යෙදුමෙන් කියවන්න

සළායතනවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සළායතනවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා

සළායතනවිභඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සළායතනවිභඞ‍්ගසුත‍්තං. තත්‍ථ වෙදිතබ‍්බානීති සහවිපස‍්සනෙන මග‍්ගෙන ජානිතබ‍්බානි. මනොපවිචාරාති විතක‍්කවිචාරා. විතක‍්කුප‍්පාදකඤ‍්හි මනො ඉධ මනොති අධිප‍්පෙතං, මනස‍්ස උපවිචාරාති මනොපවිචාරා. සත‍්තපදාති වට‍්ටවිවට‍්ටනිස‍්සිතානං සත‍්තානං පදා. එත්‍ථ හි අට‍්ඨාරස වට‍්ටපදා නාම, අට‍්ඨාරස විවට‍්ටපදා නාම, තෙපි සහවිපස‍්සනෙන මග‍්ගෙනෙව වෙදිතබ‍්බා. යොග‍්ගාචරියානන‍්ති හත්‍ථියොග‍්ගාදිආචාරසික‍්ඛාපකානං, දමෙතබ‍්බදමකානන‍්ති අත්‍ථො. සෙසං විභඞ‍්ගෙයෙව ආවිභවිස‍්සති. අයමුද‍්දෙසොති ඉදං මාතිකාට‍්ඨපනං.

එවම්මෙසුතන්ති මා විසින් සළායතනවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි වෙදිතබ්බානීති විදර්ශනා මාර්ගයෙන් දත යුතුයි. මනොපචාරාති විතර්ක විචාරයෝය. මෙහි මන නම් විතර්ක උපදවන සිත යැයි අදහස් කරන ලදි. සිතේ උපචාරයෝ මනෝපචාරා නමි. සත්ත පදයෝ වට්ට විවට්ට නිශ්‍රිත සත්වයන්ගේ පද නමි. මෙහි අට්ඨාරසවට්ටපදා නම් දහ අටක් විවට්ට පද නමි. ඒවා ද විදර්ශනා මාර්ගය සමඟ ම දත යුතුයි. යොග්ගාචරියානන්ති හස්ති යෝගාදී හැසිරවීම හික්මවන්නන්ගේ දමනය කළ යුතු දමකයන්ගේ යන තේරුමයි. ඉතිරිය විභංගයෙහි එන්නේය. අයමුද්දෙසොති මේ මාතෘකා තැබීමයි.

චක‍්ඛායතනාදීනි විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතානි. චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති කුසලාකුසලවිපාකතො ද‍්වෙ චක‍්ඛුවිඤ‍්ඤාණානි. සෙසපසාදවිඤ‍්ඤාණෙසුපි එසෙව නයො. ඉමානි පන දස ඨපෙත්‍වා සෙසං ඉධ මනොවිඤ‍්ඤාණං නාම.

චක්‍ෂුර් ආයතනාදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. චක්‍ඛු විඤ්ඤාණන්ති කුසලාකුසල විපාකයෙන් චක්‍ෂුර් විඥාන දෙකයි. සෙසු ප්‍රසාද විඥානයන්හි ද මේ ක්‍රමයයි. මේ දහය හැර මෙහි සෙස්ස මනෝවිඥාන නමි.

චක‍්ඛුසම‍්ඵස‍්සොති චක‍්ඛුම‍්හි සම‍්ඵස‍්සො. චක‍්ඛුවිඤ‍්ඤාණසම‍්පයුත‍්තසම‍්ඵස‍්සස‍්සෙතං අධිවචනං. සෙසෙසුපි එසෙව නයො.

චක්‍ඛුසම්ඵස්සොති ඇසෙහි ස්පර්ශයයි. චක්‍ෂුර් විඥානයෙන් යුක්ත ස්පර්ෂයට මෙය නමකි. සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.

චක‍්ඛුනා රූපං දිස‍්වාති චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං දිස‍්වා. එසෙව නයො සබ‍්බත්‍ථ. සොමනස‍්සට‍්ඨානියන‍්ති සොමනස‍්සස‍්ස ආරම‍්මණවසෙන කාරණභූතං. උපවිචරතීති තත්‍ථ විචාරපවත‍්තනෙන උපවිචරති, විතක‍්කො තංසම‍්පයුත‍්තො චාති ඉමිනා නයෙන අට‍්ඨාරස විතක‍්කවිචාරසඞ‍්ඛාතා මනොපවිචාරා වෙදිතබ‍්බා. ඡ සොමනස‍්සූපවිචාරාති එත්‍ථ පන සොමනස‍්සෙන සද‍්ධිං උපවිචරන‍්තීති සොමනස‍්සූපවිචාරා. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

චක්‍ඛුනා රූපං දිස්වාති චක්‍ෂුර් විඥානයෙන් රූපය දැක සියලු තැන්හි ම මේ ක්‍රමයයි. සොමනස්සට්ඨානීයන්ති සොම්නසට අරමුණු වශයෙන් කාරණා වු උපවිචරතීති එහි විචාර පැවතීමෙන් හැසිරෙයි. විතර්කය එය හා යුක්ත වූයේ ද යන මේ ක්‍රමයෙන් දහ අටක් විතර්ක විචාර නම් මනෝපචාරයෝ දත යුතුයි. ඡසොමනස්සුපචාරාති මෙහි සොම්නස සමඟ හැසිරෙන්නේය යනු සෝමනස්සුපචාර නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයයි.

ගෙහසිතානීති කාමගුණනිස‍්සිතානි. නෙක‍්ඛම‍්මසිතානීති විපස‍්සනානිස‍්සිතානි. ඉට‍්ඨානන‍්ති පරියෙසිතානං. කන‍්තානන‍්ති කාමිතානං. මනොරමානන‍්ති මනො එතෙසු රමතීති මනොරමානි, තෙසං මනොරමානං. ලොකාමිසපටිසංයුත‍්තානන‍්ති තණ‍්හාපටිසංයුත‍්තානං. අතීතන‍්ති පටිලද‍්ධං. පච‍්චුප‍්පන‍්නං තාව ආරබ‍්භ සොමනස‍්සං උප‍්පජ‍්ජතු, අතීතෙ කථං උප‍්පජ‍්ජතීති. අතීතෙපි – “යථාහං එතරහි ඉට‍්ඨාරම‍්මණං අනුභවාමි, එවං පුබ‍්බෙපි අනුභවි”න‍්ති අනුස‍්සරන‍්තස‍්ස බලවසොමනස‍්සං උප‍්පජ‍්ජති.

ගෙහසිතානීති කාම ගුණ ඇසුරු කළ නෙක්කම්මසිතානීති විදර්ශනාව ඇසුරු කළ ඉට්ඨානන්ති සොයන්නවුන්ගේ කන්තානන්ති කැමතිවුන්ගේ මනොරමානන්ති සිත මොවුන් කෙරෙහි ඇලෙනුයේ මනෝරමානි නමි. එහි ඇලුණුවන්ගේ ලොකාමිසපටිසංයුත්තානං තෘෂ්ණාවෙන් යුක්ත වූවන්ගේ අතීතනං ලැබුවා වූ වර්තමානය අරබයා සතුට උපදින්නට අතීතයෙහි කෙසේ උපදීදැයි අතීතයෙහි යම්සේ මම ඉෂ්ට අරමුණු අනුභව කරම් ද පෙරත් එසේම අනුභව කළෙම් යැයි සිහි කරන්නා හට බලවත් සතුටක් උපදියි.

අනිච‍්චතන‍්ති අනිච‍්චාකාරං. විපරිණාමවිරාගනිරොධන‍්ති පකතිවිජහනෙන විපරිණාමං, විගච‍්ඡනෙන විරාගං, නිරුජ‍්ඣනෙන නිරොධං. සම‍්මපඤ‍්ඤායාති විපස‍්සනාපඤ‍්ඤාය. ඉදං වුච‍්චති නෙක‍්ඛම‍්මසිතං සොමනස‍්සන‍්ති ඉදං රඤ‍්ඤො විය අත‍්තනො සිරිසම‍්පත‍්තිං ඔලොකෙන‍්තස‍්ස විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නිසින‍්නස‍්ස සඞ‍්ඛාරානං භෙදං පස‍්සතො සඞ‍්ඛාරගතම‍්හි තික‍්ඛෙ සූරෙ විපස‍්සනාඤාණෙ වහන‍්තෙ උප‍්පන‍්නසොමනස‍්සං “නෙක‍්ඛම‍්මසිතං සොමනස‍්ස”න‍්ති වුච‍්චති. වුත‍්තම‍්පි චෙතං –

අනිච්චතං අනිත්‍යාකාරය. විපරිනාම විරාගනිරෝධං ප්‍රකෘතිය හැරීමෙන් විපරිනාමයයි. පහවීමෙන් විරාගයයි. නිරුද්ධයෙන් නිරෝධයයි. පඤ්ඤායාති විදර්ශනා ප්‍රඥාවෙන් ඉදං වුච්චති නෙක්කම්මසිතං සොමනස්සං මෙය රජුගේ ශ්‍රී සම්පත්තිය බලමින් සිටිය දී මෙන් විදර්ශනාව පිහිටුවා සිටියහුගේ සංස්කාරයන්ගේ බිඳීම බලන්නේ සංස්කාරගත තියුණු දක්‍ෂ විදර්ශනා ඥානයන් උසුලන කල්හි උපන් සතුට නෙක්ඛම්මසිත සෝමනස්සය යැයි කියයි. මෙය කියන ලදි -

“සුඤ‍්ඤාගාරං පවිට‍්ඨස‍්ස, සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො; අමානුසී රතී හොති, සම‍්මා ධම‍්මං විපස‍්සතො.

ශුන්‍යගාරයට පිවිසුණු ශාන්ත සිතැති මනාකොට ධර්මය බලන භික්‍ෂුවට මනුෂ්‍ය නොවන ඇලීමක් වෙයි.

යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතන‍්තං විජානත”න‍්ති. (ධ· ප· 373-374);

යම් පරිද්දකින් ස්ඛන්ධයාගේ උදයව්‍යය සිහි කෙරේ ද? ඒ අමෘතය දන්නාහුන් ප්‍රීති ප්‍රමෝද ලබත්.

ඉමානීති ඉමානි ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ අනිච‍්චාදිවසෙන විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නිසින‍්නස‍්ස උප‍්පන‍්නානි ඡ නෙක‍්ඛම‍්මසිතානි සොමනස‍්සානි.

ඉමානි මේ ෂට් වාරයන්හි ඉෂ්ටාරම්මණයෙන් ඇස් හමු වූ කල්හි අනිත්‍යාදී වශයෙන් විදර්ශනා වඩා සිටියහුට ඉපදුණු හය වැදෑරුම් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කල සෝමනස්සයයි.

අතීතන‍්ති පච‍්චුප‍්පන‍්නං තාව පත්‍ථෙත්‍වා අලභන‍්තස‍්ස දොමනස‍්සං උප‍්පජ‍්ජතු, අතීතෙ කථං උප‍්පජ‍්ජතීති. අතීතෙපි “යථාහං එතරහි ඉට‍්ඨාරම‍්මණං පත්‍ථෙත්‍වා න ලභාමි, එවං පුබ‍්බෙපි පත්‍ථෙත්‍වා න ලභි”න‍්ති අනුස‍්සරන‍්තස‍්ස බලවදොමනස‍්සං උප‍්පජ‍්ජති.

අතීතං වර්තමානය ඒ තාක් ප්‍රාර්ථනා කොට නොලබන්නා හට නොසතුට උපදීවා. අතීතයෙහි කෙසේ උපදීදැයි අතීතයෙහි මම දැන් යම් සේ ද ඉෂ්ටාරම්මණය පතා නොලබමි. මෙසේ පෙරත් පතා නොලබත්. සිහිකරන්නා හට බලවත් නොසතුට උපදියි.

අනුත‍්තරෙසු විමොක‍්ඛෙසූති අනුත‍්තරවිමොක‍්ඛො නාම අරහත‍්තං, අරහත‍්තෙ පත්‍ථනං පට‍්ඨපෙන‍්තස‍්සාති අත්‍ථො. ආයතනන‍්ති අරහත‍්තායතනං. පිහං උපට‍්ඨාපයතොති පත්‍ථනං පට‍්ඨපෙන‍්තස‍්ස. තං පනෙතං පත්‍ථනං පට‍්ඨපෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති, ඉති පත්‍ථනාමූලකත‍්තා “පිහං උපට‍්ඨාපයතො”ති වුත‍්තං. ඉමානි ඡ නෙක‍්ඛම‍්මසිතානි දොමනස‍්සානීති ඉමානි එවං ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ අරහත‍්තෙ පිහං පට‍්ඨපෙත්‍වා තදධිගමාය අනිච‍්චාදිවසෙන විපස‍්සනං උපට‍්ඨපෙත්‍වා උස‍්සුක‍්කාපෙතුං අසක‍්කොන‍්තස‍්ස – “ඉමම‍්පි පක‍්ඛං ඉමම‍්පි මාසං ඉමම‍්පි සංවච‍්ඡරං අරහත‍්තං පාපුණිතුං නාසක‍්ඛි”න‍්ති අනුසොචතො ගාමන‍්තපබ‍්භාරවාසිමහාසීවත්‍ථෙරස‍්ස විය අස‍්සුධාරාපවත‍්තනවසෙන උප‍්පන‍්නදොමනස‍්සානි ඡ නෙක‍්ඛම‍්මසිතදොමනස‍්සානීති වෙදිතබ‍්බානි. වත්‍ථු පන සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය සක‍්කපඤ‍්හවණ‍්ණනායං (දී· නි· අට‍්ඨ· 2.361) විත්‍ථාරිතං, ඉච‍්ඡන‍්තෙන තතො ගහෙතබ‍්බං.

අනුත්තරෙසු විමොක්ඛෙසුති උතුම් විමෝක්‍ෂය නම් රහත් බවට පැමිණීමය. ප්‍රාර්ථනාව තබන්නහුගේ යන තේරුමයි. ආයතන යනු රහත් බවට හේතු වූ පිහං උපට්ඨාපයතොති ප්‍රාර්ථනාව තබන්නාට ඒ මේ ප්‍රාර්ථනාව තබන්නාට උපදයි. (ප්‍රාර්ථනා කොට නොලබන්නාට ද උපදියි). මෙසේ ප්‍රාර්ථනාව මුල් හෙයින් කැමති වන්නේ උවටැන් කරන්නේ යැයි කියයි. ඉමානි ඡ නෙක්ඛම්මසිතානීති දොමනස්සානීති මේවා මෙසේ ෂට් ද්වාරයන්හි ඉෂ්ට අරමුණු ඇස් හමු වූ කළ රහත් බවෙහි සතුටු වන්නේ පිහිටා එය අවබෝධය පිණිස අනිත්‍යාදී වශයෙන් විදර්ශනාව පිහිටුවා මන්දෝත්සාහී වීමට නොහැකි වන තැනැත්තාට මේ පක්‍ෂය මේ මාසය මේ වර්ෂය රහත් බවට පැමිණීමට නොහැකි වෙත්. ශෝක කිරීමෙන් ග්‍රාමන්ත පබ්භාර වාසී මහාසිව තෙරුන්ට මෙන් කඳුළු ධාරා පැවැත්වීම් වශයෙන් උපන් දොම්නසය ෂට් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළ දොම්නස යැයි දත යුතුයි. කථා වස්තුව සුමංගලවිලාසිනි දික්සඟි අටුවාවෙහි සක්කපඤ්හ වර්ණනාවෙහි විස්තර කරන ලදි. කැමැත්තහු විසින් එයින් දත යුතුයි.

උප‍්පජ‍්ජති උපෙක‍්ඛාති එත්‍ථ උපෙක‍්ඛා නාම අඤ‍්ඤාණුපෙඛා. අනොධිජිනස‍්සාති කිලෙසොධිං ජිනිත්‍වා ඨිතත‍්තා ඛීණාසවො ඔධිජිනො නාම, තස‍්මා අඛීණාසවස‍්සාති අත්‍ථො. අවිපාකජිනස‍්සාති එත්‍ථපි ආයතිං විපාකං ජිනිත්‍වා ඨිතත‍්තා ඛීණාසවොව විපාකජිනො නාම, තස‍්මා අඛීණාසවස‍්සෙවාති අත්‍ථො. අනාදීනවදස‍්සාවිනොතිආදීනවතො උපද‍්දවතො අපස‍්සන‍්තස‍්ස. ඉමා ඡ ගෙහසිතා උපෙක‍්ඛාති ඉමා එවං ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ ගුළපිණ‍්ඩකෙ නිලීනමක‍්ඛිකා විය රූපාදීනි අනතිවත‍්තමානා තත්‍ථ ලග‍්ගා ලග‍්ගිතා හුත්‍වා උප‍්පන‍්නා උපෙක‍්ඛා ඡ ගෙහසිතා උපෙක‍්ඛාති වෙදිතබ‍්බා.

උප්පජ්ජති උපෙඛාති මෙහි උපේක්‍ෂා නම් රහත්බව අනුව බැලීමයි. අනොධිජිනස්සාති කෙලෙස් නැමැති මුහුද දිනා සිටි බැවින් රහතන් වහන්සේ ඔධිජින නම් වෙයි. එහෙයින් රහත් නොවූ අයගේ යන තේරුමයි. අවිපාකජිනස්සාති මෙහි ද මතු විපාකය දිනා සිටි බැවින් රහතන් වහන්සේ විපාකජින නම් වේ. එහෙයින් රහත් නොවූ අයගේ යන තේරුමයි. අනාදීනවදස්සාවිනොති ආදීනවය උපද්‍රවය නොබලන්නහුගේ ඉමා ඡ ගෙහසීති උපෙක්ඛාති මෙසේ ෂට් ද්වාරයන්හි මේ ඉෂ්ට අරමුණු ඇස් හමුවට පැමිණි කල්හි හකුරු පිඬක සැඟවුණු මැස්සන් මෙන් රූපාදීන් නොහික්මවා එහි ලැග උපන් අපේක්‍ෂාව ඡ ගේහසිත් උපේක්‍ෂාව යැයි දත යුතුයි.

රූපං සා අතිවත‍්තතීති රූපං සා අනතික‍්කමති, තත්‍ථ නිකන‍්තිවසෙන න තිට‍්ඨති. ඉමා ඡ නෙක‍්ඛම‍්මසිතා උපෙක‍්ඛාති ඉමා එවං ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨාදිආරම‍්මණෙ ආපාථගතෙ ඉට‍්ඨෙ අරජ‍්ජන‍්තස‍්ස, අනිට‍්ඨෙ අදුස‍්සන‍්තස‍්ස, අසමපෙක‍්ඛනෙ අසම‍්මුය‍්හන‍්තස‍්ස, උප‍්පන‍්නවිපස‍්සනා-ඤාණසම‍්පයුත‍්තා ඡ නෙක‍්ඛම‍්මසිතා උපෙක‍්ඛාති වෙදිතබ‍්බා.

රූපංසාඅතිවත්තනීති එහි නියම වශයෙන් නොසිටියි. ඉමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛාති මෙසේ ෂට් ද්වාරයන්හි මේ ඉෂ්ට අරමුණු ඇස් හමුවට පැමිණි කල්හි ඉෂ්ටයෙහි නොඇලෙන අනිෂ්ටයෙහි දුෂ්‍ය නොවන්නහුගේ නොබැලීමෙන් මුළා නොවන්නහුට උපන් විදර්ශනාවයි. නුවණින් යුතු ෂට් නෛෂ්ක්‍රම්‍ය සිත උපේක්‍ෂාව යැයි දත යුතුයි.

තත්‍ර ඉදං නිස‍්සාය ඉදං පජහථාති තෙසු ඡත‍්තිංසසත‍්තපදෙසු අට‍්ඨාරස නිස‍්සාය අට‍්ඨාරස පජහථාති අත්‍ථො. තෙනෙව – “තත්‍ර, භික‍්ඛවෙ, යානි ඡ නෙක‍්ඛම‍්මසිතානී”තිආදිමාහ. නිස‍්සාය ආගම‍්මාති පවත‍්තනවසෙන නිස‍්සාය චෙව ආගම‍්ම ච. එවමෙතෙසං සමතික‍්කමො හොතීති එවං නෙක‍්ඛම‍්මසිතානං පවත‍්තනෙන ගෙහසිතානි අතික‍්කන‍්තානි නාම හොන‍්ති.

තත්‍ර ඉදං නිස්සාය ඉදං පජහථති ඒ තිස්හයක් ශාන්ත පදයහි දහඅට නිසා දහඅට හරිව් යන තේරුමයි. එහෙයින් තත්‍ර භික්ඛවෙ යානි ඡ නෙක්ඛම්මසිතානීති යනාදිය කීය. නිස්සාය ආගම්මා පැවතීම් වශයෙන් නිසා ද පැමිණ ද එවමෙතෙසං සමතික්කමො හොති මෙසේ නෛෂ්ක්‍රම්‍ය සිතේ පැවතීමෙන් ගේහසිතයන් ඉක්මුණාහු වෙත්.

එවං සරික‍්ඛකෙනෙව සරික‍්ඛකං ජහාපෙත්‍වා ඉදානි බලවතා දුබ‍්බලං ජහාපෙන‍්තො – “තත්‍ර, භික‍්ඛවෙ, යානි ඡ නෙක‍්ඛම‍්මසිතානි සොමනස‍්සානී”තිආදිමාහ. එවං නෙක‍්ඛම‍්මසිතසොමනස‍්සෙහි නෙක‍්ඛම‍්මසිතදොමනස‍්සානි, නෙක‍්ඛම‍්මසිතඋපෙක‍්ඛාහි ච නෙක‍්ඛම‍්මසිතසොමනස‍්සානි ජහාපෙන‍්තෙන බලවතා දුබ‍්බලප‍්පහානං කථිතං.

මෙසේ සරික්ඛයෙන් සාදෘශ්‍යය හැර දැන් බලවතා විසින් දුබලයා හරින්නේ නැවත තත්‍ර භික්ඛවෙ යානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානීති යනාදිය කීය. මෙසේ නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළා වූ සොම්නසින් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළා වූ දොම්නසින් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළා වූ උපේක්‍ෂාවෙන් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළා වූ සොම්නසින් හරින බලවතා විසින් දුබලයා හරින ලද යැයි කියන ලදි.

එත්‍ථ පන ඨත්‍වා උපෙක‍්ඛාකථා වෙදිතබ‍්බා – අට‍්ඨසු හි සමාපත‍්තීසු පඨමාදීනි ච තීණි ඣානානි, සුද‍්ධසඞ‍්ඛාරෙ ච පාදකෙ කත්‍වා විපස‍්සනං ආරද‍්ධානං චතුන‍්නං භික‍්ඛූනං පුබ‍්බභාගවිපස‍්සනා සොමනස‍්සසහගතා වා හොති උපෙක‍්ඛාසහගතා වා, වුට‍්ඨානගාමිනී පන සොමනස‍්සසහගතාව. චතුත්‍ථජ‍්ඣානාදීනි පාදකානි කත්‍වා විපස‍්සනං ආරද‍්ධානං පඤ‍්චන‍්නං පුබ‍්බභාගවිපස‍්සනා පුරිමසදිසාව. වුට‍්ඨානගාමිනී පන උපෙක‍්ඛාසහගතා හොති. ඉදං සන්‍ධාය – “යා ඡ නෙක‍්ඛම‍්මසිතා උපෙක‍්ඛා, තා නිස‍්සාය තා ආගම‍්ම, යානි ඡ නෙක‍්ඛම‍්මසිතානි සොමනස‍්සානි, තානි පජහථා”ති වුත‍්තං. න කෙවලඤ‍්ච එවංපටිපන‍්නස‍්ස භික‍්ඛුනො අයං විපස‍්සනාය වෙදනාවිසෙසොව හොති, අරියමග‍්ගෙපි පන ඣානඞ‍්ගබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගානම‍්පි විසෙසො හොති.

මෙහි සිට උපේක්‍ෂා කථාව දත යුතුයි. අෂ්ඨ සමාපත්තීන්හි ප්‍රථම ආදී ධ්‍යාන තුන සුද්ධ සංස්කාරයන් පාදක කොට විදර්ශනාව පටන් ගන්නා ලද සතර භික්‍ෂූන්ගේ පූර්වභාග විදර්ශනාව සොම්නස් සහගතබව හෝ වේද උපේක්‍ෂා සහගත හෝ වේද උට්ඨානගාමිනීය සෝමනස්ස සහගත බවමය. චතුර්ථධ්‍යාන ආදිය පාදක කොට විදර්ශනාව පටන් ගන්නා ලද පස් දෙනාගේ පූර්වභාග විදර්ශනාවෝ පළමු පරිදිම උට්ඨානගාමිනී උපේක්‍ෂා සහගත වෙයි. මේ සඳහා යම් සය වැදෑරුම් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළා වූ සෝමනස්සය හරිව් යැයි කියන ලදි. හුදෙක් නොවෙයි. මෙසේ පිළිපන් භික්‍ෂුව මේ විදර්ශනාව වේදනා වශයෙන් විශේෂ වෙයි. ආර්ය මාර්ගයෙහි ධ්‍යානාංග බොජ්ඣංග මාර්ගාංගයන්ගේ ද විශේෂ වෙයි.

කො පනෙතං විසෙසං නියමෙති? කෙචි තාව ථෙරා විපස‍්සනාපාදකජ‍්ඣානං නියමෙතීති වදන‍්ති, කෙචි විපස‍්සනාය ආරම‍්මණභූතා ඛන්‍ධා නියමෙන‍්තීති වදන‍්ති, කෙචි පුග‍්ගලජ‍්ඣාසයො නියමෙතීති වදන‍්ති. තෙසම‍්පි වාදෙ අයමෙව පුබ‍්බභාගෙ වුට‍්ඨානගාමිනීවිපස‍්සනා නියමෙතීති වෙදිතබ‍්බා. විනිච‍්ඡයකථා පනෙත්‍ථ විසුද‍්ධිමග‍්ගෙ සඞ‍්ඛාරුපෙක‍්ඛානිද‍්දෙසෙ වුත‍්තාව.

කවරෙක් මේ විශේෂය නියම කෙරේ ද? සමහරෙක් පළමුව තෙරුන් වහන්සේ විදර්ශනා පාදක ධ්‍යානය නියම කෙරේ යැයි කියත්. සමහරෙක් විදර්ශනාවෙන් අරමුණු වූ ස්කන්ධයෝ නියම කරත් යැයි කියත්. සමහරෙක් පුද්ගල අදහස් නියම යැයි කියති. ඔවුන්ගේ වාදයෙහි මේ පූර්වභාගයෙහි වුට්ඨානගාමිනී විදර්ශනාව නියම යැයි දත යුතුයි. මෙහි විනිශ්චය කථාව විසුද්ධිමාර්ගයෙහි සංස්කාර උපේක්‍ෂා නිර්දේශයෙහි කියන ලදි.

නානත‍්තාති නානා බහූ අනෙකප‍්පකාරා. නානත‍්තසිතාති නානාරම‍්මණනිස‍්සිතා. එකත‍්තාති එකා. එකත‍්තසිතාති එකාරම‍්මණනිස‍්සිතා. කතමා පනායං උපෙක‍්ඛාති? හෙට‍්ඨා තාව අඤ‍්ඤාණුපෙක‍්ඛා වුත‍්තා, උපරි ඡළඞ‍්ගුපෙක‍්ඛා වක‍්ඛති, ඉධ සමථඋපෙක‍්ඛා, විපස‍්සනුපෙක‍්ඛාති ද‍්වෙ උපෙක‍්ඛා ගහිතා.

නානත්තා නොයෙක් ආකාරය. නානත්තසිතා නොයෙක් නොයෙක් අරමුණු ඇසුරු කළ එකත්තා එක. එකත්තසිතා එක් අරමුණක් ඇසුරු කළ කතමාපනායං උපෙඛා යට පළමු කොට අඤ්ඤානුපේක්‍ෂාව කියන ලදි. මතු ඡළංගුපේක්‍ෂාව කියන ලදි. මෙහි සමථ උපේක්‍ෂාව විදර්ශනා උපේක්‍ෂාව යන උපේක්‍ෂා දෙක ගන්නා ලද්දාහ.

තත්‍ථ යස‍්මා අඤ‍්ඤාව රූපෙසු උපෙක‍්ඛා, අඤ‍්ඤාව සද‍්දාදීසු, න හි යා රූපෙ උපෙක‍්ඛා, සා සද‍්දාදීසු හොති. රූපෙ උපෙක‍්ඛා ච රූපමෙව ආරම‍්මණං කරොති, න සද‍්දාදයො. රූපෙ උපෙක‍්ඛාභාවඤ‍්ච අඤ‍්ඤා සමථඋපෙක‍්ඛා පථවීකසිණං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති, අඤ‍්ඤා ආපොකසිණාදීනි. තස‍්මා නානත‍්තං නානත‍්තසිතං විභජන‍්තො අත්‍ථි, භික‍්ඛවෙ, උපෙක‍්ඛා රූපෙසූතිආදිමාහ. යස‍්මා පන ද‍්වෙ වා තීණි වා ආකාසානඤ‍්චායතනානි වා විඤ‍්ඤාණඤ‍්චායතනාදීනි වා නත්‍ථි, තස‍්මා එකත‍්තං එකත‍්තසිතං විභජන‍්තො අත්‍ථි, භික‍්ඛවෙ, උපෙක‍්ඛා ආකාසානඤ‍්චායතනනිස‍්සිතාතිආදිමාහ.

එහි යම් හෙයකින් රූපයෙහි අන්‍ය උපේක්‍ෂාවක් ද ශබ්ද ආදියෙහි අනිකක් ද නැත. රූපයෙහි යම් උපේක්‍ෂාවක් ද එහි ශබ්දදාදියෙහි වෙයි. රූපයෙහි උපේක්‍ෂාව මෙසේ ද අන්‍ය වූ පඨවි කසිණය අරමුණු කොට උපදියි. අනෙත් වායෝ කසිනාදිය අරමුණු කරයි. එහෙයින් නානත්තතාවය නානත්තසිතය යැයි බෙදන්නේ අත්‍ථි භික්ඛවෙ උපෙඛා රූපෙසු යනාදිය කීහ. යම්හෙයකින් දෙකක් හෝ තුනක් හෝ ආකාසානඤ්චායතනයෝ හෝ විඤ්ඤානඤ්චායතනයෝ හෝ නැත් ද එසේ හෙයින් එකත්තය එකත්තසිතය යැයි බෙදන්නේ අත්‍ථි භික්ඛවෙ උපෙඛා ආකාසානඤ්චායතනනිස්සිතාති යනාදිය කීය.

තත්‍ථ ආකාසානඤ‍්චායතනඋපෙක‍්ඛා සම‍්පයුත‍්තවසෙන ආකාසානඤ‍්චායතනනිස‍්සිතා, ආකාසානඤ‍්චායතනඛන්‍ධෙ විපස‍්සන‍්තස‍්ස විපස‍්සනුපෙක‍්ඛා ආරම‍්මණවසෙන ආකාසානඤ‍්චායතනනිස‍්සිතා. සෙසාසුපි එසෙව නයො.

එහි ආකාසානඤ්චායතනය උපේක්‍ෂාව සම්ප්‍රයුක්ත වශයෙන් ආකාසානඤ්චායතන නිශ්‍රිතයෙන් ආකාසානඤ්චායතන ස්ඛන්ධයෙහි විදර්ශනා කරන්නහුගේ විදර්ශනා උපේක්‍ෂාව අරමුණු වශයෙන් ආකාසානඤ්චායතනය නිශ්‍රිතයි සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.

තං පජහථාති එත්‍ථ අරූපාවචරසමාපත‍්තිඋපෙක‍්ඛාය රූපාවචරසමාපත‍්තිඋපෙක‍්ඛං පජහාපෙති, අරූපාවචරවිපස‍්සනුපෙක‍්ඛාය රූපාවචරවිපස‍්සනුපෙක‍්ඛං.

තං පජහථාති එහි අරූපාවචර සමාපත්ති උපේක්‍ෂාවෙන් රූපාවචර සමාපත්ති උපේක්‍ෂාව හරවයි. අරූපාවචර විදර්ශනා උපේක්‍ෂාවෙන් රූපාවචර විදර්ශනා උපේක්‍ෂාව හරවයි.

අතම‍්මයතන‍්ති එත්‍ථ තම‍්මයතා නාම තණ‍්හා, තස‍්සා පරියාදානතො වුට‍්ඨානගාමිනීවිපස‍්සනා අතම‍්මයතාති වුච‍්චති. තං පජහථාති ඉධ වුට‍්ඨානගාමිනීවිපස‍්සනාය අරූපාවචරසමාපත‍්තිඋපෙක‍්ඛඤ‍්ච විපස‍්සනුපෙක‍්ඛඤ‍්ච පජහාපෙති.

අතම්මයතන්ති මෙහි තම්මයත නම් තෘෂ්ණාවයි. එයින් ගැනීමෙන් වුට්ඨානුගාමිනී විදර්ශනාව අතම්මයතාව යැයි කියයි. තං පජහථාති මේ වුට්ඨානගාමිනී විදර්ශනාවන් අරූපාවචර සමාපත්ති උපේක්‍ෂාව ද විදර්ශනා උපේක්‍ෂාව ද හරවයි.

යදරියොති යෙ සතිපට‍්ඨානෙ අරියො සම‍්මාසම‍්බුද‍්ධො සෙවති. තත්‍ථ තීසු ඨානෙසු සතිං පට‍්ඨපෙන‍්තො සතිපට‍්ඨානෙ සෙවතීති වෙදිතබ‍්බො. න සුස‍්සූසන‍්තීති සද‍්දහිත්‍වා සොතුං න ඉච‍්ඡන‍්ති. න අඤ‍්ඤාති ජානනත්‍ථාය චිත‍්තං න උපට‍්ඨපෙන‍්ති. වොක‍්කම‍්මාති අතික‍්කමිත්‍වා. සත්‍ථු සාසනාති සත්‍ථු ඔවාදං ගහෙතබ‍්බං පූරෙතබ‍්බං න මඤ‍්ඤන‍්තීති අත්‍ථො. න ච අත‍්තමනොති න සකමනො. එත්‍ථ ච ගෙහසිතදොමනස‍්සවසෙන අප‍්පතීතො හොතීති න එවමත්‍ථො දට‍්ඨබ‍්බො, අප‍්පටිපන‍්නකෙසු පන අත‍්තමනතාකාරණස‍්ස අභාවෙනෙතං වුත‍්තං. අනවස‍්සුතොති පටිඝඅවස‍්සවෙන අනවස‍්සුතො. සතො සම‍්පජානොති සතියා ච ඤාණෙන ච සමන‍්නාගතො. උපෙක‍්ඛකොති ඡළඞ‍්ගුපෙක‍්ඛාය උපෙක‍්ඛකො. අත‍්තමනොති ඉධාපි ගෙහසිතසොමනස‍්සවසෙන උප‍්පිලාවිතොති න එවමත්‍ථො දට‍්ඨබ‍්බො, පටිපන‍්නකෙසු පන අනත‍්තමනතාකාරණස‍්ස අභාවෙනෙතං වුත‍්තං. අනවස‍්සුතොති රාගාවස‍්සවෙන අනවස‍්සුතො.

යදරියොති යම් කෙනෙක් සතිපට්ඨානයෙහි ආර්ය ද බුදුරදුන් සේවනය කරයි. එහි ස්ථාන තුනක සිහිය තබන්නේ සතිපට්ඨානයෙහි ආර්ය ද බුදුරදුන් සේවනය කරයි. එහි ස්ථාන තුනක සිහිය තබන්නේ සතිපට්ඨානයන් සේවනය කරයි යැයි දත යුතුයි. න සුස්සුසන්තීති අදහා අසන්නට නොකැමැති වෙත්. න අඤ්ඤාති දැන ගැනීම පිණිස සිත නොඵලවත්. අසන්නට නොකැමැති වෙත්. න අඤ්ඤාති දැන ගැනීම පිණිස සිත නොඑලවත්. වොක්කම්මාති ඉක්මවා සත්‍ථුසාසනන්ති බුදුරදුන්ගේ අවවාදයයි. නොගත යුතුය. නොපිරිය යුතුය යනුවෙන් සිතත් යන තේරුමයි. න චෙව අත්තමනො ස්වකීය සිත නොවේ. මෙහි ගේහසිත දෝමනස්ස වශයෙන් අප්පති වේ යැයි මෙසේ තේරුම නොදත යුතුය. පිළිනොපදින්නවුන් කෙරෙහි ද සතුටු වන බව කාරණා නොවීමෙන් මෙය කියන ලදි. අනවස්සුතොති ක්‍රෝධයේ අනවශ්‍යයෙන් අනවස්සුත නමි. සතො සම්පජානොති සිහියෙන් ද නුවණින් ද යුක්ත වූ උපෙඛකොති සයවැදෑරුම් උපේක්‍ෂාවෙන් උපේක්‍ෂක වූ අත්තමනොති මෙහි ද ගේහසිත සෝමනස්ස වශයෙන් බිය ගන්වයි යන තේරුම මෙසේ නොදත යුතුය. පිළිපන්නවුන් කෙරෙහි නොසතුටු බව කාරණා නොවීමෙන් මෙය කියන ලදි. අනවස්සුතොති රාගයාගේ අනවශ්‍යයෙන් අනවස්සුත නමි.

සාරිතොති දමිතො. එකමෙව දිසං ධාවතීති අනිවත‍්තිත්‍වා ධාවන‍්තො එකංයෙව දිසං ධාවති, නිවත‍්තිත්‍වා පන අපරං ධාවිතුං සක‍්කොති. අට‍්ඨ දිසා විධාවතීති එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො කායෙන අනිවත‍්තිත්‍වාව විමොක‍්ඛවසෙන එකප‍්පහාරෙනෙව අට‍්ඨ දිසා විධාවති, පුරත්‍ථාභිමුඛො වා දක‍්ඛිණාදීසු අඤ‍්ඤතරදිසාභිමුඛො වා නිසීදිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො සමාපජ‍්ජතියෙවාති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

සාරිතොති දැමුණා වූ එකංයෙව දිසං ධාවතීති නො ඉක්මවා දුවන්නේ එකම දිශාවකට දුවයි. නැවතී වෙනත් දිශාවකට දුවන්නට හැකිවෙයි. අට්ඨදිසා විධාවතී එක් පළඟකින් සිටියේ ශරීරයෙන් නොනැවතී විමෝක්‍ෂ වශයෙන් එක් පහරින් ම අට දිශාවන්ට දුවයි. නැගෙනහිරට අභිමුඛව හෝ දකුණු දිශාව ආදී එක්තරා දිශාවකට අභිමුඛව හෝ හිඳ අෂ්ට සමාපත්තීන්ට සමවැදිය යන තේරුමයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සළායතනවිභඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සළායතන විභංග සූත්‍ර වර්ණනාව නිමි.