බාලපණ්ඩිත සුත්තවණ්ණනා අට්ඨකථා
බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති බාලපණ්ඩිතසුත්තං. තත්ථ බාලලක්ඛණානීති බාලො අයන්ති එතෙහි ලක්ඛියති ඤායතීති බාලලක්ඛණානි. තානෙව තස්ස සඤ්ජානනකාරණානීති බාලනිමිත්තානි. බාලස්ස අපදානානීති බාලාපදානානි. දුච්චින්තිතචින්තීති චින්තයන්තො අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදස්සනවසෙන දුච්චින්තිතමෙව චින්තෙති. දුබ්භාසිතභාසීති භාසමානොපි මුසාවාදාදිභෙදං දුබ්භාසිතමෙව භාසති. දුක්කටකම්මකාරීති කරොන්තොපි පාණාතිපාතාදිවසෙන දුක්කටකම්මමෙව කරොති. තත්ර චෙති යත්ථ නිසින්නො, තස්සං පරිසති. තජ්ජං තස්සාරුප්පන්ති තජ්ජාතිකං තදනුච්ඡවිකං, පඤ්චන්නං වෙරානං දිට්ඨධම්මකසම්පරායිකආදීනවප්පටිසංයුත්තන්ති අධිප්පායො. තත්රාති තාය කථාය කච්ඡමානාය. බාලන්තිආදීනි සාමිඅත්ථෙ උපයොගවචනං.
එවම්මෙසුතන්ති මා විසින් බාලපණ්ඩිත සූත්‍රය මෙසේ අසන ලදි. එහි බාලලක්ඛණානීති මේ තෙමේ බාලයා යැයි මෙයින් පෙනෙන්නේ ද දක්නට ලැබෙන්නේ ද බාල ලක්ෂණයයි. ඒවා ඔහුගේ හැඳිනීමට කාරණාවන්ය. බාලනිමිත්තානි බාලයාගේ හැසිරීමයි. බාලාපදානාති බාලයාගේ ජීවිත කථාවයි. දුච්චින්තින්චින්තීති සිතන්නේ අභිධ්‍යා ව්‍යාපාද බොරු දැකීම් වශයෙන් නපුරු වචනයක් ම කියයි. දුක්කත කම්මකාරීති කරන්නේ ද සතුන් මැරීමාදී වශයෙන් නරක කටයුත්තක් ම කරයි. තත්ර චෙති යම්තැනක සිටියේ එතැන තජ්ජං තස්සාරුප්පන්ති ඒ ජාතියෙහි එයට සුදුසු වූ පංච වෛරයන්ගේ මෙලොව පරලොව සම්බන්ධ දොස්වලින් යුක්තය යන අදහසයි. තත්රාති ඒ කථාවෙන් කියන කල්හි. බාලන්ති යනාදිය ඡට්ඨි අර්ථවත් දුතියා විභක්තියයි.
ඔලම්බන්තීති උපට්ඨහන්ති. සෙසපදද්වයං තස්සෙව වෙවචනං, ඔලම්බනාදිආකාරෙන හි තානි උපට්ඨහන්ති, තස්මා එවං වුත්තං. පථවියා ඔලම්බන්තීති පථවිතලෙ පත්ථරන්ති. සෙසපදද්වයං තස්සෙව වෙවචනං. පත්ථරණාකාරොයෙව හෙස. තත්ර, භික්ඛවෙ, බාලස්සාති තස්මිං උපට්ඨානාකාරෙ ආපාථගතෙ බාලස්ස එවං හොති.
ඔලම්බන්තීති වැටහෙත්. සෙසු පද දෙක ද එයට ම පර්යාය වචනයි. එල්බෙන ආකාරයෙන් ඒවා වැටහෙත්. එහෙයින් මෙසේ කියන ලදි. පඨවියා ඔලම්බන්තීති පොළොවෙහි පැතිරෙත්. සෙසු පද දෙක ද මෙයට ම පර්යාය වචනයි. මෙය පැතිරෙන ආකාරයයි. තත්ර භික්ඛවෙ බාලස්සාති එහි වැටහෙන ආකාරයෙන් ඇසට හමු වූ කාලයෙහි බාලයාට මෙබඳු සිතක් වෙයි.
එතදවොචාති අනුසන්ධිකුසලො භික්ඛු “නිරයස්ස උපමා කාතුං න සක්කා”ති න භගවා වදති, “න සුකරා”ති පන වදති, න සුකරං පන සක්කා හොති කාතුං, හන්දාහං දසබලං උපමං කාරාපෙමීති චින්තෙත්වා එතං “සක්කා, භන්තෙ”ති වචනං අවොච. හනෙය්යුන්ති විනිවිජ්ඣිත්වා ගමනවසෙන යථා එකස්මිං ඨානෙ ද්වෙ පහාරා නිපතන්ති, එවං හනෙය්‍යුං. තෙනස්ස ද්වෙ වණමුඛසතානි හොන්ති. ඉතො උත්තරිපි එසෙව නයො.
එතදවොචාති අනුසන්ධියෙහි දක්ෂ භික්ෂුව නරකයට උපමා කරන්නට නොහැකිය. බුදුරදුන් නොකියයි. පහසු නොවේ යැයි කියයි. පහසු නැති කරන්නට හැකිය. එහෙයින් මම බුදුරදුන් උපමා කරවමියි සිතා මේ සක්කා පන භන්තෙති යන වචනය කීය. හනෙය්යුන්ති විනිවිද යාම් වශයෙන් යම්සේ එකතැන පහර දෙකක් වැටෙත් ද එසේ නසන්නාහ. එහෙයින් ඔහුට වණමුඛ දෙසීයක් වෙත්. මෙයින් මත්තෙහි ද මේ ක්‍රමයයි.
පාණිමත්තන්ති අන්තොමුට්ඨියං ඨපනමත්තං. සඞ්ඛම්පි න උපෙතීති ගණනමත්තම්පි න ගච්ඡති. කලභාගම්පීති සතිමං කලං සහස්සිමං කලං සතසහස්සිමං වා කලං උපගච්ඡතීතිපි වත්තබ්බතං න උපෙති. උපනිධම්පීති උපනික්ඛෙපනමත්තම්පි න උපෙති, ඔලොකෙන්තස්ස ඔලොකිතමත්තම්පි නත්ථි. තත්තං අයොඛිලන්ති තිගාවුතං අත්තභාවං සම්පජ්ජලිතාය ලොහපථවියා උත්තානකං නිපජ්ජාපෙත්වා තස්ස දක්ඛිණහත්ථෙ තාලප්පමාණං අයසූලං පවෙසෙන්ති, තථා වාමහත්ථාදීසු. යථා ච උත්තානකං නිපජ්ජාපෙත්වා, එවං උරෙනපි දක්ඛිණපස්සෙනපි වාමපස්සෙනපි නිපජ්ජාපෙත්වා තං කම්මකාරණං කරොන්තියෙව. සංවෙසෙත්වාති සම්පජ්ජලිතාය ලොහපථවියා තිගාවුතං අත්තභාවං නිපජ්ජාපෙත්වා. කුඨාරීහීති මහතීහි ගෙහස්ස එකපක්ඛඡදනමත්තාහි කුඨාරීහි තච්ඡන්ති. ලොහිතං නදී හුත්වා සන්දති, ලොහපථවිතො ජාලා උට්ඨහිත්වා තච්ඡිතට්ඨානං ගණ්හන්ති. මහාදුක්ඛං උප්පජ්ජති, තච්ඡන්තා පන සුත්තාහතං කරිත්වා දාරූ විය අට්ඨංසම්පි ඡළංසම්පි කරොන්ති. වාසීහීති මහාසුප්පපමාණාහි වාසීහි. තාහි තච්ඡන්තා තචතො යාව අට්ඨීනි සණිකං තච්ඡන්ති, තච්ඡිතං තච්ඡිතං පටිපාකතිකං හොති. රථෙ යොජෙත්වාති සද්ධිං යුගයොත්තපඤ්චරචක්කකුබ්බරපාචනෙහි සබ්බතො සම්පජ්ජලිතෙ රථෙ යොජෙත්වා. මහන්තන්ති මහාකූටාගාරප්පමාණං. ආරොපෙන්තීති සම්පජ්ජලිතෙහි අයමුග්ගරෙහි පොථෙන්තා ආරොපෙන්ති. සකිම්පි උද්ධන්ති සුපක්කුථිතාය උක්ඛලියා පක්ඛිත්තතණ්ඩුලා විය උද්ධං අධො තිරියඤ්ච ගච්ඡති.
පාණිමත්තන්ති මීට ඇතුළෙහි තබන ලද පමණයි. සංඛම්පි න උපෙතීති ගණන් මාත්‍රයට ද නොපැමිණෙයි. කලාභාගම්පීති කලා සියයකට හෝ කලා දහසකට හෝ කලා ලක්ෂයකට හෝ පැමිණේයැයි කිවයුතු බවට නො පැමිණෙයි. උපනිධිම්පීති අත්හැරීම් පමණකට ද නොපැමිණෙයි. බලන අයට බැලීම් මාත්‍රයක් ද නැත. තත්තං අයොඛීලන්ති ගව් තුනක් ඇති ආත්මභාවය දිලිසෙන කල්හි ලෝහ පෘථිවියෙහි උඩුකුරුව සතපවා දකුණු අතෙහි තල් කඳක් ප්‍රමාණ යකඩ හුලක් ගසත්. වම් අත් ආදියෙහි ද එසේමය. යම්සේ උඩුකුරුව සතපවා මෙසේ බඩෙන් ද වම් පසින් ද දකුණු පසින් ද සතපවා ඒ කටයුත්ත කරත්මය. සංවෙසිත්වාති දිලිසෙන ලෝහ පොළොවෙහි ගව් තුනක් ඇති ආත්මය සතපවා. කුඨාරීහීති ගෙයක එක් පැත්තක පියස්සක් පමණ මහත් කෙටේරිවලින් තලත්. ලේ ගඟක්ව ගලයි. ලෝහ පොළොවෙන් ගිනිදැල් නැග තලන ලද ස්ථානය ගනිත්. මහත් දුකක් උපදියි. තලන්නෝ වනාහි සූත්‍රයෙහි ආ පරිදි ලීයක මෙන් නූල් ගසා අටකට ද හයකට ද පලත්. වාසීහීති මහත් කුලු පමණ වෑවලින්. ඒවායින් සිඳින්නාහු හමේ පටන් ඇට දක්වා වහා සිඳිති. සිඳින සිඳින ලද නැවත ප්‍රකෘතිමත් වෙයි. රථෙ යොජෙත්වාති යුගයොත් මැදිරිය රෝද බෝමු ලීය යන මේවා සමඟ හැම ආකාරයෙන් දිලිසෙන රථයෙහි යොදා. මහන්තන්ති මහත් කුළුගෙවල් ප්‍රමාණ. ආරොපෙන්තීති දිලිසෙන යකඩ මුගුරුවලින් තලමින් නංවත්. සකිම්පිඋද්ධන්ති මනාකොට පැසුණු සැළියෙහි දමන ලද සහල් මෙන් උඩට යටට හරහට ද යයි.
භාගසො මිතොති භාගෙ ඨපෙත්වා ඨපෙත්වා විභත්තො. පරියන්තොති පරික්ඛිත්තො. අයසාති උපරි අයපට්ටෙන ඡාදිතො.
භාගසොමිතොති කොටස් තබ තබා බෙදන ලද්දේය. පරියන්තොති හාත්පසින් වට කරන ලද්දේ. අයසාති මතු යකඩයෙන් වසන ලද්දේ.
සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨතීති එවං ඵරිත්වා තිට්ඨති, යථා සමන්තා යොජනසතෙ ඨානෙ ඨත්වා ඔලොකෙන්තස්ස අක්ඛීනි යමකගොළකා විය නික්ඛමන්ති.
සමන්තායොජනසතං ඵරිත්වා තිට්ඨතීති මෙසේ පැතිරී සිටියි. යම්සේ හාත්පස යොදුන් සීයක් තැන සිට බලන්නහුගේ ඇස් බෝල දෙකක් මෙන් නික්මෙති.
න සුකරා අක්ඛානෙන පාපුණිතුන්ති නිරයො නාම එවම්පි දුක්ඛො එවම්පි දුක්ඛොති වස්සසතං වස්සසහස්සං කථෙන්තෙනාපි මත්ථකං පාපෙත්වා කථෙතුං න සුකරාති අත්ථො.
න සූකරං අක්ඛනෙන පාපුණිතුත්ති නිරය නම් මෙසේ ද දුක යැයි අවුරුදු සියයක් අවුරුදු දහසක් කියන්නේ ද අවසානයක් කොට කියන්නට පහසු නොවෙයි යන තේරුමයි.
දන්තුල්ලෙහකන්ති දන්තෙහි උල්ලෙහිත්වා, ලුඤ්චිත්වාති වුත්තං හොති. රසාදොති රසගෙධෙන පරිභුත්තරසො.
දන්තුල්ලෙහකන්ති දත්වලින් උලා සිඳින ලදියි කියන ලද්දේ වෙයි. රසාදොති රස තෘෂ්ණාවෙන් අනුභව කරන ලද රස ඇති.
අඤ්ඤමඤ්ඤඛාදිකාති අඤ්ඤමඤ්ඤඛාදනං.
අඤ්ඤමඤ්ඤ ඛාදකාති ඔවුනොවුන් අනුභව කිරීමයි.
දුබ්බණ්ණොති දුරූපො. දුද්දසිකොති දාරකානං භයාපනත්ථං කතයක්ඛො විය දුද්දසො. ඔකොටිමකොති ලකුණ්ඩකො පවිට්ඨගීවො මහොදරො. කාණොති එකක්ඛිකාණො වා උභයක්ඛිකාණො වා. කුණීති එකහත්ථකුණී වා උභයහත්ථකුණී වා. පක්ඛහතොති පීඨසප්පී. සො කායෙනාති ඉදමස්ස දුක්ඛානුපබන්ධදස්සනත්ථං ආරද්ධං.
දුබ්බණ්ණොති නපුරු පැහැය ඇති. දුද්දසිකොති දරුවන්ගේ භය කිරීම පිණිස කරන ලද යකෙක් මෙන් නපුරු දැකීම් ඇති. ඔකොටිමකොති මිටි වූ බෙල්ල කොට වූ මහ බඩක් ඇති. කාණොති එක් ඇසක් හෝ ඇස් දෙකම හෝ කණ වූ. කුණීවාති එක් අතක් හෝ අත් දෙකම හෝ කුණු වූ. පක්ඛහතොති පැත්තක් නැසුණු. සො කායෙනාති මෙය ඔහුගේ දුක් ප්රබන්ධයාගේ දැක්වීම පිණිස අරඹන ලදි.
කලිග්ගහෙනාති පරාජයෙන. අධිබන්ධං නිගච්ඡෙය්යාති යස්මා බහුං ජිතො සබ්බසාපතෙය්යම්පිස්ස නප්පහොති, තස්මා අත්තනාපි බන්ධං නිගච්ඡෙය්ය. කෙවලා පරිපූරා බාලභූමීති බාලො තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ නිබ්බත්තති, තත්ථ පක්කාවසෙසෙන මනුස්සත්තං ආගතො පඤ්චසු නීචකුලෙසු නිබ්බත්තිත්වා පුන තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ නිබ්බත්තතීති අයං සකලා පරිපුණ්ණා බාලභූමි.
කලිග්ගහෙනාති පැරදීමෙන්. අනුබන්ධං නිගච්ඡෙය්යාති යම් හෙයකින් බොහෝ කොට දිනන ලද ද ඔහුගේ සියලු සම්පත්තිය ද ප්‍රමාණයක් නොවෙයි. එහෙයින් තමා ද බැඳීමට පැමිණෙන්නේය. කෙවලපරිපුරා බාලභූමීති බාලයා ත්‍රිවිධ දුශ්චරිතයන් සම්පූර්ණ කොට නිරයෙහි උපදියි. එහි පැසී ඉතිරිවීමෙන් මනුෂ්‍යත්වයට පැමිණියේ පහත් කුල පහක ඉපිද නැවත ත්‍රිවිධ දුශ්චරිතයන් සම්පූර්ණකොට නිරයෙහි උපදීය යන මේ සියල්ල බාලභූමියෙහි සම්පූර්ණය.
පණ්ඩිතලක්ඛණානීතිආදි වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං. සුචින්තිතචින්තීතිආදීනි චෙත්ථ මනොසුචරිතාදීනං වසෙන යොජෙතබ්බානි.
පණ්ඩිත ලක්ඛණානීති යනාදිය ද කියන ලද ආකාරයෙන් ම දත යුතුය. සුචින්තිත්වින්තීති යනාදිය මෙහි මනෝ සුචරිතාදීන් වශයෙන් යෙදිය යුතුය.