යෙදුමෙන් කියවන්න

දෙවදූත සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

දෙවදූත සුත‍්තවණ‍්ණනා

දෙවදූත සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති දෙවදූතසුත‍්තං. තත්‍ථ ද‍්වෙ අගාරාතිආදි අස‍්සපුරසුත‍්තෙ විත්‍ථාරිතමෙව.

එවම්මෙසුතන්ති මා විසින් දේවදූත සූත්‍රය මෙසේ අසන ලදි. එහි ද්වෙ අගාරාති යනාදිය අස්සපුර සූත්‍රයෙහි විස්තර කරන ලදි.

නිරයං උපපන‍්නාති භගවා කත්‍ථචි නිරයතො පට‍්ඨාය දෙසනං දෙවලොකෙන ඔසාපෙති, කත්‍ථචි දෙවලොකතො පට‍්ඨාය නිරයෙන ඔසාපෙති. සචෙ සග‍්ගසම‍්පත‍්තිං විත්‍ථාරෙත්‍වා කථෙතුකාමො හොති, නිරයදුක‍්ඛං එකදෙසතො කථෙති, තිරච‍්ඡානයොනිදුක‍්ඛං පෙත‍්තිවිසයදුක‍්ඛං මනුස‍්සලොකසම‍්පත‍්තිං එකදෙසතො කථෙති, සග‍්ගසම‍්පත‍්තිමෙව විත්‍ථාරෙති. සචෙ නිරයදුක‍්ඛං විත්‍ථාරෙත්‍වා කථෙතුකාමො හොති, දෙවලොකමනුස‍්සලොකෙසු සම‍්පත‍්තිං තිරච‍්ඡානයොනිපෙත‍්තිවිසයෙසු ච දුක‍්ඛං එකදෙසතො කථෙති, නිරයදුක‍්ඛමෙව විත්‍ථාරෙති. සො ඉමස‍්මිං සුත‍්තෙ නිරයදුක‍්ඛං විත්‍ථාරෙතුකාමො, තස‍්මා දෙවලොකතො පට‍්ඨාය දෙසනං නිරයෙන ඔසාපෙති. දෙවලොකමනුස‍්සලොකසම‍්පත‍්තියො තිරච‍්ඡානයොනිපෙත‍්තිවිසයදුක‍්ඛානි ච එකදෙසතො කථෙත්‍වා නිරයදුක‍්ඛමෙව විත්‍ථාරෙන කථෙතුං තමෙනං, භික‍්ඛවෙ, නිරයපාලාතිආදිමාහ.

නිරයං උපපන්නාති බුදුරදුන් කිසිතැනෙක දේශනාව නරකයෙන් පටන් ගෙන දෙලොවින් අවසන් කරත්. කිසියම් තැනක දෙව්ලොවින් පටන්ගෙන නරකයෙන් අවසන් කරයි. ඉදින් ස්වර්ග සම්පත්තිය විස්තර කොට කියන්නට කැමැති වෙති. නරකයෙහි දුක එක් දේශයකින් කියත්. තිරිසන් යෝනි දුක ප්‍රේත විෂය දුක මිනිස්ලොව සැපත එක් දේශයකින් කියත්. ස්වර්ග සැපත ම විස්තර කරත්. ඉදින් නරකයෙහි දුක විස්තර කොට කියන්නට කැමති වෙත් ද දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්‍රේත විෂයන්හි දුක ද එක් දේශයකින් කියත්. නරකයෙහි දුක ම විස්තර කරත්. උන්වහන්සේ මේ සූත්‍රයෙහි නරකයෙහි දුක විස්තර කරනු කැමැත්තේ එහෙයින් දෙව්ලොවින් පටන්ගෙන දේශනාව නරකයෙන් අවසන් කරත්. දිව්‍යලෝක මනුෂ්‍යලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්‍රේතවිෂයන්හි දුක ද එක් දේශයකින් කියා නරකයෙහි දුක ම විස්තර කරන්නට තමෙනං භික්ඛවෙ නිරයපාලාති යනාදිය කීහ.

තත්‍ථ එකච‍්චෙ ථෙරා “නිරයපාලා නාම නත්‍ථි, යන‍්තරූපං විය කම‍්මමෙව කාරණං කාරෙතී”ති වදන‍්ති. තෙසං තං “අත්‍ථි නිරයෙ නිරයපාලාති, ආමන‍්තා, අත්‍ථි ච කාරණිකා”තිආදිනා නයෙන අභිධම‍්මෙ (කථා· 866) පටිසෙධිතමෙව. යථා හි මනුස‍්සලොකෙ කම‍්මකාරණකාරකා අත්‍ථි, එවමෙව නිරයෙ නිරයපාලා අත්‍ථීති. යමස‍්ස රඤ‍්ඤොති යමරාජා නාම වෙමානිකපෙතරාජා, එකස‍්මිං කාලෙ දිබ‍්බවිමානෙ දිබ‍්බකප‍්පරුක‍්ඛදිබ‍්බඋය්‍යානදිබ‍්බනාටකාදිසම‍්පත‍්තිං අනුභවති, එකස‍්මිං කාලෙ කම‍්මවිපාකං, ධම‍්මිකො රාජා. න චෙස එකොව හොති, චතූසු පන ද‍්වාරෙසු චත‍්තාරො ජනා හොන‍්ති. නාද‍්දසන‍්ති අත‍්තනො සන‍්තිකෙ පෙසිතස‍්ස කස‍්සචි දෙවදූතස‍්ස අභාවං සන්‍ධාය එවං වදති. අථ නං යමො “නායං භාසිතස‍්ස අත්‍ථං සල‍්ලක‍්ඛෙතී”ති ඤත්‍වා සල‍්ලක‍්ඛාපෙතුකාමො අම‍්භොතිආදිමාහ.

එහි සමහර තෙරවරු නිරය පාලයෝ නම් නැත. යන්ත්‍රරූපමව කර්ම කාරණය ම කරන්නේ යැයි කියත්. එය “නරකයෙහි නිරයපාලයෝ සිටිත් ද? එසේය: යන්ත්‍රරූපම කරන කටයුතු කරන්නෝ ඇත. යනාදී ක්‍රමයෙන් අභිධර්මයෙහි නිරය පාලයන් නැත යන්න වළකන ලද්දේම ය. යම්සේ මනුෂ්‍ය ලෝකයෙහි කරවන්නෝ ඇත් ද එසේම නරකයෙහි නිරයපාලයෝ ඇත. යමස්ස රඤ්ඤොති යමරජ දිව්‍යනාට්‍යංගනා ආදී සැප අනුභව කරයි. එක් කලෙක කර්ම විපාක සැප අනුභව කරයි. මොහු ධාර්මික රජකෙනෙක් නො වෙයි. දොරටු හතරේ ජනයෝ හතර දෙනෙක් වෙත්. නාද්දසන්ති තමා සමීපයෙන් යවන ලද කිසි දේවදූතයෙකුගේ අභාවය සඳහා මෙසේ කියයි. එකල යමරජ විසින් කියන ලද අර්ථය නොසැළකේ යැයි දැන හඟවනු කැමැත්තේ අම්හොති යනාදිය කීය.

ජාතිධම‍්මොති ජාතිසභාවො, අපරිමුත‍්තො ජාතියා, ජාති නාම මය‍්හං අබ‍්භන‍්තරෙයෙව අත්‍ථීති. පරතො ජරාධම‍්මොතිආදීසුපි එසෙව නයො.

ජාතිධම්මොති ඉපදීම් ස්වභාවයයි. ඉපදීමෙන් නොමිදුනෙමි. ඉපදීම නම් මාගේ ඇතුළත පවතියි. අනෙක් ජරාධම්මොති යනාදිය ද මේ ක්‍රමයයි.

පඨමං දෙවදූතං සමනුයුඤ‍්ජිත්‍වාති එත්‍ථ දහරකුමාරො අත්‍ථතො එවං වදති නාම “පස‍්සථ, භො, මය‍්හම‍්පි තුම‍්හාකං විය හත්‍ථපාදා අත්‍ථි, සකෙ පනම‍්හි මුත‍්තකරීසෙ පලිපන‍්නො, අත‍්තනො ධම‍්මතාය උට‍්ඨහිත්‍වා න‍්හායිතුං න සක‍්කොමි, අහං කිලිට‍්ඨගත‍්තොම‍්හි, න‍්හාපෙථ මන‍්ති වත‍්තුම‍්පි න සක‍්කොමි, ජාතිතොම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි ජාතිතො අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි ජාති ආගමිස‍්සති, ඉති තස‍්සා පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙස දෙවදූතො නාම ජාතො, වචනත්‍ථො පන මඝදෙවසුත‍්තෙ වුත‍්තොව.

පඨමං දෙවදූතං සමනුඤ්ජිත්‍වාති මෙහි ළදරු කුමරුවා අර්ථ වශයෙන් මෙසේ කියයි. පින්වත්නි, බලව්, මට ද තොපට මෙන් අත් පා ඇත. ස්වකීය මළමූත්‍රයෙහි ගැළුනෙමි. තමන්ගේ ශක්තියෙන් නැගිට නාන්නට නො හැක්කෙමි. මම කිළිටි වෙමි. මා නාවන්න යැයි කියන්නට ද නො හැක්කෙමි. ඉපදීමෙන් නො මිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ඉපදීමෙන් නො මිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ඉපදීම එන්නේ ය. එහෙයින් ඉපදීම එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි. වචනයෙහි අර්ථය මඛාදේව සූත්‍රයෙහි කියන ලද්දේය.

දුතියං දෙවදූතන‍්ති එත්‍ථාපි ජරාජිණ‍්ණසත‍්තො අත්‍ථතො එවං වදති නාම – “පස‍්සථ, භො, අහම‍්පි තුම‍්හෙ විය තරුණො අහොසිං ඌරුබලබාහුබලජවනසම‍්පන‍්නො, තස‍්ස මෙ තා බලජවනසම‍්පත‍්තියො අන‍්තරහිතා, විජ‍්ජමානාපි මෙ හත්‍ථපාදා හත්‍ථපාදකිච‍්චං න කරොන‍්ති, ජරායම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි ජරාය අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි ජරා ආගමිස‍්සති, ඉති තස‍්සා පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙස දෙවදූතො නාම ජාතො.

දුතියං දෙවදූතන්ති මෙහි ද මහළු දිරුණු සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව්, මම ද නුඹලා මෙන් තරුණ වූයෙමි. කලවා අත් බාහු ජවයෙන් පිරුණේය. ඒ මාගේ ශක්තිය අතුරුදහන් විය. අත් පා තිබුණත් වැඩ නොකරත්. ජරාවෙන් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ජරාවෙන් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ජරාව එන්නේ ය. එහෙයින් ජරාව එන්නට පෙර කුසල් කරව් එහෙයින් මේ දේවදූතයා වෙයි.

තතියං දෙවදූතන‍්ති එත්‍ථාපි ගිලානසත‍්තො අත්‍ථතො එව වදති නාම – “පස‍්සථ, භො, අහම‍්පි තුම‍්හෙ විය නිරොගො අහොසිං, සොම‍්හි එතරහි බ්‍යාධිනා අභිහතො සකෙ මුත‍්තකරීසෙ පලිපන‍්නො, උට‍්ඨාතුම‍්පි න සක‍්කොමි, විජ‍්ජමානාපි මෙ හත්‍ථපාදා හත්‍ථපාදකිච‍්චං න කරොන‍්ති, බ්‍යාධිතොම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි බ්‍යාධිතො අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකං බ්‍යාධි ආගමිස‍්සති, ඉති තස‍්ස පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙස දෙවදූතො නාම ජාතො.

තතියං දෙවදූතන්ති මෙහි ද ලෙඩ ඇති සත්ත්වයා යන අර්ථයෙන් මෙසේ කියන්නේ වෙයි. පින්වත්නි, බලව මම ද නුඹලා මෙන් නිරෝගී වූයෙමි. ඒ මම දැන් ලෙඩෙන් මඩනා ලදුව සිය මළමුත්‍රයෙහි ඇලුණේ නැගිටින්න ද නොහැක්කෙමි. අත් පා තිබුණත් වැඩ නොකරත්. ලෙඩින් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද ලෙඩින් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද ලෙඩ එන්නේය. එහෙයින් ලෙඩ එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි.

චතුත්‍ථං දෙවදූතන‍්ති එත්‍ථ පන කම‍්මකාරණා වා දෙවදූතාති කාතබ‍්බා කම‍්මකාරණිකා වා. තත්‍ථ පන කම‍්මකාරණපක‍්ඛෙ බාත‍්තිංස තාව කම‍්මකාරණා අත්‍ථතො එවං වදන‍්ති නාම – “මයං නිබ‍්බත‍්තමානා න රුක‍්ඛෙ වා පාසාණෙ වා නිබ‍්බත‍්තාම, තුම‍්හාදිසානං සරීරෙ නිබ‍්බත‍්තාම, ඉති අම‍්හාකං පුරෙ නිබ‍්බත‍්තිතොව කල්‍යාණං කරොථා”ති. තෙනෙතෙ දෙවදූතා නාම ජාතා. කම‍්මකාරණිකාපි අත්‍ථතො එවං වදන‍්ති නාම – “මයං ද‍්වත‍්තිංස කම‍්මකාරණා කරොන‍්තා න රුක‍්ඛාදීසු කරොම, තුම‍්හාදිසෙසු සත‍්තෙසුයෙව කරොම, ඉති අම‍්හාකං තුම‍්හෙසු පුරෙ කම‍්මකාරණාකරණතොව කල්‍යාණං කරොථා”ති. තෙනෙතෙපි දෙවදූතා නාම ජාතා.

චතුත්‍ථං දේවදූතං මෙහි කර්ම කිරීම හෝ කරවීම දේවදුතයයි. එහි කර්ම කරන පක්‍ෂයෙහි තිස්දෙකක් ඒ තාක් කර්ම කාරණා, අර්ථයෙන් මෙසේ කියත්. අපි උපන්නාහු ගසක හෝ ගලක හෝ නූපන්නෙමු. නුඹලා වැනි අයගේ ශරීරයේ උපන්නෙමු. මෙසේ අපේ ඉපදීමට පෙර පින් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි. කර්ම කරන්නා ද අර්ථයෙන් මෙසේ කියත්. අපි තිස්දෙකක් කර්ම කාරණා කරන්නෝ ගස් ආදියෙහි නොකරමු. නුඹලා වැනි සතුන් අතරෙහි ම කරමු. එහෙයින් අපේ කර්ම කිරීමට පළමුව නුඹලා කුසල් කරව්. එහෙයින් ඔහු ද දේවදුතයා නමි.

පඤ‍්චමං දෙවදූතන‍්ති එත්‍ථ මතකසත‍්තො අත්‍ථතො එවං වදති නාම – “පස‍්සථ භො මං ආමකසුසානෙ ඡඩ‍්ඩිතං උද‍්ධුමාතකාදිභාවං පත‍්තං, මරණතොම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි මරණතො අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි මරණං ආගමිස‍්සති, ඉති තස‍්ස පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙස දෙවදූතො නාම ජාතො.

පඤ්චමං දෙවදූතන්ති එහි මළ සත්ත්වයා අර්ථයෙන් මෙසේ කියයි. පින්වත්නි, මා බලව්. අමු සොහොනෙහි දැමීමට ඉදිමුම් ආදියට පැමිණියාහුය. මරණයෙන් නොමිදුණු හෙයින් මෙසේ වීමි. මා පමණක් නොව තොපි ද මරණයෙන් නොමිදුණාහුය. මට යම්සේ ද එසේම නුඹලාට ද මරණය එන්නේ ය. එහෙයින් මරණය එන්නට පෙර කුසල් කරව්. එහෙයින් මේ දේවදූතයා වෙයි.

ඉමං පන දෙවදූතානුයොගං කො ලභති, කො න ලභතීති? යෙන තාව බහුං පාපං කතං, සො ගන‍්ත්‍වා නිරයෙ නිබ‍්බත‍්තතියෙව. යෙන පන පරිත‍්තං පාපකම‍්මං කතං, සො ලභති. යථා හි සභණ‍්ඩං චොරං ගහෙත්‍වා කත‍්තබ‍්බමෙව කරොන‍්ති, න විනිච‍්ඡිනන‍්ති. අනුවිජ‍්ජිත්‍වා ගහිතං පන විනිච‍්ඡයට‍්ඨානං නයන‍්ති, සො විනිච‍්ඡයං ලභති. එවංසම‍්පදමෙතං. පරිත‍්තපාපකම‍්මා හි අත‍්තනො ධම‍්මතායපි සරන‍්ති, සාරියමානාපි සරන‍්ති.

මේ දේවදූතානුයෝගය කවරෙක් ලබා ද කවරෙක් නොලබා ද යමෙක් බොහෝ පාපයන් කරන ලද ද හෙතෙම ගොස් නරකයෙහි උපදියි. යමෙක් පාපයන් ටිකක් කරන ලද්දේ ද හෙතෙම ලබයි. යම් සේ බඩු සහිත සොරා ගෙන කළ යුත්ත ම කරත්. හෙතෙම විනිශ්චය ලබයි. මෙසේ මේ උපමාවයි. ඉතිරි කර්මය තමන්ගේ ස්වභාවයෙන් ම සිහි කරත්. සිහි කරවන්නාහු ද සිහි කරත්.

තත්‍ථ දීඝජයන‍්තදමිළො නාම අත‍්තනො ධම‍්මතාය සරි. සො කිර දමිළො සුමනගිරිවිහාරෙ ආකාසචෙතියං රත‍්තපටෙන පූජෙසි. අථ නිරයෙ උස‍්සදසාමන‍්තෙ නිබ‍්බත‍්තො අග‍්ගිජාලසද‍්දං සුත්‍වාව අත‍්තනො පූජිතපටං අනුස‍්සරි, සො ගන‍්ත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො. අපරොපි පුත‍්තස‍්ස දහරභික‍්ඛුනො ඛලිසාටකං දෙන‍්තො පාදමූලෙ ඨපෙසි, මරණකාලම‍්හි පටපටාති සද‍්දෙ නිමිත‍්තං ගණ‍්හි, සොපි උස‍්සදසාමන‍්තෙ නිබ‍්බත‍්තො ජාලසද‍්දෙන තං සාටකං අනුස‍්සරිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො. එවං තාව අත‍්තනො ධම‍්මතාය කුසලං කම‍්මං සරිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තතීති.

එහි දී දීඝ ජයන්ත දෙමළ තෙමේ තමාගේ ස්වභාවයෙන් ම සිහි කළේය. ඒ දෙමළ තෙමේ සුමනගිරි වෙහෙර අහස් චෛත්‍යය රතු වස්ත්‍රයෙන් පිදීය. එකල නරකයෙහි උස්සදයට සමීපයෙහි උපන්නේ ගිනි දැල්වල ශබ්දය අසා තමා පුදන ලද වස්ත්‍රය සිහි කළේය. ඔහු ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවත් අයෙක් ද තරුණ භික්‍ෂුවකට බලි වස්ත්‍රයක් දෙන්නේ පාමුල තැබීය. තබන කාලයෙහි ම නිමිත්ත ගත්තේය. ඒ තෙමේ ද උස්සද සමීපයෙහි උපන්නේ ගිනිදැල් ශබ්දයෙන් ඒ සළුව සිහිකොට ස්වර්ගයෙහි උපන්නේය.

අත‍්තනො ධම‍්මතාය අසරන‍්තෙ පන පඤ‍්ච දෙවදූතෙ පුච‍්ඡති. තත්‍ථ කොචි පඨමෙන දෙවදූතෙන සරති, කොචි දුතියාදීහි. යො පන පඤ‍්චහිපි න සරති, තං යමො රාජා සයං සාරෙති. එකො කිර අමච‍්චො සුමනපුප‍්ඵකුම‍්භෙන මහාචෙතියං පූජෙත්‍වා යමස‍්ස පත‍්තිං අදාසි, තං අකුසලකම‍්මෙන නිරයෙ නිබ‍්බත‍්තං යමස‍්ස සන‍්තිකං නයිංසු. තස‍්මිං පඤ‍්චහිපි දෙවදූතෙහි කුසලෙ අසරන‍්තෙ යමො සයං ඔලොකෙන‍්තො දිස‍්වා – “නනු ත්‍වං මහාචෙතියං සුමනපුප‍්ඵකුම‍්භෙන පූජෙත්‍වා මය‍්හං පත‍්තිං අදාසී”ති සාරෙසි, සො තස‍්මිං කාලෙ සරිත්‍වා දෙවලොකං ගතො. යමො පන සයං ඔලොකෙත්‍වාපි අපස‍්සන‍්තො – “මහාදුක‍්ඛං නාම අනුභවිස‍්සති අයං සත‍්තො”ති තුණ‍්හී හොති.

තමන්ගේ ස්වභාවයෙන් සිහි නොවන විට දේවදූත පස්දෙනාගෙන් විචාරයි. එහි කිසිවෙක් පළමු දේවදූතයාගෙන් සිහි කරයි. කිසිවෙක් දෙවන දේවදූතයා ආදීන්ගෙන් සිහි කරයි. යමෙක් පස් දෙනාගෙනුත් සිහි නො කරයි නම් යමරජු විසින් තෙමේම සිහි කරයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියකින් මහසෑය පුදා යමරජුට පින් දුන්නේය. අකුසල කර්මයකින් නරකයෙහි උපන් ඔහු යමරජු සමීපයට පැමිණවූහ. ඔහු දේවදූතයන් පස් දෙනාගෙනුත් කුසල කර්මයක් සිහි නොකරන කල්හි යමරජු තෙමේම බලන්නේ නුඹ සමන්මල් සැළියකින් මහසෑය පූජා කොට මට පින් දුන්නෙහි නොවේදැයි සිහි කරවූයේය. ඔහු ඒ කාලයෙහි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජු තෙමේම බලා නොදකින්නේ නම් මේ සත්ව තෙමේ මහා දුක් විඳින්නේ යැයි නිශ්ශබ්ද වෙයි.

මහානිරයෙති අවීචිමහානිරයම‍්හි. කිං පනස‍්ස පමාණං? අබ‍්භන‍්තරං ආයාමෙන ච විත්‍ථාරෙන ච යොජනසතං හොති. ලොහපථවී ලොහඡදනං එකෙකා ච භිත‍්ති නවනවයොජනිකා හොති. පුරත්‍ථිමාය භිත‍්තියා අච‍්චි උට‍්ඨිතා පච‍්ඡිමං භිත‍්තිං ගහෙත්‍වා තං විනිවිජ‍්ඣිත්‍වා පරතො යොජනසතං ගච‍්ඡති. සෙසදිසාසුපි එසෙව නයො. ඉති ජාලපරියන‍්තවසෙන ආයාමවිත්‍ථාරතො අට‍්ඨාරසයොජනාධිකානි තීණි යොජනසතානි, පරික‍්ඛෙපතො පන නවයොජනසතානි චතුපණ‍්ණාසයොජනානි, සමන‍්තා පන උස‍්සදෙහි සද‍්ධිං දසයොජනසහස‍්සං හොති.

මහානිරයෙහි අවීචි මහා නරකයෙහි එහි ප්‍රමාණය කෙතෙක් ද? ඇතුළත දිගින් පළලින් යොදුන් සියයකි. ලෝහ පොළවය. ලෝහ පියැසිය. එක් එක් බිත්තිය නව නව යොදුන්ය. නැගෙනහිර බිත්තියෙන් නැගි ගිනි දැල්ල බස්නාහිර බිත්තිය ගෙන එය විදගෙන ඈතින් යොදුන් සියයක් යයි. සෙසු දිශාවන්හි ද මේ ක්‍රමයයි. මෙසේ ගිනි ජාලාවන්ගේ අවසාන වශයෙන් දිගට පැතිරීමෙන් දහ අට යොදුන් අධික කොට ඇති යොදුන් තුන්සියකි. යොදුනක වටින් යොදුන් නව සියයක් ද පණස් හතර යොදුනක් ද වෙත්. හාත්පස උස්සද සමඟ යොදුන් දහ දාහක් වෙයි.

උබ‍්භතං තාදිසමෙව හොතීති එත්‍ථ අක‍්කන‍්තපදං යාව අට‍්ඨිතො දළ‍්හං උද‍්ධරිතුමෙව න සක‍්කා. අයං පනෙත්‍ථ අත්‍ථො – හෙට‍්ඨතො පට‍්ඨාය ඩය‍්හති, උපරිතො පට‍්ඨාය ඣායති, ඉති අක‍්කමනකාලෙ ඩය‍්හමානං පඤ‍්ඤායති, උද‍්ධරණකාලෙ තාදිසමෙව, තස‍්මා එවං වුත‍්තං. බහුසම‍්පත‍්තොති බහූනි වස‍්සසතවස‍්සසහස‍්සානි සම‍්පත‍්තො.

උබ්භතං තාදිසමෙව හොතීති මෙහි පාගන ලද පාදය ඇට දක්වා දන ලද්දේ උගුලන්නට නොහැක. මෙහි මේ තේරුමයි. යට පටන් දැවෙයි. උඩ පටන් දැවෙයි. මෙසේ පාලන කාලයෙහි දැවෙනු ලබන්නේ පෙනෙයි. උගුලන ලද කාලයෙහි ද එසේමය. එහෙයින් මෙසේ කියන ලදි. බහුසම්පත්තොති බොහෝ අවුරුදු ලක්‍ෂ ගණන් ඉක්ම ගියේය.

කස‍්මා පනෙස නරකො අවීචීති සඞ‍්ඛං ගතොති. වීචි නාම අන‍්තරං වුච‍්චති, තත්‍ථ ච අග‍්ගිජාලානං වා සත‍්තානං වා දුක‍්ඛස‍්ස වා අන‍්තරං නත්‍ථි. තස‍්මා සො අවීචීති සඞ‍්ඛං ගතොති. තස‍්ස හි පුරත්‍ථිමභිත‍්තිතො ජාලා උට‍්ඨිතා සංසිබ‍්බමානා යොජනසතං ගන‍්ත්‍වා පච‍්ඡිමභිත‍්තිං විනිවිජ‍්ඣිත්‍වා පරතො යොජනසතං ගච‍්ඡති. සෙසදිසාසුපි එසෙව නයො.

කුමක් හෙයින් මේ නරකය අවීචිය යැයි නමට ගියේ ද ? වීචි නම් අතර යැයි කියයි. ගිනි දැල්වල හෝ සත්වයන්ගේ හෝ දුකෙහි හෝ අතරක් නැත. එහෙයින් එය අවීචිය යන නමට ගියේය. එහි නැගෙනහිර බිත්තියෙහි ගිනිදැල් නැග මසන්නාක් මෙන් යොදුන් සියයක් ගොස් බස්නාහිර බිත්තිය විද එතරින් යොදුන් සියයක් යයි. සෙසු දිශාවන්හි ද මේ ක්‍රමයයි.

ඉමෙසං ඡන‍්නං ජාලානං මජ‍්ඣෙ නිබ‍්බත‍්තො දෙවදත‍්තො, තස‍්ස යොජනසතප‍්පමාණො අත‍්තභාවො, ද‍්වෙ පාදා යාව ගොප‍්ඵකා ලොහපථවිං පවිට‍්ඨා, ද‍්වෙ හත්‍ථා යාව මණිබන්‍ධා ලොහභිත‍්තියො පවිට‍්ඨා, සීසං යාව භමුකට‍්ඨිතො ලොහඡදනෙ පවිට‍්ඨං, අධොභාගෙන එකං ලොහසූලං පවිසිත්‍වා කායං විනිවිජ‍්ඣන‍්තං ඡදනෙ පවිට‍්ඨං, පාචීනභිත‍්තිතො නික‍්ඛන‍්තසූලං හදයං විනිවිජ‍්ඣිත්‍වා පච‍්ඡිමභිත‍්තිං පවිට‍්ඨං, උත‍්තරභිත‍්තිතො නික‍්ඛන‍්තසූලං ඵාසුකා විනිවිජ‍්ඣිත්‍වා දක‍්ඛිණභිත‍්තිං පවිට‍්ඨං. නිච‍්චලෙ තථාගතම‍්හි අපරද‍්ධත‍්තා නිච‍්චලොව හුත්‍වා පච‍්චතීති කම‍්මසරික‍්ඛතාය එදිසො ජාතො. එවං ජාලානං නිරන‍්තරතාය අවීචි නාම.

මේ ගිනිජාලා හයක් මැද උපන් දේවදත්ත තෙමේ ඔහුගේ යොදුන් සියයක් පමණ ආත්ම භාවයයි. පාදක වළලුකර තෙක් ලෝහ පොළොවෙහි පිවිසියේය. අත්දෙක මැණික් කටුව තෙක් ලෝහ බිත්තියෙහි පිවිසියේය. හිස ඇස් බැම දෙක තෙක් ලෝහ පියැස්සෙහි පිවිසියේය. අධෝමාර්ගයෙන් එක් ලෝහ හුලක් පිවිස ශරීරය විනිවිද ගොස් පියැස්සෙහි වැදුණේය. නැගෙනහිර බිත්තියෙන් නික්මුණු හුල හෘදය විනිවිද ගොස් බස්නාහිර බිත්තියේ වැදුණේය. උතුරු බිත්තියෙන් වැදුණු හුල ඉල ඇට විනිවිද ගොස් දකුණු බිත්තියේ වැදුණේය. නිශ්චල වූ බුදුරදුන් කෙරෙහි කිපුණු බැවින් නිශ්චලව පැසෙවයි කර්මයට සමාන බැවින් මෙබඳු වූයේය. මෙසේ ජාලාවන්ගේ නිතර පැවැති හෙයින් අවීචි නම් වේ.

අබ‍්භන‍්තරෙ පනස‍්ස යොජනසතිකෙ ඨානෙ නාළියං කොට‍්ටෙත්‍වා පූරිතපිට‍්ඨං විය සත‍්තා නිරන‍්තරා, “ඉමස‍්මිං ඨානෙ සත‍්තො අත්‍ථි, ඉමස‍්මිං නත්‍ථී”ති න වත‍්තබ‍්බං, ගච‍්ඡන‍්තානං ඨිතානං නිසින‍්නානං නිපන‍්නානං අන‍්තො නත්‍ථි, ගච‍්ඡන‍්තෙ වා ඨිතෙ වා නිසින‍්නෙ වා නිපන‍්නෙ වා අඤ‍්ඤමඤ‍්ඤං න බාධන‍්ති. එවං සත‍්තානං නිරන‍්තරතාය අවීචි.

එහි ඇතුළත යොදුන් සියයක් ගිය තැන සැළියෙහි කොටා පුරවන ලද ඊයම් පිටි මෙන් සත්වයන්ගේ අතරක් නැත. මේ ස්ථානයේ සත්වයෙක් ඇත. මේ ස්ථානයේ සත්වයෙක් නැතැයි නොකිව යුතුයි යන සිටින හිඳින සැතපෙන පැසෙන මොවුන්ගේ කෙළවරක් නැත යන කල්හි ද සිටින කල්හි ද හිඳින කල්හි ද සැතපෙන කල්හි ද පැසෙන කල්හි ද ඔවුනොවුන් බාධා නොකරති. මෙසේ සත්වයන්ගේ නිරන්තර බැවින් අවීචි නම් වේ.

කායද‍්වාරෙ පන ඡ උපෙක‍්ඛාසහගතානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති, එකං දුක‍්ඛසහගතං. එවං සන‍්තෙපි යථා ජිව‍්හග‍්ගෙ ඡ මධුබින්‍දූනි ඨපෙත්‍වා එකස‍්මිං තම‍්බලොහබින්‍දුම‍්හි ඨපිතෙ අනුදහනබලවතාය තදෙව පඤ‍්ඤායති, ඉතරානි අබ‍්බොහාරිකානි හොන‍්ති, එවං අනුදහනබලවතාය දුක‍්ඛමෙවෙත්‍ථ නිරන‍්තරං, ඉතරානි අබ‍්බොහාරිකානීති. එවං දුක‍්ඛස‍්ස නිරන‍්තරතාය අවීචි.

කායද්වාරයෙහි උපේක්‍ෂා සහගත සිත් භය උපදිත්. එකක් දුක් සහගතය. මෙසේ ඇති කල්හි යම් සේ දිව අග මී පැණි බින්දුවක් තබා එක තඹ ලෝහ බින්දුවක් තැබූ කල්හි දැවීම බලවත් හෙයින් එයම පෙනෙයි. අනෙක් ඒවා ගණන් නොගත යුතු ඒවා වෙත්. මෙසේ දැවීමේ බලවත් බැවින් මෙහි දුක ම නිරතුරුය. අනෙක් ඒවා ගණන් නොගත යුතු ඒවා යැයි මෙසේ දුකෙහි අතරක් නැති හෙයින් අවීචි නම් වේ.

මහන‍්තොති යොජනසතිකො. සො තත්‍ථ පතතීති එකො පාදො මහානිරයෙ හොති, එකො ගූථනිරයෙ නිපතති. සූචිමුඛාති සූචිසදිසමුඛා, තෙ හත්‍ථිගීවප‍්පමාණා එකදොණිකනාවාප‍්පමාණා වා හොන‍්ති.

මහන්තොති යොදුන් සියයක හෙතෙම එහි වැටෙනුයේ එක් පාදයක් මහා නරකයෙහි වෙයි. එකක් ගූථ නරකයෙහි වැටෙයි. සුචිමුඛාති ඉදිකටු හා සමාන මුඛය. ඔවුහු ඇතුන්ගේ බෙල්ල ප්‍රමාණය. එක් දෝණයක නැවක් පමණ හෝ වෙත්.

කුක‍්කුලනිරයොති යොජනසතප‍්පමාණොව අන‍්තො කූටාගාරමත‍්තවිතච‍්චිතඅඞ‍්ගාරපුණ‍්ණො ආදිත‍්තඡාරිකනිරයො, යත්‍ථ පතිතපතිතා කුද්‍රූසකරාසිම‍්හි ඛිත‍්තඵාලවාසිසිලාදීනි විය හෙට‍්ඨිමතලමෙව ගණ‍්හන‍්ති.

කුක්කුලනිරයොති යොදුන් සියයක් පමණය. ඇතුළත කුළුගෙවල් පමණ අඟුරු පිරුණු ගිනිගෙන දිලිසෙන අළු නරකයයි. යම් තැනක වැටුණු වැටුණු සත්වයෝ කුරක්කන් ගොඩක් මතුයෙහි දවන ලද වෑතල ආදිය මෙන් යට කොටස ම ගනිත්.

ආරොපෙන‍්තීති අයදණ‍්ඩෙහි පොථෙන‍්තා ආරොපෙන‍්ති. තෙසං ආරොහනකාලෙ තෙ කණ‍්ටකා අධොමුඛා හොන‍්ති, ඔරොහනකාලෙ උද‍්ධංමුඛා.

ආරොපෙන්තීති යකඩ පොලුවලින් ගසන්නාහු නංවත්. ඔවුන් නංවන කාලයෙහි ඒ කටු යටිකුරු වෙත්. බසින කල උඩුකුරු වෙත්.

වාතෙරිතානීති කම‍්මමයෙන වාතෙන චලිතානි. හත්‍ථම‍්පි ඡින්‍දන‍්තීති ඵලකෙ මංසං විය කොට‍්ටයමානානි ඡින්‍දන‍්ති. සචෙ උට‍්ඨාය පලායති, අයොපාකාරො සමුට‍්ඨහිත්‍වා පරික‍්ඛිපති, හෙට‍්ඨා ඛුරධාරා සමුට‍්ඨාති.

වාරිතානීති කර්මයෙන් හටගත් සුළගින් සෙලවෙත්. හත්‍ථම්පි ඡින්‍දතීති ලෑල්ලෙහි මස් මෙන් කොටමින් ම සිඳිත්. ඉදින් නැගිට පැන යයි ද යකඩ පවුරෙහි හැපී වැටෙයි. යට දැලිපිහියා පිහිටයි.

ඛාරොදකා නදීති වෙතරණී නාම තම‍්බලොහනදී. තත්‍ථ අයොමයානි ඛරවාලික-පොක‍්ඛරපත‍්තානි, හෙට‍්ඨා ඛුරධාරා උභොසු තීරෙසු වෙත‍්තලතා ච කුසතිණානි ච. සො තත්‍ථ දුක‍්ඛා තිබ‍්බා ඛරාති සො තත්‍ථ උද‍්ධඤ‍්ච අධො ච වුය‍්හමානො පොක‍්ඛරපත‍්තෙසු ඡිජ‍්ජති. සිඞ‍්ඝාටකසණ‍්ඨානාය ඛරවාලිකාය කණ‍්ටකෙහි විජ‍්ඣියති, ඛුරධාරාහි ඵාලියති, උභොසු තීරෙසු කුසතිණෙහි විලෙඛති, වෙත‍්තලතාහි ආකඩ‍්ඪියති, තික‍්ඛසත‍්තීහි ඵාලියති.

ඛාරොදිකා නදීති වේතරණී නම් තඹ ලෝහ නදියයි. එය යකඩින් කරන ලද අළු වැල්වලින් යුතුය. පියුම් කොළය යට දැලි පිහිය. ඉවුරු දෙපස වේවැල් ද කුසතණ ද වේ. සො තත්‍ථ දුක්ඛාතිප්පාති ඔහු එහි උඩට ද යටට ද ඉල්පෙන්නේ පියුම් පෙතිවල ඇලෙයි. කතිරයක් සටහන්ව ඇති අලවැල් වූ කටුවලින් විදියි. දැලිපිහියා සමූහයෙන් පැලෙයි. දෙපැත්තේ ඉවුරුවල කුසතණවලින් ඉරෙයි. වේවැල්වලින් අදියි. තියුණු ආයුධවලින් පලයි.

තත‍්තෙන අයොසඞ‍්කුනාති තෙන ජිගච‍්ඡිතොම‍්හීති වුත‍්තෙ මහන‍්තං ලොහපච‍්ඡිං ලොහගුළානං පූරෙත්‍වා තං උපගච‍්ඡන‍්ති, සො ලොහගුළභාවං ඤත්‍වා දන‍්තෙ සම‍්ඵුසෙති, අථස‍්ස තෙ තත‍්තෙන අයොසඞ‍්කුනා මුඛං විවරන‍්ති, තම‍්බලොහධාරෙහි මහන‍්තෙන ලොහකටාහෙන තම‍්බලොහං උපනෙත්‍වා එවමෙවං කරොන‍්ති. පුන මහානිරයෙති එවං පඤ‍්චවිධබන්‍ධනතො පට‍්ඨාය යාව තම‍්බලොහපානා තම‍්බලොහපානතො පට‍්ඨාය පුන පඤ‍්චවිධබන්‍ධනාදීනි කාරෙත්‍වා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. තත්‍ථ කොචි පඤ‍්චවිධබන්‍ධනෙනෙව මුච‍්චති, කොචි දුතියෙන, කොචි තතියෙන, කොචි තම‍්බලොහපානෙන මුච‍්චති, කම‍්මෙ පන අපරික‍්ඛීණෙ පුන මහානිරයෙ පක‍්ඛිපන‍්ති.

තත්තෙන අයොසංකුනාති එයින් බඩගිනි යැයි කී කල මහත් ලෝහ පැසක් ලෝහ ගුලිවලින් පුරවා පමුණුවත්. ඔහු ලෝහගුලි බව දැන දත් තද කරයි. එවිට රත් වූ යකඩ අඬුවෙන් කට අරවත්. තඹලෝහ ධාරාවන්ගෙන් මහත් වූ ලෝහ කටාහයෙන් තඹ ලෝහ පමුණුවා මෙපරිදි ම කරත්. පුන මහානිරයෙහි මෙසේ පස් ආකාර බන්ධනයන්ගෙන් පටන් තඹලෝහ පානය යම්තාක් ද තඹලෝහ පානය පටන් පස් ආකාර බන්ධනයන් යම්තාක් කරවා මහා නරකයෙහි බහාලත්. එහි කිසිවෙක් පංච බන්ධනයන්ගෙන් මිදෙත්. ඇතමෙක් දෙවන එකෙන් ද ඇතැමෙක් තෙවැනි එකෙන් ද මිදෙත්. සමහරෙක් තඹලෝහ පානයෙන් මිදෙත්. කර්ම නොගෙවුන කල නැවත මහා නරකයෙහි බහාලත්.

ඉදං පන සුත‍්තං ගණ‍්හන‍්තො එකො දහරභික‍්ඛු, – “භන‍්තෙ, එත‍්තකං දුක‍්ඛමනුභවිතසත‍්තං පුනපි මහානිරයෙ පක‍්ඛිපන‍්තී”ති ආහ. ආම, ආවුසො, කම‍්මෙ අපරික‍්ඛීණෙ පුනප‍්පුනං එවං කරොන‍්තීති. තිට‍්ඨතු, භන‍්තෙ, උද‍්දෙසො, කම‍්මට‍්ඨානමෙව කථෙථාති කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා සොතාපන‍්නො හුත්‍වා ආගම‍්ම උද‍්දෙසං අග‍්ගහෙසි. අඤ‍්ඤෙසම‍්පි ඉමස‍්මිං පදෙසෙ උද‍්දෙසං ඨපෙත්‍වා අරහත‍්තං පත‍්තානං ගණනා නත්‍ථි. සබ‍්බබුද‍්ධානඤ‍්චෙතං සුත‍්තං අවිජහිතමෙව හොති.

මේ සූත්‍රය ගන්නේ එක් තරුණ භික්‍ෂුවක් ස්වාමීනි, මෙතෙක් දුක් අනුභව කරන ලද සත්ත්වයා නැවත මහා නරකයෙහි බහාලත්දැයි ඇසීය. ඇවත, එසේය, කර්මය ක්‍ෂය නොවූ කල නැවත නැවත මෙසේ කරත්ය. ස්වාමීනි, උද්දේශය සිටීවා. මට කමටහනක් දෙවයි කමටහන කියවා සෝවාන් වී පැමිණ උද්දේශය ගත්තේය. මේ පෙදෙසෙහි උද්දේශය තබා රහත් වූ අන්‍යයන්ගේ ගණනක් නම් නැත. සියලු බුදුවරයන්ගේ මේ සූත්‍රය නොහරින ලදි.

හීනකායූපගාති හීනකායං උපගතා හුත්‍වා. උපාදානෙති තණ‍්හාදිට‍්ඨිගහණෙ. ජාතිමරණසම‍්භවෙති ජාතියා ච මරණස‍්ස ච කාරණභූතෙ. අනුපාදාති චතූහි උපාදානෙහි අනුපාදියිත්‍වා. ජාතිමරණසඞ‍්ඛයෙති ජාතිමරණසඞ‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ විමුච‍්චන‍්ති.

හීනකායූපගාති හීන වූ කයට පැමිණ, උපාදානෙති තෘෂ්ණා දෘෂ්ටි ගැනීමෙහි ජාතිමරණසම්භවෙති ඉපදීමට ද මැරීමට ද කාරණ වූ අනුපාදාති සතර උපාදානයන්ගෙන් අල්වා නොගෙන ජාතිමරණ සංඛයෙති ජාති මරණ නම් නිවනෙහි මිදෙත්.

දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතාති දිට‍්ඨධම‍්මෙ ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ සබ‍්බකිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතා. සබ‍්බදුක‍්ඛං උපච‍්චගුන‍්ති සබ‍්බදුක‍්ඛාතික‍්කන‍්තා නාම හොන‍්ති.

දිට්ඨධම්මාභිනිබ්බුතාති ඇස් ඉදිරිපිට මේ ආත්ම භාවයෙහි සියලු කෙළෙස් නිවීමෙන් නිවුනාහ. සබ්බදුක්ඛං උපච්චගුන්ති සියලු දුක් නැති කළාහු වෙත්.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය දෙවදූතසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දේවදූත සූත්‍ර වර්ණනාව නිමි.

තතියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

තුන්වන සුඤ්ඤත වර්ගය සමාප්තයි.