යෙදුමෙන් කියවන්න

2. දුතියබොධිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. දුතියබොධිසුත‍්තවණ‍්ණනා

2. ද්විතීය බොධි සූත්‍ර වර්ණනාව

දුතියෙ පටිලොමන‍්ති “අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො”තිආදිනා නයෙන වුත‍්තො අවිජ‍්ජාදිකොයෙව පච‍්චයාකාරො අනුප‍්පාදනිරොධෙන නිරුජ‍්ඣමානො අත‍්තනො කත‍්තබ‍්බකිච‍්චස‍්ස අකරණතො පටිලොමොති වුච‍්චති. පවත‍්තියා වා විලොමනතො පටිලොමො, අන‍්තතො පන මජ‍්ඣතො වා පට‍්ඨාය ආදිං පාපෙත්‍වා අවුත‍්තත‍්තා ඉතො අඤ‍්ඤෙනත්‍ථෙනෙත්‍ථ පටිලොමතා න යුජ‍්ජති. පටිලොමන‍්ති ච “විසමං චන්‍දසූරියා පරිවත‍්තන‍්තී”තිආදීසු විය භාවනපුංසකනිද‍්දෙසො. ඉමස‍්මිං අසති ඉදං න හොතීති ඉමස‍්මිං අවිජ‍්ජාදිකෙ පච‍්චයෙ අසති මග‍්ගෙන පහීනෙ ඉදං සඞ‍්ඛාරාදිකං ඵලං න හොති නප‍්පවත‍්තති. ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣතීති ඉමස‍්ස අවිජ‍්ජාදිකස‍්ස පච‍්චයස‍්ස නිරොධා මග‍්ගෙන අනුප‍්පත‍්තිධම‍්මතං ආපාදිතත‍්තා ඉදං සඞ‍්ඛාරාදිකං ඵලං නිරුජ‍්ඣති, නප‍්පවත‍්තතීති අත්‍ථො. ඉධාපි යථා “ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජතී”ති එත්‍ථ “ඉමස‍්මිං සතියෙව, නාසති, ඉමස‍්ස උප‍්පාදා එව, න නිරොධා”ති අන‍්තොගධනියමතා දස‍්සිතා. එවං ඉමස‍්මිං අසතියෙව, න සති, ඉමස‍්ස නිරොධා එව, න උප‍්පාදාති අන‍්තොගධනියමතාලක‍්ඛණා දස‍්සිතාති වෙදිතබ‍්බං. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං, තං පඨමබොධිසුත‍්තවණ‍්ණනාය වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බං.

දෙවැන්නෙහි, පටිලොමං යනු ‘අවිජ්ජා නිරොධා සංඛාරනිරොධො’ යි ආදී වශයෙන් කියන ලද අවිජ්ජා ආදී ප්‍රත්‍යයාකාර ධර්මයන් අනුප්පාද නිරෝධයෙන් විනාශ කරන්නේ තමන් විසින් කළයුතු කාර්යය නොකිරීම් වශයෙන් පටිලොමො යි කියනු ලැබේ. පටිලොමං යනු ‘විසමං චන්‍දමසුරියා පරිවත්තන්ති’ යන ආදී තන්හි මෙන් භාවනප්‍රංසක නිර්දේශයෙකි. ඉමස්මිං අසති ඉදං න හොති යන මෙහි අවිජ්ජා ආදී ප්‍රත්‍යයන් මාර්ගඥානයෙන් ප්‍රහීණව නැති වූ කල්හි මේ සංඛාර ආදී ඵලය නො උපදී. නො පවතී. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති මේ අවිජ්ජා ආදී ප්‍රත්‍යයන් මාර්ගවිඥානයෙන් නිරෝධය කළ බැවින්, නො උපදින ස්වභාවයට පත්කළ බැවින් මේ සංඛාර ආදී ඵල නිරුද්ධ වේ. නොපවතී යන අර්ථ ඇත්තේය. මෙහි ද ‘ඉමස්මිං සති ඉදං හොති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති’ යන මෙහි මෙය ඇතිකල්හිම උපද මොහුගේ උපදීමෙන් නිරුද්ධ නොවේ යි ඇතුලත නියමයෙන් දක්වන ලද්දේය. ‘ඉමස්මිං අසති යෙවන නසති ඉමස්ස නිරොධා එව න උප්පාදා’ යනු ඇතුලත නියමයෙන් ලක්‍ෂණයෝ දක්වන ලදහයි දතයුතුය. එය ප්‍රථමබෝධි සූත්‍ර වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

එවං යථා භගවා පටිලොමපටිච‍්චසමුප‍්පාදං මනසි අකාසි, තං සඞ‍්ඛෙපෙන දස‍්සෙත්‍වා ඉදානි විත්‍ථාරෙන දස‍්සෙතුං “අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො”තිආදි වුත‍්තං. තත්‍ථ අවිජ‍්ජානිරොධාති අරියමග‍්ගෙන අවිජ‍්ජාය අනවසෙසනිරොධා, අනුසයප‍්පහානවසෙන අග‍්ගමග‍්ගෙන අවිජ‍්ජාය අච‍්චන‍්තසමුග‍්ඝාටතොති අත්‍ථො. යදිපි හෙට‍්ඨිමමග‍්ගෙහි පහීයමානා අවිජ‍්ජා අච‍්චන‍්තසමුග‍්ඝාටවසෙනෙව පහීයති, තථාපි න අනවසෙසතො පහීයති. අපායගාමිනියා හි අවිජ‍්ජා පඨමමග‍්ගෙන පහීයති. තථා සකිදෙව ඉමස‍්මිං ලොකෙ සබ‍්බත්‍ථ ච අනරියභූමියං උපපත‍්තිපච‍්චයභූතා අවිජ‍්ජා යථාක‍්කමං දුතියතතියමග‍්ගෙහි පහීයති, න ඉතරාති. අරහත‍්තමග‍්ගෙනෙව හි සා අනවසෙසං පහීයතීති. සඞ‍්ඛාරනිරොධොති සඞ‍්ඛාරානං අනුප‍්පාදනිරොධො හොති. එවං නිරුද‍්ධානං පන සඞ‍්ඛාරානං නිරොධා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණාදීනඤ‍්ච නිරොධා නාමරූපාදීනි නිරුද‍්ධානි එව හොන‍්තීති දස‍්සෙතුං “සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො”තිආදිං වත්‍වා “එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති වුත‍්තං. තත්‍ථ යං වත‍්තබ‍්බං, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පටිච්චසමුප්පාදය සිහිකළ සේක්ද, එය සංක්‍ෂේපයෙන් දක්වා පසුව විස්තර වශයෙන් දක්වන්නට ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධො’ යනාදිය කියන ලදි. එහි අවිජ්ජානිරොධා යනු ආර්ය මාර්ගඥානයෙන් අවිද්‍යාව ඉතිරි නො කොට සම්පූර්ණයෙන් සිදුකළ නිරෝධයයි. අනුශයප්‍රහාණ වශයෙන් ආර්යමාර්ග ඥානයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් විනාශකරන ලදය යන අර්ථයි. ඉදින් වනාහි ප්‍රථම ආර්යමාර්ග ඥානයෙන් ප්‍රහීණවන අවිද්‍යාව අතිශයින්ම ඇතුළත ගැටීම් වශයෙන් ප්‍රහීණ වේ. එහෙත් සම්පූර්ණයෙන්ම ප්‍රහීණ නොවේ. අපායගාමී වූ අවිද්‍යාව ප්‍රථම මාර්ග ඥානයෙන්ම ප්‍රහීණ වේ. මෙලොව අනාර්යභූමියෙහි එක් වරක් ඉපදීමට හේතු වූ අවිද්‍යාව පිළිවෙලින් ද්විතීය, තෘතීය, ආර්යමාර්ගයන්ගෙන් ප්‍රහීණ වේ. ඉතිරි අවිද්‍යාව ප්‍රහීණ නොවේ. අර්හත්මාර්ග ඥානයෙන්ම ඉතිරි වූ අවිද්‍යාව ප්‍රහීණ වේ. සංඛාර නිරොධො යනු සංස්කාරයන් නැවත නූපදිනා ආකාරයට නිරුද්ධ වීමයි. මෙසේ නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඤ්ඤාණයද විඤ්ඤාණාදීන්ගේ නිරෝධයෙන් නාමරූප ආදියද නිරුද්ධ වේ යයි දක්වන්නට සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො යන ආදිය දක්වා ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස නිරොධො හොති’ යි කියන ලදි. එහි යමක් කිය යුතු නම් ඒ සියල්ල පෙර කියන ලද ක්‍රමයෙන් දතයුතුයි.

අපිචෙත්‍ථ කිඤ‍්චාපි “අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො”ති එත‍්තාවතාපි සකලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අනවසෙසතො නිරොධො වුත‍්තො හොති, තථාපි යථා අනුලොමෙ යස‍්ස යස‍්ස පච‍්චයධම‍්මස‍්ස අත්‍ථිතාය යො යො පච‍්චයුප‍්පන‍්නධම‍්මො න නිරුජ‍්ඣති පවත‍්තති එවාති ඉමස‍්ස අත්‍ථස‍්ස දස‍්සනත්‍ථං “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා…පෙ… සමුදයො හොතී”ති වුත‍්තං. එවං තප‍්පටිපක‍්ඛතො තස‍්ස තස‍්ස පච‍්චයධම‍්මස‍්ස අභාවෙ සො සො පච‍්චයුප‍්පන‍්නධම‍්මො නිරුජ‍්ඣති නප‍්පවත‍්තතීති දස‍්සනත්‍ථං ඉධ “අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො…පෙ… දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති වුත‍්තං, න පන අනුලොමෙ විය කාලත‍්තයපරියාපන‍්නස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධදස‍්සනත්‍ථං. අනාගතස‍්සෙව හි අරියමග‍්ගභාවනාය අසති උප‍්පජ‍්ජනාරහස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අරියමග‍්ගභාවනාය නිරොධො ඉච‍්ඡිතොති අයම‍්පි විසෙසො වෙදිතබ‍්බො.

තවද මෙහි කිසියම් ලෙසකින් ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධෙති සංඛාර නිරොධා විඤ්ඤාණනිරොධොති’ යන මෙපමණකින් සියලු දුක් සමූහයාගේ ඉතිරි නොකොට නිරෝධය කියන ලද්දේය. එසේම යම්සේ අනුලොම් වශයෙන් යම් යම් ප්‍රත්‍යය ධර්මයක් ඇතිකල්හි යම් යම් ප්‍රත්‍යුත්පන්න ධර්ම උපදී. පවතී යන මේ අර්ථය දැක්වීම ‘අවිජ්ජා පච්චයා සංඛාරා -පෙ- සමුදයො හොතී ති’ යි කියන ලදි. මෙසේ ප්‍රතිපක්‍ෂ වශයෙන් ඒ ඒ පච්චය ධර්මයන්ගේ අභාවයෙහි දී ඒ ඒ පච්චුප්පන්න ධර්මය නිරුද්ධ වේ. නො පවතී යන දර්ශනාර්ථය මෙහි ‘අවිජ්ජා නිරොධා සංඛාරනිරොධො සංඛාරනිරොධො විඤ්ඤාණ නිරොධො විඤ්ඤාණ නිරොධො නාමරූප නිරොධො -පෙ- දුක්ඛක්ඛන්‍ධස්ස නිරොධො හොති යි කියන ලදි. අනුලොමයෙහි කාලත්‍රයට අයත් දුක් සමූහයෙහි නිරෝධය දැක්වීමට ද, අනාගතයෙහි ආර්යමාර්ග භාවනාව නැති කල්හි උපදින්නා වූ දුක් සමූහයේ නිරෝධය ආර්යමාර්ග භාවනාවෙන් කැමති වූයේය යන විශේෂය දතයුතුය.

එතමත්‍ථං විදිත්‍වාති ය‍්වායං “අවිජ‍්ජානිරොධාදිවසෙන සඞ‍්ඛාරාදිකස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති වුත‍්තො, සබ‍්බාකාරෙන එතමත්‍ථං විදිත්‍වා. ඉමං උදානං උදානෙසීති ඉමස‍්මිං අත්‍ථෙ විදිතෙ “අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො”ති එවං පකාසිතස‍්ස අවිජ‍්ජාදීනං පච‍්චයානං ඛයස‍්ස අවබොධානුභාවදීපකං උදානං උදානෙසීති අත්‍ථො.

එතමත්‍ථං විදිත්‍වා යනු අවිජ්ජා නිරොධ ආදී වශයෙන් යම් මේ සංඛාර ආදී වූ දුක් සමූහයේ නිරෝධය වේය යි කියන ලද්දේ ද සියලු ආකාරයෙන් ඒ කාරණය දැන ඉමං උදානං උදානෙසි මේ කාරණය දැනගත් කල්හි ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධො’යි මෙසේ ප්‍රකාශ කරන ලද අවිජ්ජා ආදී ප්‍රත්‍යයන්ගේ විනාශය අවබෝධ කරගැනීමේ උතුම් බව ප්‍රකාශ කරන උදානය ප්‍රකාශ කළේය යන අර්ථ ඇත්තේය.

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යස‍්මා අවිජ‍්ජාදීනං පච‍්චයානං අනුප‍්පාදනිරොධසඞ‍්ඛාතං ඛයං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි, තස‍්මා එතස‍්ස වුත‍්තනයෙන ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස වුත‍්තප‍්පකාරා බොධිපක‍්ඛියධම‍්මා චතුසච‍්චධම‍්මා වා පාතුභවන‍්ති උප‍්පජ‍්ජන‍්ති පකාසෙන‍්ති වා. අථ යා පච‍්චයනිරොධස‍්ස සම‍්මා අවිදිතත‍්තා උප‍්පජ‍්ජෙය්‍යුං පුබ‍්බෙ වුත‍්තප‍්පභෙදා කඞ‍්ඛා, තා සබ‍්බාපි වපයන‍්ති නිරුජ‍්ඣන‍්තීති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

එහි සංක්‍ෂේප අර්ථය මෙසේය. යම්ලෙසකින් අවිජ්ජා ආදී ප්‍රත්‍ය ධර්මයන්ගේ අනුප්පාද නිරෝධ සංඛ්‍යාත වූ ක්‍ෂයභාවය දැනගත්තේය. අවබෝධ කෙළේය. එබැවින් කියන ලද පරිදි කෙලෙස් තවන වීර්යය ඇති, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට හෙවත් රහතන්වහන්සේට කියන ලද ප්‍රකාර ඇති බෝධිපාක්‍ෂික ධර්ම හා චතුරාර්ය සත්‍ය ධර්මයෝ පහළ වෙති. උපදිති. ප්‍රකාශයට පත්වෙති. නැතහොත් පච්චයනිරෝධ ධර්මයන් මැනවින් අවබෝධ කර නොගත් බැවින් පෙර කියන ලද සැක උපදින්නේ නම් ඒ සියලු සැක විනාශ වේ. නිරුද්ධ වේ. සෙසු කරුණු පෙර කියන ලද ක්‍රමයෙන් ම දැනගත යුතුයි.

දුතියබොධිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවෙනි බෝධිසුත්ත වර්ණනාව නිමියේ ය.

3. තතියබොධිසුත‍්තවණ‍්ණනා

3. තෘතීය බොධි සූත්‍ර වර්ණනාව

තතියෙ අනුලොමපටිලොමන‍්ති අනුලොමඤ‍්ච පටිලොමඤ‍්ච, යථාවුත‍්තඅනුලොමවසෙන චෙව පටිලොමවසෙන චාති අත්‍ථො. නනු ච පුබ‍්බෙපි අනුලොමවසෙන පටිලොමවසෙන ච පටිච‍්චසමුප‍්පාදෙ මනසිකාරප‍්පවත‍්ති සුත‍්තද‍්වයෙ වුත‍්තා, ඉධ කස‍්මා පුනපි තදුභයවසෙන මනසිකාරප‍්පවත‍්ති වුච‍්චතීති? තදුභයවසෙන තතියවාරං තත්‍ථ මනසිකාරස‍්ස පවත‍්තිතත‍්තා. කථං පන තදුභයවසෙන මනසිකාරො පවත‍්තිතො? න හි සක‍්කා අපුබ‍්බං අචරිමං අනුලොමපටිලොමං පටිච‍්චසමුප‍්පාදස‍්ස මනසිකාරං පවත‍්තෙතුන‍්ති? න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං “තදුභයං එකජ‍්ඣං මනසාකාසී”ති, අථ ඛො වාරෙන. භගවා හි පඨමං අනුලොමවසෙන පටිච‍්චසමුප‍්පාදං මනසි කරිත්‍වා තදනුරූපං පඨමං උදානං උදානෙසි. දුතියම‍්පි පටිලොමවසෙන තං මනසි කරිත්‍වා තදනුරූපමෙව උදානං උදානෙසි. තතියවාරෙ පන කාලෙන අනුලොමං කාලෙන පටිලොමං මනසිකරණවසෙන අනුලොමපටිලොමං මනසි අකාසි. තෙන වුත‍්තං – “අනුලොමපටිලොමන‍්ති අනුලොමඤ‍්ච පටිලොමඤ‍්ච, යථාවුත‍්තඅනුලොමවසෙන චෙව පටිලොමවසෙන චා”ති. ඉමිනා මනසිකාරස‍්ස පගුණබලවභාවො ච වසීභාවො ච පකාසිතො හොති. එත්‍ථ ච “අනුලොමං මනසි කරිස‍්සාමි, පටිලොමං මනසි කරිස‍්සාමි, අනුලොමපටිලොමං මනසි කරිස‍්සාමී”ති එවං පවත‍්තානං පුබ‍්බාභොගානං වසෙන නෙසං විභාගො වෙදිතබ‍්බො.

තුන්වැන්නෙහි අනුලොමපටිලොමං යනු අනුලෝමයද, පටිලෝමයද යම් සේ කියන ලද පරිදි අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් ද යන අර්ථයි. පෙර ද අනුලෝම පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සිහිපත් කළ ප්‍රවෘත්තිය සූත්‍ර දෙකෙහි කියන ලද්දේ නොවේද, මෙහි කුමක් හෙයින් නැවතත් දෙ අයුරකින් එම සිහිපත් කිරීමේ ප්‍රවෘත්තිය කියා ද? එය දෙ අයුරකින් තුන්වෙනි වරටත් සිහිපත් කිරීමේ පුවත කිය යුතු නිසාය. දෙයාකාරයකින් කෙසේ නම් සිහිපත් කිරීම පැවැත්වීද, අනුලෝම පටිලෝම වශයෙන් පෙර පසු නොවී එක්විටම පටිච්චසමුප්පාදය සිහිපත් කිරීමට නොහැකිය. එය එක්වර සිහිපත් කිරීම සිදුකෙළේය යි පිළිගත යුතු නැත. වාරයෙන් වාරයට සිහිපත් කෙළේය. භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාදය සිහිපත් කොට එයට අනුරූප වූ ප්‍රථම උදානය ප්‍රකාශ කළ සේක. දෙවෙනිවර පටිලෝම වශයෙන් සිහිපත්කොට එයට අනුරූප වූ උදානය ප්‍රකාශ කළ සේක. තුන්වෙනි වර එක් වරක් අනුලෝම වශයෙන් ද, අනෙක් වර පටිලෝම වශයෙන් ද සිහිපත් කිරීම් වශයෙන් අනුලෝම පටිලෝම සිහිපත් කළ සේක. අනුලොම පටිලොමං යි එබැවින් කියන ලදි. මෙසේ අනුලෝම පටිලෝම වශයෙන් සිහිපත් කිරීමේ ප්‍රගුණ බව හා බලවත් බව ප්‍රකාශ කරන ලද්දේය.

තත්‍ථ අවිජ‍්ජාය ත්‍වෙවාති අවිජ‍්ජාය තු එව. අසෙසවිරාගනිරොධාති විරාගසඞ‍්ඛාතෙන මග‍්ගෙන අසෙසනිරොධා, අග‍්ගමග‍්ගෙන අනවසෙසඅනුප‍්පාදප‍්පහානාති අත්‍ථො. සඞ‍්ඛාරනිරොධොති සබ‍්බෙසං සඞ‍්ඛාරානං අනවසෙසං අනුප‍්පාදනිරොධො. හෙට‍්ඨිමෙන හි මග‍්ගත‍්තයෙන කෙචි සඞ‍්ඛාරා නිරුජ‍්ඣන‍්ති, කෙචි න නිරුජ‍්ඣන‍්ති අවිජ‍්ජාය සාවසෙසනිරොධා. අග‍්ගමග‍්ගෙන පනස‍්සා අනවසෙසනිරොධා න කෙචි සඞ‍්ඛාරා න නිරුජ‍්ඣන‍්තීති.

තත්‍ථෙ අවිජ්ජායත්‍ථෙව අවිද්‍යාවෙන් ම අසෙස විරාගනිරොධා යනු විරාග සංඛ්‍යාත මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම වූ නිරෝධය අග්‍ර වූ මාර්ගයෙන් ඉතිරි නොකොට නැවත නූපදනා ලෙස කරන ලද ප්‍රහාණය යන අර්ථ ඇත්තේය. සංඛාර නිරොධොති යනු සියලු සංස්කාරයන්ගේ ඉතිරි නොකොට නැවත නූපදිනා ලෙස කළ නිරෝධයයි. යට සිට මාර්ගත්‍රයෙන් යම්කිසි සංස්කාර ධර්ම නිරුද්ධ වේද, යම්කිසි සංස්කාර ධර්ම නිරුද්ධ නොවේද, ඒ සියල්ල අර්හත්මාර්ග ඥානයෙන් අවිද්‍යා නිරෝධය ලැබීමෙන් සියලු සංස්කාර ධර්ම නිරුද්ධ වන්නේය.

එතමත්‍ථං විදිත්‍වාති ය‍්වායං අවිජ‍්ජාදිවසෙන සඞ‍්ඛාරාදිකස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො නිරොධො ච අවිජ‍්ජාදීනං සමුදයා නිරොධා ච හොතීති වුත‍්තො, සබ‍්බාකාරෙන එතමත්‍ථං විදිත්‍වා. ඉමං උදානං උදානෙසීති ඉදං යෙන මග‍්ගෙන යො දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයනිරොධසඞ‍්ඛාතො අත්‍ථො කිච‍්චවසෙන ආරම‍්මණකිරියාය ච විදිතො, තස‍්ස අරියමග‍්ගස‍්ස ආනුභාවදීපකං වුත‍්තප‍්පකාරං උදානං උදානෙසීති අත්‍ථො.

එතමත්‍ථං විදිත්‍වා යනු යම් මේ අවිජ්ජා ආදී වශයෙන් සංස්කාර ආදිය පිළිබඳ දුක් සමූහයේ සමුදය ද, නිරෝධයද, අවිජ්ජා ආදීන්ගේ සමුදය ද නිරෝධය ද වේයයි කියන ලද මේ කාරණය සියලු ආකාරයෙන් දැන ඉමං උදානං උදානෙසි යම් ආර්ය මාර්ගයකින් දුක් සමූහයාගේ සමුදය නිරෝධ සංඛ්‍යාත වූ අර්ථය කෘත්‍ය වශයෙන් ද, ආරම්මණක්‍රියා වශයෙන් ද අවබෝධ කෙළේ, එම ආර්ය මාර්ගයාගේ ආනුභාවය ප්‍රකාශ කරන උදානය ප්‍රකාශ කෙළේය.

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, තදා සො බ්‍රාහ‍්මණො තෙහි උප‍්පන‍්නෙහි බොධිපක‍්ඛියධම‍්මෙහි යස‍්ස වා අරියමග‍්ගස‍්ස චතුසච‍්චධම‍්මා පාතුභූතා , තෙන අරියමග‍්ගෙන විධූපයං තිට‍්ඨති මාරසෙනං, “කාමා තෙ පඨමා සෙනා”තිආදිනා (සු· නි· 438; මහානි· 28; චූළනි· නන්‍දමාණවපුච‍්ඡානිද‍්දෙස 47) නයෙන වුත‍්තප‍්පකාරං මාරසෙනං විධූපයන‍්තො විධමෙන‍්තො විද‍්ධංසෙන‍්තො තිට‍්ඨති. කථං? සූරියොව ඔභාසයමන‍්තලික‍්ඛං, යථා සූරියො අබ‍්භුග‍්ගතො අත‍්තනො පභාය අන‍්තලික‍්ඛං ඔභාසෙන‍්තොව අන්‍ධකාරං විධමෙන‍්තො තිට‍්ඨති, එවං සොපි ඛීණාසවබ්‍රාහ‍්මණො තෙහි ධම‍්මෙහි තෙන වා අරියමග‍්ගෙන සච‍්චානි පටිවිජ‍්ඣන‍්තොව මාරසෙනං විධූපයන‍්තො තිට‍්ඨතීති.

මේ එහි සංක්‍ෂේප අර්ථයයි - ‘කෙලෙස් තවන වීර්යය ඇති, ධ්‍යාන වඩන, දුරුකළ කෙලෙස් ඇති බ්‍රාහ්මනි නම් වූ රහතන් වහන්සේට යම්කලෙක බෝධිපාක්‍ෂික ධර්මයන් හේතුකොට ගෙන යම් ආර්ය මාර්ගයකින් චතුරාර්ය ධර්මයෝ පහළ වෙත්ද, එම ආර්යමාර්ගයෙන් විධූපයං තිට්ඨති මාරසෙනං යනු ‘කාමා තෙ පඨමා සෙනා’ ආදී ක්‍රමයට කියන ලද මාරසේනාව විනාශ කරමින් සිටී. කෙසේද යත්? සුරියොව ඔභාසයමන්තළික්ඛං යම්සේ සූර්යයා උඩට නැග තමන්ගේ ආලෝකයෙන් අහස බබලවමින් අන්ධකාරය විනාශ කරමින් සිටින්නේ යම්සේද, එසේම ඒ ඛීණාශ්‍රව වූ රහතන්වහන්සේ එම බෝධිපාක්‍ෂික ධර්මයන් හා සිවු මගින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරමින් ක්ලේශ මාරසේනාව විනාශ කරමින් සිටිතියි

එවං භගවතා පඨමං පච‍්චයාකාරපජානනස‍්ස, දුතියං පච‍්චයක‍්ඛයාධිගමස‍්ස, තතියං අරියමග‍්ගස‍්ස ආනුභාවප‍්පකාසනානි ඉමානි තීණි උදානානි තීසු යාමෙසු භාසිතානි. කතරාය රත‍්තියා? අභිසම‍්බොධිතො සත‍්තමාය රත‍්තියා. භගවා හි විසාඛපුණ‍්ණමාය රත‍්තියා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමෙ පටිච‍්චසමුප‍්පාදෙ ඤාණං ඔතාරෙත්‍වා නානානයෙහි තෙභූමකසඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා “ඉදානි අරුණො උග‍්ගමිස‍්සතී”ති සම‍්මාසම‍්බොධිං පාපුණි, සබ‍්බඤ‍්ඤුතප‍්පත‍්තිසමනන‍්තරමෙව ච අරුණො උග‍්ගච‍්ඡීති. තතො තෙනෙව පල‍්ලඞ‍්කෙන බොධිරුක‍්ඛමූලෙ සත‍්තාහං වීතිනාමෙන‍්තො සම‍්පත‍්තාය පාටිපදරත‍්තියා තීසු යාමෙසු වුත‍්තනයෙන පටිච‍්චසමුප‍්පාදං මනසි කරිත්‍වා යථාක‍්කමං ඉමානි උදානානි උදානෙසි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවර පච්චයාකාර ධර්මයන් (පටිච්ච සමුප්පාදය) දැනීමෙන් ද, දෙවෙනිවර ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙන්ද, තුන්වෙනි වර අර්හත් මාර්ගඥානය අවබෝධ කරගැනීමේ ආනුභාවයෙන් මෙම උදාන තුන තුන් යාමයෙහි ප්‍රකාශ කරන ලද්දේය. කවර රාත්‍රියකද? සම්මා සම්බුදුබව ලැබීමෙන් පසු සත්වෙනි රාත්‍රියෙහිය. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුණු පොහෝදින රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි පූර්වේනිවාසඥානය සිහිකොට මධ්‍යම යාමයෙහි දිබ්බචක්ඛු ඥානය පිරිසිදු කරගෙන, පශ්චිම යාමයෙහි ප්‍රතීත්‍යසමුත්පාද ධර්මයෙහි ඥානය යොදවා නානා නය සහිත ත්‍රෛභූමික සංස්කාර ධර්මයන් විමසා බලා දැන් අරුණ නගින්නේ යයි සම්මා සම්බෝධියට පැමිණියේය. සර්වඥතා ඥානය අවබෝධ කරද්දීම අරුණ නැංගේය. ඉක්බිති එම පර්යංකයෙන්ම බෝධිවෘක්‍ෂ මූලයෙහි සත්දිනක් ගතකොට සත්වැනි රාත්‍රියෙහි ත්‍රිවිධ යාමයන්හි කියූ ක්‍රමයට පටිච්චසමුප්පාදය සිහිපත්කොට ඉක්බිති මේ උදාන ප්‍රකාශ කළ සේක.

ඛන්‍ධකෙ පන තීසුපි වාරෙසු “පටිච‍්චසමුප‍්පාදං අනුලොමපටිලොමං මනසාකාසී”ති (මහාව· 1) ආගතත‍්තා ඛන්‍ධකට‍්ඨකථායං “තීසුපි යාමෙසු එවං මනසි කත්‍වා පඨමං උදානං පච‍්චයාකාරපච‍්චවෙක‍්ඛණවසෙන, දුතියං නිබ‍්බානපච‍්චවෙක‍්ඛණවසෙන, තතියං මග‍්ගපච‍්චවෙක‍්ඛණවසෙනාති එවං ඉමානි භගවා උදානානි උදානෙසී”ති වුත‍්තං, තම‍්පි න විරුජ‍්ඣති. භගවා හි ඨපෙත්‍වා රතනඝරසත‍්තාහං සෙසෙසු ඡසු සත‍්තාහෙසු අන‍්තරන‍්තරා ධම‍්මං පච‍්චවෙක‍්ඛිත්‍වා යෙභුය්‍යෙන විමුත‍්තිසුඛපටිසංවෙදී විහාසි, රතනඝරසත‍්තාහෙ පන අභිධම‍්මපරිචයවසෙනෙව විහාසීති.

ඛන්‍ධකයෙහි වනාහි තුන් වාරයකදී පටිච්චසමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් සිහිපත් කෙළේයයි සඳහන් වන බැවින් ඛන්‍ධකට්ඨකථායං තුන් යාමයෙහි මෙසේ සිහිපත් කොට ප්‍රත්‍යාකාර ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන් ප්‍රථම වශයෙන් උදානයද, නිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂණ දෙවන උදානයද, මාර්ග ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන් තුන්වන උදානයදැයි මෙසේ මේ උදාන ප්‍රකාශ කෙළේ යයි කියන ලදි. එයද විරුද්ධ නොවේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි රත්නඝරයෙහි විසූ සතිය හැර අනෙක් සති හයෙහි අතරින් අතර ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කොට බෙහෙවින් ම විමුක්ති සුවය විඳිමින් වැඩ විසූහ. රත්නඝරයෙහි විසූ සතියෙහි වනාහි අභිධර්මය නැවත නැවත සිහිපත් කරමින් විසූහ.

තතියබොධිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තුන්වන බෝධිඝර සූත්‍ර වර්ණනාව යි.

4. නිග්‍රොධසුත‍්තවණ‍්ණනා

4. න්‍යග්‍රොධ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අජපාලනිග්‍රොධෙති තස‍්ස කිර ඡායායං අජපාලා ගන‍්ත්‍වා නිසීදන‍්ති, තෙනස‍්ස “අජපාලනිග්‍රොධො”ත්‍වෙව නාමං උදපාදි. කෙචි පන “යස‍්මා තත්‍ථ වෙදෙ සජ‍්ඣායිතුං අසමත්‍ථා මහල‍්ලකබ්‍රාහ‍්මණා පාකාරපරික‍්ඛෙපයුත‍්තානි නිවෙසනානි කත්‍වා සබ‍්බෙ වසිංසු, තස‍්මා අජපාලනිග්‍රොධොති නාමං ජාත”න‍්ති වදන‍්ති. තත්‍රායං වචනත්‍ථො – න ජපන‍්තීති අජපා, මන‍්තානං අනජ‍්ඣායකාති අත්‍ථො, අජපා ලන‍්ති ආදියන‍්ති නිවාසං එත්‍ථාති අජපාලොති. යස‍්මා වා මජ‍්ඣන‍්හිකෙ සමයෙ අන‍්තො පවිට‍්ඨෙ අජෙ අත‍්තනො ඡායාය පාලෙති රක‍්ඛති, තස‍්මා ‘අජපාලො’තිස‍්ස නාමං රූළ‍්හන‍්ති අපරෙ. සබ‍්බථාපි නාමමෙතං තස‍්ස රුක‍්ඛස‍්ස, තස‍්ස සමීපෙ. සමීපත්‍ථෙ හි එතං භුම‍්මං “අජපාලනිග්‍රොධෙ”ති.

සිවුවැනි උදානයෙහි අජපාල නිග්‍රොධෙ යනු, එළුවන් රකින්නෝ එහි ගොස් නුගරුක් සෙවනෙහි හිඳිති. එහෙයින් අජපාල නිග්‍රොධයි නාමය ඇතිවිය. ඇතැමෙක් වේදය සජ්ඣායනා කරන්නට අසමර්ථ වූ මහලු බමුණෝ එහි ප්‍රාකාර පරික්‍ෂේප වලින් යුක්ත වූ නිවෙස් සාදාගෙන සියල්ලෝම එහි විසූ බැවින් ‘අජපාල නිග්‍රොධ’ යන නාමය වීය යි කියති. එහි මේ වචනාර්ථයි. න ජපන්තී ති (ජප නොකරත් නුයි) අජපා නම් වේ. මන්ත්‍ර සජ්ඣායනා නොකරන්නෝය යි අර්ථයි. ‘අජපා’ අය ඇලෙන රුචි කරන නිවාස මෙහි ඇති නිසා අජපාල යි සමහරු කියති. යම්ලෙසකින් මධ්‍යාහ්න සමයෙහි ඒ රුක වෙත පැමිණි එළුවන් තමන්ගේ සෙවනැල්ලෙන් පාලනය කරයිද, රකියි ද, එබැවින් අජපාල නම් නාමය ආරෝපණය විය යි වෙනත් කෙනෙක් කියති. සියලු තන්හි මේ නම මෙසේ ව්‍යවහාර වේ. ඒ වෘක්‍ෂය සමීපයෙහි අජපාල නිග්‍රොධෙ යනු සමීපාර්ථයෙහි සප්තමී වචනයකි.

විමුත‍්තිසුඛපටිසංවෙදීති තත්‍රපි ධම‍්මං විචිනන‍්තො විමුත‍්තිසුඛඤ‍්ච පටිසංවෙදෙන‍්තො නිසීදි. බොධිරුක‍්ඛතො පුරත්‍ථිමදිසාභාගෙ එස රුක‍්ඛො හොති. සත‍්තාහන‍්ති ච ඉදං න පල‍්ලඞ‍්කසත‍්තාහතො අනන‍්තරසත‍්තාහං. භගවා හි පල‍්ලඞ‍්කසත‍්තාහතො අපරානිපි තීණි සත‍්තාහානි බොධිසමීපෙයෙව වීතිනාමෙසි.

විමුත්ත සුඛපටිසංවෙදී එම වෘක්‍ෂ මූලයෙහිම ධර්මය සිහිකරමින් විමුක්තිසුවය විඳිමින් වැඩහුන්හ. බෝධිවෘක්‍ෂයට නැගෙනහිර දිසාවෙහි මේ වෘක්‍ෂය පිහිටියේය. මෙය පර්යංක සතියට අතර සතියක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පර්යංක සතියට පසු තවත් සති තුනක් බෝධි වෘක්‍ෂය සමීපයෙහිම වාසය කළහ.

තත්‍රායං අනුපුබ‍්බිකථා – භගවති කිර සම‍්මාසම‍්බොධිං පත්‍වා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නෙ “න භගවා වුට‍්ඨාති, කින‍්නු ඛො අඤ‍්ඤෙපි බුද‍්ධත‍්තකරා ධම‍්මා අත්‍ථී”ති එකච‍්චානං දෙවතානං කඞ‍්ඛා උදපාදි. අථ භගවා අට‍්ඨමෙ දිවසෙ සමාපත‍්තිතො වුට‍්ඨාය දෙවතානං කඞ‍්ඛං ඤත්‍වා කඞ‍්ඛාවිධමනත්‍ථං ආකාසෙ උප‍්පතිත්‍වා යමකපාටිහාරියං දස‍්සෙත්‍වා තාසං කඞ‍්ඛං විධමෙත්‍වා පල‍්ලඞ‍්කතො ඊසකං පාචීනනිස‍්සිතෙ උත‍්තරදිසාභාගෙ ඨත්‍වා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච උපචිතානං පාරමීනං බලාධිගමට‍්ඨානං පල‍්ලඞ‍්කං බොධිරුක‍්ඛඤ‍්ච අනිමිසෙහි චක‍්ඛූහි ඔලොකයමානො සත‍්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං. අථ පල‍්ලඞ‍්කස‍්ස ච ඨිතට‍්ඨානස‍්ස ච අන‍්තරා පුරත්‍ථිමතො ච පච‍්ඡිමතො ච ආයතෙ රතනචඞ‍්කමෙ චඞ‍්කමන‍්තො සත‍්තාහං වීතිනාමෙසි, තං රතනචඞ‍්කමචෙතියං නාම ජාතං. තතො පච‍්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු , තත්‍ථ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා අභිධම‍්මපිටකං විසෙසතො අනන‍්තනයං සමන‍්තපට‍්ඨානං විචිනන‍්තො සත‍්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං. එවං බොධිසමීපෙයෙව චත‍්තාරි සත‍්තාහානි වීතිනාමෙත්‍වා පඤ‍්චමෙ සත‍්තාහෙ බොධිරුක‍්ඛතො අජපාලනිග්‍රොධං උපසඞ‍්කමිත්‍වා තස‍්ස මූලෙ පල‍්ලඞ‍්කෙන නිසීදි.

එහි අනුපිළිවෙල කතාව මෙසේය - භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බෝධියට පැමිණ එකම පර්යංකයෙන්ම වැඩහුන් කල්හි ‘කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ නො නැගිටිති. බුද්ධත්වය ලැබීමට අවශ්‍ය තවත් කරුණු ඇත්තේදැ’යි සමහර දෙවිවරුන්ට සැකයක් ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අටවෙනි දවසෙහි සමාපත්තියෙන් නැගිට දෙවියන්ගේ සැකය දැන ඒ සැකය නැතිකිරීම පිණිස අහසට පැන නැගී යමක ප්‍රාතිහාර්යය දක්වා ඔවුන්ගේ සැකය නැතිකොට නැගෙනහිරට හා උතුරු දෙසට අතර වූ ඊසාන පෙදෙසෙහි සිට සතර අසංඛෙය්‍ය ලක්‍ෂයක් කල්පයන්හි රැස්කරන ලද පාරමිතා ධර්මයන්ගේ පුඤ්ඤාධිගමනී බවත්, ඵලසමාපත්වලට පැමිණීමත්, පර්යංකයත්, බෝධිවෘක්‍ෂයත් ඇසිපිය හෙලීම් නැති ඇස්වලින් බලමින් සත්දිනක් ගතකළහ. ඒ ස්ථානය අනිමිස චෛත්‍ය නම් විය. ඉක්බිති පර්යංකය පිහිටි තැනට සමීපව පෙරදිගට හා බටහිරට අතර රත්න සක්මනෙහි සක්මන් කරමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රතනචංකම නම් විය. ඉක්බිති බටහිර පෙදෙසෙහි දෙවිවරු රත්නගෘහය මැවූහ. එහි පර්යංකයෙන් වැඩහිඳ අභිධර්ම පිටකය විශේෂයෙන් අනන්තනය ඇති සියලු පට්ඨාන ධර්මය විමසමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රත්නඝර චෛත්‍යය යි නම් විය. මෙසේ බෝධිවෘක්‍ෂය සමීපයෙහිම සති සතරක් ගතකොට පස්වන සතියෙහි බෝධිවෘක්‍ෂ සමීපයෙන් අජපාල නිග්‍රොධ වෘක්‍ෂය වෙත පැමිණ එම වෘක්‍ෂය මූලයෙහි පර්යංකයෙන් වැඩ සිටියහ.

තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨාසීති තතො ඵලසමාපත‍්තිසමාධිතො යථාකාලපරිච‍්ඡෙදං වුට‍්ඨහි, වුට‍්ඨහිත්‍වා ච පන තත්‍ථ එවං නිසින‍්නෙ භගවති එකො බ්‍රාහ‍්මණො තං ගන‍්ත්‍වා පඤ‍්හං පුච‍්ඡි. තෙන වුත‍්තං “අථ ඛො අඤ‍්ඤතරො”තිආදි. තත්‍ථ අඤ‍්ඤතරොති නාමගොත‍්තවසෙන අනභිඤ‍්ඤාතො අපාකටො එකො. හුංහුඞ‍්කජාතිකොති සො කිර දිට‍්ඨමඞ‍්ගලිකො මානථද‍්ධො මානවසෙන කොධවසෙන ච සබ‍්බං අවොක‍්ඛජාතිකං පස‍්සිත්‍වා ජිගුච‍්ඡන‍්තො “හුංහු”න‍්ති කරොන‍්තො විචරති, තස‍්මා “හුංහුඞ‍්කජාතිකො”ති වුච‍්චති, “හුහුක‍්කජාතිකො”තිපි පාඨො. බ්‍රාහ‍්මණොති ජාතියා බ්‍රාහ‍්මණො.

තම්හා සමාධිම්හා වුට්ඨාසි යනු යම්කිසි කාල පරිච්ඡේදයක් එහි වැඩසිට නැගී සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එහි නැගී සිටි කල්හි බ්‍රාහ්මණයෙක් පැමිණ ප්‍රශ්නයක් විචාළේය. එහෙයින් අථ ඛො අඤ්ඤතරො ආදිය කියන ලදි. එහි අඤ්ඤතරො යනු නාමගෝත්‍ර වශයෙන් නො හඳුනන අප්‍රකට එකෙකි. හුහුංකජාතිකො යනු හෙතෙම වනාහි දුටුදෙයින් ශුභාශුභ ඇතැයි සිතන දැඩි මානයක් ඇත්තෙකි. මාන වශයෙන් හා ක්‍රෝධ වශයෙන් සියල්ල විමසනු ස්වභාව ඇතිව බලමින් පිළිකුල් කරමින් හුං හුං කියමින් හැසිරෙන්නෙකි. එබැවින් ‘හුහුංකජාතිකො’ කියනු ලැබේ. හුහුංකජාතිකො යි පාඨයක් ද ඇත. බ්‍රාහ්මණො යනු උපතින් බමුණෙකි.

යෙන භගවාති යස‍්සං දිසායං භගවා නිසින‍්නො. භුම‍්මත්‍ථෙ හි එතං කරණවචනං . යෙන වා දිසාභාගෙන භගවා උපසඞ‍්කමිතබ‍්බො, තෙන දිසාභාගෙන උපසඞ‍්කමි. අථ වා යෙනාති හෙතුඅත්‍ථෙ කරණවචනං, යෙන කාරණෙන භගවා දෙවමනුස‍්සෙහි උපසඞ‍්කමිතබ‍්බො, තෙන කාරණෙන උපසඞ‍්කමීති අත්‍ථො. කෙන ච කාරණෙන භගවා උපසඞ‍්කමිතබ‍්බො? නානප‍්පකාරරොගදුක‍්ඛාභිපීළිතත‍්තා ආතුරකායෙහි මහාජනෙහි මහානුභාවො භිසක‍්කො විය රොගතිකිච‍්ඡනත්‍ථං, නානාවිධකිලෙසබ්‍යාධිපීළිතත‍්තා ආතුරචිත‍්තෙහි දෙවමනුස‍්සෙහි කිලෙසබ්‍යාධිතිකිච‍්ඡනත්‍ථං ධම‍්මස‍්සවනපඤ‍්හපුච‍්ඡනාදිකාරණෙහි භගවා උපසඞ‍්කමිතබ‍්බො. තෙන අයම‍්පි බ්‍රාහ‍්මණො අත‍්තනො කඞ‍්ඛං ඡින්‍දිතුකාමො උපසඞ‍්කමි.

යෙන භගවා යනු යම් දිසාවක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක්. සප්තමී අර්ථයෙහි කරණ වචනයෙකි. යම් දිසාවකින් භාග්‍යවතුන් වහන්සේ වැඩමවිය යුතු නම් එම දිසාවෙන් වැඩමවූහ. හෙවත් ‘යෙන’ යනු හේත්‍වර්ථයෙහි කරණ වචනයෙකි. යම් කාරණයක් නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත දෙවිමිනිසුන් පැමිණිය යුතුනම් එම කාරණය නිසා පැමිණියේය යන අර්ථයි. කවර කරුණක් නිසාද? නන්වැදෑරුම් වූ රෝදුක් පීඩාවන්ගෙන් පෙළෙන රෝගී වූ මහජනයා මහත් ආනුභාව ඇති වෛද්‍යවරයෙකු වෙත රෝගයන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නාක් මෙන්, නන්වැදෑරුම් කෙලෙස් ලෙඩවලින් පෙළෙන රෝගී වූ දෙවි මිනිස්සු කෙලෙස් ලෙඩවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත්, ධර්මශ්‍රවණය, ප්‍රශ්න ඇසීම ආදී කරුණු සඳහාත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිය යුතුය. මේ බ්‍රාහ්මණයා ද තමන්ගේ සැක දුරුකරගැනීම සඳහා පැමිණියේය.

උපසඞ‍්කමිත්‍වාති උපසඞ‍්කමනපරියොසානදීපනං. අථ වා යං ඨානං උපසඞ‍්කමි, තතොපි භගවතො සමීපභූතං ආසන‍්නතරං ඨානං උපගන‍්ත්‍වාති අත්‍ථො. සම‍්මොදීති සමං සම‍්මා වා මොදි, භගවා චානෙන, සොපි භගවතා “කච‍්චි භොතො ඛමනීයං කච‍්චි යාපනීය”න‍්තිආදිනා පටිසන්‍ථාරකරණවසෙන සමප‍්පවත‍්තමොදො අහොසි. සම‍්මොදනීයන‍්ති සම‍්මොදනාරහං සම‍්මොදජනනයොග‍්ගං. කථන‍්ති කථාසල‍්ලාපං. සාරණීයන‍්ති සරිතබ‍්බයුත‍්තං සාධුජනෙහි පවත‍්තෙතබ‍්බං, කාලන‍්තරෙ වා චින‍්තෙතබ‍්බං. වීතිසාරෙත්‍වාති නිට‍්ඨාපෙත්‍වා. එකමන‍්තන‍්ති භාවනපුංසකනිද‍්දෙසො. එකස‍්මිං ඨානෙ, අතිසම‍්මුඛාදිකෙ ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා එකස‍්මිං පදෙසෙති අත්‍ථො. එතදවොචාති එතං ඉදානි වත‍්තබ‍්බං “කිත‍්තාවතා නු ඛො”තිආදිවචනං අවොච.

උපසංකමිත්‍වා යනු සමීපයට පැමිණියේය යන අර්ථයි. සම්මොදි මනාව සතුටු විය. භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් සතුටු විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කච්චි භොතො ඛමනීයං, කච්චි යාපනීයං’ ආදී වශයෙන් පිළිසඳරින් සතුට ඇතිවිය. සම්මොදනීයං සතුටු වීමට සුදුසු වූ. කථං කතා සල්ලාපය. සාරණීයං සිහිකටයුතු සත්පුරුෂයන් විසින් පැවැත්විය යුතු. වීතිසාරෙත්‍වා අවසන් කොට. එකමන්තං භාව නපුංසක නිර්දේසයකි. එක් ස්ථානයෙකි. බෙහෙවින්ම සමීප වූ කල්හි නිසද්‍ය දෝෂ භය දුරුකොට එක් පෙදෙසක යන අර්ථයි. එතදවොච එය දැන් කීවේය.

තත්‍ථ කිත‍්තාවතාති කිත‍්තකෙන පමාණෙන. නූති සංසයත්‍ථෙ නිපාතො. ඛොති පදපූරණෙ. භොති බ්‍රාහ‍්මණානං ජාතිසමුදාගතං ආලපනං. තථා හි වුත‍්තං – “භොවාදි නාම සො හොති, සචෙ හොති සකිඤ‍්චනො”ති (ම· නි· 2.457; ධ· ප· 396). ගොතමාති භගවන‍්තං ගොත‍්තෙන ආලපති. කථං පනායං බ්‍රාහ‍්මණො සම‍්පතිසමාගතො භගවතො ගොත‍්තං ජානාතීති? නායං සම‍්පතිසමාගතො, ඡබ‍්බස‍්සානි පධානකරණකාලෙ උපට‍්ඨහන‍්තෙහි පඤ‍්චවග‍්ගියෙහි සද‍්ධිං චරමානොපි, අපරභාගෙ තං වතං ඡඩ‍්ඩෙත්‍වා උරුවෙලායං සෙනනිගමෙ එකො අදුතියො හුත්‍වා පිණ‍්ඩාය චරමානොපි තෙන බ්‍රාහ‍්මණෙන දිට‍්ඨපුබ‍්බො චෙව සල‍්ලපිතපුබ‍්බො ච. තෙන සො පුබ‍්බෙ පඤ‍්චවග‍්ගියෙහි ගය‍්හමානං භගවතො ගොත‍්තං අනුස‍්සරන‍්තො, “භො ගොතමා”ති භගවන‍්තං ගොත‍්තෙන ආලපති. යතො පට‍්ඨාය වා භගවා මහාභිනික‍්ඛමනං නික‍්ඛමන‍්තො අනොමනදීතීරෙ පබ‍්බජිතො, තතො පභුති “සමණො ගොතමො”ති චන්‍දො විය සූරියො විය ච පාකටො පඤ‍්ඤාතො, න තස‍්ස ගොත‍්තජානනෙ කාරණං ගවෙසිතබ‍්බං.

[missing trans] ‘භො වාදිනාම සොහොති සචෙ හොති සකිඤ්චනො’ යි එසේ කියන ලදි. ගොතමාති භාග්‍යවතුන් වහන්සේට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. කෙසේ නම් මේ බ්‍රාහ්මණයා මේ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ගෝත්‍රය දැනගත්තේද? එය මේ අවස්ථාවෙහි පමණක් නොවේ. සය මසක් ප්‍රධන් වීර්යය කරන සමයෙහි උපස්ථායක පස්වග මහනුන් සමග හැසිරෙන කල්හිත් ඊට පසු ඒ ව්‍රතය අත්හැර උරුවෙලාවෙහි සේනානි ගම හුදකලාව පිඬු පිණිස හැසිරෙන කල්හිත් මේ බමුණා විසින් භාග්‍යවතුන් වහන්සේ දැක ඇත. කතාබහ ද කර ඇත. එබැවින් එම බමුණා පෙර පස්වග මහණුන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ ගෝත්‍රය සිහි කරමින් ‘ගොතම’ යි ඇමතීම අසා ඇත. එතැන් පටන් ශ්‍රමණ ගෞතමයන්’යි භාග්‍යවතුන් වහන්සේ චන්ද්‍රයා මෙන්, සූර්යයා මෙන් ප්‍රකට වූහ. ප්‍රසිද්ධ වූහ.

බ්‍රාහ‍්මණකරණාති බ්‍රාහ‍්මණං කරොන‍්තීති බ්‍රාහ‍්මණකරණා, බ්‍රාහ‍්මණභාවකරාති අත්‍ථො. එත්‍ථ ච කිත‍්තාවතාති එතෙන යෙහි ධම‍්මෙහි බ්‍රාහ‍්මණො හොති, තෙසං ධම‍්මානං පරිමාණං පුච‍්ඡති. කතමෙ ච පනාති ඉමිනා තෙසං සරූපං පුච‍්ඡති.

බ්‍රාහ්මණකරණා යෙනු බ්‍රාහ්මණභාවය කරත්නුයි බ්‍රාහ්මණකාරණා නම් වේ. කිත්තාවතා යනු යම් ධර්ම සමූහයකින් බ්‍රාහ්මණයෙක් වේද, එම ධර්මයන්ගේ ප්‍රමාණය විමසයි. කතමෙ ච පනාති එහි ස්වරූපය විමසයි.

එතමත්‍ථං විදිත්‍වාති එතං තෙන පුට‍්ඨස‍්ස පඤ‍්හස‍්ස සිඛාපත‍්තං අත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි, න පන තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මං දෙසෙසි. කස‍්මා? ධම‍්මදෙසනාය අභාජනභාවතො. තථා හි තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ඉමං ගාථං සුත්‍වා න සච‍්චාභිසමයො අහොසි. යථා ච ඉමස‍්ස, එවං උපකස‍්ස ආජීවකස‍්ස බුද‍්ධගුණප‍්පකාසනං. ධම‍්මචක‍්කප‍්පවත‍්තනතො හි පුබ‍්බභාගෙ භගවතා භාසිතං පරෙසං සුණන‍්තානම‍්පි තපුස‍්සභල‍්ලිකානං සරණදානං විය වාසනාභාගියමෙව ජාතං, න සෙක‍්ඛභාගියං, න නිබ‍්බෙධභාගියං. එසා හි ධම‍්මතාති.

එතමත්‍ථං විදිත්‍වා ඔහු විසින් ඇසූ ප්‍රශ්නයේ සියල්ල දැන. තායං වේලායං ඉමං උදානං උදානෙසි ඒ බමුණාට ධර්මය දේශනා නොකළහ. කුමක් නිසාද? ධර්මදේශනාවට සවන් නො දෙන බැවිනි. එසේ වුවත් මේ ගාථාව අසා ඒ බමුණාට සත්‍ය අවබෝධ නොවීය. මෙසේ මේ උපක ආජීවකයාට බුද්ධගුණ ප්‍රකාශිත ධම්මචක්ක සූත්‍රය දේශනා කිරීමට පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද කොටස ඇසූ තපස්සුභල්ලිකයන්ට දෙසරණ ලැබීම මෙන් වාසන සම්පතම උපන්නේය. ශෛක්‍ෂභාවය (රහත්මග හැර ඉතිරි මාර්ගවල) හෝ ධර්මය අවබෝධ වීමක් නොවීය. මේ වනාහි ධර්ම ස්වභාවයයි.

තත්‍ථ යො බ්‍රාහ‍්මණොති යො බාහිතපාපධම‍්මතාය බ්‍රාහ‍්මණො, න දිට‍්ඨමඞ‍්ගලිකතාය හුංහුඞ‍්කාරකසාවාදිපාපධම‍්මයුත‍්තො හුත්‍වා කෙවලං ජාතිමත‍්තකෙන බ්‍රහ‍්මඤ‍්ඤං පටිජානාති. සො බ්‍රාහ‍්මණො බාහිතපාපධම‍්මත‍්තා හුංහුඞ‍්කාරප‍්පහානෙන නිහුංහුඞ‍්කො, රාගාදිකසාවාභාවෙන නික‍්කසාවො, භාවනානුයොගයුත‍්තචිත‍්තතාය යතත‍්තො, සීලසංයමෙන වා සංයතචිත‍්තතාය යතත‍්තො, චතුමග‍්ගඤාණසඞ‍්ඛාතෙහි වෙදෙහි අන‍්තං සඞ‍්ඛාරපරියොසානං නිබ‍්බානං, වෙදානං වා අන‍්තං ගතත‍්තා වෙදන‍්තගූ. මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස වුසිතත‍්තා වුසිතබ්‍රහ‍්මචරියො, ධම‍්මෙන සො බ්‍රහ‍්මවාදං වදෙය්‍ය “බ්‍රාහ‍්මණො අහ”න‍්ති එතං වාදං ධම‍්මෙන ඤායෙන වදෙය්‍ය. යස‍්ස සකලලොකසන‍්නිවාසෙපි කුහිඤ‍්චි එකාරම‍්මණෙපි රාගුස‍්සදො, දොසුස‍්සදො, මොහුස‍්සදො, මානුස‍්සදො, දිට‍්ඨුස‍්සදොති ඉමෙ උස‍්සදා නත්‍ථි, අනවසෙසං පහීනාති අත්‍ථො.

එහි යො බ්‍රාහ්මණො යනු යමෙක් බැහැර කරණ ලද පාපධර්ම ඇති බැවින් බ්‍රාහ්මණ වන්නේය. දකින ලද දෙය මංගල වශයෙන් නො සලකන හුහුංකාර ආදී පාපධර්මයන්ගෙන් යුක්ත වූයේ හුදෙක් උපතින්ම පමණක් බ්‍රහ්ම බව පිළිගනීද ඒ බ්‍රාහ්මණයා බැහැර කරන ලද පාපධර්ම ඇති බැවින් හුහුංකාරය ප්‍රහාණය කළ බැවින් නිහුහුංකා නම් වේ. රාගාදී කසට ප්‍රහීණ කළ බැවින් නික්කසාවො නම් වේ. භාවනාවට නැමුනු සිත් ඇති බැවින් යතත්තො නම් වේ. සතර මාර්ගඥාන නම් වෙදයන්ට ඇතුළත් වූ සංස්කාර ධර්මයන්ගේ අවසානය වූ නිර්මාණය වේදයන්ගේ අන්තය වූ බැවින් වෙදන්තගු නම් වේ. මාර්ග බ්‍රහ්ම චර්යාවෙහි විසූ බැවින් වූසිතබ්‍රහ්මචරියො ධම්මෙන බ්‍රහ්මවාදං වදෙය්‍ය මම බ්‍රාහ්මණයෙකැයි යන ප්‍රකාශය කරන්නේය. සකල සත්ත්වලෝකයෙහි කිසියම් තැනෙක එකම අරමුණක වත් රාග දෝස මෝහ සිතිවිල්ලක් හෝ මනුෂ්‍යයන් පිළිබඳව හා දෘෂ්ටිය පිළිබඳ කිලෙස් අරමුණු නැති බැවින් උස්සදානත්‍ථි නම් වේ. ඉතිරි නොකොට සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කෙළේය යන අර්ථයි.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සතරවන සූත්‍ර වර්ණනාව යි.

5. බ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

5. ස්ථවිර සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සාවත්‍ථියන‍්ති එවංනාමකෙ නගරෙ. තඤ‍්හි සවත්‍ථස‍්ස නාම ඉසිනො නිවාසට‍්ඨානෙ මාපිතත‍්තා සාවත්‍ථීති වුච‍්චති, යථා කාකන්‍දී, මාකන්‍දීති. එවං තාව අක‍්ඛරචින‍්තකා. අට‍්ඨකථාචරියා පන භණන‍්ති – යංකිඤ‍්චි මනුස‍්සානං උපභොගපරිභොගං සබ‍්බමෙත්‍ථ අත්‍ථීති සාවත්‍ථි. සත්‍ථසමායොගෙ ච කිමෙත්‍ථ භණ‍්ඩමත්‍ථීති පුච‍්ඡිතෙ සබ‍්බමත්‍ථීතිපි වචනං උපාදාය සාවත්‍ථීති.

පස්වෙනි සූත්‍රයෙහි සාවත්‍ථියං යනු එනම් නගරයෙහි ඒ නගරය වනාහි සවත්‍ථ නම් සෘෂිවරයකුගේ වාසය කළ තැන මවන ලද බැවින් සාවත්‍ථි යි කියනු ලැබේ. යම් සේ ‘කාකන්දි මාකන්දි’ යි මෙසේ හුදෙක් පවසන්නේ අක්‍ෂර සමූහයක් පමණකි. අර්ථකථා ආචාර්යවරු මනුෂ්‍යයන්ට අවශ්‍ය උපභෝග පරිභෝග සියලු දෙය මෙය මෙහි ඇති නිසා ‘සාවත්‍ථි’ කියති. වෙළෙන්දන් කිමෙක්ද? මෙහි බඩු ඇත්තේ දැයි ඇසූ කල්හි සියලු දේ ඇත යන ප්‍රකාශය නිසා සාවත්‍ථි නම් විය.

“සබ‍්බදා සබ‍්බූපකරණං, සාවත්‍ථියං සමොහිතං; තස‍්මා සබ‍්බමුපාදාය, සාවත්‍ථීති පවුච‍්චතී”ති. (ම· නි· අට‍්ඨ· 1.14);

සියලු කල්හි සියලු උපකරණ සැවැත්නුවර රැස්කොට ඇත. එබැවින් සියලු දෙය නිමිති කරගෙන ‘සාවත්‍ථි’ යි කියනු ලැබේ.

තස‍්සං සාවත්‍ථියං, සමීපත්‍ථෙ චෙතං භුම‍්මවචනං. ජෙතවනෙති අත‍්තනො පච‍්චත්‍ථිකෙ ජිනාතීති ජෙතො, රඤ‍්ඤා වා පච‍්චත්‍ථිකජනෙ ජිතෙ ජාතොති ජෙතො, මඞ‍්ගලකම්‍යතාය වා තස‍්ස එවං නාමමෙව කතන‍්ති ජෙතො. වනයතීති වනං, අත‍්තනො සම‍්පත‍්තියා සත‍්තානං අත‍්තනි භත‍්තිං කරොති උප‍්පාදෙතීති අත්‍ථො. වනුකෙ ඉති වා වනං, නානාවිධකුසුමගන්‍ධසම‍්මොදමත‍්තකොකිලාදිවිහඞ‍්ගවිරුතාලාපෙහි මන්‍දමාරුතචලිතරුක‍්ඛසාඛාපල‍්ලවහත්‍ථෙහි ච “එථ මං පරිභුඤ‍්ජථා”ති පාණිනො යාචති වියාති අත්‍ථො. ජෙතස‍්ස වනං ජෙතවනං. තඤ‍්හි ජෙතෙන කුමාරෙන රොපිතං සංවද‍්ධිතං පරිපාලිතං. සොව තස‍්ස සාමී අහොසි, තස‍්මා ජෙතවනන‍්ති වුච‍්චති, තස‍්මිං ජෙතවනෙ.

ඒ සැවැත්නුවර සමීපාර්ථයෙහි සත්තමී වචනයි. ජෙතවනෙ යනු තමන්ගේ සතුරන් දිනා යි ජෙත නම් වේ. රජු විසින් සතුරු ජනයා දිනූ කල්හි ආරම්භ වූ බැවින් ජෙතො නම් වේ. මංගල සම්මත වූ වචනයෙන් මේ නම තබන ලද බැවින් ජෙතතා නම් වේ. උපදීනුයි වන නම් වේ. තමන්ගේ සම්පත්තියෙන් සත්ත්වයන්ගේ ආදරය තමන් කෙරෙහි උපදවයි යන අර්ථයි. කැමැති වේනුයි වන නම් වේ. විවිධ මල් සුවඳින් සතුටට පත් කෝකිල ආදී පක්‍ෂීන්ගේ නාදයෙන් ද, මඳ සුළඟන් සෙලවෙන ගස් හා වැල් අතුර නමැති අත්වලින් ‘එන්න මා පරිභෝග කරන්න’ යි ප්‍රාණීන්ගෙන් ඉල්ලයි යන අර්ථ ඇත. ජේත කුමාරයාගේ වනය ජේතවනය විය. එය වනාහි ජේත රජකුමරු විසින් ආරම්භ කොට සංවර්ධනය කොට පාලනය කරන ලද්දේය. ඒ රජ කුමරුම එහි අයිතිකාරයා විය. එබැවින් ජෙතවන යි කියනු ලැබේ.

අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙති මාතාපිතූහි ගහිතනාමවසෙන සුදත‍්තො නාම සො මහාසෙට‍්ඨි, සබ‍්බකාමසමිද‍්ධිතාය පන විගතමලමච‍්ඡෙරතාය කරුණාදිගුණසමඞ‍්ගිතාය ච නිච‍්චකාලං අනාථානං පිණ‍්ඩං දෙති, තස‍්මා අනාථපිණ‍්ඩිකොති වුච‍්චති. ආරමන‍්ති එත්‍ථ පාණිනො විසෙසෙන පබ‍්බජිතාති ආරාමො, පුප‍්ඵඵලාදිසොභාය නාතිදූරනාච‍්චාසන‍්නතාදිපඤ‍්චවිධසෙනාසනඞ‍්ගසම‍්පත‍්තියා ච තතො තතො ආගම‍්ම රමන‍්ති අභිරමන‍්ති අනුක‍්කණ‍්ඨිතා හුත්‍වා වසන‍්තීති අත්‍ථො. වුත‍්තප‍්පකාරාය වා සම‍්පත‍්තියා තත්‍ථ තත්‍ථ ගතෙපි අත‍්තනො අබ‍්භන‍්තරංයෙව ආනෙත්‍වා රමෙතීති ආරාමො. සො හි අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා ජෙතස‍්ස රාජකුමාරස‍්ස හත්‍ථතො අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි කොටිසන්‍ථාරෙන කිණිත්‍වා අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි සෙනාසනානි කාරාපෙත්‍වා අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි විහාරමහං නිට‍්ඨාපෙත්‍වා එවං චතුපඤ‍්ඤාසහිරඤ‍්ඤකොටිපරිච‍්චාගෙන බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස නිය්‍යාතිතො, තස‍්මා “අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො”ති වුච‍්චති. තස‍්මිං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

එම ජේතවනයෙහි අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යනු මවුපියන් විසින් තබන ලද නම සුදත්ත නම් විය. ඒ මහා සිටු සියලු සම්පත්වලින් සමෘද්ධිමත්ව පහවූ මසුරු මල ඇත්තේ කරුණාදී ගුණයන්ගෙන් යුක්තව නිරන්තරයෙන් අසරණ අයට ආහාර දෙයි. එබැවින් අනාථපිණ්ඩික යි කියනු ලැබේ. සත්ත්වයන්ගේ, විශේෂයෙන් පැවිද්දන්ගේ සිත් සතුටු කෙරේනුයි ආරාම නම් වේ. මල්පල ආදී සෝභාවෙන් ද, බෙහෙවින් දුරක් නොවූ, ළඟත් නොවූ පස්වැදෑරුම් සේනාසන අංගයන්ගෙන් යුක්ත වූ එහි ඒ ඒ තැන්වලින් පැමිණ සතුටු වෙත්. බෙහෙවින් සතුටු වෙති. නො කලකිරී වාසය කරති යන අර්ථ ඇත්තේය.

එත්‍ථ ච “ජෙතවනෙ”ති වචනං පුරිමසාමිපරිකිත‍්තනං, “අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති පච‍්ඡිමසාමිපරිකිත‍්තනං. උභයම‍්පි ද‍්වින‍්නං පරිච‍්චාගවිසෙසපරිදීපනෙන පුඤ‍්ඤකාමානං ආයතිං දිට‍්ඨානුගතිආපජ‍්ජනත්‍ථං. තත්‍ථ හි ද‍්වාරකොට‍්ඨකපාසාදකරණවසෙන භූමිවික‍්කයලද‍්ධා අට‍්ඨාරස හිරඤ‍්ඤකොටියො අනෙකකොටිඅග‍්ඝනකා රුක‍්ඛා ච ජෙතස‍්ස පරිච‍්චාගො, චතුපඤ‍්ඤාස කොටියො අනාථපිණ‍්ඩිකස‍්ස. ඉති තෙසං පරිච‍්චාගපරිකිත‍්තනෙන “එවං පුඤ‍්ඤකාමා පුඤ‍්ඤානි කරොන‍්තී”ති දස‍්සෙන‍්තො ධම‍්මභණ‍්ඩාගාරිකො අඤ‍්ඤෙපි පුඤ‍්ඤකාමෙ තෙසං දිට‍්ඨානුගතිආපජ‍්ජනෙ නියොජෙතීති.

එම ජේතවනාරාමය අනේපිඬු සිටාණන් විසින් ජේත නම් රාජකුමාරයාගෙන් දසඅට කෝටියක් රන් කහවණු දී මිලදී ගෙන දසඅට කෝටියක් රන් කහවණු වැයකොට සෙනසුන් කරවා, දස අට කෝටියක් රන් කහවණු වැයකොට විහාර පූජා කිරීමේ උත්සවය නිමකොට මෙසේ කහවණු පනස් සතරකෝටියක් වැයකොට බුද්ධප්‍රමුඛ සංඝරත්නයට පූජා කරන ලදි. එබැවින් අනාථපිණ්ඩිකස්ස ආරාමය යි කියනු ලැබේ. එහි ‘ජෙතවනෙ’ යනු පුරාණ අයිතිකාරයා ප්‍රකාශ කිරීම යි. ‘අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ’ යනු පශ්චිම අයිතිකාරයා ප්‍රකාශ කිරීමයි.

තත්‍ථ සියා – යදි තාව භගවා සාවත්‍ථියං විහරති, “ජෙතවනෙ”ති න වත‍්තබ‍්බං. අථ ජෙතවනෙ විහරති, “සාවත්‍ථිය”න‍්ති න වත‍්තබ‍්බං. න හි සක‍්කා උභයත්‍ථ එකං සමයං විහරිතුන‍්ති. න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං, නනු අවොචුම‍්හා “සමීපත්‍ථෙ එතං භුම‍්මවචන”න‍්ති. තස‍්මා යදිදං සාවත්‍ථියා සමීපෙ ජෙතවනං, තත්‍ථ විහරන‍්තො “සාවත්‍ථියං විහරති ජෙතවනෙ”ති වුත‍්තො. ගොචරගාමනිදස‍්සනත්‍ථං හිස‍්ස සාවත්‍ථිවචනං, පබ‍්බජිතානුරූපනිවාසට‍්ඨානදස‍්සනත්‍ථං සෙසවචනන‍්ති.

එහි පළමුකොට සැවැත්නුවර ජේතවනයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරතියි නො කිය යුතුයි. එසේම ජේතවනයෙහි සැවැත්නුවර වාසය කරතියි නොකිය යුතුයි. ස්ථාන දෙකක එකවිට වාසය කළ නො හැකිය. එබැවින් සැවැත්නුවර සමීපයෙහි ජේතවන විහාරයෙහි වාසය කරතියි කිය යුතුයි.

ආයස‍්මා ච සාරිපුත‍්තොතිආදීසු ආයස‍්මාති පියවචනං. චසද‍්දො සමුච‍්චයත්‍ථො. රූපසාරියා නාම බ්‍රාහ‍්මණියා පුත‍්තොති සාරිපුත‍්තො. මහාමොග‍්ගල‍්ලානොති පූජාවචනං. ගුණවිසෙසෙහි මහන‍්තො මොග‍්ගල‍්ලානොති හි මහාමොග‍්ගල‍්ලානො. රෙවතොති ඛදිරවනිකරෙවතො, න කඞ‍්ඛාරෙවතො. එකස‍්මිඤ‍්හි දිවසෙ භගවා රත‍්තසාණිපරික‍්ඛිත‍්තො විය සුවණ‍්ණයූපො, පවාළධජපරිවාරිතො විය සුවණ‍්ණපබ‍්බතො, නවුතිහංසසහස‍්සපරිවාරිතො විය ධතරට‍්ඨො හංසරාජා, සත‍්තරතනසමුජ‍්ජලාය චතුරඞ‍්ගිනියා සෙනාය පරිවාරිතො විය චක‍්කවත‍්ති රාජා, මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතො ගගනමජ‍්ඣෙ චන්‍දං උට‍්ඨාපෙන‍්තො විය චතුන‍්නං පරිසානං මජ‍්ඣෙ ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොති. තස‍්මිං සමයෙ ඉමෙ අග‍්ගසාවකා මහාසාවකා ච භගවතො පාදෙ වන්‍දනත්‍ථාය උපසඞ‍්කමිංසු.

‘ආයස්මා සාරිපුත්තො’ ආදී තන්හි ආයස්මා යනු ප්‍රිය වචනයකි. ‘ච’ ශබ්දය එකතු කිරීම සඳහාය. රූපසාරී නම් බ්‍රාහ්මණියගේ පුත්‍රයා සාරිපුත්තො නම් වේ. මහා මොග්ගල්ලා නො යනු මහන්තො මොග්ගල්ලානො, මහා මොග්ගල්ලාන නම් විය. ගුණ විශේෂ පූජා වචනයකි. රෙවතො ඛදරිවනෙ වාසි රේවතය, කංඛා රේවත නොවේ. භාග්‍යවතුන් වහන්සේ එක් දවසක රක්තවර්ණ තිරයකින් වටකරන ලද්දාක් මෙන්, ස්වර්ණ ප්‍රාසාදයක් පබළු ධජවලින් වටකරන ලද්දාක් මෙන් නවදහසක් හංසයන් විසින් පිරිවරාගත් හංස රාජයකු මෙන් අසූහාර දහසක් සේනාව විසින් පිරිවරාගත් චක්‍රවර්ති රාජයකු මෙන් මහා සංඝයා විසින් පිරිවර කර ලැබුවාහු අහස මැද චන්ද්‍රයා ඔසවා තබන්නාක් මෙන් සිවු පිරිස මැද ධර්මදේශනා කරමින් හුන්නාහු වෙති. එසමයෙහි මේ අග්‍රශ්‍රාවකයන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා වන්දනාව පිණිස එහි පැමිණියහ.

භික‍්ඛූ ආමන‍්තෙසීති අත‍්තානං පරිවාරෙත්‍වා නිසින‍්නභික‍්ඛූ තෙ ආගච‍්ඡන‍්තෙ දස‍්සෙත්‍වා අභාසි. භගවා හි තෙ ආයස‍්මන‍්තෙ සීලසමාධිපඤ‍්ඤාදිගුණසම‍්පන‍්නෙ පරමෙන උපසමෙන සමන‍්නාගතෙ පරමාය ආකප‍්පසම‍්පත‍්තියා යුත‍්තෙ උපසඞ‍්කමන‍්තෙ පස‍්සිත්‍වා පසන‍්නමානසො තෙසං ගුණවිසෙසපරිකිත‍්තනත්‍ථං භික‍්ඛූ ආමන‍්තෙසි “එතෙ, භික‍්ඛවෙ, බ්‍රාහ‍්මණා ආගච‍්ඡන‍්ති, එතෙ, භික‍්ඛවෙ, බ්‍රාහ‍්මණා ආගච‍්ඡන‍්තී”ති. පසාදවසෙන එතං ආමෙඩිතං, පසංසාවසෙනාතිපි වත‍්තුං යුත‍්තං. එවං වුත‍්තෙති එවං භගවතා තෙ ආයස‍්මන‍්තෙ “බ්‍රාහ‍්මණා”ති වුත‍්තෙ. අඤ‍්ඤතරොති නාමගොත‍්තෙන අපාකටො, තස‍්සං පරිසායං නිසින‍්නො එකො භික‍්ඛු. බ්‍රාහ‍්මණජාතිකොති බ්‍රාහ‍්මණකුලෙ ජාතො. සො හි උළාරභොගා බ්‍රාහ‍්මණමහාසාලකුලා පබ‍්බජිතො. තස‍්ස කිර එවං අහොසි “ඉමෙ ලොකියා උභතොසුජාතියා බ්‍රාහ‍්මණසික‍්ඛානිප‍්ඵත‍්තියා ච බ්‍රාහ‍්මණො හොති, න අඤ‍්ඤථාති වදන‍්ති, භගවා ච එතෙ ආයස‍්මන‍්තෙ බ්‍රාහ‍්මණාති වදති, හන්‍දාහං භගවන‍්තං බ්‍රාහ‍්මණලක‍්ඛණං පුච‍්ඡෙය්‍ය”න‍්ති එතදත්‍ථමෙව හි භගවා තදා තෙ ථෙරෙ “බ්‍රාහ‍්මණා”ති අභාසි. බ්‍රහ‍්මං අණතීති බ්‍රාහ‍්මණොති හි ජාතිබ්‍රාහ‍්මණානං නිබ‍්බචනං. අරියා පන බාහිතපාපතාය බ්‍රාහ‍්මණා. වුත‍්තඤ‍්හෙතං – “බාහිතපාපොති බ්‍රාහ‍්මණො, සමචරියා සමණොති වුච‍්චතී”ති (ධ· ප· 388). වක‍්ඛති ච “බාහිත්‍වා පාපකෙ ධම‍්මෙ”ති.

භික්ඛු ආමන්තෙසි යනු තමන් පිරිවරාගෙන සිටි ඒ භික්‍ෂූන්ට එන්නා වූ දෙදෙනා පෙන්වා ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණයන්ගෙන් යුක්ත වූ, ශ්‍රේෂ්ඨ සන්සුන් බවෙන් උතුම්ම ආකල්ප සම්පත්තියෙන් යුක්තව, තමන් වෙත පැමිණෙන ඒ ආයුෂ්මතුන් දෙදෙන දැක ප්‍රසන්න සිත ඇත්තාහු ඔවුන්ගේ විශේෂ ගුණයන් වර්ණනා කිරීම පිණිස භික්‍ෂූන් ඇමතූ සේක. එතෙ භික්ඛවෙ බ්‍රාහ්මණා ආගච්ඡන්ති, එතෙ භික්ඛවෙ බ්‍රාහ්මණා ආගච්ඡන්ති යි ප්‍රසාද වශයෙන් හා ප්‍රශංසා වශයෙන් මේ එක වාක්‍යය දෙවරක් කීම සුදුසුය. එවං මුත්තෙ ති මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ආයුෂ්මතුන් බ්‍රාහ්මණයි කී කල්හි අඤ්ඤතරො නම් ගොත්වලින් අප්‍රකට අයය. එම පිරිසෙහි හුන් එක් භික්‍ෂුවක් බ්‍රාහ්මණ ජාතික නම් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙකි. හෙතෙම මහත් වස්තු ඇත්තෙක් වෙයි. බ්‍රාහ්මණ මහාසාර කුලයෙන් පැවිදි වූ ඔහුට මෙබඳු අදහසක් ඇති විය. ‘මේ බ්‍රාහ්මණයෝ උභයකුල පාරිසුද්ධව උපන්නෝය. බ්‍රාහ්මණ ඉගැන්වීම් ද අවසන් කර ඇත. භාග්‍යවතුන් වහන්සේ ද මේ ආයුෂ්මතුන් දෙදෙන බ්‍රාහ්මණයෝය යි ප්‍රකාශ කරති. මම භාග්‍යවතුන් වහන්සේගෙන් බ්‍රාහ්මණ ලක්‍ෂණ කවරේදැයි අසන්නේ නම් යෙහෙකැයි සිතුවේය. මේ කරුණ නිසාම භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරවරුන් බ්‍රාහ්මණයෝ යයි වදාළහ. බ්‍රහ්මං අණතීති බ්‍රාහ්මණො වේද මන්ත්‍ර සජ්ඣායනා කෙරේ බ්‍රහ්ම නම් වේ. බ්‍රාහ්මණො යනු උපතින් බ්‍රාහ්මණයන්ට කියන නමෙකි. ආර්යයෝ වනාහි පවු දුරු කළ බැවින් බ්‍රාහ්මණ නම් වෙති. එබැවින් ‘බාහිතපාපත්තා බ්‍රාහ්මණො සමචරියාය සමණොති වුච්චති’ යි කියන ලදි.

එතමත්‍ථං විදිත්‍වාති එතං බ්‍රාහ‍්මණසද‍්දස‍්ස පරමත්‍ථතො සිඛාපත‍්තමත්‍ථං ජානිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං පරමත්‍ථබ්‍රාහ‍්මණභාවදීපකං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු බ්‍රාහ්මණ ශබ්දයාගේ පරමාර්ථ වශයෙන් ඇති සකල අර්ථය දැන ඉමං උදානං පරමාර්ථ වශයෙන් බ්‍රහ්මභාවය ප්‍රකට කිරීම සඳහා මේ උදානය ප්‍රකාශ කළහ.

තත්‍ථ බාහිත්‍වාති බහි කත්‍වා, අත‍්තනො සන‍්තානතො නීහරිත්‍වා සමුච‍්ඡෙදප‍්පහානවසෙන පජහිත්‍වාති අත්‍ථො. පාපකෙ ධම‍්මෙති ලාමකෙ ධම‍්මෙ, දුච‍්චරිතවසෙන තිවිධදුච‍්චරිතධම‍්මෙ, චිත‍්තුප‍්පාදවසෙන ද‍්වාදසාකුසලචිත‍්තුප‍්පාදෙ, කම‍්මපථවසෙන දසාකුසලකම‍්මපථෙ, පවත‍්තිභෙදවසෙන අනෙකභෙදභින‍්නෙ සබ‍්බෙපි අකුසලධම‍්මෙති අත්‍ථො. යෙ චරන‍්ති සදා සතාති යෙ සතිවෙපුල‍්ලප‍්පත‍්තතාය සබ‍්බකාලං රූපාදීසු ඡසුපි ආරම‍්මණෙසු සතතවිහාරවසෙන සතා සතිමන‍්තො හුත්‍වා චතූහි ඉරියාපථෙහි චරන‍්ති. සතිග‍්ගහණෙනෙව චෙත්‍ථ සම‍්පජඤ‍්ඤම‍්පි ගහිතන‍්ති වෙදිතබ‍්බං. ඛීණසංයොජනාති චතූහිපි අරියමග‍්ගෙහි දසවිධස‍්ස සංයොජනස‍්ස සමුච‍්ඡින‍්නත‍්තා පරික‍්ඛීණසංයොජනා.

එහි බාහිත්‍වා යනු තමන්ගේ සන්තානයෙන් බැහැරකොට, සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් දුරුකොට යන අර්ථයි. පාපකෙ ධම්මෙ යනු ලාමක පහත් ධර්ම, දුශ්චරිත වශයෙන් ත්‍රිවිධ දුශ්චරිත, අකුශල සිත් වශයෙන් දොළොසකි. අකුශල කර්මපථ වශයෙන් සියලුම අකුශල ධර්ම යෙ චරන්ති සදා සතා යනු යම් කෙනෙක් සිහිය මහත් බවට පැමිණි බැවින් සියලු කල්හි රූපාදි අරමුණු සයෙහි සිහියෙන් යුක්තව වසන බැවින් සතිමන්තව සිවු ඉරියව්වල හැසිරෙත්ද, එබැවින් යෙ චරන්ති සදා සතො නම් වේ. මෙහි සති ශබ්දය ගැනීමෙන් විමසීම් සහිත නුවණ ගන්නා ලදැයි දැනගත යුතුයි. ඛීන සංයෝජනා යනු සතර ආර්යමාර්ග නුවණින් දශවිධ සංයෝජනයන් සම්පූර්ණයෙන් ප්‍රහීණ කළාහුය යන අර්ථය.

බුද‍්ධාති චතුසච‍්චසම‍්බොධෙන බුද‍්ධා. තෙ ච පන සාවකබුද‍්ධා, පච‍්චෙකබුද‍්ධා , සම‍්මාසම‍්බුද‍්ධාති තිවිධා, තෙසු ඉධ සාවකබුද‍්ධා අධිප‍්පෙතා. තෙ වෙ ලොකස‍්මි බ්‍රාහ‍්මණාති තෙ සෙට‍්ඨත්‍ථෙන බ්‍රාහ‍්මණසඞ‍්ඛාතෙ ධම‍්මෙ අරියාය ජාතියා ජාතා, බ්‍රාහ‍්මණභූතස‍්ස වා භගවතො ඔරසපුත‍්තාති ඉමස‍්මිං සත‍්තලොකෙ පරමත්‍ථතො බ්‍රාහ‍්මණා නාම, න ජාතිගොත‍්තමත‍්තෙහි, න ජටාධාරණාදිමත‍්තෙන වාති අත්‍ථො. එවං ඉමෙසු ද‍්වීසු සුත‍්තෙසු බ්‍රාහ‍්මණකරා ධම‍්මා අරහත‍්තං පාපෙත්‍වා කථිතා, නානජ‍්ඣාසයතාය පන සත‍්තානං දෙසනාවිලාසෙන අභිලාපනානත‍්තෙන දෙසනානානත‍්තං වෙදිතබ‍්බං.

බුද්ධා යනු චතුරාර්යසත්‍ය ධර්මයන් අවබෝධ කළ බුදුවරුය. ඔවුහු වනාහි සාවක බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ යි ත්‍රිවිධ වෙති. ඔවුන් අතර මෙහි ශ්‍රාවක බුද්ධ අදහස් කෙරේ. තෙච ලොකස්මිං බ්‍රාහ්මණා යනු ඔවුහු ශ්‍රේෂ්ඨ අර්ථයෙන් බ්‍රාහ්මණ සංඛ්‍යාත ධර්මයෙන් ආර්ය ජාතියෙහි උපන්නෝ, බ්‍රාහ්මණ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෝය. සත්ත්වලෝකයෙහි පර්මාර්ථ වශයෙන් බ්‍රාහ්මණ නම් වෙති. ජාතිගෝත්‍ර වශයෙන් හෝ ජටා දැරීම නිසා හෝ බ්‍රාහ්මණ නොවෙති. මෙම සූත්‍ර දෙකෙහි අර්හත් ඵලයට පැමිණි පසු ව බ්‍රාහ්මණ ධර්ම කියන ලදි.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වැනි සූත්‍ර වර්ණනාව යි.

6. කස‍්සපසුත‍්තවණ‍්ණනා

6. කාශ්‍යප සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ රාජගහෙති එවංනාමකෙ නගරෙ. තඤ‍්හි මහාමන්‍ධාතුමහාගොවින්‍දාදීහි පරිග‍්ගහිතත‍්තා “රාජගහ”න‍්ති වුච‍්චති. “දුරභිභවනීයත‍්තා පටිරාජූනං ගහභූතන‍්ති රාජගහ”න‍්තිආදිනා අඤ‍්ඤෙනෙත්‍ථ පකාරෙන වණ‍්ණයන‍්ති. කින‍්තෙහි? නාමමෙතං තස‍්ස නගරස‍්ස. තං පනෙතං බුද‍්ධකාලෙ චක‍්කවත‍්තිකාලෙ ච නගරං හොති, සෙසකාලෙ සුඤ‍්ඤං යක‍්ඛපරිග‍්ගහිතං තෙසං වසනට‍්ඨානං හුත්‍වා තිට‍්ඨති. වෙළුවනෙ කලන්‍දකනිවාපෙති වෙළුවනන‍්ති තස‍්ස විහාරස‍්ස නාමං. තං කිර අට‍්ඨාරසහත්‍ථුබ‍්බෙධෙන පාකාරෙන පරික‍්ඛිත‍්තං බුද‍්ධස‍්ස භගවතො වසනානුච‍්ඡවිකාය මහතියා ගන්‍ධකුටියා අඤ‍්ඤෙහි ච පාසාදකුටිලෙණමණ‍්ඩපචඞ‍්කමද‍්වාරකොට‍්ඨකාදීහි පටිමණ‍්ඩිතං බහි වෙළූහි පරික‍්ඛිත‍්තං අහොසි නීලොභාසං මනොරමං, තෙන “වෙළුවන”න‍්ති වුච‍්චති. කලන්‍දකානඤ‍්චෙත්‍ථ නිවාපං අදංසු, තස‍්මා “කලන්‍දකනිවාපො”ති වුච‍්චති.

සයවැනි සූත්‍රයෙහි රාජගහෙ යනු මෙනම් නගරයෙහි මහාබන්‍ධාතු, මහා ගෝවින්ද ආදී රජවරුන් විසින් අයිති කරගත් බැවින් රාජගහ යි කියනු ලැබේ. සතුරු රජවරුන්ට යටත්කර ගැනීමට අපහසු බැවින් හා තවත් ආකාරයෙන් ද වර්ණනා කරති. මේ නගරය බුද්ධ කාලයෙහි හා චක්‍රවර්ති කාලයෙහි නගරයක් වෙයි. අනෙක් කාලයන්හි යක්‍ෂයන් විසින් අයිති කරගන්නා බැවින් ශූන්‍ය වේ. වෙළුවනෙ කලන්‍දක නිවාපෙ වෙළුවන යනු එම විහාරයේ නාමයයි. එය වනාහි දහඅට රියනක් උස ප්‍රාකාරයකින් වටකරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේට වාසය කිරීමට සුදුසු පරිදි මහත් වූ ගඳකිළියකින් ද තවත් ප්‍රාසාද කුටි ලෙන් මණ්ඩප සක්මන් මළු, දොරකවුළු, නානතොටු ආදියෙන් ද යුක්ත විය. පිටත නිල් පැහැයෙන් බබලන සිත්කළු හුණ පඳුරුවලින් යුක්ත විය. එබැවින් වෙළුවන යි කියනු ලැබේ. ලෙහෙණුන්ට වාසස්ථාන වූ බැවින් කලන්‍දක නිවාප නම් විය.

පුබ‍්බෙ කිර අඤ‍්ඤතරො රාජා තං උය්‍යානං කීළනත්‍ථං පවිට‍්ඨො සුරාමදමත‍්තො දිවාසෙය්‍යං උපගතො සුපි, පරිජනොපිස‍්ස “සුත‍්තො රාජා”ති පුප‍්ඵඵලාදීහි පලොභියමානො ඉතො චිතො ච පක‍්කාමි. අථ සුරාගන්‍ධෙන අඤ‍්ඤතරස‍්මා රුක‍්ඛසුසිරා කණ‍්හසප‍්පො නික‍්ඛමිත්‍වා රඤ‍්ඤො අභිමුඛො ආගච‍්ඡති. තං දිස‍්වා රුක‍්ඛදෙවතා “රඤ‍්ඤො ජීවිතං දස‍්සාමී”ති කලන්‍දකවෙසෙන ගන‍්ත්‍වා කණ‍්ණමූලෙ සද‍්දමකාසි. රාජා පටිබුජ‍්ඣි, කණ‍්හසප‍්පො නිවත‍්තො. සො තං දිස‍්වා “ඉමාය කාළකාය මම ජීවිතං දින‍්න”න‍්ති කාළකානං නිවාපං තත්‍ථ පට‍්ඨපෙසි, අභයඝොසඤ‍්ච ඝොසාපෙසි. තස‍්මා තතො පට‍්ඨාය තං “කලන්‍දකනිවාප”න‍්ති සඞ‍්ඛං ගතං. කලන්‍දකාති හි කාළකානං නාමං, තස‍්මිං වෙළුවනෙ කලන්‍දකනිවාපෙ.

පෙර එක්තරා රජකෙනෙක් උයන්කෙළි සඳහා මෙහි පැමිණියේ සුරාමදයෙන් මත්ව දහවල නිදා ගත්තේය. ඔහුගේ පිරිවර ජනයාද රජු නිදන්නේය යි එහි මල්පලවලට ආසාවෙන් ඔබ මොබ හැසිරෙන්නේය. එකල්හි සුරාගඳ නිසා එක් කළු නයෙක් රුක් සිදුරකින් නික්ම රජු ඉදිරියට එන්නේය. එය දුටු රුක් දෙවියෙක් රජුට ජීවිතය දෙන්නෙමියි ලෙහෙනෙකුගේ වේසයෙන් එහි ගොස් රජුගේ කණ ළඟ ශබ්ද කෙළේය. රජු අවදි විය. කළු නයා නැවතුනේය. රජු එය දැක මේ ලෙහෙනා විසින් මට ජීවිතය දෙන ලදැයි එහි තැන් තැන්වල ලෙහෙනුන්ට වාසස්ථාන ඉදි කෙළේය. මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශ කෙළේය. එතැන් පටන් කලන්දක නිවාප යි ප්‍රසිද්ධ විය. කලන්දක යනු ලෙහෙනුන්ට නමකි.

මහාකස‍්සපොති මහන‍්තෙහි සීලක‍්ඛන්‍ධාදීහි සමන‍්නාගතත‍්තා මහන‍්තො කස‍්සපොති මහාකස‍්සපො, අපිච කුමාරකස‍්සපත්‍ථෙරං උපාදාය අයං මහාථෙරො “මහාකස‍්සපො”ති වුච‍්චති. පිප‍්පලිගුහායන‍්ති තස‍්සා කිර ගුහාය ද‍්වාරසමීපෙ එකො පිප‍්පලිරුක‍්ඛො අහොසි, තෙන සා “පිප‍්පලිගුහා”ති පඤ‍්ඤායිත්‍ථ. තස‍්සං පිප‍්පලිගුහායං. ආබාධිකොති ආබාධො අස‍්ස අත්‍ථීති ආබාධිකො, බ්‍යාධිකොති අත්‍ථො. දුක‍්ඛිතොති කායසන‍්නිස‍්සිතං දුක‍්ඛං සඤ‍්ජාතං අස‍්සාති දුක‍්ඛිතො, දුක‍්ඛප‍්පත‍්තොති අත්‍ථො. බාළ‍්හගිලානොති අධිමත‍්තගෙලඤ‍්ඤො, තං පන ගෙලඤ‍්ඤං සතො සම‍්පජානො හුත්‍වා අධිවාසෙසි. අථස‍්ස භගවා තං පවත‍්තිං ඤත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා බොජ‍්ඣඞ‍්ගපරිත‍්තං අභාසි, තෙනෙව ථෙරස‍්ස සො ආබාධො වූපසමි. වුත‍්තඤ‍්හෙතං බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තෙ –

මහා කස්සපොති මහත් වූ ශීලස්කන්ධයකින් යුක්ත වූ බැවින් මහා කස්සප විය. තවද කුමාර කස්සප තෙරුන් නිසා මේ ස්ථවිර මහාකස්සපයි කියති. පිප්ඵලීගුහායං එම ගුහාවෙහි දොරටුව සමීපයෙහි එක් පිලිල ගසක් විය. එබැවින් එය පිප්ඵලී ගුහාවයි ප්‍රකට විය. එම පිප්ඵලී ගුහාවෙහි ආබාධිකො ආබාධයක් ඔහුට ඇත්තේනුයි අබාධික නම් වේ. දුක්ඛිතොති කායික දුකක් හටගත් නිසා දුක්ඛිත විය. බාළ්හගිලානො ති බොහෝ වූ ගිලන් බව. එම ගිලන් බව සිහිනුවණින් යුක්තව ඉවසයි. මේ පුවත දැන බුදුරජාණන් වහන්සේ එහි ගොස් බොජ්ඣංග පිරිත දේශනා කළහ. එම සූත්‍ර දේශනාවෙන් කාශ්‍යප තෙරුන්ගේ ඒ ආබාධය සන්සිඳුනේය. බොජ්ඣංග සූත්‍රයෙහි එය කියන ලදි.

“තෙන ඛො පන සමයෙන ආයස‍්මා මහාකස‍්සපො පිප‍්පලිගුහායං විහරති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා…පෙ… එතදවොච – ‘කච‍්චි තෙ, කස‍්සප, ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති, නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමො’ති? ‘න මෙ, භන‍්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ‍්හා මෙ භන‍්තෙ, දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමො’ති.

‘එ සමයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ආබාධිතව, කායික දුකෙන් යුක්තව දැඩි ලෙස ගිලන්ව පිප්ඵලී ගුහාවෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වරු විවේක සුවයෙන් නැගිට මහා කාශ්‍යප තෙරුන් වාසය කරන ස්ථානයට පැමිණ පැනවූ අසුනෙහි වැඩ හුන්හ. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළසේක. ‘කිමෙක්ද? කාශ්‍යපය, ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? හෙවත් ඔබගේ ශරීරය පවත්වා ගන්නට හැකිද? කිමෙක් ද? දුක්වේදනා අඩු වේද? වැඩිවීමක් නැද්ද? දුක් වේදනාවන්ගෙන් කෙළවරක් පෙනේද? වැඩිවීමක් නොපෙනේද? ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට ඉවසිය නොහැකියි. දුක් වේදනා වැඩිවනු මිස අඩුවීමක් නො පෙනේය’යි.

“‘සත‍්තිමෙ, කස‍්සප, බොජ‍්ඣඞ‍්ගා මයා සම‍්මදක‍්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත?

‘කාශ්‍යප ය, මේ සප්තබෝධ්‍යංග ධර්ම මා විසින් මැනවින් කියන ලද්දේය. වඩන ලද්දේය. නැවත නැවත පුරුදු කරන ලද්දේය. ඒ ධර්ම චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. ඒ බොධ්‍යංග ධර්ම සත කවරේද?

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො, කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති…පෙ…

‘කාශ්‍යපය, සති සම්බොජ්ඣංගය මා විසින් මැනවින් කියන ලදි. වඩන ලදි. නැවත නැවත පුරුදු කරන ලදි. එය චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී.....

උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො, කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. ඉමෙ ඛො, කස‍්සප, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මයා සම‍්මදක‍්ඛාතා භාවිතා බහූලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී’ති. ‘තග‍්ඝ භගවා බොජ‍්ඣඞ‍්ගා, තග‍්ඝ, සුගත, බොජ‍්ඣඞ‍්ගා’”ති.

කාශ්‍යපය, උපෙක්ඛා සම්බොජ්ඣංගය මා විසින් මැනවින් කියන ලදි. වඩන ලදි. නැවත නැවත පුරුදු කරන ලදි. එය චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. කාශ්‍යපය, මේ සප්ත බෝධ්‍යංග ධර්ම මා විසින් මැනවින් කියන ලදි. වැඩි වශයෙන් පුරුදු කරන ලදි. නැවත නැවතත් පුරුදු කරන ලදි. ඒ ධර්ම විශිෂ්ට ඥානයෙන් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, නිවන් පිණිස පවතී.’ ‘භාග්‍යවතුන් වහන්ස, බෝධ්‍යංග ධර්ම ඒකාන්තයෙන් මැනව. සුගතයන් වහන්ස, බෝධ්‍යංග ධර්ම ඒකාන්තයෙන් මැනවි’ යි. කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සැල කළහ.

“ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා මහාකස‍්සපො භගවතො භාසිතං අභිනන්‍දි. වුට‍්ඨහි චායස‍්මා මහාකස‍්සපො තම‍්හා ආබාධා, තථා පහීනො චායස‍්මතො මහාකස‍්සපස‍්ස සො ආබාධො අහොසී”ති.

එයට සතුටු වූ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට වෙසෙසින් සතුටු වූහ. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එම ආබාධයෙන් සුවපත් වූහ. එම ආබාධය අවසන් විය.

තෙන වුත‍්තං – “අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො අපරෙන සමයෙන තම‍්හා ආබාධා වුට‍්ඨාසී”ති.

එහෙයින් කියන ලදි - ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පසුකලෙක එම ආබාධයෙන් සුවපත් වූහ.

එතදහොසීති පුබ‍්බෙ ගෙලඤ‍්ඤදිවසෙසු සද‍්ධිවිහාරිකෙහි උපනීතං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා විහාරෙ එව අහොසි. අථස‍්ස තම‍්හා ආබාධා වුට‍්ඨිතස‍්ස එතං “යංනූනාහං රාජගහං පිණ‍්ඩාය පවිසෙය්‍ය”න‍්ති පරිවිතක‍්කො අහොසි. පඤ‍්චමත‍්තානි දෙවතාසතානීති සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පරිචාරිකා පඤ‍්චසතා කකුටපාදිනියො අච‍්ඡරායො. උස‍්සුක‍්කං ආපන‍්නානි හොන‍්තීති ථෙරස‍්ස පිණ‍්ඩපාතං දස‍්සාමාති පඤ‍්චපිණ‍්ඩපාතසතානි සජ‍්ජෙත්‍වා සුවණ‍්ණභාජනෙහි ආදාය අන‍්තරාමග‍්ගෙ ඨත්‍වා, “භන‍්තෙ, ඉමං පිණ‍්ඩපාතං ගණ‍්හථ, සඞ‍්ගහං නො කරොථා”ති වදමානා පිණ‍්ඩපාතදානෙ යුත‍්තප‍්පයුත‍්තානි හොන‍්ති. තෙන වුත‍්තං “ආයස‍්මතො මහාකස‍්සපස‍්ස පිණ‍්ඩපාතප‍්පටිලාභායා”ති.

එතදහොසීති පෙර ගිලන් දවස්වල එකට විසූ භික්‍ෂූන් විසින් ළඟට ගෙනවුත් පිළිගැන්වූ පිණ්ඩපාතය වළඳා විහාරයෙහිම විසීය. ඉක්බිති එම ආබාධයෙන් සුවපත්ව නැගී සිටි උන්වහන්සේට ‘මම රජගහනුවර පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ යන කල්පනාව ඇතිවයි. පඤ්චමත්තානි දෙවතා සතානි යනු සක්දෙවිරදුන්ගේ පිරිවර වූ පරෙවියන්ට මෙන් පා ඇති දෙවඟනෝ උස්සුක්කං ආපන්නානි හොන්ති යනු මහාකාශ්‍යප රහතන් වහන්සේට පිණ්ඩපාතය දෙන්නෙමුයි පන්සියයක් පිණ්ඩපාත සකස්කොට රන්බඳුන්වලින් ගෙනවුත් අතරමග සිට ස්වාමීනි, මේ පිණ්ඩපාත පිළිගන්න. අපට සංග්‍රහ කරන්නැයි කියමින් පිණ්ඩපාත දීමෙහි යෙදී පැහැදී සිටියෝය. එහෙයින් කියන ලදි. ආයස්මතො මහා කස්සපස්ස පිණ්ඩපාත පටිලාභය යි.

සක‍්කො කිර දෙවරාජා ථෙරස‍්ස චිත‍්තප‍්පවත‍්තිං ඤත්‍වා තා අච‍්ඡරායො උය්‍යොජෙසි “ගච‍්ඡථ තුම‍්හෙ අය්‍යස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා අත‍්තනො පතිට‍්ඨං කරොථා”ති. එවං හිස‍්ස අහොසි “ඉමාසු සබ‍්බාසු ගතාසු කදාචි එකිස‍්සාපි හත්‍ථතො පිණ‍්ඩපාතං ථෙරො පටිග‍්ගණ‍්හෙය්‍ය, තං තස‍්සා භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති. පටික‍්ඛිපි ථෙරො, “භන‍්තෙ , මය‍්හං පිණ‍්ඩපාතං ගණ‍්හථ, මය‍්හං පිණ‍්ඩපාතං ගණ‍්හථා”ති වදන‍්තියො “ගච‍්ඡථ තුම‍්හෙ කතපුඤ‍්ඤා මහාභොගා, අහං දුග‍්ගතානං සඞ‍්ගහං කරිස‍්සාමී”ති වත්‍වා, “භන‍්තෙ, මා නො නාසෙථ, සඞ‍්ගහං නො කරොථා”ති වදන‍්තියො පුනපි පටික‍්ඛිපිත්‍වා පුනපි අපගන‍්තුං අනිච‍්ඡමානා යාචන‍්තියො “න අත‍්තනො පමාණං ජානාථ, අපගච‍්ඡථා”ති වත්‍වා අච‍්ඡරං පහරි. තා ථෙරස‍්ස අච‍්ඡරාසද‍්දං සුත්‍වා සන‍්තජ‍්ජිතා ඨාතුං අසක‍්කොන‍්තියො පලායිත්‍වා දෙවලොකමෙව ගතා. තෙන වුත‍්තං – “පඤ‍්චමත‍්තානි දෙවතාසතානි පටික‍්ඛිපිත්‍වා”ති.

සක්දෙව් රජු කාශ්‍යප තෙරුන් වහන්සේගේ අදහස දැන ‘යන්න නුඹලා ආර්ය වූ මහා කස්සප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දී තමන්ට පිහිටක් කරගන්න’යි ඒ අප්සරාවන් පිටත් කරවීය. ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. ‘මේ සියලු අප්සරාවන් ගියපසු කිසියම් එක අප්සරාවකගේ පිණිස පවතින්නේය. ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කළහ. ‘ස්වාමීනි, මාගේ පිණ්ඩපාතය ගන්න. මාගේ පිණ්ඩපාතය ගන්න’යි කියමින් අප්සරාවෝ සිටියහ. ‘යන්න තෙපි කළ පින් ඇති, මහා වස්තු ඇත්තෝය. මම දුප්පත් අයට සංග්‍රහ කරන්නෙමි’ ‘ස්වාමීනි, අප නො නසන්න. අපට සංග්‍රහ කරන්න’යි අප්සරාවෝ කීහ. නැවතත් කාශ්‍යප තෙරුන් ප්‍රතික්‍ෂේප කළ නමුත් අප්සරාවන් ඉවත්ව යන්නට අකමැති වූ විට කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ‘තෙපි තමන්ගේ ප්‍රමාණය නො දන්නාහුය. ඉවතට යන්න යි අසුරක් ගැසූහ. ඒ දෙවඟනෝ තෙරුන්ගේ අසුරු හඬ අසා තැති ගත්තෝ එහි සිටින්නට නො හැකිව පලා ගොස් දෙව්ලොවටම ගියහ. එහෙයින් කියන ලදි. පඤ්චමත්තානි දෙවසතානි පටික්ඛිපිත්‍වා යි

පුබ‍්බණ‍්හසමයන‍්ති පුබ‍්බණ‍්හෙ එකං සමයං, එකස‍්මිං කාලෙ. නිවාසෙත්‍වාති විහාරනිවාසනපරිවත‍්තනවසෙන නිවාසනං දළ‍්හං නිවාසෙත්‍වා. පත‍්තචීවරමාදායාති චීවරං පාරුපිත්‍වා පත‍්තං හත්‍ථෙන ගහෙත්‍වා. පිණ‍්ඩාය පාවිසීති පිණ‍්ඩපාතත්‍ථාය පාවිසි. දලිද‍්දවිසිඛාති දුග‍්ගතමනුස‍්සානං වසනොකාසො. කපණවිසිඛාති භොගපාරිජුඤ‍්ඤප‍්පත‍්තියා දීනමනුස‍්සානං වාසො. පෙසකාරවිසිඛාති තන‍්තවායවාසො. අද‍්දසා ඛො භගවාති කථං අද‍්දස? “ආබාධා වුට‍්ඨිතො මම පුත‍්තො කස‍්සපො කින‍්නු ඛො කරොතී”ති ආවජ‍්ජෙන‍්තො වෙළුවනෙ නිසින‍්නො එව භගවා දිබ‍්බචක‍්ඛුනා අද‍්දස.

පුබ්බණ්හසමයං යනු පෙරවරු එක් කාලයක නිවාසෙත්‍වා යනු දැඩි ලෙස වාසය කොට පත්තචීවරමාදාය යනු සිවුරු පොරවා පාත්‍රය අතින් ගෙන, පිණ්ඩාය පාවිසි පිඬු පිණිස පිවිසියේය. දළිද්දවිසිඛා යනු දුප්පත් මිනිසුන් වාසය කරන වීථිය. කපනවිසිඛා යනු අසරණ දිළිඳු මිනිසුන් වාසය කරන වීථිය. පෙසකාර විසිඛා රෙදි වියන්නන් වාසය කරන වීථිය. අද්දසා ඛො භගවා භාග්‍යවතුන් වහන්සේ දුටහ. කුමක් දුටුසේක්ද? ආබාධයෙන් සුවපත් වූ මාගේ පුත්‍ර කාශ්‍යප කුමක් කරන්නේදැයි ආවර්ජනා කරමින් වෙළුවන විහාරයෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිවැසින් මෙසේ දුටුවෝය.

එතමත්‍ථං විදිත්‍වාති යායං ආයස‍්මතො මහාකස‍්සපස‍්ස පඤ‍්චහි අච‍්ඡරාසතෙහි උපනීතං අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනං දිබ‍්බපිණ‍්ඩපාතං පටික‍්ඛිපිත්‍වා කපණජනානුග‍්ගහප‍්පටිපත‍්ති වුත‍්තා, එතමත්‍ථං ජානිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං පරමප‍්පිච‍්ඡතාදස‍්සනමුඛෙන ඛීණාසවස‍්ස තාදීභාවානුභාවදීපකං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් විසින් පන්සියයක් අප්සරාවන් විසින් ළඟට ගෙන එන ලද නොයෙක් සුප්වලින් හා නොයෙක් ව්‍යඤ්ජනවලින් යුක්ත වූ දිව්‍ය පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කොට දුප්පත් ජනතාවට අනුග්‍රහ ප්‍රතිපත්තියක් කියන ලද්දේද මේ කාරණය දැන ඉමං උදානං යනු උතුම් වූ අප්පිච්ඡතා ගුණය ප්‍රකාශ කිරීමට හා රහතන් වහන්සේලාගේ භාව අනුභාව ගුණය ප්‍රකාශ කරන උදානය ප්‍රකාශ කෙළේය.

තත්‍ථ අනඤ‍්ඤපොසින‍්ති අඤ‍්ඤං පොසෙතීති අඤ‍්ඤපොසී, න අඤ‍්ඤපොසී අනඤ‍්ඤපොසී, අත‍්තනා පොසෙතබ‍්බස‍්ස අඤ‍්ඤස‍්ස අභාවෙන අදුතියො, එකකොති අත්‍ථො. තෙන ථෙරස‍්ස සුභරතං දස‍්සෙති. ථෙරො හි කායපරිහාරිකෙන චීවරෙන කුච‍්ඡිපරිහාරිකෙන ච පිණ‍්ඩපාතෙන අත‍්තානමෙව පොසෙන‍්තො පරමප‍්පිච‍්ඡො හුත්‍වා විහරති, අඤ‍්ඤං ඤාතිමිත‍්තාදීසු කඤ‍්චි න පොසෙති කත්‍ථචි අලග‍්ගභාවතො. අථ වා අඤ‍්ඤෙන අඤ‍්ඤතරෙන පොසෙතබ‍්බතාය අභාවතො අනඤ‍්ඤපොසී. යො හි එකස‍්මිංයෙව පච‍්චයදායකෙ පටිබද‍්ධචතුපච‍්චයො සො අනඤ‍්ඤපොසී නාම න හොති එකායත‍්තවුත‍්තිතො . ථෙරො පන “යථාපි භමරො පුප‍්ඵ”න‍්ති (ධ· ප· 49) ගාථාය වුත‍්තනයෙන ජඞ‍්ඝාබලං නිස‍්සාය පිණ‍්ඩාය චරන‍්තො කුලෙසු නිච‍්චනවො හුත්‍වා මිස‍්සකභත‍්තෙන යාපෙති. තථා හි නං භගවා චන්‍දූපමප‍්පටිපදාය ථොමෙසි.

එහි ආනඤ්ඤපොසීති අනිකකු පෝෂණය කෙරේනුයි අඤ්ඤපොසි නමි. න අඤ්ඤපොසි, අනඤ්ඤපොසි - අනිකකු පෝෂණය නොකෙරේනුයි අනඤ්ඤපෝසි නමි. තමන් විසින් පෝෂණය කළයුතු, අනිකකු නැති බැවින්, දෙවැන්නකු නැති බැවින් අදුතිය නම් වූයේ එකපෝසීති යන අර්ථ ඇත්තේය. ඒ තෙරුන්ගේ ස්ව කැමැත්තෙන් හැසිරීම දක්වයි. ස්ථවිර තෙමේ වනාහි කය පරිහරණය කරන සිවුරෙන්ද, කුස පරිහරණය කරන පිණ්ඩපාතයෙන් ද තමා පමණක් පෝෂණය කරන්නේ පරම අල්පේච්ඡව වාසය කරයි. ඤාතිමිත්‍රාදීන් අතර අන් කිසිවකු පෝෂණය නො කරයි. කිසිවක් කෙරෙහි නො ඇලෙන බැවින් හෙවත් පෝෂණය කළයුතු අනිකකු නැති බැවින් අනඤ්ඤපෝසී නම් වේ. යම් භික්‍ෂුවක් එකම ප්‍රත්‍යදායකුගේ සිවුපසය පිළිගන්නේ නම් හෙතෙම අනඤ්ඤපෝසි නම් නොවේ. ස්ථවිරයන් වහන්සේ වනාහි ‘යථාපි භමරො පුප්ඵං’ යන ගාථාවෙන් කියන ලද ක්‍රමයට ඇවිදීමේ ශක්තිය නිසා පිඬු පිණිස හැසිරෙන්නේ කුලයන්හි නිත්‍යයෙන්ම අලුත් කෙනෙකු වී මිශ්‍ර බතින් යැපෙති’ එය වනාහි භාග්‍යවතුන් වහන්සේ චන්ද්‍ර උපමා පටිපදාවෙන් වර්ණනා කළහ.

අඤ‍්ඤාතන‍්ති අභිඤ‍්ඤාතං, යථාභුච‍්චගුණෙහි පත්‍ථටයසං, තෙනෙව වා අනඤ‍්ඤපොසිභාවෙන අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාහි ඤාතං. අථ වා අඤ‍්ඤාතන‍්ති සබ‍්බසො පහීනතණ‍්හතාය ලාභසක‍්කාරසිලොකනිකාමනහෙතු අත‍්තානං ජානාපනවසෙන න ඤාතං. අවීතතණ‍්හො හි පාපිච‍්ඡො කුහකතාය සම‍්භාවනාධිප‍්පායෙන අත‍්තානං ජානාපෙති. දන‍්තන‍්ති ඡළඞ‍්ගුපෙක‍්ඛාවසෙන ඉන්‍ද්‍රියෙසු උත‍්තමදමනෙන දන‍්තං. සාරෙ පතිට‍්ඨිතන‍්ති විමුත‍්තිසාරෙ අවට‍්ඨිතං, අසෙක‍්ඛසීලක‍්ඛන්‍ධාදිකෙ වා සීලාදිසාරෙ පතිට‍්ඨිතං. ඛීණාසවං වන‍්තදොසන‍්ති කාමාසවාදීනං චතුන‍්නං ආසවානං අනවසෙසං පහීනත‍්තා ඛීණාසවං. තතො එව රාගාදිදොසානං සබ‍්බසො වන‍්තත‍්තා වන‍්තදොසං. තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණන‍්ති තං යථාවුත‍්තගුණං පරමත්‍ථබ්‍රාහ‍්මණං අහං බ්‍රාහ‍්මණන‍්ති වදාමීති. ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දෙසනානානත‍්තං වෙදිතබ‍්බං.

අඤ්ඤතං යනු විශේෂයෙන් දැන ගැනීමය. යම් ඒ කියන ලද ගුණයන්ගෙන් ශාන්ත වූ බැවින් ද අනුන් විසින් පෝෂණය නො කරන බැවින් ද, අල්පේච්ඡ ගුණයෙන් හා ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් ද විශේෂයෙන් දන්නා ලද්දේය. ප්‍රකට වූයේය. දන්තං යනු සවැදෑරුම් ඉඳුරන් සපුරා උතුම් ලෙස දමනය කළ සාරෙ පතිට්ඨිතං යනු විමුක්ති නම් නිර්වාණ සාගරයෙහි සිටි, අශෛක්‍ෂ ශීලස්කන්ධාදි සාරයෙහි පිහිටි, ඛීණාසවං වත්ත දොසං කාමාදි චතුර්විධ ආස්‍රවයන් ඉතිරි නො කොට ප්‍රහීණ කළ බැවින් ඛීණාසවං නමි. එසේම කාමාදි ආස්‍රවයන් සියලු අයුරින් විනාශ කළ බැවින් වන්ත දොස නම් වේ. තමහං බ්‍රෑමි බ්‍රාහ්මණ යනු කියන ලද පරිදි ගුණයන්ගෙන් යුක්ත වූ පරමාර්ථ බ්‍රාහ්මණයා මම බ්‍රාහ්මණය යි කියමි. මෙහි පෙර කියන ලද පරිදිම බුද්ධ දේශනාව නන් අයුරින් දත යුතුය.

ඡට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවැනි සූත්‍ර වර්ණනාව යි.