36. සමසීසට්ඨඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
36. සමසීසට්ඨඤාණනිද්දෙසවණ්ණනා
36. සමසීසට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව
සමසීසට්ඨඤාණනිද්දෙසෙ පඤ්චක්ඛන්ධාතිආදීහි දසහි රාසීහි සබ්බධම්මසඞ්ගහො වෙදිතබ්බො. න හි එකෙකස්ස වසෙන ආයතනධාතුරාසිවජ්ජෙහි සෙසෙහි අට්ඨහි රාසීහි විසුං විසුං සබ්බධම්මො සඞ්ගය්හතීති. යස්මා පන ලොකුත්තරධම්මා හෙතුසමුච්ඡෙදෙන සමුච්ඡින්දිතබ්බා න හොන්ති, තස්මා සබ්බධම්මසද්දෙන සඞ්ගහිතාපි ලොකුත්තරධම්මා සමුච්ඡෙදවසෙන සම්භවතො ඉධ න ගහෙතබ්බා, හෙතුසමුච්ඡෙදෙන සමුච්ඡින්දිතබ්බා එව තෙභූමකධම්මා ගහෙතබ්බා. සම්මා සමුච්ඡින්දතීති යථායොගං වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදපහානවසෙන පරියුට්ඨානං අනුසයඤ්ච නිරොධෙන්තො සම්මා සමුච්ඡින්දති. එවං පුග්ගලාධිට්ඨානාය දෙසනාය සම්මා සමුච්ඡෙදො නිද්දිට්ඨො. නිරොධෙතීති අනුප්පාදනිරොධෙන නිරොධෙති. ඉමිනා සමුච්ඡෙදත්ථො වුත්තො. න උපට්ඨාතීති එවං නිරොධෙ කතෙ සො සො ධම්මො පුන න උපතිට්ඨති, න උප්පජ්ජතීති අත්ථො. ඉමිනා නිරොධත්ථො වුත්තො. එවං අනුපට්ඨහනධම්මවසෙන අනුපට්ඨානභාවො නිද්දිට්ඨො. සමන්ති කාමච්ඡන්දාදීනං සමිතත්තා සමං. තානි පන නෙක්ඛම්මාදීනි සත්ත, රූපාරූපජ්ඣානානි අට්ඨ, මහාවිපස්සනා අට්ඨාරස, අරියමග්ගා චත්තාරොති සත්තතිංස හොන්ති.
සමසීසට්ඨ ඤාණ නිර්දේශයෙහි, පඤ්චක්ඛන්ධා යනාදීන්හි දසරාශින්ගෙන් සියලු ධර්ම සංග්‍රහය දතයුත්තේය. එක එක වශයෙන්, ආයතන ධාතු රාශින්ගෙන් තොර, සෙසු අටරාශින්හි වෙන් වෙන්ව සියලු ධර්ම සංග්‍රහ නොවේ. ලෝකෝත්තර ධර්ම හේතු නැසීමෙන් නැසිය යුත්තාහු නොවෙති. එහෙයින් සර්ව ධර්ම ශබ්දයෙන්, සංග්‍රහ කරන ලද ලෝකෝත්තර ධර්ම මුළුමනින් නැසීම් වශයෙන් යෙදෙන හෙයින් මෙහි නොගත යුත්තාහ. සම්මා සමුච්ඡින්දති සුදුසු පරිදි විෂ්කම්භන තදංග, සමුච්ඡෙද, ප්‍රහාණ වශයෙන් මැඩගෙන මතුවීම් වශයෙන්ද අප්රකටව පවත්නා වශයෙන්ද, නිරුද්ධ කරනුයේ මනාව සිඳියි. මෙසේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් මනාව නැසීම විස්තර කරන ලදි. නිරොධෙති යනු අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ කරයි. මෙයින් නැසීම් අර්ථය යූ.සේයි. න උපට්ඨාති යනු මෙසේ නිරුද්ධ කළ ඒ ඒ ධර්ම නැවත නොසිටියි. නූපදියි යන අර්ථයි. මෙයින් නිරෝධාර්ථය යූ.සේයි. මෙසේ නූපදින ධර්මයන්ගේ වශයෙන් නූපදින ස්වභාවය විස්තර කරන ලදි. සමං යනු කාමච්ඡන්‍දාදීන්ගේ සමනය කළ හෙයින් සමයි. ඒවා වනාහි නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ වශයෙන් සතකි. රූප අරූප ධ්‍යානයන්ගේ වශයෙන් අටකි. මහා විදර්ශනා වශයෙන් අටළොසකි. ආර්ය මාර්ග සතරදැයි තිස්හතක් වෙති.
තෙරස සීසානි සීසභූතානං සබ්බෙසං සඞ්ගහවසෙන වුත්තානි. ඉධ පන සද්ධාදීනි අට්ඨෙව සීසානි යුජ්ජන්ති. න හි අරහතො තණ්හාදීනි පඤ්ච සීසානි සන්ති. පලිබොධසීසන්ති පලිබුන්ධනං පලිබොධො, නිබ්බානමග්ගාවරණන්ති අත්ථො. සීසන්ති පධානං, අධිකන්ති අත්ථො. පලිබොධොයෙව සීසං, තංසම්පයුත්තාදිසබ්බපලිබොධෙසු වා සීසන්ති පලිබොධසීසං. එස නයො සෙසෙසු. විසෙසතො පන විනිබන්ධනන්ති උන්නතිවසෙන සංසාරෙ බන්ධනං. පරාමාසොති අභිනිවෙසො. වික්ඛෙපොති විප්පකිණ්ණතා. කිලෙසොති කිලිස්සනං. අධිමොක්ඛොති අධිමුච්චනං. පග්ගහොති උස්සාහනං. උපට්ඨානන්ති අපිලාපනං. අවික්ඛෙපොති අවිප්පකිණ්ණතා. දස්සනන්ති යථාසභාවපටිවෙධො. පවත්තන්ති උපාදින්නක්ඛන්ධපවත්තං. ගොචරොති ආරම්මණං. ඉමෙසු ද්වාදසසුපි වාරෙසු පධානට්ඨො සීසට්ඨො. විමොක්ඛොති වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තීසු පඤ්චසු නිස්සරණවිමුත්ති නිබ්බානං. සඞ්ඛාරසීසන්ති සබ්බසඞ්ඛතසඞ්ඛාරානං සීසං, කොටි අවසානන්ති අත්ථො. එතෙන අනුපාදිසෙසපරිනිබ්බානං වුත්තං. සඞ්ඛාරාභාවමත්තවසෙන වා ඛන්ධපරිනිබ්බානමෙව වුත්තං හොති. නෙක්ඛම්මාදිකං සමඤ්ච සද්ධාදිකං සීසඤ්ච, සමසීසං වා අස්ස අත්ථීති සමසීසීති. අථ වා තෙරසන්නං සීසානං තණ්හාදීනි පඤ්ච සීසානි සමුදයසච්චං, සද්ධාදීනි පඤ්ච මග්ගසච්චං, පවත්තසීසං ජීවිතින්ද්රියං දුක්ඛසච්චං, ගොචරසීසඤ්ච සඞ්ඛාරසීසඤ්ච නිරොධසච්චන්ති ඉමෙසං චතුන්නං අරියසච්චානං එකස්මිං රොගෙ වා එකස්මිං ඉරියාපථෙ වා එකස්මිං සභාගජීවිතින්ද්රියෙ වා අභිසමයො ච අනුපාදිසෙසපරිනිබ්බානඤ්ච යස්ස හොති, සො පුබ්බෙ වුත්තසමානඤ්ච ඉමෙසඤ්ච සීසානං අත්ථිතාය සමසීසීති වුච්චති.
තෙළෙස් ශීර්ෂ ශීර්ෂ වූ සියල්ලෙහි සංග්‍රහ වශයෙන් යූ.සේයි. මෙහි වනාහි ශ්‍රද්ධාදී අටශීර්ෂයෝම යෙදෙති. රහතුන්ට තෘෂ්ණාදී පඤ්ච ශීර්ෂයෝ නොමැත. පළිබොධ සීසං බාධාවීම පළිබෝධයයි නිර්වාණමාර්ග ආවරණයයි අර්ථයි. සීසං යනු ප්‍රධාන, අධිකය යන අර්ථයි. බාධාවම ශීර්ෂයි. ඒ හා එකට යෙදුණු සියලු බාධාවන්හිම ශීර්ෂයනුයි පළිබොධ සීසයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. විශේෂයෙන් වනාහි බන්ධනං යනු බැඳීමයි. උණ්ණතිකාම වශයෙන් සංසාරයෙහි බැඳීමයි. පරාමාසො යනු තදින් අල්වා ගැනීමයි. වික්ඛෙපො යනු විසුරුණු බව. කිලෙසො යනු කිලිටිවීමයි. අධිමොක්ඛො යනු ස්ථිර ලෙස පිහිටීම. පග්ගහො උත්සාහය උපට්ඨානං නොඉල්පීමයි. අවික්ඛෙපො යනු නොවිසුරුණු බවයි. දස්සනං යථා ස්වභාව අවබෝධයයි. පවත්තං යනු තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ස්කන්ධයන්හි පැවැති; ගොචරො යනු අරමුණයි. මේ ද්වාසාකාර වාරයන්හි ප්‍රධානාර්ථය සීසාර්ථයි. විමොක්ඛො යනු විෂ්කම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන පඤ්ච විමුක්තීන්හි නිස්සරණ, විමුක්ති සංඛ්‍යාත නිර්වාණයයි. සංඛාර සීසං යනු සියලු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කාරයන්ගේ ශීර්ෂය, කෙළවර, අවසානය යන අර්ථයි. ඉන් අනුපාදිසේස පරිනිර්වාණය යූ.සේයි. සංස්කාර අභාවමාත්‍ර වශයෙන් හෝ ස්කන්ධ පරිනිර්වාණයම යූ.සේයි. නෛෂ්ක්‍රම්‍යාදී වූ සමයද ශ්‍රද්ධාදී වූ ශීර්ෂයද යන සමශීර්ෂයක් මොහුට ඇත්තේනුයි සමසීසියි. නොහොත්, තෙළෙස් ශීර්ෂයන්ගේ තෘෂ්ණාදී පඤ්ච ශිර්ෂයන් සමුදය සත්‍යයයි. ශ්‍රද්ධාදී පඤ්චකය මාර්ග සත්‍යයයි. ප්‍රවෘත්ත ශීර්ෂයද ජීවිතින්ද්රියද දුක්ඛ සත්‍යයයි. ගොචර ශීර්ෂයද, සංස්කාර ශීර්ෂයද, නිරෝධ සත්‍යයද යන මේ සිව් ආර්ය සත්‍යයන්ගේ එක් රෝගයක හෝ එක් ඉරියව්වක හෝ එක් සමාන ජීවිතේන්ද්රියක හෝ අවබෝධයද, අනුපදිසේස පරිනිර්වාණයද, යමෙකුට වෙයිද? හෙතෙම පෙර කියන ලද ‘සමයන්ගේද මේ ශීර්ෂයන්ගේද අස්තිත්‍වයෙන් සමසීසී යයි කියනු ලැබේ.
සමසීසට්ඨඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සමසීසට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.