උද්දෙසවිභඞ්ග සුත්තං
3. 4. 8.
3. 4. 8.
උද්දෙසවිභඞ්ග සුත්තං
උද්දේසවිභඞ්ග සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල උද්දේසවිභඞ්ගය වදාළ සේක.
උද්දෙසවිභඞ්ගං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
මහණෙනි, තොපට උද්දේස හා විභඞ්ග හා දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව. කියමි’යි වදාළහ.
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එසේ යැ වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. බුදුහු තෙල වදාළහ:
තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහට බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචර අධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කරන්නේ ද එපරිද්දෙන් මහණ තුලනා කරන්නේ යැ. මහණෙනි, බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණාපරිතස්සනා නො කරන්නාහට මත්තෙහි ජාතිජරාමරණ හා සෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.
අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, තථා තථා භික්ඛවෙ භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං. අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා’ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි ඒ වහන්දෑට තෙල සිත විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්ත්ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක. යම් යම් පරිද්දෙකින් විමසනුවහට බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, බාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසුරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මතුයෙහි ජාතිජරාමරණයාගේ ද අවශේෂ දුඃඛයාගේ ද සම්භවයෙක් නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්ත්ථ විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්‍ත්‍ථය කවරෙක් විභාග කරන්නේ දෝහෝ’යි.
අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො, තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා’ති. අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං:
ඉක්බිති ඒ වහන්දෑට තෙල සිත විය: මේ ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ත්ථ විභාග නොකළ මේ උද්දේසයාගේ විස්තර විසින් අර්ත්ථය විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහකසයින් තෙරණුවන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් අතින් තෙල අර්ත්ථය පුළුවුස්නමෝ නම් මැනැවැ’යි. ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු:
ඉදං ඛො නො ආවුසො කච්චාන, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. තෙසං නො ආවුසො කච්චාන, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි:
ඇවැත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්ත්ථ විභාග නො කොට විහාරයට පිවිසියහ. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරනුවහට බාහිර ආලම්බනයෙහි අවික්ෂිප්ත වැ නො විසිරැ විඥානය ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි අවිඍෂ්ට කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නොසැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ හා ශේෂ දුඃඛ සමුදයාගේ සම්භවය නො වේ යයි. ආයුෂ්මත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කාලයෙහි ඒ අපට තෙල සිත විය:
ඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ත්ථ විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරන ඔහුට වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නො සැලේ ද, ඒ ඒ පරිද්දෙන් මහණ තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරැ සිටි කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට නිකාන්ති වශයෙන් තණ්හා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාති ජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ ද සම්භවය නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝ හො’ යි.
තෙසං නො ආවුසො කච්චාන, අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො, තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති. විභජතායස්මා මහාකච්චානොති.
ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒ අපට තෙල සිත විය: ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් කාත්‍යායන තෙරණුවන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් යෙහෙකැ’ යි කියායි, ආයුෂ්මත් මහා කාත්‍යායනයෝ (එය) විභාග කෙරෙත්ව’යි.
සෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය, එවං සම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සො හා’වුසො, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාථා’ති.
ඇවැත්නි, යම් පරිදි හරයෙන් ප්‍රයෝජන ඇති හරය සොයන පුරුෂයෙක් හර පර්‍ය්‍යෙෂණ කරනුයේ ස්ථිර වැ සිටි සාරවත් වූ මහත් වෘක්ෂයක්හුගේ මුල ඉක්මවා මැ කඳ ඉක්මවා මැ පලාසයෙහි හර සෙවියයුතු කොට සිතා නම් මෙකරුණ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප අතින් පිළිවිස්සයුතු කොට සිතව, ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුතු ඥේයධර්‍මය නුවණින් දනිති, දැක්කයුතු දැය නුවණැසින් දකිති, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, ධර්මය පවසනුවහ, නන් අයුරින් පවසනුවහ, අර්ත්ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ. ධර්මස්වාමීහ, තථාගතයහ. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ මැ තෙල අර්ත්ථය පුළුවුස්නවු නම්, මෙයට එ මැ කල්වෙයි. යම් පරිදි අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනසේක් නම් එසෙයින් එය ධරන්නහු යයි.
අද්ධාවුසො කච්චාන, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි, යං භගවන්තංයෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම, යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාම. අපි චායස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුං කරිත්වාති.
ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුතු නුවණින් දන්නාහ, දැක්කයුතු නුවණැසින් දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, වක්තෘ වූහ, ප්රවකෘත් වූහ, අර්ත්ථය එළවා දක්වනුවහ, අමා දෙනුවහ, ධර්මස්වාමීහ, තථාගතයහ. යම් කරුණෙකින් තෙල අර්ත්ථය භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නමෝ නම් යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේට අප ප්‍රකාශ කරනසේක් ද, එසෙයින් එය ධරන්නමෝ නම් මෙයට එ මැ කල් වෙයි. එතෙකුදුවත් ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්වා’ යි.
තෙන හා’වුසො, සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති.
එසේ වී නම් ඇවැත්නි, අසව. මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාකච්චානො එතදවොච:
‘එසේ යැ ඇවැත්නි’යි ඒ වහන්දෑ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල වදාළහ:
යං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. ඉමස්ස ඛො අහං ආවුසො, භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහුගේ බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද, මහණ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වත් මැ නො විසිරෙත් මැ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටත් මැ උපාදාන වශයෙන් නො හෙන පරිතස්සනා නො කරන ඒ මහණහට මතුයෙහි ජාතිජරා මරණ හා දුඃඛසුමුදය සම්භවය නො වේ’යි. යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ත්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ත්ථ විභාග නො කරනලද මේ උද්දේසයාගේ මෙසේ විස්තර අර්ත්ථ අවබෝධ කොට දන්මි.
කථඤ්චාවුසො, බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති: ඉධාවුසො භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා රූපනිමිත්තානුසාරි විඤ්ඤාණං හොති. රූපනිමිත්තස්සාදගථිතං රූපනිමිත්තස්සාදවිනිබද්ධං රූපනිමිත්තස්සාදසංයොජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය ධම්මනිමිත්තානුසාරී විඤ්ඤාණං හොති. ධම්මනිමිත්තස්සාදගථිතං ධම්මනිමිත්තස්සාදවිනිබද්ධං ධම්මනිමිත්තස්සාදසංයොජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති. එවං ඛො ආවුසො බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසටන්ති වුච්චති.
ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය වික්ෂිප්ත වූයේ විසිරගියේ යැ’යි කියනු ලැබේ ද: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක රූ නිමිති අනුව ගිය විඥානය වේ ද රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ රූපනිමිත්තාස්වාදයෙන් වෙලීගිය රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්ෂිප්ත යැ’යි විසුරුණේ යැ’යි කියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ අඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කොට … මනසින් ධර්මය දැන ධර්මනිමිත්ත අනුව ගිය විඥානය වේ ද ධර්මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ ධර්මනිමිත්තාස්වාදයෙන් වෙළුණු ධර්මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්ෂිප්ත යැ’යි විසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි වූ විඥානය වික්ෂිප්ත යැ විසිරිණැ’යි කියනු ලැබේ.
කථඤ්චාවුසො, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති: ඉධාවුසො භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා න රූපනිමිත්තානුසාරි විඤ්ඤාණං හොති. න රූපනිමිත්තස්සාදගථිතං න රූපනිමිත්තස්සාදවිනිබද්ධං, න රූපනිමිත්තස්සාදසංයොජනසංයුත්තං, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න ධම්මනිමිත්තානුසාරී විඤ්ඤාණං හොති. න ධම්මනිමිත්තස්සාදගථිතං, න ධම්මනිමිත්තස්සාදවිනිබද්ධං, න ධම්මනිමිත්තස්සාදසංයොජනසංයුත්තං බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති. එවං ඛො ආවුසො, බහිද්ධා විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති වුච්චති.
ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’ යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක විඥානය රූපනිමිත්ත අනුව යන්නේ නො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද, රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරිණැ’යි කියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ අඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කොට ... සිතින් දහම් දැන විඥානය ධර්මනිමිත්ත අනුව යන්නේ නො වේ ද ධර්මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද ධර්මනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද ධර්මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ යි කියනු ලැබේ.
කථඤ්චාවුසො අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති: ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස විවෙකජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති. විවෙකජපීතිසුඛස්සාදගථිතං විවෙකජපීතිසුඛස්සාදවිනිබද්ධං විවෙකජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.
ඇවැත්නි, කෙසේ නම් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව යන විඥානය වෙයි. විවේකජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූ විවේකජ ප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණු විවේකජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වෙයි. සිත ගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ’යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති සමාධිජපීතිසුඛස්සාදගථිතං සමාධිජපීතිසුඛස්සාදවිනිබද්ධං සමාධිජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.
තවද ඇවැත්නි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිතෙහි පැහැදීම් ඇති චිත්තෛකාග්‍රතා ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය සමාධිජ ප්‍රීතිසුඛය අනුව යන්නේ වේ. සමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ සමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණේ සමාධිජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස උපෙක්ඛාසුඛානුසාරි විඤ්ඤාණං හොති, උපෙක්ඛාසුඛස්සාදගථිතං උපෙක්ඛාසුඛස්සාදවිනිබද්ධං උපෙක්ඛාසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂක වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ වාස කෙරෙයි. සුඛය ද කයින් විඳියි . ආර්‍ය්‍යයෝ ‘උපේක්ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇති’යි යම් ධ්‍යානයක් කියත් ද ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය උපේක්ෂා සුඛය අනුව යන්නේ වෙයි. උපේක්ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ උපේක්ෂා සුඛාස්වාදයෙන් වෙළුණේ උපේක්ෂා සුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හොති. අදුක්ඛමසුඛස්සාදගථිතං අදුක්ඛමසුඛස්සාදවිනිබද්ධං අදුක්ඛමසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති. එවං ඛො ආවුසො, අජ්ඣත්තං චිත්තං සණ්ඨිතන්ති වුච්චති.
තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට අදුඃඛාසුඛවේදනා අනුව යන විඥානය වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ අදුඃඛාසුඛාස්වාදයෙන් වෙළුණේ අදුඃඛාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.
කථඤ්චාවුසො, අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති: ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න විවෙකජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති. න විවෙකජපීතිසුඛස්සාදගථිතං න විවෙකජපීතිසුඛස්සාදවිනිබද්ධං න විවෙකජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.
ඇවැත්නි, කිසෙයින් ‘ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහට විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න සමාධිජපීතිසුඛානුසාරි විඤ්ඤාණං හොති. න සමාධිජපීතිසුඛස්සාදගථිතං න සමාධිජපීතිසුඛස්සාදවිනිබද්ධං න සමාධිජපීතිසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති .
තවද ඇවැත්නි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහට සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න උපෙක්ඛාසුඛානුසාරි විඤ්ඤාණං හොති. න උපෙක්ඛාසුඛස්සාදගථිතං න උපෙක්ඛාසුඛස්සාදවිනිබද්ධං න උපෙක්ඛාසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට උපේක්ෂා සුඛය අනුව යන විඥානය නො වෙයි. උපේක්ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ උපේක්ෂා සුඛාස්වාදයෙන් නො වෙළුණේ උපේක්ෂාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’ යි කියනු ලැබේ.
පුන චපරං ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස න අදුක්ඛමසුඛානුසාරි විඤ්ඤාණං හොති. න අදුක්ඛමසුඛස්සාදගථිතං න අදුක්ඛමසුඛස්සාදවිනිබද්ධං න අදුක්ඛමසුඛස්සාදසංයොජනසංයුත්තං අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති. එවං ඛො ආවුසො, අජ්ඣත්තං චිත්තං අසණ්ඨිතන්ති වුච්චති.
තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහට අදුඃඛාසුඛය අනුව යන විඥානය නො වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ අදුඃඛාසුඛාස්වාදයෙන් නො වෙළුණේ අදුඃඛාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
කථඤ්චාවුසො, අනුපාදා පරිතස්සනා හොති: ඉධාවුසො, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස රූපවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති. විඝාතවා ච අපෙක්ඛවා ච අනුපාදාය ච පරිතස්සති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා අනුපාදාය ච පරිතස්සති. එවං ඛො ආවුසො, අනුපාදා පරිතස්සනා හොති.
ඇවැත්නි, කිසෙයින් උපාදානය නො කොට පරිතස්සනා වෙයි යත්: ඇවැත්නි, මෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්ය්යධර්මයට අදක්ෂ වූයේ ආර්ය්යධර්මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්මයට අදක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් විපර්‍ය්‍යාසයෙන් දකියි. තමා රූපවත් කොට ද දකියි. තමා කෙරෙහි රූපය ද රූපය කෙරෙහි තමා ද දකියි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි. අන්යථාත්ව ඇති වෙයි. ඔහුට රූපවිපරිණාම අන්‍යථාභාව හේතුයෙන් රූපවිපරිණාම අනුව වැටෙන විඥාන වෙයි. ඔහුගේ රූපවිපරිණාමානු පරිවර්තනයෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ කුසල් සිත ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇතියේ ද වෙයි, උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා කෙරෙයි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් විපර්‍ය්‍යාස වශයෙන් දකියි. ආත්මය විඥානවත් කොට ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකියි. ඔහුගේ ඒ විඥාන පෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුයෙන් විඥානවිපරිණාමය අනුව වැටෙන විඥාන වෙයි. ඔහුගේ විඥානවිපරිණාමානු පරිවර්තනයෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ සිත ක්ෂය කොට සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇත්තේ ද වෙයි. නො ගෙනත් පරිතස්සනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනුපාදා පරිතස්සනා වෙයි.
කථඤ්චාවුසො, අනුපාදා අපරිතස්සනා හොති: ඉධාවුසො, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා න ච රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න රූපවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා න චෙව උත්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා අනුපාදාය ච න පරිතස්සති. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා න ච විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති, චෙතසො පරියාදානා න චෙව උත්තාසවා හොති. න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති. එවං ඛො ආවුසො, අනුපාදා අපරිතස්සනා හොති.
ඇවැත්නි, කෙසේ නම් ‘අනුපාදා අපරිතස්සනා වේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්ය්යධර්මය පිළිබඳ කෝවිද වූ ආර්ය්යධර්මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්මය පිළිබඳ කෝවිද වූ සත්පුරුෂ ධර්මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම රූපය ආත්ම වශයෙන් ගෙන විපර්‍ය්‍යාස විසින් නො දක්නේ යැ. ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ. ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ. රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුට ඒ රූපය පෙරැළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට රූප විපරිණාම හා අන්‍යථාභාව හේතුවින් රූප විපරිණාමය අනුව වැටෙන විඥාන නො වෙයි. ඔහුට රූප විපරිණාමය අනුව වැටීමෙන් උපදනා පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ සිත නො ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුවින් උත්‍රාස ඇතියේ ද නො වෙයි. දුක් ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ ද නො වෙයි. උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා නො කෙරෙයි. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ යැ ... සංඥා ආත්ම වශයෙන් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම වශයෙන් නො දක්නේ යැ ... විඥාන ආත්ම වශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ. ආත්මයෙහි විඥානය ද නො දක්නේ යැ. විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුගේ විඥානය පෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුවින් විඥාන විපරිණාමය අනුව යන විඥාන නො ද වෙයි. ඔහුට විඥාන විපරිණාමය අනුව වැටීමෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ සිත පැහැරගෙන නො සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද නො වෙයි. දුක් ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ නො ද වෙයි. උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් ‘අනුපාදා අපරිතස්සනා’ වෙයි.
යං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය, බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතීති. ඉමස්ස ඛො අහං ආවුසො, භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො, භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරොති, තථා නං ධාරෙය්යාථා’ති.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් යම් උද්දේසයක් උදෙසා විස්තර විසින් අර්ත්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී වැඩිසේක් ද මහණෙනි, යම් යම් පරිදි තුලනා කරන ඔහුගේ බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරේ ද, මහණ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නො කරන්නහුට ජාතිජරාමරණ දුඃඛයන්ගේ පහළවීම නො වේ යයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ත්ථ විභාග නො කරන ලද මේ උද්දේසයාගේ විස්තර වශයෙන් මෙසේ අර්ත්ථ අවබෝධ කොට දන්මි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් බුදුන් කරා මැ එළැඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්සේ විභාග කොට වදාරනසේක් ද එසේ එය ධරව.
අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: යං ඛො නො භන්තෙ, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. තථා තථා භික්ඛවෙ භික්ඛු උපපරික්ඛෙය්ය යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති. තෙසං නො භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි:
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ත්ථ විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද ‘මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනා කරන ඒ මහණහුගේ බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද මහණ තෙමේ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වත් මැ නො විසිරෙත් මැ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටත් මැ උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නො කරන ඒ මහණහට මතුයෙහි ජාතිජරාමරණ හා දුඃඛසමුදය සම්භවය නො වේ’ යයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි මැ අපට මේ සිත විය.
ඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. තථා තථා භික්ඛවෙ භික්ඛු උපපරික්ඛෙය්ය, යථා යථාස්සු උපපරික්ඛතො බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය, බහිද්ධා භික්ඛවෙ, විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ, අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී’ති.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ත්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. “මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරන ඔහුට වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වූයේ අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරු සිටි කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ ද සම්භවයෙක් නො වේ” යයි.
කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති: තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා’ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝහෝ’ යි. වහන්ස, ඒ අපට තෙල සිත විය. මේ ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය විස්තර විසින් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ තෙල අර්ත්ථය ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුස්නමෝ නම් මැනැවැයි.
අථ ඛො මයං භන්තෙ, යෙනායස්මා මහාකච්චානො, තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි අත්ථො විභත්තො’ති.
වහන්ස, ඉක්බිති ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළැඹියම්හ. එළැඹ තෙල අර්ත්ථය ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුසුම්හ. වහන්ස, අපට ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් විසින් මේ අයුරින් මේ පෙදෙන් මේ බ්‍යඤ්ජනයෙන් අර්ත්ථය විභාග කරන ලද්දේ යයි.
පණ්ඩිතො භික්ඛවෙ, මහාකච්චානො, මහාපඤ්ඤො භික්ඛවෙ, මහාකච්චානො. මඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි තං එවමෙවං ව්යාකරෙය්යං, යථා තං මහාකච්චානෙන බ්යාකතං. එසො චෙවෙතස්ස අත්ථො. එවං ච නං ධාරෙය්යාථාති.
මහණෙනි, මහාකාත්‍යායන පණ්ඩිත යැ, මහණෙනි, මහාකාත්‍යායන මහාප්‍රාඥ යැ, ඉදින් මහණෙනි, තෙපි තෙල අර්ත්ථය මයිදු පුළුවුස්නහු නම් මම ද එය එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. යම්සේ මහාකාත්‍යායනයන් විසින් එය ප්‍රකාශ කරනලද ද තෙල උද්දේසයාගේ තෙලෙ මැ අර්ත්ථ වෙයි, එය එසේ මැ ධරන්නහු යයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.
උද්දෙසවිභඞ්ග සුත්තං අට්ඨමං.
අට වැනි උදේදසවිභඞ්ග සූත්‍ර යි.