35. පරිනිබ්බානඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
35. පරිනිබ්බානඤාණනිද්දෙසවණ්ණනා
35. පරිනිර්වාණ ඤාණ නිර්දේශ වර්ණනාව
පරිනිබ්බානඤාණනිද්දෙසෙ ඉධාති ඉමස්මිං සාසනෙ. සම්පජානොති සාත්ථකසම්පජඤ්ඤං, සප්පායසම්පජඤ්ඤං, ගොචරසම්පජඤ්ඤං, අසම්මොහසම්පජඤ්ඤන්ති ඉමෙහි චතූහි සම්පජඤ්ඤෙහි සම්පජානො. පවත්තන්ති සබ්බත්ථ යථානුරූපං පරියුට්ඨානපවත්තඤ්ච අනුසයප්පවත්තඤ්ච. පරියාදියතීති උපචාරප්පනාවසෙන වුත්තෙසු වික්ඛම්භනවසෙන, විපස්සනාවසෙන වුත්තෙසු තදඞ්ගවසෙන, මග්ගවසෙන වුත්තෙසු සමුච්ඡෙදවසෙන ඛෙපෙති අප්පවත්තං කරොති. පෙය්‍යාලමුඛෙන හි දුතියාදිඣානසමාපත්තිමහාවිපස්සනාමග්ගා සංඛිත්තා. යස්මා එතං පච්චවෙක්ඛන්තස්ස පවත්තං ඤාණං පරිනිබ්බානෙ ඤාණං නාම හොති, තස්මා වික්ඛම්භනපරිනිබ්බානං තදඞ්ගපරිනිබ්බානං සමුච්ඡෙදපරිනිබ්බානන්තිපි වුත්තමෙව හොති. එතෙහි කිලෙසපරිනිබ්බානපච්චවෙක්ඛණඤාණං වුත්තං. අථ වා පනාතිආදීහි ඛන්ධපරිනිබ්බානපච්චවෙක්ඛණඤාණං නිද්දිසති. අනුපාදිසෙසාය නිබ්බානධාතුයාති දුවිධා හි නිබ්බානධාතු සඋපාදිසෙසා ච අනුපාදිසෙසා ච. තත්ථ උපාදීයතෙ “අහං මමා”ති භුසං ගණ්හීයතීති උපාදි, ඛන්ධපඤ්චකස්සෙතං අධිවචනං. උපාදියෙව සෙසො අවසිට්ඨොති උපාදිසෙසො, සහ උපාදිසෙසෙන වත්තතීති සඋපාදිසෙසා. නත්ථෙත්ථ උපාදිසෙසොති අනුපාදිසෙසා. සඋපාදිසෙසා පඨමං වුත්තා. අයං පන අනුපාදිසෙසා. තාය අනුපාදිසෙසාය නිබ්බානධාතුයා. චක්ඛුපවත්තන්ති චක්ඛුපවත්ති චක්ඛුසමුදාචාරො. පරියාදියතීති ඛෙපීයති මද්දීයතීති. එස නයො සෙසෙසු.
පරිනිර්වාණ ඤාණ නිර්දේශයෙහි ඉධ යනු මෙම සස්නෙහි සම්පජානො යනු සාර්ථක, සත්ප්‍රාය, ගොචර, අසම්මොහ යන සිව් විමසන ඤාණයන්ගෙන් යුත්, පවත්තං යනු හැම තැන සුදුසු පරිද්දෙන් නැගී සිටීම් වශයෙන් පැවැත්මද, අනුසය වශයෙන් පැවැත්මද, පරියාදියති යනු; උපචාර අර්පණා වශයෙන් කියන ලද, විෂ්කම්භන වශයෙන්, විදර්ශනා වශයෙන් කියන ලද, තදංග වශයෙන් මාර්ග වශයෙන් කියන ලද, කෙලෙසුන් විනාශ කිරීම් වශයෙන් ක්ෂය කරයි. නොපැවැත්ම කරයි. පෙය්යාල මුඛයෙන් ද්විතීයාදී ධ්‍යාන සමාපත්ති විදර්ශනා මාර්ග සංක්ෂෙප කරන ලද්දාහ. එය ප්රත්යවේක්ෂා කරන්නහුට පැවැති ඤාණය පරිනිර්වාණයෙහි ඤාණ නමැ. එහෙයින් විෂ්කම්භන, තදංග, සමුච්ඡෙද පරිනිර්වාණයැයි කියන ලද්දේම වේ. ඒවායින් කෙලෙස් පරිනිර්වාණය ප්රත්යවේක්ෂා ඤාණය යූ.සේයි. නොහොත් ‘පන’ යනාදීන්ගෙන් ස්කන්ධ පරිනිර්වාණය, ප්රත්යවේක්ෂා ඤාණය නිර්දේශ කරන්නේය. අනුපාදිසෙසාය නිබ්බාණාධාතුයා යනු නිර්වාණ ධාතුව දෙවදෑරුම්ය. සඋපාදිසෙස - අනුපාදිසෙස වශයෙනි. එහි මම, මගේ යයි තදින් ගනු ලැබේනුයිද, බොහෝ ගනු ලැබේනුයිද උපාදියි. එය ස්කන්ධ පංචකයට විශේෂ නාමයකි. තදින් ගැනීමම සේස වූයේ ඉතිරි වූයේනුයි උපාදිසේසයි. උපාදිසේසයන් සමග පවතීනුයි සඋපාදිසෙසයි. උපාදිශේෂයන් සහිත දෑ පළමුව කියන ලදි. මේ අනුපාදිශේෂයෝය. ඒ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන්, චක්ඛුපවත්ති යනු ඇසෙහි පැවැත්ම, ඇසෙහි පැවැතීම, පරියාදියති යනු ක්ෂය කරනු ලැබේ. මර්දනය කරනු ලැබේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
පරිනිබ්බානඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පරිනිර්වාණ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.