භද්දෙකරත්ත සුත්තවණ්ණනා අට්ඨකථා
භද්දෙකරත්ත සුත්තවණ්ණනා
භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති භද්දෙකරත්තසුත්තං. තත්ථ භද්දෙකරත්තස්සාති විපස්සනානුයොගසමන්නාගතත්තා භද්දකස්ස එකරත්තස්ස. උද්දෙසන්ති මාතිකං. විභඞ්ගන්ති විත්ථාරභාජනීයං.
එවම්මෙසුතන්ති මාවිසින් භද්දේකරත්ත සුත්‍රය මෙසේ අසන ලදි. එහි භද්දෙකරත්තස්සාති විදර්ශනා භාවනාවෙහි යුක්ත යහපත්ව ඇළුනහුගේ උද්දෙසන්ති මාතෘකාවයි. විභංගන්ති විස්තර බෙදිය යුතු.
අතීතන්ති අතීතෙ පඤ්චක්ඛන්ධෙ. නාන්වාගමෙය්යාති තණ්හාදිට්ඨීහි නානුගච්ඡෙය්ය. නප්පටිකඞ්ඛෙති තණ්හාදිට්ඨීහි න පත්ථෙය්ය. යදතීතන්ති ඉදමෙත්ථ කාරණවචනං. යස්මා යං අතීතං, තං පහීනං නිරුද්ධං අත්ථඞ්ගතං, තස්මා තං පුන නානුගච්ඡෙය්ය. යස්මා ච යං අනාගතං, තං අප්පත්තං අජාතං අනිබ්බත්තං, තස්මා තම්පි න පත්ථෙය්ය.
අතීතන්ති පසුගිය ස්කන්ධ පසෙහි නාන්වාගමෙය්යාති තෘෂ්ණා දෘෂ්ටිවලින් අනුව නො යන්නේය. න පටිකංඛෙති තෘෂ්ණා දෘෂ්ටියෙන් ප්‍රාර්ථනා නො කරන්නේය. යදතීතන්ති මෙහි මේ කාරණා වචනයයි. යම් හෙයකින් යමක් පසුගියේ ද එය ප්රහීනය. නිරුද්ධය. අස්තයට ගියේය. එහෙයින් එය අනුව නො යන්නේය. යම්හෙයකින් යමක් නො පැමිණියේ ද එය නො පැමිණියේය. නො ඇතිවිය. නො ඉපදුණේය. එහෙයින් එය ද නො පතන්නේය.
තත්ථ තත්ථාති පච්චුප්පන්නම්පි ධම්මං යත්ථ යත්ථෙව උප්පන්නො, තත්ථ තත්ථෙව ච නං අනිච්චානුපස්සනාදීහි සත්තහි අනුපස්සනාහි යො විපස්සති අරඤ්ඤාදීසු වා තත්ථ තත්ථෙව විපස්සති. අසංහීරං අසංකුප්පන්ති ඉදං විපස්සනාපටිවිපස්සනාදස්සනත්ථං වුත්තං. විපස්සනා හි රාගාදීහි න සංහීරති න සංකුප්පතීති අසංහීරං අසංකුප්පං, තං අනුබ්රූහයෙ වඩ්ඪෙය්ය, පටිවිපස්සෙය්යාති වුත්තං හොති. අථ වා නිබ්බානං රාගාදීහි න සංහීරති න සංකුප්පතීති අසංහීරං අසංකුප්පං. තං විද්වා පණ්ඩිතො භික්ඛු අනුබ්රූහයෙ, පුනප්පුනං තදාරම්මණං තං තං ඵලසමාපත්තිං අප්පෙන්තො වඩ්ඪෙය්යාති අත්ථො.
තත්ථ තත්ථාති වර්තමාන වූ ධර්මයක් යම් යම් තැනක උපදී ද එහි එහිම එය අනිත්‍යානුපස්සනාදී වූ සප්ත අනුපස්සනාවන්ගෙන් යමෙක් විදර්ශනා කරයි. ආරණ්‍යයෙහි හෝ ඒ ඒ තැන විදර්ශනා කරයි. අසංහීර අසංකුප්පන්ති මෙය විදර්ශනාව දැක්වීම පිණිස කියන ලදි. විදර්ශනාව වනාහි රාගාදීන්ගෙන් වෙනස් නොවෙයි. අසංකීර අසංකුප්ප නම් වේ. එය වර්ධනය කරන්නේ යැයි කියන ලදි. නොහොත් නිවන රාගාදීන්ගෙන් වෙනස් නොවෙනුයේ යැයි අසංහීර අසංකුප්ප නම් වේ. එය දැන පණ්ඩිත මහණ තෙමේ නැවත නැවත ඒ අරමුණ ඵල සමාපත්තියට පමුණුවමින් වඩන්නේ ය යන තේරුමයි.
තස්ස පන අනුබ්රූහන්තස්ස අත්ථාය – අජ්ජෙව කිච්චමාතප්පන්ති කිලෙසානං ආතාපනපරිතාපනෙන ආතප්පන්ති ලද්ධනාමං වීරියං අජ්ජෙව කාතබ්බං. කො ජඤ්ඤා මරණං සුවෙති ස්වෙ ජීවිතං වා මරණං වා කො ජානාති. අජ්ජෙව දානං වා දස්සාමි, සීලං වා රක්ඛිස්සාමි, අඤ්ඤතරං වා පන කුසලං කරිස්සාමීති හි “අජ්ජ තාව පපඤ්චො අත්ථි, ස්වෙ වා පුනදිවසෙ වා කරිස්සාමී”ති චිත්තං අනුප්පාදෙත්වා අජ්ජෙව කරිස්සාමීති එවං වීරියං කාතබ්බන්ති දස්සෙති. මහාසෙනෙනාති අග්ගිවිසසත්ථාදීනි අනෙකානි මරණකාරණානි තස්ස සෙනා, තාය මහතියා සෙනාය වසෙන මහාසෙනෙන එවරූපෙන මච්චුනා සද්ධිං “කතිපාහං තාව ආගමෙහි යාවාහං බුද්ධපූජාදිං අත්තනො අවස්සයකම්මං කරොමී”ති. එවං මිත්තසන්ථවාකාරසඞ්ඛාතො වා, “ඉදං සතං වා සහස්සං වා ගහෙත්වා කතිපාහං ආගමෙහී”ති එවං ලඤ්ජානුප්පදානසඞ්ඛාතො වා, “ඉමිනාහං බලරාසිනා පටිබාහිස්සාමී”ති එවං බලරාසිසඞ්ඛාතො වා සඞ්ගරො නත්ථි. සඞ්ගරොති හි මිත්තසන්ථවාකාරලඤ්ජානුප්පදානබලරාසීනං නාමං, තස්මා අයමත්ථො වුත්තො.
එය වඩන්නහුගේ අර්ථය පිණිස අජ්ජෙව කිච්චං ආතප්පන්ති කෙලෙසුන්ගේ තැවීමෙන් ආතප්ප යැයි ලබන ලද නම වීර්ය කළ යුතු යැයි දක්වයි. කො ජඤ්ඤා මරණං සුවෙති හෙට මරණය හෝ ජීවත්වීම හෝ කවරෙක් දනී ද? අද දන් හෝ දෙමි. සිල් හෝ රකිමි. වෙනත් කුසලයක් හෝ කරන්නෙමි. අද ප්‍රමාදයක් ඇත. හෙට හෝ වෙන දවසක හෝ දැන ගන්නෙමි. සිත නූපදවා අද අද ම කරන්නෙමියි මෙසේ වීර්ය කළ යුතු යැයි දක්වයි. මහාසෙනෙනාති ගිනි විස ආයුධ ආදී නොයෙක් මරණයට හේතු වූ ඒ සේනාවයි. ඒ මහත් සේනාව වශයෙන් මහාසේන නමි. මෙබඳු මාරයා සමඟ දවස් කිහිපයක් බලාපොරොත්තු වෙව. යම්තාක් මම බුද්ධ පූජා ආදී වූ තමාට අවශ්‍ය කර්ම කරමි. මෙසේ මිත්‍රයෙකු ආකාරයැයි කියන ලද මේ සියය හෝ දහස හෝ ගෙන කිහිප දවසක් බලාපොරොත්තු වෙවයි මෙසේ අල්ලස් දීමකින් හෝ යම් සෙනගෙන් ප්‍රතිබාහනය කරමියි හෝ මෙසේ බල සමූහයයි කියන ලද යුද්ධයක් හෝ නැත. සංගාරොති මිත්‍රයෙකු ආකාර යැයි කියන ලද මෙය අල්ලස් දීමකින් හෝ මේ සෙනගෙන් හෝ එහෙයින් මේ අර්ථයෙන් කියන ලදි.
අතන්දිතන්ති අනලසං උට්ඨාහකං. එවං පටිපන්නත්තා භද්දො එකරත්තො අස්සාති භද්දෙකරත්තො. ඉති තං එවං පටිපන්නපුග්ගලං “භද්දෙකරත්තො අය”න්ති. රාගාදීනං සන්තතාය සන්තො බුද්ධමුනි ආචික්ඛති.
අතන්දිතන්ති අනලස්ව උත්සාහයෙන්, මෙසේ පිළිපන්න බැවින් යහපත් ඇලීම මොහුගේ යනු භද්දෙකරත්තො යන්නයි. මෙසේ පිළිපන්න ඒ පුද්ගලයා මේ භද්දෙකරත්තයයි. රාගාදියෙන් සංසිඳුණු හෙයින් ශාන්ත වූ බුදුරදුන් කියයි.
එවංරූපොතිආදීසු කාළොපි සමානො ඉන්දනීලමණිවණ්ණො අහොසින්ති එවං මනුඤ්ඤරූපවසෙනෙව එවංරූපො අහොසිං. කුසලසුඛසොමනස්සවෙදනාවසෙනෙව එවංවෙදනො. තංසම්පයුත්තානංයෙව සඤ්ඤාදීනං වසෙන එවංසඤ්ඤො එවංසඞ්ඛාරො එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති.
එවං රූපොති යනාදියෙහි කාලයට සමාන ඉඳුනිල් මැණිකක් පැහැය වුයෙමියි. මෙසේ මනෝඥරූප වශයෙන් මෙබඳු වූයෙමි. කුසල් සැප සොම්නස් විඳීම් වශයෙන් ම මෙසේ වේදනා නමි. එය යුක්ත සංඥා ආදීන්ගේ වශයෙන් මෙසේ සංඥාවන්ය. සංස්කාරය ද මෙසේමය. විඥානය ද මෙසේමය. අතීත කාලය වූයෙමි.
තත්ථ නන්දිං සමන්වානෙතීති තෙසු රූපාදීසු තණ්හං සමන්වානෙති අනුපවත්තෙති. හීනරූපාදිවසෙන පන එවංරූපො අහොසිං…පෙ… එවංවිඤ්ඤාණො අහොසින්ති න මඤ්ඤති.
එහි නන්දිං සමන්වානෙතීති ඒ රූපාදීන්හි තෘෂ්ණාවෙන් සමන්විතයි. දෘෂ්ටිය අනුව පවතියි. හීනරූපාදී වශයෙන් ද මෙබඳු විය. -පෙ- මෙසේ විඥානය වේ යැයි නොසිතයි.
නන්දිං න සමන්වානෙතීති තණ්හං වා තණ්හාසම්පයුත්තදිට්ඨිං වා නානුපවත්තයති.
නන්දිං න සමන්වානෙතීති තෘෂ්ණාව හෝ තෘෂ්ණාවෙන් යුක්ත දෘෂ්ටිය හෝ අනුව නොපවතියි.
එවංරූපො සියන්තිආදීසුපි තංමනුඤ්ඤරූපාදිවසෙනෙව තණ්හාදිට්ඨිපවත්තසඞ්ඛාතා නන්දිසමන්වානයනාව වෙදිතබ්බා.
එවංරූපො සියන්ති ආදියෙහි ප්‍රණීත මනෝඥ රූපාදී වශයෙන් තෘෂ්ණාදෘෂ්ටි පැවතීම් සංඛ්‍යාත නන්දිය ම සමන්විත යැයි දත යුතුයි.
කථඤ්ච, භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරතීති ඉදං “පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති. අසංහීරං අසංකුප්ප”න්ති උද්දෙසස්ස නිද්දෙසත්ථං වුත්තං. කාමඤ්චෙත්ථ “කථඤ්ච, භික්ඛවෙ, පච්චුප්පන්නං ධම්මං න විපස්සතී”තිආදි වත්තබ්බං සියා, යස්මා පන අසංහීරාති ච අසංකුප්පාති ච විපස්සනා වුත්තා, තස්මා තස්සා එව අභාවඤ්ච භාවඤ්ච දස්සෙතුං සංහීරතීති මාතිකං උද්ධරිත්වා විත්ථාරො වුත්තො. තත්ථ සංහීරතීති විපස්සනාය අභාවතො තණ්හාදිට්ඨීහි ආකඩ්ඪියති. න සංහීරතීති විපස්සනාය භාවෙන තණ්හාදිට්ඨීහි නාකඩ්ඪියති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
කතඤ්ච භික්ඛවෙ පච්චුප්පන්නෙසු ධම්මසු සංහීරතීති මේ වර්තමාන වූ යම් ධර්මයක් ඒ ඒ තැන්වල විදර්ශනා කරයි. අසංහීරං අසංකුප්පන්ති උද්දේශයාගේ නිර්දේශය පිණිස කියන ලදි. මෙහි කාමය ද මහණෙනි, කෙසේද? වර්තමාන වූ ධර්ම විදර්ශනා නොකෙරේ ද? යනාදිය කිව යුතුයි. යම්හෙයකින් අසංහීරය ද අසංකුප්පය ද විදර්ශනාවෙන් කියන ලදි. එහෙයින් එහි මෙසේ නොවීම ද වීම ද දක්වන්නට සංහීරති නසංහීරති යන මාතෘකා ගෙන විස්තර වශයෙන් කියන ලදි. එහි සංහීරති යන්න විදර්ශනාව නොවැඩීමෙන් තෘෂ්ණා දෘෂ්ටියෙන් අදියි. නසංහීරති යන්න විදර්ශනාව වැඩීමෙන් තෘෂ්ණා දෘෂ්ටියෙන් නොඅදියි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය භද්දෙකරත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව නිමි.
ආනන්ද භද්දෙකරත්ත සුත්තවණ්ණනා
ආනන්ද භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ආනන්දභද්දෙකරත්තසුත්තං. තත්ථ පටිසල්ලානා වුට්ඨිතොති ඵලසමාපත්තිතො වුට්ඨිතො. කො නු ඛො, භික්ඛවෙති ජානන්තොව කථාසමුට්ඨාපනත්ථං පුච්ඡි.
එවම්මෙසුතන්ති මා විසින් ආනන්දභද්දේකරත්ත සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලානා වුට්ඨිතොති ඵලසමවතින් නැගිටියේ. කො නු ඛො භික්ඛවෙති දන්නේ ම කථාසමුට්ඨානය පිණිස ඇසීය.
සාධු සාධූති ථෙරස්ස සාධුකාරමදාසි. සාධු ඛො ත්වන්ති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි පරිසුද්ධෙහි කථිතත්තා දෙසනං පසංසන්තො ආහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සාධු සාධුති තෙරුන්ට සාදුකාර දුන්නේය. සාධු ඛො ත්වන්ති පරිමණ්ඩල වූ පදබ්යංජනයන්ගෙන් පිරිසිදුව කියන ලද හෙයින් දේශනාවට ප්‍රශංසා කරමින් කීය. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ආනන්දභද්දෙකරත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
ආනන්දභද්දේකරත්ත සූත්‍ර වර්ණානව නිමි.
මහාකච්චාන භද්දෙකරත්ත සුත්තවණ්ණනා
මහාකච්චාන භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාකච්චානභද්දෙකරත්තසුත්තං. තත්ථ තපොදාරාමෙති තත්තොදකස්ස රහදස්ස වසෙන එවංලද්ධනාමෙ ආරාමෙ. වෙභාරපබ්බතස්ස කිර හෙට්ඨා භූමට්ඨකනාගානං පඤ්චයොජනසතිකං නාගභවනං දෙවලොකසදිසං මණිමයෙන තලෙන ආරාමඋය්යානෙහි ච සමන්නාගතං, තත්ථ නාගානං කීළනට්ඨානෙ මහාඋදකරහදො, තතො තපොදා නාම නදී සන්දති කුථිතා උණ්හොදකා. කස්මා පනෙසා එදිසා ජාතා? රාජගහං කිර පරිවාරෙත්වා මහා පෙතලොකො, තත්ථ ද්වින්නං මහාලොහකුම්භිනිරයානං අන්තරෙන අයං තපොදා ආගච්ඡති, තස්මා සා කුථිතා සන්දති. වුත්තම්පි චෙතං – “යතායං, භික්ඛවෙ, තපොදා සන්දති, සො දහො අච්ඡොදකො සීතොදකො සාතොදකො සෙතොදකො සුප්පතිත්ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො, චක්කමත්තානි ච පදුමානි පුප්ඵන්ති. අපිචායං, භික්ඛවෙ, තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති, තෙනායං තපොදා කුථිතා සන්දතී”ති (පාරා· 231). ඉමස්ස පන ආරාමස්ස අභිසම්මුඛට්ඨානෙ තතො මහාඋදකරහදො ජාතො, තස්ස නාමවසෙනායං විහාරො තපොදාරාමොති වුච්චති.
එවම්මෙසුතන්ති මා විසින් මහාකච්චානභද්දේකරත්ත සූත්‍රය මෙසේ අසන ලදි. එහි තපොදාරාමෙති රත් වූ ජලය ඇති හෙයින් මෙසේ ලබන ලද නම් ඇති ආරාමයෙහි වේහාර පර්වතයේ යට භූම්‍යස්ථ නාගයන්ගේ පන්සියයක් යොදුන් වූ නාගභවන දිව්‍යලෝකය හා සමානයි. මැණික්වලින් කරන ලද තලයෙන් ද ආරාම උද්‍යානවලින් ද සමන්විතයි. එහි නාගයන් ක්‍රීඩා කරන ස්ථානයෙහි මහත් ජල විලකි. එයින් තපෝදා නම් ගංගාව ගලා බසියි. කරකෂ උණු වතුරය. කුමක් හෙයින් මෙසේ වුවා ද? රජගහනුවර පිරිවරා මහත් ප්‍රේත ලෝකයකි. එහි මහා ලොහුකුඹු නරක දෙක අතරින් මේ තපෝදා ගංගාව එයි. එහෙයින් එය කර්කශව ගලා බසියි. මෙය කියන ලදි. මහණෙනි, යම් ස්ථානයකින් තපෝදාව ගලා බසියි ද ඒ විල පිරිසිදු ජලය ඇත්තේ ද සිහිල් ජලය ඇත්තේ ද ශීතල ජලය ඇත්තේ ද සුදු ජලය ඇත්තේ ද මනාකොට පිහිටි තොටුපලවල් ඇත්තේ ද සිත්කළු ද බොහෝ මත්ස්‍යයන් කසුබුවන් ඇත්තේ ද වේ. පියුම් පිපෙත්. එතෙකුඳු වුවත් මේ තපෝදාව මහා නිරය දෙක අතරින් එයි. එහෙයින් මේ තපෝදාව කර්කෂව ගලා බසියි. මේ ආරාමයට ඉදිරියෙහි මහත් ජල විලක් වූයේය. ඒ වශයෙන් මේ ආරාමය තපෝදාරාමය යැයි කියයි.
සමිද්ධීති තස්ස කිර ථෙරස්ස අත්තභාවො සමිද්ධො අභිරූපො පාසාදිකො, තස්මා සමිද්ධිත්වෙව සඞ්ඛං ගතො. ආදිබ්රහ්මචරියකොති මග්ගබ්රහ්මචරියස්ස ආදි පුබ්බභාගප්පටිපත්තිභූතො. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනාති මධුපිණ්ඩිකසුත්තෙ (ම· නි· 1.199 ආදයො) වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බං.
සමිද්ධීති ඒ තෙරුන්ගේ ආත්මභාවය සමෘද්ධිමත්ය. රූපය ප්‍රසාද එළවන්නේය. එහෙයින් සමිද්ධි යන නමට පැමිණියේය. ආදිබ්රහ්මචරියකොති මාර්ග බ්‍රහ්මචර්යාවට පූර්වභාග ප්‍රතිපත්ති වූයේය. ඉදං වත්වා සුගතො උට්ඨායාසනාති මේ ආදිය මධුපිණ්ඩික සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් විස්තර කළ යුතුයි.
ඉති මෙ චක්ඛුන්ති ඉමස්මිං කිර සුත්තෙ භගවා ද්වාදසායතනවසෙනෙව මාතිකං ඨපෙසි. ථෙරොපි “භගවතා හෙට්ඨා ද්වීසු, උපරි චතුත්ථෙ චාති ඉමෙසු තීසු සුත්තෙසු පඤ්චක්ඛන්ධවසෙන මාතිකා ච විභඞ්ගො ච කතො, ඉධ පන ද්වාදසායතනවසෙනෙව විභජනත්ථං මාතිකා ඨපිතා”ති නයං පටිලභිත්වා එවමාහ. ඉමං පන නයං ලභන්තෙන ථෙරෙන භාරියං කතං, අපදෙ පදං දස්සිතං, ආකාසෙ පදං කතං, තෙන නං භගවා ඉමමෙව සුත්තං සන්ධාය – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”ති (අ· නි· 1.197) එතදග්ගෙ ඨපෙසි. එත්ථ පන චක්ඛූති චක්ඛුපසාදො. රූපාති චතුසමුට්ඨානිකරූපා. ඉමිනා නයෙන සෙසායතනානිපි වෙදිතබ්බානි. විඤ්ඤාණන්ති නිකන්තිවිඤ්ඤාණං. තදභිනන්දතීති තං චක්ඛුඤ්චෙව රූපඤ්ච තණ්හාදිට්ඨිවසෙන අභිනන්දති. අන්වාගමෙතීති තණ්හාදිට්ඨීහි අනුගච්ඡති.
ඉති මෙ චක්ඛුන්ති මේ සූත්‍රයෙහි බුදුරදුන් දොළොස් ආයතන වශයෙන් මාතෘකා තැබීය. තෙරුන් වහන්සේ ද බුදුන් විසින් යට ද්වීසු උපරි චතුත්ථෙචාති යන මේ සුත්‍ර තුනෙහි පංචස්ඛන්ධ වශයෙන් මාතෘකාව ද විභංගය ද කරන ලදි. මෙහි වනාහි දොළොස් ආයතන වශයෙන් බෙදීම පිණිස මාතෘකාව තබන ලද්දේ යැයි නය ලබා මෙසේ කීය. මේ ක්‍රමය ලබන්නා වූ තෙරුන් විසින් බැරෑරුම් කරන ලදි. පදයක් නැති තැන පදයක් දක්වන ලදි. අහසෙහි පදයක් කරන ලදි. එහෙයින් බුදුරදුන් මෙම සූත්‍රය සඳහා ම ඔහු මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතරෙන් කෙටියෙන් කියන ලද්දට විස්තරාර්ථ බෙදීම් වශයෙන් මහාකච්චායන අග්‍රස්ථානය යැයි අගතනතුරෙහි තැබීය. මෙහි චක්ඛුන්ති චක්ෂූර් ප්‍රාසාදයයි. රූපාති සතර සමුට්ඨානික රූපයෝය. මේ ක්‍රමයෙන් සෙසු ආයතනයෝ ද දත යුතුයි. විඤ්ඤාණන්ති බලවත් විඥානයයි. තදභින්තින්දති ඒ ඇස ද රූපය ද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු වෙයි. අන්වාගමෙති තෘෂ්ණා දෘෂ්ටිය අනුව යයි.
ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං ඉති ධම්මාති එත්ථ පන මනොති භවඞ්ගචිත්තං. ධම්මාති තෙභූමකධම්මාරම්මණං.
ඉති මෙ මනො අහොසි ඉති ධම්මාති මෙහි සිත නම් භවාංග සිතයි. ධම්මාති ත්‍රෛභූමික ධර්මාරම්මණයයි.
පණිදහතීති පත්ථනාවසෙන ඨපෙසි. පණිධානපච්චයාති පත්ථනාට්ඨපනකාරණා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පණිදහතීති ප්‍රාර්ථනාව තැබීය. පණිධානපච්චයාති ප්‍රාර්ථනාව තබන කාරණයයි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාකච්චානභද්දෙකරත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාකච්චානභද්දේකරත්ත සූත්‍ර වර්ණනාව නිමි.
ලොමසකඞ්ගිය භද්දෙකරත්ත සුත්තවණ්ණනා
ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තං. තත්ථ ලොමසකඞ්ගියොති අඞ්ගථෙරො කිර නාමෙස, කායස්ස පන ඊසකලොමසාකාරතාය ලොමසකඞ්ගියොති පාකටො ජාතො. චන්දනො දෙවපුත්තොති කස්සපසම්මාසම්බුද්ධකාලෙ කිරෙස චන්දනො නාම උපාසකො අඩ්ඪො මහද්ධනො තීණි රතනානි චතූහි පච්චයෙහි පූජෙත්වා දෙවලොකෙ නිබ්බත්තො, පුරිමනාමෙන චන්දනො දෙවපුත්තොත්වෙව සඞ්ඛං ගතො. පණ්ඩුකම්බලසිලායන්ති රත්තකම්බලසිලායං. තස්සා කිර රත්තකම්බලස්සෙව ජයසුමනපුප්ඵරාසි විය වණ්ණො, තස්මා “පණ්ඩුකම්බලසිලා”ති වුච්චති.
එවම්මෙසුතන්ති මා විසින් ලොමසකංගියභද්දේකරත්ත සූත්‍රය මෙසේ අසන ලදි. එහි ලොමසකංගීයොති යනු මේ අංග නම් තෙරුන් වහන්සේගේ ශරීරයේ ඊතල ආකාර ලෝම ඇති හෙයින් ලොමසකංගිය යැයි ප්‍රසිද්ධ විය. චන්දනො දෙවපුත්තොති මොහු කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි මහත් ධනය ඇති චන්දන නම් උපාසකයෙක් විය. තෙරුවන්ට සිව්පසයෙන් උපස්ථාන කොට දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය. පළමු නමින් ම චන්දන දේවපුත්‍රයා යන නමට ගියේය. පණ්ඩුකම්බලසිලායන්ති රතු කම්බිලි ගලෙහි. ඒ රතුකම්බිලිය දෑ සමන් මල් සමූහයකගේ පැහැය ඇති බැවින් පණ්ඩුකම්බලපිලාය යැයි කියයි.
කදා පන තත්ථ භගවා විහාසීති? බොධිපත්තිතො සත්තමෙ සංවච්ඡරෙ සාවත්ථියං ආසාළ්හීමාසපුණ්ණමාය ද්වාදසයොජනාය පරිසාය මජ්ඣෙ යමකපාටිහාරියං කත්වා ඔරුය්හ කණ්ඩම්බමූලෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදිත්වා ධම්මදෙසනාය මහාජනං මහාවිදුග්ගතො උද්ධරිත්වා බුද්ධා නාම යස්මා පාටිහාරියං කත්වා මනුස්සපථෙ න වසන්ති, තස්මා පස්සමානස්සෙව තස්ස ජනස්ස පදවීක්කමං කත්වා තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං වස්සං උපගතො, තස්මිං සමයෙ විහාසි.
කවරදාක එහි බුදුරදුන් වැඩි සිටියේ ද? බුද්ධත්වයෙන් හත්වන වර්ෂයෙහි සැවැත්නුවර ඇසළ පොහොයේ දී දෙළොස් යොදුන් පිරිස මැද යමාමහ පෙළහර කොට බැස ගණ්ඩබ්බ අඹගස මුල පණවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ දහම් දෙසීමෙන් මහජනයා මහත් දුකින් උදුරා බුදුවරු නම් යම්හෙයකින් පෙළහර කොට මිනිස් පථයෙහි නොවසත්. එහෙයින් ඒ ජනයා බලාසිටිය දී ම ත්‍රිපද වික්‍රමය කොට තව්තිසා භවනෙහි පරසතුගස මුල පඬුපුල් ගලෙහි වස් එළඹියේය. ඒ කාලයෙහි විසීය.
තත්ර භගවාති තත්ර විහරන්තො භගවා යෙභුය්යෙන දසහි චක්කවාළසහස්සෙහි සන්නිපතිතාහි දෙවතාහි පරිවුතො මාතරං කායසක්ඛිං කත්වා අභිධම්මපිටකං කථෙන්තො ගම්භීරං නිපුණං තිලක්ඛණාහතං රූපාරූපපරිච්ඡෙදකථං පටිවිජ්ඣිතුං අසක්කොන්තානං දෙවානං සංවෙගජනනත්ථං අන්තරන්තරා භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසි. තත්රායං දෙවපුත්තො උග්ගණ්හන්තො ඉමා ගාථා සද්ධිං විභඞ්ගෙන උග්ගණ්හි, දෙවත්තස්ස පන පමාදාධිට්ඨානත්තා දිබ්බෙහි ආරම්මණෙහි නිප්පීළියමානො අනුපුබ්බෙන සුත්තං සම්මුට්ඨො ගාථාමත්තමෙව ධාරෙසි. තෙනාහ “එවං ඛො අහං භික්ඛු ධාරෙමි භද්දෙකරත්තියො ගාථා”ති.
තත්ර භගවාති බුදුරදුන් එහි වන්නේ. බොහෝ සෙයින් දස දහසක් සක්වළින් රැස් වූ දෙවියන් විසින් පිරිවරණ ලද්දේ මව කාය සාක්ෂිකොට අභිධර්ම පිටකය දේශනා කරන්නේ ගැඹුරු වූ සියුම් වූ ත්රිලක්ෂණ සහිත වූ රූපාරූප පරිච්ඡේද කථාව අවබෝධ කරන්නට නොහැකි වූ දෙවියන්ට සංවේග ඉපදවීම පිණිස අතරතුර භද්දේකරත්තයෙහි උද්දේශය ද විභංගය ද දේශනා කළේය. එහි මේ දෙව්පුත් තෙමේ ඉගෙන ගන්නේ මේ ගාථා සමඟ විභංගය ඉගෙන ගත්තේය. දිව්‍ය පුත්‍රයා වනාහි ප්‍රමාද අධිෂ්ඨාන හෙයින් දිව්‍ය අරමුණු වලින් මඩිනු ලබන්නේ පිළිවෙළින් සුත්‍රය මුළා වූයේ ගාථා පමණක් දැරීය. එහෙයින් කීය. එවං ඛො අහං භික්ඛු ධාරෙමි හද්දෙකරත්තියො ගාථාති
උග්ගණ්හාහි ත්වන්තිආදීසු තුණ්හීභූතො නිසීදිත්වා සුණන්තො උග්ගණ්හාති නාම, වාචාය සජ්ඣායං කරොන්තො පරියාපුණාති නාම, අඤ්ඤෙසං වාචෙන්තො ධාරෙති නාම. සෙසමෙත්ථ උත්තානමෙවාති.
උග්ගණ්හාහි ත්වන්ති ආදියෙහි නිශ්ශබ්දව හිඳගෙන අසමින් ඉගෙන ගනියි. වචනයෙන් සජ්ඣායනා කරන්නේ ඉගෙන ගත්තේ නමි. අනුන්ට කියවන්නේ දරයි නමි. ඉතිරිය ආනන්ද භද්දේකරත්තය හා සමානය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ලොමසකඞ්ගියභද්දෙකරත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
ලොමසකංගියහද්දේකරත්ත සූත්‍ර වර්ණනාව නිමි.