මහාකම්මවිභඞ්ග සුත්තවණ්ණනා අට්ඨකථා
මහාකම්මවිභඞ්ග සුත්තවණ්ණනා
මහාකම්මවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාකම්මවිභඞ්ගසුත්තං. තත්ථ මොඝන්ති තුච්ඡං අඵලං. සච්චන්ති තථං භූතං. ඉදඤ්ච එතෙන න සම්මුඛා සුතං, උපාලිසුත්තෙ (ම· නි· 2.56) පන – “මනොකම්මං මහාසාවජ්ජතරං පඤ්ඤපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා කායකම්මං නො තථා වචීකම්ම”න්ති භගවතා වුත්තං අත්ථි, සා කථා තිත්ථියානං අන්තරෙ පාකටා ජාතා, තං ගහෙත්වා එස වදති. අත්ථි ච සා සමාපත්තීති ඉදං – “කථං නු ඛො, භො, අභිසඤ්ඤානිරොධො හොතී”ති පොට්ඨපාදසුත්තෙ (දී· නි· 1.406 ආදයො) උප්පන්නං අභිසඤ්ඤානිරොධකථං සන්ධාය වදති. න කිඤ්චි වෙදියතීති එකවෙදනම්පි න වෙදියති. අත්ථි ච ඛොති ථෙරො නිරොධසමාපත්තිං සන්ධාය අනුජානාති. පරිරක්ඛිතබ්බන්ති ගරහතො මොචනෙන රක්ඛිතබ්බං. සඤ්චෙතනා අස්ස අත්ථීති සඤ්චෙතනිකං, සාභිසන්ධිකං සඤ්චෙතනිකකම්මං කත්වාති අත්ථො. දුක්ඛං සොති ථෙරො “අකුසලමෙව සන්ධාය පරිබ්බාජකො පුච්ඡතී”ති සඤ්ඤාය එවං වදති.
එවම්මෙසුතන්ති මා විසින් මහාකම්මවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි මොඝන්ති මිස් ඵල රහිත සච්චන්ති එසේ වූයේය. මෙය ද මොහු විසින් සම්මුඛයෙන් නොඅසන ලදි. උපාලි සූත්‍රයෙහි මනෝ කර්මය මහා සාවද්‍ය යැයි පණවමි. පාප කර්මයාගේ ක්‍රියාවෙන් පාප කර්මයාගේ පැවැතීමෙන් කාය කර්මය එසේ නොවේ. වාක් කර්මය ද එසේ නොවේ. බුදුරදුන් විසින් කියන ලද දේ ඇත. ඒ කථාව අන්‍ය තීර්ථකයන් අතර ප්‍රකට විය. එය ගෙන මොහු කියයි. අත්ථි චෙ සා සමාපත්තීති ඉමං පින්වත, මෙය කෙසේ අභිඥානිරෝධය වේද? පොට්ඨපාද සූත්‍රයෙහි උපන් අභිඥානිරෝධ කථාව සඳහා කියයි. න කිඤ්චි වෙදීයතීති එක වේදනාවක් ද නොවිඳියි. අත්ථි ච ඛොති තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තිය සඳහා අනුදනියි. පරිරක්ඛිතබ්බන්ති ගර්හාවෙන් මිදීමෙන් රැකිය යුතුයි. මනා චේතනාව මොහුට ඇත්තේ යැයි සංචේතනක නමි. ඒ සමඟ මනා චේතනාවෙන් කර්මය කොට යන තේරුමයි. දුක්ඛංසොති තෙරුන් වහන්සේ අකුසලය ම සඳහා පරිබ්‍රාජකයා විචාරයි යන කල්පනාවෙන් මෙසේ කියයි.
දස්සනම්පි ඛො අහන්ති භගවා චතුරඞ්ගෙපි අන්ධකාරෙ සමන්තා යොජනට්ඨානෙ තිලමත්තම්පි සඞ්ඛාරං මංසචක්ඛුනාව පස්සති, අයඤ්ච පරිබ්බාජකො න දූරෙ ගාවුතමත්තබ්භන්තරෙ වසති, කස්මා භගවා එවමාහාති? සමාගමදස්සනං සන්ධායෙවමාහ.
දස්සනම්පි ඛො අහන්ති බුදුරදුන් සිව් අංගයකින් යුතු අඳුරෙහි හාත්පස යොදුනක් තැන්හි තල ඇටය මසැසින් දකියි. මේ පරිබ්‍රාජකයා දුරින් ගව්වක පමණ ඇතුළත නොවසයි. කුමක්හෙයින් බුදුරදුන් මෙසේ කීයේ ද? සමාගම දැක්වීම සඳහා මෙසේ කීය.
උදායීති ලාලුදායී. තං දුක්ඛස්මින්ති සබ්බං තං දුක්ඛමෙව. ඉති ඉමං වට්ටදුක්ඛං කිලෙසදුක්ඛං සඞ්ඛාරදුක්ඛං සන්ධාය “සචෙ භාසිතං භවෙය්ය භගවා”ති පුච්ඡති.
උදායීති ලාළුදායී තෙමේය. තං දුක්ඛස්මිං ඒ සියල්ල දුක්මය. මෙසේ මේ සංසාර දුක, කෙලෙස් දුක, සංස්කාර දුක සඳහා ඉදින් කියන ලද්දේ නම් බුදුරදුන් විචාරයි.
උම්මඞ්ගන්ති පඤ්හාඋම්මඞ්ගං. උම්මුජ්ජමානොති සීසං නීහරමානො. අයොනිසො උම්මුජ්ජිස්සතීති අනුපායෙන සීසං නීහරිස්සති. ඉදඤ්ච පන භගවා ජානන්තො නෙව දිබ්බචක්ඛුනා න චෙතොපරියඤාණෙන න සබ්බඤ්ඤුතඤාණෙන ජානි, අධිප්පායෙනෙව පන අඤ්ඤාසි. කථෙන්තස්ස හි අධිප්පායො නාම සුවිජානො හොති, කථෙතුකාමො ගීවං පග්ගණ්හාති, හනුකං චාලෙති, මුඛමස්ස ඵන්දති, සන්නිසීදිතුං න සක්කොති. භගවා තස්ස තං ආකාරං දිස්වා “අයං උදායී සන්නිසීදිතුං න සක්කොති, යං අභූතං, තදෙව කථෙස්සතී”ති ඔලොකෙත්වාව අඤ්ඤාසි. ආදිං යෙවාතිආදිම්හියෙව. තිස්සො වෙදනාති “කිං සො වෙදියතී”ති? පුච්ඡන්තෙන “තිස්සො වෙදනා පුච්ඡාමී”ති එවං වවත්ථපෙත්වාව තිස්සො වෙදනා පුච්ඡිතා. සුඛවෙදනියන්ති සුඛවෙදනාය පච්චයභූතං. සෙසෙසුපි එසෙව නයො.
උම්මග්ගන්ති ප්රඥාවයි. උම්බුජ්ජමානොති හිස ඔසවන්නේ. අයොනිසො උම්මුජ්ජිස්සතීති උපායකින් තොරව හිස ඔසවන්නේ ය. මෙය බුදුරදුන් දැන ගත්තේ දිවැසින් නොවෙයි. චේතෝපරියාය ඥානයෙන් නොවෙයි. සර්වඥතා ඥානයෙන් නොවෙයි. අදහසින් ම දැන ගත්තේය. කථාකරන්නහුගේ අදහස නම් මනාකොට වූයේ වෙයි. කියන කැමැත්තේ බෙල්ල දැඩිකොට ගනියි. හනු සොළවයි. ඔහුගේ මුඛය සෙලවෙයි. ඉඳීමට බැරිවෙයි. බුදුරදුන් ඔහුගේ මේ ආකාරය දැක මේ උදායිට ඉන්නට නොහැකි වෙයි. යමක් නොවේ ද එයම කියන්නේ යැයි බලා දන ගත්තේය. ආදිසොවාති ආදියෙහි ම තිස්සො වෙදනාති කිමද? ඔහ විඳී ද? අසන්නහු විසින් ත්‍රිවිධ වේදනාවන් අසන්නෙමියි මෙසේ ද නියම කොට ත්‍රිවිධ වේදනාවන් අසන ලදි. සුඛවෙදනීයන්ති සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
එත්ථ ච කාමාවචරකුසලතො සොමනස්සසහගතචිත්තසම්පයුත්තා චතස්සො චෙතනා, හෙට්ඨා තිකජ්ඣානචෙතනාති එවං පටිසන්ධිපවත්තෙසු සුඛවෙදනාය ජනනතො සුඛවෙදනියං කම්මං නාම. කාමාවචරඤ්චෙත්ථ පටිසන්ධියංයෙව එකන්තෙන සුඛං ජනෙති, පවත්තෙ ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ අදුක්ඛමසුඛම්පි.
මෙහි ද කාමාවචර කුසලයෙන් සොම්නස් සහගත සිතින් යුක්ත සතර වේදනා යට ත්රිකධ්යන චේතනා යැයි මෙසේ ප්රතිසන්ධියෙන් පැවැති සුඛ වේදනාවෙන් උපදින හෙයින් සුඛ වේදනීය කර්මය නමි. මෙහි කාමාවචරය ද ප්රතිසන්ධියෙහි ඒකාන්තයෙන් සැපය උපදවයි. පැවැති ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි අදුක්ඛමසුඛ වූ ද
අකුසලචෙතනා පටිසන්ධිපවත්තෙසු දුක්ඛස්සෙව ජනනතො දුක්ඛවෙදනියං කම්මං නාම. කායද්වාරෙ පවත්තෙයෙව චෙතං එකන්තෙන දුක්ඛං ජනෙති, අඤ්ඤත්ථ අදුක්ඛමසුඛම්පි, සා පන වෙදනා අනිට්ඨානිට්ඨමජ්ඣත්තෙසුයෙව ආරම්මණෙසු උප්පජ්ජනතො දුක්ඛාත්වෙව සඞ්ඛං ගතා.
අකුසල චේතනා ප්රතිසන්ධියෙන් පැවැති දුක ම ඉපදීම දුක්ඛවේදනීය කර්මය නමි. කායද්වාරය පවත්නා කල්හි ම ඒකාන්තයෙන් මේ දුක උපදවයි. අනෙත් තැන්හි අදුක්ඛමසුඛයයි. එය වේදනා ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ අරමුණුවල උපදින හෙයින් දුකම වෙයි.
කාමාවචරකුසලතො පන උපෙක්ඛාසහගතචිත්තසම්පයුත්තා චතස්සො චෙතනා, රූපාවචරකුසලතො චතුත්ථජ්ඣානචෙතනාති එවං පටිසන්ධිපවත්තෙසු තතියවෙදනාය ජනනතො අදුක්ඛමසුඛවෙදනියං කම්මං නාම. එත්ථ ච කාමාවචරං පටිසන්ධියංයෙව එකන්තෙන අදුක්ඛමසුඛං ජනෙති, පවත්තෙ ඉට්ඨාරම්මණෙ සුඛම්පි. අපිච සුඛවෙදනියකම්මං පටිසන්ධිපවත්තිවසෙන වට්ටති, තථා අදුක්ඛමසුඛවෙදනියං, දුක්ඛවෙදනියං පවත්තිවසෙනෙව වට්ටති. එතස්ස පන වසෙන සබ්බං පවත්තිවසෙනෙව වට්ටති.
කාමාවචර කුසලයෙන් උපේක්ෂා සහගත සිතින් යුක්ත චේතනා හතර රූපාවචර කුසලයෙන් චතුර්ථධ්යාන චේතනාවයි. මෙසේ ප්රතිසන්ධිය පැවැති කල්හි තුන්වන වේදනාවේ ඉපදීමෙන් අදුක්ඛමසුඛ වේදනීය කර්ම නමි. මෙහි කාමාවචර ප්රතිසන්ධියෙන් ඒකාන්තයෙන් ම අදුක්ඛමසුඛය උපදවයි. ඉෂ්ටාරම්මණ සැපය පවතියි. තව ද සුඛ වේදනීය කර්ම ප්රතිසන්ධි පැවතීම් වශයෙන් වටියි. එසේ අදුක්ඛමසුඛ වේදනීය කර්ම ද දුක්ඛ වේදනීය කර්ම ද පැවතීම් වශයෙන් වටියි. මේවායේ සියලු වශයෙන් පැවතීම් වශයෙන් වටියි.
එතස්ස භගවාති ථෙරො තථාගතෙන මහාකම්මවිභඞ්ගකථනත්ථං ආලයො දස්සිතො, තථාගතං යාචිත්වා මහාකම්මවිභඞ්ගඤාණං භික්ඛුසඞ්ඝස්ස පාකටං කරිස්සාමීති චින්තෙත්වා අනුසන්ධිකුසලතාය එවමාහ.
භාග්‍යවතුන් වහන්ස යැයි ඒ තෙරුන්වහන්සේ බුදුරදුන් විසින් මහාකම්මවිභංගය කීම පිණිස බුදුරදුන් ගෙන් ඉල්ලා මහාකම්මවිභංග ඥානය භික්ෂු සංඝයාට ප්‍රකට කරන්නෙමියි සිතා අනුසන්ධියෙහි දක්ෂ බැවින් මෙසේ කීහ.
තත්ථ මහාකම්මවිභඞ්ගන්ති මහාකම්මවිභජනං. කතමෙ චත්තාරො…පෙ… ඉධානන්ද, එකච්චො පුග්ගලො…පෙ… නිරයං උපපජ්ජතීති ඉදං න මහාකම්මවිභඞ්ගඤාණභාජනං, මහාකම්මවිභඞ්ගඤාණභාජනත්ථාය පන මාතිකාට්ඨපනං.
එහි මහාකම්මවිභඞ්ගන්ති යනු මහා කර්මයන් බෙදන ලද කවර හතරක් ද යත්? ආනන්ද, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක් -පෙ- නරකයෙහි උපදියි. මෙය මහා කර්ම විභංගඥානය බෙදීම පිණිස මාතෘකා නොතැබීමය.
ඉධානන්ද, එකච්චො සමණො වාති පාටියෙක්කො අනුසන්ධි. ඉදඤ්හි භගවා – “දිබ්බචක්ඛුකා සමණබ්රාහ්මණා ඉදං ආරම්මණං කත්වා ඉමං පච්චයං ලභිත්වා ඉදං දස්සනං ගණ්හන්තී”ති පකාසනත්ථං ආරභි. තත්ථ ආතප්පන්තිආදීනි පඤ්චපි වීරියස්සෙව නාමානි. චෙතොසමාධින්ති දිබ්බචක්ඛුසමාධිං. පස්සතීති “සො සත්තො කුහිං නිබ්බත්තො”ති ඔලොකෙන්තො පස්සති. යෙ අඤ්ඤථාති යෙ “දසන්නං කුසලානං කම්මපථානං පූරිතත්තා නිරයං උපපජ්ජතී”ති ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති වදති. ඉමිනා නයෙන සබ්බවාරෙසු අත්ථො වෙදිතබ්බො. විදිතන්ති පාකටං. ථාමසාති දිට්ඨිථාමෙන. පරාමාසාති දිට්ඨිපරාමාසෙන. අභිනිවිස්ස වොහරතීති අධිට්ඨහිත්වා ආදියිත්වා වොහරති.
ආනන්ද, මෙලොව ඇතැම් ශ්‍රමණයෙක් හෝ මෙම අනුසන්ධියයි. මේ බුදුරදුන් මහණ බමුණන් දිවැස් ඇත්තෝය. මෙය අරමුණු කොට මේ ප්‍රත්‍යය ලැබ මේ දර්ශනය නොගත් යැයි ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය. එහි ආතප්පන්ති ආදී වූ පහ වීර්යයට ම නම්ය. චෙතොසමාධින්ති දිවැස් සමාධියයි. පස්සතීති ඒ සත්වයා කොහි උපන්නේදැයි බලන්නේ දකියි. යෙ අඤ්ඤථාති යමෙක් දශ කුසල කර්ම පථයන් පුරන ලද හෙයින් නරකයෙහි උපදියි දනිත් ද ඔවුන්ගේ ඥානය මිථ්‍යාවයි කියති. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි තේරුම් දත යුතුයි. විදිතන්ති ප්රකටය. ථාමසාති දෘෂ්ටියේ උත්සාහයෙන් පරාමස්සාති දෘෂ්ටි පරාමාසයෙන් සෙවුනා ලද්දේ වොහරතීති අධිෂ්ඨාන කොට ව්‍යවහාර කරයි.
තත්රානන්දාති ඉදම්පි න මහාකම්මවිභඞ්ගඤාණස්ස භාජනං, අථ ඛ්වාස්ස මාතිකාට්ඨපනමෙව. එත්ථ පන එතෙසං දිබ්බචක්‍ඛුකානං වචනෙ එත්තකා අනුඤ්ඤාතා, එත්තකා අනනුඤ්ඤාතාති ඉදං දස්සිතං. තත්ථ තත්රාති තෙසු චතූසු සමණබ්රාහ්මණෙසු. ඉදමස්සාති ඉදං වචනං අස්ස. අඤ්ඤථාති අඤ්ඤෙනාකාරෙන. ඉති ඉමෙසං සමණබ්රාහ්මණානං වාදෙ ද්වීසු ඨානෙසු අනුඤ්ඤාතා, තීසු අනනුඤ්ඤාතාති එවං සබ්බත්ථ අනුඤ්ඤා නානුඤ්ඤා වෙදිතබ්බා.
තත්රානන්දාති මෙය ද මහා කර්ම විභංගඥානයේ බෙදීම නොවෙයි. ඉක්බිතිව මේ එහි මාතෘකා තැබීමයි. මෙහි දිවැස් ඇති මොවුන්ගේ වචනයෙහි දැන ගන්නෝ මෙපමණකය දැන නොගන්නෝ මෙපමණකය යැයි මෙය දක්වන ලදි. එහි තත්‍රා යනු ඒ සතර මහණ බමුණන් කෙරෙහි ඉදමස්සාති ඔහුගේ මේ වචනයයි. අඤ්ඤථාති අන්‍ය ආකාරයකින් මෙසේ මේ මහණ බමුණන්ගේ වාදයෙහි දෙතැනක දැන ගැනීමය තුන් තැනක දැන නොගැනීමය යැයි මෙසේ සියලු තැන්හි දැන ගැනීම දැන නොගැනීම දත යුතුයි.
එවං දිබ්බචක්‍ඛුකානං වචනෙ අනුඤ්ඤා ච අනනුඤ්ඤා ච දස්සෙත්වා ඉදානි මහාකම්මවිභඞ්ගඤාණං විභජන්තො තත්රානන්ද, ය්වායං පුග්ගලොතිආදිමාහ.
මෙසේ දිවැස් ඇත්තවුන්ගේ වචනයෙහි දැන ගැනීම ද දැන නොගැනීම ද දක්වා දැන් මහා කර්ම විභංගඥානය බෙදන්නේ තත්රානන්දය්වායං පුග්ගලොති යනාදිය කීය.
පුබ්බෙ වාස්ස තං කතං හොතීති යං ඉමිනා දිබ්බචක්ඛුකෙන කම්මං කරොන්තො දිට්ඨො, තතො පුබ්බෙ කතං. පුබ්බෙ කතෙනපි හි නිරයෙ නිබ්බත්තති, පච්ඡා කතෙනපි නිබ්බත්තති, මරණකාලෙ වා පන – “ඛන්දො සෙට්ඨො සිවො සෙට්ඨො, පිතාමහො සෙට්ඨො, ඉස්සරාදීහි වා ලොකො විසට්ඨො”තිආදිනා මිච්ඡාදස්සනෙනපි නිබ්බත්තතෙව. දිට්ඨෙව ධම්මෙති යං තත්ථ දිට්ඨධම්මවෙදනීයං හොති, තස්ස දිට්ඨෙව ධම්මෙ, යං උපපජ්ජවෙදනීයං, තස්ස උපපජ්ජිත්වා, යං අපරාපරියවෙදනීයං, තස්ස අපරස්මිං පරියායෙ විපාකං පටිසංවෙදෙති.
පුබ්බෙවාස්ස තං කතං හොතීති මේ දිවැස් ඇත්තහු විසින් යම් කර්මයක් කරන්නේ දක්නා ලද්දේ ද එයට පෙර කරන ලදි. පෙර කරන ලද දෙයින් ද නරකයෙහි උපදියි. පසුව කරන ලද දෙයින් ද උපදියි. මැරෙන කාලයෙහි ද ස්කන්ධය ශ්‍රේෂ්ඨය ඊශ්වරයා ශ්‍රේෂ්ඨය මහා බ්‍රහ්මයා ශ්‍රේෂ්ඨය ඊශ්වරාදී ලෝකය හෝ ශ්‍රේෂ්ඨය යනාදී මිථ්‍යා දර්ශනයෙන් උපදීමයි. දිට්ඨෙවා ධම්මෙති එහි යමක් දෘෂ්ඨධර්ම වේදනියක් වේ ද එහි ඉහතාත්මයෙහිය. යම් උපපජ්ජවේදනියයක් වේ ද එයගේ ඉපදී යම් අපරාපරිය වේදනියයක් වේද එහි අනෙක් ක්රමයෙහි විපාකය විඳියි.
ඉති අයං සමණො වා බ්රාහ්මණො වා එකං කම්මරාසිං එකඤ්ච විපාකරාසිං අද්දස, සම්මාසම්බුද්ධො ඉමිනා අදිට්ඨෙ තයො කම්මරාසී, ද්වෙ ච විපාකරාසී අද්දස. ඉමිනා පන දිට්ඨෙ අදිට්ඨෙ ච චත්තාරො කම්මරාසී තයො ච විපාකරාසී අද්දස. ඉමානි සත්ත ඨානානි ජානනඤාණං තථාගතස්ස මහාකම්මවිභඞ්ගඤාණං නාම. දුතියවාරෙ දිබ්බචක්ඛුකෙන කිඤ්චි න දිට්ඨං, තථාගතෙන පන තයො කම්මරාසී, ද්වෙ ච විපාකරාසී දිට්ඨාති. ඉමානිපි පඤ්ච පච්චත්තට්ඨානානි ජානනඤාණං තථාගතස්ස මහාකම්මවිභඞ්ගඤාණං නාම. සෙසවාරද්වයෙපි එසෙව නයො.
මෙසේ මේ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ එක් කර්ම රාශියක් ද එක් විපාක රාශියක් ද දැක්කේය. බුදුරදුන් විසින් මොවුන් විසින් නොදකින ලද කර්ම රාශි තුනක් ද විපාක රාශි දෙකක් ද දැක්කේය. මොවුන් විසින් දකින ලද ද නොදකින ලද ද කර්ම රාශි හතරක් විපාක රාශි තුනක් ද දැක්කේය. මේ ස්ථාන හත දැන ගන්නා නුවණ බුදුරදුන්ගේ මහාකම්ම විභංගනුවණ නමි. දෙවැනි වාරයෙහි දිවැස් ඇත්තා විසින් කිසිවක් නොදකින ලදි. මුල් කර්ම රාශි තුන ද විපාක රාශි දෙක ද දැක්කේ යැයි මේ ස්ථාන පහ දන්නා නුවණ බුදුරදුන්ගේ මහාකම්ම විභංගනුවණ නමි. සෙසු වාර දෙකෙහි ද මේ ක්‍රමයයි.
අභබ්බන්ති භූතවිරහිතං අකුසලං. අභබ්බාභාසන්ති අභබ්බං ආභාසති අභිභවති පටිබාහතීති අත්ථො. බහුකස්මිඤ්හි අකුසලකම්මෙ ආයූහිතෙ බලවකම්මං දුබ්බලකම්මස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්ස ඔකාසං කරොති ඉදං අභබ්බඤ්චෙව අභබ්බාභාසඤ්ච. කුසලං පන ආයූහිත්වා ආසන්නෙ අකුසලං කතං හොති, තං කුසලස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්ස ඔකාසං කරොති, ඉදං අභබ්බං භබ්බාභාසං. බහුම්හි කුසලෙ ආයූහිතෙපි බලවකම්මං දුබ්බලකම්මස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්ස ඔකාසං කරොති, ඉදං භබ්බඤ්චෙව භබ්බාභාසඤ්ච. අකුසලං පන ආයූහිත්වා ආසන්නෙ කුසලං කතං හොති, තං අකුසලස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්ස ඔකාසං කරොති, ඉදං භබ්බං අභබ්බාභාසං.
අභබ්බන්ති සුදුසු නොවුණු අකුසලයයි. අභබ්බභාසන්ති සුදුසු නොවුණු අකුසලය මැඩ පවත්වයි. ප්‍රතිබාහනය යන තේරුමයි. බොහෝ අකුසල කර්ම රැස් කළ කල්හි බලවත් කර්මය දුබල කර්මයාගේ විපාකය ප්‍රතිබාහනය කොට තමාගේ විපාකයට අවකාශ කරයි. මේ අභබ්බය අභබ්බභාස නමි. අකුසලය රැස්කොට ආසන්නයේ කුසලයක් කෙළේ වේ ද එය අකුසලයේ විපාකය ප්‍රතිබාහනය කොට තමාගේ විපාකයට අවකාශ කරයි. මේ අභබ්බය අභබ්බභාස නමි. බොහෝ කුසල් රැස්කොට ආසන්නයේ අකුසලයක් කරේ වේද එය අකුසලයේ විපාකය ප්‍රතිබාහනය කොට තමාගේ විපාකයට අවකාශ කරයි. මෙය භබ්බය ද භබ්බභාසය ද වේ.
අපිච උපට්ඨානාකාරෙනපෙත්ථ අත්ථො වෙදිතබ්බො. ඉදඤ්හි වුත්තං හොති, අභබ්බතො ආභාසති උපට්ඨාතීති අභබ්බාභාසං. තත්ථ “ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතී”තිආදිනා නයෙන චත්තාරො පුග්ගලා වුත්තා, තෙසු පඨමස්ස කම්මං අභබ්බං අභබ්බාභාසං, තඤ්හි අකුසලත්තා අභබ්බං, තස්ස ච නිරයෙ නිබ්බත්තත්තා තත්ථ නිබ්බත්තිකාරණභූතං අකුසලං හුත්වා උපට්ඨාති. දුතියස්ස කම්මං අභබ්බං භබ්බාභාසං, තඤ්හි අකුසලත්තා අභබ්බං. තස්ස පන සග්ගෙ නිබ්බත්තත්තා අඤ්ඤතිත්ථියානං සග්ගෙ නිබ්බත්තිකාරණභූතං කුසලං හුත්වා උපට්ඨාති. ඉතරස්මිම්පි කම්මද්වයෙ එසෙව නයො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එසේ වුවත් මෙහි උපස්ථානාකාරයෙන් තේරුම දත යුතුයි. මෙය කියන ලද්දේ වෙයි. අභබ්බ වශයෙන් උපස්ථාන කරන්නේ අභබ්බභාස නමි. එහි යම් යම් පුද්ගලයෙක් මෙලොව ප්‍රාණඝාතාදී ක්‍රමයෙන් පුද්ගලයෝ හතර දෙනෙක් කියන ලදි. ඔවුන්ගේ ප්රථමයාගේ කර්මය අභබ්බය අභබ්බභාසය එය අකුසල් හෙයිනි. අභබ්බය එහිද නරකයෙහි උපදින හෙයින් එහි උපදින ආකාර වූ අකුසල් වැටහෙයි. දෙවැන්නාගේ අභබ්බය භබ්බාසය. එය අකුසල හෙයින් අභබ්බය එහි ස්වර්ගයෙහි ඉපදීමට කරුණු වූ කුසලයන්ට වැටහෙයි. අනෙක් කර්ම දෙකෙහි ද මෙම ක්‍රමයයි. ඉතිරිය සියලු තැන්හි ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාකම්මවිභඞ්ගසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා කම්මවිභංග සූත්‍ර වර්ණනාව නිමි.