යෙදුමෙන් කියවන්න

චූළකම‍්මවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

චූළකම‍්මවිභඞ‍්ග සුත‍්තවණ‍්ණනා

චූළකම්මවිභඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චූළකම‍්මවිභඞ‍්ගසුත‍්තං. තත්‍ථ සුභොති සො කිර දස‍්සනීයො අහොසි පාසාදිකො, තෙනස‍්ස අඞ‍්ගසුභතාය සුභොත්‍වෙව නාමං අකංසු. මාණවොති පන තං තරුණකාලෙ වොහරිංසු, සො මහල‍්ලකකාලෙපි තෙනෙව වොහාරෙන වොහරියති. තොදෙය්‍යපුත‍්තොති තොදෙය්‍යස‍්ස නාම පසෙනදිරඤ‍්ඤො පුරොහිතබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො. සො කිර සාවත්‍ථියා අවිදූරෙ තුදිගාමො නාම අත්‍ථි, තස‍්ස අධිපතිත‍්තා තොදෙය්‍යොති සඞ‍්ඛං ගතො. මහාධනො පන හොති සත‍්තාසීතිකොටිවිභවො පරමමච‍්ඡරී, “දදතො භොගානං අපරික‍්ඛයො නාම නත්‍ථී”ති චින‍්තෙත්‍වා කස‍්සචි කිඤ‍්චි න දෙති. වුත‍්තම‍්පි චෙතං –

එවම්මෙසුතන්ති මා විසින් සුභ සූත්‍රය මෙසේ අසන ලදි. එහි සුභොති ඔහු වනාහි ප්‍රසාද එළවන දැකුම්කළු වූයේ වෙයි. එහෙයින් ඔහුට ශරීරාවයවයන් හොඳ බැවින් සුභ යන නම විය. මාණවොති ඔහු තරුණ කාලයෙහි ව්‍යවහාර කළාහ. ඔහු මහළු කාලයේ ද ඒ ව්‍යවහාරයෙන් ම ව්‍යවහාර කරයි. තොදෙය්‍යපුත්තොති තෝදෙය්‍ය නම් පසේනදී රජුගේ පුරෝහිත බමුණාගේ පුතායි. සැවැත්නුවරට සමීපයෙහි තුදි නම් ගමක් ඇත. එයට අධිපති හෙයින් තෝදෙය්‍ය යන නමට ගියේය. අසූහත් කෝටියක් පමණ මහත් වස්තු ඇත්තෙකි. ඉතා ලෝභීය. දෙන්නාගේ වස්තුව ක්‍ෂය නොවීමක් නම් නැතැයි සිතා කිසිවෙකුට කිසිවක් නොදෙයි. මෙය කියන ලදි.

“අඤ‍්ජනානං ඛයං දිස‍්වා, වම‍්මිකානඤ‍්ච සඤ‍්චයං; මධූනඤ‍්ච සමාහාරං, පණ‍්ඩිතො ඝරමාවසෙ”ති.

අඳුන් ක්‍ෂයවීමත් වේයන්ගේ රැස් කිරීමත් මී මැස්සන්ගේ එකතු කිරීමත් දැක පණ්ඩිතයා ගිහිගෙයි වසන්නේය.

එවං අදානමෙව සික‍්ඛාපෙසි. ධුරවිහාරෙ වසතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස යාගුඋළුඞ‍්ගමත‍්තං වා භත‍්තකටච‍්ඡුමත‍්තං වා අදත්‍වා ධනලොභෙන කාලං කත්‍වා තස‍්මිංයෙව ඝරෙ සුනඛො හුත්‍වා නිබ‍්බත‍්තො. සුභො තං සුනඛං අතිවිය පියායති, අත‍්තනො භුඤ‍්ජනකභත‍්තංයෙව භොජෙති, උක‍්ඛිපිත්‍වා වරසයනෙ සයාපෙති. අථ භගවා එකදිවසං පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො තං සුනඛං දිස‍්වා – “තොදෙය්‍යබ්‍රාහ‍්මණො ධනලොභෙන අත‍්තනොව ඝරෙ සුනඛො හුත්‍වා නිබ‍්බත‍්තො, අජ‍්ජ මයි සුභස‍්ස ඝරං ගතෙ මං දිස‍්වා සුනඛො භුක‍්කාරං කරිස‍්සති, අථස‍්සාහං එකං වචනං වක‍්ඛාමි, සො ‘ජානාති මං සමණො ගොතමො’ති ගන‍්ත්‍වා උද‍්ධනට‍්ඨානෙ නිපජ‍්ජිස‍්සති. තතොනිදානං සුභස‍්ස මයා සද‍්ධිං එකො කථාසල‍්ලාපො භවිස‍්සති, සො ධම‍්මං සුත්‍වා සරණෙසු පතිට‍්ඨහිස‍්සති, සුනඛො පන කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තිස‍්සතී”ති ඉමං මාණවස‍්ස සරණෙසු පතිට‍්ඨානභාවං ඤත්‍වා භගවා තං දිවසං සරීරපටිජග‍්ගනං කත්‍වා එකකොව ගාමං පවිසිත්‍වා නික‍්ඛන‍්තෙ මාණවෙ තං ඝරං පිණ‍්ඩාය පාවිසි.

මෙසේ නොදීම ම ඉගැන්වීය. ළඟ විහාරයෙහි වැඩ වසන බුදුරදුන්ට කැඳ ටිකක්වත් බත් හැන්දක්වත් නොදී ධන ලෝභයෙන් මැරී ඒ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. සුභ තෙමේ ඒ බල්ලාට ඉතා ප්‍රියයි. තමා කන ආහාර ම කවයි. ඔසවා හොඳ සයනාසනවල ම සතපයි. එකල්හි බුදුරදුන් එක් දවසක් උදෑසන ලොව බලන්නේ ඒ බල්ලා දැක තෝදෙය්‍ය බමුණා ධන ලෝභයෙන් තමන්ගේ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. අද මා සුභගේ ගෙට ගිය කල්හි මා දැක බල්ලා බුරන්නේ ය. එකල මම ඌට එක වචනයක්වත් කියන්නේ ය. ඌ ශ්‍රමණ ගෞතමයෝ මා හැඳින ගත්තේ යැයි දැන ගනියි. එසේ දැන ගොස් ලිප් බොක්කෙහි ලගින්නේ ය. ඒ කාරණයෙන් සුභට මා සමඟ එක් කථාසල්ලාපයක් වන්නේ ය. ඔහු බණ අසා සරණයන්හි පිහිටන්නේය. බල්ලා මැරී නරකයෙහි උපදින්නේ ය. මේ තරුණයා සරණයෙහි පිහිටන බව දැන බුදුරදුන් ඒ දවසෙහි සිරුර පිළිලැගුම් කොට තනිවම ගමට පිවිස මාණවකයා නික්මුණු කල්හි ඒ ගෙට පිඬු පිණිස වැඩියේය.

සුනඛො භගවන‍්තං දිස‍්වා භුක‍්කාරං කරොන‍්තො භගවතො සමීපං ගතො. තතො නං භගවා එතදවොච – “තොදෙය්‍ය ත්‍වං පුබ‍්බෙපි මං භො භොති පරිභවිත්‍වා සුනඛො ජාතො, ඉදානිපි භුක‍්කාරං කත්‍වා අවීචිං ගමිස‍්සසී”ති. සුනඛො තං සුත්‍වා – “ජානාති මං සමණො ගොතමො”ති විප‍්පටිසාරී හුත්‍වා ගීවං ඔනාමෙත්‍වා උද‍්ධනන‍්තරෙ ඡාරිකායං නිපන‍්නො. මනුස‍්සා උක‍්ඛිපිත්‍වා සයනෙ සයාපෙතුං නාසක‍්ඛිංසු. සුභො ආගන‍්ත්‍වා – “කෙනායං සුනඛො සයනා ඔරොපිතො”ති ආහ. මනුස‍්සා න කෙනචීති වත්‍වා තං පවත‍්තිං ආරොචෙසුං. මාණවො සුත්‍වා – “මම පිතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො, තොදෙය්‍යො නාම සුනඛො නත්‍ථි. සමණො පන ගොතමො පිතරං සුනඛං කරොති, යංකිඤ‍්චි එස මුඛාරුළ‍්හං භාසතී”ති කුජ‍්ඣිත්‍වා භගවන‍්තං මුසාවාදෙන නිග‍්ගහෙතුකාමො විහාරං ගන‍්ත්‍වා තං පවත‍්තිං පුච‍්ඡි.

බල්ලා බුදුරදුන් දැක බුරමින් බුදුරදුන් ළඟට ගියේය. එයින් බුදුරදුන් ඌට මෙසේ කීය. තෝදෙය්‍ය, නුඹ පෙර ද මට භෝ භෝ යි නින්දා කොට බල්ලෙක් විය. දැන් ද බුරා අවීචියට යන්නෙහිය. බල්ලා එය අසා ශ්‍රමණ ගෞතමයන් මා දනී යැයි විපිළිසර වී බෙල්ල නමාගෙන ලිපේ අළු අතරෙහි ලැග්ගේය. මිනිස්සු ඔසවා සයනෙහි සතපවන්නට උත්සාහ කළත් නොහැකි වූහ. සුභ තෙමේ ඇවිත් කවරෙක් මේ බල්ලා සයනයෙන් ඉවත් කරන ලද්දේදැයි ඇසීය. මිනිස්සු කිසිවෙක් නෙවෙයි කියා ඒ විස්තරය කීහ. තරුණයා එය අසා මාගේ පියා බඹලොව උපන්නේය. තෝදෙය්‍ය නම් බල්ලෙක් නැත. ශ්‍රමණ ගෞතමයන් පියා බල්ලෙක් කරයි. මොහු යම්කිසිවක් කටට ආ පමණින් කියයි. කිපී බුදුරදුන්ට මුසාවාදයෙන් නිග්‍රහ කරනු කැමැත්තේ විහාරයට ගොස් ඒ ප්‍රවෘත්තිය ඇසීය.

භගවාපි තස‍්ස තථෙව වත්‍වා අවිසංවාදනත්‍ථං ආහ – “අත්‍ථි පන තෙ මාණව පිතරා අනක‍්ඛාතං ධන”න‍්ති. අත්‍ථි, භො ගොතම, සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණමාලා සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණපාදුකා සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණපාති සතසහස‍්සඤ‍්ච කහාපණන‍්ති. ගච‍්ඡ තං සුනඛං අප‍්පොදකපායාසං භොජාපෙත්‍වා සයනෙ ආරොපෙත්‍වා ඊසකං නිද‍්දං ඔක‍්කන‍්තකාලෙ පුච‍්ඡ, සබ‍්බං තෙ ආචික‍්ඛිස‍්සති. අථ නං ජානෙය්‍යාසි “පිතා මෙ එසො”ති. මාණවො – “සචෙ සච‍්චං භවිස‍්සති, ධනං ලච‍්ඡාමි, නො චෙ, සමණං ගොතමං මුසාවාදෙන නිග‍්ගණ‍්හිස‍්සාමී”ති ද‍්වීහිපි කාරණෙහි තුට‍්ඨො ගන‍්ත්‍වා තථා අකාසි. සුනඛො – “ඤාතොම‍්හි ඉමිනා”ති රොදිත්‍වා හුං හුන‍්ති කරොන‍්තො ධනනිධානට‍්ඨානං ගන‍්ත්‍වා පාදෙන පථවිං ඛණිත්‍වා සඤ‍්ඤං අදාසි, මාණවො ධනං ගහෙත්‍වා – “භවපටිච‍්ඡන‍්නං නාම එවං සුඛුමං පටිසන්‍ධිඅන‍්තරං පාකටං සමණස‍්ස ගොතමස‍්ස, අද‍්ධා එස සබ‍්බඤ‍්ඤූ”ති භගවති පසන‍්නචිත‍්තො චුද‍්දස පඤ‍්හෙ අභිසඞ‍්ඛරි. අඞ‍්ගවිජ‍්ජාපාඨකො කිරෙස, තෙනස‍්ස එතදහොසි – “ඉදං ධම‍්මපණ‍්ණාකාරං ගහෙත්‍වා සමණං ගොතමං පඤ‍්හෙ පුච‍්ඡිස‍්සාමී”ති දුතියගමනෙන යෙන භගවා තෙනුපසඞ‍්කමි, තෙන පුට‍්ඨපඤ‍්හෙ පන භගවා එකප‍්පහාරෙනෙව විස‍්සජ‍්ජෙන‍්තො කම‍්මස‍්සකාතිආදිමාහ.

බුදුරදුන් ඔහුට ද මෙසේ ම කියා වාද නොකිරිම පිණිස මෙසේ කීය. මාණවකය, නුඹගේ පියා විසින් නොකියන ලද ධනයක් ඇත් ද? භවත් ගෞතමය, ඇත. ලක්‍ෂයක් වටිනා රන් මාලය, ලක්‍ෂයක් වටිනා රන් මිරිවැඩිසගල, ලක්‍ෂයක් වටිනා රන් තැලිය. ලක්‍ෂයක් කහවණු ඇත. යව, ඒ බල්ලා දිය නැති කිරිබතින් කවා සයනයෙහි නංවා ටිකක් නිදිගත කල්හි අසව. සියල්ල නුඹට කියන්නේය. එකල්හි මොහු මාගේ පියා යැයි දැන ගනුව. මාණවකයා ඉදින් සැබෑ නම් ධනය ලබමි, නොවේනම් ශ්‍රමණ ගෞතමයන් මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමියි කාරණා දෙකකින් සතුටු වූයේ ගොස් එසේ කළේය. බල්ලා මොහු විසින් දැන ගත්තේ යැයි දැන බුං බුං යැයි බුරමින් ධනය නිධන් කළ තැනට ගොස් පයින් පොළොව හාරා සංඥාවක් දුන්නේය. තරුණයා ධනය ගෙන භවයෙන් වැසුණු මෙබඳු සියුම් ප්‍රතිසන්ධීන් ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රකටය. මේ තෙමේ ඒකාන්තයෙන් සර්වඥය යැයි බුදුරදුන් කෙරෙහි පැහැදුණු සිත් ඇත්තේ ප්‍රශ්න දහ හතරක් ඇසුවේය. මොහු අංගවිජ්ජා පාඨකයෙකි. එහෙයින් ඔහුට මෙබඳු සිතක් විය. මේ දහම් පඬුරු ගෙන ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසන්නෙමියි දෙවැනි ගමනෙන් යෙන භගවා තෙනුපසංකමීති ඔහු විසින් අසන ලද ප්‍රශ්න එක පහරින් ම පළමුව විසඳන්නේ කම්මස්සකාති යනාදිය කීය.

තත්‍ථ කම‍්මං එතෙසං සකං අත‍්තනො භණ‍්ඩකන‍්ති කම‍්මස‍්සකා. කම‍්මස‍්ස දායාදාති කම‍්මදායාදා, කම‍්මං එතෙසං දායජ‍්ජං භණ‍්ඩකන‍්ති අත්‍ථො. කම‍්මං එතෙසං යොනි කාරණන‍්ති කම‍්මයොනී. කම‍්මං එතෙසං බන්‍ධූති කම‍්මබන්‍ධූ, කම‍්මඤාතකාති අත්‍ථො. කම‍්මං එතෙසං පටිසරණං පතිට‍්ඨාති කම‍්මපටිසරණා. යදිදං හීනප‍්පණීතතායාති යං ඉදං “ත්‍වං හීනො භව, ත්‍වං පණීතො, ත්‍වං අප‍්පායුකො, ත්‍වං දීඝායුකො…පෙ… ත්‍වං දුප‍්පඤ‍්ඤො භව, ත්‍වං පඤ‍්ඤවා”ති එවං හීනප‍්පණීතතාය විභජනං, තං න අඤ‍්ඤො කොචි කරොති, කම‍්මමෙව එවං සත‍්තෙ විභජතීති අත්‍ථො. න මාණවො කථිතස‍්ස අත්‍ථං සඤ‍්ජානාසි, ඝනදුස‍්සපට‍්ටෙනස‍්ස මුඛං බන්‍ධිත්‍වා මධුරං පුරතො ඨපිතං විය අහොසි. මානනිස‍්සිතො කිරෙස පණ‍්ඩිතමානී, අත‍්තනා සමං න පස‍්සති. අථස‍්ස “කිං සමණො ගොතමො කථෙති, යමහං ජානාමි, තදෙව කථෙතීති අයං මානො මා අහොසී”ති මානභඤ‍්ජනත්‍ථං භගවා “ආදිතොව දුප‍්පටිවිජ‍්ඣං කත්‍වා කථෙස‍්සාමි, තතො ‘නාහං භො ගොතම ජානාමි, විත්‍ථාරෙන මෙ පාකටං කත්‍වා කථෙථා’ති මං යාචිස‍්සති, අථස‍්සාහං යාචිතකාලෙ කථෙස‍්සාමි, එවඤ‍්චස‍්ස සාත්‍ථකං භවිස‍්සතී”ති දුප‍්පටිවිජ‍්ඣං කත්‍වා කථෙසි.

එහි කර්මය මොවුන්ට දායාදය යනු කම්මදායාදා නමි. කර්මය මොවුන්ට දායාදය යනු කම්මදායාදා නමි. කර්මය මොවුන්ට දායාදය භාණ්ඩයන්ය යන තේරුමයි. කර්මය මොවුන්ට කාරණාවය යනු කම්මයොනි නමි. කර්මය මොවුන්ට නෑදෑයෝය යනු කම්මබන්‍ධු නමි. කර්මය ඥාතීය යන තේරුමයි. කර්මය මොවුන්ට පිළිසරණය. පිහිට වෙයි යනු කම්මපටිසරණා නමි. යදිදං හීනපණීතතායාති යමෙක් මෙහි නුඹ පහත්ය. නුඹ උස්සය. නුඹ අල්පායුෂය. නුඹ දීර්ඝායුෂය. -පෙ- නුඹ නුවණ තැනැත්තෙකි. නුඹ නුවණ ඇත්තෙකි. මෙසේ උස් පහත් බව බෙදීම අනෙකෙක් විසින් නොකරයි. කර්මය ම මෙසේ සත්ත්වයන් බෙදයි යන තේරුමයි. තරුණයා කියන ලද්දෙහි තේරුම දැන නොගත්තේය. ඝන රෙදි පටකින් ඔහුගේ මුඛය බැඳ මිහිරි දෙයක් ඉදිරියේ තබන ලද්දාක් මෙන් විය. මෙතෙම මාන්නක්කාර පණ්ඩිතමානි අයෙකි. දමා බලයි. එකල ඔහුට ශ්‍රමණ ගෞතමයන් කුමක් කියයි ද? මම යමක් දනිමි ද එයම කියයි. මේ මානය නොවේවායි මානය බිඳුණු පිණිස බුදුරදුන් මුල පටන් අවබෝධ නොවන සේ කොට කියන්නෙමියි එයි. භවත් ගෞතමයනි, මම නොදනිමි. මට ප්‍රකට වන සේ විස්තර කොට කියවයි මාගෙන් ඉල්ලන්නේය. එකල ඔහු ඉල්ලු කළ මම කියන්නෙමියි. මෙසේ ඔහුට සාර්ථක වන්නේ යැයි අවබෝධ නොවන සේ කොට කීය.

ඉදානි සො අත‍්තනො අප‍්පටිවිද‍්ධභාවං පකාසෙන‍්තො න ඛො අහන‍්තිආදිමාහ.

දැන් ඔහු තමන්ගේ නොදන්නා බව ප්‍රකාශ කරන්නේ න ඛො අහන්ති යනාදිය කීය.

සමත‍්තෙනාති පරිපුණ‍්ණෙන. සමාදින‍්නෙනාති ගහිතෙන පරාමට‍්ඨෙන. අප‍්පායුකසංවත‍්තනිකා එසා, මාණව, පටිපදා යදිදං පාණාතිපාතීති යං ඉදං පාණාතිපාතකම‍්මං, එසා අප‍්පායුකසංවත‍්තනිකා පටිපදාති.

සමත්තෙනාති සම්පූර්ණ වූ, සමාදිණ්ණෙනාති ගන්නා ලද උතුම් අර්ථයෙන් අප්පායුකසංවත්තනිකා එසා මාණව පටිපදාති යම් යම් ප්‍රාණඝාතයක් වේද යම් යම් ප්‍රාණඝාත කර්මයක් වේද මෙය අල්පායුෂ පිණිස පවතින ප්‍රතිපදාවයි.

කථං පනෙසා අප‍්පායුකතං කරොති? චත‍්තාරි හි කම‍්මානි උපපීළකං උපච‍්ඡෙදකං ජනකං උපත්‍ථම‍්භකන‍්ති. බලවකම‍්මෙන හි නිබ‍්බත‍්තං පවත‍්තෙ උපපීළකං ආගන‍්ත්‍වා අත්‍ථතො එවං වදති නාම – “සචාහං පඨමතරං ජානෙය්‍යං, න තෙ ඉධ නිබ‍්බත‍්තිතුං දදෙය්‍යං, චතූසුයෙව තං අපායෙසු නිබ‍්බත‍්තාපෙය්‍යං. හොතු, ත්‍වං යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්ත, අහං උපපීළකකම‍්මං නාම තං පීළෙත්‍වා නිරොජං නියූසං කසටං කරිස‍්සාමී”ති. තතො පට‍්ඨාය තං තාදිසං කරොති. කිං කරොති? පරිස‍්සයං උපනෙති, භොගෙ විනාසෙති.

කෙසේ මෙය අල්පායුෂ ඇති කෙරේ ද? උපපීළක, උපච්ඡේදක, ජනක, උපස්ථම්භක යැයි කර්ම හතරකි. බලවත් කර්මයකින් ඉපදුණේ උපපීළක කර්මය ඇවිත් අර්ථ වශයෙන් මෙසේ කියයි. ඉදින් මම පළමුවෙන් දන්නව නම් නුඹට මෙහි උපදින්නට නොදෙන්නෙමි. සතර අපායන්හි ම නුඹ උපදවන්නෙමි. එසේ වේවා. නුඹ යම්කිසි තැනක උපදියි ද මම උපපීළක කර්මය නම් නුඹ පෙළා ඕජස් නැති කසටයක් කරන්නෙමි. එතැන් පටන් නුඹ එබන්දක් කරයි. කුමක් කරයි ද? දුක් පමුණුවයි. වස්තුව විනාශ කරයි.

තත්‍ථ දාරකස‍්ස මාතුකුච‍්ඡියං නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය මාතු අස‍්සාදො වා සුඛං වා න හොති, මාතාපිතූනං පීළාව උප‍්පජ‍්ජති. එවං පරිස‍්සයං උපනෙති. දාරකස‍්ස පන මාතුකුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය ගෙහෙ භොගා උදකං පත්‍වා ලොණං විය රාජාදීනං වසෙන නස‍්සන‍්ති, කුම‍්භදොහනධෙනුයො ඛීරං න දෙන‍්ති, සූරතා ගොණා චණ‍්ඩා හොන‍්ති, කාණා හොන‍්ති, ඛුජ‍්ජා හොන‍්ති, ගොමණ‍්ඩලෙ රොගො පතති, දාසාදයො වචනං න කරොන‍්ති, වාපිතං සස‍්සං න ජායති, ගෙහගතං ගෙහෙ, අරඤ‍්ඤගතං අරඤ‍්ඤෙ නස‍්සති, අනුපුබ‍්බෙන ඝාසච‍්ඡාදනමත‍්තං දුල‍්ලභං හොති, ගබ‍්භපරිහාරො න හොති, විජාතකාලෙ මාතුථඤ‍්ඤං ඡිජ‍්ජති, දාරකො පරිහාරං අලභන‍්තො පීළිතො නිරොජො නියූසො කසටො හොති, ඉදං උපපීළකකම‍්මං නාම.

එහි දරුවන්ගේ මව්කුස උපන් කාලයේ පටන් මවට හුස්ම ගැනීමට හෝ සැටියක් නැත. මව්පියන්ට පීඩාවක් ම උපදියි. ගෙහි වස්තුව ජලය පැමිණි ලුණු මෙන් රජවරු ආදීන්ගෙන් නැසෙත්. කළයක් කිරි දොවන දෙන්නු කිරි නොදෙත්. මෙහෙකරුවෝ වචන අනුව වැඩ නොකරත්. වපුරණ ලද ගොයම් හට නොගනියි. ගෙට ගියේ ගෙහි ද කැළයට ගියේ කැළයෙහි ද නැසෙත්. පිළිවෙළින් කන බොන දේ ද අඩු වෙයි. ගැබ් පෝෂණය නොවෙයි. ප්‍රසූත කාලයෙහි මවගේ කිරි සිඳෙයි. දරුවා පෝෂණය නොලැබ පීඩිතව ඕජස් නැතිව කර්කෂ වෙයි. මේ උපපීළක කර්මය නමි.

දීඝායුකකම‍්මෙන පන නිබ‍්බත‍්තස‍්ස උපච‍්ඡෙදකකම‍්මං ආගන‍්ත්‍වා ආයුං ඡින්‍දති. යථා හි පුරිසො අට‍්ඨුසභගමනං කත්‍වා සරං ඛිපෙය්‍ය තමඤ‍්ඤො ධනුතො විමුත‍්තමත‍්තං මුග‍්ගරෙන පහරිත්‍වා තත්‍ථෙව පාතෙය්‍ය, එවං දීඝායුකකම‍්මෙන නිබ‍්බත‍්තස‍්ස උපච‍්ඡෙදකකම‍්මං ආයුං ඡින්‍දති. කිං කරොති? චොරානං අටවිං පවෙසෙති, වාළමච‍්ඡොදකං ඔතාරෙති, අඤ‍්ඤතරං වා පන සපරිස‍්සයට‍්ඨානං උපනෙති, ඉදං උපච‍්ඡෙදකකම‍්මං නාම, “උපඝාතක”න‍්තිපි එතස‍්සෙව නාමං.

දීර්ඝායුෂ කර්මයකින් උපන්නාහට උපච්ඡේදක කමය ඇවිත් ආයුෂ සිඳියි. යම්සේ පුරුෂයෙක් උසභ අටක් යාමට හැකි කොට ඊයක් දමන්නේ ද අනෙකක් එය දුකෙන් මිඳුණු මොහොතේ ම මුගුරකින් ගසා එහි වට්ටවන්නේ ද මෙසේ දීර්ඝායුෂ කර්මයකින් උපන්නාගේ උපච්ඡේදක කර්මය ආයුෂ සිඳියි. කුමක් කරයි ද? සොරු සිටින කැළයට පිවිසවයි. වල්මත්ස්‍යයන් සිටින වතුරට බස්සවයි. අන්‍ය වූ උවදුරු සහිත තැනකට පමුණුවයි. මෙය උපච්ඡේදක කර්මය නමි. උපඝාතක යැයි ද මෙයට ම නමකි.

පටිසන්‍ධිනිබ‍්බත‍්තකං පන කම‍්මං ජනකකම‍්මං නාම. අප‍්පභොගකුලාදීසු නිබ‍්බත‍්තස‍්ස භොගසම‍්පදාදිකරණෙන උපත්‍ථම‍්භකකම‍්මං උපත්‍ථම‍්භකකම‍්මං නාම.

ප්‍රතිසන්ධිය උපදවන කර්මය ජනක කර්මයයි. සම්පත් නැති කුලාදීන්හි උපන්නහුට බෝග සම්පත් දීමාදියෙන් උපකාරී වීම උපස්ථම්භක කර්මය නමි.

ඉමෙසු චතූසු පුරිමානි ද‍්වෙ අකුසලානෙව, ජනකං කුසලම‍්පි අකුසලම‍්පි, උපත්‍ථම‍්භකං කුසලමෙව. තත්‍ථ පාණාතිපාතකම‍්මං උපච‍්ඡෙදකකම‍්මෙන අප‍්පායුකසංවත‍්තනිකං හොති. පාණාතිපාතිනා වා කතං කුසලකම‍්මං උළාරං න හොති, දීඝායුකපටිසන්‍ධිං ජනෙතුං න සක‍්කොති. එවං පාණාතිපාතො අප‍්පායුකසංවත‍්තනිකො හොති. පටිසන්‍ධිමෙව වා නියාමෙත්‍වා අප‍්පායුකං කරොති, සන‍්නිට‍්ඨානචෙතනාය වා නිරයෙ නිබ‍්බත‍්තති, පුබ‍්බාපරචෙතනාහි වුත‍්තනයෙන අප‍්පායුකො හොති.

මේ කර්ම හතර අතුරෙන් පළමු දෙක අකුසල්මය. ජනක කර්මය කුසල් ද අකුසල් ද වෙයි. උපස්ථම්භක කර්මය කුසල්මය. එහි ප්‍රාණඝාත කර්මය උපච්ඡේදක භාවයෙන් අප්පායුකසංවත්තනික වෙයි. ප්‍රාණඝාතයෙන් හෝ කරන ලද කුසල කර්මය මහත් නොවෙයි. දීර්ඝායුෂව උපදවන්නට නොහැකියි. මෙසේ ප්‍රාණඝාතය අල්පායුෂ ගෙන දෙයි. ප්‍රතිසන්ධිය නියම කොට ආයුෂ අඩු කරයි. යටහත් චේතනාවෙන් හෝ නරකයෙහි උපදියි. පූර්වාපර චේතනාවෙන් ද කියන ලද ක්‍රමයෙන් අල්පායුෂ කරයි.

දීඝායුකසංවත‍්තනිකා එසා මාණව පටිපදාති එත්‍ථ පරිත‍්තකම‍්මෙනපි නිබ‍්බත‍්තං පවත‍්තෙ එතං පාණාතිපාතා විරතිකම‍්මං ආගන‍්ත්‍වා අත්‍ථතො එවං වදති නාම – “සචාහං පඨමතරං ජානෙය්‍යං, න තෙ ඉධ නිබ‍්බත‍්තිතුං දදෙය්‍යං, දෙවලොකෙයෙව තං නිබ‍්බත‍්තාපෙය්‍යං. හොතු, ත්‍වං යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්ති, අහං උපත්‍ථම‍්භකකම‍්මං නාම ථම‍්භං තෙ කරිස‍්සාමී”ති උපත්‍ථම‍්භං කරොති. කිං කරොති? පරිස‍්සයං නාසෙති, භොගෙ උප‍්පාදෙති.

දීඝායුකසංවත්තනිකා එසා මාණව පටිපදාති මෙහි ස්වල්ප කර්මයකින් උපන්නේ පැවති කල්හි ම ප්‍රාණඝාතයෙන් විරති කර්මය ඇවිත් අර්ථ වශයෙන් මෙසේ කියයි. ඉදින් මම පළමුවෙන් දන්නව නම් නුඹට මෙහි උපදින්නට නොදෙන්නෙමි. නුඹ දෙව්ලොව උපදවන්නෙමි. එසේ වේවා, නුඹ යම්කිසි තැනක උපදියි ද මම උපස්ථම්භක කර්මය නම් නුඹට උපස්ථම්භය කරන්නෙමි. කුමක් කරයි ද? උපද්‍රවය නසයි. වස්තුව උපදවයි.

තත්‍ථ දාරකස‍්ස මාතුකුච‍්ඡියං නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය මාතාපිතූනං සුඛමෙව සාතමෙව හොති. යෙපි පකතියා මනුස‍්සාමනුස‍්සපරිස‍්සයා හොන‍්ති, තෙ සබ‍්බෙ අපගච‍්ඡන‍්ති. එවං පරිස‍්සයං නාසෙති. දාරකස‍්ස පන මාතුකුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය ගෙහෙ භොගානං පමාණං න හොති, නිධිකුම‍්භියො පුරතොපි පච‍්ඡතොපි ගෙහං පවට‍්ටමානා පවිසන‍්ති. මාතාපිතරො පරෙහි ඨපිතධනස‍්සාපි සම‍්මුඛීභාවං ගච‍්ඡන‍්ති. ධෙනුයො බහුඛීරා හොන‍්ති, ගොණා සුඛසීලා හොන‍්ති, වප‍්පට‍්ඨානෙ සස‍්සානි සම‍්පජ‍්ජන‍්ති. වඩ‍්ඪියා වා සම‍්පයුත‍්තං, තාවකාලිකං වා දින‍්නං ධනං අචොදිතා සයමෙව ආහරිත්‍වා දෙන‍්ති, දාසාදයො සුවචා හොන‍්ති, කම‍්මන‍්තා න පරිහායන‍්ති. දාරකො ගබ‍්භතො පට‍්ඨාය පරිහාරං ලභති, කොමාරිකවෙජ‍්ජා සන‍්නිහිතාව හොන‍්ති. ගහපතිකුලෙ ජාතො සෙට‍්ඨිට‍්ඨානං, අමච‍්චකුලාදීසු ජාතො සෙනාපතිට‍්ඨානාදීනි ලභති. එවං භොගෙ උප‍්පාදෙති. සො අපරිස‍්සයො සභොගො චිරං ජීවතීති. එවං අපාණාතිපාතකම‍්මං දීඝායුකසංවත‍්තනිකං හොති.

එහි දරුවගේ මව්කුස ඉපදුණු කාලයේ පටන් මව්පියන්ට සැපය ම වෙයි. මිනිසුන්ට ප්‍රකෘතියෙන් යම්කිසි කරදරයක් ඇත් ද එය පහ කරත්. දරුවා මව්කුස උපන් කාලයේ පටන් ගෙදර වස්තුව අප්‍රමාණ වෙයි. නිධාන ගෙයි දෙපැත්තෙන් පෙරළී එයි. මව්පියෝ අනුන්ට දුන් ධනය සම්බවෙත්. දෙනුන්ගේ කිරි වැඩි වෙත්. ගොන්නු කීකරුව සුවසේ වසත්. වැපුරූ ගොයම් හොඳින් පැසෙයි. තාවකාලිකව දෙන ලද ධනය කරදර නැතිව ඒ අයම ගෙනත් දෙත්. කම්කරුවෝ කීකරු වේ. කර්මාන්ත නොපිරිහෙයි. දරුවා ගැබෙහි පටන් පෝෂණය ලබයි. වෛද්‍ය ප්‍රතිකාර හිතවත් වෙත්. ගෘහපති කුලයක උපන්නේ සිටු තනතුරු ද අමාත්‍ය කුලයක උපන්නේ සේනාපති තනතුරු ද ලබයි. මෙසේ සම්පත් උපදවයි. ඔහු කරදර නැතිව සම්පත් සහිතවම බොහෝ කල් ජීවත් වෙයි. මෙසේ ප්‍රාණඝාතය නොවන කර්මය දීර්ඝායුෂ සඳහා පැවතීම ඇති කරයි.

අපාණාතිපාතිනා වා කතං අඤ‍්ඤම‍්පි කුසලං උළාරං හොති, දීඝායුකපටිසන්‍ධිං ජනෙතුං සක‍්කොති, එවම‍්පි දීඝායුකසංවත‍්තනිකං හොති. පටිසන්‍ධිමෙව වා නියාමෙත්‍වා දීඝායුකං කරොති. සන‍්නිට‍්ඨානචෙතනාය වා දෙවලොකෙ නිබ‍්බත‍්තති, පුබ‍්බාපරචෙතනාහි වුත‍්තනයෙන දීඝායුකො හොති. ඉමිනා නයෙන සබ‍්බපඤ‍්හවිස‍්සජ‍්ජනෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

ප්‍රාණඝාතය නොවන දෙයින් කරන ලද අන්‍ය කුසල ද මහත් වෙයි. දීර්ඝායුෂ ප්‍රතිසන්ධිය දීමට කැමති වෙයි. මෙසේ දීඝායුකසංවත්තනිකය වෙයි. ප්‍රතිසන්ධිය නියම කොට හෝ දීර්ඝායුෂ ලබා දෙයි. යටහත් චේතනාවෙන් හෝ දිව්‍ය ලෝකයෙහි උපදවයි. පූර්වාපර චේතනාවෙන් කියන ලද ක්‍රමයෙන් දීර්ඝායුෂ වෙයි. මේ ක්‍රමයෙන් සියලු ප්‍රශ්න විසඳීමෙහි තේරුම දත යුතුයි.

විහෙඨනකම‍්මාදීනිපි හි පවත‍්තෙ ආගන‍්ත්‍වා අත්‍ථතො තථෙව වදමානානි විය උපපීළනෙන නිබ‍්භොගතං ආපාදෙත්‍වා පටිජග‍්ගනං අලභන‍්තස‍්ස රොගුප‍්පාදනාදීහි වා, විහෙඨකාදීහි කතස‍්ස කුසලස‍්ස අනුළාරතාය වා, ආදිතොව පටිසන්‍ධිනියාමනෙන වා, වුත‍්තනයෙනෙව පුබ‍්බාපරචෙතනාවසෙන වා බහ‍්වාබාධතාදීනි කරොන‍්ති, අපාණාතිපාතො විය ච අවිහෙඨනාදීනිපි අප‍්පාබාධතාදීනීති.

විහෙඨන කර්මාදිය ද පැවති කල්හි ඇවිත් අර්ථ වශයෙන් එසේම කියන්නාහු උපපීළක කර්මයෙන් බෝග නැති බවට නොපමුණුවා පිළිගැනීම් නොලබන්නහුට ලෙඩ ඉපිදවීම් ආදී වෙහෙස ආදියෙන් කරන ලද කුසල්වල මහත්බව නැති හෙයින් පළමුවෙන් ම ප්‍රතිසන්ධි නියමයෙන් කියන ලද ක්‍රමයෙන් ම හෝ පූර්වාපර චේතනා වශයෙන් හෝ බොහෝ ලෙඩ රෝගාදිය කරත්. අපාණාතිපාතය මෙන් වෙහෙස නොවන රෝග නොවන ආදියයි.

එත්‍ථ පන ඉස‍්සාමනකොති ඉස‍්සාසම‍්පයුත‍්තචිත‍්තො. උපදුස‍්සතීති ඉස‍්සාවසෙනෙව උපක‍්කොසන‍්තො දුස‍්සති. ඉස‍්සං බන්‍ධතීති යවකලාපං බන්‍ධන‍්තො විය යථා න නස‍්සති එවං බන්‍ධිත්‍වා විය ඨපෙති. අප‍්පෙසක‍්ඛොති අප‍්පපරිවාරො, රත‍්තිං ඛිත‍්තො විය සරො න පඤ‍්ඤායති, උච‍්ඡිට‍්ඨහත්‍ථො නිසීදිත්‍වා උදකදායකම‍්පි න ලභති.

මෙහි වනාහි ඉස්සාමනකොති ඊර්ෂ්‍යාවෙන් යුත් සිතයි. උපදුස්සතීති ඊර්ෂ්‍යා වශයෙන් ආක්‍රෝශ කරමින් දුෂ්‍ය වෙයි. ඉස්සං බන්‍ධතීති යව කරල් මිටියක් බඳින්නාක් මෙන් යසේ නොනසී ද එසේ බැඳ තබයි. අප්පෙසක්ඛොති ස්වල්ප පිරිසයි. අව පක්‍ෂයෙහි රාත්‍රියේ විඳින ලද ඊයක් මෙන් නොපෙනෙයි. ඉඳුල් අතින් හිඳ වතුර දීමට ද අයෙක් නොලබයි.

න දාතා හොතීති මච‍්ඡරියවසෙන න දාතා හොති. තෙන කම‍්මෙනාති තෙන මච‍්ඡරියකම‍්මෙන.

න දාතා හොතීති මසුරු බැවින් නොදෙන ලද්දේ වෙයි. තෙන කම්මෙනාති ඒ මසුරු කර්මයෙන්,

අභිවාදෙතබ‍්බන‍්ති අභිවාදනාරහං බුද‍්ධං වා පච‍්චෙකබුද‍්ධං වා අරියසාවකං වා. පච‍්චුට‍්ඨාතබ‍්බාදීසුපි එසෙව නයො. ඉමස‍්මිං පන පඤ‍්හවිස‍්සජ‍්ජනෙ උපපීළකඋපත්‍ථම‍්භකකම‍්මානි න ගහෙතබ‍්බානි. න හි පවත‍්තෙ නීචකුලිනං වා උච‍්චාකුලිනං වා සක‍්කා කාතුං, පටිසන්‍ධිමෙව පන නියාමෙත්‍වා නීචකුලියං කම‍්මං නීචකුලෙ නිබ‍්බත‍්තෙති, උච‍්චාකුලියං කම‍්මං උච‍්චාකුලෙ.

අභිවාදෙතබ්බන්ති බුදුරදුන්ට හෝ පසේ බුදුරදුන්ට හෝ ආර්ය ශ්‍රාවකයාට හෝ වැඳීමට සුදුසු හුනස්නෙන් නැගිටීම් ආදියෙහි ද මේ ක්‍රමයමයි. මේ ප්‍රශ්න විසඳීමෙහි උපපීළක උපස්ථම්භක කර්මයෝ නොගත යුත්තාහ. පහත් කුල හෝ උසස් කුළ යැයි කිරීමට නොහැකිය. පහත් කර්ම පහත් කුළයෙහි උපදවයි. උසස් කර්ම උසස් කුළයෙහි උපදවයි.

න පරිපුච‍්ඡිතා හොතීති එත්‍ථ පන අපරිපුච‍්ඡනෙන නිරයෙ න නිබ‍්බත‍්තති. අපරිපුච‍්ඡකො පන “ඉදං කාතබ‍්බං, ඉදං න කාතබ‍්බ”න‍්ති න ජානාති, අජානන‍්තො කාතබ‍්බං න කරොති, අකාතබ‍්බං කරොති. තෙන නිරයෙ නිබ‍්බත‍්තති, ඉතරො සග‍්ගෙ. ඉති ඛො, මාණව…පෙ… යදිදං හීනප‍්පණීතතායාති සත්‍ථා දෙසනං යථානුසන්‍ධිං පාපෙසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පරිපුච්ඡිතා හොතීති මෙහි වනාහි නොවිචාරීමෙන් නරකයෙහි උපදියි. නොවිචාරන තැනැත්තා මේ කළයුත්තය. මේ නොකළයුත්තය යැයි නොදනියි. නොදන්නා කළ යුත්ත නොකරයි. නොකළයුත්ත කරයි. එහෙයින් නරකයෙහි උපදියි. අනෙකා ස්වර්ගයේය. මෙසේ තරුණය, යම් මේ උස් පහත් බවක් බුදුරදුන් දේශනාව අනුසන්ධියට පැමිණ වූයේය. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළකම‍්මවිභඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චුල්ලකම්මවිභංග සූත්‍ර වර්ණනාව නිමි.

සුභසුත‍්තන‍්තිපි වුච‍්චති.

සුභ සූත්‍රය යැයි ද කියයි.