යෙදුමෙන් කියවන්න

පටිසම‍්භිදා කථා

2. 6.

2. 6.

පටිසම‍්භිදා කථා

ප්‍රතිසංවිත් කථා

එවං මෙ සුතං, එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්‍ර ඛො භගවා පඤ‍්චවග‍්ගියෙ භික‍්ඛු ආමන‍්තෙසි:

මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන්හි මිගදාය නම් වූ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන් ඇමතූ සේක:

“ද‍්වෙමෙ භික‍්ඛවෙ, අන‍්තා පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා: කතමෙ ද‍්වෙ යො චායං කාමෙසු කාමසුඛල‍්ලිකානුයොගො හීනො ගම‍්මො පොථුජ‍්ජනිකො අනරියො අනත්‍ථසංහිතො යො වා’යං අත‍්තකිලමථානුයොගො දුක‍්ඛො අනරියො අනත්‍ථසංහිතො. එතෙ තෙ භික‍්ඛවෙ උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.

මහණෙනි, මේ අන්තයෝ දෙදෙනෙක් පැවිද්දහු විසින් නො සෙවිය යුත්තාහ. කවර දෙදෙනෙක යත්: යම් හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් ආචීර්‍ණ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ වස්තුකාමයෙහි ක්ලේශකාමසුඛයාගේ අනුයෝගයෙකුත් වේ ද, යම් දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථයාගේ අනුයෝගයෙකුත් වේ ද මොහු දෙදෙන වෙත්. මහණෙනි, තෙල අන්තද්වයට නො පැමිණ තථාගත විසින් ප්‍රතිවේධ කරන ලද පැනඇස් ඇති කරන්නී වූ නුවණ ඇති කරන්නී වූ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම් පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවති.

කතමා ච සා භික‍්ඛවෙ මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි, අයං ඛො සා භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.

මහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද, පැනැස උපදවන නුවණ උපදවන ඒ කවර මධ්‍යමප්‍රතිපදාවක් කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක් ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යැ යි. මහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද පැනැස උපදවන නුවණ උපදවන මේ ඒ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, ව්‍යාධිපි දුක‍්ඛො මරණම‍්පි දුක‍්ඛං, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා

මහණෙනි, මේ වනාහි දුඃඛ නම් ආර්‍ය සත්‍යය වෙයි, ජාතිය ද දුක් යැ ජරාව ද දුක් යැ ව්‍යාධිය ද දුක් යැ මරණය ද දුක් යැ අප්‍රියයන් හා සමග එක්වීම ද දුක් යැ ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුක් යැ ඉස්නේ යමක් නො ලබා නම් එ ද දුක් යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං යා’යං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා.

මහණෙනි, මේ වනාහි දුඃඛසමුදය නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: යම් තෘෂ්ණාවක් පුනර්‍භවය කරනසුලු ද නන්‍දිරාගය හා සමග ඒකත්‍වයට ගියා ද ඒ ඒ භවයෙහි සතුටුවනසුලු ද හෝ තෘෂ්ණා යැ. හේ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි.

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො අරියසච‍්චං: යො තස‍්සා යෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගා මුත‍්ති අනාලයො.

මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධ නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: ඒ මැ තෘෂ්ණායෙහි යම් අශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරෝධයෙක් ත්‍යාගයෙක් හැරපීමෙක් මුක්තියක් ආලය රහිත බවෙක් වේ ද හේ යැ.

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය වෙයි: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යැ යි.

ඉදං දුක‍්ඛං අරියසච‍්ච’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤෙය්‍යන‍්ති මෙ භික‍්ඛවෙ, -පෙ- පරිඤ‍්ඤාත’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී,

මහණෙනි, ‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ වූ යැ ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය (සාමාන්‍යලක්‍ෂණාවබෝධ විසින්) පිරිසිඳ දතයුතු යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘පරිඥාත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

‘ඉදං දුක‍්ඛසමුදයො අරියසච‍්ච’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී, තං ඛො පනිදං දුක‍්ඛසමුදයො අරියසච‍්චං පහාතබ‍්බ’න‍්ති මෙ භික‍්ඛවෙ, -පෙ- පහීන’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී,

මහණෙනි, ‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘ප්‍රහීණ යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

‘ඉදං දුක‍්ඛනිරොධො අරියසච‍්ච’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක‍්ඛනිරොධො අරියසච‍්චං සච‍්ඡිකාතබ‍්බං’න‍්ති මෙ භික‍්ඛවෙ -පෙ- ‘සච‍්ඡිකත’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී.

මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ මේ දුඃඛනිරෝධය නම් වු ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි මට ... මහණෙනි, මා විසින් ‘සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

‘ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්ච’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක‍්ඛං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං භාවෙතබ‍්බ’න‍්ති මෙ භික‍්ඛවෙ -පෙ-‘භාවිත’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී,

මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

යාවකීවඤ‍්ච මෙ භික‍්ඛවෙ, ඉමෙසු චතුසු අරියසච‍්චෙසු එවං තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං යථාභූතං ඤාණදස‍්සනං නං සුවිසුද‍්ධං අහොසි. නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය ‘අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො’ති පච‍්චඤ‍්ඤාසිං. යතො ච ඛො මෙ භික‍්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච‍්චෙසු එවං තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං යථාභූතං ඤාණදස‍්සනං සුවිසුද‍්ධං අහොසි, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය ‘අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො’ති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදී: ‘අකුප‍්පා මෙ විමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවො’ති.

මහණෙනි, යම්තාක් මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මට මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ නො මැ පිළින කෙළෙමි. මහණෙනි, වැළිත් යම් කලෙක මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ වී ද, මහණෙනි, එකල්හි මම මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ පිළින කෙළෙමි. මට ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශන පහළ විය. මාගේ විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම ස්කන්‍ධප්‍රවෘත්තිය යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’යි.

ඉදමවොච භගවා, අත‍්තමනා පඤ‍්චවග‍්ගියා භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දු’න‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ, සතුටුසිත් ඇති පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ.

ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදී: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති.

මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි ආයුෂ්මත් කෞණ්ඩින්‍ය ස්ථවිරයන්ට පහවූ රාගාදිරජස් ඇති පහවූ රාගාදිමල ඇති ප්‍රථමමාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයස්වභාව ඇති ධර්‍මයක් වේ නම් එ හැම නිරෝධ ස්වභාව ඇත්තේ යැ’යි.

පවත‍්තිතෙ ච පන භගවතා ධම‍්මචක‍්කෙ භුම‍්මා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං, අප‍්පතිවත‍්තියං සමණෙන ව බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මි’න‍්ති. භුම‍්මානං දෙවානං සද‍්දං සුත්‍වා චාතුම‍්මහාරාජිකා ද‍්වො සද‍්දමනුස‍්සාවෙසුං: -පෙ- චාතුම‍්මහාරාජිකානං දෙවානං සද‍්දං සුත්‍වා තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම‍්මානරතී දෙවා -පෙ- පරනිම‍්මිතවසවත‍්ති දෙවා -පෙ- බ්‍රහ‍්මකායිකා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: ‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං අප‍්පතිවත‍්තියං සමණෙන ව බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මි’න‍්ති.

තවද භාග්‍යවතුන් විසින් දම්සක් පැවැත්වූ කල්හි ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්විය හැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි බූමාටු දෙවියෝ සාධුකාර දී හඬ ඇස්වූහ. බූමාටුදෙවියන්ගේ හඬ අසා සිව්මහරදවැසි දෙවියෝ හඬ ඇස්වූහ ... සිව්මහරද වැසි දෙවියන්ගේ හඬ අසා තව්තිසාවැසි දෙවියෝ ... යාමදෙවියෝ ... තුසිතදෙවියෝ ... නිර්ම්මාණරතීදෙවියෝ ... පරනිර්මිතවශවර්තිදෙවියෝ ... බ්‍රහ්මකායික දෙවියෝ ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්වියහැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි සාධුකාර දී හඬ ඇස්වූහ.

ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත‍්තෙන යාව බ්‍රහ‍්මලොකා සද‍්දො අබ‍්භුග‍්ගඤ‍්ඡි, අයඤ‍්ච දසසහස‍්සීලොකධාතු සංකම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, අප‍්පමාණො ච උළාරෙ. ඔභාසො ලොකෙ පාතුරහොසි අතිකම‍්ම දෙවානං දෙවානුභාවන‍්ති.

මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් සාධුකාරශබ්දය උස් වැ ගියේ යැ. මේ දශසහස්‍රලෝකධාතුව ද මොනොවට කම්පිත විය මොනොවට ප්‍රකම්පිත විය මොනොවට වෙවුළී යැ, දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම අප්‍රමාණ වූ මහත් වූ අවභාසයෙක් ද ලෝකයෙහි ප්‍රාදුර්භූත වී.

අථ ඛො භගවා ඉමං උදානං උදානෙසි: ‘අඤ‍්ඤාසි වත භො කොණ‍්ඩඤ‍්ඤො අඤ‍්ඤාසි වත භො කොණ‍්ඩඤ‍්ඤා’ති. ඉතිහිදං ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස ‘අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤො’ ත්‍වෙව නාමං අහොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ. භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ’යි මේ උදානය පැවැත් වූ සේක. මෙ අයුරින් ආයුෂ්මත් කෞණ්ඩින්‍යස්ථවිරයන්ට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ යැ’යි නම් වී’.

‘ඉදං දුක‍්ඛං අරියසච‍්ච’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, අලොකො උදපාදී.

‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය නුවණ පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.

‘චක‍්ඛුං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘පඤ‍්ඤා උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘චක‍්ඛුං උදපාදී’ති දස‍්සනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට‍්ඨෙන, ‘පඤ‍්ඤා උදපාදී’ති පජානනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති පටිවෙධට‍්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට‍්ඨෙන.

‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.

චක‍්ඛුං ධම‍්මො, ඤාණං ධම‍්මො, පඤ‍්ඤා ධම‍්මො, විජ‍්ජා ධම‍්මො, ආලොකො ධම‍්මො, ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්ස ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්ස ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා’.

චක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ, විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.

දස‍්සනට‍්ඨෙන අත්‍ථො, ඤාතට‍්ඨො අත්‍ථො, පජානනට‍්ඨො අත්‍ථො, පටිවෙධට‍්ඨො අත්‍ථො, ඔභාසට‍්ඨො අත්‍ථො. ඉමෙ පඤ‍්ච අත්‍ථා අත්‍ථපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්ස ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘අත්‍ථෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා’.

දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථය යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඇයට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඇයට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.

පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්ච අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. ඉමා දස නිරුත‍්තියො නිරුත‍්තිපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘නිරුත‍්තීසු ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා’

පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.

පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දස‍්සු නිරුත‍්තීසු ඤාණානි ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා’

පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තීන්හී ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.

‘තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤෙය්‍ය’න‍්ති -පෙ- ‘පරිඤ‍්ඤාත’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී,

තවද, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය පිරිසිදු දතයුතු යැ’යි ... ‘පිරිසිඳ දන්නාලදැ’යි යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

‘චක‍්ඛුං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘පඤ‍්ඤාය උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘ආලොකො උදපාදී’ති කෙනට‍්ඨෙන: ‘චක‍්ඛුං උදපාදී’ති දස‍්සනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට‍්ඨෙන, ‘පඤ‍්ඤා උදපාදී’ති පජානනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති පටිවෙධට‍්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට‍්ඨෙන.

‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.

චක‍්ඛුං ධම‍්මො, ඤාණං ධම‍්මො, පඤ‍්ඤා ධම‍්මො, විජ‍්ජා ධම‍්මො, ආලොකො ධම‍්මො, ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්ස ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්ස ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා’.

චක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යැ, මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ධර්‍ම කෙනෙක්, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං, ධම්මපටිසම්භිදා’යි.

දස‍්සනට‍්ඨො අත්‍ථො, ඤාතට‍්ඨො අත්‍ථො, පජානනට‍්ඨො අත්‍ථො, පටිවෙධට‍්ඨො අත්‍ථො, ඔභාසට‍්ඨො අත්‍ථො. ඉමෙ පඤ‍්ච අත්‍ථා අත්‍ථපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්ස ආරම‍්මණා, තෙ තස‍්ස ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘අත්‍ථෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා.’

දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, මේ පඤ්චඅර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.

පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්ච අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. ඉමා දස නිරුත‍්තියො නිරුත‍්තිපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්ස ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘නිරුත‍්තීසු ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ති අභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.

පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දස‍්සු නිරුත‍්තිසු ඤාණානි ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්ස ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ. දශනිරුක්තීන්හි ඥානයෝ යැ මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.

දුක‍්ඛෙ අරියසච‍්චෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

‘ඉදං දුක‍්ඛසමුදයො අරියසච‍්ච’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක‍්ඛසමුදයො අරියසච‍්චං පහාතබ‍්බ’න‍්ති -පෙ- ‘පහීන’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චුක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- දුක‍්ඛසමුදයෙ අරියසච‍්චෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි ... ප්‍රහීණ යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

‘ඉදං දුක‍්ඛනිරොධො අරියසච‍්ච’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක‍්ඛනිරොධො අරිසච‍්චං සච‍්ඡිකාතබ‍්බ’න‍්ති -පෙ- සච‍්ඡිකත’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, -පෙ- දුක‍්ඛනිරොධෙ අරියසච‍්චෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි ... සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක. අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

‘ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්ච’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං භාවෙතබ‍්බ’න‍්ති -පෙ- ‘භාවිත’න‍්ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැයි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

චතූසු අරියසච‍්චෙසු සට‍්ඨි ධම‍්මා, සට‍්ඨි අත්‍ථා, වීසංසතං නිරුත‍්තියො, චත‍්තාරීසඤ‍්ච ද‍්වෙ ච ඤාණසතානි.

සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසතලිසෙකි.

“අයං කායෙ කායානුපස‍්සනා’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘සා ඛො පනායං කායෙ කායානුපස‍්සනා භාවෙතබ‍්බා’ති මෙ භික‍්ඛවෙ, -පෙ- භාවිතා’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මට ‘මේ කයෙහි කායානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ආලෝකය පහළ විය. තවද මහණෙනි, මට ‘ඒ මේ කයෙහි කායානුපස්සානාභාවනාව භාවිතවය්‍ය යැ’යි ... මහණෙනි, මා විසින් භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.

“අයං වෙදනාසු -පෙ- අයං චිත‍්තෙ -පෙ- අයං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සා ඛො පනායං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා ‘භාවෙතබ‍්බා’ති -පෙ- භාවිත’න‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි”

මහණෙනි, මට ‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මහණෙනි, මට ‘මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.

‘අයං කායෙ කායානුපස‍්සනා’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- සා ඛො පනායං කායෙ කායානුපස‍්සනා ‘භාවෙතබ‍්බා’ති -පෙ- ‘භාවිතා’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි.

මේ කයෙහි කායානුපස්සනාභාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ කයෙහි කායානුපස්සනාභාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

‘චක‍්ඛුං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘පඤ‍්ඤාය උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘චක‍්ඛුං උදපාදී’ති දස‍්සනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට‍්ඨෙන, ‘පඤ‍්ඤා උදපාදී’ති පජානනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති පටිවෙධට‍්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට‍්ඨෙන.

‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.

චක‍්ඛුං ධම‍්මො, ඤාණං ධම‍්මො, පඤ‍්ඤා ධම‍්මො, විජ‍්ජා ධම‍්මො, ආලොකො ධම‍්මො, ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා.

චක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.

දස‍්සනට‍්ඨෙන අත්‍ථො, ඤාතට‍්ඨො අත්‍ථො, පජානනට‍්ඨො අත්‍ථො, පටිවෙධට‍්ඨො අත්‍ථො, ඔභාසට‍්ඨො අත්‍ථො. ඉමෙ පඤ‍්ච අත්‍ථා අත්‍ථපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘අත්‍ථෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා.’

දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ඥාතාර්‍ත්‍ථ යැ අර්‍ත්‍ථ යැ ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.

පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්ච අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. ඉමා දස නිරුත‍්තියො නිරුත‍්තිපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘නිරුත‍්තීසු ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.

පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දසසු නිරුත‍්තීසු ඤාණානි, ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තින්හි ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභාන ප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙති, එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.

කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

කයෙහි කායානුපස්සනාසතිපට්ඨානභාවනායෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුත්ති තිසෙක, ඥාන සැටෙකි.

‘අයං වෙදනාසු -පෙ- අයං චිත‍්තෙ -පෙ- ‘අයං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී -පෙ- ආලොකො උදපාදී -පෙ- සා ඛො පනායං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා භාවෙතබ‍්බා,ති -පෙ- ‘භාවිතා’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- අලොකො උදපාදී -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශන යැ’යි පෙර නො ඇසුවිරූ ධර්‍මයන්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

චතූසු සතිපට‍්ඨානෙසු සට‍්ඨි ධම‍්මා, සට‍්ඨි අත්‍ථා, වීසංසතං නිරුත‍්තියො, චත‍්තාරීසඤ‍්ච ද‍්වෙ ච ඤාණාසතානි.

සතර සතිපට්ඨානයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සියවිස්සෙක, ඥාන දෙසිය සාලිසෙකි.

‘අයං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො ‘භාවෙතබ‍්බො’ති මෙ භික‍්ඛවෙ, -පෙ- ‘භාවිතො’ති මෙ භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

‘මේ කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය, ‘තවද ඒ මේ ඡන්‍ද සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.

‘අයං විරියසමාධි -පෙ- අයං චිත‍්තසමාධි -පෙ- අයං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො’ති මෙ භික‍්ඛවෙ, ‘භාවිතො’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී -පෙ- ආලොකො උදපාදි.

‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍධිපාද ය’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ‘භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.

‘අයං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- සො ඛො පනායං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො ‘භාවෙතබ‍්බො’ති -පෙ- ‘භාවිතො’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි.

“මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ ඡන්‍දාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... ‘භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

‘චක‍්ඛුං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘පඤ‍්ඤාය උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට‍්ඨෙන, ‘චක‍්ඛුං උදපාදී’ති දස‍්සනට‍්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට‍්ඨෙන, ‘පඤ‍්ඤා උදපාදී’ති පජානනට‍්ඨෙන, ‘විජ‍්ජා උදපාදී’ති පටිවෙධට‍්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට‍්ඨෙන.

‘චක්ඛුං උදාපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.

‘චක‍්ඛුං ධම‍්මො, ඤාණං ධම‍්මො, පඤ‍්ඤා ධම‍්මො, විජ‍්ජා ධම‍්මො, ආලොකො ධම‍්මො. ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා’.

චක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.

දස‍්සනට‍්ඨො අත්‍ථො, ඤාතට‍්ඨො අත්‍ථො, පජානනට‍්ඨො අත්‍ථො, පටිවෙධට‍්ඨො අත්‍ථො, ඔභාසට‍්ඨො අත්‍ථො. ඉමෙ පඤ‍්ච අත්‍ථා අත්‍ථපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘අත්‍ථෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා.

දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ ප්‍රඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.

පඤ‍්ච ධම‍්මෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා, පඤ‍්ච අත්‍ථෙ සන්‍දස‍්සෙතුං බ්‍යඤ‍්ජනනිරුත‍්තාභිලාපා. ඉමා දස නිරුත‍්තියො නිරුත‍්තිපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච. යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘නිරුත‍්තීසු ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.

පඤ‍්චසු ධම‍්මෙසු ඤාණානි, පඤ‍්චසු අත්‍ථෙසු ඤාණානි, දසසු නිරුත‍්තිසු ඤාණානි, ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම‍්භිදාය ආරම‍්මණා චෙව හොන‍්ති ගොචරා ච, යෙ තස‍්සා ආරම‍්මණා, තෙ තස‍්සා ගොචරා. යෙ තස‍්සා ගොචරා, තෙ තස‍්සා ආරම‍්මණා. තෙන වුච‍්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.’

පඤ්චධර්‍මයන්හි ඥානයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ වෙති, දශනිරුක්තීන්හි ඥානයෝ වෙත්. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’ යි.

ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතෙ ඉද‍්ධිපාදෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුපත‍්තියො, සට‍්ඨි ඤාණානි.

ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

‘අයං විරියසමාධි -පෙ- අයං චිත‍්තසමාධි -පෙ- ‘අයං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො භාවෙතබ‍්බා’ති -පෙ- ‘භාවිතො’ති පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදෙ පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, තිංස නිරුත‍්තියො, සට‍්ඨි ඤාණානි.

‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් ... මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.

චතූසු ඉද‍්ධිපාදෙසු සට‍්ඨි ධම‍්මා, සට‍්ඨි අත්‍ථා, වීසංසතං නිරුත‍්තියො, චත‍්තාරීසඤ‍්ච ද‍්වෙ ච ඤාණසතානි.

සතර ඍද්ධිපාදයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසාලිසෙකි.

‘සමුදයො සමුදයො’ති ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි ‘නිරොධො නිරොධො’ති ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස වෙය්‍යාකරණෙ දස ධම‍්මා, දස අත්‍ථා, වීසති නිරුත‍්තියො චත‍්තාරීසං ඤාණානි.

මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. විපස්සී බෝසත්හට සූත්‍රාන්ත යෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.

සමුදයො සමුදයො’ති ඛො භික‍්ඛවෙ, සිඛිස‍්ස බොධිසත‍්තස‍්ස -පෙ- වෙස‍්සභුස‍්ස බොධිසත‍්තස‍්ස -පෙ- කකුසන්‍ධස‍්ස බොධිසත‍්තස‍්ස -පෙ- කොණාගමනස‍්ස බොධිසත‍්තස‍්ස -පෙ- කස‍්සපස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘නිරොධො නිරොධො’ති ඛො භික‍්ඛවෙ, කස‍්සපස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. කස‍්සපස‍්ස බොධිසත‍්තස‍්ස වෙය්‍යාකරණෙ දස ධම‍්මා, දස අත්‍ථා, වීසති නිරුත‍්තියො, චත‍්තාරීසං ඤාණානි.

මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි සිඛී බෝසත්හට ... වෙස්සභූ බෝසත්හට ... කකුසඳ බෝසත්හට ... කෝණාගමන බෝසත්හට ... කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. කාශ්‍යප බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.

‘සමුදයො සමුදයො’ති ඛො භික‍්ඛවෙ, ගොතමස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘නිරොධො නිරොධො’ති ඛො භික‍්ඛවෙ, ගොතමස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ගොතමස‍්ස බොධිසත‍්තස‍්ස වෙය්‍යාකරණෙ දස ධම‍්මා, දස අත්‍ථා, වීසති නිරුත‍්තියො, චත‍්තාරීසං ඤාණානි.

මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය … ආලෝකය පහළ විය. ගොයුම් බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.

සත‍්තානං බොධිසත‍්තානං සත‍්තසු වෙය්‍යාකරණෙසු සත‍්තති ධම‍්මා, සත‍්තති අත්‍ථා, චත‍්තාරීසංසතං නිරුත‍්තියො, අසීති ච ද‍්වෙ ච ඤාණසතානි.

සත් බෝසත්නට සප්තසූත්‍රාන්තයෙහි ධර්‍ම සැත්තෑවෙක, අර්‍ත්‍ථ සැත්තෑවෙක, නිරුක්ති එක්සියසාලිසෙක, ඥාන දෙසියඅසූවෙකි.

යාවතා අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො ඵස‍්සිතො පඤ‍්ඤාය. අඵස‍්සිතො පඤ‍්ඤාය අභිඤ‍්ඤට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. අභිඤ‍්ඤාය අභිඤ‍්ඤට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් අභිඥායෙහි අභිඥාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් (පුනපුනා සමූදාචාර විසින්) පහස්නා ලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද අභීඥාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

යාවතා පරිඤ‍්ඤාය පරිඤ‍්ඤට‍්ඨො -පෙ- යාවතා පහානස‍්ස පහානට‍්ඨො -පෙ- යාවතා භාවනාය භාවනට‍්ඨො -පෙ- යාවතා සච‍්ඡිකිරියාය සච‍්ඡිකිරියට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො ඵස‍්සිතො පඤ‍්ඤාය. අඵස‍්සිතො පඤ‍්ඤාය සච‍්ඡිකිරියට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. සච‍්ඡිකිරියාය සච‍්ඡිකිරියට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් භාවනායෙහි භාවනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාට‍්ඨෙ, පරිඤ‍්ඤාය පරිඤ‍්ඤට‍්ඨෙ, පහානාය පහානට‍්ඨෙ, භාවනාය භාවනට‍්ඨෙ, සච‍්ඡිකිරියාය සච‍්ඡිකිරියට‍්ඨෙ පඤ‍්චවීසංසතං ධම‍්මා, පඤ‍්චවීසංසතං අත්‍ථා, අඩ‍්ඪතෙය්‍යානි නිරුත‍්තිසතානි, පඤ‍්ච ඤාණසතානි.

අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථයෙහි, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථයෙහි, භාවනාවගේ භාවනාර්‍ත්‍ථයෙහි, සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පන්සියයෙකි.

යාවතා ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො ඵස‍්සිතො පඤ‍්ඤාය. අඵස‍්සිතො පඤ‍්ඤාය ඛන්‍ධට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් ස්කන්‍ධන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ, ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද ස්කන්‍ධාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

යාවතා ධාතූනං ධාතුට‍්ඨො -පෙ- යාවතා ආයතනානං ආයතනට‍්ඨො -පෙ- යාවතා සඞ‍්ඛතානං සඞ‍්ඛතට‍්ඨො -පෙ- යාවතා අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො ඵස‍්සිතො පඤ‍්ඤාය. අඵස‍්සිතො පඤ‍්ඤාය අසඞ‍්ඛතට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද අසඞ්ඛතාර්‍ත්‍ථයෙක් නැතැ’ යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අසඞ්ඛතයාගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨෙ, ධාතූනං ධාතුට‍්ඨෙ, ආයතනානං ආයතනට‍්ඨො සඞ‍්ඛතානං සඞ‍්ඛතට‍්ඨෙ, අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතට‍්ඨෙ පඤ‍්චවීසංසතං ධම‍්මා, පඤ‍්චවීසංසතං අත්‍ථා, අඩ‍්ඪතෙය්‍යානි නිරුත‍්තිසතානි, පඤ‍්ච ඤාණ සතානි.

ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි, ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථයෙහි, ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථයෙහි, සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථයෙහි, අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පනසියයෙකි.

යාවතා දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතෙ, ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය දුක‍්ඛට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්ති යො, සතං ඤාණානි.

යම්තාක් දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

යාවතා සමුදයස‍්ස සමුදයට‍්ඨො -පෙ- යාවතා නිරොධස‍්ස නිරොධට‍්ඨො -පෙ- යාවතා මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො, ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය දුක‍්ඛට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද මාර්‍ගාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

චතූසු අරියසච‍්චෙසු සතං ධම‍්මා, සතං අත්‍ථා, ද‍්වෙ නිරුත‍්තිසතානි, චත‍්තාරි ඤාණසතානි.

සතර ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.

යාවතා අත්‍ථපටිසම‍්භිදාය අත්‍ථපටිසම‍්භිදට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො, ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය අත්‍ථපටිසම‍්භිදට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අත්‍ථපටිසම‍්භිදාය අත්‍ථපටිසම‍්භිදට‍්ඨෙ පඤ‍්චවීසති ධම‍්මා පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො සතං ඤාණානි.

යම්තාක් අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙහි අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ, සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නා ලද අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාවගේ අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

යාවතා ධම‍්මපටිසම‍්භිදාය ධම‍්මපටිසම‍්භිදට‍්ඨො -පෙ- යාවතා නිරුත‍්තිපටිසම‍්භිදාය නිරුත‍්තිපටිසම‍්භිදට‍්ඨො -පෙ- යාවතා පටිභානපටිසම‍්භිදාය පටිභානපටිසම‍්භිදට‍්ඨො ඤාතො දිට‍්ඨො විදිතො සච‍්ඡිකතො, ඵස‍්සිතො පඤ‍්ඤාය, අඵස‍්සිතො පඤ‍්ඤාය පටිභානපටිසම‍්භිදට‍්ඨො නත්‍ථීති චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, පටිභානපටිසම‍්භිදට‍්ඨො පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් ධර්‍මප්‍රතිසංවිදාව ගේ ධර්‍මප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරුක්තිප්‍රතිසංවිදාවගේ නිරුක්තිප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රතිභානප්‍රතිසංවිදාව ගේ ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ප්‍රතිභාන ප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

චතුසු පටිසම‍්භිදාසු සතං ධම‍්මා, සතං අත්‍ථා, ද‍්වෙ නිරුත‍්තිසතානි, චත‍්තාරි ඤාණසතානි.

සතර ප්‍රතිසංවිද්හි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.

යාවතා ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණං ඤාතං දිට‍්ඨිං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය, අඵස‍්සිතං පඤ‍්ඤාය ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණං නත්‍ථීති චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො සතං ඤාණානි.

යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතායෙහි ඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

යාවතා සත‍්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත‍්තියා ඤාණං -පෙ- යාවතා සබ‍්බඤ‍්ඤුතඤාණං -පෙ- යාවතා අනාවරණං ඤාණං ඤාතං දිට‍්ඨිං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය, අඵස‍්සිතං පඤ‍්ඤාය අනාවරණං ඤාණං නත්‍ථීති චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි, අනාවරණෙ ඤාණෙ පඤ‍්චවීසති ධම‍්මා, පඤ‍්චවීසති අත්‍ථා, පඤ‍්ඤාසං නිරුත‍්තියො, සතං ඤාණානි.

යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශය (ආශය අනුශය දන්නා) ඥානය වේ ද ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය වේ ද ... යම්තාක් මහා කරුණා සමාපත්තිඥානය වේ ද ... යම්තාක් සර්‍වඥතාඥානය වේ ද ... යම්තාක් අනාවරණඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ, ප්‍රඥායෙන් පහස්නාලද යැ. ප්‍රඥායෙන් නො පහස්නා ලද අනාවරණඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. අනාවරණඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.

ඡසු බුද‍්ධධම‍්මෙසු දියඩ‍්ඪසතං ධම‍්මා, දියඩ‍්ඪසතං අත්‍ථා, තීණි නිරුත‍්තිසතානි, ඡ ඤාණසතානි.

සවැදැරුම් බුද්ධධර්‍මයෙහි ධර්‍ම එක්සිය පනසෙක, අර්‍ත්‍ථ එක්සියපනසෙක, නිරුක්ති තුන්සියයෙක, ඥාන සසියයෙකි.

පටිසම‍්භිදාධිකරණෙ අඩ‍්ඪනවධම‍්මසතානි අඩ‍්ඪනව අත්‍ථසතානි, නිරුත‍්තිසහස‍්සඤ‍්ච සත‍්ත ච නිරුත‍්තිසතානි, තීණි ච ඤාණසහස‍්සානි චත‍්තාරි ච ඤාණසතානීති.

පටිසම්භිදාධිකාරයෙහි ධර්‍ම අටසියපනසෙක, අර්‍ත්‍ථ අටසියපනසෙක නිරුක්ති එක්දහස්සත්සියයෙක, ඥාන තුන්දහස්සාරසියයෙකි.

පටිසම‍්භිදාකථා සමත‍්තා.

ප්‍රතිසංවිත්කථා නිමි.