යෙදුමෙන් කියවන්න

පඨමබොධිසුත‍්තං

1. 1.

1. 1.

පඨමබොධිසුත‍්තං

ප්‍රථම බෝධි සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ‍්ජා නෙරඤ‍්ජරාය තීරෙ බොධිරුක‍්ඛමූලෙ පඨමාභිසම‍්බුද‍්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො හොති විමුත‍්තිසුඛපටිසංවෙදී.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ (බුදු වැ) පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.

අථ ඛො භගවා තස‍්ස සත‍්තාහස‍්ස අච‍්චයෙන තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා රත‍්තියා පඨමං යාමං පටිච‍්චසමුප‍්පාදං අනුලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති, යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ පළමු යම්හි, “මෙසේ මේ අයුරින් මේ ප්‍රත්‍යය ඇතිවත් මැ මේ ඵලය වෙයි. මේ ප්‍රත්‍යය ඉපැද්මෙන් මේ ඵලය උපදනේ”යැ යි අනුලොම් පිළිසසමුපාව මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු වෙත්. (පහළ වෙත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ” යනු යි.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.

යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො පජානාති සහෙතුධම‍්මන‍්ති.

“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (පව් බැහැරැ කළාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කල්හි ඔහුගේ හැම සැක දුරු වේ. යම් හෙයකින් හේ සහේතුක වූ දුඃඛස්කන‍්ධධර්‍මය දත්තේ ද එහෙයිනි” යනු යි.