යෙදුමෙන් කියවන්න

37. සල‍්ලෙඛට‍්ඨඤාණං

37. සල‍්ලෙඛට‍්ඨඤාණං.

37. සංලේඛාර්‍ත්‍ථ ඥානය

කථං පුථුනානත‍්තෙකත‍්තතෙජපරියාදානෙ පඤ‍්ඤා සල‍්ලෙඛට‍්ඨෙ ඤාණං.

කිසෙයින් පෘථග්රාගාදීන් ද නානාස්වභාව වූ කාමච්ඡන්‍දාදීන් ද ඒකස්වභාව වූ නෛෂ්ක්‍රම්‍යාදීන් ද තේජස් සඞ්ඛ්‍යාත දුශ්ශීල්‍යාදීන් ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සංලේඛාර්‍ත්‍ථඥාන වෙයි යත්:

පුථූති රාගො පුථු, දොසො පුථු, මොහො පුථු, කොධො -පෙ- උපනාහො -පෙමක‍්ඛො -පෙ- පළාසො -පෙ- ඉස‍්සා -පෙමච‍්ඡරියං -පෙ- මායා -පෙ- සාට‍්ඨෙය්‍යං -පෙ- ථම‍්භො -පෙ- සාරම‍්භො -පෙ- මානො -පෙ- අතිමානො -පෙ- මදො -පෙ- පමාදො -පෙ- සබ‍්බෙ කිලෙසා -පෙ- සබ‍්බෙදුච‍්චරිතා -පෙ- සබ‍්බෙ අභිසඞ‍්ඛාරා -පෙ- සබ‍්බෙ භවගාමී කම‍්මා පුථු.

පුථු යනු: රාගය (ලොකොත්තරයෙන්) අසම්මිශ්‍ර යැ ද්වේෂය අසම්මිශ්‍ර යැ මෝහය අසම්මිශ්‍ර යැ ක්‍රෝධය ... බද්ධවෛරය ... ගුණමකු බව ... යුගග්‍රාහය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... සිත ඉදිමුණු බව ... කරණොත්තරියකරණය ... මානය ... අතිමානය ... මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු ... දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්‍මයෝ අසම්මිශ්‍රයෝ යි.

නානත‍්තෙකත‍්තන‍්ති කාමච‍්ඡන්‍දො නානත‍්තං, නෙක‍්ඛම‍්මං එකත‍්තං. බ්‍යාපාදො නානත‍්තං, අබ්‍යාපාදො එකත‍්තං ථිනමිද‍්ධං නානත‍්තං, ආලොකසඤ‍්ඤා එකත‍්තං උද‍්ධච‍්චං නානත‍්තං, අවික‍්ඛෙපො එකත‍්තං. විචිකිච‍්ඡා නානත‍්තං, ධම‍්මවවත්‍ථානං එකත‍්තං අවිජ‍්ජා නානත‍්තං, ඤාණං එකත‍්තං. අරති නානත‍්තං, පාමොජ‍්ජං එකත‍්තං නීවරණා නානත‍්තං, පඨමංඣානං එකත‍්තං -පෙ- සබ‍්බෙ කිලෙසා නානත‍්තං, අරහත‍්තමග‍්ගො එකත‍්තං.

නානත්තේකත්තං යනු: කාමච්ඡන්‍දය නානාස්වභාව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකස්වභාව ය ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය ඒකස්වභාව යැ ස්ත්‍යානමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ ඖද්ධත්‍යය නානාස්වභාව යැ අවික්‍ෂේපය ඒකස්වභාව යැ විචිකිත්සාව නානාස්වභාව යැ ධර්‍මනිශ්චය ඒකස්වභාව යැ අවිද්‍යාව නානාස්වභාව යැ ඥානය ඒකස්වභාව යැ අරතිය නානාස්වභාව යැ ප්‍රාමෝද්‍යය ඒකස්වභාව යැ නීවරණයෝ නානාස්වභාව යැ ප්‍රථමධ්‍යානය ඒකස්වභාව යැ ... සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගය ඒකස්වභාව යි.

තෙජොති පඤ‍්ච තෙජා: චරණතෙජො, ගුණතෙජො, පඤ‍්ඤාතෙජො, පුඤ‍්ඤතෙජො, ධම‍්මතෙජො, චරණතෙජෙන තෙජිතත‍්තා දුස‍්සීල්‍යතෙජං පරියාදියති, ගුණතෙජෙන තෙජිතත‍්තා අගුණතෙජං පරියාදියති, පඤ‍්ඤාතෙජෙන තෙජිතත‍්තා දුප‍්පඤ‍්ඤතෙජං පරියාදියති, පුඤ‍්ඤතෙජෙන තෙජිතත‍්තා අපුඤ‍්ඤතෙජං පරියාදියති, ධම‍්මතෙජෙන තෙජිතත‍්තා අධම‍්මතෙජං පරියාදියති.

තේජෝ යනු: තේජස් පසෙකි. ශීල සඞ්ඛ්‍යාත චරණතේජස යැ සමාධි සඞ්ඛ්‍යාත ගුණතෙජස යැ විදර්‍ශනා සඞ්ඛ්‍යාත ප්‍රඥාතේජස යැ ආර්‍ය්‍යමාර්‍ගකුශල සඞ්ඛ්‍යාත පුණ්‍යතේජස යැ බුද්ධවචනසඞ්ඛ්‍යාත ධර්‍මතේජස යි. ශීලතෙජසින් තියුණු කළ බැවින් දුශ්ශීල සඞ්ඛ්‍යාත තේජස ක්‍ෂය කෙරෙයි. සමාධිතේජසින් තියුණු කළ බැවින් වික්‍ෂේප සඞ්ඛ්‍යාත අගුණතෙජස ක්‍ෂය කෙරෙයි. විදර්‍ශනාතේජසින් තියුණු කළ බැවින් මොහතෙජස ක්‍ෂය කෙරෙයි. ආර්‍ය්‍යමාර්‍ගකුශලතේජසින් තියුණු කළ බැවින් අකුශලකර්‍මතෙජස ක්‍ෂය කෙරෙයි. ධර්‍මතේජසින් තියුණු කළ බැවින් නානාතීර්‍ත්‍ථකසමයවචන සඞ්ඛ්‍යාත අධර්‍මතේජස ක්‍ෂය කෙරේ.

සල‍්ලෙඛොති කාමච‍්ඡන්‍දො අසල‍්ලෙඛො, නෙක‍්ඛම‍්මං සල‍්ලෙඛො, බ්‍යාපාදො අසල‍්ලෙඛො, අබ්‍යාපාදො සල‍්ලෙඛො, ථිනමිද‍්ධං අසල‍්ලෙඛො, ආලොකසඤ‍්ඤා සල‍්ලෙඛො, උද‍්ධච‍්චං අසල‍්ලෙඛො, අවික‍්ඛෙපො සල‍්ලෙඛො, විචිකිච‍්ඡා අසල‍්ලෙඛො, ධම‍්මවවත්‍ථානං සල‍්ලෙඛො, අවිජ‍්ජා අසල‍්ලෙඛො, ඤාණං සල‍්ලෙඛො, අරති අසල‍්ලෙඛො, පාමොජ‍්ජං සල‍්ලෙඛො, නීවරණා අසල‍්ලෙඛො, පඨමං ඣානං සල‍්ලෙඛො -පෙ- සබ‍්බෙ කිලෙසා අසල‍්ලෙඛො, අරහත‍්තමග‍්ගො සල‍්ලෙඛො.

සල්ලෙඛො යනු: කාමච්ඡන්‍දය අසල්ලේඛ යැ නෛෂ්ක්‍රම්‍යය සල්ලේඛ යැ ව්‍යාපාදය අසල්ලේඛ යැ අව්‍යාපාදය සල්ලේඛ යැ ස්ත්‍යානමිද්ධය අසල්ලේඛ යැ ආලෝකසංඥාව සල්ලේඛ යැ ඹෟදත්‍යය අසල්ලේඛ යැ අවික්‍ෂේපය සල්ලේඛ යැ විචිකිත්සාව අසල්ලේඛ යැ ධර්‍මනිශ්චය සල්ලේඛ යැ අවිද්‍යාව අසල්ලේඛ යැ ඥානය සල්ලේඛ යැ අරතිය අසල්ලේඛ යැ ප්‍රාමෝද්‍යය සල්ලේඛ යැ නීවරණයෝ අසල්ලේඛ යැ ප්‍රථමධ්‍යානය සල්ලේඛ යැ සියලු ක්ලේශයෝ අසල්ලේඛ යැ අර්‍හන්මාර්‍ගය සල්ලේඛ යි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘පුථුනානත‍්තෙකත‍්තතෙජපරියාදානෙ පඤ‍්ඤා සල‍්ලෙඛට‍්ඨෙ ඤාණං’

ඒ සල්ලේඛඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පුථුනානත්තේකත්තතේජපරියාදානේ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං’ යි.

සල‍්ලෙඛට‍්ඨඤාණ නිද‍්දෙසො.

සංලේඛාර්‍ත්‍ථඥානනිර්දේශ යි.