යෙදුමෙන් කියවන්න

ධාතුවිභඞ‍්ග සුත‍්තං

3. 4. 10.

3. 4. 10.

ධාතුවිභඞ‍්ග සුත‍්තං

ධාතුවිභඞ්ග සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. යෙන භග‍්ගවො කුම‍්භකාරො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භග‍්ගවං කුම‍්භකාරං එතදවොච: ‘සචෙ තෙ භග‍්ගව අගරු, විහරෙම ආවෙසනෙ එකරත‍්තින‍්ති.

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධදනවියෙහි සැරිසරනසේක් රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගව කුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්‍ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහි වසම්හ’යි.

න ඛො මෙ භන‍්තෙ ගරු, අත්‍ථි චෙත්‍ථ පබ‍්බජිතො පඨමං වාසූපගතො. සචෙ සො අනුජානාති, විහරථ භන‍්තෙ, යථාසුඛන‍්ති.

වහන්ස, මට නො බර වෙයි, වැළි එකෙක් ඇත, මෙහි කැල මැ වාසෝපගත වූ පැවිද්දෙක් ඇත. ඉදින් හේ අනුදන්නේ වී නම් වහන්ස, යථාසුඛ විහරණ කළ මැනැවැ’ යි.

තෙන ඛො පන සමයෙන පුක‍්කුසාති නාම කුලපුත‍්තො භගවන‍්තං උද‍්දිස‍්ස සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො. සො තස‍්මිං කුම‍්භකාරාවෙසනෙ පඨමං වාසූපගතො හොති. අථ ඛො භගවා යෙනායස‍්මා පුක‍්කුසාති තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පුක‍්කුසාතිං එතදවොච: ‘සචෙ තෙ භික‍්ඛු අගරු, විහරෙම ආවෙසනෙ එකරත‍්තින‍්ති. ඌරුන්‍දං ආවුසො, කුම‍්භකාරාවෙසනං. විහරතායස‍්මා යථාසුඛන‍්ති.

එසමයෙහි පුක්කුසාති නම් කුලපුත් බුදුන් උදෙසා සැදැහැයෙන් ගෙන් නික්ම සසුන් වන්නේ වෙයි. හේ ඒ කුම්භකාරාවෙසනයෙහි කැල මැ වාසෝපගත වෙයි. එසඳ බුදුහු පුක්කුසාති කුලපුතු කරා වැඩිසේක, වැඩ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ: ඉදින් මහණ, තොපට නො බර වී නම් එක් රැයක් සිප්හලෙහි වසම්හ’යි. ඇවැත්නි, කුම්භකාරාවෙසනය සම්බාධ රහිත යැ. ආයුෂ්මත් යථාසුඛයෙන් වසන්නේ මැනැවැ.

අථ ඛො භගවා කුම‍්භකාරාවෙසනං පවිසිත්‍වා එකමන‍්තං තිණසන්‍ථාරකං පඤ‍්ඤාපෙත්‍වා නිසීදි පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. අථ ඛො භගවා බහුදෙව රත‍්තිං නිසජ‍්ජාය වීතිනාමෙසි. ආයස‍්මාපි ඛො පුක‍්කුසාති බහුදෙව රත‍්තිං නිසජ‍්ජාය වීතිනාමෙසි. අථ ඛො භගවතො එතදහොසි: ‘පාසාදිකං ඛො අයං කුලපුත‍්තො ඉරීයති. යන‍්නූනාහං පුච‍්ඡෙය්‍යන‍්ති. අථ ඛො භගවා ආයස‍්මන‍්තං පුක‍්කුසාතිං එතදවොච: ‘කංසි ත්‍වං භික‍්ඛු උද‍්දිස‍්ස පබ‍්බජිතො, කො වා තෙ සත්‍ථා, කස‍්ස වා ත්‍වං ධම‍්මං රොචෙසී’ති.

එසඳ භාග්‍යවතුන් වහන්සේ කුඹල්සිප්හල් වැද එකත්පසෙක තණඇතිරිය පනවා පලක් අවුළුවා උපරිම කය ඍජු කොට තබා පරිමුඛ කොට සිහි එළවා වැඩ හුන්හු. එසඳ බුදුහු රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූසේක. ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් හු ද රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූහ. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. මේ කුලපුත් ප්‍රසාද එළවනසුලු ඉරියවු කෙරෙයි, මම පුළුවුස්නෙම් මැනැවැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ. මහණ තෝ කවරක්හු උදෙසා පැවිදි වූයෙහි? තාගේ ශාස්තෘ කවරෙක හො? කවරක්හුගේ දහම් තෝ රුස්ව? යි.

අත්‍ථාවුසො, සමණො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. තා’හං භගවන‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිතො. සො ච මෙ භගවා සත්‍ථා, තස‍්සාහං භගවතො ධම‍්මං රොචෙමී’ති.

ඇවැත්නි, සැහැකුලෙන් නික්ම පැවිදි වූ සැහැකුලපුත් මහණගොයුම් ඇත. ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් උස්ව නැඟිණි: “මෙකරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’ යි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මට ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘයහ. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් රුස්මි යි.

කහං පන භික‍්ඛු, එතරහි සො භගවා විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො’ති:

මහණ, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල කොහි වෙසෙත්දැ? යි.

අත්‍ථාවුසො, උත‍්තරෙසු ජනපදෙසු සාවත්‍ථි නාම නගරං. තත්‍ථ සො භගවා එතරහි විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො’ති.

ඇවැත්නි, උතුරු දනවියෙහි ශ්‍රාවස්ති නම් නගරයෙක් ඇත. එහි ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල්හි වාස කරන සේකැ’ යි.

‘දිට‍්ඨපුබ‍්බො පන තෙ භික‍්ඛු, සො භගවා. දිස‍්වා ච පන ජානෙය්‍යාසී’ති.

මහණ, තොප විසින් ඒ භාග්‍යවත්හු දුටුවිරූහු ද? යළි දැක හඳුනන්නහු දැ? යි.

න ඛො මෙ ආවුසො, දිට‍්ඨපුබ‍්බො සො භගවා. දිස‍්වා චාහං න ජානෙය්‍ය’න‍්ති.

ඇවැත්නි, මා විසින් ඒ භාග්‍යවත්හු නුදුටුවිරූහ. මම් දැක ද නො හඳුනමි’ යි.

අථ ඛො භගවතො එතදහොසි: ‘මමං ඛ‍්වායං කුලපුත‍්තො උද‍්දිස‍්ස පබ‍්බජිතො. යන‍්නූනස‍්සාහං ධම‍්මං දෙසෙය්‍ය’න‍්ති. අථ ඛො භගවා ආයස‍්මන‍්තං පුක‍්කුසාතිං ආමන‍්තෙසි: ‘ධම‍්මං තෙ භික‍්ඛු, දෙසිස‍්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමී’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: ‘මේ කුලපුත් මා උදෙසා පැවිදි වූයේ වන, මම් ඕහට දහම් දෙසම් නම් මැනැවැ’ යි. ඉක්බිති බුදුහු ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් ඇමැතූසේක: ‘මහණ, තොපට දහම් දෙසන්නෙමි, ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.

එවමාවුසොති ඛො ආයස‍්මා පුක‍්කුසාති භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

‘එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ.

‘ඡද‍්ධාතුරො අයං භික‍්ඛු, පුරිසො ඡ ඵස‍්සායතනො අට‍්ඨාරසමනොපවිචාරො චතුරාධිට‍්ඨානො, යත්‍ථ ඨිතං මඤ‍්ඤුස‍්සවා නප‍්පවත‍්තන‍්ති, මඤ‍්ඤුස‍්සවෙ ඛො පන නප‍්පවත‍්තමානෙ මුනි සන‍්තොති වුච‍්චති. පඤ‍්ඤං නප‍්පමජ‍්ජෙය්‍ය. සච‍්චමනුරක‍්ඛෙය්‍ය. චාගමනුබ්‍රූහෙය්‍ය, සන‍්තිමෙව සො සික‍්ඛෙය්‍යා’ති. අයමුද‍්දෙසො ඡධාතු විභඞ‍්ගස‍්ස.

මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධිෂ්ඨානයෝ යි.) උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත’ යයි කියනු ලැබේ. (අර්‍හත්ඵලප්‍රඥා ප්‍රතිවේධය පිණිස) සමාධිවිදර්‍ශනා ප්‍රඥායෙහි අප්‍රමත්ත වන්නේ යැ. වාක්සත්‍යය රක්නේ යැ. ක්ලේශපරිත්‍යාගය වඩන්නේය. ඒ මහණ ක්ලේශෝපශමය මැ හික්මෙන්නේ යයි. ෂඩ්ධාතුවිභඞ්ගයාගේ මේ උද්දේශ යැ.

‘ඡද‍්ධාතුරො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ‍්ඤාණධාතු. ‘ඡද‍්ධාතුරො. අයං භික‍්ඛු, පුරිසො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල සඳහා කියනලදි.

‘ඡඵස‍්සායතනො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: චක‍්ඛුසම‍්ඵස‍්සායතනං, සොතසම‍්ඵස‍්සායතනං, ඝානසම‍්ඵස‍්සායතනං, ජිව‍්හාසම‍්ඵස‍්සායතනං, කායසම‍්ඵස‍්සායතනං, මනොසම‍්ඵස‍්සායතනං. ‘ඡඵස‍්සායතනො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද. තෙල කුමක් සඳහා කියනලද ද යත්: චක්ඛු සම්ඵස්සායතන යැ සෝතසම්ඵස්සායතන යැ ඝානසම්ඵස්සායතන යැ ජිව්හාසම්ඵස්සායතන යැ කායසම්ඵස්සායතන යැ මනෝසම්ඵස්සායතන යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.

‘අට‍්ඨාරසමනොපවිචාරො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: චක‍්ඛුනා රූපං දිස‍්වා සොමනස‍්සට‍්ඨානියං රූපං උපවිචරති. දොමනස‍්සට‍්ඨානියං රූපං උපවිචරති. උපෙක‍්ඛාට‍්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය සොමනස‍්සට‍්ඨානියං ධම‍්මං උපවිචරති, දොමනස‍්සට‍්ඨානියං ධම‍්මං උපවිචරති , උපෙක‍්ඛාට‍්ඨානියං ධම‍්මං උපවිචරති. ඉති ඡ සොමනස‍්සූපවිචාරා, ඡ දොමනස‍්සූපවිචාරා, ඡ උපෙක‍්ඛූපවිචාරා. ‘අට‍්ඨාරසමනොපවිචාරො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇසින් රූ දැක සොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය විචාර කෙරෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස ස්පර්‍ශ කොට ... සිතින් දහම් දැන සොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම විචාර කෙරෙයි. මෙසේ සෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, දෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, උපෙක්ඛුපවිචාරයෝ සදෙනෙක. ‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.

‘චතුරාධිට‍්ඨානො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: පඤ‍්ඤාධිට‍්ඨානො, සච‍්චාධිට‍්ඨානො, චාගාධිට‍්ඨානො, උපසමාධිට‍්ඨානො. ‘චතුරාධිට‍්ඨානො අයං භික‍්ඛු, පුරිසො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: ප්‍රඥාධිෂ්ඨාන යැ සත්‍යාධිෂ්ඨාන යැ ත්‍යාගාධිෂ්ඨාන යැ උපශමාධිෂ්ඨාන යි. ‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදි.

‘පඤ‍්ඤං නප‍්පමජ‍්ජෙය්‍ය සච‍්චමනුරක‍්ඛෙය්‍ය චාගමනුබ්‍රූහෙය්‍ය සන‍්තිමෙව සො සික‍්ඛෙය්‍යා’ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: කථඤ‍්ච භික‍්ඛු, පඤ‍්ඤං නප‍්පමජ‍්ජති: ඡ ඉමා භික‍්ඛු, ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ‍්ඤාණධාතු.

‘ප්‍රඥායෙහි නො පමා වන්නේ යැ, සත්‍යය රක්නේ යැ, ත්‍යාගය වඩනේ යැ, හේ ශාන්තිය මැ හික්මෙන්නේ යැ’ යි මෙසේ තෙල බසෙක් කියනලද, තෙල බස් කුමක් පිණිස කියනලද යැ යත්: මහණ, කෙසේ ප්‍රඥාව පමා නො කරන්නේ වේ ද: මහණ, මේ ධාතුහු සදෙනෙකි: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි.

කතමා ච භික‍්ඛු, පථවීධාතු: පථවීධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා පඨවීධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං. සෙය්‍යථිදං: කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං, යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං. අයං වුච‍්චති භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා පඨවීධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා පඨවීධාතුයා නිබ‍්බින්‍දති, පඨවීධාතුයා චිත‍්තං විරාජෙති.

මහණ, පෘථිවිධාතු කවර? පෘථිවිධාතු ආධ්‍යාත්මික වැ ඇත බාහිර වැ ඇත. මහණ, ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර? ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්නක් වූ යමක් ඇද්ද, හේ මෙසේ යැ: කේශයෝ යැ රෝමයෝ යැ නඛයෝ යැ දන්තයෝ යැ ත්‍වක් යැ මාංශ යැ නහර යැ අස්ථිහු යැ අස්ථිමජ්ජා යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ ක්ලෝම යැ ප්ලීහ යැ පුප්ඵුස යැ අන්ත යැ අන්තගුණ යැ නො පැසුණු අහර යැ මල යැ, යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ යම් කිසි උපාදින්නකයෙක් ඇද්ද, මහණ, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් ඇද්ද, යම් බාහ්‍ය වූ පෘථිවි ධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙව්මි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල පෘථිවිධාතුව ඇති සැටි විදර්‍ශනාප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට විදසුන් නුවණින් දැක පෘථිවිධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. පෘථිවිධාතුයෙහි සිත නො අලවයි.

කතමා ච භික‍්ඛු, ආපොධාතු: ආපොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා ආපොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං: පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තං. යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං. අයං වුච‍්චති භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, ආපොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා ආපොධාතුයා නිබ‍්බින්‍දති, ආපොධාතුයා චිත‍්තං විරාජෙති.

මහණ, අබ්ධාතු කවරැ? අධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇත. බාහ්‍ය අබ්ධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික අබ්ධාතු කවරැ? අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් අබ්ගතයෙක් කර්‍මසමුත්‍ථානයෙක් ඇද්ද, හේ මෙසේ යැ: පිත යැ සෙම යැ සැරව යැ ලෙහෙ යැ සෝදිය යැ මේද තෙලැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ සුලුදිය යි. යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම්කිසි ආපයෙක් අබ්ගතයෙක් උපාදින්නකයෙක් ඇද්ද මහණ, මේ ‘ආධ්‍යාත්මික අබ්ධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද බාහ්‍ය වූ යම් අබ්ධාතුවකුත් ඇද්ද, තෙල අබ්ධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.

කතමා ච භික‍්ඛු, තෙජොධාතු: තෙජොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා තෙජොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං: යෙන ච සන‍්තප‍්පති යෙන ච ජීරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං. අයං වුච‍්චති භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා තෙජොධාතුයා නිබ‍්බින්‍දති, තෙජොධාතුයා චිත‍්තං විරාජෙති.

මහණ, තෙජොධාතු කවරැ? අධ්‍යාත්මික වූ තේජෝධාතුයෙක් ඇත. බාහිර වූ තේජෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික තෙජොධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි තේජෝගත වූ උපාදින්නක වූ යම් ආධ්‍යාත්මික තේජසෙක් වේ ද, ඒ කෙසේ යැ: යම් තේජසෙකින් තැවේ ද යම් තේජසකින් දිරා ද යම් තේජසකින් දැවේ ද යම් තේජසෙකින් බිදි පී කෑ ලෙවි දැය මොනොවට පැසීමට යේ ද, මෙයින් බැහැර යම්කිසි ද වූ තමා කෙරෙහි පිහිටි තේජොගත වූ උපාදින්නක වූ යම් අධ්‍යාත්මික තේජසෙක් වේ ද මහණ, මේ ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් ඇද්ද යම් බාහිර තේජෝධාතුයෙක් ඇද්ද, තෙල තෙජොධාතු මැ යැ. එය ‘තෙල මා ගැත්තේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක තේජෝධාතුයෙහි කලකිරෙයි. තේජෝධාතුයෙහි සිත නො අලවයි.

කතමා ච භික‍්ඛු, වායොධාතු: වායොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා වායොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං: උද‍්ධඞ‍්ගමා වාතා අධොගමා වාතා කුච‍්ඡිසයා වාතා කොට‍්ඨසයා වාතා අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා අස‍්සාසො පස‍්සාසො, ඉති යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං. අයං වුච‍්චති භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා වායොධාතු, යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා වායොධාතු, යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා වායොධාතුයා නිබ‍්බින්‍දති, වායොධාතුයා චිත‍්තං විරාජෙති.

මහණ, වායෝධාතු කවරැ? අධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇත. බාහිර වායෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික වායෝධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි වායෝගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් වේ ද, ඒ කෙසේ යැ? උද්ධඞ්ගම වාතයෝ යැ අධෝගමවාතයෝ යැ කුච්ඡිසයවාතයෝ යැ කොට්ඨසය වාතයෝ යැ අඞ්ගමඞ්ගානුසාරී වාතයෝ යැ ආශ්වාස ප්‍රශ්වාස යි. මෙසේ තමා කෙරෙහ්හි වූ වායෝගත වූ උපාදින්න වූ තදන්‍ය යම්කිසි වාතයෙක් ඇද්ද, මහණ, මේ ‘ආධ්‍යාත්මිකවායෝධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද තෙල වායෝධාතු මැ වෙයි. ඒ ‘තෙල මා ගැති නො වෙයි. මම තෙලෙ නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යැ. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන වායෝධාතුයෙහි කලකිරෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.

කතමා ච භික‍්ඛු, ආකාසධාතු: ආකාසධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා ආකාසධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආකාසං ආකාසගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: කණ‍්ණච‍්ඡිද‍්දං නාසච‍්ඡිද‍්දං මුඛද‍්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ‍්ඣොහරති, යත්‍ථ ච අසිතපීතඛායිතසායිතං සන‍්තිට‍්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගා නික‍්ඛමති, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආකාසං ආකාසගතං අඝං අඝගතං විවරං විවරගතං අසම‍්ඵුට‍්ඨං මංසලොහිතෙහි උපාදින‍්නං. අයං වුච‍්චති භික‍්ඛු, අජ‍්ඣත‍්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආකාසධාතු, යා ච බාහිරා ආකාසධාතු, ආකාසධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා ආකාසධාතුයා නිබ‍්බින්‍දති, ආකාසධාතුයා චිත‍්තං විරාජෙති.

මහණ, ආකාසධාතු කවරැ? අධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇත. බාහිර ආකාසධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික ආකාසධාතු කවරැ? තමා කෙරෙහි වූ ආකාසගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික ආකාසයෙක් වේ ද, ඒ කෙසේ යැ? කන්සිදුරැ නැහැසිදුරැ මුවදොරැ යම් ආකාසයෙකින් බිදි පී කෑ ලෙවි දැය ගිලගනී ද, යම් අහසෙක බිදි පී කෑ ලෙවි දැය සිටුනේ වේ ද, යම් අහසෙකින් බිදි පී කෑ ලෙවි දෑ අධෝභාගයෙන් නික්මේ ද, තමා කෙරෙහි වූ ආකසගත වූ ඝර්‍ෂණ රහිත වූ අඝගත වූ විවර වූ විවරගත වූ මස්ලෙහෙයින් නො පහළ උපාදින්න වූ යම් තදන්‍ය කිසිදු ආකාසයෙක් වේ ද, මහණ, මේ ‘ආධ්‍යාත්මික ආකාසධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇද්ද යම් බාහිර ආකාසධාතුයෙක් ඇද්ද, තෙල ආකාසධාතු මැ යැ. එය ‘තෙල මා ගැති නො වෙයි. මම තෙල නො වෙමි, තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන ආකාසධාතුයෙහි කලකිරෙයි. ආකාසධාතුයෙහි සිත නො අලවයි.

අථාපරං විඤ‍්ඤාණං යෙව අවසිස‍්සති පරිසුද‍්ධං පරියොදාතං. තෙන ච විඤ‍්ඤාණෙන කිං ජානාති: සුඛන‍්තිපි විජානාති, දුක‍්ඛන‍්තිපි විජානාති, අදුක‍්ඛමසුඛන‍්තිපි විජානාති. සුඛවෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව සුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මතීති පජානාති.

ඉක්බිති අපර වූ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ විඥානය මැ ඉතිරි වෙයි. ඒ විඥානයෙන් කුමක් දනී ද? ‘සුඛ’ යයි ද දනී. ‘දුඃඛ’ යයි ද දනී. ‘අදුඃඛ අසුඛ’ යයි ද දනී. මහණ, සුඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි දනී. ඒ සුඛවේදනීය ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනායෙක් ඇද්ද, සුඛවේදනීය ස්පර්‍ශය නිසා උපන් සුඛවේදනායෙක් ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.

දුක‍්ඛවෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. සො දුක‍්ඛං වෙදනං වෙදියමානො දුක‍්ඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව දුක‍්ඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දුක‍්ඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා දුක‍්ඛා වෙදනා සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මතීති පජානාති.

මහණ, දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා දුඃඛ දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’ යි නුවණින් දනී. එ මැ දුඃඛ දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් දුඃඛවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි ඒ සන්හිඳේ යයි නුවණින් දනී.

අදුක‍්ඛමසුඛවෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. සො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව අදුක‍්ඛමසුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං අදුක‍්ඛමසුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මතී’ති පජානාති.

මහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපේක්‍ෂා වේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ උපේක්‍ෂාවේදනා විඳිමි’ යි නුවණින් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂා වේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් උපේක්‍ෂාවේදනා ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.

සෙය්‍යථාපි භික‍්ඛු ද‍්වින‍්නං කට‍්ඨානං සම‍්ඵස‍්සසමොධානා උස‍්මා ජායති, තෙජො අභිනිබ‍්බත‍්තති. තෙසං යෙව ද‍්වින‍්නං කට‍්ඨානං නානාභාවා විනික‍්ඛෙපා යා තජ‍්ජා උස‍්මා, සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මති. එවමෙව ඛො භික‍්ඛු, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව සුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මතීති පජානාති.

මහණ, යම් පරිදි උභය කාෂ්ටයන්ගේ ස්පර්‍ශසමවධානයෙන් හුණුසුම් හටගනී ද ගිනිත් නිපදවා ද ඒ උභයකාෂ්ටයන්ගේ මැ වෙන් වීමෙන් විසුරුවාලීමෙන් එයින් උපන් යම් උණුසුමෙක් වේ නම් ඒ නිරුද්ධ වේ ද ඒ සන්හිඳේ ද, මහණ, එපරිදි මැ සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි ප්‍රකාරයෙන් දනී. සුඛ වේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද, සුඛ වේදනාවට කරුණු වූ පහස නිසා උපන් සුඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යි ඒ සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.

දුක‍්ඛවෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. සො දුක‍්ඛා වෙදනං වෙදියමානො දුක‍්ඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව දුක‍්ඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දුක‍්ඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා දුක‍්ඛා වෙදනා සා නිරුජ‍්ඣති, සා වූපසම‍්මතීති පජානාති.

මහණ, දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. දුඃඛවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා උපන් දුඃඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.

අදුක‍්ඛමසුඛවෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. සො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස‍්සෙව අදුක‍්ඛමසුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං අදුක‍්ඛමසුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා සා නිරුජ‍්ඣති සා වූපසම‍්මතීති පජානාති.

මහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපේක්‍ෂාවේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපන් උපේක්‍ෂාවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.

අථාපරං උපෙක‍්ඛායෙව අවසිස‍්සති පරිසුද‍්ධා පරියොදාතා මුදු ච කම‍්මඤ‍්ඤා ච පභස‍්සරා ච. සෙය්‍යථාපි භික‍්ඛු, දක‍්ඛො සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා උක‍්කං බන්‍ධෙය්‍ය, උක‍්කං බන්‍ධිත්‍වා උක‍්කාමුඛං ආලිම‍්පෙය්‍ය, උක‍්කාමුඛං ආලිම‍්පෙත්‍වා සණ‍්ඩාසෙන ජාතරූපං ගහෙත්‍වා උක‍්කාමුඛෙ පක‍්ඛිපෙය්‍ය. තමෙනං කාලෙන කාලං අභිධමෙය්‍ය. කාලෙන කාලං උදකෙන පරිප‍්ඵොසෙය්‍ය. කාලෙන කාලං අජ‍්ඣුපෙක‍්ඛෙය්‍ය. තං හොති ජාතරූපං ධන‍්තං සුධන‍්තං නිද‍්ධන‍්තං නීහටං නීහටකසාවං මුදු ච කම‍්මඤ‍්ඤං ච පභස‍්සරඤ‍්ච. යස‍්සා යස‍්සා ච පිළන්‍ධනවිකතියා ආකඞ‍්ඛති, යදි පවද‍්ධිකාය යදි කුණ‍්ඩලාය යදි ගීවෙය්‍යකාය යදි සුවණ‍්ණමාලාය, තඤ‍්චස‍්ස අත්‍ථං අනුභොති.

ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. මහණ යම් පරිදි දක්‍ෂ වූ ස්වර්‍ණකාරයෙක් වේවයි ස්වර්‍ණකාර අන්තේවාසිකයෙක් වේවයි කෝවයක් බඳනේ වේ ද කෝවය බැඳ කෝවාමුව ආලිම්පනය කෙරේ ද කෝවාමුව ආලිම්පන කොට අඬුවෙන් රන් ගෙන කෝවාමුවෙහි බහනේ වේ ද, ඒ රන කලින් කල පිඹිනේ වේ ද කලින්කල කින් ඉස්නේ වේ ද කලින් කල උපේක්‍ෂා කෙරේ ද ඒ රන මල පිඹහළ මොනොවට පිඹහළ නිඃශේෂයෙන් පිඹහළ නෙරාගත් නෙරැලූ කසට ඇති මෘදු වූත් කර්‍මණ්‍ය වූත් ප්‍රභාස්වර වූත් රනෙක් වෙයි. යම් යම් පිලන්ධනවිකෘතියක් පිණිස කැමැති වේ ද හිණුදම් පිණිස වේවයි කුණ්ඩලාභරණ පිණිස වේවයි ග්‍රීවාහරණ පිණිස වේවයි රන් මල්දම් පිණිස වේවයි ඔහුගේ ඒ අර්‍ත්‍ථය ද සිදු කෙරෙයි.

එවමෙව ඛො භික‍්ඛු, අථාපරං උපෙක‍්ඛායෙව අවසිස‍්සති පරිසුද‍්ධා පරියොදාතා මුදු ච කම‍්මඤ‍්ඤා ච පභස‍්සරා ච. සො එවං පජානාති: ‘ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං ආකාසානඤ‍්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක‍්ඛා තන‍්නිස‍්සිතා තදුපාදානා චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය. ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං විඤ‍්ඤාණඤ‍්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක‍්ඛා තන‍්නිස‍්සිතා තදුපාදානා චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය. ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං. එවං මෙ අයං උපෙක‍්ඛා තන‍්නිස‍්සිතා තදුපාදානා චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය. ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසංහරෙය්‍යං. තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, එවං මෙ අයං උපෙක‍්ඛා තන‍්නිස‍්සිතා තදුපාදානා චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍යා’ති.

මහණ, එපරිදි මැ ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. හේ මෙසේ දනී: ඉදින් මම මෙසේ පරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍ම වූ චිත්තය ද වඩන්නෙම් නම් මෙසේ මාගේ මේ උපේක්‍ෂාව එය ඇසිරි කළා එය උපාදාන විසින් ගත්තී දීර්‍ඝකාලයක් සිටුනී යැ. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දීර්‍ඝකාලයක් සිටුනී යැ. මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ. ඉදින් මම මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ කියා යි.

සො එවං පජානාති: ‘ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං ආකාසානඤ‍්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතං. ඉමඤ‍්චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං විඤ‍්ඤාණඤ‍්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතං. ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතං. ඉමඤ‍්චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතන‍්ති. සො නෙව තං අභිසඞ‍්ඛරොති, නාභිසඤ‍්චෙතයති භවාය වා විභවාය වා. සො අනභිසඞ‍්ඛරොන‍්තො අනභිසඤ‍්චෙතයන‍්තො භවාය වා විභවාය වා න කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති, අපරිතස‍්සං පච‍්චත‍්තංයෙව පරිනිබ‍්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති.

හේ මෙසේ දනී: ‘ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි කියා යි. හේ එය අභිසංස්කරණ නො කෙරෙයි. භවය පිණිස වේවයි. විභවය පිණිස වේවයි. අභිසඤ්චේතනා නො කෙරෙයි. හේ අභිසංස්කරණ නො කරන්නේ අභිසඤ්චේතනා නො කරන්නේ භවය පිණිස හෝ විභවය පිණිස හෝ ලෝකයෙහි කිසිදු උපාදාන වශයෙන් නොගනී. උපාදාන වශයෙන් නො ගන්නේ තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරෙයි. තණ්හා පරිතස්සනා නො කරනුයේ තමා තුළ මැ පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වී. බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා අනි කිසෙක් නැති’යි දනී.

සො සුඛං චෙ වෙදනං වෙදෙති. සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති. දුක‍්ඛං චෙ වෙදනං වෙදෙති. සා අනිච‍්චාති පජානාති. අනජ‍්ඣොසිතාති පජානාති. අභිනන්‍දිතාති පජානාති. අදුක‍්ඛමසුඛඤ‍්චෙ වෙදනං වෙදෙති, සා අනිච‍්චාති පජානාති, අනජ‍්ඣොසිතාති පජානාති, අනභිනන්‍දිතාති පජානාති.

ඉදින් හේ සුඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ‘බැසගෙන සිටුනට නො නිසි ය’යි දනී. ‘තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දන කරනට නො නිසි යැ’යි දනී. ඉදින් දුඃඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගෙන සිටුනට නො නිසි ය’යි දනී. තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දනයට නො නිසි යැ’යි දනී. ඉදින් උපේක්‍ෂා වේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගන්නට නො නිසි යැ’යි දනී. අභිනන්‍දනාර්‍හ නො වෙති’ යි දනී.

සො සුඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත‍්තො තං න වෙදෙති. සො දුක‍්ඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත‍්තො තං න වෙදෙති. අදුක‍්ඛමසුඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත‍්තො තං න වෙදෙති. සො කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා පරම‍්මරණා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තී’ති පජානාති.

ඉදින් හේ සුඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ සුඛවේදනා නො විඳි. ඉදින් හේ දුඃඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ දුඃඛවේදනා නො විඳී. ඉදින් හේ උපේක්‍ෂාවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ උපේක්‍ෂා වේදනා නො විඳී. හේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජීවිතපර්‍ය්‍යාදානයෙන් මතු මෙලොව මැ අනභිනන්‍දිත වූ සියලු වේදනාවෝ මේ ආයතනයන්හි මැ සන්හිඳෙති’යි දනී.

සෙය්‍යථාපි භික‍්ඛු, තෙලඤ‍්ච පටිච‍්ච වට‍්ටිඤ‍්ච පටිච‍්ච තෙලප‍්පදීපො ඣායති, තස‍්සෙව තෙලස‍්ස ච වට‍්ටියා ච පරියාදානා අඤ‍්ඤස‍්ස ච අනුපාහාරා අනාහාරො නිබ‍්බායති. එවමෙව ඛො භික‍්ඛු, කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා පරම‍්මරණා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තී’ති පජානාති. තස‍්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන පඤ‍්ඤාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොති. එසා හි භික‍්ඛු, පරමා අරියා පඤ‍්ඤා යදිදං සබ‍්බදුක‍්ඛක‍්ඛයෙ ඤාණං.

මහණ, යම් පරිදි තෙල් ද නිසා වැටි ද නිසා තෙල්පහන් දිලියේ ද ඒ තෛලයාගේ ද වැටියගේ ද ක්‍ෂය වැ යෑමෙන් අනෙකක්හුගේ නො ගැනීමෙන් අනාහාර වැ නිවියේ ද, මහණ, එපරිදි මැ කායපර්‍ය්‍යන්තික වේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජිවිතක්‍ෂයෙන් මතු මේ ආයතනයන්හි මැ අනභිනන්‍දන සියලු වේදනාවෝ සන්හිඳෙති’ යි දනී. එහෙයින් මෙසේ සමන්‍වාගත මහණ මේ පරම ප්‍රඥාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වූයේ නම් වෙයි. මහණ, මේ පරම ආර්‍ය්‍යප්‍රඥාව යි. කිමෙක යත්: සර්‍වදුඃඛක්‍ෂයෙහි ඥානය යි.

තස‍්ස සා විමුත‍්ති සච‍්චෙ ඨිතා අකුප‍්පා හොති. තං හි භික‍්ඛු මුසා, යං මොසධම‍්මං. තං සච‍්චං, යං අමොසධම‍්මං නිබ‍්බානං. තස‍්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන සච‍්චාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොති. එතං හි භික‍්ඛු, පරමං අරියසච‍්චං යදිදං අමොසධම‍්මං නිබ‍්බානං.

ඔහුගේ ඒ අර්‍හත්ඵලවිමුක්තිය පරමාර්‍ත්‍ථසත්‍ය වූ නිවනෙහි සිටියා (කෙලෙසුන් විසින්) අකෝප්‍ය වෙයි. මහණ, යමක් නැසෙන පියවි ඇද්ද එය විතථ වෙයි. නො නැසෙන පියවි ඇති යම් නිවනෙක් ඇද්ද, එය සත්‍ය වෙයි. එහෙයින් මෙසේ එයින් සමන්‍වාගත මහණ මේ පරමාර්‍ත්‍ථසත්‍යාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් නො නැසෙන ස්වභාව වූ නිවනෙක් ඇද්ද තෙල පරම වූ ආර්‍ය්‍යසත්‍ය යි.

තස‍්සෙව ඛො පන පුබ‍්බෙ අවිද‍්දසුනො උපධී හොන‍්ති සමත‍්තා සමාදින‍්නා. ත්‍යාස‍්ස පහීනා හොන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන චාගාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොති. එසො හි භික‍්ඛු, පරමො අරියො චාගො යදිදං සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො. තස‍්සෙව ඛො පන පුබ‍්බෙ අවිද‍්දසුනො අභිජ‍්ඣා හොති ඡන්‍දො සාරාගො. ස‍්වාස‍්ස පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහු විසින් මැ සම්පූර්‍ණ කරනලද ගන්නාලද ස්කන්‍ධාදි උපධීහු වෙත් ද ඔවුහු ඔහුට ප්‍රහීණ වූවාහු වෙති. උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත්. එහෙයින් මෙයින් සමන්‍වාගත මහණ මේ උත්තම වූ ත්‍යාගාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් ඇද්ද තෙල උත්තම වූ ආර්‍ය්‍යත්‍යාගයවෙයි. පෙර පෘථග්ජන වූ අවිද්‍යායෙන් යුත් අභිධ්‍යායෙක් ඡන්‍දයෙක් බලවත් රාගයෙක් වේ ද, ඔහුට ඒ රාගය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා පියවි ඇත්තේ වෙයි.

තස‍්සෙව ඛො පන පුබ‍්බෙ අවිද‍්දසුනො ආඝාතො හොති බ්‍යාපාදො සම‍්පදොසො. ස‍්වාස‍්ස පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

පෙර අවිද්‍යායෙන් යුත් ඔහුට මැ ආඝාතයයෙක් ව්‍යාපාදයෙක් සම්ප්‍රදොෂයෙක් වේ ද ඔහුට ඒ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ අනුඅභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි.

තස‍්සෙව ඛො පන පුබ‍්බෙ අවිද‍්දසුනො අවිජ‍්ජා හොති සම‍්මොහො සම‍්පදොසො, ස‍්වාස‍්ස පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. තස‍්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන උපසමාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොති. එසො හි භික‍්ඛු, පරමො අරියො උපසමො යදිදං රාගදොසමොහානං උපසමො.

පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහුට මැ යම් අවිද්‍යායෙක් සම්මොහයෙක් සම්ප්‍රදොෂයෙක් වී ද, ඔහුට ඒ සම්මෝහ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තා එහෙයින් මේ උපශමයෙන් සමන්‍විත වූ මහණ මේ උත්තම වූ උපශමාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වෙයි. මහණ, තෙල උත්තමවූ ආර්‍ය්‍ය උපශමය වෙයි, යම් රාගද්වේෂමෝහයන්ගේ උපශමයෙක් ඇද්ද එයයි.

‘පඤ‍්ඤං නප‍්පමජ‍්ජෙය්‍ය, සච‍්චමනුරක‍්ඛෙය්‍ය, චාගමනුබ්‍රූහෙය්‍ය, සන‍්තිමෙව සො සික‍්ඛෙය්‍යා’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘විදර්‍ශනාප්‍රඥායෙහි නො පමා වන්නේ යැ වාක්සත්‍යය රක්නේ යැ, ක්ලේශත්‍යාගය වඩනේ යැ, හේ නිර්‍වාණ ශාන්තිය මැ හික්මෙන්නේ යයි මෙසේ යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියනලදි.

යත්‍ථ ඨිතං මඤ‍්ඤුස‍්සවා නප‍්පවත‍්තන‍්ති. මඤ‍්ඤුස‍්සවෙ ඛො පන අප‍්පවත‍්තමානෙ මුනි සන‍්තොති වුච‍්චතී’ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: අස‍්මීති භික‍්ඛු මඤ‍්ඤිතමෙතං. අයමහමස‍්මීති. මඤ‍්ඤිතමෙතං. භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. න භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. රූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. අරූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. සඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. අසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං. මඤ‍්ඤිතං භික‍්ඛු රොගො, මඤ‍්ඤිතං ගණ‍්ඩො, මඤ‍්ඤිතං සල‍්ලං. සබ‍්බමඤ‍්ඤිතානං ත්‍වෙව භික‍්ඛු, සමතික‍්කමා මුනි සන‍්තොති වුච‍්චති. මුනි ඛො පන භික‍්ඛු, සන‍්තො න ජායති න ජීයති න මීයති න කුප‍්පති න විහෙසති. තම‍්පිස‍්ස භික‍්ඛු නත්‍ථි, යෙන ජායෙථ, අජායමානො කිං ජීයිස‍්සති, අජීයමානො කිං මීයිස‍්සති, අමීයමානො කිං කුප‍්පිස‍්සති, අකුප‍්පමානො කිස‍්ස විහෙස‍්සති. ‘යත්‍ථ ඨිතං මඤ‍්ඤුස‍්සවා නප‍්පවත‍්තන‍්ති. මඤ‍්ඤුස‍්සවෙ ඛො පන නප‍්පවත‍්තමානෙ මුනි සන‍්තොති වුච‍්චතී’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. ඉමං ඛො මෙ ත්‍වං භික‍්ඛු, සඞ‍්ඛිත‍්තෙන ඡ ධාතුවිභඞ‍්ගං ධාරෙහීති.

යම් අධිෂ්ඨානයෙකැ පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද, උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපශාන්ත යැ යි කියනු ලැබෙයි යන් තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: මහණ (මම් නිත්‍ය) වෙමි’ යන් තෙල දෘෂටිකල්පනයෙකි. ‘මේ මම් වෙමි’ යන තෙල තණ්හා මඤ්ඤිතයෙකි. ‘(මම්) අනායෙහි වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අනායෙහි නො වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘රූපවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි ‘අරූපී වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘සංඥාවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අසංඥ වෙමි’ යන තෙල දෘෂ්ටි කල්පනයෙකි. ‘නෛවසංඥනාසංඥවෙමි’ යන තෙල දෘෂ්ටිකල්පනයෙකි. මහණ, මඤ්ඤිතය රෝගයෙක. මඤ්ඤිතය ගණ්ඩයෙක. මඤ්ඤිතය ශල්‍යයෙක. මහණ, මඤ්ඤිතයන්ගේ මැ, ඉක්මවාලීමෙන් ක්‍ෂීණාස්‍රව මුනි ‘ශාන්ත යැ’ යි කියනු ලැබේ. තවද මහණ, ක්‍ෂීණාස්‍රව මුනි ශාන්ත වූයේ නූපදී, නො දිරයි, නො මියෙයි, කෙලෙසුන් විසින් අකෝප්‍ය වෙයි. නො වෙහෙසෙයි. මහණ, යම් කරුණෙකින් උපදනේ ද, එකරුණ ඔහුට නැත. නූපදනේ කිම දිරන්නේ ද, නො දිරනුයේ කිම මියන්නේ ද, නො මියනුයේ කිම (කෙලෙසුන් විසින්) කෝප්‍ය වේ ද, අකෝප්‍ය වනුයේ කුමක් හෙයින් වෙහෙසේ ද? යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත යැ’ යි කියනුලැබේ යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියනලදි. මහණ, තෙපි මා විසින් සැකෙවින් ප්‍රකාශ කළ මේ ෂඩ්ධාතුවිභඞ්ගය ධරව යි.

අථ ඛො ආයස‍්මා පුක‍්කුසාති ‘සත්‍ථා කිර මෙ අනුප‍්පත‍්තො, සුගතො කිර මෙ අනුප‍්පත‍්තො, සම‍්මාසම‍්බුද‍්ධො කිර මෙ අනුප‍්පත‍්තො’ති උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවන‍්තං එතදවොච: ‘අච‍්චයො මං භන‍්තෙ, අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං, යොහං භගවන‍්තං ආවුසොවාදෙන සමුදාචරිතබ‍්බං අමඤ‍්ඤිස‍්සං. තස‍්ස මෙ භන‍්තෙ, භගවා අච‍්චයං අච‍්චයතො පටිග‍්ගණ‍්හාතු ආයතිං සංවරායා’ති.

එසඳ පුක්කුසාති කුලපුත් මාගේ ශාස්තෘන් වහන්සේ වැඩිසේක, මාගේ සුගතයන් වහන්සේ වැඩිසේක, මාගේ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ’ යි හුනස්නෙන් නැඟී සිවුර එකස් කොට ගෙන බුදුන්ගේ දෙපාමුල හිසින් වැටී සිට වැදහෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, වරද මා මැඩගත. බාලභාවය වූ සැටියෙනි, මූඪභාවය වූ සැටියෙනි, අකුශලභාවය වූ සැටියෙනි, මම භාග්‍යවතුන් වහන්සේ ‘ආවුසො වාදයෙන්’ බිණියයුතු කොට සිතීම් ද, එහෙයිනි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ වරද වරද විසින් පිළිගන්නාසේක්වා, ආයතිසංවරය පිණිස යයි.

තග‍්ඝ ත්‍වං භික‍්ඛු, අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං, යං මං ත්‍වං ආවුසොවාදෙන සමුදාචරිතබ‍්බං අමඤ‍්ඤිත්‍ථ. යතො ච ඛො ත්‍වං භික‍්ඛු, අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථා ධම‍්මං පටිකරොසි. තං තෙ මයං පතිගණ‍්හාම. වුද‍්ධි හෙසා භික‍්ඛු, අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ‍්ජතී’ති.

මහණ, බාලයකු මැඩගන්නා සෙයින් මූඪයකු මැඩගන්නා සෙයින් අදක්‍ෂයකු මැඩගන්නා සෙයින් ඒකාන්තයෙන් වරද තා මැඩගත, යම් හෙයෙකින් තෝ මා ‘ආවුසෝවාදයෙන්’ බිණියයුතු කොට සිතුයෙහි ද, එහෙයිනි. මහණ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධරමානුකූල කොට ප්‍රතික්‍රියා කෙරෙහි ද, අපි තාගේ ඒ ක්‍රියා පිළිගනුම්හ. මහණ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මය නො ඉක්ම පිළියම් කෙරේ ද, ආයතිසංවරයට පැමිණේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධියෙක් මැ යැ.

ලභෙය්‍යාහං භන‍්තෙ, භගවතො සන‍්තිකෙ උපසම‍්පදන‍්ති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදාව ලබම්වා!

පරිපුණ‍්ණං පන තෙ භික‍්ඛු, පත‍්තචීවරන‍්ති:

මහණ, තාගේ පාසිවුරු පරිපූර්‍ණ වැ ඇද්ද?

න ඛො මෙ භන‍්තෙ, පරිපුණ‍්ණං පත‍්තචීවරන‍්ති.

වහන්ස, මාගේ පාසිවුරු පරිපූර්‍ණ නො වෙ.

න ඛො භික‍්ඛු, තථාගතා අපරිපුණ‍්ණපත‍්තචීවරං උපසම‍්පාදෙන‍්තීති.

මහණ, තථාගතවරු නො පිරිපුන් පාසිවුරු ඇතියහු උපසපන් නො කෙරෙති.

අථ ඛො ආයස‍්මා පුක‍්කුසාති භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පත‍්තචීවරපරියෙසනං පක‍්කාමි.

එසඳ පුක්කුසාති කුලපුත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට පාත්‍රචීවර පර්‍ය්‍යෙෂණයට බැස ගියේ.

අථ ඛො ආයස‍්මන‍්තං පුක‍්කුසාතිං පත‍්තචීවරපරියෙසනං චරන‍්තං භන‍්තගාවී ජීවිතා වොරොපෙසි.

ඉක්බිති පාසිවුරු පිරිසෙයුම් කරන පුක්කුසාති කුලපුත්හු භ්‍රාන්ත වූ දෙනක් දිවියෙන් තොර කළා.

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා, තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ‘යො සො, භන‍්තෙ, පුක‍්කුසාති නාම කුලපුත‍්තො භගවතා සඞ‍්ඛිත‍්තෙන ඔවාදෙන ඔවදිතො, සො කාලඞ‍්කතො. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො’ති.

එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: වහන්ස, පුක්කුසාති නම් යම් කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්ත අවවාදයෙකින් ඔවා දෙනලද ද, හේ කාලක්‍රියා කෙළේ, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ? යි.

පණ‍්ඩිතො භික‍්ඛවෙ, පුක‍්කුසාති කුලපුත‍්තො, පච‍්චපාදි ධම‍්මස‍්සානුධම‍්මං. න ච මං ධම‍්මාධිකරණං විහෙඨෙසි. පුක‍්කුසාති භික‍්ඛවෙ, කුලපුත‍්තො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකාති.

මහණෙනි, පුක්කුසාති කුලපුත් පණ්ඩිත යැ, ධර්‍මානුධර්‍ම අවබෝධ කෙළේ යැ. ධර්‍මහේතුයෙන් මා නො පෙළී. මහණෙනි, පුක්කුසාති කුලපුත් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ ඒ බඹලොවින් වටාලා නො එනසුලු වැ එහි මැ පිරිනිවන්පානේ යයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.

ධාතුවිභඞ‍්ගසුත‍්තං දසමං.

දස වැනි ධාතුවිභඞ්ග සූත්‍ර යි.