යෙදුමෙන් කියවන්න

බ්‍රාහ‍්මණසුත‍්තං

1. 5.

1. 5.

බ්‍රාහ‍්මණසුත‍්තං

ස්ථවිර සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච මහාකස‍්සපො ආයස‍්මා ච මහාකච‍්චායනො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො ආයස‍්මා ච මහාකප‍්පිනො ආයස‍්මා ච මහාචුන්‍දො ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච රෙවතො ආයස‍්මා ච ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො භගවා තෙ ආයස‍්මන‍්තෙ දූරතො’ව ආගච‍්ඡන‍්තෙ. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි:. “එතෙ භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා ආගච‍්ඡන‍්ති, එතෙ භික‍්ඛවෙ බ්‍රාහ‍්මණා ආගච‍්ඡන‍්තී”ති.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ ආයුෂ්මතුන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, මේ බමුණෝ එති. මහණෙනි, මේ බමුණෝ එති”යි භික්‍ෂූන් ඇමැතූ සේක.

එවං වුත‍්තෙ, අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණජාතිකො භික‍්ඛු භගවන‍්තං එතදවොච: – “කිත‍්තාවතා නු ඛො, භන‍්තෙ, බ්‍රාහ‍්මණො හොති? කතමෙ ච පන බ්‍රාහ‍්මණකරණා ධම‍්මා”ති?

මෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණ ජාතික වූ එක්තරා භික්‍ෂුවෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කොපමණෙකින් බමුණෙක් වේ ද? බමුණු බව කරන ධර්‍මයෝ කවරහු දැ”යි මෙය කීය.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:

බාහිත්‍වා පාපකෙ ධම‍්මෙ යෙ චරන‍්ති සදා සතා, ඛීණසංයොජනා බුද‍්ධා තෙ වෙ ලොකස‍්මි බ්‍රාහ‍්මණා’ති.

“යම් කෙනෙක් ලාමක අකුශල ධර්‍මයන් දුරු කොට හැම කල්හි ස්මෘතිමත් ව හැසිරෙත් ද, ක්‍ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කළා වූ ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රාහ්මණ වෙත්.