චූළකම්මවිභඞ්ග සුත්තං
3. 4. 5.
3. 4. 5.
චූළකම්මවිභඞ්ග සුත්තං
චූළකම්මවිභඞ්ග සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තෝදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.
කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො, යෙන මනුස්සානංයෙව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතා. දිස්සන්ති හි භො ගොතම, මනුස්සා අප්පායුකා, දිස්සන්ති දීඝායුකා. දිස්සන්ති බව්හාබාධා, දිස්සන්ති අප්පාබාධා. දිස්සන්ති දුබ්බණ්ණා, දිස්සන්ති වණ්ණවන්තො. දිස්සන්ති අප්පෙසක්ඛා, දිස්සන්ති මහෙසක්ඛා. දිස්සන්ති අප්පභොගා, දිස්සන්ති මහාභොගා. දිස්සන්ති නීචකුලීනා, දිස්සන්ති උච්චාකුලීනා. දිස්සන්ති දුප්පඤ්ඤා, දිස්සන්ති පඤ්ඤවන්තො. කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො, යෙන මනුස්සානං යෙව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතාති.
භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්ණයෝ දක්නා ලැබෙති, වර්ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.
කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධු කම්මප්පටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායාති.
මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය කාරණා කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්වයන් විභාග කෙරේ යයි වදාළහ.
න ඛො අහං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථාහං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.
භවත් ගෞතමයන් වහන්ස, මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් ප්‍රකාශ කළ විස්තර විසින් අර්ත්ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය නො දතහෙමි. භවත් ගෞතමයන් වහන්සේ යම් පරිදි මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් වදාළ විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය දතහෙම් ද එපරිද්දෙන් මට ධර්මය දේශනා කෙරෙත්වා’ යි අයදිමි’ යි.
තෙන හි මාණව, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
එසේ වී නම්, මාණවකය, අසව මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළහ.
එවං භොති ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
‘එසේ යැ භවත්නි’ යි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල ‘චූළකම්මවිභඞ්ගය’ වදාළසේක.
ඉධ මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පායුකො හොති. අප්පායුකසංවත්තනිකා එසා මාණව පටිපදා, යදිදං පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු.
මාණවකය, මෙලොව ඇතැම් ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇති සතුන් වැනැසීමෙහි යෙදුණේ සියලු සත්ත්වයන් කෙරෙහි නිෂ්කාරුණික බවට පැමිණියේ, ප්‍රාණවධ කරනසුලු වූයේ වේ ද, හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කළ ඒ කර්මය හේතු කොට ගෙන කාබුන් මරණින් මත්තෙහි සුවයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට ප්රතිසන්ධි විසින් පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මත්තෙහි අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් අල්පායුෂ්ක වෙයි. මාණවකය, යම් ප්‍රාණවධ කරනසුලු බවෙක් වේ ද, රෞද්‍ර වූයේ ලෙහෙ වැකුණු අත් ඇතියේ, ප්‍රාණවධයෙහි යෙදුණේ සියලු ප්‍රාණීන් කෙරෙහි නිෂ්කාරුණික වූයේ වේ ද, මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දීඝායුකො හොති. දීඝායුකසංවත්තනිකා එසා මාණව පටිපදා යදිදං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬුවම් ඇතියේ බහාතැබූ ශස්ත්‍ර ඇතියේ (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසේ ද, හේ මෙසේ සම්පූර්ණ කරනලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සෝභනගති ඇති සුවයෙන් අග්‍ර වූ ලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් දීර්ඝායුෂ්ක වෙයි. මාණවකය, ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, බහා තැබූ දඬුවම් ඇති වැ බහා තැබූ ශස්ත්‍ර ඇති වැ ලජ්ජා ඇති වැ දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වැ වාසය කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක බව පිණිස පවත්නී වේ.
ඉධ මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, බව්හාබාධො හොති. බව්හාබාධසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්නට වෙහෙස කරන පියවි ඇති වේ ද, හේ මෙසේ සුපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට ඉදින් නො පැමිණේ නම්, මිනිස් බවට ඉදින් ඒ නම් යම් යම් තැනෙක උපදනේ නම්, බොහෝ ආබාධ ඇතියේ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයන් වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත්ද, තෙල ප්‍රතිපදාව බොහෝ ආබාධ බව පිණිස පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පාබාධො හොති. අප්පාබාධසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයනට වෙහෙස නො කරන පියවි ඇත්තේ වේ ද? හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම් යම් යම් තැනෙක උපදනේ ද අල්පාබාධ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයන් නො වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත් ද, තෙල ප්‍රතිපදාව බොහෝ අල්පාබාධ බව පිණිස පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති දුබ්බණ්ණො හොති. දුබ්බණ්ණසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුලකොට ඇත්තේ වේ ද, මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටේ ද කිපේ ද විරෝධයට පැමිණේ ද තද බවට පැමිණේ ද කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ ද, ඒ පුද්ගල මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ ද දුර්වර්ණ වූයේ වෙයි. මාණවකය, ක්‍රෝධ කරනසුලු වූයේ උපායාස බහුල කොට ඇතියේ මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුර්වර්ණ බවට වැටෙන්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති, න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථියති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අක්කොධනො හොති අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න ව්යාපජ්ජති න පතිත්ථීයති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ක්‍රෝධ නො කරනසුලු වූයේ දැඩි ආයාස බහුලකොට නැතියේ වේ ද, බොහෝ කොටත් කියන ලදුයේ ක්‍රෝධයෙන් නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. හේ මෙසේ පුරන ලද සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට ඒ ද යම් යම් තැනෙක උපදනේ නම්, ප්‍රසාද එළවන්නේ වෙයි. මාණවකය, ක්‍රෝධ නො කරන්නේ වෙයි, උපායාස බහුල කොට නැති වෙයි. බොහෝ කොටත් කියන ලදුයේ නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට වැටෙන්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති, උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති. අප්පෙසක්ඛසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං ඉස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගරුකාර මානන වන්දනා පූජනායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්ෂ්‍යාව බඳියි. හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කොට ගත් ඒ කර්මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද අල්පේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වෙයි, පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්ෂ්‍යාව බඳියි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අනිස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අනිස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිත් නැති වේ ද මෙරමාගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්ෂ්‍යාව නො බඳියි. හේ මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද, (එකල්හි) මහේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්ෂ්‍යා සහගත සිත් නැති වෙයි, මෙරෙමා හට ලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්ෂ්‍යා නො බඳී යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පභොගො හොති. අප්පභොගසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභෝග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට වැටෙන්නී වෙයි.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, මහාභොගො හොති. මහාභොගසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභෝග ඇති බවට වැටෙන්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ථද්ධො හොති අතිමානී. අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති නීචකුලීනො හොති. නීචකුලීනසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං ථද්ධො හොති අතිමානී, අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ස්තබ්ධ වූයේ අධිකමාන ඇත්තේ වෙයි. අභිවාදනාර්හයාට අභිවාදන නො කෙරෙයි. දැක හුනස්නෙන් නැඟීසිටියයුතුවහුට දැක හුනස්නෙන් නො නැඟෙයි. අසුන් දීමට නිසි වූවහුට අසුන් නො දෙයි. මාර්ගර්හයාහට මාර්ගය නො දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි. බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි. පූජාර්හයාහට පූජා නො කෙරෙයි. හේ මෙසේ රැස් කරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මය හේතු කොට කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද (එකල්හි) නීචකුල ඇත්තේ වෙයි. මාණවකය, ස්තබ්ධ වූයේ අධිකමාන ඇති වෙයි, අභිවාදනාර්හයාට අභිවාදනය නො කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟී නො සිටියි, ආසනර්හයාහට අසුන් නො දෙයි, මාර්ගර්හයාහට මඟ නො දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි, බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි, පූජාර්හයාහට පූජා නො කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව නීචකුල බවට පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අත්ථද්ධො හොති අනතිමානී. අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක්කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, උච්චාකුලීනො හොති. උච්චාකුලීනසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අත්ථද්ධො හොති අනතිමානී. අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක්කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අස්තබ්ධ වූයේ අධිකමාන නැත්තේ වෙයි. අභිවාදනාර්හයාට අභිවාදන කෙරෙයි. හුනස්නෙන් නැඟීසිටියයුත්තහුට දැක හුනස්නෙන් නැඟී සිටියි. ආසනර්හයාහට ආසනය දෙයි. මාර්ගර්හයාහට මඟ දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු කෙරෙයි. බුහුමන් කළයුතුවහුට බුහුමන් කෙරෙයි. පූජාර්හයාහට පූජා කෙරෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන උසස්කුල ඇත්තේ වෙයි. මාණවකය, අස්තබ්ධ වූයේ අධිකමාන නැති වෙයි, අභිවාදනාර්හයාට අභිවාදනය කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟෙයි. ආසනර්හයාහට අසුන් දෙයි, මාර්ගාර්හයාහට මඟ දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු කෙරෙයි, බුහුමන් කළයුත්තහුට බුහුමන් කෙරෙයි, පූජාර්හයාහට පූජා කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව උසස්කුල බව පිණිස පවත්නී වේ.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දුප්පඤ්ඤො හොති. දුප්පඤ්ඤසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු හෝ බමුණකු හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවියයුත්ත කිම? නො සෙවියයුත්ත කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන ... දුෂ්ප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නී වෙයි.
ඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, මහාපඤ්ඤො හොති. මහාපඤ්ඤසංවත්තනිකා එසා මාණව, පටිපදා, යදිදං සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං , කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද, යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?”යි විචාරනුයේ වෙයි. හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන ... මහාප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්රයෙහි අහිතයට දුකට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිතයට සුවයට වැටේ දැ?යි” විචාරනුයේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහාප්‍රාඥ බව පිණිස පවත්නී වේ.
ඉති ඛො මාණව, අප්පායුකසංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනෙති. දීඝායුකසංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනෙති. බව්හාබාධසංවත්තනිකා පටිපදා බව්හාබාධත්තං උපනෙති. අප්පාබාධසංවත්තනිකා පටිපදා අප්පාබාධත්තං උපනෙති. දුබ්බණ්ණසංවත්තනිකා පටිපදා දුබ්බණ්ණත්තං උපනෙති. පාසාදිකසංවත්තනිකා පටිපදා පාසාදිකත්තං උපනෙති. අප්පෙසක්ඛසංවත්තනිකා පටිපදා අප්පෙසක්ඛත්තං උපනෙති. මහෙසක්ඛසංවත්තනිකා පටිපදා මහෙසක්ඛත්තං උපනෙති. අප්පභොගසංවත්තනිකා පටිපදා අප්පභොගත්තං උපනෙති. මහාභොගසංවත්තනිකා පටිපදා මහාභොගත්තං උපනෙති. නීචකුලීනසංවත්තනිකා පටිපදා නීචකුලීනත්තං උපනෙති. උච්චාකුලීනසංවත්තනිකා පටිපදා උච්චාකුලීනත්තං උපනෙති. දුප්පඤ්ඤසංවත්තනිකා පටිපදා දුප්පඤ්ඤත්තං උපනෙති. මහාපඤ්ඤසංවත්තනිකා පටිපදා මහාපඤ්ඤත්තං උපනෙති.
මෙසෙයින් මාණවකය, අල්පායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්ඝායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇති බව පිණිස පවත්නා ප්‍රතිපදාව බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. අල්පාබාධ බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පාබාධ ඇති බවට පමුණුවයි. දුර්වර්ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුර්වර්ණ බවට පමුණුවයි. ප්‍රසාද එළවන බව පිණිස පවත්නා ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට පමුණුවයි. අල්පේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි. මහේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. අල්පභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට පමුණුවයි. මහාභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාභෝග ඇති බවට පමුණුවයි. නීචකුලීන බව පිණිස පවත්නා ප්‍රතිපදාව නීචකුල ඇති බවට පමුණුවයි. උච්චකුලීන භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව උසස්කුල ඇති බවට පමුණුවයි. දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බවට පමුණුවයි. මහාප්‍රාඥ භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව මහාප්‍රාඥ භාවයට පමුණුවා.
කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධු කම්මප්පටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායාති.
මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය යෝනි කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය තෙමේ සත්ත්වයන් හීනප්‍රණීත බවට විභාග කෙරේ යයි.
එවං වුත්තෙ සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච. අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර ශුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූ එකක්හට මාර්ගය ප්‍රකාශ කරන්නේ හෝ වේ ද, අන්ධකාරයෙහි ‘ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’ යි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද එපරිද්දෙන් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පර්‍ය්‍යායෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ වන, තෙලෙ මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරන සේක්ව’ යි.
චූළකම්මවිභඞ්ග සුත්තං පඤ්චමං.
පස්වැනි චූළකම්මවිභඞ්ගසූත්ර යි.