36. සමසීසට‍්ඨඤාණං
36. සමසීසට‍්ඨඤාණං.
36. සමශීර්‍ෂාර්‍ත්‍ථ ඥානය
කථං සබ‍්බධම‍්මානං සම‍්මාසමුච‍්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං:
කිසෙයින් සියලු ත්‍රෛභූමකධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවැත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන වෙයි යත්:
සබ‍්බධම‍්මානන‍්ති: පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරසධාතුයො, කුසලා ධම‍්මා, අකුසලා ධම‍්මා, අබ්‍යාකතා ධම‍්මා, කාමාවචරා ධම‍්මා, රූපාවචරා ධම‍්මා, අරූපාවචරා ධම‍්මා, අපරියාපන‍්නා ධම‍්මා.
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘතධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
සම‍්මාසමුච‍්ඡෙදෙති: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං සම‍්මා සමුච‍්ඡින්‍දති, අබ්‍යාපාදෙන බ්‍යාපාදං සම‍්මා සමුච‍්ඡින්‍දති, ආලොකසඤ‍්ඤාය ථීනමිද‍්ධං සම‍්මා සමුච‍්ඡින්‍දති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං සම‍්මා සමුච‍්ඡින්‍දති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං සම‍්මා සමුච‍්ඡින්‍දති. ඤාණෙන අවිජ‍්ජං සම‍්මා සමුච‍්ඡින්‍දති, පාමොජ‍්ජෙන අරතිං සම‍්මා සමුච‍්ඡින්‍දති, පඨමෙන ඣානෙන නීවරණෙ සම‍්මා සමුච‍්ඡින්‍දති -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ සම‍්මා සමුච‍්ඡින්‍දති.
සම්මාසමුච්ඡේදෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සිඳියි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය මොනොවට සිඳියි. අවික්‍ෂෙපයෙන් ඹෟද්ධත්‍යය මොනොවට සිඳියි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව (තදඞ්ගවශයෙන්) මොනොවට සිඳියි. (මාර්‍ග) ඥානයෙන් අවිද්‍යාව (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳියි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සිඳියි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳී.
නිරොධෙති: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං නිරොධෙති, අබ්‍යාපාදෙන බ්‍යාපාදං නිරොධෙති, අලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං නිරොධෙති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං නිරොධෙති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං නිරොධෙති, ඤාණෙන අවිච‍්චං නිරොධෙති, පාමෙජ‍්ජෙන අරතිං නිරොධෙති, පඨමෙන ඣානෙන නීවරණෙ නිරොධෙති -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ නිරොධෙති.
නිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය නිරුද්ධ කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි. ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කෙරේ.
අනුපට‍්ඨානතාති: නෙක‍්ඛම‍්මං පටිලද‍්ධස‍්ස කාමච‍්ඡන්‍දො න උපට‍්ඨාති, අබ්‍යාපාදං පටිලද‍්ධස‍්ස බ්‍යාපාදො න උපට‍්ඨාති, ආලොකසඤ‍්ඤං පටිලද‍්ධස‍්ස ථිනමිද‍්ධං න උපට‍්ඨාති, අවික‍්ඛෙපං පටිලද‍්ධස‍්ස උද‍්ධච‍්චං න උපට‍්ඨාති, ධම‍්මවවවත්‍ථානං පටිලද‍්ධස‍්ස විචිකිච‍්ඡා න උපට‍්ඨාති, ඤාණං පටිලද‍්ධස‍්ස අවිජ‍්ජාන උපට‍්ඨාති, පාමොජ‍්ජං පටිලද‍්ධස‍්ස අරති න උපට‍්ඨාති, පඨමං ඣානං පටිලද‍්ධස‍්ස නීවරණා න උපට‍්ඨහන‍්ති -පෙ- අරහත‍්තමග‍්ගං පටිලද‍්ධස‍්ස සබ‍්බකිලෙසා න උපට‍්ඨහන‍්ති.
අනුපට්ඨනතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලද්දහුට කාමච්ඡන්‍දය නූපදියි. අව්‍යාපාදය ලද්දහුට ව්‍යාපාදය නූපදියි. ආලෝකසංඥාව ලද්දහුට ස්ත්‍යානමිද්ධය නූපදියි. අවික්‍ෂේපය ලද්දහුට ඹෟදත්‍යය නූපදියි. ධර්‍මනිශ්චය ලද්දහුට විචිකිත්සාව නූපදියි. ඥානය ලද්දහුට අවිද්‍යාව නූපදියි. ප්‍රාමෝද්‍යය ලද්දහුට අරතිය නූපදියි. ප්‍රථමධ්‍යානය ලද්දහුට නීවරණයෝ නූපදිති ... අර්‍හන්මාර්‍ගය ලද්දහුට සියලු ක්ලේශයෝ නූපදිත්.
සමන‍්ති කාමච‍්ඡන්‍දස‍්ස පහීනත‍්තා නෙක‍්ඛම‍්මං සමං, බ්‍යාපාදස‍්ස පහීනත‍්තා අබ්‍යාපාදො සමං, ථිනමිද‍්ධස‍්ස පහීනත‍්තා ආලොකසඤ‍්ඤා සමං, උද‍්ධච‍්චස‍්ස පහීනත‍්තා අවික‍්ඛෙපො සමං, විචිකිච‍්ඡාය පහීනත‍්තා ධම‍්මවවත්‍ථානං සමං, අවිජ‍්ජාය පහීනත‍්තා ඤාණං සමං -පෙ- සබ‍්බකිලෙසානං පහීනත‍්තා අරහත‍්තමග‍්ගො සමං.
සමං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය සම යැ ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය සම යැ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව සම යැ ඹෟද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය සම යැ විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය සම යැ අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය සම යැ අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය සම යැ නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය සම යැ ... සියලු කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය සම යි.
සීසත‍්ති තෙරස සීසාති: පළිබොධසිසඤ‍්ච තණ‍්හා, විනිබන්‍ධනසීසඤ‍්ච මානො, පරාමාසසීසඤ‍්ච දිට‍්ඨි, වික‍්ඛෙපසීසඤ‍්ච උද‍්ධච‍්චං, කිලෙසසීසඤ‍්ච අවිජ‍්ජා, අධිමොක‍්ඛසීසඤ‍්ච සද‍්ධා, පග‍්ගහසීසඤ‍්ච විරියං, උපට‍්ඨානසීසඤ‍්ච සති, අවික‍්ඛෙපසීසඤ‍්ච සමාධි, දස‍්සනසීසඤ‍්ච පඤ‍්ඤා, පවත‍්තසීසඤ‍්ච ජීවිතින්‍ද්‍රියං, ගොචරසීසඤ‍්ච විමොක‍්ඛො. සඞ‍්ඛාරසීසඤ‍්ඤච නිරෙධො.
සීසං යනු: තෙළෙස් ශීර්‍ෂ කෙනෙක් වෙති: තෘෂ්ණාව පරිබෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඹෟද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව ක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතින්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති: සබ‍්බධම‍්මානං සම‍්මා සමුච‍්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’.
ඒ සමශීර්‍ෂඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සබ්බධම්මානං සම්මාසමුච්ඡේදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’ යි.
සමසීසට‍්ටඤාණනිද‍්දෙසො.
සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නිර්දේශ යි.