යෙදුමෙන් කියවන්න

මහාකම‍්මවිභඞ‍්ග සුත‍්තං

3. 4. 6.

3. 4. 6.

මහාකම‍්මවිභඞ‍්ග සුත‍්තං

මහාකම්මවිභඞ්ග සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සමිද‍්ධි අරඤ‍්ඤකුටිකායං විහරති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ වනකිළියෙක්හි වෙසෙති.

අථ ඛො පොතලිපුත‍්තො පරිබ‍්බාජකො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො යෙනායස‍්මා සමිද‍්ධි තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සමිද‍්ධිනා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පොතලිපුත‍්තො පරිබ‍්බාජකො ආයස‍්මන‍්තං සමිද‍්ධිං එතදවොච: ‘සම‍්මුඛා මෙතං ආවුසො සමිද‍්ධි, සමණස‍්ස ගොතමස‍්ස සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: මොඝං කායකම‍්මං, මොඝං වචීකම‍්මං, මනොකම‍්මමෙව සච‍්චන‍්ති. අත්‍ථි ච සා සමාපත‍්ති යං සමාපත‍්තිං සමාපන‍්නො න කිඤ‍්චි වෙදියතීති.

එකල්හි පෝතලිපුත්‍ර පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙන් ඔබ මොබ හැසිරෙනුයේ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල කී: “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම සිස්යැ, වාක්කර්‍මය සිස් යැ, මනඃකර්‍මය මැ තථ යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ’ යි කියා” යි.

මා එවං ආවුසො පොතලිපුත‍්ත අවච, මා එවං ආවුසො පොතලිපුත‍්ත අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය: ‘මොඝං කායකම‍්මං, මොඝං වචීකම‍්මං, මනොකම‍්මමෙව සච‍්ච’න‍්ති. අත්‍ථි ච ඛො සා ආවුසො, සමාපත‍්ති යං සමාපත‍්තිං සමාපන‍්නො න කිඤ‍්චි වෙදියතීති.

ඇවත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කීය. ඇවැත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කිය. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නහමක් කර. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො මැ වදාරන්නාහ: ‘කායකර්‍මය තුච්ඡ යැ, වාක්කර්‍මය තුච්ඡ යැ, මනඃකර්‍මය මැ සැබැවැ’ යි. ඇවැත්නි, යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතෙක් ඇත්තේ වේ යයි.

කීව චීරං පබ‍්බජිතොසි ආවුසො, සමිද‍්ධීති.

ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, පැවිදි වැ කෙතෙක් දිගු කල් ඇද්ද?

න චීරං ආවුසො, තීණි වස‍්සානීති.

ඇවැත්නි, බොහෝ කල් නො වෙයි. තුන් වසක් වේ යයි.

එත්‍ථදානි මයං ථෙරෙ භික‍්ඛූ කිං වක‍්ඛාම, යත්‍ර හි නාමෙවං නවො භික‍්ඛු සත්‍ථාරං පරිරක‍්ඛිතබ‍්බං මඤ‍්ඤිස‍්සති. සඤ‍්චෙතනිකං, ආවුසො සමිද‍්ධි, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, කිං සො වෙදියතීති.

යම් කරුණෙක්හි මෙසේ නවක මහණ ශාස්තෘහු (ගර්‍හායෙන් මිදීමෙන්) රැක්කයුතු කොට සිතී නම් ස්ථවිර භික්‍ෂූන් ගෙන දැන් මෙහිලා අපි කුමක් කියමෝ ද? ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ? යි.

සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, දුක‍්ඛං සො වෙදියතීති.

ඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුඃඛවේදනා විඳී යයි.

අථ ඛො පොතලිපුත‍්තො පරිබ‍්බාජකො ආයස‍්මතො සමිද‍්ධිස‍්ස භාසිතං නෙව අභිනන්‍දි න පටික‍්කොසි. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

එසඳ පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ භාෂිතය නොමැ පිළිගත, බැහැර නො කෙළේ යැ. නො පිළිගෙන බැහැර නො කොට හුනස්නෙන් නැඟී ගියේ.

අථ ඛො ආයස‍්මා සමිද‍්ධි අචිරපක‍්කන‍්තෙ පොතලිපුත‍්තෙ පරිබ‍්බාජකෙ යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සමිද‍්ධි යාවතකො අහොසි පොතලිපුත‍්තෙන පරිබ‍්බාජකෙන සද‍්ධිං කථාසල‍්ලාපො, තං සබ‍්බං ආයස‍්මතො ආනන්‍දස‍්ස ආරොචෙසි. එවං වුත‍්තෙ, ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සමිද‍්ධිං එතදවොච: ‘අත්‍ථි ඛො ඉදං ආවුසො සමිද‍්ධි, කථාපාභතං භගවන‍්තං දස‍්සනාය. ආයාමාවුසො සමිද‍්ධි, යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං භගවතො ආරොචෙය්‍යාම. යථා නො භගවා ව්‍යාකරිස‍්සති තථා නං ධාරෙය්‍යාමාති.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජක නික්මගිය නොබෝ වේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එහැම ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල වදාළහ: “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නට මේ කථාප්‍රාහෘතයෙක් (පඬුරෙක්) ඇත. ඇවැත්නි සමිද්ධි තෙරණුවෙනි, යම්හ. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ. භාග්‍යවතුන් වහන්සේ යම්සේ අපට ප්‍රකාශ කරනසේක් නම් එය එසේ ධරම්හ” යි.

එවමාවුසොති ඛො ආයස‍්මා සමිද‍්ධි ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො ආයස‍්මා ච ආනන්‍දො ආයස‍්මා ච සමිද‍්ධි යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො යාවතකො අහොසි ආයස‍්මතො සමිද‍්ධිස‍්ස පොතලිපුත‍්තෙන පරිබ‍්බාජකෙන සද‍්ධිං කථා සල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෝතලි පුත්‍ර පරිව්‍රාජකයා සමග ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ යම් පමණ කථා සල්ලාපයෙක් වී ද එහැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.

එවං වුත‍්තෙ භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ‘දස‍්සනම‍්පි ඛො අහං ආනන්‍ද, පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස නාභිජානාමි. කුතො පනෙවරූපං කථාසල‍්ලාපං. ඉමිනා ච ආනන්‍ද, සමිද‍්ධිනා මොඝපුරිසෙන පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස විභජ‍්ජ ව්‍යාකරණීයො පඤ‍්හො එකංසෙන ව්‍යාකතො’ති.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල වදාළහ: “ආනන්‍දය, මම පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාගේ දැක්මකුදු නො දනිමි. මෙබඳු කථාසල්ලාපයෙක් වැළිත් කොයින් වී ද. තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳනලදැ” යි.

එවං වුත‍්තෙ ආයස‍්මා උදායී භගවන‍්තං එතදවොච: ‘සචෙ පන භන‍්තෙ, ආයස‍්මතා සමිද‍්ධිනා ඉදං සන්‍ධාය භාසිතං, යං කිඤ‍්චි වෙදයිතං තං දුක‍්ඛස‍්මි’න‍්ති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් විසින් යම් කිසි වේදනාවක් ඇද්ද එය ‘දුක’ යි යන මේ සඳහා කියනලද ද?

අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ‘පස‍්ස ඛො ත්‍වං ආනන්‍ද, ඉමස‍්ස උදායිස‍්ස මොඝපුරිසස‍්ස උම‍්මග‍්ගං. අඤ‍්ඤාසිං ඛො අහං ආනන්‍ද, ඉදානෙවායං උදායී මොඝපුරිසො උම‍්මුජ‍්ජමානො අයොනිසො උම‍්මුජ‍්ජිස‍්සතී’ති. ආදිංයෙව ආනන්‍ද, පොතලිපුත‍්තෙන පරිබ‍්බාජකෙන තිස‍්සො වෙදනා පුච‍්ඡිතා. සචායං ආනන්‍ද, සමිද‍්ධි මොඝපුරිසො පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස එවං පුට‍්ඨො එවං ව්‍යාකරෙය්‍ය: ‘සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා සුඛවෙදනීයං, සුඛං සො වෙදියති. සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා දුක‍්ඛවෙදනීයං, දුක‍්ඛං සො වෙදියති. සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා අදුක‍්ඛමසුඛවෙදනීයං, අදුක‍්ඛමසුඛං සො වෙදියතීති. එවං ව්‍යාකරමානො ඛො ආනන්‍ද, සමිද‍්ධි මොඝපුරිසො පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස සම‍්මා ව්‍යාකරෙය්‍ය. අපිචානන්‍ද, කෙ ච අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා බාලා අව්‍යත‍්තා, කෙ ච තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං ජානිස‍්සන‍්ති. සචෙ තුම‍්හෙ ආනන්‍ද, සුණෙය්‍යාථ තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං විභජන‍්තස‍්සාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ඇමතූසේක. ‘ආනන්‍දය, තෙපි මේ උදායී මෝඝපුරුෂයාගේ ප්‍රඥා-උන්මාර්‍ගය බලව. ආනන්‍දය මම් මේ උදායී මෝඝපුරුෂ මෙවිට මැ හිස නඟනුයේ නුනුවණින් හිස නඟා’ යයි දතිමි. ආනන්‍දය, පෝතලිපුත්‍ර පරිව්‍රාජකයා විසින් ආදියෙහි ම ත්‍රිවිධ වේදනාව පුළුවුස්නා ලද. ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුඃඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුඃඛමසුඛවේදනිය කර්‍මය කොට හේ උපේක්‍ෂා වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ).

එතස‍්ස භගවා කාලො, එතස‍්ස සුගත කාලො, යං භගවා මහාකම‍්මවිභඞ‍්ගං විභජෙය්‍ය, භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.

භාග්‍යවතුන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. සුගතයන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මහාකර්‍මවිභඞ්ගය විභාග කරනසේක් නම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා ධරන්නාහ’ යි.

තෙන හා’නන්‍ද, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.

ආනන්‍දය, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.

එවං භන‍්තෙති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල (මහාකර්‍මවිභඞ්ගය) වදාළසේක.

චත‍්තාරො මෙ ආනන්‍ද, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො: ඉධානන්‍ද, එකච‍්චො පුග‍්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසුමිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලු හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

ආනන්‍දය, ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්හලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්: ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් බණනු වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න චිත්ත වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කායභේදයෙන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට වදියි.

ඉධ පන ආනන්‍ද, එකච‍්චො පුග‍්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලු හොති, ව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න සිත් වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.

ඉධානන්‍ද එකච‍්චො පුග‍්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස්බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න වූ සිත් ඇති වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.

ඉධ පනානන්‍ද, එකච‍්චො පුග‍්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පරපණ නැසීමෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු ඇති වෙයි. හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ.

ඉධානන්‍ද, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා ආතප‍්පමන්‍වාය පධානමන්‍වාය අනුයොගමන්‍වාය අප‍්පමාදමන්‍වාය සම‍්මා මනසිකාරමන්‍වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති. යථා සමාහිතෙ චිත‍්තෙ දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන අමුං පුග‍්ගලං පස‍්සති: ‘ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං කාමෙසු මිච‍්ඡාචාරිං මුසාවාදිං පිසුනා වාචං ඵරුසා වාචං සම‍්ඵප‍්පලාපිං අභිජ‍්ඣාලුං ව්‍යාපන‍්නචිත‍්තං මිච‍්ඡාදිට‍්ඨිං. කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සති අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නං. සො එවමාහ: ‘අත්‍ථි කිර භො, පාපකානි කම‍්මානි, අත්‍ථි දුච‍්චරිතස‍්ස විපාකො. අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං කාමෙසු මිච‍්ඡාචාරිං මුසාවාදිං පිසුනාවාචං ඵරුසාවාචං සම‍්ඵප‍්පලාපිං අභිජ‍්ඣාලුං ව්‍යාපන‍්නචිත‍්තං මිච‍්ඡාදිට‍්ඨිං කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නන‍්ති. සො එවමාහ: ‘යො කිර භො පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨි, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති, යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉති සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යට පැමිණ ප්‍රධන්වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව ඇසින් මෙලොව දී ප්‍රාණවධ කළා වූ අයිනාදන් ගත් කාමයෙහි මිසහසර ඇති මුසවා කියනසුලු පිසුනුබස් ඇති පරොස්බස් ඇති සම්ඵප්‍රලාප ඇති ව්‍යාපන්න සිත් ඇති මිසදිටු ගත් තෙල පුද්ගලයා දකී ද, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දකී ද, එබඳු වූ චිත්තසමාධිය ලබයි. හේ මෙසේ කියා: භවත, පාපකර්‍මයෝ ඇත. දුශ්චරිතයාගේ විපාකයෙක් ඇත. යම් හෙයෙකින් මම මෙලොව දී ප්‍රාණවධ කළ, අයිනාදන් ගත්, කාමයෙහි මිසහසර ඇති, මුසවා කියනසුලු, පිසුනුබස් ඇති, පරොස්බස් ඇති, සම්ඵප්‍රලාප ඇති, අභිධ්‍යාලු වූ, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි. හේ මෙසේ කියයි: “භවත්නි, යමෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ වේ ද, එ හැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට එළැඹෙයි, යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මැනැවින් දනිති, යම් කෙනෙක් අන් පරිදි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා වෙයි” කියා යි. මෙසේ හේ ඔහු විසින් තමා දන්නා ලද ද තමා දක්නාලද ද, තමා පහළ කරන ලද ද එය මැ එහි දෘෂ්ටියෙන් දැඩි සේ පරාමර්‍ශ කොට එහි වැදගෙන ‘මේ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’ යි ව්‍යවහාර කෙරේ ද, එබඳු චිත්තසමාධියෙක් ස්පර්‍ශ කෙරෙයි.

ඉධ පනානන්‍ද, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා ආතප‍්පමන්‍වාය පධානමන්‍වාය අනුයොගමන්‍වාය අප‍්පමාදමන්‍වාය සම‍්මා මනසිකාරමන්‍වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති. යථා සමාහිතෙ චිත‍්තෙ දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන අමුං පුග‍්ගලං පස‍්සති. ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං -පෙ- මිච‍්ඡාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සති සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නං. සො එවමාහ: ‘නත්‍ථි කිර භො, පාපකානි කම‍්මානි, නත්‍ථි දුච‍්චරිතස‍්ස විපාකො, අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං -පෙ- මිච‍්ඡාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පම‍්මරණා පස‍්සාමි සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නන‍්ති. සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨී, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. යෙ එවං ජානන‍්ති තෙ සම‍්මා ජානන‍්ති. යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉති සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධන් වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවඇසින් මෙලොව දී ප්‍රාණවධ කළ අයිනාදන් ගත් ... මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දකී. හේ මෙසේ කියයි: පාපකර්‍මයෝ නැත. දුශ්චරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියහු දිටිම් නො! හේ මෙසේ කියයි, යමෙක් පණිවා කරන්නේ, අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ වේ ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිත්. යම් කෙනෙක් නො එසේ දනිත් ද, ඔවුන්ගේ දැනුම සිස් යැ කියා යි. මෙසේ හෙතෙම ඔහු විසින් තමා දත් තමා දුටු ස්වයංවිදිත යම් මැ දැයෙක් ඇද්ද, එහි ලා එය මැ දැඩි සේ පරාමර්‍ශ කොට අභිනිවේශ කොට ‘මෙය මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ යි බෙණේ.

ඉධානන්‍ද එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා ආතප‍්පමන්‍වාය පධානමන්‍වාය අනුයොගමන්‍වාය අප‍්පමාදමන්‍වාය සම‍්මා මනසිකාරමන්‍වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත‍්තෙ දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන අමුං පුග‍්ගලං පස‍්සති. ‘ඉධ පාණාතිපාතා පටිවිරතං අදින‍්නාදානා පටිවිරතං කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතං මුසාවාදා පටිවිරතං පිසුනා වාචා පටිවිරතං ඵරුසා වාචා පටිවිරතං සම‍්ඵප‍්පලාපා පටිවිරතං අනභිජ‍්ඣාලුං අව්‍යාපන‍්නචිත‍්තං සම‍්මාදිට‍්ඨිං කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සති සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නං. සො එවමාහ: ‘අත්‍ථි කිර භො කල්‍යාණානි කම‍්මානි, අත්‍ථි සුචරිතස‍්ස විපාකො. අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං -පෙ- සම‍්මාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි සුගතිං සග‍්ගං ලොකං උපපන‍්න’න‍්ති. සො එවමාහ: ‘යො කිර භො පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති. යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉති සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ‘ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති.

ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් තවන වැර නිසා ප්‍රධන් වැර නිසා අනුයෝග වීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා සම්‍යග් මනස්කාර නිසා යම්සේ සමාහිත චිත්තය ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි තෙල පුඟුලා මෙලොව පණිවායෙන් වෙන් වූවහු කාමයෙහි මිසහසරින් වෙන් වූවහු මුසවායෙන් වෙන් වූවහු පිසුනුබසින් වෙන් වූවහු පරොස් බසින් වෙන් වූවහු සම්ඵසංඛ්‍යාත ප්‍රලාපයෙන් වෙන් වූවහු අභිධ්‍යා බහුල නො වූවහු ව්‍යාපන්න චිත්ත නැතියහු සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්නේ වේ ද. එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධියක් ස්පර්‍ශ කෙරේ. හේ මෙසේ කියයි. කල්‍යාණ කර්‍මයෝ ඇත. සුචරිතයාගේ විපාක ඇත. මම් මෙලොව පණිවායෙන් වෙන් වැ ... සම්දිටු ඇති කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණි පුඟුලා දිටිම් නො! හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වේ ද අයිනාදනින් දුරු වේ ද ... සම්දිටු ඇද්ද එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිත්, යම් කෙනෙක් නො එසේ දනිත් ද උන්ගේ දැනුම මෝඝ වෙති’ යි කියා යි. මෙසේ හෙතෙමේ ඔහු විසින් තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද එහි ලා එය මැ දෘෂ්ටිශක්තියෙන් දෘෂ්ටි පරාමර්‍ශ කොට අභිනිවේශ කොට තහවුරු වැ ගෙන බෙණේ: ‘මෙ මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ කියා යි.

ඉධ පනානන්‍ද එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා ආතප‍්පමන්‍වාය පධානමන්‍වාය අනුයොගමන්‍වාය අප‍්පමාදමන්‍වාය සම‍්මා මනසිකාරමන්‍වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත‍්තෙ දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන අමුං පුග‍්ගලං පස‍්සති. ඉධ පාණාතිපාතා පටිවිරතං අදින‍්නාදානා පටිවිරතං -පෙ- සම‍්මාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සති අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නං. සො එවමාහ: නත්‍ථි කිර භො කල්‍යාණානි කම‍්මානි,

ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ ආතාපනවීර්‍ය්‍යය නිසා ප්‍රධන්වීර්‍ය්‍යය නිසා අනුයෝගවීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා මනා මෙනෙහි කිරීම් නිසා එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධිය ස්පර්‍ශ කෙරෙයි. යම්සේ සමාහිත සිත ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් තෙල පුඟුලා මෙලොව පණිවායෙන් දුරු වූවහු අයිනාදනින් දුරු වූවහු ... සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹියහු දක්නේ වේ ද එබඳු දිව්‍යචක්‍ෂුස් සමාධිය යි. හේ මෙසේ කියයි. කල්‍යාණකර්‍මයෝ

නත්‍ථි සුචරිතස‍්ස විපාකො. අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින‍්නාදානා පටිවිරතං -පෙ- සම‍්මාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්න’න‍්ති. සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි. සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති. යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණ’න‍්ති. ඉති සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

නැත. සුචරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවායෙන් දුරු වූ අයිනාදනින් දුරු වූ ... සම්දිටු ඇති, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණි පුඟුලකු දිටිම් නො ! කියා’ යි. හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වූයේ ... සම්දිටු ඇතියේ වේ ද, ඒ හැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ දැන්ම මිථ්‍යා යැ’ යි කියා යි. මෙසේ හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද, එහි ලා ඒ දැන්ම මැ දෘෂ්ටිස්ථාමයෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට එහි බැසගෙන බෙණේ: ‘මෙ මැ යැ සත්‍ය යැ, අනෙක මෝඝ යැ’ කියා යි.

තත්‍රානන්‍ද, ය‍්වායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවමාහ: අත්‍ථි කිර භො, පාපකානි කම‍්මානි, අත්‍ථි දුච‍්චරිතස‍්ස විපාකොති. ඉදමස‍්ස අනුජානාමි. යම‍්පි සො එවමාහ: ‘අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං -පෙ- මිච‍්ඡාදිට‍්ඨිං කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්න’න‍්ති. ඉදම‍්පිස‍්ස අනුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨී, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජතී’ති. ඉදමස‍්ස නානුජානාමි. යම‍්පි සො එවමාහ: යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති, යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. යම‍්පි සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අඤ‍්ඤථා හි, ආනන්‍ද, තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගෙ ඤාණං හොති.

ආනන්‍දය, එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍මයෝ ඇත, දුශ්චරිතයාගේ විපාකයෙක් ඇතැ’ යි. ඔහුගේ මේ කියමන අනුදනිමි. හේ මෙසේයිනුත් යම් බසක් කියා ද මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුඟුලා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණියහු දිටිම් නො ! යි, ඔහුගේ මෙබස ද අනුදනිමි. හේ මෙසෙයිනුදු යම් බසක් කියා ද පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති යමෙක් ඇද්ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ යයි, ඔහුගේ මෙබස නො අනුදන්මි. හේ මෙසෙයිනුත් යම් බසක් කියා ද යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද ඔවුන්ගේ දැනුම මිථ්‍යා යැ’ යි ඔහුගේ මෙබස ද නො අනුදන්මි. හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පහළ කළ යම් මැ දැයෙක් ඇද්ද එහි එය මැ දෘෂ්ටිශක්තියෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට බැසගෙන බෙණේ ද ‘මේ මැ යැ සත්‍ය යැ, අනෙක සිස් යැ’ යන යමක් ඇද්ද, ඔහුගේ මෙබස ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, අන් සැටියෙකින් තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය වේ ද එහෙයිනි.

තත්‍රානන්‍ද, ය‍්වායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවමාහ: නත්‍ථි කිර භො, පාපකානි කම‍්මානි, නත්‍ථි දුච‍්චරිතස‍්ස විපාකොති. ඉදමස‍්ස නානුජානාමි. යම‍්පි ඛො සො එවමාහ: අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතිං අදින‍්නාදායිං -පෙ- මිච‍්ඡාදිට‍්ඨිං කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි සුගතිං සග‍්ගං ලොකං උපපන‍්න’න‍්ති, ඉදමස‍්ස අනුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨී, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතී’ති. ඉදමස‍්ස නානුජානාමි. යම‍්පි සො එවමාහ: යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති. යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. යම‍්පි සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අඤ‍්ඤථා හි ආනන්‍ද, තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගෙ ඤාණං හොති.

ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍ම නැත, දුශ්චරිතයාගේ විපාක නැතැ’ යි, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමෙකුත් කියා ද: තව ද මම් මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටුගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවා කරන්නේ අයිනාදන් ගන්නේ මිසදිටු ඇත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටියෙකින් දනිත් ද උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් බැසගෙන ‘මෙ මැ යැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය අන් සැටි වන හෙයිනි.

තත්‍රානන්‍ද, ය‍්වායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවමාහ: ‘අත්‍ථි කිර භො, කල්‍යාණානි කම‍්මානි, අත්‍ථි සුචරිතස‍්ස විපාකොති. ඉදමස‍්ස අනුජානාමි. යම‍්පි ඛො සො එවමාහ: අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින‍්නාදානා පටිවිරතං -පෙ- සම‍්මාදිට‍්ඨිං. කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි සුගතිං සග‍්ගං ලොකං උපපන‍්න’න‍්ති. ඉදම‍්පිස‍්ස අනුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතී’ති. ඉදමස‍්ස නානුජානාමි. යම‍්පි සො එවමාහ: යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති. යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. යම‍්පි සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අඤ‍්ඤථා හි ආනන්‍ද, තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගෙ ඤාණං හොති.

ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම ඇත. සුචරිතයාගේ විපාක ඇතැ’යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: යමෙක් පණිවායෙන් වෙන් වූයේ ... සම්දිටු ගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද, උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. යමෙක් ඔහුගේ තමා දත් තමා දුටු යම් මැ දැයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් වැදගෙන මෙ මැ සත්‍ය යැ, අන්‍යය මෝඝ යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගවිඥානය අන්සැටි වන හෙයිනි.

තත්‍රානන්‍ද, ය‍්වායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවමාහ: ‘නත්‍ථි කිර භො, කල්‍යාණානි කම‍්මානි, නත්‍ථි සුචරිතස‍්ස විපාකොති. ඉදමස‍්ස නානුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: අපාහං පුග‍්ගලං අද‍්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින‍්නාදානා පටිවිරතං -පෙ- සම‍්මාදිට‍්ඨිං, කායස‍්ස භෙදා පරම‍්මරණා පස‍්සාමි අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්න’න‍්ති. ඉදමස‍්ස අනුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි, සබ‍්බො සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජතී’ති. ඉදමස‍්ස නානුජානාමි. යඤ‍්ච ඛො සො එවමාහ: යෙ එවං ජානන‍්ති, තෙ සම‍්මා ජානන‍්ති, යෙ අඤ‍්ඤථා ජානන‍්ති, මිච‍්ඡා තෙසං ඤාණන‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. යම‍්පි සො යදෙව තස‍්ස සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙව තත්‍ථ ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. ඉදම‍්පිස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අඤ‍්ඤථා හි ආනන්‍ද, තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගෙ ඤාණං හොති.

ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම නැත, සුචරිතයාගේ විපාක නැතැ’ යි ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්දිටුගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරෑ වදනාහ’ යි කියා ද, ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා යි කියා යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි, හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් අභිනිවේශ කොට මෙ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’යි කියා ද, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාග ඥානය අන් සැටි වන හෙයිනි.

තත්‍රානන්‍ද, ය‍්වායං පුග‍්ගලො ඉධ පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨි, කායස‍්ස භෙදා පම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො ඉධ පාණාතිපාතී හොති අදින‍්නාදායී හොති -පෙ- මිච‍්ඡාදිට‍්ඨී හොති. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

ආනන්‍දය, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවේදනාවහ වූ ඒ පාපකර්‍මය කැලැ මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවේදනාවට හිත වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය මරණකාලයෙහි හෝ සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නම් වූ නිරයට එළැඹෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද අයිනාදන් ගත්තේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද ඒ කර්‍මයාගේ විපාක ඉහාත්මයෙහි මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.

තත්‍රානන්‍ද, ය‍්වායං පුග‍්ගලො ඉධ පාණාතිපාතී අදින‍්නාදායී -පෙ- මිච‍්ඡාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා, තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො ඉධ පාණාතිපාතී හොති අදින‍්නාදායී හොති -පෙ- මිච‍්ඡාදිට‍්ඨි හොති. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජ වා, අපරෙ වා, පරියායෙ.

ආනන්‍දය, ඒ මහණබමුණන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා ඇතියේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ග ලෝකයට වදනේ වේ ද, ඔහු විසින් සුඛවේදනාවට හිත වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරන ලද වෙයි. ඔහු විසින් සම්‍යග්දෘෂ්ටිය මරණකාලයෙහි දී සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ග ලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද, අයිනාදන් ගත්තේ වේ ද ... මිථ්‍යාදෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.

තත්‍රානන්‍ද, ය‍්වායං පුග‍්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. -පෙ- සම‍්මාදිට‍්ඨි හොති. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

ආනන්‍දය, එහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවායෙන් දුරු වූයේ අයිනාදනින් දුරු වූයේ ... සම්දිටු ඇතියේ කායභේදයෙන් මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණේ ද, ඔහු විසින් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් පසු වැ සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍ම කරනලද හෝ වෙයි. ඔහු විසින් මරණකාලයෙහි සම්‍යග්දෘෂ්ටිය සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එකරුණින් හේ කායභේදයෙන් පසු මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනන්තර භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.

තත්‍රානන්‍ද, ය‍්වායං පුග‍්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. මරණ කාලෙ වාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. යඤ‍්ච ඛො සො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති -පෙ- සම‍්මාදිට‍්ඨි හොති, තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

ආනන්‍දය, ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරින් යම් පුද්ගලයෙක් පණිවායෙන් වැළකියේ අයිනාදනින් වැළකියේ ... සම්දිටු ඇතියේ ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවෙදනාවට ප්‍රත්‍යය වූ ඒ පාපකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවෙදනාවට හේතු වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මරණාසන්නකාලයෙහි මිසදිටු සම්පූර්‍ණකරනලද සමාදන් කරනලද හෝ වෙයි. එකරුණින් හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ අනිෂ්ටගති ඇති විවස වැ ගෙන නිරයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොවැමැ විඳුනේ යැ, දෙවන භවයෙහි හෝ එයින් අන්‍යභවයෙක දී හෝ විඳුනේ යැ.

ඉති ඛො ආනන්‍ද, අත්‍ථි කම‍්මං අභබ‍්බං අභබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං අභබ‍්බං භබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං භබ‍්බඤ‍්චෙව භබ‍්බාභාසඤ‍්ච, අත්‍ථි කම‍්මං භබ‍්බං අභබ‍්බාභාසන‍්ති.

ආනන්‍දය, මෙසෙයින් අකුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන කුශලකර්‍මයෙක් ද ඇත. අකුශලය මැඩලන කුශලකර්‍මයෙක් ඇතැ’ යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාකම්මවිභඞ්ග දේශනාව වදාළ සේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වූහ.

මහාකම‍්මවිභඞ‍්ග සුත‍්තං ඡට‍්ඨං.

සවැනි මහාකම්මවිභඞ්ගසුත්‍ර යි.