යෙදුමෙන් කියවන්න

දුතියබොධිසුත‍්තං

1. 2.

1. 2.

දුතියබොධිසුත‍්තං

ද්විතීය බෝධි සූත්‍රය

එවං මෙ සුතං: එක සමයං භගවා උරුවෙලායං විහරති නජ‍්ජා නෙරඤ‍්ජරාය තීරෙ බොධිරුක‍්ඛමූලෙ පඨමාභිසම‍්බුද‍්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො හොති විමුත‍්තිසුඛපටිසංවෙදී.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.

අථ ඛො භගවා තස‍්ස සත‍්තාහස‍්ස අච‍්චයෙන තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා රත‍්තියා මජ‍්ඣිමං යාමං පටිච‍්චසමුප‍්පාදං පටිලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති, යදිදං අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස‍්සනිරොධො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ‍්හානිරොධො, තණ‍්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ මැදුම් යම්හි, “මෙසේ මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යී ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හේ කෙසේයයත්: “අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශයනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානය නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යනු යි.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙති:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.

යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා, ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො ඛයං පච‍්චයානං අවෙදීති.

“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (බාහිතපාප පුද්ගලයාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද එ කල්හි - යම් හෙයෙකින් හේ ප්‍රත්‍යයන්ගේ නිරෝධය පිළිවිදියේ ද එහෙයින් - ඔහුගේ සියලු සැක දුරු වැ යේ” යනු යි.