස‍්සනාය තෙ සඞ‍්ඛාරෙ විපස‍්සති. තතො දුතියජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය තත්‍ථ සඞ‍්ඛාරෙ තථෙව විපස‍්සති. තතො තතියජ‍්ඣානං…පෙ… තතො විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය තත්‍ථ සඞ‍්ඛාරෙ තථෙව විපස‍්සති. අථ ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය චතුබ‍්බිධං පුබ‍්බකිච‍්චං කරොති – නානාබද‍්ධඅවිකොපනං, සඞ‍්ඝපටිමානනං, සත්‍ථුපක‍්කොසනං, අද‍්ධානපරිච‍්ඡෙදන‍්ති.

මේ විස්තරයයි. මේ සස්නෙහි නිරෝධයට සමවදිනු කැමැති භික්‍ෂුව කරන ලද බත්කිස ඇත්තේ, මනාව දොවින ලද අත්පා ඇත්තේ, විවේකී අවකාශයෙකැ මනාව පනවන ලද අස්නෙක පර්යංකය බැඳ, කය සෘජුව පිහිටුවා ඉදිරියෙහි සිහිය එළවා හිඳගනී. හෙතෙම ප්‍රථමධ්‍යානයට සමවැද, නැගිට, එහි සංස්කාරයන්, අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. මේ විදර්ශනාව තෙවැදෑරුම් වන්නේය. සංස්කාරයන් පරීක්‍ෂා කරන විදර්ශනාව, ඵල සමාපත්ති විදර්ශනාව, නිරේාධ සමාපත්ති විදර්ශනාව වශයෙනි. එහි සංස්කාර පරීක්‍ෂා කරන විදර්ශනාව මන්දව හෝ තීක්‍ෂණව මාර්ගයට ආසන්න කාරණය වේ. ඵලසමාපත්ති විදර්ශනාව, මාර්ග භාවනාව සමානව තීක්‍ෂණව යෝග්‍ය වේ. නිරෝධ සමාපත්ති විදර්ශනාව වනාහි අතිමන්ද නොවූයේ, අති තීක්‍ෂණ නොවූයේ යෝග්‍ය වේ. එහෙයින් ඒ අතිමන්ද නොවූ, අති තීක්‍ෂණ නොවූ විදර්ශනාවෙන් එම සංස්කාරයන් විදර්ශනා කරයි. ඉක්බිති ද්විතීය ධ්‍යානයට සමවැද නැගිට එහි සංස්කාරයන් එසේම විදර්ශනා කරයි. ඉක්බිති තෘතීය ධ්‍යානයට -පෙ- ඉක්බිති විඤ්ඤාණඤ්චායතනයට සමවැද, නැගිට එහි සංස්කාරයන් එසේම විදර්ශනා කරයි. එසේම ආකිඤ්චඤ්ඤායතනයට සමවැද නැගිට සිව්වැදෑරුම් පූර්වකෘත්‍යය කරයි. නානාබද්ධ අවිකෝපනය, සංඝපටිමානනය, සත්‍ථුපක්කොසනය, අද්ධාන පරිච්ඡේදය යන සතරයි.

තත්‍ථ නානාබද‍්ධඅවිකොපනන‍්ති යං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං එකාබද‍්ධං න හොති, නානාබද‍්ධං හුත්‍වා ඨිතං පත‍්තචීවරං වා මඤ‍්චපීඨං වා නිවාසගෙහං වා අඤ‍්ඤං වා පන කිඤ‍්චි පරික‍්ඛාරජාතං, තං යථා න විකුප‍්පති, අග‍්ගිඋදකවාතචොරඋන්‍දූරාදීනං වසෙන න විනස‍්සති, එවං අධිට‍්ඨාතබ‍්බං. තත්‍රිදං අධිට‍්ඨානවිධානං – “ඉදඤ‍්චිදඤ‍්ච ඉමස‍්මිං සත‍්තාහබ‍්භන‍්තරෙ මා අග‍්ගිනා ඣායතු, මා උදකෙන වුය‍්හතු, මා වාතෙන විද‍්ධංසතු, මා චොරෙහි හරීයතු, මා උන්‍දූරාදීහි ඛජ‍්ජතූ”ති. එවං අධිට‍්ඨිතෙ තං සත‍්තාහං තස‍්ස න කොචි පරිස‍්සයො හොති, අනධිට‍්ඨහතො පන අග‍්ගිආදීහි විනස‍්සති. ඉදං නානාබද‍්ධඅවිකොපනං නාම. යං පන එකාබද‍්ධං හොති නිවාසනපාරුපනං වා නිසින‍්නාසනං වා, තත්‍ථ විසුං අධිට‍්ඨානකිච‍්චං නත්‍ථි, සමාපත‍්තියෙව නං රක‍්ඛති.

එහි නානාබද්ධ අවිකොපන යනු මේ භික්‍ෂුව සමග යමක් ඒකාබද්ධ නොවේද? වෙන්ව බද්ධව පැවැති, පාසිවුරු හෝ ඇඳ පුටු හෝ නිවාස ගෘහ හේ අනෙක් යම්කිසි පිරිකර වර්ගයක් වේද? යම්සේ එය විනාශ නොවේද? ගිනි, දිය, වායු, සොර, මීයන් ආදීන්ගේ වශයෙන් විනාශ නොවේද? එසේ අධිෂ්ඨාන කළයුතුයි. එහි මේ පිළිවෙලයි. මේ මේ දෑ මෙම සත්දින ඇතුළත ගින්නෙන් නොදැවේවා. ජලයෙන් පාවී නොයේවා. සුළඟින් විනාශ නොවේවා. සෙරු ගෙන නොයත්වා. මීයෝ විසින් කඩා නොකත්වායි මෙසේ අධිෂ්ඨාන කළකල්හි ඒ සත්දින ඇතුළත ඊට කිසි උවදුරක් නොවේ. අධිෂ්ඨාන නොකළ කල්හි ගිනි ආදියෙන් නස්නේය. මේ නානාබද්ධ අවිකොපන නමැ. හඳනා පොරෝනා හෝ හුනස්න හෝ යන ඒකාබද්ධ යමක් වේද? එහි වෙන්ව අධිෂ්ඨාන කෘත්‍යයක් අවශ්‍ය නැත. සමවතම එය රකියි.

සඞ‍්ඝපටිමානනන‍්ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස පටිමානනං උදික‍්ඛනං. යාව එසො භික‍්ඛු ආගච‍්ඡති, තාව සඞ‍්ඝකම‍්මස‍්ස අකරණන‍්ති අත්‍ථො. එත්‍ථ ච න පටිමානනං එතස‍්ස පුබ‍්බකිච‍්චං, පටිමානනාවජ‍්ජනං පන පුබ‍්බකිච‍්චං. තස‍්මා එවං ආවජ‍්ජිතබ‍්බං – “සචෙ මයි සත‍්තාහං නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ සඞ‍්ඝො අපලොකනකම‍්මාදීසු කිඤ‍්චිදෙව කම‍්මං කත‍්තුකාමො හොති, යාව මං කොචි භික‍්ඛු ආගන‍්ත්‍වා න පක‍්කොසති, තාවදෙව වුට‍්ඨහිස‍්සාමී”ති. එවං කත්‍වා සමාපන‍්නො හි තස‍්මිං සමයෙ වුට‍්ඨාතියෙව. යො පන එවං න කරොති, සඞ‍්ඝො ච සන‍්නිපතිත්‍වා තං අපස‍්සන‍්තො “අසුකො භික‍්ඛු කුහි”න‍්ති පුච‍්ඡිත්‍වා “නිරොධං සමාපන‍්නො”ති වුත‍්තෙ කඤ‍්චි භික‍්ඛුං පෙසෙති “ගච‍්ඡ තං සඞ‍්ඝස‍්ස වචනෙන පක‍්කොසා”ති. අථස‍්ස තෙන භික‍්ඛුනා සවනූපචාරෙ ඨත්‍වා “සඞ‍්ඝො තං ආවුසො පටිමානෙතී”ති වුත‍්තමත‍්තෙයෙව වුට‍්ඨානං හොති. එවංගරුකා හි සඞ‍්ඝස‍්ස ආණා නාම. තස‍්මා තං ආවජ‍්ජිත්‍වා යථා සයමෙව වුට‍්ඨාති, එවං සමාපජ‍්ජිතබ‍්බං.

සංඝ පටිමානනං යනු භික්‍ෂු සංඝයාගේ බලාපොරොත්තුව බැලීම, යම්තාක් ඒ භික්‍ෂුව පැමිණේද? ඒ තාක් සංඝ කර්මයාගේ නොකිරීම යයි අර්ථයි. මෙහිද බලාපොරොත්තුව මොහුට පූර්වකෘත්‍යය නොවේ. බලාපොරොත්තුව පිළිබඳ ආවර්ජනා කිරීම වනාහි පූර්ව කෘත්‍යයයි. එහෙයින් මෙසේ ආවර්ජනා කළයුතුයි. ඉදින් මම සත්දිනක් නිරෝධයට සමවැද හුන් කල්හි, සංඝයා අපලෝකන කර්මාදී කිසියම් කර්මයක් කරනු කැමැත්තේ වේද? යම්තාක් කිසියම් භික්‍ෂුවක් අවුත් මා නොකැඳවාද? එකෙණෙහිම නැගිටින්නෙමියි මෙසේ කොට සමවැදුණු තැනැත්තේ වනාහි එසමයෙහි නැගිටින්නේමය. යමෙක් වනාහි මෙසේ නොකෙරේද? සංඝයාද රැස්ව ඔහු නොදක්නේ අසවල් භික්‍ෂුව කොහිදැයි විමසා නිරෝධයට සමවන්නේයයි කී කල්හි කිසියම් භික්‍ෂුවක් යවයි. යව, ඔහු සංඝයාගේ වචනයෙන් කැඳවවයි කියා. එකල්හි ඔහුට ඒ භික්‍ෂුව ශ්‍රවණ සීමාවෙහි සිට, ඇවැත්නි ඔබ සංඝයා බලාපොරොත්තු වේයයි කී කල්හිම නැගිටීම වේ. මෙසේ සංඝයාගේ අණ නම් බරය. (බරපතලය). එහෙයින් එය ආවර්ජනය කොට යම්සේ තෙමේම නැගිටීද? එසේ සමවැදිය යුතුය.

සත්‍ථුපක‍්කොසනන‍්ති ඉධාපි සත්‍ථුපක‍්කොසනාවජ‍්ජනමෙව ඉමස‍්ස පුබ‍්බකිච‍්චං. තස‍්මා තම‍්පි එවං ආවජ‍්ජිතබ‍්බං – “සචෙ මයි සත‍්තාහං නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ සත්‍ථා ඔතිණ‍්ණෙ වත්‍ථුස‍්මිං සික‍්ඛාපදං වා පඤ‍්ඤපෙති, තථාරූපාය වා අට‍්ඨුප‍්පත‍්තියා ධම‍්මං දෙසෙති. යාව මං කොචි ආගන‍්ත්‍වා න පක‍්කොසති, තාවදෙව වුට‍්ඨහිස‍්සාමී”ති. එවං කත්‍වා නිසින‍්නො හි තස‍්මිං සමයෙ වුට‍්ඨාතියෙව. යො පන එවං න කරොති, සත්‍ථා ච සඞ‍්ඝෙ සන‍්නිපතිතෙ තං අපස‍්සන‍්තො “අසුකො භික‍්ඛු කුහි”න‍්ති පුච‍්ඡිත්‍වා “නිරොධං සමාපන‍්නො”ති වුත‍්තෙ කඤ‍්චි භික‍්ඛුං පෙසෙති “ගච‍්ඡ තං මම වචනෙන පක‍්කොසා”ති. අථස‍්ස තෙන භික‍්ඛුනා සවනූපචාරෙ ඨත්‍වා සත්‍ථා ආයස‍්මන‍්තං ආමන‍්තෙතී”ති වුත‍්තමත‍්තෙයෙව වුට‍්ඨානං හොති. එවංගරුකඤ‍්හි සත්‍ථුපක‍්කොසනං. තස‍්මා තං ආවජ‍්ජිත්‍වා යථා සයමෙව වුට‍්ඨාති, එවං සමාපජ‍්ජිතබ‍්බං.

සත්‍ථුපක්කොසනං යනු මෙහිද ශාස්තෲන් වහන්සේගේ කැඳවීම ආවර්ජනා කිරීමම මොහුගේ පූර්වකෘත්‍යයයි. එහෙයින් එයද මෙසේ ආවර්ජනා කළයුතුය. ඉදින් මා සත්දිනක් නිරෝධයට සමවැද හුන් කල්හි ශාස්තෲන් වහන්සේ බැසගත් (හටගත්) වස්තුවෙක ශික්‍ෂාපදයක් හෝ පණවත්ද? එබඳු වූ අර්ථෝත්පත්තියකදී ධර්මයක් දෙසයිද? යම්තාක් කිසිවෙක් අවුත් මා නොකැඳවයිද? එකෙණෙහිම නැගිටින්නෙමියි මෙසේ කොට හුන්කල්හි එසමයෙහි නැගිටින්නේමය. යමෙක් වනාහි මෙසේ නොකරයිද? ශාස්තෲන් වහන්සේද, සංඝයාද රැස්වූ කල්හි ඔහු නොදක්නේ, අසවල් භික්‍ෂුව කොහිදැයි විචාරා, නිරෝධයට සමවන්නේ යැයි කී කල්හි, කිසියම් භික්‍ෂුවක් යවයි. යව, ඔහු මාගේ වචනයෙන් කැඳවවයි කියා, ඉක්බිති ඔහුට ඒ භික්‍ෂුව විසින් ශ්‍රවණ සීමාවෙහි සිට, ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් ආමන්ත්‍රණය කෙරෙත්යයි කී කල්හිම නැගිටීම වේ. මෙසේ ශාස්තෲ කැඳවීම බරය. (බරපතලය) එහෙයින් එය ආවර්ජනය කොට යම්සේ තෙමේම නැගිටීද එසේ සමවැදිය යුතුය.

අද‍්ධානපරිච‍්ඡෙදොති ජීවිතද‍්ධානස‍්ස පරිච‍්ඡෙදො. ඉමිනා හි භික‍්ඛුනා අද‍්ධානපරිච‍්ඡෙදෙ කුසලෙන භවිතබ‍්බං. “අත‍්තනො ආයුසඞ‍්ඛාරා සත‍්තාහං පවත‍්තිස‍්සන‍්ති, න පවත‍්තිස‍්සන‍්තී”ති ආවජ‍්ජිත්‍වාව සමාපජ‍්ජිතබ‍්බං. සචෙ හි සත‍්තාහබ‍්භන‍්තරෙ නිරුජ‍්ඣනකෙ ආයුසඞ‍්ඛාරෙ අනාවජ‍්ජිත්‍වාව සමාපජ‍්ජති, තස‍්ස නිරොධසමාපත‍්ති මරණං පටිබාහිතුං න සක‍්කොති. අන‍්තොනිරොධෙ මරණස‍්ස නත්‍ථිතාය අන‍්තරාව සමාපත‍්තිතො වුට‍්ඨාති, තස‍්මා එතං ආවජ‍්ජිත්‍වාව සමාපජ‍්ජිතබ‍්බං. අවසෙසඤ‍්හි අනාවජ‍්ජිතුම‍්පි වට‍්ටති, ඉදං පන ආවජ‍්ජිතබ‍්බමෙවාති වුත‍්තං. සො එවං ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඉමං පුබ‍්බකිච‍්චං කත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජති. අථෙකං වා ද‍්වෙ වා චිත‍්තවාරෙ අතික‍්කමිත්‍වා අචිත‍්තකො හොති, නිරොධං ඵුසති. කස‍්මා පනස‍්ස ද‍්වින‍්නං චිත‍්තානං උපරි චිත‍්තානි නප‍්පවත‍්තන‍්තීති? නිරොධස‍්ස පයොගත‍්තා. ඉදඤ‍්හි ඉමස‍්ස භික‍්ඛුනො ද‍්වෙ සමථවිපස‍්සනාධම‍්මෙ යුගනද‍්ධෙ කත්‍වා අට‍්ඨසමාපත‍්තිආරොහනං අනුපුබ‍්බනිරොධස‍්ස පයොගො, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියාති නිරොධස‍්ස පයොගත‍්තා ද‍්වින‍්නං චිත‍්තානං උපරි නප‍්පවත‍්තන‍්ති.

අද්ධාන පරිච්ඡෙදො යනු ජීවිත කාලයාගේ පිරිසිඳීම, මෙම භික්‍ෂුව විසින් ජීවන කාල පිරිසිඳීමෙහි දක්‍ෂතාවයෙන් පිරිපුන් අයෙකු ලෙසින් ක්‍රියා කළ යුතුය. තමාගේ ආයු සංස්කාර සත්දිනක් පවතින්නේද? නොපවතින්නේදැයි ආවර්ජනා කොට සමවැදිය යුතුය. ඉදින් සත්දිනක් ඇතුළත නිරුද්ධ වන ආයු සංස්කාරයන් අනාවර්ජනය නොකොටම සමවදීද? ඔහුට නිරෝධ සමාපත්තිය මරණය වළක්වන්ට නොහැකි වේ. නිරෝධාන්තරයෙහි මරණයෙහි සිදුවීමක් නොමැති හෙයින්, අතරතුරදීම සමවතින් නැගිටියි. එහෙයින් එය ආවර්ජනය කොටම සමවැදිය යුතුය. සෙස්සෙහි ආවර්ජනා නොකිරීමද සුදුසුය. මෙය ආවර්ජනා කළ යුතුමය. හෙතෙම මෙසේ ආකිඤ්චඤ්ඤානාසඤ්ඤායතනයට සම වදී. එකල්හි එකක්, දෙකක් චිත්තවාර ඉක්මවා අචිත්තක වේ. නිරෝධය ස්පර්ශ කරයි. මොහුට කුමක් හෙයින් ද්වි චිත්තයන්ගේ මත්තෙහි සිතේ නොපවතිත්ද? නිරෝධයාගේ ප්‍රයෝගතාවය හෙයිනි. මෙය වනාහි මේ භික්‍ෂුවට සමථ-විදර්ශනා ද්වි ධර්මයන් යුගනද්ධ කොට, අට සමවත් ආරෝහණය අනුපූර්ව නිරෝධයෙහි ප්‍රයෝගයයි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි ප්‍රයෝගය නොවේ. නිරෝධයෙහි ප්‍රයෝගය බැවින් ද්වි චිත්තයන්ගේ මතු පැවැත්ම නොවන්නේය.

කථං ඨානන‍්ති? එවං සමාපන‍්නාය පනස‍්සා කාලපරිච‍්ඡෙදවසෙන චෙව අන‍්තරා ආයුක‍්ඛයසඞ‍්ඝපටිමානනසත්‍ථුපක‍්කොසනාභාවෙන ච ඨානං හොති.

කථං ඨානං යනු මෙසේ සමවන් මොහුට, කාල පරිච්ඡේද වශයෙන්, අන්තරායුක්‍ෂයද, සංඝපටිමානනයද, ශාස්තෲ කැඳවිමද, අභාවයෙන් සිටීම වේ.

කථං වුට‍්ඨානන‍්ති? අනාගාමිස‍්ස අනාගාමිඵලසමාපත‍්තියා අරහතො අරහත‍්තඵලසමාපත‍්තියාති එවං ද‍්වෙධා වුට‍්ඨානං හොති.

කථං වුට්ඨානං යනු අනාගාමීහුට අනාගාමී ඵල සමාපත්තියෙන්ද රහත්හුට අර්හත් ඵල සමාපත්තියෙන්දැයි මෙසේ දෙඅයුරින් නැගිටීම වේ.

වුට‍්ඨිතස‍්ස කින‍්නින‍්නං චිත‍්තං හොතීති? නිබ‍්බානනින‍්නං. වුත‍්තඤ‍්හෙතං – “සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස ඛො, ආවුසො විසාඛ, භික‍්ඛුනො විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාර”න‍්ති (ම· නි· 1.464).

නැගිටියහුගේ සිත කවර ප්‍රවණතාවයක වේද? නිර්වාණ නිම්නව පවතී. එය කියන ලද්දේමය. ඇවැත්නි විශාඛය, සංඥාවේදයිත, නිරෝධ සමාපත්තියෙන් නැගිටියා වූ, භික්‍ෂුවගේ සිත විවේක නිම්නතා, විවේක නම්‍රතා, විවේක ප්‍රවණතා වූයේ වේ.

මතස‍්ස ච සමාපන‍්නස‍්ස ච කො විසෙසොති? අයම‍්පි අත්‍ථො සුත‍්තෙ වුත‍්තොයෙව. යථාහ – “යො චායං, ආවුසො, මතො කාලඞ‍්කතො, තස‍්ස කායසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා, වචීසඞ‍්ඛාරා, චිත‍්තසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා, ආයු පරික‍්ඛීණො, උස‍්මා වූපසන‍්තා, ඉන්‍ද්‍රියානි පරිභින‍්නානි. ය‍්වායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, තස‍්සපි කායසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා, වචීසඞ‍්ඛාරා, චිත‍්තසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා, ආයු අපරික‍්ඛීණො, උස‍්මා අවූපසන‍්තා, ඉන්‍ද්‍රියානි අපරිභින‍්නානී”ති (ම· නි· 1.457).

මළහුගේද සමවන්නහුගේද වෙනස කවරේද? මෙම අර්ථයද සූත්‍රයේ යූ.සේයි. දෙසූ පරිදි, ඇවැත්නි යම් මේ මළ, කාලක්‍රියා කළ අයෙක් වේද, ඔහුගේ කාය සංස්කාර නිරුද්ධ වී සන්සිඳිණ. වාක් සංස්කාර චිත්ත සංස්කාර නිරුද්ධ වී සන්සිඳින ආයුෂ ක්‍ෂය විය. උෂ්ණය සන්සිඳිණ. ඉන්‍ද්‍රියයෝ බිඳී ගියාහුය. යම් මේ භික්‍ෂුව සංඥාවේදයිත නිරෝධයට සමවන්නේ වේද? ඔහුගේද කාය සංස්කාර නිරුද්ධ වී සන්සිඳිණ. වාක් සංස්කාර, චිත්ත සංස්කාර නිරුද්ධ වී සන්සිඳිණ. ආයුෂ ක්‍ෂය නොවීය. උෂ්ණය නොසන්සිඳිණ. ඉන්ද්‍රියයෝ නොබිඳුණාහුය.

නිරොධසමාපත‍්ති කිං සඞ‍්ඛතාතිආදිපුච‍්ඡායං පන “සඞ‍්ඛතා”තිපි “අසඞ‍්ඛතා”තිපි “ලොකියා”තිපි “ලොකුත‍්තරා”තිපි න වත‍්තබ‍්බා. කස‍්මා? සභාවතො නත්‍ථිතාය. යස‍්මා පන සමාපජ‍්ජන‍්තස‍්ස වසෙන සමාපන‍්නො නාම හොති, තස‍්මා නිප‍්ඵන‍්නාති වත‍්තුං වට‍්ටති, නො අනිප‍්ඵන‍්නාති.

කිමෙක්ද, නිරෝධ සමාපත්තිය සංඛතද ආදී විමසීමෙහි වනාහි සංඛතයැයි හෝ අසංඛතයැයි හෝ ලෞකිකයැයි හෝ ලෝකෝත්තරයැයි හෝ නොකිව යුත්තාහ. කුමක් හෙයින්ද? ස්වභාවයෙන් නොමැති හෙයිනි. සමවන්නහුගේ වශයෙන් සමවන්නාහු නම් වේ. එහෙයින් නිෂ්පන්නයයි කියන්ට සුදුසුයි. අනිෂ්ඵන්නයයි නොවටී.

“ඉති සන‍්තා සමාපත‍්ති, අයං අරියනිසෙවිතා; දිට‍්ඨෙව ධම‍්මෙ නිබ‍්බානමිති සඞ‍්ඛමුපාගතා”ති.

ඉති සන්තං සමාපත්ති අයං අරිය සෙවිතා, දිට්ඨෙව ධම්මෙ නිබ්බාණමිති - සංඛ මුපාගතාති

මෙම ආර්යයන් විසින් සේවනය කරන ලද. මෙසේ ශාන්ත වූ සමාපත්තිය ඉහාත්මයෙහි නිර්වාණය යන සංඛ්‍යාවට එළඹියේය.

නිරොධසමාපත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.