37. සල්ලෙඛට්ඨඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
37. සල්ලෙඛට්ඨඤාණනිද්දෙසවණ්ණනා
37. සල්ලෙකට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව
සල්ලෙඛට්ඨඤාණනිද්දෙසෙ රාගො පුථූති රාගො විසුං, ලොකුත්තරෙහි අසම්මිස්සොති අත්ථො. එස නයො සෙසෙසු. රාගොති රඤ්ජනට්ඨෙන. දොසොති දුස්සනට්ඨෙන. මොහොති මුය්හනට්ඨෙන. රඤ්ජනලක්ඛණො රාගො, දුස්සනලක්ඛණො දොසො, මුය්හනලක්ඛණො මොහොති ඉමෙ තයො සීසකිලෙසෙ වත්වා ඉදානි පභෙදතො දස්සෙන්තො කොධොතිආදිමාහ. තත්ථ කුජ්ඣනලක්ඛණො කොධොති ඉධ සත්තවත්ථුකො අධිප්පෙතො. උපනන්ධනලක්ඛණො උපනාහො, දළ්හභාවප්පත්තො කොධොයෙව. පරගුණමක්ඛනලක්ඛණො මක්ඛො, පරගුණපුඤ්ඡනන්ති අත්ථො. යුගග්ගාහලක්ඛණො පළාසො, යුගග්ගාහවසෙන පරගුණදස්සනන්ති අත්ථො. පරසම්පත්තිඛීයනලක්ඛණා ඉස්සා, උසූයනාති අත්ථො . අත්තසම්පත්තිනිගූහනලක්ඛණං මච්ඡරියං, “මය්හං අච්ඡරියං මා පරස්ස හොතූ”ති අත්ථො. අත්තනා කතපාපපටිච්ඡාදනලක්ඛණා මායා, පටිච්ඡාදනට්ඨෙන මායා වියාති අත්ථො. අත්තනො අවිජ්ජමානගුණප්පකාසනලක්ඛණං සාඨෙය්යං, සඨභාවොති අත්ථො. චිත්තස්ස උද්ධුමාතභාවලක්ඛණො ථම්භො, ථද්ධභාවොති අත්ථො. කරණුත්තරියලක්ඛණො සාරම්භො. උන්නතිලක්ඛණො මානො. අබ්භුන්නතිලක්ඛණො අතිමානො. මත්තභාවලක්ඛණො මදො. පඤ්චසු කාමගුණෙසු චිත්තවොසග්ගලක්ඛණො පමාදො.
සල්ලෙඛට්ඨ ඤාණ නිර්දේශයෙහි, රාගො පුථු රාගය වෙන්වූයේ ලෝකෝත්තර ධර්මයන් සමග මිශ්රනොවූ යන අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රාගො යනු ඇලීම් අර්ථයෙන්; දොසො යනු දූෂ්‍යවීම් අර්ථයෙන්; මොහො යනු මුළාවීම් අර්ථයෙන්; රාගය ඇලීම් ලක්ෂණයි. ද්වේෂය දූෂ්‍යවීම් ලක්ෂණයි. මෝහය මුළාවීම් ලක්ෂණයි යන ශීර්ෂ ක්ලේශත්රය කියා, දැන් ප්‍රභේද වශයෙන් දක්වන්නේ කොධො ආදිය වදාළහ. එහි කිපීම් ලක්ෂණය කොධොයි. මෙහි සප්ත වස්තුක වශයෙන් අදහස් කරන ලදි. වෛර බැඳීම් ලක්ෂණය උපනාහොයි. දෘඪභාවයට පත් ක්රෝධයමය. අන් ගුණ මැකීම් ලක්ෂණය මක්ඛොයි. අන්ගුණ අත්හැරීමයි යන අර්ථයි. යුගග්‍රාහී ලක්ෂණය පලාසොයි. යුගග්‍රාහ වශයෙන් අන්ගුණ දැක්මයයි යන අර්ථයි. අන් සම්පත් විනාශකරන ලක්ෂණය ඉස්සායි. අන්සම්පත් නොඉවසන ලක්ෂණයයි යන අර්ථයි. තම සම්පත් සඟවන ලක්ෂණය මච්ඡරියංයි. මාගේ සම්පත් අන්‍යයාට නොවේවා යන අර්ථයි. තමා කළ පව් වැසීම් ලක්ෂණය මායායි. වැසීම් අර්ථයෙන් මායාවක් මෙනැයි අර්ථයි. තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශන ලක්ෂණය සාඨෙය්යංයි. කපටිභාවය යන අර්ථයි. චිත්තයාගේ ඉදිමුණු බව ලක්‍ෂණකොට ඇත්තේ ථම්භොයි. ඉහළ නැගීම් ලක්ෂණය මානොයි. අතිශයින් ඉහළ නැගීම් ලක්ෂණය අතිමානොයි. මත්බව ලක්‍ෂණකොට ඇත්තේ මදොයී. පස්කම් ගුණයන්හි සිත මූර්ඡා වීම ලක්‍ෂණකොට ඇත්තේ පමාදොයි.
එවං විසුං විසුං කිලෙසවසෙන පුථූ දස්සෙත්වා වුත්තකිලෙසෙ ච අවුත්තෙ ච අඤ්ඤෙ සබ්බසඞ්ගාහිකවසෙන දස්සෙතුං සබ්බෙ කිලෙසාතිආදිමාහ. තත්ථ දිට්ඨධම්මසම්පරායෙසු සත්තෙ කිලෙසෙන්ති උපතාපෙන්ති විබාධෙන්තීති කිලෙසා. අකුසලකම්මපථසඞ්ගහිතා ච අසඞ්ගහිතා ච. දුට්ඨු චරිතා, දුට්ඨා වා චරිතාති දුච්චරිතා. තෙ පන කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතන්ති තිප්පකාරා. විපාකං අභිසඞ්ඛරොන්තීති අභිසඞ්ඛාරා. තෙපි පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරොති තිප්පකාරා. විපාකවසෙන භවං ගච්ඡන්තීතිභවගාමිනො , භවගාමිනො කම්මා භවගාමිකම්මා. ඉමිනා අභිසඞ්ඛාරභාවෙපි සති අවෙදනීයානි කම්මානි පටික්ඛිත්තානි හොන්තීති අයං විසෙසො. “දුච්චරිතා”ති ච “කම්මා”ති ච ලිඞ්ගවිපල්ලාසො කතො. නානත්තෙකත්තන්ති එත්ථ උද්දෙසෙ එකත්තසද්දස්ස අභාවෙපි නානත්තෙකත්තානං අඤ්ඤමඤ්ඤාපෙක්ඛත්තා එකත්තම්පි නිද්දිසිතුකාමෙන “නානත්තෙකත්ත”න්ති උද්දෙසො කතො. නානත්තසල්ලෙඛකෙ එකත්තෙ දස්සිතෙ සල්ලෙඛඤාණං සුඛෙන දස්සීයතීති. නානත්තන්ති අනවට්ඨිතත්තා සපරිප්ඵන්දත්තා ච නානාසභාවො. එකත්තන්ති අවට්ඨිතත්තා අපරිප්ඵන්දත්තා ච එකසභාවො.
මෙසේ වෙන් වෙන් කෙලෙස් වශයෙන්, අසම්මිශ්රකම් දක්වා කියන ලද හා නොකියන ලද කෙලෙස්ද, අන්‍ය කෙලෙස්ද, සියල්ල එකට සංග්‍රහ කිරීම් වශයෙන් දක්වන්ට, ‘සබ්බෙකිලෙසා’ ආදිය වදාළහ. එහි මෙලෝ පරලෝහිදී සත්ත්වයන් කිලිටි කරත්. තවත් බාධාකරත්නුයි ක්ලේශ නමැ. අකුසල කර්මපථ සංගෘහිතවද අසංගෘහිතවද වේ. නොමනා සේ වූ, හෝ චරිත, දුෂ්ට වූ චරිතනුයි දුශ්චරිතයි. ඒවා වනාහි, කාය, වචී, මනෝ දුශ්චරිත වශයෙන් තෙවැදෑරුම්ය. විපාක රැස් කෙරෙත්නුයි අභිසංඛාරයි. ඒවාද, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාර යැයි තෙයාකාරය. විපාක වශයෙන් භවයට යෙත්නුයි භව ගාමිනොයි. භවගාමී වූ කර්ම භවගාමී කර්මයි. මෙයින් රැස්කිරීම් භාවය ඇතිකල්හිද, විඳීම් රහිත කර්මයෝ ප්රතික්ෂෙප කරන ලද්දාහු වෙති. මේ දුච්චරිතා - කම්මා යන විසේස ලිංග විපර්යාස කරන ලදි. නානත්තෙකත්තං යන මෙහි උද්දෙසයෙහි, එකත්ත ශබ්දයාගේ අභාවයෙහිද, නානත්ව ඒකත්වයන්ගේ ඔවුනොවුන් අපේක්ෂා කළ හෙයින්ද, ඒකත්වයද නිර්දේශ කරනු කැමැත්තේ නානත්තෙකත්තයයි උද්දේසය කරන ලදි. නානත්ව සල්ලෙඛයෙහි ඒකත්වය දැක්වූ කල්හි සල්ලෙඛ ඤාණය පහසුවෙන් පෙන්වයි. නානත්තං යනු අස්ථිර බැවින්ද, සැලෙන බැවින්ද නොයෙක් ආකාර ස්වභාවයයි. එකත්තං යනු ස්ථිර බැවින්ද, නොසැලෙන බැවින්ද ඒකාකාරී ස්වභාවයයි.
චරණතෙජොති චරන්ති තෙන අගතං දිසං නිබ්බානං ගච්ඡන්තීති චරණං. කිං තං? සීලං. තදෙව පටිපක්ඛතාපනට්ඨෙන තෙජො. ගුණතෙජොති සීලෙන ලද්ධපතිට්ඨො සමාධිතෙජො. පඤ්ඤාතෙජොති සමාධිනා ලද්ධපතිට්ඨො විපස්සනාතෙජො. පුඤ්ඤතෙජොති විපස්සනාහි ලද්ධපතිට්ඨො අරියමග්ගකුසලතෙජො. ධම්මතෙජොති චතුන්නං තෙජානං පතිට්ඨාභූතො බුද්ධවචනතෙජො. චරණතෙජෙන තෙජිතත්තාති සීලතෙජෙන තිඛිණීකතත්තා. දුස්සීල්යතෙජන්ති දුස්සීලභාවසඞ්ඛාතං තෙජං. තම්පි හි සන්තානං තාපනතො තෙජො නාම. පරියාදියතීති ඛෙපෙති. අගුණතෙජන්ති සමාධිස්ස පටිපක්ඛං වික්ඛෙපතෙජං. දුප්පඤ්ඤතෙජන්ති විපස්සනාඤාණපටිපක්ඛං මොහතෙජං. අපුඤ්ඤතෙජන්ති තංතංමග්ගවජ්ඣකිලෙසප්පහානෙන කිලෙසසහායං අකුසලකම්මතෙජං. න කෙවලඤ්හෙතං අපුඤ්ඤමෙව ඛෙපෙති, “අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මං කම්මක්ඛයාය සංවත්තතී”ති (අ· නි· 4.233; දී· නි· 3.312; ම· නි· 2.18) වචනතො කුසලකම්මම්පි ඛෙපෙතියෙව. පුඤ්ඤතෙජපටිපක්ඛවසෙන අපුඤ්ඤතෙජමෙව වුත්තං. අධම්මතෙජන්ති නානාතිත්ථියානං සමයවචනතෙජං. ඉමස්ස ඤාණස්ස උද්දෙසවණ්ණනායං වුත්තෙ දුතියෙ අත්ථවිකප්පෙ රාගාදයො එකූනවීසති පුථු දුස්සීල්යතෙජා හොන්ති. “අභිසඞ්ඛාරා, භවගාමිකම්මා”ති එත්ථ අපුඤ්ඤාභිසඞ්ඛාරා අකුසලකම්මඤ්ච අපුඤ්ඤතෙජා හොන්ති, ආනෙඤ්ජාභිසඞ්ඛාරානි ලොකියකුසලකම්මානි පුඤ්ඤතෙජෙනෙව ඛෙපනීයතො අපුඤ්ඤතෙජපක්ඛිකාව හොන්ති. කාමච්ඡන්දාදයො පඤ්චදස නානත්තා අගුණතෙජා හොන්ති, නිච්චසඤ්ඤාදයො අට්ඨාරස නානත්තා දුප්පඤ්ඤතෙජා හොන්ති, චතුමග්ගවජ්ඣා චත්තාරො නානත්තා අපුඤ්ඤතෙජා හොන්ති. සොතාපත්තිමග්ගවජ්ඣනානත්තෙන අධම්මතෙජො සඞ්ගහෙතබ්බො.
චරණතෙජො යනු හැසිරෙත්. එයින් නොගිය දිශාවට, නිර්වාණයට යෙත්නුයි චරණංයි. එය කිමෙක්ද, සීලයයි. එයම විරුද්ධතාවයන් තවන අර්ථයෙන් තේජෝයි. ගුණතෙජො යනු සීලයෙන් ලද පිහිට ඇති සමාධි තේජසයි. පඤ්ඤාතෙජො යනු සමාධියෙන් ලද පිහිට ඇති විදර්ශනා තේජසයි. පුඤ්ඤතෙජො යනු විදර්ශනාවෙන් ලද පිහිටැති ආර්ය මාර්ග කුසල් තේජසයි. ධම්මතෙජො යනු සිව් තෙදසුන්ට පිහිට වූ බුදුවදන් තේජසයි. චරණ තෙජෙන තෙජිතත්තා යනු සිල්තෙදින් තියුණු කළ හෙයින් දුස්සීල්‍ය තෙජං යනු දුස්සීලභාව සංඛ්‍යාත තේජසයි. එයද සිත් පරම්පරාව තවන හෙයින් තේජස නමැ. පරියාදියති යනු ක්ෂය කරයි. අගුණ තෙජං යනු සමාධියට ප්රතිපක්ෂ වික්ෂෙප තේජසයි. දුප්පඤ්ඤ තෙජං යනු විදර්ශනා ඤාණයට ප්රතිපක්ෂ මෝහ තේජසයි. අපුඤ්ඤතෙජං යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කෙලෙස් ප්‍රහාණයෙන් කෙලෙසුන්ට සහාය වූ අකුසල කර්මතේජසයි. හුදෙක් එය අකුසලයම ක්ෂය කරන්නේ නොවේ. ‘මහණෙනි, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ කර්මයක් ඇත. කෘෂ්ණ (කලු) නොවූ, ශුක්ල (සුදු) නොවූ එම කර්මය කර්මක්ෂය සඳහා පවතී’ යන වචනයෙන් කුසල කර්මයද ක්ෂය කරයි. පුණ්යතේජසට ප්රතිපක්ෂ වශයෙන් අපුණ්‍ය තේජසම යූ.සේයි. අධම්මං තෙජං යනු නොයෙක් තීර්ථකයින්ගේ ආගම් වචන තේජසයි. මෙම ඤාණයාගේ උදෙසීම් වර්ණනාවෙහි කියන ලද, දෙවන අර්ථ විකල්පයෙහි රාගාදී එකුන්විසි වෙන්වූ දුසිත් තේජස් වෙයි. අභිසංඛාරා භවගාමි කම්මා යනු, මෙහි අපුණ්‍යාභි සංස්කාර අකුසල කර්මයද, අපුණ්‍ය තේජසයෝද වෙති. ආනෙඤ්ජාභි සංස්කාරයන්ද, ලෞකික කුසල කර්මයන්ද, පුණ්‍ය තේජසින්ම ක්ෂය කළයුතු හෙයින් අපුණ්යතේජ පාක්ෂිකවම වෙයි. කාමච්ඡන්දාදී පසළොස් නානත්වයන් අගුණ තේජස් වේ. නිත්‍ය සංඥාදී අටළොස් නානත්ව දුශ්ප්‍රාඥ තේජස් වේ. සිව්මගින් නැසිය යුතු සිව් නානත්ව අපුණ්‍ය තේජස් වේ. සෝවාන් මාර්ගයෙන් නැසියයුතු නානත්වයෙන් අධර්ම තේජස සංග්‍රහ කටයුතුයි.
නිද්දෙසෙ සල්ලෙඛපටිපක්ඛෙන අසල්ලෙඛෙන සල්ලෙඛං දස්සෙතුකාමෙන අසල්ලෙඛපුබ්බකො සල්ලෙඛො නිද්දිට්ඨො. නෙක්ඛම්මාදයො සත්තතිංස එකත්තධම්මාව පච්චනීකානං සල්ලිඛනතො “සල්ලෙඛො”ති වුත්තා. තස්මිං නෙක්ඛම්මාදිකෙ සත්තතිංසපභෙදෙ සල්ලෙඛෙ ඤාණං සල්ලෙඛට්ඨෙ ඤාණන්ති.
නිර්දේශයෙහි, සල්ලෙඛ ප්රතිපක්ෂ අසල්ලෙඛයේ සල්ලෙඛය දක්වනු කැමැත්තෙන් අසල්ලෙඛ පූර්වක සල්ලෙඛය දක්වන ලදි. නෛෂ්ක්‍රම්‍යාදී සත්තිස් ඒකත්ව ධර්මයෝම විරුද්ධ වූවන් හීන්කොට පෙතිගසා ලියන හෙයින් සල්ලෙඛ යයි යූ.සේයි. ඒ නෛෂ්ක්‍රම්‍යාදී වූ සත්තිස් ප්‍රභේද සල්ලෙඛයෙහි ඤාණය සල්ලෙඛට්ඨෙ ඤාණයයි.
සල්ලෙඛට්ඨඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සල්ලෙකට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.