තතියබොධිසුත්තං
1. 3.
1. 3.
තතියබොධිසුත්තං
තෘතීය බෝධි සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමුවෙන් ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ ඉපැද්ම වේ.
අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
අවිද්‍යාවගේ ම වූ කලි නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ.”
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැම අයුරින් මේ අර්ත්ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො’ව ඔභාසයමන්තළික්ඛන්ති.
“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (රහත්හට) යම් ක්ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කලැ හේ හිරුහු (අඳුර දුරැලා) අහස බබුළුවන්නහු මෙන් මරසෙන් විධ්වස්ත (කම්පිත) කෙරෙමින් සිටී” යනු යි.