නිග්රොධසුත්තං
1. 4.
1. 4.
නිග්රොධසුත්තං
න්‍යග්‍රෝධ සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ (බුදු වැ) පළමු ව (පස්වන සතියෙහි) උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක් සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි. අථ ඛො අඤ්ඤතරො හුහුඞ්කජාතිකො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටි සේක. එ කල්හි හුහුංකජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිතැ රැඳැවිය යුතු (සිහි කටයුතු) කථා කොට නිමවා එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම එ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීය.
“කිත්තාවතා නු ඛො භො ගොතම බ්රාහ්මණො හොති? කතමෙ ච පන බ්රාහ්මණකරණා ධම්මා?”ති
“භවද්ගෞතමයිනි, කොතෙකින් බමුණෙක් වේ ද? බමුණුබව කරණ දහම්හු කවුරු නම් වෙත් දැ?”යී
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ත්ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
යො බ්රාහ්මණො බාහිතපාපධම්මො නිහුහුඞ්කො නික්කසාවො යතත්තො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො ධම්මෙන සො බ්‍රහ්මවාදං වදෙය්ය යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති.
“යම් බමුණෙක් බැහැරැ ලූ පාපධර්ම ඇතියේ ද, (ක්‍රෝධ මාන විසින්) හුහුංකාර නැත්තේ ද, කෙලෙස්කසට නැත්තේ ද, සංයත වූ සිතැත්තේ ද, සිවුමඟ නුවණින් නිවනට පැමිණියේ වේ ද, වැසනිමැ වූ මඟබඹසර ඇත්තේ ද, යමකුගේ (සතන්හි) ලොවැ කිසි අරමුණෙක්හි දු උත්සදයෝ (නැඟ එන රාගාදිහු) නැත් ද, හෙ තෙමේ “මම් බමුණුමි”යි බ්‍රහ්මවාදය කියනුයේ දහම් නයින් කියන්නේ ය”යනු යි.