38. වීරියාරම්භඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
38. වීරියාරම්භඤාණනිද්දෙසවණ්ණනා
38. වීරියාරම්භ ඤාණ නිර්දේශ වර්ණනාව
වීරියාරම්භඤාණනිද්දෙසෙ අනුප්පන්නානන්ති එකස්මිං අත්තභාවෙ, එකස්මිං වා ආරම්මණෙ අනිබ්බත්තානං. අනමතග්ගෙ හි සංසාරෙ අනුප්පන්නා අකුසලා නාම නත්ථි, කුසලා පන අත්ථි. පාපකානන්ති ලාමකානං. අකුසලානං ධම්මානන්ති අකොසල්ලසම්භූතානං ධම්මානං. අනුප්පාදායාති න උප්පාදනත්ථාය. උප්පන්නානන්ති ඉමස්මිං අත්තභාවෙ නිබ්බත්තානං. පහානායාති පජහනත්ථාය. අනුප්පන්නානං කුසලානං ධම්මානන්ති ඉමස්මිං අත්තභාවෙ අනිබ්බත්තපුබ්බානං කොසල්ලසම්භූතානං ධම්මානං. උප්පාදායාති උප්පාදනත්ථාය. උප්පන්නානන්ති ඉමස්මිං අත්තභාවෙ නිබ්බත්තානං. ඨිතියාති ඨිතත්ථාය. අසම්මොසායාති අවිනාසත්ථාය. භිය්යොභාවායාති පුනප්පුනභාවාය. වෙපුල්ලායාති විපුලභාවාය. භාවනායාති වඩ්ඪියා. පාරිපූරියාති පරිපූරණත්ථාය.
විරියාරම්භ ඤාණ නිර්දේශයෙහි, අනුප්පන්නානං යනු එක් ආත්ම භාවයක, එක් අරමුණක හෝ නූපන්නා වූ, අනවරාග්ර සසරෙහි නූපන්නා වූ අකුසල නම් නැත. කුසල් වනාහි ඇත. පාපකානං යනු ලාමක වූ. අකුසලානං ධම්මානං යන අදක්ෂතායෙන් හටගත් ධර්මයන්ගේ; අනුප්පාදාය යනු නොඉපදවීම සඳහා. උප්පන්නානං යනු මෙ අත්බැව්හි නිපන්; පහානාය යනු දුරැලීම පිණිස, අනුප්පන්නානං කුසලානං ධම්මානං යනු මේ අත්බැව්හි, නොනිපන් විරූ, දක්ෂතායෙන් හටගත් ධර්මයන්හි, ඨිතියා යනු පැවතීම සඳහා අසම්මොසාය යනු විනාශනොවීම සඳහා, භීය්‍යොභාවාය යනු නැවත නැවත වීම (අභිවෘද්ධිය) සඳහා, වෙපුල්ලාය යනු මහත්භාවය සඳහා. භාවනාය යනු අභිවෘද්ධිය සඳහා. පාරිපූරියා සම්පූර්ණත්වය සඳහා.
ඉදානි අකුසලෙසු කාමච්ඡන්දං, කුසලෙසු නෙක්ඛම්මං විසෙසෙත්වා දස්සෙතුං අනුප්පන්නස්ස කාමච්ඡන්දස්සාතිආදිමාහ. තත්ථ කාමච්ඡන්දොති සමාධිපටිපක්ඛො කාමරාගො. නෙක්ඛම්මන්ති පඨමජ්ඣානසමාධි, පඨමජ්ඣානං වා, සබ්බෙ එව වා කුසලා ධම්මා නෙක්ඛම්මං.
දැන් අකුසලයන්හි කාමච්ඡන්දයද, කුසලයන්හි නෛෂ්ක්‍රම්‍යයද, විසේසකොට දක්වන්ට, අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස ආදිය වදාළහ. එහි කාමච්ඡන්දො යනු සමාධි ප්රතිපක්ෂ කාමරාගයයි නෙක්ඛම්මං ප්‍රථම ධ්‍යාන සමාධිය. ප්‍රථම ධ්‍යානය හෝ, සියලුම කුසල්දම් හෝ නෛෂ්ක්රම්යයයි.
ඉදානි සබ්බකිලෙසානං සබ්බකිලෙසපටිපක්ඛස්ස අරහත්තමග්ගස්ස ච වසෙන යොජෙත්වා දස්සෙතුං අනුප්පන්නානං සබ්බකිලෙසානන්තිආදිමාහ. තත්ථ උප්පන්නස්ස අරහත්තමග්ගස්ස ඨිතියාතිආදීසු උප්පාදක්ඛණෙ උප්පන්නස්ස අරහත්තමග්ගස්ස ඨිතික්ඛණභඞ්ගක්ඛණවසෙන “ඨිතියා”තිආදියොජනා වෙදිතබ්බා. විභඞ්ගට්ඨකථායම්පි “යා චස්ස පවත්ති, අයමෙව ඨිති නාමා”ති (විභ· අට්ඨ· 406) වුත්තං. කෙචි පන “අරහත්තමග්ගස්ස පුබ්බභාගමග්ගො දට්ඨබ්බො”ති වදන්ති.
සියලු කෙලෙසුන්ගේ, සියලු කෙලෙස් ප්රතිපක්ෂ, අර්හත් මාර්ගයාගේද, වශයෙන් යොදා දක්වන්ට අනුප්පන්නානං සබ්බ කිලෙසානං ආදිය වදාළහ. එහි උප්පන්නස්ස අරහත්ත මග්ගස්ස ඨිතියා ආදීන්හි උත්පාද ක්ෂණයෙහි උපන්නා වූ අර්හත් මාර්ගයාගේද, ස්ථිතික්ෂණ, භංග ක්ෂණ වශයෙන්, ස්ථිතිය යැයි ආදී යෙදුම් දතයුත්තාහ. විභංග අට්ඨකථායෙහිද, යම් පැවැත්මක් වන්නීද, එය ස්ථිති නමැයි යූ.සේයි. සමහරු වනාහි අර්හත් මාර්ගයෙහි පූර්වභාග මාර්ගය දතයුතුයැයි කියති.
වීරියාරම්භඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
වීරියාරම්භ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.