35. පරිනිබ‍්බානඤාණං
35. පරිනිබ‍්බානඤාණං
35. පරිනිර්‍වාණ ඥානය
කථං සම‍්පජානස‍්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ‍්බානෙ ඤාණ:
කිසෙයින් සම්‍යග්ඥාන ඇත්තහු ගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන වෙයි යත්:
ඉධ සමාපජ‍්ජානො නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දස‍්ස පවත‍්තං පරියාදියති, අබ්‍යාපාදෙන බ්‍යාපාදස‍්ස පවත‍්තං පරියාදියති. ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධස‍්ස පවත‍්තං පරියාදියති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චස‍්ස පවත‍්තං පරියාදියති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡාය -පෙ- ඤාණෙන අවිජ‍්ජාය -පෙ- පාමොජ‍්ජෙන අරතියා -පෙ- පඨමෙන ඣානෙන නීවරණානං පවත‍්තං පරියාදියති -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පවත‍්තං පරියාදියති.
මෙ සස්නෙහි සම්‍යග්ඥාන ඇත්තේ නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ (අනුශය වශයෙන්) පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපදායාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ආලෝක සංඥායෙන් ථීනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ධර්‍මවිනිශ්චයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ... ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.
අථවා පන සම‍්පජානස‍්ස අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායතනස‍්ස ඉදඤ‍්චෙව චක‍්ඛුපවත‍්තං පරියාදියති. අඤ‍්ඤඤ‍්ච චක‍්ඛුපවත‍්තං න උප‍්පජ‍්ජති, ඉදඤ‍්චෙව සොතපවත‍්තං -පෙ- ඝානපවත‍්තං -පෙ- ජිව‍්හාපවත‍්තං -පෙ- කායපවත‍්තං -පෙ- මනොපවත‍්තං පරියාදියති, අඤ‍්ඤඤ‍්ච මනොපවත‍්තං න උප‍්පජ‍්ජති, ඉදං සම‍්පජානස‍්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
නොහොත් සම්‍යග්ඥාන ඇති අනුපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුගේ මේ චක්‍ෂුස්ප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද චක්‍ෂුස්ප්‍රවෘත්තියෙක් නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ... ජීහ්වාප්‍රවෘත්තිය ... කායප්‍රවෘත්තිය ... මනඃප්‍රවෘත්තිය ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද මනඃප්‍රවෘත්තියෙක් නූපදී. මේ සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන නම් වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘සම‍්පජානස‍්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’
ඒ පරිනිර්‍වාණඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’යි.
පරිනිබ‍්බානඤාණනිද‍්දෙසො.
පරිනිර්‍වාණඥානනිර්දේශ යි.