හත්ථිරතනවණ්ණනා අට්ඨකථා
හත්ථිරතනවණ්ණනා
හත්ථිරතනවණ්ණනා
එවං පාතුභූතචක්කරතනස්ස පනස්ස චක්කවත්තිනො අමච්චා පකතිමඞ්ගලහත්ථිට්ඨානං සුචිභූමිභාගං කාරෙත්වා හරිචන්දනාදීහි සුරභිගන්ධෙහි උපලිම්පාපෙත්වා හෙට්ඨා විචිත්තවණ්ණසුරභිකුසුමසමාකිණ්ණං උපරි සුවණ්ණතාරකානං අන්තරන්තරා සමොසරිතමනුඤ්ඤ-කුසුමදාමප්පටිමණ්ඩිතවිතානං දෙවවිමානං විය අභිසඞ්ඛරිත්වා “එවරූපස්ස නාම දෙව හත්ථිරතනස්ස ආගමනං චින්තෙථා”ති වදන්ති. සො පුබ්බෙ වුත්තනයෙනෙව මහාදානං දත්වා සීලානි සමාදාය තං පුඤ්ඤසම්පත්තිං ආවජ්ජන්තො නිසීදති, අථස්ස පුඤ්ඤානුභාවචොදිතො ඡද්දන්තකුලා වා උපොසථකුලා වා තං සක්කාරවිසෙසං අනුභවිතුකාමො තරුණරවිමණ්ඩලාභිරත්තචරණ-ගීවමුඛප්පටිමණ්ඩිතවිසුද්ධසෙතසරීරො සත්තප්පතිට්ඨො සුසණ්ඨිතඞ්ගපච්චඞ්ගසන්නිවෙසො විකසිතරත්ත-පදුමචාරුපොක්ඛරො ඉද්ධිමා යොගී විය වෙහාසං ගමනසමත්ථො මනොසිලාචුණ්ණරඤ්ජිතපරියන්තො විය රජතපබ්බතො හත්ථිසෙට්ඨො තස්මිං පදෙසෙ පතිට්ඨාති. සො ඡද්දන්තකුලා ආගච්ඡන්තො සබ්බකනිට්ඨො ආගච්ඡති, උපොසථකුලා සබ්බජෙට්ඨො. පාළියං පන “උපොසථො නාගරාජා” ඉච්චෙව ආගච්ඡති. ස්වායං පූරිතචක්කවත්තිවත්තානං චක්කවත්තීනං සුත්තෙ වුත්තනයෙනෙව චින්තයන්තානං ආගච්ඡති, න ඉතරෙසං. සයමෙව පකතිමඞ්ගලහත්ථිට්ඨානං ආගන්ත්වා මඞ්ගලහත්ථිං අපනෙත්වා තත්ථ තිට්ඨති. තෙන වුත්තං පුන චපරං, භික්ඛවෙ…පෙ… නාගරාජාති.
මෙසේ පහළ වූ සක්විති රජුගේ ඇමතියෝ ප්‍රකෘති මගුල් ඇතුගේ ස්ථානය පිරිසිදු භූමිභාගයක් කරවා සඳුන් ආදී දිව්‍ය සුවඳින් ආලේප කොට යට විසිතුරු පැහැය ඇති දිව්‍ය මලින් යුක්තව මත්තෙහි රන් තාරකාවන්ගේ අතරතුර ඔසවන ලද යහපත් මලින් සැරසුණු වියන්වලින් දිව්‍ය විමානයක් මෙන් සකස්කොට දේවයනි, මෙබඳු හස්ති රත්නයකගේ පැමිණීම සිතව් යැයි කියත්. රජු පෙර කියන ලද ක්‍රමයෙන් මහ දන් දී සීලය සමාදන් ව ඒ පුණ්‍ය සැපත ආවර්ජනා කරමින් හිඳියි. එකල ඔහුගේ පුණ්‍ය තේජසින් චෝදනා කරන ලද්දේ ජද්දන්ත කුලයෙන් හෝ උපෝසථ කුලයෙන් හෝ ඒ සත්කාර විශේෂය අනුභව කරනු කැමැති තරුණ සූර්ය මණ්ඩලය මෙන් රතු පාද බෙල්ල මුඛය යන මෙයින් සැදුම් ලද පිරිසිදු වූ විශේෂයෙන් සුදු ශරීර ඇති සතකින් පිහිටි මනාකොට පිහිටි අංගප්රත්යංගයන්ට වාසස්ථාන වූ පිපුණු රත් පියුම් ඇති සෘද්ධිමත් තවුසෙක් මෙන් අහසින් යාමට සමත් වූ හිරියල් කුඩු කෙළවර ගෑවාක් මෙන් රිදී පර්වතයක් වූ ශ්‍රේෂ්ඨ ඇතා ඒ ප්‍රදේශයේ පිහිටයි. ඒ ඇතා ඡද්දන්ත කුලයෙන් එන්නේ සියල්ලන්ට ම කනිටු වී එයි. උපෝසථ කුලයෙන් සියල්ලන්ට ම වැඩිමහල් වී එයි. පෙළෙහි උපෝසථ හස්ති රාජයා ම එයි. ඒ මේ තෙමේ පුරන ලද චක්‍රවර්ති ව්‍රත ඇත්තේ චක්කවත්ති සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් සිතන්නවුන්ට එයි. අන්‍යයන්ට නැත. තෙම ප්‍රකෘති මඟුල් ඇතාගේ ස්ථානයට පැමිණ මඟුල් ඇතා පහකොට එහි සිටියි. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- නාගරාජාති
එවං පාතුභූතං පන තං හත්ථිරතනං දිස්වා හත්ථිගොපකාදයො හට්ඨතුට්ඨා වෙගෙන ගන්ත්වා රඤ්ඤො ආරොචෙන්ති. රාජා තුරිතතුරිතං ආගන්ත්වා තං දිස්වා පසන්නචිත්තො “භද්දකං වත භො හත්ථියානං, සචෙ දමථං උපෙය්යා”ති චින්තයන්තො හත්ථං පසාරෙති. අථ සො ඝරධෙනුවච්ඡකො විය කණ්ණෙ ඔලම්බෙත්වා සූරතභාවං දස්සෙන්තො රාජානං උපසඞ්කමති, රාජා තං අභිරුහිතුකාමො හොති. අථස්ස පරිජනා අධිප්පායං ඤත්වා තං හත්ථිරතනං සොවණ්ණද්ධජං සොවණ්ණාලඞ්කාරං හෙමජාලපටිච්ඡන්නං කත්වා උපනෙන්ති. රාජා තං අනිසීදාපෙත්වාව සත්තරතනමයාය නිස්සෙණියා අභිරුය්හ ආකාසං ගමනනින්නචිත්තො හොති. තස්ස සහ චිත්තුප්පාදෙනෙව සො හත්ථිරාජා රාජහංසො විය ඉන්දනීලමණිප්පභාජාලනීලගගනතලං අභිලඞ්ඝති, තතො චක්කචාරිකාය වුත්තනයෙනෙව සකලරාජපරිසා. ඉති සපරිසො රාජා අන්තොපාතරාසෙයෙව සකලපථවිං අනුසංයායිත්වා රාජධානිං පච්චාගච්ඡති, එවං මහිද්ධිකං චක්කවත්තිනො හත්ථිරතනං හොති. තෙන වුත්තං දිස්වාන රඤ්ඤො චක්කවත්තිස්ස…පෙ… එවරූපං හත්ථිරතනං පාතුභවතීති.
මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති
අස්සරතනවණ්ණනා
අස්සරතනවණ්ණනා
එවං පාතුභූතහත්ථිරතනස්ස පන චක්කවත්තිනො පරිසා පකතිමඞ්ගලඅස්සට්ඨානං සුචිසමතලං කාරෙත්වා අලඞ්කරිත්වා ච පුරිමනයෙනෙව රඤ්ඤො තස්ස ආගමනචින්තනත්ථං උස්සාහං ජනෙන්ති. සො පුරිමනයෙනෙව කතදානසක්කාරො සමාදින්නසීලොව පාසාදතලෙ නිසින්නො පුඤ්ඤසම්පත්තිං සමනුස්සරති, අථස්ස පුඤ්ඤානුභාවචොදිතො සින්ධවකුලතො විජ්ජුල්ලතාවිනද්ධසරදකාලසෙතවලාහකරාසිසස්සිරිකො රත්තපාදො රත්තතුණ්ඩො චන්දප්පභාපුඤ්ජසදිසසුද්ධසිනිද්ධඝනසඞ්ඝාතසරීරො කාකගීවා විය ඉන්දනීලමණි විය ච කාළවණ්ණෙන සීසෙන සමන්නාගතත්තා කාළසීසො සුට්ඨු කප්පෙත්වා ඨපිතෙහි විය මුඤ්ජසදිසෙහි සණ්හවට්ටඋජුගතිගතෙහි කෙසෙහි සමන්නාගතත්තා මුඤ්ජකෙසො වෙහාසඞ්ගමො වලාහකො නාම අස්සරාජා ආගන්ත්වා තස්මිං ඨානෙ පතිට්ඨාති. සෙසං සබ්බං හත්ථිරතනෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවරූපං අස්සරතනං සන්ධාය භගවා පුන චපරන්තිආදිමාහ.
මෙසේ පහළ වූ හස්ති රත්නය ඇති සක්විති රජුගේ පිරිස ප්‍රකෘති මඟුල් අශ්වයාගේ ස්ථානය පිරිසිදුව සමතලා කොට අලංකාර කොට පළමු කී ක්‍රමයෙන් ම රජුහට ඌගේ ඒමට සිතීම පිණිස උත්සහය උපදවත්. රජු පළමු කී ක්‍රමයෙන් ම කරන ලද දාන සත්කාර ඇත්තේ සමාදන් වූ සිල් ඇත්තේ ප්‍රසාද ස්ථානයෙහි සිටියේ පුණ්‍ය සම්පත්තිය සිහිකරයි. එකල ඔහුගේ පුණ්‍ය ආනුභාවයෙන් චෝදනා කරන ලදුව සෛන්ධව කුලයෙන් විදුලියෙන් නසන ලද සරත් කාලයෙහි සුදු වළාකුලින් සශ්‍රික වූ රත් පාද ඇති රත් තුඩ ඇති චන්ද්‍රප්‍රභා පුංජයක් හා සමාන අතිශයින් සිනිඳු පවිත්‍ර ශරීරයක් ඇති කවුඩාගේ බෙල්ල වැනි ඉඳුනිල් මැණිකක් බඳු කළු පැහැති හිසින් යුක්ත හෙයින් කවුඩු හිසක් ඇති මනාකොට සිතා තබන ලද මුං සමාන සියුම්ව වට වූ කෙළින් ගමන් ඇති කෙස්වලින් යුතු බැවින් මුංජ කෙස් ඇති අහසින් යන වළාහක නම් අශ්ව රාජයා අවුත් එතන සිටියි. සෙසු සියල්ල හස්ති රත්නයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය. මෙබඳු අශ්වරත්නය උදෙසා බුදුරදුන් පුන චපරං යනාදිය කීය.
මණිරතනවණ්ණනා
මණිරතනවණ්ණනා
එවං පාතුභූතඅස්සරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිස්ස චතුහත්ථායාමං සකටනාභිසමප්පමාණං උභොසු අන්තෙසු කණ්ණිකපරියන්තතො විනිග්ගතසුපරිසුද්ධමුත්තාකලාපෙහි ද්වීහි කඤ්චනපදුමෙහි අලඞ්කතං චතුරාසීතිමණිසහස්සපරිවාරං තාරාගණපරිවුතස්ස පුණ්ණචන්දස්ස සිරිං පටිප්ඵරමානං විය වෙපුල්ලපබ්බතතො මණිරතනං ආගච්ඡති. තස්සෙවං ආගතස්ස මුත්තාජාලකෙ ඨපෙත්වා වෙළුපරම්පරාය සට්ඨිහත්ථප්පමාණං ආකාසං ආරොපිතස්ස රත්තිභාගෙ සමන්තා යොජනප්පමාණං ඔකාසං ආභා ඵරති, යාය සබ්බො සො ඔකාසො අරුණුග්ගමනවෙලා විය සඤ්ජාතාලොකො හොති. තතො කස්සකා කසිකම්මං, වාණිජා ආපණුග්ඝාටනං, තෙ තෙ ච සිප්පිනො තං තං කම්මන්තං පයොජෙන්ති දිවාති මඤ්ඤමානා. තෙන වුත්තං පුන චපරං, භික්ඛවෙ…පෙ… මණිරතනං පාතුභවතීති.
මෙසේ පහළ වූ අශ්වරත්නය වනාහි සක්විති රජුගේ අතින් හතර රියනක් දිග ගැල් නාභිය හා සමාන ප්‍රමාණ ඇති දෙකෙළවර කර්ණිකා කෙළවරින් නික්මුණු ඉතා පිරිසිදු මුතු කලාප ඇති රන් පියුම් දෙකකින් සරසන ලද අසූහාර දහසක් මැණික් පිරිවර කොට ඇති තාරකා සමූහයා විසින් පිරිවරණ ලද පූර්ණ චන්ද්‍රයාගේ ශෝභාව පැතිරෙන්නාක් මෙන් වේපුල්ල පර්වතයෙන් මැණික් රත්නය එයි. මෙසේ පැමිණි එය මුතු දැලක තබා උණගස් පරම්පරාවෙන් සැට රියන් ප්‍රමාණ අහසට නැගෙමින් සිටිය දී රාත්‍රී කාලයෙහි හාත්පස යොදුනක් පමණ තැන් එලිය පැතිරෙයි. යමකින් සියලු එලිය අරුණ නැගෙන වේලාවෙහි මෙන් හටගත්තේ ලෝකය වෙයි. එහෙයින් ගොවියෝ ගොවිතැන් වැඩ ද වෙළෙන්දෝ සල්පිල් ඇරීම ද ඒ ඒ ශිල්පීහු ඒ ඒ කර්මාන්තයන්හි යෙදෙත්. දහවල් යැයි සිතති. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- මණිරතනං පාතුභවතීති
ඉත්ථිරතනවණ්ණනා
ඉත්ථිරතනවණ්ණනා
එවං පාතුභූතමණිරතනස්ස පන චක්කවත්තිස්ස විසයසුඛවිසෙසකාරණං ඉත්ථිරතනං පාතුභවති. මද්දරාජකුලතො වා හිස්ස අග්ගමහෙසිං ආනෙන්ති, උත්තරකුරුතො වා පුඤ්ඤානුභාවෙන සයං ආගච්ඡති. අවසෙසා පනස්සා සම්පත්ති “පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති අභිරූපා දස්සනීයා”තිආදිනා නයෙන පාළියංයෙව ආගතා.
පහළ වූ මණිරත්නය ඇති සක්විති රජුගේ විෂය සැපයට විශේෂ කාරණා වූ ස්ත්‍රී රත්නය පහළ වෙයි. ඔහුට මද්දීරාජ කුලයෙන් හෝ අගමෙහෙසියක් ගෙනඑත්. උතුරුකුරු දිවයිනෙන් හෝ පින් අනුහසින් තෙමේම පැමිණෙයි. ඉතිරිය ඇයගේ සම්පත්තියයි. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති අභිරූපා දස්සනීයාති යනාදි ක්‍රමයෙන් පෙළෙහි ආවාය.
තත්ථ සණ්ඨානපාරිපූරියා අධිකං රූපං අස්සාති අභිරූපා. දිස්සමානා ච චක්ඛූනි පීණයති, තස්මා අඤ්ඤං කිච්චවික්ඛෙපං හිත්වාපි දට්ඨබ්බාති දස්සනීයා. දිස්සමානා ච සොමනස්සවසෙන චිත්තං පසාදෙතීති පාසාදිකා. පරමායාති එවං පසාදාවහත්තා උත්තමාය. වණ්ණපොක්ඛරතායාති වණ්ණසුන්දරතාය. සමන්නාගතාති උපෙතා. අභිරූපා වා යස්මා නාතිදීඝා නාතිරස්සා දස්සනීයා යස්මා නාතිකිසා නාතිථූලා, පාසාදිකා යස්මා නාතිකාළිකා නච්චොදාතා. පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා යස්මා අතික්කන්තා මානුසං වණ්ණං අප්පත්තා දිබ්බවණ්ණං. මනුස්සානඤ්හි වණ්ණාභා බහි න නිච්ඡරති, දෙවානං අතිදූරං නිච්ඡරති, තස්සා පන ද්වාදසහත්ථප්පමාණං පදෙසං සරීරාභා ඔභාසෙති.
එහි පිහිටීම සම්පූර්ණ හෙයින් අධික රූපය මැයට ය යනු අභිරූපා නමි. දකින්නී ද ඇස් පිනවයි. එහෙයින් අනෙත් වැඩ හැර දැකිය යුත්තිය යනු දස්සනීයා නමි. දකිනු ලබන කල්හි සතුටු වශයෙන් සිත පැහැදෙන්නිය යනු පාසාදිකා නමි. පරමායාති මෙසේ ප්‍රසාදය එළවනු සුළු උත්තමාවයි. වණපොක්ඛරතායාති පැහැයෙන් යහපත් ය. සමන්තාගතාති යුක්ත වූ. යම්හෙයකින් ඉතා උස නැති ද ඉතා මිටි නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා මහත නැති ද ඉතා කෙට්ටු නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා කළු නොවෙයි ද ඉතා සුදු නොවෙයි ද උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූවා වේ. යම්සේ මිනිස් පැහැය ඉක්මවා දිව්‍ය පැහැයට නොපැමිණියා ද මිනිසුන්ගේ පැහැයේ ආලෝකය පිටට නොනික්මෙයි. දෙවියන්ගේ පැහැය ඉතා දුරට නික්මෙයි. දොළොස් රියන් පමණ ප්‍රදේශයක ඇගේ ශරීර පැහැය බබළයි.
නාතිදීඝාදීසු චස්සා පඨමයුගළෙන ආරොහසම්පත්ති, දුතියයුගළෙන පරිණාහසම්පත්ති, තතියයුගළෙන වණ්ණසම්පත්ති වුත්තා. ඡහි වාපි එතෙහි කායවිපත්තියා අභාවො, අතික්කන්තා මානුසං වණ්ණන්ති ඉමිනා කායසම්පත්ති වුත්තා.
නාතිදීඝාදි යනාදි පළමු යුගලයෙන් ඇයගේ ආරෝහ සම්පත්තිය ද දෙවැනි යුගලයෙන් පරිනාහ සම්පත්තිය ද තෙවැනි යුගලයෙන් වර්ණ සම්පත්තිය ද කියන ලදි. මේ හයෙන් ශරීර විපත්තියක් නොවෙයි. අතික්කන්තා මානුසං වණ්ණන්ති මෙයින් ශරීර සම්පත්තිය කියන ලදි.
තූලපිචුනො වා කප්පාසපිචුනො වාති සප්පිමණ්ඩෙ පක්ඛිපිත්වා ඨපිතස්ස සතවිහතස්ස තූලපිචුනො වා සතවිහතස්ස කප්පාසපිචුනො වා කායසම්ඵස්සො හොති. සීතෙති රඤ්ඤො සීතකාලෙ. උණ්හෙති රඤ්ඤො උණ්හකාලෙ. චන්දනගන්ධොති නිච්චකාලමෙව සුපිසිතස්ස අභිනවස්ස චතුජ්ජාතිසමායොජිතස්ස හරිචන්දනස්ස ගන්ධො කායතො වායති. උප්පලගන්ධොති හසිතකථිතකාලෙසු මුඛතො නික්ඛන්තො තඞ්ඛණං විකසිතස්සෙව නීලුප්පලස්ස අතිසුරභිගන්ධො වායති.
තුලපිචුනො වා කප්පාය පිචුනො වාති ගිතෙල්වල බහා තබන ලද සිය වරක් පොලොන ලද ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ බඳු කාය ස්පර්ශය වෙයි. සීතෙති රජුට ශීතල කාලයෙහි උණ්හෙති රජුට උෂ්ණ කාලයෙහි, චන්දන ගන්ධොති නිතර ම මනාව ඉසින ලද අළුතින් සිවු දෑ සුවඳින් යොදන යහපත් සඳුන් සුවඳ ශරීරයෙන් වහනය වෙයි. උප්පලගන්ධොති සිනාසෙන කථාකරන කාලයෙහි එකෙණෙහි පිපුණු මහනෙල් මල්වලින් නික්මෙන සුවඳ මුඛයෙන් වහනය වෙයි.
එවං රූපසම්ඵස්සගන්ධසම්පත්තියුත්තාය පනස්සා සරීරසම්පත්තියා අනුරූපං ආචාරං දස්සෙතුං තං ඛො පනාතිආදි වුත්තං. තත්ථ රාජානං දිස්වා නිසින්නාසනතො අග්ගිදඩ්ඪා විය පඨමමෙව උට්ඨාතීති පුබ්බුට්ඨායිනී. තස්මිං නිසින්නෙ තස්ස රඤ්ඤො තාලවණ්ටෙන බීජනාදිකිච්චං කත්වා පච්ඡා නිපතති නිසීදතීති පච්ඡානිපාතිනී. කිං කරොමි දෙවාති තස්ස කිංකාරං පටිස්සාවෙතීති කිංකාරපටිස්සාවිනී. රඤ්ඤො මනාපමෙව චරති කරොතීති මනාපචාරිනී. යං රඤ්ඤො පියං, තදෙව වදතීති පියවාදිනී.
මෙබඳු ස්පර්ශ ඇති සුවඳ සම්පත්තියෙන් යුක්ත වූ ඇයගේ ශරීර සම්පත්තියෙහි සුදුසු වූ ආචාර දක්වන්නට තං ඛො පනාති යනාදිය කියන ලදි. එහි රජු විසින් දැක හුන් ආසනයෙන් ගින්නෙන් දවන ලද්දාක් මෙන් පළමුවෙන් නැගිටින්නේ යනු පුබ්බුට්ඨායිනී නමි. ඔහු එහි සිටි කල්හි තල් වැටෙන් පවන් සැලීම් ආදී කටයුතු කොට පසුව වැටෙයි. හිඳින්නේ යනු පච්ඡානිපානිනී නමි. දේවයන් වහන්ස, කුමක් කරම් ද? වචනයෙන් කීකරු බව දක්වන්නේ යනු කිංකාරපටිස්සාවිනී නමි. රජුහට මනාප වූ දෙයෙහිම හැසිරෙයි. කරයි යනු මනාපචාරිණී නමි. යමක් රජුට ප්‍රියයි ද එයම කියයි යනු පියවාදිනී නමි.
ඉදානි ස්වාස්සා ආචාරො භාවසුද්ධියා එව, න සාඨෙය්යෙනාති දස්සෙතුං තං ඛො පනාතිආදිමාහ. තත්ථ නො අතිචරතීති න අතික්කමිත්වා චරති, අඤ්ඤං පුරිසං චිත්තෙනපි න පත්ථෙතීති වුත්තං හොති. තත්ථ යෙ තස්සා ආදිම්හි “අභිරූපා”තිආදයො අන්තෙ “පුබ්බුට්ඨායිනී”තිආදයො ගුණා වුත්තා, තෙ පකතිගුණා එව “අතික්කන්තා මානුසං වණ්ණ”න්තිආදයො පන චක්කවත්තිනො පුඤ්ඤං උපනිස්සාය චක්කරතනපාතුභාවතො පට්ඨාය පුරිමකම්මානුභාවෙන නිබ්බත්තන්තීති වෙදිතබ්බා. අභිරූපතාදිකාපි වා චක්කරතනපාතුභාවතො පට්ඨාය සබ්බාකාරපාරිපූරා ජාතා. තෙනාහ එවරූපං ඉත්ථිරතනං පාතුභවතීති.
දැන් ඇයගේ ඒ ආචාරයන් ස්වභාවයෙන් ම පිරිසිදුය. කපටිබවක් නොවේ යැයි දක්වන්නට තං ඛො පනාති යනාදිය කීය. තත්ථ නො අතිචරතීති නොඉක්මවා හැසිරෙයි. රජු හැර අන් පුරුෂයෙක් සිතින්වත් නොපතයි යැයි කියන ලද්දේ වෙයි. එහි ඇයගේ මුල දී අභිරූප ආදී ගුණ ද අවසානයෙහි පුබ්බට්ඨායිනී ආදී ගුණ ද කියන ලද්දාහු ඒවා ප්‍රකෘති ගුණයෝමය. මිනිස් පැහැය ඉක්මවා යනාදි සක්විති රජුගේ පින් නිසා චක්‍රරත්නය පහළවීමේ පටන් පළමු කර්මානුභාවයෙන් උපදිත් යැයි දතයුතුයි. චක්රරත්නයේ පහළවීමේ පටන් අභිරූපතාදිය දක්වා සියල්ල සියලු ආකාරයෙන් සම්පූර්ණ විය. මෙසේ ස්ත්‍රීරත්නය පහළ වූයේ යැයි එහෙයින් කියන ලදි.
ගහපතිරතනවණ්ණනා
ගහපතිරතනවණ්ණනා
එවං පාතුභූතඉත්ථිරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිස්ස ධනකරණීයානං කිච්චානං යථාසුඛප්පවත්තනත්ථං ගහපතිරතනං පාතුභවති. සො පකතියාව මහාභොගො මහාභොගකුලෙ ජාතො රඤ්ඤො ධනරාසිවඩ්ඪකො සෙට්ඨි ගහපති හොති, චක්කරතනානුභාවසහිතං පනස්ස කම්මවිපාකජං දිබ්බචක්ඛු පාතුභවති, යෙන අන්තොපථවියං යොජනබ්භන්තරෙ නිධිං පස්සති. සො තං සම්පත්තිං දිස්වා තුට්ඨහදයො ගන්ත්වා රාජානං ධනෙන පවාරෙත්වා සබ්බානි ධනකරණීයානි සම්පාදෙති. තෙන වුත්තං පුන චපරං, භික්ඛවෙ…පෙ… එවරූපං ගහපතිරතනං පාතුභවතීති.
මෙසේ ස්ත්‍රීරත්නය පහළ වූ සක්විති රජුහට මුදල් කටයුතු මැනවින් කරන්නට ගෘහපති රත්නය පහළ වෙයි. හෙතෙම ප්‍රකෘතියෙන් ම මහත් භෝග ඇති මහාභෝග කුලයෙහි උපන්නේය. රජුට ධනරාසිවඩ්ඪක සිටුතෙමේ ගෘහපති වෙයි. චක්රරත්නයේ ආනුභාව ඇති ඔහුට කර්ම විපාකයෙන් වූ දිවැස පහළ වෙයි. යමකින් පොළොව යට යොදුනක් ඇතුළත නිධානයක් දකී ද හෙතෙම ඒ සම්පත්තිය දැක සතුටු සිත් ඇත්තේ ගොස් රජුට ධනයෙන් පවරා සියලු ධනය පිළිබඳ කටයුතු සම්පාදනය කරයි. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- එවරූපං ගහපතිරතනං පාතුභවතීති
පරිණායකරතනවණ්ණනා
පරිණායකරතනවණ්ණනා
එවං පාතුභූතගහපතිරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිස්ස සබ්බකිච්චසංවිධානසමත්ථං පරිණායකරතනං පාතුභවති. සො රඤ්ඤො ජෙට්ඨපුත්තොව හොති. පකතියා එව පණ්ඩිතො බ්යත්තො මෙධාවී, රඤ්ඤො පුඤ්ඤානුභාවං නිස්සාය පනස්ස අත්තනො කම්මානුභාවෙන පරචිත්තඤාණං උප්පජ්ජති. යෙන ද්වාදසයොජනාය රාජපරිසාය චිත්තාචාරං ඤත්වා රඤ්ඤො අහිතෙ හිතෙ ච වවත්ථපෙතුං සමත්ථො හොති. සොපි තං අත්තනො ආනුභාවං දිස්වා තුට්ඨහදයො රාජානං සබ්බකිච්චානුසාසනෙන පවාරෙති. තෙන වුත්තං පුන චපරං…පෙ… පරිණායකරතනං පාතුභවතීති. තත්ථ ඨපෙතබ්බං ඨපෙතුන්ති තස්මිං තස්මිං ඨානන්තරෙ ඨපෙතබ්බං ඨපෙතුං.
මෙසේ පහළ වූ ගෘහපති රත්නය ඇති සක්විති රජුට සියලු කටයුතු සම්පාදනයෙහි සමත් පරිනායක රත්නයක් පහළ වෙයි. ඔහු රජුට වැඩිමහල් පුතා වෙයි. ප්‍රකෘතියෙන් ම පණ්ඩිත වියත් නුවණ ඇත්තෙකි. රජුගේ පින් අනුහසින් හා ඔහුගේ කර්මානුභාවයෙන් පරසිත්දන්නා නුවණ උපදියි. යමකින් දොළොස් යොදුන් රජ පිරිසෙහි සිත් ආකාර දැන රජුට හිතවත් ද අහිතවත් දැයි නිශ්චය කිරීමට සමත් වෙයි. ඔහු තමාගේ ඒ ආනුභාවය දැක සතුටු සිත් ඇතිව රජුන්ගේ සියලු කටයුතුවලට අනුශාසනා කිරීමෙන් පවරයි. එහෙයින් කියන ලදි. පුන චපරං -පෙ- පරිණායක රතනං පාතුභවතීති තත්ථ ඨපෙතබ්බං ඨපෙතුන්ති ඒ ඒ තනතුරෙහි තබන්නට තැබිය යුතුයි.
සමවෙපාකිනියාතිආදි හෙට්ඨා වුත්තමෙව.
සමවෙපාකිනියාති යනාදිය යට කියන ලද්දේමය.
කටග්ගහෙනාති ජයග්ගාහෙන. මහන්තං භොගක්ඛන්ධන්ති එකප්පහාරෙනෙව ද්වෙ වා තීණි වා සතසහස්සානි. කෙවලා පරිපූරා පණ්ඩිතභූමීති පණ්ඩිතො තීණි සුචරිතානි පූරෙත්වා සග්ගෙ නිබ්බත්තති, තතො මනුස්සලොකං ආගච්ඡන්තො කුලරූපභොගසම්පත්තියං නිබ්බත්තති, තත්ථ ඨිතො තීණි ච සුචරිතානි පූරෙත්වා පුන සග්ගෙ නිබ්බත්තතීති අයං සකලා පරිපුණ්ණා පණ්ඩිතභූමි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
කටග්ගහෙනාති ජය ගැනීමෙන්. මහන්තං භොගක්ඛන්ධන්ති එක පහරින් ම දෙලක්ෂයක් තුන්ලක්ෂයක් හෝ කෙවලා පරිපුරා පණ්ඩිතභූමීති පණ්ඩිත තෙමේ ත්‍රිවිධ සුචරිතයන් පුරා ස්වර්ගයෙහි උපදියි. එයින් මිනිස් ලොවට එන්නේ කුලය රූපය භෝග යන සම්පත්තියෙහි උපදියි. එහි සිටියේ ත්‍රිවිධ සුචරිතයන් පුරා නැවත ස්වර්ගයෙහි උපදියි. මේ සියල්ලෙන් සම්පූර්ණ පණ්ඩිත භූමියයි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය බාලපණ්ඩිතසුත්තවණ්ණනා නිට්ඨිතා.
බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව නිමි.