යෙදුමෙන් කියවන්න

උද‍්දෙසවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

උද‍්දෙසවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා

උද්දේසවිභඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති උද‍්දෙසවිභඞ‍්ගසුත‍්තං. තත්‍ථ උද‍්දෙසවිභඞ‍්ගන‍්ති උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච, මාතිකඤ‍්ච විභජනඤ‍්චාති අත්‍ථො. උපපරික‍්ඛෙය්‍යාති තුලෙය්‍ය තීරෙය්‍ය පරිග‍්ගණ‍්හෙය්‍ය පරිච‍්ඡින්‍දෙය්‍ය. බහිද‍්ධාති බහිද‍්ධාආරම‍්මණෙසු. අවික‍්ඛිත‍්තං අවිසටන‍්ති නිකන‍්තිවසෙන ආරම‍්මණෙ තිට‍්ඨමානං වික‍්ඛිත‍්තං විසටං නාම හොති, තං පටිසෙධෙන‍්තො එවමාහ. අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතන‍්ති ගොචරජ‍්ඣත‍්තෙ නිකන‍්තිවසෙන අසණ‍්ඨිතං. අනුපාදාය න පරිතස‍්සෙය්‍යාති අනුපාදියිත්‍වා අග‍්ගහෙත්‍වා තං විඤ‍්ඤාණං න පරිතස‍්සෙය්‍ය. යථා විඤ‍්ඤාණං බහිද‍්ධා අවික‍්ඛිත‍්තං අවිසටං, අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතං අනුපාදාය න පරිතස‍්සෙය්‍ය, එවං භික‍්ඛු උපපරික‍්ඛෙය්‍යාති වුත‍්තං හොති. ජාතිජරාමරණදුක‍්ඛසමුදයසම‍්භවොති ජාතිජරාමරණස‍්ස චෙව අවසෙසස‍්ස ච දුක‍්ඛස‍්ස නිබ‍්බත‍්ති න හොතීති අත්‍ථො.

එවම්මෙසුතන්ති යනු මා විසින් උද්දේසවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි උද්දෙසවිභංගන්ති උද්දේශය ද විභංගය ද බෙදීම ද යන තේරුමයි. උපපරීක්ඛෙය්‍යාති ප්‍රමාණය කරන්නේ ය. තීරණය කරන්නේ ය. පිරිසිඳින්නේ ය. බහිද්ධාති පිට අරමුණුවල අවික්ඛිත්තං අවිසටන්ති නිකන්ති වශයෙන් අරමුණෙහි පිහිටන වික්ඛිත්තය විසට නම් වෙයි. එය අවබෝධ කරන්නේ මෙසේ කීය. අජ්ඣත්තං අසණ්ඨිතන්ති ගෝචර අධ්‍යාත්මයෙහි නියන්ති වශයෙන් නොසිටින ලද අනුපාදාය න පරිතස්සෙය්‍යාති ඒ විඥානය නොගෙන පීඩිත නොවන්නේ ය. යම්සේ විඥානය පිටත නොහරින ලද අධ්‍යාත්මය නොසිටින ලද තැති නොගන්නේ ය. මෙසේ භික්‍ෂුව පරීක්‍ෂා කරන්නේ යැයි කියන ලදි. ජාති, ජරා, මරණ, දුක්ඛ, සමුදය, සම්භවො ජාති ජරා මරණයාගේ ද අවශේෂ දුක්ඛයාගේ ද ඉපදීම නොවේ යැයි යන තේරුමයි.

රූපනිමිත‍්තානුසාරීති රූපනිමිත‍්තං අනුස‍්සරති අනුධාවතීති රූපනිමිත‍්තානුසාරී.

රූපනිමිත්තානුසාරීති රූප නිමිත්ත සිහි කරයි. රූපනිමිත්තානුසාරි නම් වේ.

එවං ඛො, ආවුසො, අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතන‍්ති නිකන‍්තිවසෙන අසණ‍්ඨිතං. නිකන‍්තිවසෙන හි අතිට‍්ඨමානං හානභාගියං න හොති, විසෙසභාගියමෙව හොති.

එවං ඛො අවුසො අජ්ඣත්තං අසණ්ඨිතන්ති නියත්ති වශයෙන් නොසිටින ලද හානභාගිය නොවෙයි. විශේෂභාගිය වෙයි.

අනුපාදා පරිතස‍්සනාති සත්‍ථාරා ඛන්‍ධියවග‍්ගෙ “උපාදාපරිතස‍්සනඤ‍්ච වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි අනුපාදාඅපරිතස‍්සනඤ‍්චා”ති (සං· නි· 3.7) එවං ගහෙත්‍වා පරිතස‍්සනා, අග‍්ගහෙත්‍වාව අපරිතස‍්සනා ච කථිතා, තං මහාථෙරො උපාදාපරිතස‍්සනමෙව අනුපාදාපරිතස‍්සනන‍්ති කත්‍වා දස‍්සෙන‍්තො එවමාහ. කථං පනෙසා අනුපාදාපරිතස‍්සනා හොතීති. උපාදාතබ‍්බස‍්ස අභාවතො. යදි හි කොචි සඞ‍්ඛාරො නිච‍්චො වා ධුවො වා අත‍්තා වා අත‍්තනියො වාති ගහෙතබ‍්බයුත‍්තකො අභවිස‍්ස, අයං පරිතස‍්සනා උපාදාපරිතස‍්සනාව අස‍්ස. යස‍්මා පන එවං උපාදාතබ‍්බො සඞ‍්ඛාරො නාම නත්‍ථි, තස‍්මා රූපං අත‍්තාතිආදිනා නයෙන රූපාදයො උපාදින‍්නාපි අනුපාදින‍්නාව හොන‍්ති. එවමෙසා දිට‍්ඨිවසෙන උපාදාපරිතස‍්සනාපි සමානා අත්‍ථතො අනුපාදාපරිතස‍්සනායෙව නාම හොතීති වෙදිතබ‍්බා.

අනුපාදාපරිතස්සනාති බුදුරදුන් ඛන්ධක වර්ගයෙහි මහණෙනි, නුඹලාට උපාදා පරිතස්සය දේශනා කරනෙමි. අනුපාදා පරිතස්සය ද දේශනා කරන්නෙමි. මෙසේ ගෙන පරිතස්සය නොගෙන ම අපරිතස්සය කියන ලදි. එය මහ තෙරුන් උපාදා පරිතස්සය ම අනුපාදා ග්‍රහනය කළ අත්තක් කොට පෙන්වන්නේ මෙසේ කීය. කෙසේ නම් අනුපාදා පරිතස්සය වේද නොවීමෙනි. ඉදින් කිසි සංස්කාරයක් නිත්‍ය හෝ ස්ථිර හෝ ආත්මය හෝ අත්තනිය හෝ යැයි ගත යුත්තක් නොවන්නේ ය. මේ පරිතස්සනාව උපාදා පරිතස්සනාව වන්නේය. යම් හෙයකින් මෙසේ උපාදා සංස්කාරයක් නම් නැත. එහෙයින් රූපය ආත්මය යැයි ආදී ක්‍රමයෙන් රූපාදීහු උපාදින්න ද අනුපාදින්න ද වෙත්. මෙසේ මෙය දෘෂ්ටි වශයෙන් උපාදා පරිතස්සනාව හා සමාන වේ යැයි දත යුතුයි.

අඤ‍්ඤථා හොතීති පරිවත‍්තති පකතිජහනෙන නස‍්සති, රූපවිපරිණාමානුපරිවත‍්තීති “මම රූපං විපරිණත”න‍්ති වා, “යං අහු, තං වත මෙ නත්‍ථී”ති වා ආදිනා (ම· නි· 1.242) නයෙන කම‍්මවිඤ‍්ඤාණං රූපස‍්ස භෙදානුපරිවත‍්ති හොති. විපරිණාමානුපරිවත‍්තජාති විපරිණාමස‍්ස අනුපරිවත‍්තනතො විපරිණාමාරම‍්මණචිත‍්තතො ජාතා.

අඤ්ඤථා හොතී පෙරළෙයි. ප්‍රකෘති හැරීමෙන් නැසෙයි. රූපවිපරිණාමානුපරිවත්තීති මාගේ රූපය පෙරලුණේ යැයි හෝ යමෙක් වූයේ ද එයම ඒකාන්තයෙන් නැතැයි හෝ ආදී ක්‍රමයෙන් කර්මයේ දැනීම රූපයේ භේදානුපරිවත්තය වෙයි. විපරිණාම පරිවත්තය ජාති විපරිණාමයාගේ අනුපරිවර්තනයෙන් විපරිණාමාරම්මණ සිතින් විය.

පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදාති තණ‍්හාපරිතස‍්සනා ච අකුසලධම‍්මසමුප‍්පාදා ච. චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්තීති කුසලචිත‍්තං පරියාදියිත්‍වා ගහෙත්‍වා ඛෙපෙත්‍වා තිට‍්ඨන‍්ති. උත‍්තාසවාති භයතාසෙනපි සඋත‍්තාසො තණ‍්හාතාසෙනපි සඋත‍්තාසො. විඝාතවාති සවිඝාතො සදුක‍්ඛො. අපෙක‍්ඛවාති සාලයො සසිනෙහො. එවං ඛො, ආවුසො, අනුපාදා පරිතස‍්සනා හොතීති එවං මණිකරණ‍්ඩකසඤ‍්ඤාය තුච‍්ඡකරණ‍්ඩකං ගහෙත්‍වා තස‍්මිං නට‍්ඨෙ පච‍්ඡා විඝාතං ආපජ‍්ජන‍්තස‍්ස විය පච‍්ඡා අග‍්ගහෙත්‍වා පරිතස‍්සනා හොති.

පරිතස්සනා ධම්මසමුප්පාදා තෘණා පරිතස්සනාව අකුසල ධම්මසමුප්පාදය ද වෙයි. චිත්තං පරියාදාය තිට්ඨන්තීති කුසල් සිත ගෙන ක්‍ෂය කොට සිටිත්. උත්තාසවාති බියෙන් තැති ගැනීම සඋත්ත්‍රාසය නමි. තෘෂ්ණාවෙන් තැති ගැනීම ද උත්ත්‍රාසය නමි. විඝාතවාති දුක් සහිතය. අපෙක්ඛවාති ආලය සහිතය. එවං ඛො ආවුසො අනුපාදාපරිතස්සනා හොතීති මෙසේ මැණික් කරඬු සංඥාවෙන් හිස් කරඬුවක් ගෙන එය නැසුණු කල්හි පසුව දුකට පැමිණෙන්නාහු මෙන් නොගෙන තැවීම වෙයි.

න ච රූපවිපරිණාමානුපරිවත‍්තීති ඛීණාසවස‍්ස කම‍්මවිඤ‍්ඤාණමෙව නත්‍ථි, තස‍්මා රූපභෙදානුපරිවත‍්ති න හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

න රූපවිපරිණාමානුපරිවත්තීති රහතන් වහන්සේලාට කර්ම විඥානය නැත. එහෙයින් රූපභේදානුපරිවත්තිය නොවෙයි කියන්නට වටියි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය උද‍්දෙසවිභඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උද්දේස විභංග සූත්‍ර වර්ණනාව නිමි.

අරණවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා

අරණවිභඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අරණවිභඞ‍්ගසුත‍්තං. තත්‍ථ නෙවුස‍්සාදෙය්‍ය න අපසාදෙය්‍යාති ගෙහසිතවසෙන කඤ‍්චි පුග‍්ගලං නෙව උක‍්ඛිපෙය්‍ය න අවක‍්ඛිපෙය්‍ය. ධම‍්මමෙව දෙසෙය්‍යාති සභාවමෙව කථෙය්‍ය. සුඛවිනිච‍්ඡයන‍්ති විනිච‍්ඡිතසුඛං. රහො වාදන‍්ති පරම‍්මුඛා අවණ‍්ණං, පිසුණවාචන‍්ති අත්‍ථො. සම‍්මුඛා න ඛීණන‍්ති සම‍්මුඛාපි ඛීණං ආකිණ‍්ණං සංකිලිට‍්ඨං වාචං න භණෙය්‍ය. නාභිනිවෙසෙය්‍යාති න අධිට‍්ඨහිත්‍වා ආදාය වොහරෙය්‍ය. සමඤ‍්ඤන‍්ති ලොකසමඤ‍්ඤං ලොකපණ‍්ණත‍්තිං. නාතිධාවෙය්‍යාති නාතික‍්කමෙය්‍ය.

එවම්මෙසුතන්ති යනු මා විසින් අරණවිභංග සූත්‍රය මෙසේ අසන ලදී. එහි නෙවුස්සාදෙය්‍ය න අපසාදෙය්‍යාති ගේහසිත වශයෙන් කිසි පුද්ගලයෙක් උසස් පහත් නො කරන්නේ ය. ධම්මමෙව දෙය්‍යාති ස්වභාවය ම කියන්නේ ය. සුඛ විනිච්ඡයන්ති විනිශ්චය කරන ලද සැපයයි. රහො වදන්ති නොඉදිරියෙහි නුගුණ කේළාම් කියත් යන තේරුමයි. සම්මුඛා න බිණන්ති ඉදිරියෙහි ක්‍ෂයවීම් ආකීර්ණ වූ කිළිටි වචන නො කියන්නේ ය. නාභිනිවෙසෙය්‍යාති අධිෂ්ඨාන කොට ගෙන ව්‍යවහාර නො කරන්නේ ය. සමඤ්ඤන්ති ලෝක පැණවීමයි. නාතිධාවෙය්‍යාති නො ඉක්මවන්නේ ය.

කාමපටිසන්‍ධිසුඛිනොති කාමපටිසන්‍ධිනා කාමූපසංහිතෙන සුඛෙන සුඛිතස‍්ස. සදුක‍්ඛොති විපාකදුක‍්ඛෙන සංකිලෙසදුක‍්ඛෙනපි සදුක‍්ඛො. සඋපඝාතොති විපාකූපඝාතකිලෙසූපඝාතෙහෙව සඋපඝාතො. තථා සපරිළාහො. මිච‍්ඡාපටිපදාති අයාථාවපටිපදා අකුසලපටිපදා.

කාමපටිසන්‍ධි සුඛිනොති කාම ප්‍රතිසන්ධියෙන් කාමයෙන් යුතු සැපයෙන් සැපයට පැමිණියහුගේ සදුක්ඛොති විපාක දුකෙන් ද දුක් සහිතය. සඋපඝාතොති විපාකයන් නැසීම ද ක්ලේශයන් නැසීම ද සඋපඝාත නමි. සපරිළාහ යනු ද එසේමය. මිච්ඡාපටිපදාති අකුසල් ප්‍රතිපදාවයි.

ඉත්‍ථෙකෙ අපසාදෙතීති එවං ගෙහසිතවසෙන එකච‍්චෙ පුග‍්ගලෙ අපසාදෙති. උස‍්සාදනෙපි එසෙව නයො. භවසංයොජනන‍්ති භවබන්‍ධනං, තණ‍්හායෙතං නාමං.

ඉත්‍ථෙකෙ අපසාදෙතීති මෙසේ ගේහසිත වශයෙන් ඇතැම් පුද්ගලයන් අප්‍රසාදනය කරයි. උස්සාදනයෙහි ද මේ ක්‍රමයයි. භවසංයොජනන්ති භවයෙහි බැඳීම් ඇති කරන තෘෂ්ණාව මෙයට නමකි.

සුභූතිත්‍ථෙරො කිර ඉමං චතුක‍්කං නිස‍්සාය එතදග‍්ගෙ ඨපිතො. භගවතො හි ධම‍්මං දෙසෙන‍්තස‍්ස පුග‍්ගලානං උස‍්සාදනාඅපසාදනා පඤ‍්ඤායන‍්ති, තථා සාරිපුත‍්තත්‍ථෙරාදීනං. සුභූතිත්‍ථෙරස‍්ස පන ධම‍්මදෙසනාය “අයං පුග‍්ගලො අප‍්පටිපන‍්නකො අනාරාධකො”ති වා, “අයං සීලවා ගුණවා ලජ‍්ජිපෙසලො ආචාරසම‍්පන‍්නො”ති වා නත්‍ථි, ධම‍්මදෙසනාය පනස‍්ස “අයං මිච‍්ඡාපටිපදා, අයං සම‍්මාපටිපදා”ත්‍වෙව පඤ‍්ඤායති. තස‍්මා භගවා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං අරණවිහාරීනං යදිදං සුභූතී”ති ආහ.

සුභූති තෙරුන් මේ චතුෂ්කය නිසා අගතනතුරෙහි සිටියේය. බුදුරදුන්ට ධර්ම දේශනා කරන පුද්ගලයන්ගේ උස්සාදන පසාදන පෙනෙත්. සැරියුත් තෙරුන් ආදීන්ගේ ද එසේමය. සුභූති තෙරුන්ට ධර්ම දේශනා කිරීමේ දී මේ පුද්ගලයා නො පිළිපන්නෙකි. සිත් නො ගත්තෙකි යි හෝ මොහු සිල් ඇත්තෙකි. ගුණ ඇත්තෙකි. ලජ්ජා සහිත කෙනෙකි. ආචාර සම්පන්න කෙනෙකි යි හෝ නැත. උන්වහන්සේගේ ධර්ම දේශනාවෙන් මේ මිථ්‍යා ප්‍රතිපදාවය මේ සම්‍යක් ප්‍රතිපදාවය යැයි පෙනෙයි. එහෙයින් බුදුරදුන් මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් සුභූති තෙරුන් අරණවිහාරීන් අතර අග්‍රස්ථානය යැයි කීය.

කාලඤ‍්ඤූ අස‍්සාති අසම‍්පත‍්තෙ ච අතික‍්කන‍්තෙ ච කාලෙ අකථෙත්‍වා “ඉදානි වුච‍්චමානං මහාජනො ගණ‍්හිස‍්සතී”ති යුත‍්තපත‍්තකාලං ඤත්‍වාව පරම‍්මුඛා අවණ‍්ණං භාසෙය්‍ය. ඛීණවාදෙපි එසෙව නයො.

කාලඤ්ඤු අස්සාති නොපැමිණි කාලයෙහි නොකියා දැන් කියනු ලබන්නේ මහජනතාව ගන්නේ යැයි යුතු කාලය දැනගෙන ම ඉදිරියෙහි අගුණ කියන්නේ ය. ඛීණාවාදයෙහි ද මේ ක්‍රමයයි.

උපහඤ‍්ඤතීති ඝාතියති. සරොපි උපහඤ‍්ඤතීති සද‍්දොපි භිජ‍්ජති. ආතුරීයතීති ආතුරො හොති ගෙලඤ‍්ඤප‍්පත‍්තො සාබාධො. අවිස‍්සට‍්ඨන‍්ති විස‍්සට‍්ඨං අපලිබුද‍්ධං න හොති.

උපභඤ්ඤතීති නසනු ලබයි. සරොපි භඤ්ඤතීති ශබ්දය ද බිඳෙයි. ආතුරියතීති ආතුරව ගිලන් බවට පැමිණියේ වෙයි. [missing trans]

තදෙවාති තංයෙව භාජනං. අභිනිවිස‍්ස වොහරතීති පත‍්තන‍්ති සඤ‍්ජානනජනපදං ගන‍්ත්‍වා “පත‍්තං ආහරථ ධොවථා”ති සුත්‍වා “අන්‍ධබාලපුථුජ‍්ජනො, නයිදං පත‍්තං, පාති නමෙසා, එවං වදාහී”ති අභිනිවිස‍්ස වොහරති. එවං සබ‍්බපදෙහි යොජෙතබ‍්බං. අතිසාරොති අතිධාවනං.

තදෙවාති ඒ භාජනයයි. අභිනිවිස්ස වොහරතීති හඳුනන දනව්වකට ගොස් භාජනය ගෙනෙව් සෝදව් යැයි අසා අඳ බාල පෘථග්ජනයා මේ භාජනය නොවෙයි. මේ තැලිය නොවෙයි. මෙසේ කියවයි. අභිනිවේසයට ව්‍යවහාර කරයි. මෙසේ සියලු පදයන් හා යෙදිය යුතුයි. අතිසාරොති අධිකව දුවයි.

තථා තථා වොහරති අපරාමසන‍්ති අම‍්හාකං ජනපදෙ භාජනං පාතීති වුච‍්චති, ඉමෙ පන නං පත‍්තන‍්ති වදන‍්තීති තතො පට‍්ඨාය ජනපදවොහාරං මුඤ‍්චිත්‍වා පත‍්තං පත‍්තන‍්තෙව අපරාමසන‍්තො වොහරති. සෙසපදෙසුපි එසෙව නයො.

තථා තථා වොහරති අපරාමසන්ති අපේ දනව්වෙහි භාජනයට තලිය යැයි කියයි. මොහු වනාහි එය පාත්‍රය යැයි කියත් ද එතැන් පටන් ජනපද ව්‍යවහාරය මුදා පාත්‍රය පාත්‍රය යැයි පරාමර්ශනය නොකිරීමෙන් ව්‍යවහාර කරයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි.

ඉදානි මරියාදභාජනීයං කරොන‍්තො තත්‍ර, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සරණොති සරජො සකිලෙසො. අරණොති අරජො නික‍්කිලෙසො. සුභූති ච පන, භික‍්ඛවෙති අයං ථෙරො ද‍්වීසු ඨානෙසු එතදග‍්ගං ආරුළ‍්හො “අරණවිහාරීනං යදිදං සුභූති, දක‍්ඛිණෙය්‍යානං යදිදං සුභූතී”ති (අ· නි· 1.202).

දැන් සීමාවන් බෙදන්නේ තත්‍ර භික්ඛවෙති යනාදිය කීය. එහි සරණොති කෙලෙස් සහිතය. අරණොති කෙලෙස් රහිතය. සුභූති ච පන භික්ඛවෙති මේ තෙරුන් වහන්සේ දෙතැනක අග්‍රස්ථානයට නැංවීය. අරණ විහාරීන්ගෙන් යම් මේ සුභූති කෙනෙක් වේ ද දක්‍ෂිණාහර්යයන්ගෙන් යම් මේ සුභූති කෙනෙක් වේද

ධම‍්මසෙනාපති කිර වත්‍ථුං සොධෙති, සුභූතිත්‍ථෙරො දක‍්ඛිණං සොධෙති. තථා හි ධම‍්මසෙනාපති පිණ‍්ඩාය චරන‍්තො ගෙහද‍්වාරෙ ඨිතො යාව භික‍්ඛං ආහරන‍්ති, තාව පුබ‍්බභාගෙ පරිච‍්ඡින්‍දිත්‍වා නිරොධං සමාපජ‍්ජති, නිරොධා වුට‍්ඨාය දෙය්‍යධම‍්මං පටිග‍්ගණ‍්හාති. සුභූතිත්‍ථෙරො ච තථෙව මෙත‍්තාඣානං සමාපජ‍්ජති, මෙත‍්තාඣානා වුට‍්ඨාය දෙය්‍යධම‍්මං පටිග‍්ගණ‍්හාති. එවං පන කාතුං සක‍්කාති. ආම සක‍්කා, නෙව අච‍්ඡරියඤ‍්චෙතං, යං මහාභිඤ‍්ඤප‍්පත‍්තා සාවකා එවං කරෙය්‍යුං. ඉමස‍්මිම‍්පි හි තම‍්බපණ‍්ණිදීපෙ පොරාණකරාජකාලෙ පිඞ‍්ගලබුද‍්ධරක‍්ඛිතත්‍ථෙරො නාම උත‍්තරගාමං නිස‍්සාය විහාසි. තත්‍ථ සත‍්ත කුලසතානි හොන‍්ති, එකම‍්පි තං කුලද‍්වාරං නත්‍ථි, යත්‍ථ ථෙරො සමාපත‍්තිං න සමාපජ‍්ජි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ධර්මසේනාධිපතීන් වහන්සේ වස්තුව ශුද්ධ කරයි. සුභූති තෙරුන් දක්‍ෂිණාව පිරිසිදු කරයි. එසේමය. ධර්මසේනාධිපතීන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ ගෙහි දොරටුවෙහි සිටියේ යම්තාක් ආහාර ගෙනෙත් ද ඒ තාක් පූර්වභාගයෙන් පිරිසිඳ නිරෝධ සමාපත්තියට සමවදියි. නිරෝධයෙන් නැගිට දෙය්‍යධර්මය පිළිගනියි. සුභූති තෙරුන් ද එසේ මෛත්‍රී ධ්‍යානයට සමවදියි. මෛත්‍රී ධ්‍යානයෙන් නැගිට දෙය්‍යධර්මය පිළිගනියි. මෙසේ කරන්නට හැකි වේද? එසේය හැකිය. මෙය පුදුමයක් නොවෙයි. යම් හෙයකින් මහා අභිඥාවන්ට පැමිණි ශ්‍රාවකයෝ මෙසේ කරන්නාහු ද මේ ලංකා ද්වීපයෙහි පුරාණ රජ කාලයේ පිංගල බුද්ධරක්ඛිත තෙරුන් උතුරු ගමෙහි විසූහ. එහි කුල සීයක් වෙත්. එකම කුල ද්වාරයක්වත් නැත. යම්තැනක තෙරුන්ට සමවතට නොපැමිණුනේය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අරණවිභඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අරණවිභංග සූත්‍ර වර්ණනාව නිමි.