අරණවිභඞ්ග සුත්තං
3. 4. 9.
3. 4. 9.
අරණවිභඞ්ග සුත්තං
අරණවිභඞ්ග සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් මහවෙහෙර වැඩ වාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල අරණවිභඞ්ගසූත්‍රය වදාළ සේක:
අරණවිභඞ්ගං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති.
මහණෙනි, තොපට අරණවිභඞ්ගය දෙසමි. ඒ විභඞ්ගය අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි වදාළෝ.
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
‘වහන්ස, එසේ යැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල විභඞ්ගය වදාළසේක:
න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං. න ච අත්තකිලමථානුයොගං අනුයුඤ්ජෙය්ය දුක්ඛං අනරියං අනත්ථසංහිතං. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා. උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය, නාපසාදෙය්ය ධම්මමෙව දෙසෙය්ය. සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්ය. රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං භණෙ. අතරමානො ව භාසෙය්ය, නො තරමානො. ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්යාති. අයමුද්දෙසො අරණවිභඞ්ගස්ස.
හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාම සුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථුයෙහි නො යෙදෙන්නේ යැ. “මහණෙනි, මෙකී ඒ උභයාන්තයන් නො ගෙන තථාගතයන් වහන්සේ විසින් නුවණැස කරන ඥානය කරන උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස වැටෙන මධ්‍යමප්‍රතිපදා තොමෝ අවබෝධ කරනලදු. (කිසි පුඟුලකු) හුවාලීම ද දන්නේ යැ. හෙළාලීම ද දන්නේ යැ. හුවාලනුදු දැන හෙළාලනුදු දැන (ගෙහසිත වශයෙන් කිසිපුඟුලක්හු) නො මැ හුවන්නේ යැ නො හෙළන්නේ යැ. ස්වභාවය මැ කියන්නේ යැ. විනිශ්චිත සුඛය දන්නේ යැ. විනිශ්චිත සුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේයැ. නො හමුයෙහි අයුණු (පිසුනු) නො කියන්නේ යැ. හමියෙහි කිලිටිබස් නො බණන්නේ යැ. ත්වරිත නො වී බණන්නේ යැ. ත්වරිත වැ නො බණන්නේ යැ. ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ. ලෝක ප්රඥප්තිය නො ඉක්මවන්නේයැ. අරණවිභාගයාගේ මේ උද්දේස යි.
‘න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයොගං අනුයුඤ්ජෙය්ය දුක්ඛං අනරියං අනත්ථසංහිත’න්ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයොගො හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. යො අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. යො අත්තකිලමථානුයොගං අනනුයොගො දුක්ඛං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. ‘න කාමසුඛමනුයුඤ්ජෙය්‍ය හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයොගං අනුයුඤ්ජෙය්ය දුක්ඛං අනරියං අනත්ථසංහිත’න්ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන (එහෙයින්) අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ අත්තකිලමථානු යෝගයෙහි නො යෙදෙන්නේ යැ’යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, මෙබස් කුමක් පිණිස කියනලද යැ යත්: ‘කාමෝපසංහිතසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් ඇද්ද, තෙල ධර්මය සදුඃඛ යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ. මිථ්‍යාප්‍රතිපත් වෙයි. කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්යානුයෝගයක නො යෙදීමෙක් වේ ද තෙල දහම දුඃඛ රහිත යැ උපඝාත රහිත යැ උපායාස රහිත යැ පරිදාහ රහිත යැ සම්‍යක් ප්‍රතිපත්ති වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ මිථ්‍යාප්‍රතිපත් වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක නො යෙදීමෙක් ඇද්ද, තෙල දහම අදුඃඛ යැ අනුපඝාත යැ අනුපායාස යැ අපරිදාහ යැ සම්‍යක්ප්‍රතිපත්ති වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ’ දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙහි නො යෙදෙන්නේ යැ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද මෙබස තෙල පිණිස කියනලදි.
‘එතෙ ඛො උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි , සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් නුවණැස ඇති කරන නුවණ ඇති කරන ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සත්‍යාවබෝධය පිණිස වැටෙන මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරනලදැ’යි. මෙසේ තෙල බසෙක් වදාරනලද ද තෙල කුමක් සඳහා වදාරනලද යැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙමෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්යක්කර්මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි. තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් අභිසම්බුද්ධ වූ මධ්‍යමප්‍රතිපදාව නුවණැස ඇති කරන්නී යැ මාර්ගඥානය ඇති කරන්නී යැ ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නී යැ යි. මෙසේ යමක් වදාරනලද ද මෙය තෙල සඳහා වදාරන ලදි.
‘උස්සාදනඤ්ච ජඤ්ඤා අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා, නෙවුස්සාදෙය්ය න අපසාදෙය්‍ය, ධම්මමෙව දෙසෙය්යා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: කථං ච භික්ඛවෙ, උස්සාදනා ච හොති අපසාදනා ච, නො ච ධම්මදෙසනා:
උස්සාදනය ද දන්නේ යැ අපසාදනය ද දන්නේ යැ උස්සාදනයත් දැන අපසාදනයත් දැන (ගෘහශ්‍රිත විසින් කිසි පුඟුලක්හු) හුවා නො දක්නේ යැ හෙළා නො දක්නේ යැ ස්වභාවධර්මය මැ කියන්නේ යයි. මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, හුවා දැක්වීමුදු හෙළාදැක්වීමුදු ස්වභාවධර්මය දෙසුමුදු කිසෙයින් වෙයි යත්:
යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නාති ඉති වදං ඉත්ථෙකෙ අපසාදෙති. යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නාති ඉති වදං ඉත්ථෙකෙ උස්සාදෙති.
‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණු කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තාහු ඇද්ද එහැම දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් කිසි කෙනකුන් හෙළා දක්නේ වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණු කාමප්රතිසන්ධි සුඛයෙන් සුඛිත වූවෝ ඇද්ද එහැම අදුඃඛයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසේ කිසිවකුත් හුවන්නේ වෙයි.
‘යෙ අත්තකිලමථානුයොගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති ඉති වදං ඉත්ථෙකෙ අපසාදෙති. ‘යෙ අත්තකිලමථානුයොගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති ඉති වදං ඉත්ථෙකෙ උස්සාදෙති.
‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක් ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි.
‘යෙසං කෙසඤ්චි භවසඤ්ඤොයොජනං අප්පහීනං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති ඉති වදං ඉත්ථෙකෙ අපසාදෙති. ‘යෙසං කෙසඤ්චි විභවසංයොජනං පහීනං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති ඉති වදං ඉත්ථෙකෙ උස්සාදෙති. එවං ඛො භික්ඛවෙ, උස්සාදනා ච හොති අපසාදනා ච, නො ච ධම්මදෙසනා.
‘යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙකුන්ට විභවසංයෝජන ප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි. මහණෙනි, මෙසේ උස්සාදන ද වෙයි, අපසාදන ද වෙයි, ධර්මදේශනා නො ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, නෙව උස්සාදනා හොති න අපසාදනා, ධම්මදෙසනා ච: යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති න එවමාහ. අනුයොගො ච ඛො සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා’ති ඉති වදං ධම්මමෙව දෙසෙති.
මහණෙනි, කෙසේ උස්සාදන නො මැ වේ ද, අපසාදන නො වේ ද, ධර්මදේශනා වේ ද යත්: කාමප්රතිසන්ධියෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. ‘අනුයෝග සංඛ්‍යාත තෙල දහම දුඃඛ සහිත ය, උපඝාත සහිත ය, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපත්ති’ යයි මෙසේ කියනුයේ දහම් මැ කියයි.
‘යෙ කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනුයුත්තා හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නා’ති න එවමාහ. අනනුයොගො ච ඛො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා’ති ඉති වදං ධම්මමෙව දෙසෙති.
කාමප්රතිසන්ධිසුඛයෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. (ඒ සෞමනස්‍යානුයෝගයෙහි) නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක් ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේ වෙයි.
යෙ අත්තකිලමථානුයොගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නා’ති න එවමාහ: අනුයොගො ච ඛො සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදාති ඉති වදං ධම්මමෙව දෙසෙති.
යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. එහි අනුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යා ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේ වෙයි.
යෙ අත්තකිලමථානුයොගං අනනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථසංහිතං, සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නාති න එවමාහ: අනනුයොගො ච ඛො අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා’ති ඉති වදං ධම්මමෙව දෙසෙති.
යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිත, උපඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත වූ මනාව පිළිපන්හු යයි මෙසේ නො කියයි. එහි අනනුයෝගය යන තෙල දහම දුක් නැත්තේ යැ, උපඝාත නැත්තේ යැ, උපායාස නැත්තේ යැ, පරිදාහ නැත්තේ යැ, මනා පිළිවෙතෙකි යි මෙසේ කියනුයේ දහම මැ දෙසන්නේ වෙයි.
යෙසං කෙසඤ්චි භවසඤ්ඤොජනං අප්පහීනං, සබ්බෙ තෙ සදුක්ඛා සඋපඝාතා සඋපායාසා සපරිළාහා මිච්ඡාපටිපන්නාති න එවමාහ . භවසඤ්ඤොජනෙ ච ඛො අප්පහීනෙ භවොපි අප්පහීනො හොතී’ති ඉති වදං ධම්මමෙව දෙසෙති.
යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් ඇත්තෝ යැ, උපඝාත ඇත්තෝ යැ, උපායාස ඇත්තෝ යැ, පරිදාහ ඇත්තෝ යැ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. භවසංයෝජනය අප්‍රහීණ වත් මැ භවය ද අප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේ වේ.
යෙසං කෙසඤ්චි භවසඤ්ඤොජනං පහීනං සබ්බෙ තෙ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිළාහා සම්මාපටිපන්නාති න එවමාහ. භවසඤ්ඤොජනෙ ච ඛො පහීනෙ භවොපි පහීනො හොතීති ඉති වදං ධම්මමෙව දෙසෙති. එවං ඛො භික්ඛවෙ, නෙවුස්සාදනා හොති න අපසාදනා ධම්මදෙසනා ච.
යම් කෙනෙකුන්ට භවසංයෝජන ප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් නැත්තාහ, උපඝාත නැත්තාහ, උපායාස නැත්තාහ, පරිදාහ නැත්තාහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. භවසංයෝජනය ප්‍රහීණ වත් මැ භවය ද ප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේ වෙයි. මහණෙනි, මෙසේ හුවාලීම් නො වෙයි, හෙළාලීම් නො වෙයි, දහම්දෙසුමුදු වෙයි.
‘උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය, න අපසාදෙය්‍ය. ධම්මමෙව දෙසෙය්යා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘හුවාලීමුදු දන්නේ යැ, හෙළාලීමුදු දන්නේ යැ, හුවාලීමුදු දැන හෙළාලීමුදු දැන නො හුවන්නේ යැ, නො හෙළන්නේ යැ, දහම් මැ දෙසන්නේ’ යයි යම් බසෙක් කියන ලද ද මෙය තෙල් බස් පිණිස කියන ලදි.
සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්යා’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: පඤ්චිමෙ භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යං ඛො භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං මීළ්හසුඛං පුථුජ්ජනසුඛං අනරියසුඛං. න ආසෙවිතබ්බං න භාවෙතබ්බං න බහුලීකාතබ්බං, භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමි.
‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේ යයි මෙසේ තෙල බසෙක් කියනලද ද තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් අලවන චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝතවිඥේය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය වූ ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥේය වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් අලවන කායවිඥේය ස්පර්ෂ්ටව්යයෝ යැ. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සුඛසෞමනස්යයෙක් උපදනේ වේ ද මේ කාමසුඛය ‘මීඪසුඛ’ යයි ‘පෘථග්ජනසුඛ’ යයි කියනු ලැබේ. ආසේවන නො කළයුතු යැ, නො හැවියයුතු යැ, නො බිහිලි කළයුතු යැ මේ සුඛයෙන් බිය වියයුතු යැ යි කියමි.
ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධිසුඛං ආසෙවිතබ්බං භාවෙතබ්බං බහුලීකාතබ්බං, න භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමි. ‘සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්යා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ මැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මේ නෛෂ්ක්‍රම්‍යසුඛ යයි කියනු ලැබේ. ප්‍රවිවේකසුඛ වූ උපශමසුඛ වූ සම්බෝධසුඛ වූ මේ නෛෂ්ක්‍රම්‍යසුඛය ආසේවන කළයුතු යැ, හැවියයුතු යැ, බිහිලි කළයුතු යි. තෙල සුඛයෙන් නො බානේ යැයි කියමි. ‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේ යැ’ යි, මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල බස් පිණිස කියන ලදි.
‘රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං භණෙ’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ර භික්ඛවෙ, යං ජඤ්ඤා රහොවාදං අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සසක්කං තං රහොවාදං න භාසෙය්ය. යම්පි ජඤ්ඤා රහොවාදං භූතං තච්ඡං අනත්ථසංහිතං, තස්සපි සික්ඛෙය්ය අවචනාය. යඤ්ච ඛො ජඤ්ඤා රහොවාදං භූතං තච්ඡං අත්ථසංහිතං, තත්ර කාලඤ්ඤූ අස්ස තස්ස රහොවාදස්ස වචනාය. යත්ර භික්ඛවෙ, යංජඤ්ඤා සම්මුඛා ඛීණවාදං අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සසක්කං තං සම්මුඛා ඛීණවාදං න භාසෙය්ය. යම්පි ජඤ්ඤා සම්මුඛා ඛීණවාදං භූතං තච්ඡං අනත්ථසංහිතං, තස්සපි සික්ඛෙය්ය අවචනාය. යඤ්ච ඛො ජඤ්ඤා සම්මුඛා ඛීණවාදං භූතං තච්ඡං අත්ථසංහිතං, තත්ර කාලඤ්ඤූ අස්ස තස්ස සම්මුඛා ඛීණවාදස්ස වචනාය. ‘රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං භණෙ’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘පිසුනුබස් නො බණන්නේ යැ, හමියෙහිදු කිළිටිබස් නො බණන්නේ යැ’ යි, මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා යම් රහෝවාදයක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්‍ත්‍ථ සංහිත යැ’ යි ඒකාන්තයෙන් දන්නේ ද ඒ රහෝවාදය නො කියන්නේ යැ. යම් රහෝවාදයෙකුත් භූත යැ තථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එ ද නො කියනු සඳහා හික්මෙන්නේ යැ, යළි යම් රහෝවාදයක් භූත යැ තථ්‍ය යැ, අර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒ රහෝවාදය කියනු සඳහා කල් දන්නේ වන්නේ යැ. මහණෙනි, යම් තැනෙක්හි හමුයෙහි කියන කිලිටි බසක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ’ යි එකැතින් දන්නේ ද ඒ කිලිටිබස හමුයෙහි නො බණන්නේ යැ, හමුයෙහි කියන යම් ඛීණවාදයෙකුත් භූත යැ, තථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ යි දන්නේ ද එබස ද නො කියනු සඳහා හික්මෙන්නේ යැ, තවද හමුයෙහි කියන යම් කිලිටි බසක් භූත යැ තථ්‍ය යැ, අර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒ ක්ෂීණවාදය ප්‍රකාශ කරනු පිණිස කල් දන්නේ වන්නේ යැ. පිසුනුබස් නො බණන්නේ යැ, හමුයෙහි ගුණ තැන නො බණන්නේ යැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මේ තෙල බස් සඳහා කියනලදි.
‘අතරමානොව භාසෙය්ය, නො තරමානො’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: තත්ර භික්ඛවෙ, තරමානස්ස භාසතො කායොපි කිලමති, චිත්තම්පි උපහඤ්ඤති. සරොපි උපහඤ්ඤති. කණ්ඨොපි ආතුරීයති. අවිස්සට්ඨම්පි හොති අවිඤ්ඤෙය්යං තරමානස්ස භාසිතං. තත්ර භික්ඛවෙ, අතරමානස්ස භාසතො කායොපි න කිලමති. චිත්තම්පි න උපහඤ්ඤති. සරොපි න උපහඤ්ඤති. කණ්ඨොපි න ආතුරීයති. විසට්ඨම්පි හොති විඤ්ඤෙය්යං අතරමානස්ස භාසිතං. ‘අතරමානො ව භාසෙය්ය, නො තරමානො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘ත්වරිත නො වැ බණන්නේ යැ, ත්වරිත වැ නො බණන්නේ යැ’ යි මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා ත්වරමාන වැ බණන්නහුගේ කය ද ක්ලාන්ත වෙයි, සිත ද පෙළෙයි, ශබ්දය ද බිඳෙයි, ගෙල ද ගිලන් වෙයි. ත්වරමනයාගේ භාෂිතය අවිඍෂ්ට ද අවිඥේය ද වෙයි. අහනෙනි, එහිලා ත්වරිත නො වී බණන්නහුගේ කය ද නො වෙහෙසෙයි, සිත ද නො පෙළෙයි, හඬ ද නො බිඳෙයි, ගෙල ද නො ගිලන් වෙයි. ත්වරිත නො වූවහුගේ භාෂිතය විඍෂ්ට වූයේ විඥේය ද වෙයි. ‘අතුරිත ව බණන්නේ ය, තුරිත වැ නො බණන්නේ යැ’ යි යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියන ලදි.
‘ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්යා’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: කථඤ්ච භික්ඛවෙ, ජනපදනිරුත්තියා ච අභිනිවෙසො හොති සමඤ්ඤාය ච අතිසාරො: ඉධ භික්ඛවෙ, තදෙවෙකච්චෙසු ජනපදෙසු පාතීති සඤ්ජානන්ති, පත්තන්ති සඤ්ජානන්ති, විත්ථන්ති සඤ්ජානන්ති. සරාවන්ති සඤ්ජානන්ති, ධාරොපන්ති සඤ්ජානන්ති, පොණන්ති සඤ්ජානන්ති. පිසීලවන්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තෙසු තෙසු ජනපදෙසු සඤ්ජානන්ති. තථා තථා ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.
ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ, ලෝක ප්රඥප්තිය නො ඉක්මවන්නේ යැ’ යි මෙසේ තෙල කියනලද තෙල බස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, කිසෙයින් ජනපද නිරුක්තියෙහි අභිනිවේශත් වේ ද ලෝකව්යවහාරයාගේ ඉක්මීමත් වේ ද යත්: මහණෙනි, මෙහි එ මැ බඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්ථ’ යයි හඳුනති, ‘සරාව’ යයි හඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ ඒ බඳුන ඒ ඒ ජනවියෙහි යම් යම් සෙයෙකින් හඳුනත් ද ඒ ඒ පරිද්දෙන් දැඩි වැ පරාමර්ශ කොට අභිනිවේශ කොට ‘මෙ මැ සැබව, සෙස්ස සිසැ’ යි ව්‍යවහාර කෙරෙයි.
එවං ඛො භික්ඛවෙ, ජනපදනිරුත්තියා ච අභිනිවෙසො හොති. සමඤ්ඤාය ච අතිසාරො. කථඤ්ච භික්ඛවෙ, ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති, සමඤ්ඤාය ච අනතිසාරො: ඉධ භික්ඛවෙ, තදෙව එකච්චෙසු ජනපදෙසු පාතීති සඤ්ජානන්ති. පත්තන්ති සඤ්ජානන්ති. විත්ථන්ති සඤ්ජානන්ති. සරාවන්ති සඤ්ජානන්ති. ධාරොපන්ති සඤ්ජානන්ති. පොණන්ති සඤ්ජානන්ති. පිසීලවන්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තෙසු තෙසු ජනපදෙසු සඤ්ජානන්ති: ඉදං කිර මෙ ආයස්මන්තො සන්ධාය වොහරන්තීති. තථා තථා වොහරති අපරාමසති. එවං ඛො භික්ඛවෙ ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති. සමඤ්ඤාය ච අනතිසාරො. ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය සමඤ්ඤං නාතිධාවෙය්යා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්යවහාරයාගේ ඉක්ම යෑමද වෙයි. තවද මහණෙනි, ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්‍යවහාරය නො ඉක්මවීම ද කිසෙයින් වෙයි යත්: මහණෙනි, මෙහි එ මැ බඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්ථ’ යයි හඳුනති, ‘සරාව’ යයි හඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ එ බඳුන ඒ ඒ ජනවියෙහි යම් යම් පරිද්දෙකින් හඳුනත් ද ‘මෙ ආයුෂ්මත්හු මෙ සඳහා ව්‍යවහාර කෙරෙති’ යි ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරෙයි. දැඩි කොට නො ගනී. මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්‍යවහාරය නො ඉක්මවීම ද වෙයි. ‘ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ, ලෝකව්‍යවහාරය නො ඉක්මවන්නෙ යැ’ යි මෙසේ යමක් කියනලද ද තෙල මේ සඳහා කියන ලදී.
තත්ර භික්ඛවෙ, යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි කාමප්රතිසන්ධිසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථකර වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් වේ ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම ක්ලේශරණ සහිත යැ.
තත්ර භික්ඛවෙ, යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයොගො හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි කාමප්රතිසන්ධීන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ නිඃශ්‍රිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
තත්ර භික්ඛවෙ, යො අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථාවහ වූ යම් අත්තකිලමථානුයෝගයෙක් වේ ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
තත්ර භික්ඛවෙ, යො අත්තකිලමථානුයොගං අනනුයොගො දුක්ඛං අනරියං අනත්ථසංහිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථාවහ වූ අත්තකිලමථානුයෝගයෙහි යම් නොයෙදීමෙක් වේ ද තෙල දහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
තත්ර භික්ඛවෙ, යා’යං මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි නුවණැස කරන මාර්ගඥාන කරන යම් මධ්යමප්රතිපදායෙක් තථාගතයන් විසින් අවබෝධ කරනලද ද උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිවන් පිණිස පවත්නේ වේ ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
තත්ර භික්ඛවෙ, යා’යං උස්සාදනා ච අපසාදනා ච නො ච ධම්මදෙසනා, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් උස්සාදනයෙක් අපයාදනායෙක් ඇද්ද, ධර්මදේශනායෙක් නැද්ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
තත්ර භික්ඛවෙ, යා’යං නෙවුස්සාදනා න අපසාදනා ධම්මදෙසනා ච. අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි යම් උස්සාදනයෙක් නැද්ද අපයාදනායෙක් නැද්ද ධර්මදේශනායෙක් ඇද්ද තෙල දහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, එයින් තෙල දහම කෙලෙස් රණ රහිත යැ.
තත්ර භික්ඛවෙ, යමිදං කාමසුඛං මීළ්හසුඛං පොථුජ්ජනසුඛං අනරියසුඛං, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි මීඪසුඛ වූ පෘථග්ජනසුඛ වූ අනාර්ය්යසුඛ වූ යම් කාමසුඛයෙක් ඇද්ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
තත්ර භික්ඛවෙ, යමිදං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධිසුඛං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බොධිසුඛයෙක් ඇද්ද (යම් හෙයෙකින්) තෙල දහම නො දුක් වූයේ පීඩා රහිත වූයේ උපායාස රහිත වූයේ පරිදාහ රහිත වූයේ සම්‍යක්ප්‍රතිපත් වී ද එහෙයින් තෙල දහම් කෙලෙස්රණ රහිත යැ.
තත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො අභූතො අතච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් අභූත වූයේ අතථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත වූයේ ද තෙල දහම දුක් සහිත යැ, පීඩා සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත වූයේ තථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො අභූතො අතච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් අභූත අතථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ, සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො භූතො තච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ යැ, සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, යමිදං තරමානස්ස භාසිතං, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, තුරිත වූවහුගේ යම් භාෂිතයෙක් දුක් සහිත වූයේ ද තෙල දහම සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, යමිදං අතරමානස්ස භාසිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි අතුරිත වූවහුගේ යම් භාෂිතයෙක් නො දුක් වූයේ ද තෙල දහම අනුපඝාත, අනුපායාස, අපරිදාහ වූයේ සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්ම වේ.
තත්ර භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අභිනිවෙසො සමඤ්ඤාය ච අතිසාරො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙකුත් ලෝකව්‍යවහාරයෙහි අතිධාවනයෙකුත් දුක් සහිත වේ ද, තෙල දහම සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්ම වෙයි.
තත්ර භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො සමඤ්ඤාය ච අනතිසාරො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙක් ලෝකව්‍යවහාරයෙහි අනතිධාවනයෙක් ඇද්ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්ම නම් වේ යයි.
තස්මාතිහ භික්ඛවෙ, සරණඤ්ච ධම්මං ජානිස්සාම, අරණඤ්ච ධම්මං ජානිස්සාම. සරණඤ්ච ධම්මං ඤත්වා අරණඤ්ච ධම්මං ඤත්වා අරණපටිපදං පටිපජ්ජිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බං. සුභූති ච පන භික්ඛවෙ, කුලපුත්තො අරණපටිපදං පටිපන්නොති.
මහණෙනි, එහෙයින් මෙහි ලා සරණධර්මයත් දැනගනුම්හ, අරණධර්මයත් දැනගනුම්හ. සරණධර්මයත් දැන අරණධර්මයත් දැන අරණප්රතිපදායෙහි පිළිපදුම්හ’ යි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු. තවද මහණෙනි, සුභූති කුලපුත්‍ර අරණ ප්‍රතිපදාවට පිළිපන්නේ යයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ අරණවිභඞ්ගය වදාළසේක. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යයි.
අරණවිභඞ්ගසුත්තං නවමං.
නව වැනි අරණවිභඞ්ග සූත්‍ර යි.